මම S. L. මැලේ රාළ

මම ලංකාවේ පොරක් මැලේසියාවේ ජොබක් කරන.... මට මේක ලියන්න හිතුනේ අනික් බ්ලොග් කියවල ඒවා දැක්කම මෙහෙවෙන දේවල් අනික් කට්ටියටත් දැන කියාගන්න කියල තමයි .

අවූරුදු ගානක් තිස්සේ මෙහෙ ඉදන් අහපු දැකපු, සිද්ද උන හා දැනටත් සිද්දවෙමින් පවතින දේවල් තමයි මම ඔයාලට කියන්න යන්නේ ඕන්.....

Friday, 7 March 2014

මේ බඩුවල උඩින් ඔපෙ ... යටින් හපේ .....

ඔන්න රාළයත් වෙනස්ම මාර්තුකාවක කතාවක් ලියන්න හිතුනා....

හැබැයි මේකත් මැලේසියන් කාතාවක්ම තමයි.... එත් මේකේ බලපෑම මුළු ලෝකේ ඉන්න හැමෝටම දැනෙන දෙයක් ... හරි..... පොඩි අටුවාටිකාවකින්ම පටන් ගමුකො.  
 
    මිට අවුරුදු 100කට විතර කලින් මේ මැලේසියාව ලංකාවෙන් තුනෙන් එකක් තරම්වත් දියුණු ජාතියක් නෙවි මේ රට අද මේ තියෙන තත්ත්වයට දියුණු කිරීමට සියයට අසුවක දායකත්වයක් සැපයුවේ මෙහි සිටින චීන ජාතිකයන්. 

  මේ චීන්නුත් ඇවිල්ල මහා අමුතුම ජාතියක්. ඒ කියන්නේ අර අපේ මහා මී මුත්තා වන විජය කුමාරයා ඉන්දියාවෙන් පිටුවහල් කරලා මෙහෙ ඇවිත් රජ උනා  වගේ චීන රටේ අතක් පාතක් නැති අය තමයි ගොඩක්ම ඒ කාලේ මැලේසියාවට ඇවිත් තියෙන්නේ. හැබැයි ආවට පස්සේ ඒ ආපු ගොඩක් චීන්නු මෙහෙ ඔටුනු නැති රජවරු උනා. 

  එහෙම උනේ උපතින්ම කම්මැලි ජාතියක් වන මේ මැලේසියානුවන් වගේ කීපගුණයක් වැඩියෙන් හිතලා කඩිසරව වැඩ කරපු නිසා තමයි කියලයි මැලේ රාළට හිතෙන්නේ 

  රාළට එහෙම හිතෙන්න හොඳම උදාහරණය සැපයුවේ රාලත් එක්ක අවූරුදු ගානක්  එකට වැඩ කරපු මැලේසියන් චීන ජාතික හරෙස් උන්නැහේ. මේ හැරෙස්ගේ සියා දැනට අවුරුදු 80කට විතර කලින් මෙහෙට ඇවිත්  තියෙන්නේ එයාට වයස 20දී .. ඇවිත් ගොවිපොලක තමයි මුල්ම රැකියාව කරලා තියෙන්නේ මේ ගොවිපොළේ එක පැත්තක සම්පුර්ණයෙන්ම වවලා තියෙන්නේ මිරිස්.











  මේ සියා කොලුවා කාලයක් මෙතන වැඩ කරනකොට පෙනුනලු අඩුවෙන් පලදාව දෙන අම්ම්බානකට සැර කොළ පාට පොඩි මිර්ස් ගස් ටිකෙන් එන ආදායම වැඩි බවත් පලදාව වැඩි  ප්‍රමාණයෙන් ලොකු එත් සැරත් නැති ලොකු මිරිස්වලින් අදායාම අඩු බවත්. එත් සියා කොල්ලා  කැමති  මේ ලොකු මිරිස් වලට මොකද චීන්නු සැර කන්නේ හරිම අඩුවෙන් නිසා. 

   කොහොම හරි එක දවසක් හදිස්සියේම පහල වෙච්ච නුවනක් නිසා මේ සියා කොල්ලා, මේ මිරිස් ජාති දෙක බට් කරලා වෙනම මිරිස් පැලයක් හදලා තියෙනවා එකේ සැරත් ගානට ප්‍රමානෙත් ගානට හොඳම දේ පලදාවත් ලෙසටම තිබිලා තියෙනවා. කාලයත් එක්ක අනික් මිරිස් ජාති වෙළඳ පොලෙන් ඉල්ලුම අඩුවෙලා යද්දී මේ බට් අලුත් මිරිසට පුදුමාකාර ඉල්ලුමක් ඇතිවෙලා තියෙනවා. එතනිනුත් අවුරුදු 10ක් විතර යද්දී කියන්නේ එක්දහස් නවසිය හැටේ දසකය වගේ වෙනකොට මැලේසියාව කෘෂිකර්මය අතින් ලොව අංක එකට එන තත්වයේ මුලික ආඩිතාලම හදාගෙන තිබෙනවා, ඔවුන් සතු මේ මහා දෙමුහුන් කිරීමේ කලාව ප්‍රගුණ කිරීම තුලින් 

දසක කිහිපයක් ලොවට වහන්  කරගෙන මෙයාල කරපු පර්යේෂණ නිසා අද ලෝකයේ ඉහලම රසයෙන් හා අලවි තත්වයකින් යුතු පලතුරු හා එළවලු  සපයන ප්‍රධාන රටක් වන්නේ මැලේසියාවයි 

මර්ඩි  MARDI   කියන කෙටි නමින් හදුන්වන ඔන්න ඔය ලින්ක් එකේ තියෙන රාජ්‍ය ආයතනය තමයි මේ සදහා මුලික වෙලා වැඩ කටයුතු කරන්නේ 

