මේ මැලේසියාවේ රැකියාවට එන බොහෝ දෙනා දැන් කියන්නේ අපි ආවේ මේ වෙන දේවල් මෙලෝ දෙයක් දැනගෙන නෙවිනේ (ආ මෙයාලා බාබාලා) දන්නවනම් කීයටවත් එන්නේ නෑ (ඉතින් දැන් දන්නවනේ අපහු පලයල්ලකෝ) කියලා තමයි. බලාගෙන ගියාම අම්මා පස්සෙන් ඇවිත් බැට් එකෙන් ගගහා එලවපු නිසා තමයි කට්ටිය මෙහෙ ඇවිත් දුක්විඳගෙන ජොබ් කරන්නේ....
එත් ඉඳලා හිටලා රාළට හම්බවෙලා තියෙනවා තම කැමැත්තෙන්ම ඇවිත් ආපහු යන්නෙත් නැතිව ජොබ කරන කට්ටියව.... ඒ අයගෙන් ගොඩක් දෙනක් ඇවිත් අපහු නොගිහින් මෙහෙ ඉන්නේ අලි අලි චෝයි වැඩ අර (අම්මට)සිරි ලංකාවේදී වෙලාතියෙන නිසා. අන්න ඒ චෝයි වැඩ වෙච්චා අයගේ කතා සිරිස් එකක් සරින් සැරේ මම ඔන්න කට්ටියත් එක්ක බෙදා ගන්න තමයි ලැහැස්ති වෙන්නේ අද පළමු පියවරට පළමු කතාව මේ මම වන මැරකාකා (මැලේ රාළ කතා කාරයා ) ලියයි
එකේ එක . මේසන් සාන්ත .
සාන්ත තාත්තා එක්ක මේසන් වැඩට අත් උදව් දෙන්න ගිහින් තියෙන්නේ ඉස්කෝලේ අට පාස් කරපු කාලේ ඉඳන්මයි.... කාලයත් සමග තම බාසුන්නැහෙගෙන් කිසිදු ගුරුමුෂ්ටියක් නැතුව මේසන් කරුමාන්තය ඉගෙන ගත්ත සාන්ත, හැමදාමත් අත් උදව් කරුවෙක් පමණක් වෙච්ච තම පියාටත් නොලද හැකි තරමේ වැටුපක් ලබා ගන්න සමත් උනේ යන්තම් අවූරුදු විස්සක් වෙනකොටම වගේමයි...කලින් වැඩ කරපු තැන්වල අය සාන්තවම තම ඊළඟ වැඩේට ඉල්ලගෙන එනකොට ලොකුබාසුත් තම ගෝලයා ගැන හොඳ පැහැදීමෙන් තමයි හිටියේ. කාලය වේගයෙන් ගලා යන කොට අල්ලපු ගමේන් සාන්තිව හොයාගත් සාන්ත ලොකු මගුලක් කන්නේ නැතිව හඳපානෙම සාන්තිව කැන්දාගෙන ආවා.
කාලයාගේ ඈවෑමෙන් දැන් සාන්ත තනිවම කොන්තරාත් ගන්න මේසන් බාසෙක්.... යන්න එන්න අරගන්නවා තඩි තැපැල් නයින්ටි බයික් එකක් රිකොන්ඩිසන්ම...
ලොකු දුවට අවූරුදු හතක් වෙන කොට පොඩි දුවට අවූරුදු පහක්.... පරිස්සමින් ඉතිරි කරගත් මුදලින් තම ශිල්පය මොනවට විදහා පාමින් ඊළඟ අව්රුද්දක වාගේ කාලයක් ඇතුලත් මෙන්න සාන්ත හදනවා දකින එව්වන්ට ඉරිසියාවේ පැලෙන තත්වයේ තට්ටු එකාහාමාරක ගෙයක්....
දැන් ඊළඟට සාන්ති බලන් ඉන්නවා ලොකුදුව ගහෙන් වැටෙනකම්....
ඒ ආරංචිය සාන්තට ආවේ ටිකක් විතර දුරක නගරයේ අලුත් කොන්තරාත්තුවක් ගන්න කතා කර කර ඉන්න කොටමයි. කොන්තාරාත්තුවටත් හොඳ වට්ටමක් දිලා රුපියල් පනස්දාහක අත්තිකාරම් චෙක් එකත් රැගෙන සාන්ත කෙලින්ම ගියේ ඒ නගරයේ බැංකුවට...
විනාඩි කීපයකදී චෙක් එක මුදල් බවට හරවා ගෙන ඊළඟට සාන්ත යනවා ඒ ලඟම තිබ්බ මුස්ලිම් රෙදි සාප්පු තුනම පහු කරගෙන සිංහල මුදලාලිගේ රෙදි සාප්පුවට... පව්ලේ සැමට උත්සවයකට අවශ්‍ය රෙදි මිලට ගෙන රුපියල් 17000ක බිල ගෙවන්නේ එවෙලාවේ බැංකුවෙන් හම්බ උන දාහේ කොළ පනහෙන් 17ක් දීලයි....
ඔන්න දැන් තමයි කතාව පටන් ගන්නේ.....
