මම S. L. මැලේ රාළ

මම ලංකාවේ පොරක් මැලේසියාවේ ජොබක් කරන.... මට මේක ලියන්න හිතුනේ අනික් බ්ලොග් කියවල ඒවා දැක්කම මෙහෙවෙන දේවල් අනික් කට්ටියටත් දැන කියාගන්න කියල තමයි .

අවූරුදු ගානක් තිස්සේ මෙහෙ ඉදන් අහපු දැකපු, සිද්ද උන හා දැනටත් සිද්දවෙමින් පවතින දේවල් තමයි මම ඔයාලට කියන්න යන්නේ ඕන්.....

Thursday 24 June 2021

උබලා බයද ?

අද පොසොන් පුර පසලොස්වක පෝය දිනයයි!

හොද වෙලාවට කොරෝනා නොතිබුනානම් අපි අද පොසෙන් සමරන්නේ, සිටියානම් දේවානම් පියතිස්ස රජ පමණක් නොව, මිහිදු මහරහතන් වහන්සේත් බයවෙන තරමටය. අපි එහෙමයි! මොකද අපි බෞද්ධයෝනෙ. 

හරි එහෙනම් කතාව පටන් ගමු. 

ඇත්තෙන්ම උබලා බයද ? කියලා ඇහැව්වොත් බොහොමයක් කියන්නනේ නෑ කියලා. ඒ මොකද තමන් බයයි කියලා, තමන් වත් නොදන්නා නිසා. එහෙනම් කොහොමද අපි දෑන ගන්නේ අපි බයයි කියලා ? එක දැන ගන්න පුළුවන් අපි බය උනාම එකට දක්වන ප්‍රතිචාරය, සිංහලෙන් කියනවනම් රියෑක්ෂන්  එක ගැන හොයලා බැලුවනම්. 

හරි ප්‍රතිචාරය ගැන කතාකරන්න කලින් අපි බලමු ඇයි අපි බය වෙන්නේ කියලා. ඔබේ බයට, සියයට අනුවක්ම හේතු වෙන්නේ ඔබේ නොදැනුවත් කම. එතකොට ඉතුරු සියයට දහය ? ඒ ඔබේ අධික දැනුවත් කම. (ඒ වගේම මනා  දැනුවත්කම බය  නොවීමටත් බොහෝ විට හේතුවක් වේ) අවුල් නේද ? හරි ඉවසලා ඉන්න (සී ලාංකිකයෝ ලග නැතිම දේ) පහදලා දෙන්නම්.

දැන් ඔබ හිතන්න ඇයි ඔබ කොරෝනා වලට බය ? ඔබේ පිළිතුර වෙන්න පුළුවන් හැදුනොත් මැරෙයි කියන නිසා. ඒ කියන්නේ ඔබ මරණයට බයයි ඒ නිසා කොරොනාවට බයයි. එතකොට දොස්තරලා, සෞඛ්‍ය විශේෂඥයෝ වගේ අය කොරෝනාවට බය ඒ ගොල්ලෝ මේ  ගැන සාමන්‍ය මිනිස්සු එක්ක ගත්තම ඕනාවටත් වඩා දන්නා නිසා. ඒ වගේම කොරෝනා මට්ටු කරන්න තරම් ඒ ගැන දන්න විශේෂඥයෝ කොරෝනට පොඩ්ඩක්වත් බය නෑ.

හරි තව සරල උදාහරණයක් ගමු. ඔබ පාරේ පයින් එන කොට තඩි බල්ලේක් බුරාගෙන ඔබේ පැත්තට එනවා. ඔයාලා කන පැලෙන්න බය වෙනවා මොකද ඔබ දන්නේ නැ ඒ බල්ලා ගැන හෝ බලු සංහතිය ගැනම ඉතීම් බය වෙනවා. ඒවගේම ඔය බල්ලා ඉන්නේ ඔබ දන්නා තැනක නම් (ඒ බල්ලා ගැන ඇති මනා දැනුම නිසා) ඌ ඔය එන්නේ හපන්නනම් ඔබ බය වෙයි, සෙල්ලමටනම් ඔබ බය නොවෙයි.

මම මේ ලිපිය ලියන්නේ ඔබ බය වෙන විදිය ගැන පැහැදිලි කිරීමට නොව බය උනාම ඔබේ ප්‍රතිචාරය කුමක්ද හා ඉන් එහාට වෙන දේවල් ගැන ඔබට අවබෝදයක් ලබා දීමටය එම නිසා ඔබ බය වෙන්නී ඇයි කියලා ඔබ දිගින් දිගට කල්පනා කරලා අවබෝදයක් ගැනීම ඔබ සතුය. 

