මම S. L. මැලේ රාළ

මම ලංකාවේ පොරක් මැලේසියාවේ ජොබක් කරන.... මට මේක ලියන්න හිතුනේ අනික් බ්ලොග් කියවල ඒවා දැක්කම මෙහෙවෙන දේවල් අනික් කට්ටියටත් දැන කියාගන්න කියල තමයි .

අවූරුදු ගානක් තිස්සේ මෙහෙ ඉදන් අහපු දැකපු, සිද්ද උන හා දැනටත් සිද්දවෙමින් පවතින දේවල් තමයි මම ඔයාලට කියන්න යන්නේ ඕන්.....

Friday 23 July 2021

විද්‍යාව සහ බුදුදහම

  අද ඇසළ පෝයයි. අපිට දැන් දැන් එය වටින්නේ අද දිනය රජයේ නිවාඩුවක් නිසාය. ඒක සිකුරාදාවක් හෝ සදුදාවක් වෙනවානම් පෝය වටිනාකම බොහොමත් ඉහලය. කොරෝන නොතිබුනානම් අද වැනි දවසක බෞද්ධ අපි දවස් තුනක ට්‍රිප් එකක් ගොස්, පෝය උඩින්ම සමරන්න තිබුණාය.

  එක දිගටම වැඩ කරන මිනිස්සුන්ට  විද්‍යාවට අනුවනම් එහෙම විවේකයක් , විනොදයක් අතයවශයය. එත් නිර්මල බුදුදහමට අනුවනම් එවැනි විවේකයක් අවශ්‍ය නැත. ඒ කොහොමද  ඒහෙම වෙන්නේ කියලා අපි කතා කරමු.

  ඇත්තෙන්ම ගෞතම බුදුන් ලොව පහල වී දැන් අවුරුදු 2600කට වැඩිය. උන් වහන්සේ දෙසු දහමෙන් අපි, අපිට ඕන කරන කොටස් විතරක්, අපිට පුළුවන් තරමින්, පුළුවන් කමක් තිබුනොත් විතරක් අනුගමනය කරනවාය. අන්න ඒ විදියට අනුගමනය කරලා අපි ලෝකයේ බෞද්ධ රටක් හැටියට අපේ ලොකුකම පාරම්බාමින් සිටිනවාය. 

  එතකොට අපි අර අතහරින එහෙමත් නැත්නම් මහහරින වත් පිළිවෙත්, එහෙම මගහැරීම සාධාරණ කරන හේතු, විද්‍යාත්මකව සාක්ෂි, සාධක, පර්යේෂණ , නිරීක්ෂණ ආදියෙන් තහවුරු කරනවාය. තව පැහැදිලි කරනවානම් එදා බුදුන් වදාළ ධර්මයට වඩා අද විද්‍යාව දියුණු බැවින්, බොහෝ ධර්මයන් අදට වලංගු නොවන බව ඔප්පු කරමින් සිටිනවාය. 

  වැඩේ කියන්නේ ඒ ඒ ධර්මතාවයන්ගේ වලංගු භාවය විද්‍යාත්මක පර්යේෂණ මගීන් තවුරුකරගන්න යනවාය. එසේ අද තහවුරු වුනු ඒවා ධර්මය වන අතර නොවන ඒවා අධර්මයන්ය. ඒ කියනේ අද බුදුදහම අබිබවා විද්‍යාව ඉදිරියට එනවා වගේ පේනවාය.

  ඔන්න දැන් තමයි වැඩේ. දැන් මේක කියවන ගොඩක් දෙනාට හිතෙන්නේ, නෑ එහෙම එකක් නෑ මේ රාලගේ මනස්ගාතයක් කියාය. එත් පොඩ්ඩක් කියවන්න ඔබ උපතින්  බෞද්ධයෙක් වුවත් ඔබගේ දිනචාරියාව කෙතරම් දුරට බුදුදහමට අනුගතද  කියා ?  තවත් ලෙහෙසියෙන්ම පහදනවානම් බුදුන් වහන්සේ ගිහියෙකුට තම දිවිය ගොඩනැංවීම සදහා පෙන්වාදුන් ප්‍රධාන මග පෙන්වීම් දෙකක් ගමු. එක දිනපතා පන්සිල් රැකීම හා දෙවනුව අටලොදහමේ නොසැලී සිටීම. 

  අද මේ පුන් පොහොය දිනයේ විනාඩි දහයක් විවේකි මනසින් සිතා බලන්න, දිනකට කී වරක්, ඔබ පන්සිල් පද කියක් බිද දමනවාද කියා ? ඊ ලගට අටලොදහමේ නොසැලිම කෙසේ වෙතත්, එහි ඈලි ගැලී ඔබ කොතරම් චිත්ත දෝමනස්සයන්ට හසුවෙනවද කියා ?