දාහෙකොල 17 අතට ගත්ත මුදලාලියා උඩම තිබ්බ කොළ හතර සාන්තට පෙන්නලා අහනවා මොන කන්තොරුවෙන්ද මේවා අච්චුගැහැව්වේ කියලා ඒ කතාවෙන් අන්දුන්කුන්දුන් වෙන සාන්ත කියනවා ඕවා මම හදපුවා නෙවි මේ දැන් බැංකුවෙන් ගත්තුවා කියලා.... කතාව දුර දිග යනවා තමන් කිසිම වැරදි දෙයක් නොකළ බව දන්නා සාන්ත මුදලාලි එහෙනම් පොලිසියට කතා කරනවා කිව්වම හා කියනවා
මේන්න බොලේ ටිකකින් පොලිසිය ඇවිදින් සාන්තව පැක් කරගන්නවා.......... හේතුව හොර රුපියල් දාහේ කොළ හතරක් මාරු කරන්න තැත් කිරීම....
සාන්ත දන්නා ශිල්ප ඔක්කොම දාලා කියනවා මේ ඔක්කොම සල්ලි ලැබුනේ බැංකුවෙන් කියලා සාන්තවත් රැගෙන බැංකුවට යන පොලිසිය බැංකුවෙන් මේ ගැන ප්‍රකාශයක් ගන්නවා.... බැංකුව කියන්නේ අපි පනස්දාහක් දුන්නා තමයි එත් හොර සල්ලි දුන්නේ නෑ.... ඔක්කොම රජයේ ඔරිජිනල් බඩු.... එත් කඩේට යන ටිකට කොළ හතරක් හොර වෙලා .... සාන්තම පිලිගන්නවා මුදලාලි සල්ලි ලාච්චුව ලඟට ගියෙත් නෑ.. තමන් ඉස්සරහම තමන්ම දීපු සල්ලි තමයි පරික්ෂා කෙරුවේ කියලා. කොම හරි දුවගේ උත්සවයක් ලැහැස්තිකරන්න ගිය පියා එදා නවතින්නේ රහස් පොලිසියේ හතරවන තට්ටුවේ
රහස් පොලෝසියේ රහස් කාමරයක සාන්තගේ රහස් අවයව රහස් මේසයක රහස් ලාච්චුවකට දාලා වහන ගමන් අහනවා
කොහෙන්ද බෝල මේ හාර දාහ

ලාච්චුව තව තදට වහන ගමන්
බොරු කියන්න එපා යකෝ
ඇයි දෙයියනේ බැංකුවෙන් හම්බ වෙච්ච එක බැංකුවෙන් නැතුව මාතලන් දුන්නයි කියන්නද ? නැත්නම් සිරා දුන්නයි කියන්නද
ඇත්තමයි බුදු මහත්තයෝ බැංකුවෙන්මයි දුන්නේ.....
ඔන්න ඔහොමයි එදා දවස..... එත කොට පහුව දා පත්තරවල (
ඊටත් සතියකට පස්සේ ගමේ කතා වෙනවා..... මු මේ හරියට ඉන්න තැනක්වත් නැතුව හිටිය එකා ගැනියෙකුත් ගෙනැල්ලා, බයිසිමොටෝවකුත් අරගෙන ළමයි දෙන්නෙකුත් හදලා අච්චර පුරාජේරු ගෙයක් හැදුවේ ඔය හොර සල්ලි වලින්ම තමයිනේ බෝල ..... අනේ අපිටනම් ගෙයක් තියා ගඩොල් කැටයක් වත් එපා හොර වැඩ වලින්නම් කියලා
තවත් මාසයක් විතර යනකොට සාන්තට නඩු වැටෙනවා..... දිගටම ඇතුලේ මොකද හැමදාම සාන්ත කියන්නේ තමන් නිවැරදිකරු සල්ලි ලැබුනේ බැංකුවෙන් කියලා
සාන්ත දිගටම රිමාන්ඩ්.. නඩුව දිගටම කල් යනවා බයිසිමොටෝවෙන් පටන් ගෙන අලුතෙන් හදපු ගේ දක්වා ඔක්කොම උකස් වෙනවා නඩුවට වියදම් කරන්න..
තවත් අවූරුද්දකට විතර පස්සේ සාන්ත වැරදිකාරයා වෙලා අවුරුදු එකාමාරකට හිරේ යනවා..... හිරෙන් නිදහස් වෙච්ච සාන්තට ගමට මුණ දෙන්න බෑ හැමෝම මේ දක්ෂ මේසන් බාස් දිහා බලන්නේ ලොකු හොරෙක් වගේ..... උකස් කාරයටම ගේ විකුණුව සාන්ත පිටපලාතක සාන්තිවයි දරු දෙන්නවයි නවත්තලා මැලේසියාවට කැමැත්තේන්ම එන්නේ ඔන්න ඔහොමයි.....
පලි: මේ කතාව රාළට කිව්ව සාන්තගෙන් රාල ඇහැව්වේ ප්‍රශ්න දෙකයි.
ඔයාට හොඳටම සුවර්ද කොළ හතර දුන්නේ බැංකුවෙන් කියලා ?? මුදලාලි මාරුකරා වෙන්න බැරිද??
