මම S. L. මැලේ රාළ

මම ලංකාවේ පොරක් මැලේසියාවේ ජොබක් කරන.... මට මේක ලියන්න හිතුනේ අනික් බ්ලොග් කියවල ඒවා දැක්කම මෙහෙවෙන දේවල් අනික් කට්ටියටත් දැන කියාගන්න කියල තමයි .

අවූරුදු ගානක් තිස්සේ මෙහෙ ඉදන් අහපු දැකපු, සිද්ද උන හා දැනටත් සිද්දවෙමින් පවතින දේවල් තමයි මම ඔයාලට කියන්න යන්නේ ඕන්.....

Monday 21 December 2015

අනේ මෙහෙම තණ්හාවක් .....අනේ මෙහෙම ආසාවක් ...... මිනිසුනේ ලැබේද මින් සැනසීමක්.?????.....

පට්ටපල් අමුලික ඇත්ත කෙටි කතාමාලාවේ හතර 


  රාළ මැලේසියාවේ සිදුවන ලොවෙත් නැති, ලොවිගහෙත් නැති ශ්‍රී ලාංකිකයෝ පිරිසක් මෙහෙයවන මහා ඉන්ටනෙට් ජාවාරම ගැන හෙළිදරව් කරනවා යැයි කිවේ මෙන්න මේ කතාවේදීය... ඒ අනුව ඒම කතා මාලාවේ අවසන් කතාව අද මෙසේ පටන් ගන්නවාය (ඉවර වෙන දවස ගැන වගකීමක් නැත)

 ඒ කතාව කිව්වාට මේ මුලින්ම ලියන්නේ ඒ කතාවම නොවේය... ඒ කතාවට ආරම්භයක් හැටියට ඒ වගේම වෙන කතාවක්ය..... මේ කතාව අවසානයේ හරි කතාව පටන්ගන්නවාය .........

   **************************************************

 මිට වසර හතරකට පමණ පෙර මැලේරාළ හදුනන ශ්‍රීලාංකික තරුණයෙක් තව ඔහුගේම වයසේ තරුණයෙක් සමග මා මුණගැසී උදව්වක් ඉල්ලුවාය. එම තරුණයාගේ නම සාගර යැයි කියමු...

  සාගරට අවශ්‍යව තිබුනේ ලංකාවේ හික්කඩුවේ වෙසෙන ඔහුගේ බාප්පාට ඊමේල් හරහා දිනුම් අදිනලද ලොතරයියකින් හිමිවී තිබු ත්‍යාගයක් වන ඇමරිකානු ඩොලර් ලක්ෂ දහයක මුදල බාප්පාට ලබාගැනීමට උදව් කිරි මටය. 


හෑ..... දැන් ඔය ස්වීප් එක කොමද බාප්පාට ඇදිලා තියෙන්නේ ??

මේකනේ අයියා අපේ බාප්පා කරන්නේ ටුවරිස්ට් ගයිඩ් වැඩේ.... අපේ බාප්පා අදුරන සුද්දෝ ගොඩක් ඉන්නවා ඔය සුද්දෝ ගාව තියෙනවා අපේ බාප්පාගේ ඊමේල්  ඇඩ්රස් එහෙමත්.... බාප්පා කියන්නේ ඔය දන්නා කියන කවුරු හරි කෙනෙක් බාප්පාගේ ඊමේල් එකත් මේ ස්වීප් ගන්න ආයතනේ රෙජිස්ටර් කරලා ඒ ඊමේල් එක හරහා තමයි ලස්ස දහය ඇදිලා තියෙන්නේ 

 කථාව අහන කොටම මැලේරාලට ඇතිවුයේ ලොකුම ලොකු මෙව්වා එකකි. එත් ඒ බව නොහඟවා රාළ දිගටම ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන කරගෙන ගියේය 

 දැන් එතකොට බාප්පා කොමද දන්නේ ඔය ස්වීප් එක එයාට ඇදිලා කියලා ???

