මම S. L. මැලේ රාළ

මම ලංකාවේ පොරක් මැලේසියාවේ ජොබක් කරන.... මට මේක ලියන්න හිතුනේ අනික් බ්ලොග් කියවල ඒවා දැක්කම මෙහෙවෙන දේවල් අනික් කට්ටියටත් දැන කියාගන්න කියල තමයි .

අවූරුදු ගානක් තිස්සේ මෙහෙ ඉදන් අහපු දැකපු, සිද්ද උන හා දැනටත් සිද්දවෙමින් පවතින දේවල් තමයි මම ඔයාලට කියන්න යන්නේ ඕන්.....

Monday 13 April 2015

බ්ලොගර්ස්ලගේ අවූරුදු උත්සවේ කඩාකප්පල් කිරීමේ තැතක්......

 කව්ද ඩෝ බුරන්නේ ...........???    නරිද.... ? 


   රාලයට දැන් තමයි හරියට කොන්ෆොමේසන් කොරපු ඉන්ෆොමේසන් ආවේ..... මේ පාර බ්ලොග් වල කට්ටිය කරන්න යන අවූරුදු උත්සවය කඩාකප්පල් කරන්න මේ මැලේසියාවේ කට්ටියක් උත්සහ කරනවා.

 තව ටිකක් පැහැදිලිව කියනවනම් දැන් ඔය ලබන ඉරිදා බ්ලොගේ කට්ටිය තියෙන අවූරුදු උත්සවේට මැලේසියාවේ ඉන්න අටෝරාසියක් බ්ලොගස්ලා කාටවත් එන්න වෙන්නේ නෑ ඔන්.... 

   මොකද මැලේසියාවේ අව්රුදු උත්සවෙත් ඒ දවසටම මෙහෙ තියෙන නිසා...... නිකන් නෙවි උදේ අවූරුදු උත්සවයත් හවසට නරි බුරති කියන වේදිකා නාට්‍යයත් සමග..... 

    සෙල්ලන් නැනේ මේ සංවිධායකයෝ ටික 

 මේ පාරත් ගියවර වගේම ශ්‍රී ලංකා එක්ස්පැක්ට්‍රියෙට් ඇසොසියමේ ප්‍රධානත්වයෙන් හා තානාපති කාර්යාලයේ තානාපති තුමා ඇතුළු කාර්යමණ්ඩලයේ ප්‍රධාන අනුග්‍රහයෙන් බෞද්ධ මහා විහාරයේත්, සෙන්තුල් බෞද්ධ විහාරයත්, සේවක සුබසාදක සංගමයත් කියන කට්ටිය එකතු වෙලා තමයි මේ මහා කර්තව්‍යය කොරනවා කියන්නේ....

  එහෙනම් අප්‍රේල් දහනම වෙනිදා මැලේසියාවේ සිටින සියලුම ශ්‍රී ලාංකික දෙනා උදේ වරුවේ බ්රික්ෆිල්ඩ් නගරයේ DBKL ක්ලබ් සුකාන් කියන ක්‍රීඩා පිට්ටනියේදීත් හවස බෞද්ධ මහා විහාරයේ අශෝක ශාලාවේදී නරි බුරති සමගිනුත් එක්වන්නට එන්න අරාධනා කරමින් .... අදට මම ගියාවේ... 



  අපි සහබාගි නොව්නත් එකම දින පැවැත්වෙන බ්ලොග් අවුරුදු උත්සවය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියාත් ලබන්නාවූ සිංහල අලුත් අව්රුද්ද සියලු දෙනාගේ සියලු සිතුම් පැතුම් ඒ අයුරින්ම ඉෂ්ට සිද්ද වේවා කියාත් මැලේරාළ හෙවත් මැර කාකා ඉතසිතින් ප්‍රර්ථනා කරන වගයි.......... 

41 comments:

  1. ඔයාලගේ අවුරුදු උත්සවෙත් ලංකාවේ එකත් සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා...

    පෝස්ට් එක පුරාම අකුරු වැරදි තියෙනවා මල්ලි ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රර්ථනාවට
      අකුරු හරියට වදින්නේ නැත්තේ මේ ගුගල් දෙයියා කෙලින පිස්සු නිසා....
      පොඩ්ඩක් එහෙ මෙහෙ උනත් මොකද අක්කේ අදහස පැහැදිලියිනෙ

      Delete
  2. හුකා මූ උඹටත් මල්ලිද , පඩි ටෝක් දුන්නට මූත් හෙන ඇටයෙක්ද

    ReplyDelete
    Replies
    1. එයා නාකියි කියලා මම මොනවා කරන්නද බන් ........ එක ඇටයේක් නෙවි ඇට දෙකෙක් ඇයි මොකෝ උබ (අරුව දම්මලා ගේම දෙන්නේ) :)

      Delete
  3. අපි ඉතින් අවුරුදු උත්සව දෙකේම විස්තර පසුවට දැන ගන්න බලාගෙන ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. හරි ඒවා දෙන්නම් වෙලාවට

      Delete
  4. මම නම් රට ඉඳිද්දි ඕවට යන්නේ නෑ.. මොකෝ හැමදාම දැකපු ඉරිසියාව කුහක් කම, ජඩ කම, ගොන් වලි, පෙරේත කම්, ඇදකුද හෙවීම්, ඕපාදූප, කේලම්, ගෝත්‍රික නැටුම් ගැයුම්, කෑම බීම සහ අවසානයට පොලීසිය පැමිනෙන මහා වලිය..