හරි දැන් බ්ලොග් වහරෙන්ම කියනවනම් පඳුර තැලුවා ඇති දැන් තමයි කතාව කියන්න යන්නේ 

  අර අපේ හරෙස් ලාට තාමත් ලොකු එළවලු ගොවිපොළක් තියෙනවා මැලේ රාළත්  දවසක් ඔතනට ගියා කියන්නකෝ... අසාවෙ බෑ අලුත් එළවලු විශේෂයෙන්ම පාට 3නක හා විවිධ හැඩයෙන් යුතු මිරිස් ජාති දැකලා මටත් හරි ආසයි . සුපුරුදු ලංකාවේ ගතිය විදහා පාමින් මමත් ගෙදර ගෙන්න මගේ අතින්ම හැම පාටින්ම මිරිස් ටිකක් කඩා ගත්තා... එත් එන්න හදන කොට ඒක දාගන්න බැග් එකක් හොයන වෙලාවේ මේ මිනිස්සු මම කඩපු ටික අරගෙන ඒ වගේ කලින් කඩලා ඇතුලේ තිබ්බ වෙන ඒවා ටිකක් දුන්නනේ.... 

රාළගේ හිතත් ටිකක් සවුත්තු උනා එත් එහෙම කරේ ඇයි කියලා පහුවෙනිදා හරෙස් ගෙන් ඇහුවම දුන්න උත්තරේට සාමන කතාවක් පහුගිය බදාදා (2014-03-05) විදුසර පත්තරේ දාලා තියෙනවා මතුගම සෙනෙවි රුවන් කියලා මහත්මයෙක්. 

ලින්ක් එක දැන්මාට ඒ පිටුවම ඇරෙන්නේ නැති නිසා ඔන්න අකුරක් නැරම ඒ ලිපිය මෙතන කොපි පේස්ට් කරා කාගේවත් අවසරයක් නැතුවම.  මේ පහල තියෙන්නේ ඔන්න එක 

 "මැලේසියන්" එළවළු පලතුරු 
පරිභෝජනයේ අවදානම

ලංකාවේ එළවළු වෙළෙඳපොළ ක්‍රමයෙන් පුළුල් වන්නකි. වගා කොට ආහාර ගැනීමට වඩා වෙළෙඳපොළේ තිබෙන ආහාර ලබාගැනීම විශාල වශයෙන් දැන් ව්‍යාප්ත ව තිබීම මීට හේතුවයි. මේ නිසා ජනතාව ගේ ආහාර පුරුදු පවා මහත් වෙනසකට භාජන වී තිබේ යෑයි කිව හොත් නිවැරැදි ය.

මේ එළවළු වෙළෙඳපොළේ අද පිරී පවතින්නේ පළමුවැනි පරම්පරාවේ දෙමුහුන් බීජවලින් වගා කරන ලද එළවළු හා පලතුරු නොහොත් ජන ව්‍යවහාරය අනුව මැලේසියන් ආහාර යෑයි කිව හොත් එය බොරුවක්‌ නො වේ. මේ වර්ගයන්හි බීජ මැලේසියාවෙන් පමණක්‌ නො ව ඇමෙරිකාවෙන්, ඉන්දියාවෙන් හා වියට්‌නාමයෙන් පවා ලංකාවට ගෙන්වීමට කටයුතු කර ඇත.

පළමුවැනි පරම්පරාවේ බීජ යන ව්‍යවහාරය පිළිබඳව සමාජය තුළ එතරම් දැනුවත් බවක්‌ ඇතැයි සිතිය නොහැකි ය. ඒවා ම`ගින් වැඩි අස්‌වැන්නක්‌ ජනිත කරවා දෙන බව පමණක්‌ ප්‍රචලිත ව පවතී. බීජ අභිජනන ක්‍රියාවලිය ආරම්භ වී දැන් අඩ සියවසක්‌ පමණ කාලයක්‌ ගත ව ඇත. වර්තමාන අභිජනන ක්‍රියාවලිය ප්‍රවේණි විද්‍යාත්මක සිද්ධාන්තයන් මත වඩාත් දියුණු තත්ත්වයකට පත් ව තිබේ. වර්ග දෙකක්‌ අතර පරාගණ ක්‍රියාවලිය සිදු කිරීම ම`ගින් නව ශාක ප්‍රභේදයක්‌ බිහි කිරීම පළමුවැනි පරම්පරාවේ දෙමුහුන් කිරීමක්‌ නො වේ. උදාහරණයක්‌ ගත හොත් පැරැණි වැඩි දියුණු කළ වී වර්ගයක්‌ වන එච් 4 සකස්‌ කර තිබෙන්නේ ඉන්දුනීසියන් මාස්‌ සහ මුරුන්ගාකායන් යන වී වර්ග දෙක පරාගණයට ලක්‌ කිරීමෙනි. එ_හෙත් ඒ නව ප්‍රභේදය ගොවීන්ට නිකුත් කිරීමට වසර හතක්‌ පමණ කල් ගත කර ඇත. එම කාලය ගත කර තිබෙන්නේ ඒ නව ප්‍රභේදය ස්‌ථාවර වන තුරු ය. මේවා පළමුවැනි පරම්පරාවේ බීජ නො වේ. එහෙත් පළමු අභිජනනයෙන් පසුව වෙළෙඳපොළට නිකුත් කරන බීජ ගැනෙන්නේ මේ පළමු පරම්පරාවේ බීජ ගණයට ය. වර්තමාන වෙළෙඳපොළේa තිබෙන වැටකොළු, වට්‌ටක්‌කා, ගස්‌ලබු වර්ග සියල්ල ඒ කාණ්‌ඩයට ඇතුළත් ය. බතලගොඩ පර්යේෂණායතනය තුළ BGHR යනුවෙන් පළමුවැනි පරම්පරාවේ වී වර්ගයක්‌ සකස්‌ කර ඇත ද මේ වන තුරු ඒවා නිදහස්‌ කර නොමැත.

