මම S. L. මැලේ රාළ

මම ලංකාවේ පොරක් මැලේසියාවේ ජොබක් කරන.... මට මේක ලියන්න හිතුනේ අනික් බ්ලොග් කියවල ඒවා දැක්කම මෙහෙවෙන දේවල් අනික් කට්ටියටත් දැන කියාගන්න කියල තමයි .

අවූරුදු ගානක් තිස්සේ මෙහෙ ඉදන් අහපු දැකපු, සිද්ද උන හා දැනටත් සිද්දවෙමින් පවතින දේවල් තමයි මම ඔයාලට කියන්න යන්නේ ඕන්.....

Monday 16 June 2014

අනේ මට නැතිවෙච්ච හතර හොයලා දියන්!!!!!!

අහිංසකයින්ට නපුරෝ කීම 

එකයි... දෙකයි... තුනයි.... ලිපට ගල් තුනයි...
හතරයි... පහයි....හයයි.... දුසිම් බාගයයි...
හතයි.... අටයි.... නමයයි.... නමය නපුරුමයි...

හෑ......... නමය නපුරුයි කිව්වා ..... මොකද්ද අප්පේ නමය ඔයාට කරපු වරද? 

නවය මට කරපු දෙයක් නෑ ..... ඒ උනාට නමය නපුරු තමයි

ඒ මොකද නමය නපුරුයි කියන්නේ  ??

මොකද කියලා මම දන්නේ නෑ.... එත් නමය නපුරුයි කියලා හැමෝම දන්නවා.... අව්රුදු නමයක් වෙනකොට ඔයත් පරිස්සම් වෙන්න ඕනා.... මොකද නමය නපුරු නිසා අවරුදු නමයේදී හැමෝටම ගොඩක් කරදර වෙනවා ඒ නිසා ඔයත් අව්රුදු නමයක් වෙනකොට කොටින්ම කියනවනම් නමය ගෑවෙන හැම තැනකදීම පරිස්සම් වෙන්න  මතක තියා ගන්න ඕනා....

යන්තම් අව්රුදු හතරක් පහක් වෙන කාලේ රාලගේ පොඩි අක්ක කාටවත් වරදක් නැති නමය නපුරුයි කියලා රාළට ඉගැන්නුවේ ඔන්න ඔහොම තමයි.... එදා ඉඳන් සෑහෙන්න කාලයක් යනකම් නමයෙන් ඇත්වෙලා ඉන්න රාල වග බලාගත්තා. 

හැබැයි ඇත්තම කියනව නම් මේ නමයේ තියෙන නපුර මොකද්ද කියලා රාලනම් අද වෙනකම්ම දන්නේ නෑ... අනිත් එක තමයි නමය නපුරු උනාට දහනමයට, විසිනමයට  අව්ලක් නෑ.... තනි නමය විතරයි පස්නේ...

   එත් මැලේසියාවේදිනම්  නමයේ එකක් නැත්නම් නමයේ කෑල්ලක් කිව්වම සමහරු ලැජ්ජාවේ ඇඹරෙනවා.. තව සමහරුන්ට හරි ආතල් එහෙම වෙන්නේ කොහොමද කියලත් ඔය නමයේ කෑල්ලක් නිසා අපේ අයියාලා දෙන්නෙක්ට වෙච්ච සංගෙඩිය ගැන මේ සටහන අවසානයේදී බලමුකෝ.....

රාල අවුරුදු නමයත් පැනලා පහලවක් දාසයක් වෙන කාලේදී තමයි ඊළඟ නපුරු ඉලක්කම ගැන දැන ගත්තේ.... ඒ කථාව මෙන්න මෙහෙමයි.... 

රාළට හිටියා අපුරු අඹ යාලුවෙක්... ඔය සාමාන්‍ය පෙළට පෙනී හිටින කාලේ රාලටයි මේ අඹ යාලුවටයි ගහලා තිබ්බ එකම පිස්සුව මෝටර්  සයිකලයක් ගන්න එක.... ලයිසොන් ගන්නත් තවම වයස හරි නැති කොට ගෙවල් වලට හොරෙන් මෝටර් සයිකලයක් ගන්න එකට කොරමයක් හදාගන්න උනන්දු උනේ විබාගයත් පැත්තක තියලයි. 