    ඊට වඩා සැපයි හොඳ ආර්ට් එක්සිබිසොන් එකක් බලන එක.. නැත්නම් පාට් ටයිම් එකක් කරලා කීයක් හරි හොයාගෙන බොක්කෙ සෙට් එකත් එක්ක ආතල් එකක් ගන්නවා..

    ReplyDelete
    Replies
    1. පහු ගිය අවුරුදු හතරේම මෙහෙ සැලකියයුතු දෙයක්නම් උනේ නැ........... එත් සංවිධායකයෝ මේ පාර ක්‍රීඩා පිටියේ උත්සවය වරුවකට සිමා කරලා තියෙන්නේ ගියපාර පාසල් ක්‍රීඩා පිටියේ සම්පුර්ණ දවසම උත්සවය යද්දී අපේ කට්ටිය ඒ පාසලේම පන්තිකාමර ඇතුලට හොරෙන් රිංගලා ක්‍රීඩා පිටියට ගෙනියන්න තහනම් කරලා තිබ්බ බෝතල් පන්තිකාමර වල පාවිච්චි කරලා ඒ මදිවට කබරයත් දාලා හිස් බෝතලුත් එහෙම්ම තියෙන්න ඇරලා ගිය නිසා එම මැලේ පාසැල පසුවදා සම්පුර්ණයෙන් පිරිසිදු කරනකම් වසා දාලා එකේ දොශාරෝපනයත් සංවිධායකයින්ට විදින්න සිදුවූ නිසාලු............

      Delete
    2. ලොක්කගේ කතාව ඇත්ත . මාත් තනියම යනවා මිසක් අපේ අයත් එක්ක සෙට් වෙන දේවල් වලට යන්නෙම නෑ,, පළවෙනි වතාවේ ගියා නොදන්න කමට,

      Delete
  5. එම්බසියේ ඉන්න ආමි කාරයත් ඕකට එනවද රාලේ ? ඕකා එක්ක අපිට පොඩි ගනුදෙනුවක් තියෙනවා බේරගන්න ගියපාර අවූරුදු උත්සවේදී දාපු ආමි පාර්ට් එකකට

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නේ මම කියපු දේට උදාහරණයක්.. එක රටකදි, වෙනත් උත්සවයකදි ඇම්බැසිඩර් මගෙන් අහ ගත්තා ජීවිතේටම ඇති වෙන්න.. බෝධියක් හිටුවන්න සල්ලි ඉල්ලලා...

      Delete
    2. embasiye inna army karayaa me ratatath ape sinhala kamatath nigaa karana parayek.... muslim wechcha ambassador ta wedak karanna nodi mati gilina harak sinhalayo tikakuth alla gena hama deyakma wana karana paharayek..... kotinma okata lankaawatawath yaa ganna baruwa inne lankaawe karalaa thiyena pahara wada nisaa

      Delete
    3. Anonymous13 April 2015 at 10:53

      ඔය අර කියන්නේ අර උබලා පන්තිකාමර වල බිබී ඉන්නකොට බෝතල් කුඩු කරපු එක වෙන්න ඇති නේද..... බෝතලේ ගැනයි එකවුන්ට් නො එකකුයි මට මේල් කරපන් මම ඒ ගාන දෙන්නම් මොකටෙයි නිකන් ගැරඩි මරලා පව් සිද්ද කොර ගන්නේ

      Delete
    4. මාතේ උඩ කොමෙන්ටුව කියෙව්වම තේරෙනවා ඇතිනේ මොකද සිද්ද වෙන්න ඇත්තේ කියලා

      Delete
    5. ලොක්කා කියන්නේ ටෙලවිව් වල බෝධිය ගැන නම් 2013 අවුරුද්දේ අග ලංකා බැංකුවේ අයියලා මෙහෙ ඉන්න අක්කලා ට වැඳලා වැඳලා ඒ වැඩේ ගොඩ දාගත්තා .. මං නම් සතයක් වත් දුන්නේ නැහැ එයාලා ඉල්ලුවේ අමුතු ගැම්මකින් හින්දා,, ඒ වෙනුවට ආච්චි අම්මටයි සීයටයි සල්ලි යැවුවා

      Delete
    6. Anonymous13 April 2015 at 12:26
      ඇනෝ ඔයා කියන කතාවේ පිටිපස්සේ ලොකු කතන්දරයක් තියෙන්නේ එත් හරියට කරුණු කාරනා නොදැන මම ඒ ගැන කථා කරන්න කැමති නැ...... එත් හරි දේ හරියට දැනගත්තු දවසක ඒ කතාවත් මෙතන අනිවාර්යයෙන්ම තව පොස්ට් එකක් වෙයි

      Delete
    7. පිටිපස්සේ කතාවත් ඕකම තමයි සහෝ උබ දන්නවනේ කතාව ඒ නිසා එක මෙතන ලියපන් එතකොට කියවන මිනිස්සු තීරණය කරයි හරි වැරැද්ද

      Delete
    8. ඒ බෝධිය තමයි...