නව දෙමුහන්කරණයේ දී එකිනෙකට වෙනස්‌ අදියර හතක්‌ පමණ ක්‍රියාත්මක ය. එයින් පළමුවැන්න නම් පළමු පරම්පරවේ බීජ නිර්මාණය කිරීමයි. පළමු පරම්පරා දෙකක්‌ එකට මුහු කිරීම දෙවැන්නයි. පළමු පරම්පරාව හා වෙනත් වැඩිදියුණු කළ වර්ගයක්‌ මුහු කිරීම තෙවැන්නයි. අවසානයේ කී දෙමුහුම සහ තවත් එවැනි ම දෙමුහුමක්‌ එක්‌ කිරීම සිවු වැන්නයි. මේ ආකාරයට නවීන විද්‍යාඥයන් අස්‌වැන්න වැඩි කරනු වස්‌ දෙමුහුන් දිරිය භාවිත කරමින් ඇත. එසේ ම එයින් එපිටට ගොස්‌ ජාන විකරණයෙන් ද ශාක ප්‍රභේද ඇති කරන්නට පටන්ගෙන ඇත. විවෘත ව පරම්පරා ගණනාවක්‌ තිස්‌සේ පරපරාගණයට ලක්‌ ව ස්‌වාභාවික පරිසරයේ තිබූ ජානයන් මේ තාක්‌ෂණය භාවිත කර දැන් පළමු පරම්පරාවට ගෙන ඇත. උදාහරණයක්‌ ගත හොත් ව්ට්‌ටක්‌කා ප්‍රභේදය ගනිමු. එහි මුල් ස්‌වභාවයන් කීපයකි. බෙර හැඩය හා රවුම් විශාල හැඩය ජන ව්‍යවහාරය අනුව මොරගොල්ලාගම වට්‌ටක්‌කා හා වැලිමඩ වට්‌ටක්‌කා යනුවෙන් හැඳින්වේ. තවත් එහි වල් දර්ශකයන් ද හමු වේ. දැන් ඒ දෙක ම පසෙකට කර වැඩි පලදාවක්‌ දෙන කුඩා රවුම් හැඩයේ වට්‌ටක්‌කා ගෙඩියක්‌ නිපදවා ඇත. මේ දෙමුහුම පළමු පරම්පරාවට අයත් බැවින් එය ගොවියකුට වගා කළ හැක්‌කේ එක වරක්‌ පමණකි. දෙවැනි වර ද වගා කළ හැකි නමුත් අපේක්‌ෂිත ඵලදාව ගත නොහැකි ය. මේ නිසා ගෙවියා නැවත වෙළෙඳපෙළෙන් බීජ මිල දී ගැනීමට පෙලඹේ.

අධික ඵලදාව, රෝග පළිබෝධ හානියට ඔරොත්තු දීම යන කාරණා මත තෝරාගත් මේ පළමු පරම්පරාවේ බීජ සකස්‌ කරන්නේ කාලයක්‌ තිස්‌සේ ගොවීන් විසින් භාවිත කරනු ලැබූ පාරම්පරික බීජ දෙමුහුන් කිරීමෙනි. තවත් උදහරණයක්‌ ගත හොත් වැටකොළු වර්ග කීපයකි. එකක්‌ නම් නියන් වැටකොළු ය. දෙවැන්න දාර වැටකොළු ය. තෙවැන්න තිත්ත වැටකොළු ය. මේ තෙවර්ගය ලංකාවේ ජනතාව භාවිත කර ඇත්තේ විවිධ අවශ්‍යතාවන්ට ය. මේ වර්ග අතරින් තිත්ත වැටකොළු හා නියන් වැටකොළුවල අස්‌වැන්න විශාල ය. එහි දී කර ඇත්තේ දාර වැටකොළුවලට මේවා දෙමුහුන් කිරීමයි. එම පළමු පරම්පරාව වෙළෙඳපොළට නිකුත් කිරීමේ ප්‍රතිඵලය නම් තිත්ත රසයෙන් පිරි දාර වැටකොළු වර්ගයක්‌ ජනිත වීමයි.

මේ වර්ගයන් කෙතරම් සෞඛ්‍යාරක්‌ෂිත ද යන්න ඊළඟ ප්‍රශ්නයයි. නව ජීවවිද්‍යාත්මකව නම් මේ දෙමහුම ඇති කිරීම මානව වර්ගයා ගේ ජයග්‍රහණයකි. ඒ ම`ගින් ලෝකය පුරා ආහාර සුරක්‌ෂිතතාව වර්ධනය කර ඇතැයි යන්න ඔවුන් ගේ තර්කය බවට පත් වේ. එසේ ම මේ නව ආහාරයේ පෝෂණ ගුණාංග ගැන ද තර්කයන් ඉදිරිපත් කරන ඔවුහු මාංශජනක ධාතු වැඩි වර්ග පවා මේ ම`ගින් ජනිත කිරීමේ හැකියාව පවතින බව පවසති.