  ඔන්න ඉතින් හිතුවට පස්සේ තමන්ගේ තරම දැන ගත්තාම ඊ ලගට හිතෙන්නේ  අනේ මේ ගොන් රාළයා කිව්වට අපි කොහොමැයි ඉදලා හිටලා වත් සොට් එකක් දාන්නේ නැතුව ඉන්නේ?  නැත්නම් අරින් වැඩක් හොරෙන් කරලා (තුන්වෙනි සිල් පදේ) නිකං ලැබෙන ආතල් එකක් නොගෙන ඉන්නේ?  ඒ හොර වැඩ කරලා, එක වහන්න බොරු නොකියා ඉන්නේ? (ඔන්න ඔහොමයි පන්සිල් කඩන්නේ )  

  ඒ විතරක්ද වටේ ඉන්න එකම  සිස්ස්ත්වේ පාස් ළමයා  ගැන කියලා, ඊටත් වඩා ලකුණු අරන් පාස් වෙන්න ඕනා කියා කියා තමන්ගේ ළමයින්ගේ ඔලුවට නොදා  ඉන්නේ ? එහෙම දගලලා දගලලා පාස් උන ළමයාගේ රිසාල්ට් ෂිට් එක පොටෝ ගහලා ෆේස්බුක් දාලා දගලන්නේ නැතුව ඉන්නේ? තමන්ගේ හොදම යහළුවාගේ ෆ්‍රී ශුට් එකට වඩා වැඩියෙන් එළියේ දාගෙන  එකක් කරලා ඉන්ටනෙට් දාන්න. තව හනිමුන් පිටරටක ගිහින් පොටෝ ගහලා ඒවා ෆේස්බුක් දාලා අනික් අයට පිස්සු හදවන්න. වගේ ලොකු ලිස්ට් ඒකක් මම ලියනවට වඩා හොදින්  ඔයාලටම මතක් කර ගන්න පුළුවන් නේද? පේනවද අටලොදහමේ තම තමන් අලි ගැලී ඇති විදිය ?

  ඈත්තෙන්ම ඔබට විතරක් නෙවි මටත් මේ පන්සිල් රැකගෙන, අටලොදහමේ නොසැලී සිටින්න බැරිවී තිබෙන්නේ ඇයි කියලා කියන්න තමයි මම මේ ලිපිය අද ලියන්න හිතුවේ. 

  අපිට එහෙම වෙලා තියෙන්නේ බටහිර අධ්‍යන ක්‍රමයට අනුව හැම දෙයක්ම අප අවට, අපට පෙනෙන, නිරීක්ෂණ, පර්යේෂණ, අනුව තීරන ගන්න කියන විද්‍යාත්මක රාමුවක අපිව හිර කල නිසයි. ඇත්තෙන්ම මගේ පෞද්ගලික අදහස  සුද්දෝ මෙක හිතාමතාම අපිට අටවපු උගුලක් කියලයි. මොකද සුද්දෝ එන්නට කලින් ඉදන්ම, හොද අධ්‍යාපන ක්‍රමයක්, දියුණු තාක්ෂණික ක්‍රම වේදයන් හා අද වෙනකොට විද්‍යාවෙන් පවා පැහැදිලි කල නොහැකි නිර්මාණ රාශියක්, අප සතුව තියෙනවා. නිකමටවත් හිතන්නේ නැත්තේ ඇයි අද අපිට එවැනි නිර්මාණ බිහිකරන්න බැරි ඇයි කියලා?

 එදා ඒ නිර්මාණ කරපු අපේ ආදී කාලින හෙළයා  පංසිල් රකින, අටලෝ දහමේ නොසැලෙන බොහොම තෘප්තිමත්, විවෙකශීලි ජිවිතයක් විඳපු කෙනෙක්. ඔවුන් ලද දෙයින් සතුටුවන, නිදහස උපරිමයෙන් විදිමින් ලෝකයට පුදුම සහගත නිර්මාණ එකතුකරන ලද අයයි. ඒ හැම නිර්මානයක පිටුපසම ඔවුන්ට මගපෙන්වුයේ බුද්ධ මාර්ගයයි. දැන් ඔබට පැනයක් ගොඩනැගෙන්න පුළුවන් බුදුහාමුදුරුවෝ කොයි සුත්‍රයේද දාගැබ් මහා වැව් හදන්න කියලා දුන්නේ කියලා ?

  ඇත්තෙන්ම බුදුන් පෙන්වුයේ ඒ මහා නිර්මාණ බිහිකිරීමට අවශ්‍ය දැනුම ලබාගත හැකි ධාන්‍ය වඩවනා ක්‍රමයයි. එමගින් විශ්වදැනුම ඔබ සතු කර ගන්නා ක්‍රමයයි. උන් වහන්සේ වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙනුත්  ඔප්පු කර පෙන්වා තිබියදීත්, සුද්දාගේ අධ්‍යනයට රැවටුන අපි අච්චු පොතේ  තියෙන දේ  පමණක් ඉගෙන ගනිමින්, කටපාඩම් කරමින්, මහා විද්වතුන් වෙන්න දගලයි.