      Delete
  6. මතක ඇතිව හොඳ ෆොටෝ ටිකක් දාන්න ඉවර වුණාම.

    ReplyDelete
    Replies
    1. හරි එකනම් සුවර් එකට කොරන්නම්

      Delete
  7. අවුරුදු උත්සව දෙකම සාර්ථක වේවා !

    ReplyDelete
    Replies
    1. අඩෝව් දෙමළ නයන්නා ගුටි නොකා වර

      Delete
  8. අවුරුදු උත්සව දෙකටම ජය..!

    ReplyDelete
  9. මැලේ.................... මේ පැත්තට අාවේ නැතුවාට කමක් නැහැ... මෙහෙ අාවා කියලා උඹට ඉතින් බනිස් කෑමේ තරගයවත් බැලුම් පිපිරවීමේ තරගයවත් දිනා ගන්නට බෑනේ... අපරාදේ සල්ලි.... (ටිකට් වලට) ඒ නිසා මේ පාර කොහොමහරි මැලේසියාවම හොල්ලලා හොදම අැඩීම හරි විකට අැදුම් තරගය හරි දිනාගන්න බලමු..... අපේ නමත් (බ්ලොගර්ස්ලාගේ) රැකගෙන චරිතයත් රැකගෙන වැඩ කරන්න මතක තියාගන්න ඔ්න හරිද??????

    ReplyDelete
    Replies
    1. බය වෙන්න එපා මාමේ කොල්ලා ජාමේ බේරාගෙන වෙන එකෙක් දිනපු තෑග්ගක් හරි ගෙදර අරගෙන එන්නම්කෝ

      Delete
  10. සුභ අලුත් අවුරුද්දක් වේවා...
    අවුරුදු උත්සවේ විස්තරෙත් දාන් ඕනි ඔන්න...

    ReplyDelete
    Replies
    1. එසේම වේවා ලොක්කෝ.....
      ඒවා දෙන්නම් වෙලාවට

      Delete
  11. රාළෙ...මේ සැරෙත් අර ගිය සැරේ දාපු වැදි නැටුම දානවද කියලා කේල් හන්දියෙ ආප්ප කඩේ මැලේ අක්කා අහන්න කිව්වා.

    ReplyDelete
    Replies
    1. මේ පාර මම දාන්නේ ඔරන් ආස්ලි නැටුමක් ......... අක්කට කියපන් ආප්පෙත් අරන් එන්න කියලා :D

      Delete
    2. අක්කා අහන්න කිව්වා බිත්තර ආප්පද / කිරි ආප්පද / පැණි ආප්පද කියලා..වේලාසන කිව්ව‍ොත් ඔතාගෙනම එන්නම්ලු...

      Delete
    3. අඩේ ඊයෙ අර වැද්දට ඇඳලා හිටියේ උඹද මැලයෝ ?

      Delete
  12. අපිටත් බලන්න ෆොටෝ ටිකකුත් එක්ක විස්තර ටිකක් දාන්ඩෝ....

    ReplyDelete
  13. උඹලාගේ මැලේ සිංහල අවුරුදු උත්සවය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!!! බන්දුල වර්ණපුර මහත්තයා ආවොත් මම මතක් කළා කියපන්.

    ReplyDelete
    Replies
    1. එයා එන්න දෙයක් නෑ...එයා තමයි සභාපති...මම ෆොටෝ දාන්නම් අවුරුදු උත්සවේ ඉවරවෙලා..

      Delete
  14. Inviting All Sri Lankans Living In Malaysia To Like Our Official Comunity Page.
    Spread The News Among Your Friends In Malaysia To Keep In Touch With Us To Catch The Latest News and Events
    Facebook: https://www.facebook.com/SrilankansInMalaysia
    Thanking You.

    ReplyDelete
  15. මැලේ රාලේ අලුතින් මැලේසියාව ගැන විස්තරයක් ලියන්ඩ, පරණ එක තුන් හතර පාරක් කියව්ව, ජයවේවා.
    සිංහල බ්ලොග්ගල!!

    ReplyDelete
  16. ටික දිනකින් ලියාලා නෑ නේද?

    ReplyDelete
  17. ලියන්නෙ නැද්ද?
    උඔ හොදින්ද?

    ReplyDelete