ඒ ස්වීප් අඳින තැනින් බාප්පාට ඊමේල් එකක් එවලානේ එයාට ස්වීප් එක ඇදිලා කියලා 

එතකොට කොමද සල්ලි එයාට දෙනවා කියලා තියෙන්නේ ???

මුලින්ම කියලා තියෙන්නේ එයාගේ ඊමේල් එක තෝරාගෙන තියෙනවා තැග්ගකට එක එයාට ලබාදෙන්න ඒ විස්තර කා එක්කවත් කියන්නේ නැතුව බාප්පාගේ නම ගම වයස ටෙලෙපොන් නොම්මර පාස්පෝට් නොම්මර ඔය ඔක්කොම ඒ ගොල්ලන්ට එවන්න කියලා ඊළඟට තමයි ඒ තෑගි මුදල සඳහන් කරලා ඒ කොම්පැනියෙන් බාප්පාට ඔරිජිනල් සහතිකයකුත් ඉෂු කරලා එකේ කොපියක්  ඊ මේලුත් කරලා......

 මේ තියෙන්නේ ඒ සහතිකේ අයිය්යේ 
(එම ඇත්තම සහතිකයේ පිටපතකි)

අම්මටසිරි නයා..... ඇත්ත නේන්නම් මේ තියෙන්නේ සහතිකේ.... 

ස්වීප් එකත් ඇදිලනම්, එක සහතිකත් කරලනම්  දැන් මොකද්ද වෙන්න තියෙන්නේ???

දැන් අයියේ මේකයි වැඩේ ලොතරැයි කොම්පැනිය මේ සල්ලි බාප්පාගේ නමින් මේ වෙනකොට චයිනා බෑන්ක් එකේ ඩිපොසිට් කරලා තියෙන්නේ. ඒ ගොල්ලෝ බාප්පාගෙන් අහලා ඒ චීන බැංකුවේ මැලේසියානු ශාකාවෙන් සල්ලි ටික අර ගන්න කැමතිද කියලා..... බාප්පත් කැමතියි කිව්වම මෙහෙ ඒ බ්‍රාන්ච් එකේ මැනේජර්ගේ නමයි  ටෙලිපොන් නොම්මරයි ඊමේල් එකයි දීල තියෙනවා ගිය සතියේ බාප්පට මෙහෙ ඒ මැනේජර් කෝල් කරලා සල්ලි TT කරන්න බාප්පාගේ එකවුන්ට් නොම්මරයකුත් අරන් තියෙනවා 

  දැන් එහෙනම් ඔක්කොම හරිනේ බාප්පාගේ එකවුන්ට් නොම්මරේ දුන්නනම් ඒගොල්ලෝ දැන් සල්ලි ටික TT කරයිනේ ....

  එතනදී තමයි අපිට ඔයාගේ උදව් ඕනා අයියා... දැන් ඒ චීන බැංකුවේ මැනේජර් නෝනා අපේ බාප්පට කතා කරලා කියනවා ඒ සල්ලි ටික එවන්නනම් එගෝල්ලන්ගේ document & transfer fee එක USD 1950/-ක් ඉස්සෙල්ලා එයාලට ගෙවලා ඉන්න ඕනලු..... ඊට පස්සෙලු එයාලා සල්ලි ගොඩ අපේ බාප්පාට එවන්නේ.....

   ඉතින් බන් ඔය එවන සල්ලිවලින්ම ඒ ගාන අඩුකරගෙන ඉතුරුටික එවන්න කියලා බාප්පාට කියන්නනේ තිබුනේ 

   අපේ බාප්පට එච්චර මොලයක් නෑ අයියා එයා කියනවා ගෙවන්න ඕනා සල්ලිටික එයා මට එවන්නම් ඒ බැංකුව හොයාගෙන එතනටම ගිහිල්ලා ඒ මැනේජර් නොනව හම්බවෙලා  එක්දාස් නමසිය පනහ දීලා ලස්සදහය අරගෙනම එන්නලු....   