ඔය අතරේදී ඔත්තුවක් හම්බුනා චැලි වර්ගයේ යන්තම් ස්ටාර්ට් වෙන  සයිකලයක් රුපියල් 3000කට අපි දන්නා හදුනන මෝටර් සයිකල් ගරාජ් එකක තියෙනවය කියලා කොහම හරි බාගේ බාගේ දාලා සතියක් යන කොට මේ චැලිය අපිළඟ....

මේ අගනා භාණ්ඩේ නොම්මරේ 113 ශ්‍රී 9121
මුලින්ම මේක පැදගෙන ගියේ යාළුවගේ ගෙදරට.... වාහනේ සද්දෙටම දොරකඩ ලඟට ආපු යාළුවගේ බාප්පා කාගේද බෝල මේ හුචක්කුව කියලා ඇහැව්වා.....
මේක මේ රාලලාගේ අයියා අද අරගෙන තියෙන්නේ.... යාළුවා කියනවා
හරි අයියටයි මල්ලිටයි  ඕන මගුලක් කර ගන්න කියපන් හැබැයි උබ එහෙම ඕක පදින්නේත් නෑ වෙන එවුන් පදින කොට පිටිපස්සේ නැගලා යන්නෙත් නෑ 
ඒ මොකද බාප්පේ ඒ?
ඒ මොකද කියන්නේ බලපන් පටන් ගන්නෙත් එකසිය දහතුනෙන් එකතුව එන්නෙත් දහතුන අන්තිම නපුරුයි......  ඕක පදින්න තියා වත්තේ හතර මායිමට  වත් ගන්න හොඳ වාහනයක් නෙවි.....

මේ මොකද්ද දෙයියනේ මේ හෙනහුරේ කියලා යහළුවා කල්පනාවට වැටෙද්දී බයික් එකත් අරගෙන මම අපේ ගෙදර ආවා........  දැම්මා වත්ත පල්ලෙහා බයික් එක හිටියා හවස් වෙනකම් මොකද වෙන්නේ බලන්න 

හවස තාත්තා කෙලින්ම ආවේ මාව හොයාගෙන කෝ දවාලේ පැද්දයි කියන බයික් එක ? කාගේද එක??  දැන් කෝ ? ප්‍රශ්න වැලයි 

එක අර මගේ යාලුවාගේ අයියාගේ...... එකේ නොම්මරයක් මොකද්ද සවුත්තු වෙලා කියලා ඒගොල්ලන්ගේ බාප්පා එක පදින්න එපාලු..

මේ පුතේ මට බොරු කියන්න විතරක් එන්න එපා ඒ මනුස්සයා තමයි මට විස්තරේ කිව්වේ..... මොන මිනිහෙක්වත් ගන්නේ නැති නොම්මර 13 එන බයික් එක කව්ද දැන් අරගෙන තියෙන්නේ ????
කව්රු ගත්තත් මට කමක් නෑ ඔයා එහෙම ඕක මේ පැත්ත පළාතේ ගේන්නෙත් නෑ පදින්නේත් නෑ  තේරුනානේ !!.

කාටවත් වරදක් නැති අංක දහතුන ත් නපුරුයි කියන මේ හරිම හොඳ මිනිස්සු නිසා තුන්දාහක් දීලා ගත්ත බයික් එක කවදා හරි අපහු සල්ලි දෙන්න කියලා ගත්ත තැනටම ගිහින් දැන්මේ ඔන්න ඔහොමයි 

දැන් අංක නමෙත් නපුරුයි දහතුන ඊටත් වඩා භයානකයි.....

  අංක නමේ වගේ නෙවි දහතුන ගොඩක් රටවලට නපුරුයිලු කොටින්ම ගොඩක් ලොකු තරු හෝටල වල අංක දහතුනට කාමරයක් වත් නැතිලු.... එහෙම අංක දහතුන තියෙන කාමරවල හරිම හරි භයානක දේවල් වෙනවලු මෙන්න මේ පිචර් එකේ වගේ... 