වැටකොළුවල වල් වර්ගයන් ද ඇත. ඒවා ස්‌වභාවයෙන් ම තිත්ත ය. අප ගේ පැරැණි පරපුරු විසින් මෙයින් හටගත් නව ජනිතයන් තෝරාගෙන නැවත වගා කිරීමෙන් දාර වැටකොළු ගුණනය කරන්නට ඇතැයි සිතිය හැකි ය. මේ සංස්‌කරණයෙන් පසුව වසර දහස්‌ ගණනක්‌ ගෙවී ඇති අතර අද වල් වර්ගය හා ගම් වර්ගය පැහැදිලිව වෙනස්‌ වී ආරයන් දෙකක්‌ ලෙසට පැවතේ. තිත්ත වැටකොළු අප බෙහෙතට ගන්නේ එහි පවතින වෙසෙසි ගුණාංග කාලයක සිට හඳුනාගෙන ඇති බැවිනි. සර්ප දෂ්ටයන්හි ප්‍රතිකාරයට ගැනෙන ගුලි ඇඹරීමට මේ තිත්ත වැටකොළු යොදාගැනෙයි. එහෙත් ඒවා අපි ආහාරයට නො ගනිමු. නියන් වැටකොළු ද වර්ග දෙකකි. මධුර වර්ගය හා තිත්ත වර්ගය ලෙසින් ඒවා ගොවීන් විසින් හඳුනාගනු ලැබ ඇත. තිත්ත වර්ගය හේන්වල ඉබේ වැවෙන අතර මධුර වර්ගය ගමේ වගා කිරීමට පුරුදු පුහුණු කරගෙන ඇත. මේ ක්‍රියාවලිය තුළ ස්‌වාභාවික වරණයේ වැඩිදියුණු කිරීමක්‌ දක්‌නට හැකි නමුත් නො ගැලපෙන වර්ග මුහුන් කිරීමක්‌ එහි දී දක්‌නට නැත. පැරැණි වෘක්‌ෂායුර්වේදය තුළ මෙවැනි වැඩිදියුණු කිරීම් දක්‌වා ඇත්තේ විචිත්‍රකරණය යනුවෙනි. උදාහරණයක්‌ වශයෙන් ගත හොත් ඇට නොමැති ව මසින් පිරුණු පලතුරක්‌ ඇති වීමට පැරැන්නන් වැල්මී සුවඳ කොට්‌ටන් යන දෙයින් කරන ලද කල්කය පලතුරු ගසේ මුලට යෙදීම දැක්‌විය හැකි ය.

මේ ක්‍රමවල තිබෙන්නේ ස්‌වාභාවික වරණයන් වැඩිදියුණු කිරීමක්‌ පමණි. එහෙත් පළමු පරම්පරාවේ වර්ග භාවිත කරමින් අස්‌වැන්න වැඩි කරගැනීමක්‌ ද එහි නැත. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන් පරිදි නව ආහාර සෞඛ්‍යයට අහිතකර ය. මෙහි දී අලුත් සහල් වෙසෙසින් ම හඳුන්වා ඇත. අප ගේ පැරැන්නන් අලුත් සහල්වල බත් යොදාගත්තේ උත්සවයන්ට පමණකි. නැත හොත් කිරිබතට පමණකි. මාස හයක්‌ වත් ඉකුත් වූ සහල් බතට ගැනීම සෞඛ්‍යාරක්‌ෂිත නො වන බව ඔවුහු හොඳින් දැන සිටිය හ. එසේ ම නව සංස්‌කරණ ආහාර ද එලෙස ම අහිතකර බව පවසා ඇත. මාධව නිදානයෙහි සකු බසින් දක්‌වා ඇති සිලෝවේ සිංහල අර්ථය මෙසේ ය.

සුව පහසු අසුන් නිති නිදි සුවෙන්

වැඩිතර දී වැළඳුමෙන් හා

හකරු රස සකසුවෙන්a

නව ආපන්නයෙන් ප්‍රමේහ රෝ එළඹෙත්

මෙහි දී නව ආපන්න යනු පෙර කී ලෙසට ම අලුත් ආහාර හා නව සංස්‌කරණයන් ය. ප්‍රමේහය ම`ගින් ශරීර අභ්‍යන්තරයේ ජීර්ණ පද්ධතියට ද මුත්‍රණ පද්ධතියට ද දිගුකාලීන හානි ගෙන දෙයි. වෙසෙසින් ම දියවැඩියාව වැනි නිදන්ගත රෝග ඇති කරන්නට ද ඉන්පසු වෙනත් අසාධ්‍ය අවස්‌ථාවන් ඇති කරන්නට ද ඒ හානිය සමත් වන්නේ ය. එසේ ම නව සංස්‌කරණයන්හි ජාන සංයුතිය අනුව මිනිස්‌ සිරුර ද හැසිරීමට යැමෙන් රෝගවලට තිබෙන ප්‍රතිශක්‌තිය ද හීන ව යා හැකි ය.

දැනටමත් නාගරික ජන කොටස්‌ සුවපහසු අසුන් මත හිඳිමින් කරන රාජකාරි නිසා ම රෝගී වී ඇත. තවදුරටත් අධිපෝෂණ ආහාර නිසා රෝග කැන්දාගෙන ඇත. ඒ අතර සැනසුමකට තිබුණේ දෙල්කඳ වැනි පොළකට ගොස්‌ ගන්නා ගමේ එළවළු කෑමෙන් තත් රෝග යම් තරමක්‌ සමබර ගත හැකි යෑයි තිබූ විශ්වාසයයි. එහෙත් මැලේසියන් දෙමුහුන් එළවළු ද පලතුරු ද ගම ආක්‍රමණය කරමින් ඒ අස්‌වැන්න නගරයට එවන්නට වී දැන් දශකයකට ආසන්න ය. පළමු පරම්පරාවේ බීජ හා ආහාර ම`ගින් දැන් අලුත් අනතුරක්‌ ජනිත කර ඇත්තේ ය. ඒ අනතුර මිනිසා වෙත ද පරිසරය කෙරෙහි ද එක සේ බලපා ඇති බව පෙනේ. විවිධ භෝග වර්ග විසින් නොයෙකුත් දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන ලෙසට වරණය වීමෙන් ලංකාවේ ජෛව විවිධත්වය ද ආහාර සුරක්‌ෂිතතතාව ද ඇති ව තිබිණි. එසේ ම ඒවා දේශ සාත්ම්‍ය විය. කාල සාත්ම්‍ය විය. ඒ නිසා මනුෂ්‍යයා නිරෝගී විය. එහෙත් මේ බීජ පරිසරයෙන් ඈත් වීම නිසා පළමු පරම්පරාවේ ශාකයන්ට නො හඳුනන රෝග කැන්දාගෙන ඇත්තේ ය. ඒ රෝග නසන්නට කෘෂි රසායන භාවිත කළ යුතු ය. නැවතත් මේ විස මිනිසා වෙතට ම සංක්‍රමණය නො වේ ද?