පිස්සුද මනුස්සයෝ තේරෙන්නේ නැද්ද ඔතන තියෙනවා කතන්දරයක් එහෙම සල්ලි තොගයක් දෙන්න තියෙනවනම් ඔය පොඩි ගාණ එකෙන් අඩු කරගන්නවා මිසක් ආයෙත් වෙනම ගෙවන්න කියනවද..... හොඳම වැඩේ දෙනවා මට ඔය බැංකුවේ ටෙලිපොන් නොම්මරේ මම කතා කොරන්න 

මැලේසියානු ජංගම දුරකතනයක් වුනු ඒ අංකයට මම කීපවරක් ඇමතුම් ගත්තද අනෙක් පසින් කිසිවෙකුත් දුරකතනයට සම්බන්ද වුයේ නැත...

එවිට සාගර නැවතත් එම වෙලාවේම තම ලංකාවේ බාප්පාට අමතා මේ තත්ත්වය පැහැදිලිකර ඒ වෙලාවේම ලංකාවෙන් ඇමතුමක් ලබාගෙන මැනේජර් නෝනාට මාගේ අදහස අනුව ක්‍රියාකළ හැකිදැයි විමසුවත් ඇය පවසා ඇත්තේ එම විශාල මුදල බාප්පාගේ නමින් ඇති ගිණුමේ තැන්පත්ව ඇතිනිසා ඇයට  එම මුදල් වලට අත තැබිය නොහැකි බවය. 

දුරකථන ඇමතුම් කිහිපයක් එහෙට මෙහෙට ගියායින් පසු මා කිවේ එම මැනේජර් නෝනා ඇයි අපි මැලේසියාවෙන් කතා කරාම පිළිතුරු නොදෙන හේතුව විමසන ලෙසය. එවිට ඇය බාප්පාට ඒවා තිබුනේ චීන ජංගම දුරකථන අංකයක්ය. ඒ හරහා පළමු වරට මා ඇය හා කතා කොළෙමි...

දැන් මිසිස් විලියම් ඇයි මේක මට කෙලින්ම බැංකුවට ඇවිල්ලා ගෙවන්න බැරි...???

මේකනේ මෙයා මේ වන් මිලියන් ඇවිත් තියෙන්නේ අරයගෙ නමටනේ... එයා තමයි මේක ඔපිසියලි ගෙවන්න ඕනා වෙනකාටවත් මැදට එන්න බෑ 

ඉතින් අපි මේ ගෙවන්න යන්නේ එයාගේ සල්ලි තමයි... එයා මෙහෙ නැනේ එත්  අපි මෙහෙ ඉන්නේ එයා මගේ මාමා මම ඇවිල්ලා ඔයාගේ තැනට සල්ලි ගෙවන්නම්.. මොකද කියන්නේ 

අයියෝ එහෙම බෑ අනේ ඔයාට තේරෙන්නේ නැද්ද මේ අපි ඔයාගේ මාමාට කරන්නේ උදව්වක් එයා සල්ලි එවන්න ඕනා වෙස්ටන් යුනියන් එකෙන් අපි දීපු නමට විතරයි නැත්නම් මේක කරන්න බෑ ... මාමාගේ සල්ලි ටික අපි ආපහු එවපු තැනටම යවන්න වෙනවා 

  ඒ වන විට මා අන්තර්ජාලයෙන් මැලේසියාවේ චීන බැංකුව තිබෙන තැන හා දුරකථන අංක වල විස්තර සොයාගෙන ඉවරය.... අවසන් අදියර ලෙස මම විලියම් නෝනාගෙන් මෙසේ ඇසුවෙමි...

   හරි දැන් ඔයා වැඩකරන්නේ අහවල් විදියේ අහවල් තැන තියෙන චීන බන්කුව් නේද 

  ඔව් මම එතන තමයි ඉන්නේ එත් මම ඉන්නේ හත්වෙනි තට්ටුවෙනේ... පාරිබෝගිකයින්ට මාව කෙලින්ම හමුවෙන්න බෑ... මගේ රැකියාවේ නීති රෙගුලාසි හැටියටත් මට එහෙම කාවවත් හම්බ වෙන්න බෑ ඔයාලා අද දවස ඇතුලත මේ සල්ලි වෙස්ටන් යුනියන් කරොත් හරි නැත්නම් හෙට මම සල්ලි ආපහු යවනවා 

