මම S. L. මැලේ රාළ

මම ලංකාවේ පොරක් මැලේසියාවේ ජොබක් කරන.... මට මේක ලියන්න හිතුනේ අනික් බ්ලොග් කියවල ඒවා දැක්කම මෙහෙවෙන දේවල් අනික් කට්ටියටත් දැන කියාගන්න කියල තමයි .

අවූරුදු ගානක් තිස්සේ මෙහෙ ඉදන් අහපු දැකපු, සිද්ද උන හා දැනටත් සිද්දවෙමින් පවතින දේවල් තමයි මම ඔයාලට කියන්න යන්නේ ඕන්.....

Wednesday 15 April 2020

තාම කොරෝනා..........




ඉතීම් කොමද ඔයායිලාට......
කට්ටිය ස්ටේ හෝම් එකට වෙලා ගෙවල් වල හොදින් ඇතැයි සිතමි.....

එත් බොලාට කියන්න ඊයේ ... ඔව් මේ ඊයේ ...
මට කෑල්ලක් කිව්වනේ යන්න තියෙනවනම් යන්නම වෙනවා බම් .... කියලා...

ඉතීම් මම හිතුවා ගෙදර හිටියට වැඩක් නෑ , හදිසියේ වත් යන්න උනොත්, ඊට කලින්
දන්නා කොමිටල් ටික උබලට කියලා දාන්න ඕනා කියලා.....

එහෙනම් ඔන්න මම දන්න , බොලා නොදන්නා දේවල් දහයක් පහල ලියලා තියෙනවා බෝලාලාගේ  දැනගැනීමට.....

එක . බොලාට කවදාවත් බෝලාගේම කන් දකින්න බෑ කන්නාඩියක් නැතුව...
දෙක . බොලාට කවමදාවත් බෝලාලාගෙම කොන්ඩ ගස් ටික ගැනලා ඉවරකරන්න බෑ

 කොමද වැඩේ .... තේරෙනවද දැන් බෑ නේ ,... බෑනේ ..... තව තියෙනවා...

තුන. තමන්ගේ දිව.... ඔව් ඔය කටේ මැද්දේ තියෙන එක තමයි .. සම්පුර්ණයෙන්ම එලියට දාගෙන නහයෙන් හුස්ම ගන්න බෑ ..... මොනවද ඔට්ටු ??
හතර. දැන් උබලා ට්‍රයි කොරනවා තුන්වෙනියට තියෙන එක කරන්න .....
හය . එකට ට්‍රයි කරනකොට  තේරෙනවා එක කරන්න පුළුවන් කියලා .... එත් එතකොට බොලාලාගේ මුණු හරියට බල්ලෝන්ගේ  වගේ...😂😂😂
හත. උබලාට දැන් හිනායනවා... මොකද රාළගේ මෝඩ ජෝක් වලට අහුඋන නිසා....
අට. උබලට ඒ අව්අස්සේ පහ මග ඇරෙනවා...
නමය. දැන් බොලා පහ හොයනවා......
දහය. මෙතන පහ නෑ ..... ඒ කියන්නේ උබලා අයෙත් අහුවෙලාද මන්දා

එකොළහ. ගෙවල් අස්සටම වෙලා ඉන්න උබලට පොඩි ජෝක් එකක් දැම්මේ... මතක තියා ගනිල්ලා .... මේ දවස්වල දන්නා හා නොදන්නා එවුන්ලාගේ ජෝක් මෙතැන පිරිලා...

ඒ හැම එකක්ම ඔලුවට දාගන්න එපල්ලා..... මොකද කොරෝනා අපිට දෙන්න පුළුවන් වදටික ඔක්කොම දීලා තව ටික දොහකින් යන්නම යයි... එත් මතක තියා ගනිල්ලා මී පැතිරීගෙන යන ආගම් වාදය , ජාතිවාදය එහෙම ලීසියෙන් යන එකක් නං නෑ ...  සමහරවිට සදහටම අපිත් එක්ක ඉදිවී.....  එහෙම උනොත් වෙනදේ මම හිතන්නී මෙතන බොරුවට මම ලියන්න ඕනේ නෑ

ඒ නිසා දැන්වත්  තමන් අදහන හෝ නොඅදහන දෙවිගොල්ලන්ගේ නාමයෙන් මනුස්සයෝ වගේ විතරක් හිතන්න උත්සහ ගනිල්ලා........

ඒ හෙනම් මම ගියාවේ.....



4 comments:

  1. කොරෝනා හැදුනා වගේ :D

    සුබ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මචෝ...... තාමත් උබලා ඉන්නවා නේද............ :)

      Delete
  2. ආ... උඹ ලියල නේද? ඇඟ බේරගන්ඩ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඇයි මොකෝ උබ......? වළලනවා බලාගනින්....... ආ . ... නෑ වැරදුණා වළලලා තියෙන තැනකින් එලියට ගන්නවා...... එනවා මෙතන පද හදන්න....

      Delete