පළමු පරම්පරාවේ බීජ, සමාගම් සතු වීම ද බෙහෙවින් ම භයානක ය. ගොවියා අත තිබූ පාරම්පරික බීජ ජාන සම්පත් මධ්‍යස්‌ථානවල හිර වීමේ අවදානම නිසා සොබාදහමේ සමතුලිතතාව විනාශ වෙයි. සොබාදහම මත බිහි වී ඇති ස්‌වාභාවික වෛද්‍ය විද්‍යාවන් ද අභාවයට පත් වීම ඇරඹෙයි. දෙමුහුන් බීජ හා ජාන විකරණය කරන ලද බීජ තහවුරු කරන නව බීජ පනත් සමාගම්වල බලපෑමෙන් නීතිගත කිරීමට උත්සාහ ගන්නේ මේ විනාශය කරා මිනිසා කැන්දාගෙන යන්නට දැයි අප විමසිය යුතු ය.

මතුගම සෙනෙවිරුවන්
www.seneiruwan.blogspot.com


පලි : ලස්සනයි, රසයි ලොකුයි ඇටත් නෑ කියලා උඩ දාගෙන කෑවට ගුණය මොනවගේද කියලා තීරණය කිරීම කියවපු ඔබලාට බාරය 

පපලි : අර සෙනෙවිරුවන් මහතාගේ බ්ලොග් එකනම් ඇරෙන්නේ නැති පාටය 

55 comments:

  1. කියෙව්ව ....
    මට නම් .. මේ ගැන ගොඩක් කියන්න තීනව ...බලමු එට උඩේ ....

    ReplyDelete
    Replies
    1. ඔව් මටත් කියන්න තව දෙයක් තියෙනවා බලාගෙන ඉන්නේ එක කවූද කොමෙන්ට් වලින් අහන්නේ කියලා

      Delete
  2. හූඟක් වටින ලිපියක් මැලේ රාළේ.. පළමුවැනි පරම්පරාවේ දෙමුහුන් බීජවලින් වගා කරලා කන පලතුරු එළවළු ගැන ටිකක් හිතලා බලන්න කාලය දැන් හරි...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේවා වවන අය විකුනන්න වෙනම හා තම පරිබෝජනයට වෙනම හදනවා මම ඇස් දෙකෙන්ම දැක්කා

      Delete
  3. කියෙව්ව මැලේ රාලේ..නොදන්නා දෙයක් නිසා ගොඩක් වැදගත් වේවි හැමදෙනෙක්ටම..

    ReplyDelete
    Replies
    1. ඔව් සෙනෙවි රුවන් මහතාට තමයි ස්තුති කරන්න ඕනා

      Delete
  4. එතකොට මැලේසියා දියුණු කරේ චීන්නු කියලා උඹ මේ කියන එක මහින්ද මහත්තයා දැක්කොත් හෙම උඹව මැලේසියාවේ තානාපති කරනවා ෂුවර්.

    විදුසර පත්තරේ ගැන කාලෙකට කලින් අපේ ඉස්කෝලේ අපිට උගන්නපු සර් කෙනෙක් කියපු කතාවක් මතක්වුනා .."ළමයි අද ලංකාවේ මිනිහෙකුට කියවනවානම් තියෙන විශිෂ්ටම සිංහල පත්තරේ විදුසර " කියලා

    ReplyDelete
    Replies
    1. මැලේසියාව රටක් හැටියට දියුණු උනාට අධ්‍යාත්මක අතින් තම හරි දියුණුවක් නෑ .... ඒ පැත්තෙන් බැලුවම ලංකාව තාමත් ඉදිරියෙන් ..... චීන්නුත් සල්ලි උපයන්න මැෂින් වගේ වැඩ මනුස්සකම් අතින් නම් .......කියන්න වදනක් නෑ .....
      විදුසර පත්තරේ ගැනනම් සර් ගේ අදහස හරියටම හරි .... පුලුවන්නම් මම ගැනේ තැන්කුයි එකක් දීලා යවන්න සර්ට

      Delete
  5. අපිත් වගා කරනව... ඒත් මැලේ රාළ කියනව වගේ සිංහල බීජ යොදාගන්නව අඩුයි... හුගක්ම අස්සැන්න අඩුයි... යන කාලෙත් වැඩී... දෙමුහුන් ප්‍රෙභ්ද වලට ලාංකිකයා පුරුදු වෙන්න ලොකුම හේතුව මේක වෙන්න ඕන...
    ඇත්තටම අද වෙනකොට සිංහල බීජ වගා කරන්න කරන්න කියල කෑ ගැහුවට හොයාගන්න අමාරුත් සිංහල බීජ


    අවන්හල

    ReplyDelete
    Replies
    1. හැම දෙයක්ම ලේසියට කරන්න ගියාම නවතින්නේ කොතනද කියලා හිතන්න මේක හොඳ අවස්තාවක්

      Delete
  6. පිට ඔපෙට තියෙන හැම එලවලුවකටම පලතුරකටම මැලෙසියන් කියල මිලට වැටුනෙ කොහොමද කියල දැන් තමයි තෙරුනේ.

    ReplyDelete
    Replies
    1. එක හරි ...බලනකොට හැම එකම මැලේසියන් .....

      Delete
    2. ඔය කිව්වට හැම මැලේසියන් එකක්ම පිට ඔපේට නෑ බන්ස්ලා

      Delete
  7. 'රට' කියන කෑල්ල මුලට දාපු ඕනේ බඩකඩුත්තුවක් ඉඹලා බාරගන්න, පැනලා වළඳන්න අපේ කට්ටිය සුප්‍රසිද්ධයිනේ.