  මම මේ අද කතා කරන්න යන්නේ මේ අංක නපුරු උනේ කොමද කියලනම් නෙවි මොකද යාළුවගේ බාප්පා තියා ගුගල් මාමාගෙන්  වත් ඕකට හරි උත්තරයක් මමනම් හිතන්නේ නෑ හොයාගන්න පුළුවන් වෙයි කියලා.... මට තියෙන පස්නේ ලංකාවේදී නපුරුයි කියන මේ දහතුන මෙන්න බොලේ මැලේසියාවේදී කිසි අව්ලක් නෑ හරි චෝයිලු .... කොටින්ම කියනවනම් සමහර හෝටල්වල බිල්ඩින්වල දහතුනේ එවා දෙක දෙක තියෙනවා.....

ඒ කියන්නේ මැලේසියාවේ මිනිස්සු මේ අංක නපුරුයි කියන්නේ නැද්ද?

ලංකාවේ එහෙම උනත් මැලේසියාවේ එහෙම වෙන්නේ නෑ 

මේ ගොල්ලෝ අංක නමෙයි අංක දහතුනයි නපුරුයි කියන්නේ නැ 

එත් අංක හතරනම් අන්තිම භයානකයි කියලා තමයි කියන්නේ  

හෆොයි දෙයියනේ ලනාවේදී අච්චර හොඳට තිබුන අංක 4 මෙන්න මෙහෙ ඉන්න චීන්නු කියනවා අන්තිම භයානකලු, නපුරුයිලු,,, යක්ෂයාට සම්බන්දයිලු........ ඒ නිසා හතරෙන්නම් ඈත්වෙලා ඉන්නලු.... (හොඳ  වෙලාවට ඕක තුන නොව්නේ)

ඉතින් මේ භයානක හතරෙන් ඇත් වෙන්න මෙයාලා පොඩි පොඩි ටිරිකිස් වැඩ ටිකකුත් කරනවා ඒ කියන්නේ දැන් අපි හිතමු අපාර්ට්මන්ට් එකක තට්ටු 25ක් විතර තියෙනවා කියලා එකේ ඉඳන් මේ තට්ටු වලට අංක දාගෙන යනකොට අංක 3 ගාවට තියෙන්නේ 3A... ඊට පස්සේ තට්ටුව අංක 5.... හු හු අර භයානක අංක 4 නෑ 13 වෙනි තට්ටුවට පස්සේ 13A භයානක 14ත් නෑ (හැබැයි ලංකාවේදී භායානක 13 ඒවානම් 2ක් තියෙනවා ) 

අංක හතර විතරක් නෙවි ඕනෑම එකවගේ 4ක් තියෙනවනම් මේ චීන්නු පට්ට අකමැතියි. වාහනයක අංකය 2222 වගේ එකක් උනත් මෙයාලා ගන්නේ නෑ  එක 2322 වගේනම් හරිම ආසාවෙන් ගන්නවා 

 මේවා ඔක්කොම දැන ගත්තාම මටනම් හිතෙන්නේ එක එක පිස්සන්ට එක එක පිස්සුනේ කියන කතාවම තමයි 

  මොනවා උනත් ඔබලාට චීනෙක් එක්ක වැඩක් කරන්න උනොත් මතක ඇතුව 4 අයින් කරලා ඒ වැඩේ කරන්න මතක තියා ගන්න එතකොට ඔබේ කාර්යය  සාර්ථකව නිමකරගන්න හැකිබව රාල කියන්නේ අත්දැකිමෙන්මයි.  

එහෙනම් අදට යන්න කියලා ආ..... තව පොඩ්ඩෙන් අමතක වෙනවා අර උඩ අන්තිමට කියනවයි කිව්ව කතාව.... මෙන්න මේකයි ඒ....