මට හොඳටම විශ්වාසයි මුදලාලි මාරු කරේනම් නෑ උඩම තිබ්බ කොළ හතර මම දීපු ගමන්මයි මිනිහා වෙන් කරේ හොර සල්ලි කියලා....
හැබැයි මම අර මුස්ලිම් කඩේකට ගිහින් ඕක උනානම් තාමත් මම ලංකාවේ ඒ මිනිස්සු අපේ තත්ත්වය තේරුම් අරගෙන පොලිසි නොගිහින් ඕක ගොඩින් බේරලා දෙනවා.......
සාන්ත හිරේ ඉඳන් ආවාට පස්සේ අයෙත් පුරුදු විදියට රස්සාව කරන්න බැලුවේ නැද්ද
මොකද නැත්තේ....... අපේ ගම්වල එකෙක්වත් මට වැඩක් දුන්නේ නෑ අමාරුවෙන් පිට ගමක තාප්පයක් ගහන වැඩක් හොයා ගත්තා එකටවත් ගම පළාතේ එකෙක්වත් අත්උදව්වට ආවේ නෑ..... කොම හරි පිට මිනිස්සු වගයක් එක්ක දවස් දෙක තුනයි වැඩේ කරගෙන යන්න උනේ අපේ ගමේ එවුන් එතන අයිති කාරයට හොයාගෙනම ඇවිත් කියලා පහුගිය දේවල් බොරුත් එකතුකරලා.... අර මනුස්සයා ඒ වැඩෙත් නවත්තන්න කිවා....
අනේ අම්මේ කොමද දැනෙන සනීපෙ අපේ මේ සිංහල කම ගැන ???
මැරකාකා ලියයි .....................
අද මැලේසියාවට නිවාඩුද.. දෙන්නෙක්ම මකුළු දැල් කඩලා තිබුනා..
ReplyDeleteනිවාඩු නෙමේ බං .... දෙන්නට වෙන සිං එකක්.... මම බොට msg දෙන්නං ..හෙක්..හෙක්..
Deleteබොලවගේ අපි අම්මට සිරිලංකාවේ නෙවිනේ බන් වැඩ පැය විසිහතරම දවස් 365ම වැඩකරන ජාතියක් එක්කනේ අපි වැඩ.......
Deleteකෙන්ජාට මම ආස ඕක තමයි........ නියම සිංහල කම............ හදමු කතාවක්............
Deleteඑල ද බ්‍රා.
ReplyDeleteසන්ජීව අයියට මොකද මෙ බ්‍රා එකක් මතක් වෙලා
Deleteමේ දවස් වල ඌ ට තමයි යුරෝප් වල වින්ටර් එකට බ්‍රා ඕඩර් එක ලැබිල තියෙන්නෙ ...
Deleteමූට බ්රාම තමා.. සයිබර් ෆෙස්ට් එකේදිත් මට විසිටින් කාඩ් එකක් දුන්නා බ්‍රා ඕනෙ නම් කියපං කියල..
Delete;)
මට පට්ට සතුටක්/ සනිපයක් දැනුනා අපේ සිංහල කම ගැන අපි කෙහෙමහරි සාන්තට කෙලවලා මැලේසියා ඇරියානේ නැත්නම් රාලයා ලියන්නේ පුකද? (නරක වචනයක් නොවෙි)
Deleteදමිත්, මට මෙන්ඞා කියන්න.. මගේ ඡිවිතේ ඉතින් තනපටි තමා.
කෙන්ඡි අයියන්ඞි ඔය රටවල් වල ගැනු ළමයි බාත්රෑම් වලට වෙලා ඔලුව දාලා අහනවාලු කෝ..අර මෙන්ඞියා තවම අර බ්‍රා ටික එව්වෙි නැද්ද කියලා?
සෑමා.. කෝ තවම උඔ ඉල්ලුවෙි නෑනේ.. නංගිවත් එක්කරගෙන වරේන් දවසක අපේ ගෙදර ඔින එකක් තෝරගෙන යන්න.
ගැලෙව්වම.... (සන්ජිවගේ කොමෙන්ටුව හා මෙම පිළිතුර යන දෙකම එකට කියවනු මැනවි )
Deleteඒකතමයි දමියෝ මමත් දැක්ක මෙයා මෙයා තැන් දෙක තුනකම මේ බ්‍රා එක එල්ලලා තියෙනවා
Deleteඑහෙමත් එකක්ද කෙන්ජෝ..... එකයි එහෙනම් රහස
එතකොට සැමෝ දැන් උබෙත් කුක්කුදෙක බ්‍රා අඳින ගානටම ලොකු වෙලාද ???
මම සයිඩ් බිස්නස් එකක් පටන් ගන්න හිතාගෙන ඉන්නෙ සංජීව අයියා....අපි මැලේසියාවෙ කේල් හන්දියෙ දාමුද එලද බ්‍රා කියලා බ්‍රා කඩයක්....වැඩේ නැගලම යයි කියලා මට හිතෙනවා...මැලේ රාළ ඉන්නවා නොවැ කඩේට ජනතාව ගෙන්නලා දෙන්න...