    ReplyDelete
    Replies
    1. අන්න ඒ කතාවනම් මල් මසුරන් ආමි අංකල්..... මෙහෙ මාත් එක්ක කතා කරපු හාමුදුරු කෙනෙකුත් කිව්වා දැන් දායකයෝ ඔන්න හඳුරුවනේ රුපියල් දෙසීයක් දිඉලා මැලේසියන් දෙළුම් ටිකක්ම ගෙනාවා කියලා දීලා යනවලු පන්සල් වත්තේ ඕන තරම් දෙළුම් ගස් තියෙද්දී ...

      Delete
  8. උඹ මේ කරන්නේ මහරජාගේ කොන්ත්‍රාත් එකක්ද මට හැකයි..

    ReplyDelete
    Replies
    1. කට කට .... අනිත් එවුන්ට ඇහෙයි බන් .......

      Delete
  9. වටින තොරතුරක් රාලේ :)

    ReplyDelete
    Replies
    1. මිට පස්සේ පලතුරු ගනිද්දී ඕන් මතක තියා ගන්න

      Delete
  10. දැන් ලංකාවෙත් හැම තැනම මැලේසියන් එළවලු පලතුරුනේ රාළේ,බීජ වර්ග ඒ අයගෙන්ම ගන්න එපැයි කිලෝ එකක් බර ගාණක් කියල මම අහල තියෙනව,ඒ උනාට හිංගල එළවලු පලතුරු වගේ රසක් නං නෑ බං.

    ReplyDelete
    Replies
    1. අනික හැලපයියේ අපි පොඩි කාලේ රස අඹයක් වගේ දෙයක් කෑවම එකේ ඇටේ පෑල කරනවා .. එහෙම පෑල කරපුවායින් අයෙත් ඒ වාගේම රස අඹ ඕන තරම් කාලත් තියෙනවා ..... එත් මේ මැලේසියාන පලතුරු වලින් කවදාවත් හැදෙන ගස් වලින් ඒ මුල් එක වගේ රස පලදාවක් ගන්න බෑ ..... මෙයාලා ජාන වෙනස් කරලා එක ඕන කමින්ම තමයි කරලා තියෙන්නේ ..... හිතන්න ස්වභාවධර්මය කොතරම් දුරට මෙයාල වෙනස් කරනවද කියලා

      Delete
  11. රස දේවල් කොහොමටත් ගුණ නැහැයි කියන එකනේ දුක

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත තමයි අද කාලෙත් එක්ක බැලුවම .... එත් අපි පොඩිකාලේ රස ගුණ දෙකම එකට තියෙන දේවල් කොච්චරනම් අපේ වත්ත පිටින්ම කෑවද බන්

      Delete
  12. දිය පොදක් නැති මේ කාන්තාරෙත් ඔය තාක්ෂනේම පාවිච්චි කරනවා ,හැබයි ඊට වඩා ගොඩක් දියුණුයි, 2013 -2014 අවුරුද්දට වැස්සක් නැහැ මේ වෙනකල්,, පුංචි පොදයක් ගිය මාසේ ගිය ,ඊට කලින් හිම වැටුනා එච්චරයි ,, ඒත් මෙයාලා හරිතාගාර ඇතුලේ වගාකරනවා,මන් කවදාවත් දැකලා නැහැ එච්චර ලොකු එළවළු පලතුරු ... වට්ටක්කා කිලෝ 25-30 බර ගෙඩි.. වම්බටු කිලෝ එකට වැඩි ගෙඩි.. දොඩම් ,මිදී ඇට නැති සහ දෙමුහුන් රස කර කර කනවා තමයි ඒත් ඒ වගේ අදිනවා මෙහෙ මිනිස්සු විදිනවා,,කොච්චර දියුණු උණත් පිලිකාරෝගින් පිරිලා..මහා අමුතු ලෙඩ මේ රටේ මිනිස්සුන්ට තියෙනවා ,, බෙහෙත් වලට සෑහෙන්න සල්ලි වියදම් කරනවා මේ මිනිස්සු ,,

    ලිපියේ එකතු කරලා තියෙන ලිපියත් ගොඩක් වැදගත්

    ReplyDelete
    Replies
    1. ඔය වගාව සරු කර ගන්න වගාකරුවෝ මොනතරමක් මිනිසුන්ට නිසරු දේවල් යොදාගන්නවද කියන එක ඇත්තටම ලොකු පස්නයක් තමයි

      Delete
    2. ඊශ්‍රලයේ මිනිස්සු genetically engineered කැරට් වලින් මිනිස් හෝමෝන වලට සමාන බෙහෙත් හදන බව දන්නවද?

      Delete
  13. මේ බලපල්ලකො මැලේසියාවේම ඉඳගෙන , මැලෙසියාවෙන්ම හම්බකරගෙන, මැලෙසියාවටම විරුද්දව ලියන හැටි...... අනේ රාළයෝ

    ReplyDelete
    Replies
    1. ඒ ඉතින් බන් මම අමු සිංහලයා නිසානේ

      Delete
  14. නියම විස්තරයක් මැලේ. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ඔන්න හොඳ ලොකු ගෙඩි එහෙම දකින කොට මේ උපදෙසේ මතක් කරගන්න වෙයි

      Delete
  15. රාළේ.......මතුගම සෙනෙවි රුවන් මහත්මයා නිහඬව ලොකු සේවයක් කරන කෙනෙක්. පාරම්පරික ගොවිකම් ගැන හොඳ අවබෝධයක් තියෙනවා. බලපන් අපේ දෙල්කඳ පොල ගැනත් ඔය ලිපියේ ලියලානේ.