ඔබ හා ලෝකයේ අනෙක් බොහොමත් දෙනාම (90%) බය ඇති කර ගන්නේ මා ඉහත කියු පරිදි නොදැනුවත් කම නිසාය. (හොදින්  කල්පනා කල විට එය ඔබට වැටහෙනවා නොඅනුමානය) නමුත් ඒ බය නිසා දක්වන ප්‍රතිචාරය ඒ ඒ ජාතීන්ට අනුව වෙනස්ය. 

මා මේ කතා කරන්න යන්නේ සී ලාංකිකයන් වන අප බයට දක්වන ප්‍රතිචාරය ගැනය

ඔව් මම කිව්වොත් සී ලාංකික අපි, අපේ බය මුදා හරින්නේ කේන්තියක් හැටියටමය කියලා ඔබ විශ්වාශ කරනවද ? 

සියල්ල අමතක කර දැන් ඔබ ඔබ ගැන සිතන්න.

කොරෝනා වලට බය වෙලා ඉන්න ඔබ, දැන් ඉන්නේ කේන්තියෙන් නොවේද? 

පාරේදී බල්ලෙක් බුරාගෙන ආවාම බල්ලාට බය උන ඔබ ඉලගට කරන්නේ, ඒ බල්ලාට, බල්ලාගේ අම්මාට, බල්ලාගේ අයිතිකාරයාට, හා බල්ලාගේ අයිතිකරුගේ අම්මාට කේන්තියෙන් බැන වැදීම නොවේද?

ඒ ඇරෙන්න පාරේදී යමෙක් ඔබේ ඇගේ පොඩ්ඩක් වැදීගෙන ගියාම බය වෙන ඔබ කරන්නෙත් අඩුම තරමේ ඔබේ  සිතින් හෝ ඒ පුද්ගලයාට , ඔහුගේ හත්මුතු පරම්පරාවටම බැනවැදීම නොවෙයිද?

ඔබ රියදුරෙක්නම් පිබගෙන එන අනෙක් රියදුරා ටිකක් වැඩිපුර ඔබගේ රථයට ලගින් යන විට ඇති උන බයට ඔබ කරන්නේ  ඔහුටත් ඔහුගේ  මවටත් බැනවැදීම නොවෙයිද ?

බොස් දුන්න වැඩ ටික වෙලාවට ඉවර කර ගන්න පුලුවන්වෙයිද කියලා බය වෙලා ඉන්න ඔබ කරන්නෙත්  බොස්ට සිතින් සාප කරන එක නෙවෙයිද ?

මේ විදියට ඔබේ  බය නිසා හෝ ඔබ සිතනවනම් බයවෙන්නෙම නැතුව හෝ ඔබට  කේන්ති යන විදි ටිකක් එහෙහෙනම් කොමෙන්ට් හැටියට දාගෙන යමුකෝ. එත කොට බලාගන්න පුළුවන් දවසට අපිට කි සැරයක් කේන්ති යනවද නැත්නම් බය වෙනවාද කියලා .

ඊට පස්සේ  ඊලග ලිපියෙන් ඔය කේන්තිය නිසා  එහෙම නැත්නම් බය නිසා ඔබට සිදුවෙන හානි  හා එක පාලනය කරගන්න පුළුවන් විදිය ගැන කතාකරන්න බැරියැ.

එහෙනම් සැමට සුබ හා කාලෙකට පසු එළැබෙන සාමකාමීම පොසොන් දිනයක් හා නිවාඩු දිනයක් වේවා.




 


5 comments:

  1. එල ද බ්‍රා,,,,දුමින්ද නෙමෙයි බන්..සැමාගේ ගෙදර කස්ටිය සහ හැකියාව

    ReplyDelete
    Replies
    1. සොරි වෙන්න ඔනේ..සැමාගේ කෙමෙන්‍ටුව උබෙ එකට ඇවිත්.....

      Delete
  2. අඩේහ්! මැලේ රාළ සීරියස් වෙලා. ලියාං ලියාං...

    ReplyDelete
  3. තම ජීවිත කාලය තුළ භයක් ඇති නොවූයෙක් නොවේ ... මරණ භයද අතික්‍රමණය කරමින් ජීවත් වූවෝද වන්නෝද උත්සාහ කරන්නෝද සිටිති.. ඔබේ ගුරුහරු කම අගනේය.. සැබවින් අවසනට... භය වීම නොදැනුවත් කමමය.. 👍🙏❤️....

    ReplyDelete