Deleteඕව ඒවා අදිනහැටි ලයිව් ප්‍රසන්ටේෂන් එකක් දෙන වැඩ පිළිවලක් ලැහැස්ති කරොත් මම කට්ටිය ලංකාවෙන් හරි ගෙනත් දෙන්නම්
Deleteපඩිය ප්‍රශ්නයක් නෑ. මට ඒකෙ රස්සාවක් දීපියව්
Deleteරායිට් වැඞේ පටන් ගමු.
Deleteආන්න නියම සින්හල මිනිස්සු.හැබැයි හොදටම සුවර් ද මිනිහ බොරුකිවුවෙ නැ කියල
ReplyDeleteතමන්ටම මඩ ගහගන්න බොරු කියන එවුනුත් ඉන්නවද බන්
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමක්කෙයි මැකුවේ ????
Deleteනීතිය, මනුස්සකම, සමාජයීය වගකීම්, අතර දෝලනය වන කතාවක්. ඔය මනුස්සයා නිවැරදිකරු වෙලා ගෙදර ආවත් කතා හැදෙනවාමයි. අපි අතර ඉන්නවා ඒ තරම් හොඳ මිනිස්සුත්.
ReplyDeleteඇත්තටම ටික කාලයක් යනකම් මේ මිනිහා රටින් පිට ඉන්න එක හොඳයි තමයි.. ඔය රත්තරන් හදවත් තියෙන සිංහලයන්ට කතාව අමතක වෙනකම්
Deleteමොනවා කරන්නද ඉතින්.. කරුම වෙලාවට අහක යන ගිණිත් පත්තු වෙනවනේ..
ReplyDeleteනැතුව නැතුව
Deleteමේක නම් කර්මය පඩිසන් දීමක්.. වෙන විදිහකින් හිතන්න අමාරුයි.. කවුරුත් නොහිතන තැන්වලින් තමයි හොරකම වෙන්නේ. මේ කතාව අපිට හොඳ පාඩමක්. බැංකුවෙන් සල්ලි ගත්තම ඇස් පියාගෙන පොකට් එකට දාගන්න හොඳ නෑ.
ReplyDeleteමැලේට හම්බ වෙන්නෙ නැද්ද මෙහෙ ඉන්න දෙමල කට්ටිය ? ඔන්න මේ පැත්තෙ කඩෙඔක දෙන්නෙක් වැඩ.. කඩේ කොට උඩ ගිහින්ද මන්දා ගිය සතියෙ ඉඳල එක්කෙනෙක් පාර අයිනෙ පලතුරු කෑලි විකුණනව. මීට වඩා හොඳ රස්සාවක් ලංකාවෙ කරන්න පුළුවන් මිනිහට. ඒත් යන්න බැරි හේතු ඇති..
සරත් අයියා ඔයා ඔය කියන විදියේ දෙමල සෙට් එකක්ම ඉන්නවා (අර යන්න බැරි හෙතු තියෙන) එතන මිනිස්සු වැඩියි ඒ නිසා උන් ගැන ලියන්න තාම හිතෙන්නේ නෑ එත් මේ සිරිස් එකේම එයාලගේ කෙනෙක් දෙන්නෙක් ගැනත් කතාවක් දෙකක් දාන්නම්කො
Deleteමේක නම් පුදුම වැඩක් බං .....
ReplyDeleteමැරකකා වෙන්නෙ කොහොමද...... මැරාකකා නෙ .....
මේ මේ අමාරුවේන් පොරෝසිද්ද නමක කෑල්ලක් ගාවගෙන පොඩ්ඩක් උඩට යන්න දගලන කොට එන්න එපා ඉස්පිලි පාපිලි අල්ලාගෙන කකුලෙන් අදින්න ........ :D
Deleteඅද උදේම මට නිකං මැලේසියා ගියා වගේ හැගිමක් එන්නේ පෝස්ට් දෙකක් එකවර දැක්ක නිසා වෙන්ට ඇති ;)
ReplyDeleteඅද උදේ දැක්කේ අන්න අනික් එකත් දාලා හි..හි...හි...
Deleteඉදලා හිටලා දූරියන් ගෙඩියක් කාපං සෑමා....ඔය සංජීව අයියලගෙන් අහලා බලපං දූරියන් කෑවම ලැබෙන අමතර ප්රතිලාභ....මල්ලි චණ්ඩියා වෙනවා කියලා ඔය මැලේ රාළත් කියන්නෙ.
Deleteමම එහෙම කිව්වද මට මතක නැනේ
Deleteසිංහල කොම නොවැ නැත්තං අපේ අංට ඇග කහන ගතියක් එනව..
ReplyDeleteඑකෙක් ඉහලට නගිනකොට ඉණිමගෙන් ඇද්දෙ නැත්තං කිසි කික් එකක් නෑ නෙව..
මේක ඉහල නගින එකාගේ ඉනිමග ඇද්ද නෙවි ... වලේ වැටුන එකාගේ ඇඟට උණුවතුර දාලා බෙහෙත් දාන්න ඉන්න දොස්තරවත් අන්ද කරා වගේ වැඩක්
Deleteබැංකුවෙන් ඕන තරං හොරසල්ලි එන්ඩ පුළුවන් නේද , මොකද එයාල ඇතුලට එන සල්ලිම ආපහු දෙනවා නේද , මට දවසක් දුන්නා කලින් ආපු කෙනා දුන්න ඒවයින්ම පන්දාහක් මීට අවුරුදු අටකට විතර කලින්
ReplyDeleteඋඔ ඒ ටික බලාගෙන ඒ විදිහටම අච්චු ගහලා තිබුනා ෂා නියමයි හොයන්නත් බෑ.