 නිකමට සිතන්න අසුදහසක් වූ ධර්ම  ස්කන්ධයක්  දේශනා කර වදාරන්නට උන්වහන්සේට දැනුම ලැබුනේ කුමණ අධ්‍යන ක්‍රමයකින්, කුමණ අචාර්යවරයෙකුගෙන් හෝ  කුමන විශ්වවිදයලයකින්ද ? ඒ කිසිවකින්වත් නොව, භාවනාව මගින් වඩවා ගත් ධ්‍යාන ශක්තියෙන්, මේ මහා විශ්වයෙන්ප, විශ්ව ශක්තියෙන්ම පමණක් මය. 

  නැවතන් ලිපියේ මුල සහ අග සම්බන්ද කරනවානම්, ඔබ පස් පවින් වැලකි, අටලොදහමෙන් සැනහී සිටිත්නම් ඔබට රජයේ නිවාඩු අවශ්‍ය නොවන අතර විවේකය ඔබට නිතැතින්ම උරුමය. ඒ විවේකය ඔබ නියමාකාර නිවුණු මනසකට මග පාදනවා නිසැකය. නිවුණු මනසක ඇති නිස්කලංක භාවය,  නිතැතින්ම භාවනාවක්ය. ඒ භාවනාව ඔබගේ මනස ශක්තිමත් කරන අතර එම ශක්තිමත් මනස ඔබට ධ්‍යාන වැඩිම පහසු කරන්වාමය. එම ධ්‍යාන ශක්තිය, නිසි ආකාරව හසුරවන විට  විශ්වය ඔබට අවශ්‍ය ඕනෑම දෑනුමක් ලබාදෙනු නොඅනුමානය. එසේ ලාබාගත් දැනුමින් අප මුතුන් මිතිතන් කල නිර්මාණ අදටත් විද්‍යාවට මැජික්ය. 

  ඔබට අලුතෙන් පටන් ගැනීමට අවශ්‍යනම් කවදාවත් ප්‍රමාද නැත. පළමුව කල යුත්තේ පස්පව් කැඩීමට විද්‍යාත්මක හේතු නොසොයා, ඒවා රැකීමට සිත සංවර කල හැකිමාර්ග සෙවීමය. පස්පවින් වැළකෙන විට ඔබ  නිතැතින්ම අටලොදහමේ නොසැලිසිටින්නෙකු බවට පත්වෙනවාය
. ඉන් ඉදිරිය ඉතාමත් පහසුය.  

සිත පහන් හැගුමන් පුබුදුවන සුවබර පොහොය දිනයක් වේවා!!

  කෙටි ලිපියකින් පැහැදිලි කරන්ට තරමක් අපහසු උනත් ලියු දේ තරමක් හෝ තේරුම් ගන්න ඈතයි සිතමි. නොතේරුණු යමක් වේනම් පහලින් අසනු මැනවි!   

  

1 comment:

  1. යකෝ මේක කවුරුවත් දැක්කේ නැත්ද ? මට කියන්න තියෙන්නේ එක දෙයයි. බුදුදහම සිත අරභයා දේශනා කළ එකක්. ඔය භෞතික හැම මගුලක්ම මුළින්ම කෙරෙන්නේ හිතෙන්නේ. හිත සංවර නම් ගත සංවර කරන එකක් වැඩක් නෙවෙයි. අනිත් හැම ආගමම වගේම භෞතික දේ පදනම් කරගෙන කරපුවා, හින්දු ආගම ඇරුණම(දාන්න විදියට ධ්‍යාන එහෙම තියෙනවනේ). ඉතිං ඔය බෞතික දේ එක්ක වඩා ගැලපෙන අනික් මගුල තමයි විද්‍යාව. බටහිර විද්‍යාව තනි බොරුවක් කියළා, මහාචාර්ය නලින් ද සිල්වා කියන්නේ, එසම්ප්ෂන් නැතිව විද්‍යාවේ කිසිම දෙයක් සත්‍ය නෑ. උදාහරණයකට ගුරුත්වාකර්ෂණය ඒක ලංකාවේදී එක අගයක්, එවරස්ට් ගියොත් තව අගයක්. ලෝකේ රටවල් අතරත් එහෙමයි. ඉතිං ගුරුත්වය පදනම් කරළා අපි හදපු ගණන් ඔක්කොම බොරුනේ. ඒ වගේම හැම විද්‍යාවකම මේ වගේ එසම්ප්ෂන්ස් තියෙනවා. කෙටියෙන් එහෙමයි. ඇත්තටම මනස විවේකයෙන් තියං ඉන්නවනම් ගතත් විවේකයි. ඉස්සර අපේ ගැමියා, උදේ ඉඳලා හවස දෙක විතර වෙනකං හේනේ වැඩ කරළා, හවස වැව් දාගැබ් හදන වැඩ කරළා, එක්කෝ පන්සලේ ගත කරළා, හවස හතට විතර ඇල වෙනවා. පැය හතක අටක නින්ද? දැන් අපි එහෙමද මට ඇද ඇහැරුණේ 1:05ට දැන් වෙලා 3:20 විතර. නිදියන් තියෙන්නේ පැය තුනක් හතරක් විතර.

    ReplyDelete