    මේ වර්ගයේ එළවලු සහ පලතුරු තමයි යුරෝපීය මාකට් එකටත් එන්නේ. යුරෝපා සංගමය අනුමත කරපු මහා ගොබ්බ නීතියක් තියෙනවා. ඒ තමයි සමහර පලතුරු සහ ඒලවලු වර්ග නියමිත හැඩයක් සහ දිග පළල ගැන දීපු ඉලක්කම් ටිකක්. මේ නිසා මෙහේ ගොවියන් පවා වගා කරන්නේ ඒ අනුව. ඇදවෙච්ච cucumber , වකුටු වෙච්ච peppers, ඇපල් වගේ ඒව සුපර් මාකට් එකේ නැහැ. නමුත් මම ඉන්න පලාත ගමක් වගේ නිසා ඒ සති පොළේ ඒ වගේ ඒවා තියෙනවා. ඒව රසයෙනුත් වැඩියි.

    ReplyDelete
    Replies
    1. අරු සෙනෙවිරුවන් මෙම පොස්ටුවේ සම්පුර්ණ ගෞරවය ඒ මහතාට යා යුතුයි..

      බලන් ගියාම යුරෝපා සංගමයේ තියෙන තරමක් තියෙන්නේ මහා ගොබ්බ නිතිනේ අරු අර CE මාර්ක් එක සම්බන්දෙන් තියෙන නිතිය හා චීන්නු එක යටින් රිංගන හැටි දන්නවද ?

      Delete
    2. දන්නේ නැහැ. කියපන් ඒ ගැන යමක්.

      Delete
    3. යුරෝපා සංගමය CE තත්ත්ව සහතිකය ලබා දෙන්නේ යුරොපා රටවලට ගෙන්වන භාණ්ඩ සඳහා පාවිච්චි කරන්නාගේ ආරක්ෂාව (users friendly/safety) සහතික කිරීම සඳහායි. මෙහි CE අකුරු දෙකහි තේරුම certificate of Europa යන තේරුම දෙන ප්‍රංශ වදනකි. මෙම සහතිකය ලබා ගැනීම ආනයන කරුවන්ට අනිවාර්ය නැත... නමුත් ඔවුන් යුරෝපා පරිබෝගිකයන්ව ඉතා තදින් දැනුවත් කරනවා (විශේෂයෙන් විදුලි උපකරණ හා අමතර කොටස් මිලදී ගැනීමේදීත් සෙල්ලම් බදු මිලට ගැනීමේදීත්) CE මාර්ක් එක සහිත භාණ්ඩ මිලට ගන්නා ලෙස....

      මේ නිතිය ගේනාපු අලුත් කබල් කෙල ගාලා අලවන චීන බඩු විකුණා ගැනීම චීනයට පස්නයක් උනා .....

      මේකට ටික කලකින් චීන්නු සොයා ගත්ත විසදුම තමයි පාරිබෝගිකයාට එකවර හදුනා ගැනීමට නොහැකි එත් එකිනෙකට වෙනස් තවත් CE මාර්ක් එකක් ලෝකෙට හදුන්වා දුන්න.... ඒ CE මාර්ක් එකේ තේරුම china export කියන එකයි

      අදටත් මේ වෙනස නොදන්නා ලෝකය පුරා විහිදුන පාරිබෝගිකයෝ CE මාර්ක් එකක් තියෙනවනම් ඒ හොඳ බඩුවක් කියලා හිත සතුටින් සල්ලි ගෙවලා අර ජරා චීන බඩු ගෙදර අරන් යනවා.....

      Delete
  16. දැන් මේ විදියට තමන් වගා කරගත්ත දේ විතරද කන්න හොඳ? :D

    ReplyDelete
    Replies
    1. මේ බට් කරපු එලවලුනම් තව කමක් නෑ තම්බලා කන නිසා,... එත් පලතුරුනම් හොඳම නෑ (කෙලින්ම අනුභව කරන නිසා) කියලා තමයි මැලේසියානුවෝ කියන්නේ

      Delete
  17. හපොයි දැං කන්න ගියාම දෙතුං පාරක් හිතන්න වෙන වැඩක්නෙ.
    අර හාල් ගැන කියල තියෙන කතාවනං ඇත්ත. ඉස්සෙල්ල අපේ මිනිස්සු ගොයං කැපුවම ඒව කාලයක් ගබඩා කරල තියාගෙන ඉඳල පාවිච්චියට ගන්නව මිසක් කපපු ගමං උයල කන්නෙ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ඒ අපේ පරණ සම්ප්‍රධායන් දැන් නොසලකන එක තමයි මේ ගොඩක් හෙන වලට හේතුව සහෝ..
      හාල් කතාව කිව්වම මතක් උනේ අපේ අය කරන තව වරදක් තමයි මරපු ගමන් මස් ගෙදර ගෙනල්ල උයන එක.... අඩුම තරමේ මරලා පය 24ක් වත් තියලා ඕනා උයන්න ගන්න

      Delete
  18. ඔය ලොකු රතු මිරිස් වර්ගය දැක්කම ගන්නම තමයි හිතෙන්නෙ. ඒවා කපද්දි පිහියෙත් රතු පාටට ඉස්ම තැවරෙනවා...ඔය ගොයි පොලේ ලස්සන චීනන ලදුන් එහෙම හිටියෙ නැද්ද...නිකං අපිට බොරුව දාන්න එපා රාළෙ.

    ReplyDelete
    Replies
    1. කපන කොට ඉස්ම ආවට ලොකු මිරිස් ගන්න එපා සිරෝ ... අර ලංකාවේ තියෙන සාමාන්‍ය සයිස් එකේ ඒවාම අර ගන්න ..... ඔය චීන කැලි වලට මගේ එහෙමමයි කියලා මනාපයක් නැනේ සිරෝ...... සියරට දේ සිරිසැප දේ

      Delete
  19. අපි වවමු රට නඟමු. අපිට එපා ඔය රාලගේ මිරිස්. අපි ගන්නේ ඔරිජිනල් ලංකා මිරිස්.

