මම S. L. මැලේ රාළ

මම ලංකාවේ පොරක් මැලේසියාවේ ජොබක් කරන.... මට මේක ලියන්න හිතුනේ අනික් බ්ලොග් කියවල ඒවා දැක්කම මෙහෙවෙන දේවල් අනික් කට්ටියටත් දැන කියාගන්න කියල තමයි .

අවූරුදු ගානක් තිස්සේ මෙහෙ ඉදන් අහපු දැකපු, සිද්ද උන හා දැනටත් සිද්දවෙමින් පවතින දේවල් තමයි මම ඔයාලට කියන්න යන්නේ ඕන්.....

Monday 9 February 2015

එන්ටර් ද ඩ්‍රගන් සිංහලෙන් එවන්නද නයා...............

පලවෙනි රුප රාමුව 


    ඔන්න පසුගිය අගෝස්තුවේ අන්තිම හරියේ දවසක රාළයා උදේ පාන්දර එකොළහයි පනස් පහට විතර වැඩට එනකොට,  ඔපිසිය ඉස්සරහම ඉන්නවා මහම මහා එකා!!!.....
   මම ඇතුලට එනකොටම මෙන්න මේකා අහපි 

"ඈ බොල රාළයෝ උබ දැන්ද වැඩට එන්නේ අයිතිකාරයා වෙච්චි මමත් උදේ නමයට මෙතන දැන් වෙලාව කියාද බොල වැඩට එන්න ??"  කියලා

   මේක අහල අසුහාරදාහට තද වෙච්ච මම ඇහැව්වා ඔයාට වගේද මට කොච්චර වැඩ තියෙනවද කොරන්න???  කියලා..... එකට එකසිය හැටඅට දාහට තද වෙච්ච බොසා කියපි හරි එහෙනම් උබකරන වැඩ ටික කොලයක ලියලා මට පෙන්නපන්කෝ බලන්න කියලා....   

දෙවැනි රුප රාමුව 


හරි හරි කියල පුටුවේ වාඩිවෙලා  මම දස අතේ කල්පනා කෙරුවා මොනවද යකඩෝ උදේ ඉඳන් හවස් වෙනකම් මම මේ ඔපීසියේ කොරන්නේ කියලා.... ඔහෙලට කියන්න මෙයාලා දවස් දෙකක් කල්පනා කොරලත් බැරි උනානේ ඔය කොලයට එක වැඩක් කියලා හරියට ලියා ගන්න. බලන් ගියාම මම වැඩක් කියලා දෙයක් කරලම නැනේ. (බ්ලොග් බලනවා ඇරෙන්න)

තුන්වන රුප රාමුව 

     ඔන්න දවස් දෙකකට පස්සේ බොසා මාව අල්ල ගත්තා, කර මුලින්ම කිව්වා මම දන්නවා බෝල තෝ මෙතන කොච්චර වැඩ කරත් ලියන්න තරම් වැඩක් උබෙන් වෙන්නේ නෑ කියලා......... මම ඉන්නවා දැන් ඊළඟට මොකද වෙන්නේ කියලා බලාගෙන 

ඊළඟට බොසා කියපි හරි කොමද පිලිවලට වැඩක් කරන්නේ කියලා බොට ඉගෙන ගන්න මම තෝව යවනවා පිට රටක ට්‍රේනින් එකකට මාස හතරකට, පහකට, ගිහිල්ලා ලැහැස්ති වෙලා වර .......

දේව කාරියට ඉහලින් රාජකාරියට සලකන අපි ඔන්න ලැහැස්ති වෙලා බලාන හිටියා ලොක්ක පිටරට යවනකම් ට්‍රේනින් එකට 


හතරවන රුප රාමුව (ඔන්න මෙතන ඉඳන් තමයි කතාව ඈ........)

 ඔන්න ලොක්කා ඊළඟට මාව ලෝකයේ තියෙන හොඳම ප්ලේන් එකකින් යැව්වා වැඩිදුර අද්ද්යාපනෙට ස්වාසිලන්තයට. හප්පා නාඩියා  ගිය රට වගේ නොම මේකය රට. මම ඒ රටේ ගතකොරපු කාලය මගේ ජිවිතයේ හොඳම කාලයයි....

    එත් ඒ මාගේ ජිවිතයේ හොඳම කාලය එසේ ගත කොරද්දී මට මාගේ බ්ලෝග ලියන්න අමතක විය. වෙලාවක් නැති විය. එය එතරම් සුවිසේෂි කාලයකි. එත් අද මම මේ පොස්ට් එක ලියන්න ගත්තේ අර හැලපයා  වගේ, මාගේ ඒ ගමනේ පුරාජෙරුව කියන්න නොමේය.  මා බ්ලෝග නොලිව නිසා අර අරූ අයියා වගේ  අප අවට සාමාජයේ සිදුව ඇති කනගාටුදායක සිදුවීම් දැකලාය.