ඔය නමයේ කෑලි කියන්නේ මැලේසියාවේ ඉන්න අපේ පොරවල් මෙහෙ ඉන්න නපුන්සකයින්ට. මොකද ඒ කට්ටිය ඉතුරුවෙලා තියෙන අංග ටික ඔක්කොම ශල්‍යකර්ම මගින් හොඳට පෙන්න හදාගෙන එකසැරේට දැක්කම ගැහැනුන්ට වඩා ලස්සනට පෙන්න තමයි ඉන්නේ. මෙයාලගේ වැඩි පිරිසක් රිංගිට් නමයක් වගේ ගානකට ගණිකා වුර්තියේ යෙදෙන එක තමයි කොරන්නේ (ඔන්න දැන් කොමෙන්ට් වලින් අහනවා එහෙම නෙවයි ඕනානැති කතන්දර)   

   කොහොම හරි මැලේසියාවේදී එකට හම්බඋන යාළුවො දෙන්නෙක් තට්ටු පහ හයක අපාර්ට්මන්ට් එකක් ළඟ චැට් එකක් දාගෙන ඉන්දැද්දී උඩ තට්ටුවක ඉන්න ලස්සන කෙල්ලෙක් මෙයාලා දිහා බලන් ඉන්නවලු මුලින් ම හස්ත සංඥ මගින් අදහස් හුවමාරු කර ගනිද්දී කෙල්ල ඔන්න උඩට එන්න කියනවලු ..... එක්කෙනෙක් පහල මුර කරද්දී අනෙකා එළියේ ඉඳන් ගැනලා බැලුවම 4 වෙනි තට්ටුවේ බව දන ගෙන එතැනම තිබ්බ විදුලි සෝපානය ඇතුලට ගිහින් බැලුවම අංක 4ක් එතන නෑලු,, 3 ගාවට 3A ඊට පස්සේ 5... එපාර එකෙන් එලියට ඇවිල්ල පඩිපෙළ දිගේ ගැන ගැන 4 වෙනි තට්ටුවට ගිහින් ටික වෙලාවකින් ගියාටත් වැඩි වේගයකින් පහලට ඇවිත් අනෙකාට කියනවලු 

  "යකෝ මේකේ ලිෆ්ට් එකේ 4 වෙනි තට්ටුවකුත් නෑ පනදාගෙන තට්ටු හතරක් නැගගෙන කතාකරපු කෙල්ල ඉන්න තැනට ගියාම ඒකිට *&%#$ කුත් නෑ කියලා ...... "

  පහල දාලා තියෙන්නේ අර යාලුවෝ දෙන්නගේ පොටෝ එකක් නොවන බව කරුණාවෙන් සලකන්න 


  එසේනම් අදට හරියටම අව්රුද්දක් සපිරෙන මගේ බ්ලොගට හා මට (මේ පොටෝව පල වුවාට පසුවත්) ජයම වේවා 

පලි : කාටවත් කරදරයක් නැති අංක වලට හා වේලාවට නපුරුයි බයයි , හොඳ නැතෙයි කියමින් සිටිනවාට වඩා තමන් ගැන හා තමන් කරන කාර්යන් ගැන උපරිම විශ්වාසයකින් වැඩ කරන්නේනම් පහසුවෙන් සාර්ථකත්වයට පිය නැගිය හැකිබව අවධාරණය කරන්නේ මැලේ රාල තම අත්දැකීම් තුලින්මය... 

Tuesday 10 June 2014

මැලේසියාවේ වෙසක් ......... පොසොන් එඩිෂන්

කේල් තොටළඟ තොරණේ විස්තරේ .

    ඉඳලා හිටලා වෙසක් එකකට තමයි මේ මැලේසියාවේ වෙසක් එකකට තොරණක් හැදෙන්නේ... පන්සල් වල වෙසක් සමරපු හැටි අපේ කාමරේ සිරා අයියා ලියලා තිබ්බ නිසා මම ඔන්න තොරණේ විස්තරේ කියන්නයි යන්නේ...... 
    2010 අව්රුද්දෙ බ්‍රික්ෆිල්ඩ් පන්සලේ තොරණට පස්සේ මේ අව්රුද්දෙ තානාපති කාර්යාලයේ ප්‍රථම වතාවට තොරණක් හදලා තිබ්බා වෙසක් එකට....  