Deleteඕව එන්න පුළුවන් ඒ කාලේ දැන් එහෙම වෙන එක සෑහෙන්න අඩුයි නලින්ට දිලා තියෙන උත්තරේ බලන්නකෝ
Deleteඑතකොට සංජිව මු අලුත් බිසිනොස් එක පටන් ගත්තේ ඒ සල්ලි වලින්ද
Deleteසි්ංහල කම වැගිරෙනවා හරියට ඕජස් වගේ.. සන්තෝසයි මැලේ...බොට කාලෙකින් මේක මතක් උනාට..
ReplyDeleteඅපේකම අපේකම...... එකනේ මට මගේ එක අමතක උනත් බෝලාගේ ඒවලට ගිහින් කියන්න පුළුවන් අවලන් කතා ඔක්කොම ටික කියලා එන්නේ
Deleteසාන්ත ගෙ අයිය ගෙ නම සජිත් ද?
ReplyDeleteඅයියගේ නම දන්නේ නෑ මුල් නම නම් සුනිල් කිව්වා :D
Deleteඅපරාදෙ.... සාන්ත ගෙ අයියා ගෙ නම සජිත් නම්, ලක්ස දෙසීයක උනත් හෝම් මේඩ් මනි කුරුඳුවත්තෙ HNB එකට දීලා හැන්දෑවට ගෙදර එන්න තිබුනා...
DeleteSarasa++++++++++++
Deleteසාන්තට දුලාන්ජලි කියලා නංගි කෙනෙක් හිටියේ නැද්ද...
සජිත්ටයි දුලන්ජලිටයි තව සහෝදරයෙක් ඉන්න බව මම දැනගෙන හිටියේ නෑනේ
Deleteඈ බං බැංකු වලිනුත් ඕවා වෙනවා නම් තවත් කවර කතාද?
ReplyDeleteසාන්ත පව්…
එකනේ මම සල්ලි හම්බවෙච්ච ගමන් බැංකුවේ දාන්නේ නැතුව ටක්ගාලා මොන මොනවට හරි වියදම් කරලා දාන්නේ
Deleteඑතකොට ඇත්තටම මේ සල්ලි දුන්නේ බැංකුවෙන්මද? එහෙම නං ඒක අති භයානක වැඩක්නේ. බැංකුවේ එකාලට හැකියි නේ හොර සල්ලි මේ විදියට ජනතාව අතරට කිසි ගේමක් නැතුව යවලා ඒවාට නියම සල්ලි අරන් ගිහින් ගෙදර තියාගන්න
ReplyDeleteනලින් අයියා මේක ටිකක් පරණ සිද්දියක් ඇත්තටම මේ සල්ලි බැංකුවෙන් ඇවිත් තියෙන්නේ මේක වෙන්න පුලුවන්ද කියලා මම ප්‍රධාන පෙලේ බැංකු නිලධාරියෙක්ගෙන්ම ඇහැව්වා හේතු දෙකක් මත වෙන්න පුළුවන් කිව්වා
Delete1) බැංකු නිලධාරියාත් සිංහල නිසා අධික තන්හාව මත අයතා මුදල් සොයන්න යෑම
2) හදිස්සියෙවත් වැරදීමකින් හරි බැංකුවට හොර සල්ලියක් ආවොත් එක තිමුන ලාච්චුවේ නිලධාරියාගේ පොකට් එකට කෙල වෙනවා එක බෙර ගන්න තියෙන හොඳම කොරමය අයිඩෙන්ටිය දැක්කම බැංකුව තියෙන නගරයේ නොවන කෙනෙක් සල්ලි ගන්න ආවාම දීලා යවන එක
වැදගත්ම දේ මේකෙන් ගැලවෙන්න කොරමයක් නැද්ද ??????????????
තියෙනවා
බැංකුවෙන් රුපියල් එක දාහක් ගත්තත් අර සල්ලි ගනින මැෂිමට දාලා ගන්න... දැන් පාවිච්චි කරන සල්ලි ගනින මැෂින් වල හොර සල්ලිය කැරකිලා එන්නේ නෑ
අත්දුටුවයි ... ප්‍රත්‍යක්ෂයි ....
උපදෙස් මැරකාකා ගෙන් පමණි
ඉතා පැහැදිලියි
Deleteඉතා හොද උපදෙසක්....මම මගේ සහෝදරයටත් මේ උපදෙස දෙන්නම්...
Deleteදෙවනියට කිව්ව එක තමයි වෙන්න ඇත්තෙ, පව් අසරණයා
Deleteහදවතින්ම ශ්‍රී ලාංකිකයි! කාටද ආඩම්බර!!