 බලන්න මම බ්ලෝග නොලිව නිසා කෙන්ජා අයියාද බෝග දාන එක නැවත්තුවේය. ඒ පස්සෙන් ගිය ඕමා ද වැඩේ අත්හැරියේය ... හොඳට හිටිය මාතලන් දේශපාලන පිස්සෙක් උනේය. සියල්ල එපා වෙච්ච මදුරංග  කසාද බැන්දේය. 

 තව කියනවනම් මගේ බ්ලෝග නැති සංකාවෙන් සෑමා අර අහිංසක රෝස මලක් වගේ ඉන්න අටමට අයුතු යෝජනාවක් කරලාය. එක දැක්ක මු වැවට පැන්නේය. තවද වයස ගැන හිතන්නේ නැතිව රාජ් බෝතල් ඇනොව කසාද බැන්දේය. එකෙන් උනේ අනික් උන්ට ආතල් කොමෙන්ට් එකක්වත් බලන්න නැති වීමය.  ඒ විතරක්නම් බැරිය අර ත්‍රි බාසා ප්‍රසන්න  මෙන්න මේ අහිංසකයාට  ලිංගික අතවරයක් කරලය. අනේ එක බ්ලොගක් නැති පමණින් සමාජයේ වෙන අකටයුතුකම්..... 

   කියවන්න මගේ බ්ලොග නැතිනිසා  මු රස්සාවට පයින් ගසා ගෙදර එන්න පිටත් උනේය. එක දැන ගත්ත මේ යකා උගේ පැට්ටරියට එහෙන් කෑලි පනහක සාම්පල් පෙට්ටියක් අර ගෙන එන්න කිවේය. එක එන ගමන් ම දීගෙන එන්නේ නැතුව ගෙදර ගෙනාපු නිසා නෝනා එක දැකලා ඒ අහින්සකයව සම්පුර්නයෙන්ම සිර භාරයට අරන්, දැඩි දඬුවම් දිදී තාමත් ප්‍රශ්න කරනවලු කාටද මේවා ගෙනාවේ කියලා... 

  ඒ විතරක්නම් නොවේය මේ බ්ලෝග නොලියවෙන නිසා මේ අපේ මාමාගේ නෝනා මෙයාට ලාග්ග අඳින එකත් තහනම් කෝරලය. ඒ මදිවට මේ ලොකු අයියව වාරය රස්සාවෙන් එලියට දාලා  ළිං මැඩියෙකු කරලා තියෙන්නේ ලඟින් බිත්තියකුත් ගහලාය. ඒ වගේම මෙයත් ඩෙනිම ඉරාගෙන කියලා තමයි ආරංචිය. 

   ආ තව බිඳෙන් අමතක වෙනවාය මගේ බ්ලෝග නැති නිසා හොඳම දේ වෙලා තියෙන්නේ අපේ රුසියානුවාටය එනම් පොරට ලිංග විපර්යාසයක් වෙලා මේ වගේ ගැල්ලමයෙක් වෙලාලුය.. ඒ මදිවට මෙයත් ගෙට වෙලාලුය.

තව ගොඩක් අය මල දානයක් වත් නැතිව එක එක විදියට තේ හදා ගෙන පාළු සුසාන වල ඉන්න යක්කු වගේ ඉන්නවලුය  .  මගේ බ්ලෝග නැති නිසා කුරුල්ලන්ටත් සම්මාන හම්බවෙලා කියලා මෙන්න මෙයාත් අඬ අඬ ඉන්නවාය........... 

   මම බ්ලෝග නොලිව නිසා කොටින්ම කියනවනම් සෙනසුරාත් යන්න ගියා ගිය දෙසැම්බර් වල හිටපු තැනින්.... ඒ විතරක්යැ තව අවුරුදු දෙකක් තියෙද්දී රාජපක්ෂ රජකමත් අතැරියයි කිව්වම... තව මොනවද කථා ...

   මෙච්චර දේවල් වෙනවා බලාගෙන මට තව දුරටත් මේක නොලියා ඉන්න බෑ.... ඒ නිසා අපේ බොසාට කුද ගහගන්න කියලා මම ට්‍රේනින් එක පැත්තකට දාලා ඔන්න ආයෙත් බෝග දාන්න හිතුවා 

හෙට ඉඳන් හිරු  පැව්වත් නැතත්, මොන පාටක් දා ගෙන හරි මම බෝග ලියන එක ඕන් ඉතින් ඉන්සුරන්ස් එකටත් වැඩිය සුවර් තමයි....

මාස පහක් තිස්සේ අඬ අඬ ගේට්ටුව ලඟට වෙලා ඉන්න කුමාරිගෙන් කුමාර ඇහැව්වේ මොකද්ද කියලා ඒ කියන්නේ මගේ තුනේ දෙක උඹලාට තව නොබෝ දිනකින්ම බලාගත්තාකි ඕන්.....

එහෙනම් බොලාලා පහලින් ඔය පුළු පුළුවන් හැටියකට මඩ හොදාගෙන බලන් ඉඳපල්ලකෝ.....................!!!!!!!