  මේකේ වටිනා කම තියෙන්නේ බෞද්ද තානාපති වරුන් කිහිප දෙනෙක්ම පහුගිය වසර ගණනාවක් පුරා මෙහෙ හිටියත් මේ තොරණ හදන්න ඕන වෙලා තිබුනේ මේ අව්රුද්දෙ මුල මෙහෙ ආපු ඉබ්‍රාහිම් ආන්සර් කියන මුස්ලිම් ජාතික තානාපතිතුමාට වීමයි ..... ඇත්තෙන්ම මැලේරාළ තානාපති කාර්යාලයේ සේවය ගැන වැඩිමනත් මනාපයක් නැති එකා වෙච්චි කොට මේ තොරණ ගැන ලියන්න හිතුනේ ඒ කලින් තිබ්බ අකාර්යක්ෂම තාවය වෙනුවට නැවතත් වැඩක් කරන වැඩක් වෙන තැනක් බවට මේ නව තානාපති තුමාගේ මුලිකත්වයෙන් මේ ආයතනය පත්වීගෙන යන නිසයි.

  වෙසක් දිනට සතියකට පමණ කලින් පන්සලට පැමිණි මෙතුමා වෙසක් එකෙන් පසු තානාපති කාර්යාලයේ සර්වරාත්ත්‍රික පිරිත් පින්කමක් (එයත් ශ්‍රීලංකා තානාපති කාර්යාලයක මැලේසියන් ඉතිහාසයේ ප්‍රථම වතාවට) කරන්න ලොකු හාමුදුරුවන්ට ආරාධනා කර තිබෙනවා... 

 කවදත් මෙවැනි වැඩ වලට ලොකු හාමුදුරුවන්ටත් පෙර ඉස්සරවෙන අපේ කොටදෙනියේ සිරිධම්ම පොඩිහාමුදුරුවෝ මේ මුස්ලිම් ජාතික තානාපති තුමා එක්ක එකතුවෙලා පිරිත් පින්කමේ හා තොරණේ වැඩ ටික කෙරුව අපුරුව මම හිතන්නේ අර එක එක සේනා අටවාගෙන ඉන්න ලාංකිකයන්ට ඉතා වටිනා ආදර්ශයක් කියලයි රාළට හිතෙන්නේ.... වෙසක් එකට දින හයකට කලින් අදහසක් හැටියට ඉදිරියට ඇවිත් දින පහකදී ඉදිඋන තොරණ තමයි මේ 





     මීළඟට වෙසක් දිනට පසුව එලබුන සතියේ මුස්ලිම් තානාපති තුමාගේ සර්වරත්ත්‍රික පිරිත් පිංකම ..... එදා දැක්ක සිද්දියක් තමයි මේ සටහන ලියන්න මුලිකම හේතුව...  පිරිත පටන් ගන්න පැයකට කලින් රාල ගොයියත් එතන... එදා දවසේ තනාපතිකාර්යාලයේ පොඩි වීඩියෝවක් තමයි පහල තියෙන්නේ 


 පිරිත පටන් ගන්න හාමුදුරුවෝ ඔක්කොම මණ්ඩපේ ඇතුලේ ඉන්න වෙලාවේ පිරිත් සජ්ජායනාව අරම්ඹ කරන්න අරාධනාව කරමින් මේ මුස්ලිම් ජාතික තානාපති වරයා ලොකු හාමුදුරුවන්ට පසඟ පිහිටුවමින් වැන්දා... මගේ දෑහින්ම දැක්ක නිසා විශ්වස්ස කරනවා මිසක් මම ජිවිතයේ ප්‍රථම වතාවට මුසල්මානුවෙක් බෞද්ද හිමිනමකට මෙහෙම වඳිනවා දැක්කමයි....... (එකයි මම කිව්ව සිද්දිය)

     පහුවදා උදෑසන ඉතා අනර්ග හිල්දානයක් වටිනා පිරිකරත් සමග තිස් නමක් වූ හාමුදුරුවන්ට පුජාකරන්න මෙතුමා කටයුතු කිරීම ඇත්තෙන්ම පැසසිය යුතු කාරනාවක් 

එසේනම්  දින පහකින් නිමවූ තොරණේ විස්තරේ මෙතකින් නිමයි 

ලබන සතියේදී වසරක් සමරණ වන් මැලේසියා නමින් පටන් ගත්තු සුන්දර මැලේසියාවේ තවත් විස්තරයක් සමග හමු වෙමු......