ReplyDeleteඑකෙන්ම........ මේවා අහන කොට ඉතින් අපේ සිංහල කම ගැන සිංහ නාද කරන්න හිතෙනවා
Deleteආය ඉතින් වෙන කාටද හොර සල්ලි දුන් එකාගේ මව් පාර්ශවයට මිසක්
Deleteඕවා ගැන නම් කියලා වැඩක් නෑ. මිනිස්සු බොරු කයිය ගැහුවට ඊරිසියාවේ පැලෙනවා. එත් හතර පෝයට සිල් නම් ගන්නවා දානේ බෙදනවා !
ReplyDeleteඅයිය්යෝ එකටනම් මුකුත් කියන්න එපා ... එදාට තමයි නිව්ස් ටික ඔක්කොම ඩිස්ට්‍රිබියුට් කරලා නෙක්ස්ට් වීක් එක වෙනකම් ප්ලැන් ටික හදා ගන්නේ ගමේ සහජීවනය වැඩිකරනහැටි
Deleteබැංකුවලින් සල්ලි ගන්නත් බය හිතෙනවා බොලව් (හොද වෙලාවට සත පහක් නෑ ),හබැයි මෙහෙම බැංකුවේන් දුන්නා නම් බංකුවේ ඒ වෙලාවේ හිටිය නිළධාරියා ගෙන යමක් දැන ගන්න තිබුණා නේ ?
ReplyDelete"ඒ වෙලාවේ හිටිය නිළධාරියා ගෙන යමක් දැන ගන්න තිබුණා නේ ?"
Deleteඌ පස් කකා කිව්වලු අපි දුන්නේ ඔරිම ඔරිජෝනල් ඒවාය සල්ලි අරගෙන ගිහින් පැය තුනකට පස්සේ ඇවිත් මොන ලබ්බක්ද ( එළවලු ලබූ) මේ කියන්නේ කියලා
අනේද කියන්නේ ඌ කියයි මට වැරදිමක් වෙලා දුන්නද දන්නේ නෑ කියලා අපි සිංහල බෞද්ධ දහම් පාසැල් ගිය කස්ටිය.
Deleteඋබ දහම්පාසැල් යන කාලෙත් බ්‍රා විකුණුවද ???
Deleteසුද්දියන්ට තනපටි මැහැව්වට ගෙදර ගැනිගේ බ්‍රා එක වැලේ වැස්සට තෙමි තෙමි අව්වට වෙලි වෙලි තිබුනත් ගෙට ගන්නේ නෑ.
Deleteබැංකු වලිනුත් මෙහෙම දේවල් වෙනව අනිත් තැන් ගැන කවර කතාද ...
ReplyDeleteකොහොම වුනත් මැරකාකාගේ කතා ආරම්භයේ දිගු ගමනකට සුබ පතනවා...
අනික් තැන්වලින් කොහොම උනත් දැන් බැංකු වලින්නම් බේරෙන්න පුළුවන් (නලින්ට දීලා තියෙන පිළිතුර බලන්න )
Deleteසුබ පැතුමට ස්තුති ......... හැබැයි වැඩක් වෙයිද ඔය මැරකාකා කියන විදියටම දිගටම ලියයිද
ලිව්වේ නැත්තං සිරා දාල ගස්සන්නේ රාළේ හරිය...
Deleteසිරා නැතුව වෙන එකෙක්ව දාපන් නලියෝ මොකද උට මේදවස් වල පස්න.... දන්නවනේ....
Deleteලිව්වේ නැත්තම් අපි බලාගමුකෝ ...... නලින් අයියට මාත් සපෝට්.. :D
Deleteමෙන්න තග දානවෝ..........
Deleteඋඹ මාරයි බන් ,නිකමටවත් කිව්වේ නෑනේ උඹ මැලේසියාවේ ඉඳන් මේසන් වැඩ කරනවා කියලා මේ කියනකං ,
ReplyDeleteදැන් මේ ලියන්නේ අර කාම පැයේමද ? මේ එක නෙවෙයි ,දැන් උඹ ලංකාවට ආවම ආයෙත් අර කඩෙන් එහෙම බඩු ගන්න යන්න එපා
එයි ඉවාන් මේව ප්‍රසිද්ධියේ කියන්න එපා. මං දැනගනත් නොකියා හිටියේ..
Deleteකිව්වා කිව්වා නලින් අයියා රාලයාගෙන් ඇහැව්වාම කිව්වලු කාරයාලයක ලොකු තනතුරක් දරන්නෙ රාලයා තමයි එතන ඔක්කොම බලන්නේ බොසාට රාල නැතුව බෑ..හැම වෙිලාවෙිම අඞගහනවා කියලා. ඉතින් නලින් අයියන්ඞි අහලා බොසා උඔට බනින්නේ නැද්ද කියලා. මැලේ රාල- වැඞක් නෑ කියලා නලියා...අව්වේ දාඞිය දාගෙන අච්චර කට්ට කනකොට මු බනිනවා ඒ වෙිලාවට දෙන්ඞ හිතෙනවා අතේ තියන සවලේන් හරි බදාම තාච්චියෙන් හරි.