   මම අහන්නත් කලින් එයාව මුණ ගැහෙන්න එපැයි කියලා ඔන්න ඔහොම එයා කට් උනා කියන්නකෝ  

රාළලා ගිය එම බැංකුවේම ජයාරුපයකි 
              එහෙම එපයි කිව්වා ගමන් මම නොගිහින් ඉඳියිද ? කොහොමත් අනුන්ගේ පරිප්පු තෙම්පරාදු කරගන්න ඉන්න මම සාගරයවත් දාගෙන පහුවදා උදේම චීන බැංකුවට ගියා කියමුකෝ 

 ගිහිල්ලා පිළිගැනීමේ නිලධාරිනියට හිටපු චෝයි නංගිගෙන් ඇහැව්වා අන්තර්ජාතික මුදල් හුවමාරු අංශයේ මැනේජර් නෝනා වන විලියම් අක්කව කොමද හම්බවෙන්නේ කියලා 

  අනේ එක ඇහැව්වත් හරි අර සුදු මුණ රතු වෙලා මේ නංගිගේ දතකට පුට්ටු වෙන්න වගේ ආවා නොවෑ මම බලන් ඉන්දිද්දීම..  එත් අනෙක් අතට ඒ මුකුත් නෑ වගේ මුණ හදා ගත්තු මේ නඟා පොඩ්ඩක් ඉන්න අයියේ කියලා ගත්තා කෝල් එකක් විනාඩි පහක විතර මට තේරුනේ චෑන් චෑන් ගානවා විතරයි. ඊළඟට අපි ලඟට ආවා උස මහත අයියා කෙනෙක් මේ පැත්තෙන් එන්න සර් කියලා අපි දෙන්නව එක්ක ගෙන ගියා කියන්නකෝ එළියෙන් සහ ඇතුලෙන් යන දෙපැත්තෙන්ම ලෝක්  කරන කාමරයක් ඇතුලට 

මේ මොකද්ද අයියා මේ කාමරේ ?

      මේ කාමරේට තමයි සල්ලි ලස්ස ගණන් ගන්න සහ දාන්න එන අයව වැඩි ආරක්ෂාව සඳහා තියා ගන්න කාමරේ

     ඒ කියන්නේ අපි නෝනගේ නම කිව්වා ගමන් මේ කාමරේට දැන්මේ කෙලින්ම සල්ලි දෙන්නද යන්නේ 

   ඔව් ඔව් සල්ලි නැතත් හොඳම එකෙන් හම්බවෙන්න වගේ තමයි යන්නේ අපිව මේ කාමරේට ගෙනාවෙත් මෙයාලගේ සිවිල් සිකුරිටි කෙනෙක්....

   අයියා දැක්කද අපි අර නෝනගේ නම කිව්ව ගමන් අර කෙල්ලගේ මුණ වෙනස් වෙච්ච හැටි ??...... මට විසාත් නැතුව මොන ජංජාලයක් වෙයිද මන්දා......

    මම කියන්නද උබ හොඳටම බඩේ අමාරුව වගේ ඉඳපන් මම කතා කරලා ඔයාව ටොයිලට් එකට යවන්නම් එතනින් උබ කෙලින්ම එලියට ගිහින් මම කෝල් කරනකන් ටිකක් ඇතට වෙලා ඉඳපන්.........  

    කාමරයේ දොර හැර සාගරව එලියට යවා තෙම්පරාදුකරගත් පරිපුව කන්න ලැහැස්ති වෙමින් මම බලාගෙන සිටියේ ඊළඟට මේ කාමරයේ සිදුවෙන්නේ මොකක් විය හැකිදැයි කල්පනා කරමින්ය....


   ඇයි මම විතරක් බලන් ඉන්නේ බෝලත් ඊළඟට මොකද වෙන්නේ කියල ඊළඟ පොස්ටුව එනකම් (කවදා හරි) බලාගෙන ඉඳපල්ලා....

   එහෙනම් අදට මම ගියාවේ......