    ReplyDelete
    Replies
    1. මම කියන්නෙත් ඕකමයි !!

      Delete
  20. මේ ලිපියේ සමහර එව්වා නම් අදමයි හරියට දැන කියා ගත්තේ..

    ReplyDelete
    Replies
    1. අද හරි දැන ගත්තනේ..... දැන් ඉතින් හොඳ බඩුම බලලා ගන්න ඕනා

      Delete
  21. http://seneviruwan.blogspot.com/ ගිහින් බලන්න වටින ලිපි පෙළක් තියෙනවා

    ReplyDelete
  22. බොහොම ස්තුතියි ප්‍රසාද් ලින්කුව දන්මාට ....... ඇත්තටම වටිනා බ්ලොගක්

    ReplyDelete
  23. එතකොට අර ඔයා කඩන් ආව ඒවා ආපහු ගත්තෙ ඒව විකුණන්න හදපුව නෙවේද...? ඔය ජාන වෙනස් කරපුවා කන්න ඒ කාලෙ මිනිස්සුන්ගෙ ලොකු බයක් තිබුණා... පිළිකා හැදෙනවද මොකක්ද කියලා... දැන් බලනකොට කන හැමදෙයක්ම එහෙම වෙලා වගේ...

    අපි පුංචි කාලෙ නම් පළතුරක් කියන දෙයක් කඩෙන් ගෙනාවෙම නැති තරම්... ගෙදරම තිබුණා බොහොමයක් ජාති ඇතිවෙන්නම කන්න... මෙහේට නම් වැඩිපුරම ඔය එළවළු වර්ග එහෙම එන්නෙ චීනෙන්... උන් එක්ක බැලුවම මැලේසියන් කාරයො තව හොඳ ඇති... චීන නම ගහලා තිබ්බම මිනිස්සු ගන්නෙ නැති නිසා චීනෙන් නවසීලන්තෙට යවලා නවසීලන්තෙන් එනවලු Made in New Zealand කියලා...

    මේක කියවලා සෑහෙන වටින තොරතුරු ටිකක් දැනගත්තා... බොහොම ස්තුතියි ලිපිය ලියපු කෙනාට වගේම ඔබටත්...

    ReplyDelete
    Replies
    1. "එතකොට අර ඔයා කඩන් ආව ඒවා ආපහු ගත්තෙ ඒව විකුණන්න හදපුව නෙවේද...? "
      මේ පරශ්නේ කව්ද අහන්නේ කියලා මම බල බල හිටියේ මම කඩාගෙන ආපු ඒ එළවලු විකුනන්න හදපුවා... මට දුන්නේ බට නොකර එයාලගේ පාවිච්චියට හදන වෙනම එළවලු ටිකක් .... බලන්න ඉතින් හදන මිනිස්සුත් ඒවා කන්නේ නැත්නම් තව වෙන මොන කථාද
      සාදරයෙන් පිලිගන්නවා මියුරුව අපේ පැත්තට

      Delete
  24. සැක් සැක් අපි හැමදාම වගේ කන්නේ ඔය ලොකු මිරිස් බන්... ඔය එහෙන් මෙහෙන් සෙට් වෙන පොළ වල් වලින් කෙසෙල්,අඹ, ගස්ලබු එහෙම ගෙනත් කනවා.. ඒ කියන්නේ ඒවා හොඳ නැද්ද දන්නෑ නේද? එතකොට මොනවාද බන් පලතුරු කියල කන්න හොඳ.. සිරාවට අහන්නේ..

    ReplyDelete
    Replies
    1. පැතුම් ඇත්තටම පසමලාම් වල ඔය පොඩි පොඩි වෙළෙන්දෝ ටික ටික තියාගෙන විකුනන්නේ ගෙවල් වල හැදෙන එළවලු පලතුරු .... ඇත්තටම ඒවා කන්න හොඳයිලු ඔය සුපර්මාර්කට්වල තියෙන ඒවා වලට වඩා

      Delete
  25. මැලේසියාවට ගිහින් දියුණු වෙච්ච සිංහල කට්ටියකුත් ඉන්නවා නේද? කොළඹ බේකරිය සහ ජුවලරි බිස්නස් කරන කට්ටිය. ඒ ගොල්ලෝ මැලේසියාවට ඇවිත් තියෙන්නේ ලංකාවේ ඉඳල ඔස්ට්‍රේලියාවට නැවකින් යන ගමන් සිංගප්පුරුවෙදි නැව කැඩිලා. මම හිතන්නේ දැන් ඉන්නේ තුන්වෙනි පරම්පරාව.

    ReplyDelete
    Replies
    1. මලෙසියාව්දී දියුණු උන සිංහලයෝ ගොඩක් ඉන්නවා .... දැනටත් එහෙමයි.... ඔයා ඔය කියලා තියෙන්නේ පන්සලට එහෙමත් ගොඩක් සම්බන්ද ලංකික කට්ටියක් ගැන ...... හැබැයි නව කැඩිලා ආපු කතාවනම් දන්නේ අදයි මම

      Delete
  26. BG එකොළහ වී බතලගොඩ නිෂ්පාදනයක් නේද?

    ReplyDelete
    Replies
    1. BG කියලා එන හැම වී වර්ගයක්ම බතලගොඩ පර්යෙෂන වලින් හොයාගත්ත ඒවා. MI කියලා එන ඒවා මහඉළුප්පල්ලම පර්යේෂණ ආයතනයේ. දැන් නම් ගොඩාක් දේවල් ඇති.

      Delete
  27. ඔන්න ප්‍රභාත්ගේ ප්‍රශ්නෙට මම දන්නෙත් නැති උත්තරේ අරු අයියා දීලනේ

    ReplyDelete