Deleteතේවන පාර්ශවයන්ට අපහාස වෙන නිසා හා කුණුහරුප ඇතුලත් බැවින් මැරකාකා විසින් ඉහත කොමෙන්ටු තුන මෙම බ්ලොග් අඩවියෙන් තම මැර බලය යොදා ඉවත් කල බව කරුණාවෙන් සලකන්න
Deleteමොන බොරුද...රාළෙ වයසක චීනෙක් එක්ක නයි මිරිස් වවනවා සෙනග වැඩිය නැති පළාතක...මිරිස් කරල් වල දිග තවම මදි කියලා හැමදාම නාහින් අඩනවලු...
Deleteබැංකු වලිනුත් හොර නෝට්ටු දෙනවයි කිව්වාම ඇඟ හිරිවැටිල ගියා යකෝ.එහෙමනං ගනුදෙනුකරුවන්ට දෙයියන්ගෙ පිහිටම තමා.
ReplyDeleteඑකනේ කියන්නේ ඔයා මිට පස්සේ සල්ලි බැංකුවට දාන්නේ නැතුව වෙස්ටන් යුනියන් එකෙන් මට එවන්න මම සාක්කුවේ දාගෙන ඉන්නම්
Deleteඔළුව උස්සනකොටම පොල්ලෙන් ගහනවා වගේ වැඩ වෙන්නේ බන්. නැත්තට නැතිවෙලා හිඟාකන්න වුනත් කමක් නැහැ. අපේ සංසර්ඝයන්ගෙන් කතා අහන්න ගියාමනේ බෙල්ලේ වැල දාගන්න හිතෙන්නේ.
ReplyDelete" සංසර්ඝයන්ගෙන් කතා අහන්න ගියාමනේ"
Deleteමගේ පොස්ට් එකට වැඩිය ආතල් අරුවෝ මේ ටික
etakota dan sinhala aya withatada ehema karanne. muslim kristiyani aya babala. ane palayan ban yanna.
ReplyDeleteයන්නනේ කියන්නේ........ හා මචන් !!!!
Deleteමෙන්න ජාත්‍යාලයෙන් ඔද වැඩී ගිය දරුවෙක්....
Deleteහොර නෝට්ටුවක් තමන්ට ඇවිල්ලා තිබ්බොත් කරන්න තියෙන හොදම දේ තමයි ඉරලා විසිකරලා දාන එක, කොච්චර වටින එකක් උනත්. ලාච්චුවක දාලවත් තියා ගන්න එපා. අහු උනොත් ආයෙ බේරිල්ලක් නැහැ, ලංකාවෙ නීතියත් එක්ක (ලෝකෙන්ම හොදම එකනේ ).
ReplyDeleteසල්ලි ගන්නවනම් පුලුවන් තරම් ටෙලර් මැශින් එකකින් ගන්න. ඒවගෙන් හොරසල්ලි ඩෙටෙක්ට් කරනවා.
එකදාස් නමසිය බර ගණන් වලදී මට ආවනේ 500යේ හොර නෝට්ටුවක්... දානේ ගෙදරකට ගෙනියන්න කියලා එළවලු වගයක් පොලෙන් අරන් 1000ක් දීලා ඉතිරි සල්ලි වලට තමයි ආවේ ... සිනි ගන්න ගියාම ඒ කඩේ මාමා තමයි කිව්වේ හොර සල්ලියක් කියලා. පොලට ගිහින් දීපු එකාට කිව්වම ඌ වට්ටක්කා කපන්න තියෙන තඩි පිහිය ගත්තේ අතට .... මම සොරි අයියේ කියලා ඇවිල්ල... රෑ වෙනකම් ඉදලා ෂෙඩ් එකට දිලා පෙට්‍රල් ගැහැව්වා .... පොබ්ලම් එක සේටල්
Deleteඅනිවාර්යෙන්ම ඇල්බන් ගොයියො....අඩුම තරමෙ ලේසර් ප්‍රින්ටරයක් ටැස්ට් කොරන්න නෝට්ටුවක් ස්කෑන් කරලා ප්‍රින්ට් අවුට් එකක් අරන් තිබ්බත් සෙට්ට පෝච්චි තමා....මම දන්න එකෙක් ඔය වැඩේ කරලා උගෙ බාප්පා ඌට දුන්න කනේ පාරට පස්සෙ මොළේ පෑදිලා තිබුනා.
Deleteහපොයි අහිංසකයා.....
ReplyDeleteකාඩ් එකෙන්ම සල්ලි ගත්තනම් හරි.. බැංකු උනත් විශ්වාස කරන්න හොදනෑ...
ජ ය වේ වා !!!!
එකනේ කියන්නේ
Deleteපොඩ්ඩක් සැලකිල්ලෙන් අතපත ගාල බැලුවොත් අපිට හොර සල්ලි අඳුර ගන්න බැරිද? ටෙලර් මැශින් එන සල්ලි හොර ඒවා වෙන්නේ නෑ කියල ෂුවර් ද මම නම් ගොඩක් වෙලාවට සල්ලි අතට ගත්ත ගමන් පොඩ්ඩක් අතපත ගාල බලනවා වෙනසක් තියෙනවද කියල..
ReplyDeleteමේ මනුස්සයට වෙච්ච දේ ගැන නම් කියල වැඩක් නෑ... අපිටත් ඉතින් ඔයවගේ හෙන කොයි වෙලේ කඩාපාත් වෙයි ද දන්නේ නෑ..
පැතුමා මෙහෙනම් ෂුවර් atm එකෙන් හොර සල්ලි එන්නේ නෑ කියලා.... එක නිසා සල්ලි ගත්ත ගමන් එළියේ තියාන අතපත ගගා ඉන්නේ නැතුව ඉක්මනට සාක්කුවේ දාගනින් .... නැත්නම් මෙහෙ ඉන්නවා atm එකේ ඉඳලා එලියට එනකොටම අපේ අතේ තියෙන සල්ලි එයාලගේ කියලා හිතලා වැරදිලා උදුරාගෙන යන අයියලා..... දන්නවනේ
Deleteමැලේසියාවෙ තියෙන වටිනාකමින් වැඩිම නෝට්ටුව රිංගිට් 100, ඒ කියන්නෙ දළ වශයෙන් රුපියල් 4000/- මේ නෝට්ටුව අපි ගණුදෙනුවකදි දුන්නම සුපිරි වෙළදසැල් වල අය නෝට්ටු හොරද නැද්ද කියලා චෙක් කරන පොඩි අයිටම් එකකට අල්ලනවා...ඊට පස්සෙයි ඉතුරු සල්ලි දෙන්නෙ.
Deleteඇත්තටම මේ සිද්දිය ගැන කියවලා මටත් දැනුනේ පුදුම අනාරක්ෂිත බවක්. උඹ නලීන්ට දීලා තියෙන උත්තරේ මම දැක්කා. ඒ මැෂීන් එකට පුලුවන්ද ඕනෙම කරන්සි එකක් හොඳ එකක්ද කියලා ඩිටෙක්ට් කරන්න? එතකොට
ReplyDeleteATM එකකින් ඔහොම වෙන්න ඉඩක් නැද්ද?
කෝ බං අද අපේ බැංකුවෝ ටික මේ ගැන කතා කරන්න?
ලංකාවේ බැංකු කාරයෙක්ම තමයි මට කිව්වේ ඒ මැෂිමට පුළුවන් කියලා.... මෙහෙ සල්ලිවලනම් තියෙනවා අර ඉලෙක්ට්‍රොමැග්නටික් ලේයර් එක තාම එකනම් හොරට ගහන්න බැරි නිසා මෙහෙ ATM සහ කවුන්ටර් මැෂින් වලින් හොර සල්ලි ඩිටෙක්ට් කරනවා අපි එක කොලයක් බැංකුවේ ඩිපොසිට් කරන්න ගියත් මෙයාල එක කවුන්ටර් මැෂින් එකේ වටයක් කරකවලා තමයි ගන්නේ ....
Deleteබලමු සුදිකටවත් මෙලක් දාලා උපදෙසක් දෙන්න කියලා
ඇයි ඩූඩ් මැසිමෙන් සල්ලි ගන්න බය වෙන්න එපා කියලා උඩ කියලා තියෙන්නේ බැංකු කාරයෙක් තමයි
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමට පුදුම දුකක් හිතුනෙ සාන්ත ගැන...පහුගිය ආත්මෙක මිනිහා කාට හරි ගිණි ගෙඩියක් දෙන්න ඇති. බලන්න අපේ රටේ නීති පද්ධතිය හදලා තියෙන්නෙ මිනිස්සු යහමගට ගන්න නෙමෙයි. නැත්තටම නැති කරලා දාන්න...ඇත්තටම 4 වෙනි තට්ටුවට ගෙනිහිං ලාච්චුවට තියලා තද කරලද ?
ReplyDeleteලාච්චුවට ඇල්ලුවමයි කියලා සාන්ත තමයි කිව්වේ .... මම බලන්න ගියේ නම් නැ ..... :D
Deleteමේ වගේ දෙයක් නං මුස්ලිම් කඩේකට දුන්නත් වෙන්න පුළුවන්.. නමුත් මෙතන වරද නීතිය රකින මහතුන්ගේ.. මහතුන්ට තිබ්බා පොඩ්ඩක් හොයන්න.. ඔය හොයන්නේ රත්තරන් බඩු කඩ කඩාපු එවුන්ගේ ටීෂට් එකේ පාටෙන් මොන කොහේ කවුද කියල.. ඊට පස්සේ ඌ කරන්න හිටිය ඊළග හොරකමත් කියන්නේ ආන්න ඒ වගේ.
ReplyDelete"නමුත් මෙතන වරද නීතිය රකින මහතුන්ගේ.."
Deleteනිතිය එහෙම එකක් ලංකාවේ තියෙනවද බන්
මම නං කොරන්නේ ඉස්සෙල්ලම හිරේ ඉඳං ආව ගමං ගිහිල්ලා අර සිංහල කඩ කාරයගේ අ$## %$$වා ,!!!!!
ReplyDeleteඊට පස්සේ මැලේසියා එනවා.
මම දැනගත්තා උබ කොමෙන්ටුව දාන්න පරක්කුවෙනකොට සුවර් එකටම කඩ කාරයා හොයනවා ඇති කියලා
Deleteissaromada koheda male katha kiyawanne
ReplyDeleteCool and that i have a nifty proposal: How Much House Renovation Cost house renovation before and after
ReplyDelete