මම S. L. මැලේ රාළ

මම ලංකාවේ පොරක් මැලේසියාවේ ජොබක් කරන.... මට මේක ලියන්න හිතුනේ අනික් බ්ලොග් කියවල ඒවා දැක්කම මෙහෙවෙන දේවල් අනික් කට්ටියටත් දැන කියාගන්න කියල තමයි .

අවූරුදු ගානක් තිස්සේ මෙහෙ ඉදන් අහපු දැකපු, සිද්ද උන හා දැනටත් සිද්දවෙමින් පවතින දේවල් තමයි මම ඔයාලට කියන්න යන්නේ ඕන්.....

Monday 18 January 2016

පට්ටපල් අමුලික ඇත්ත කෙටි කතාමාලාවේ හතරේ දෙක

දෙවන කොටස 

පළමු කොටස අමතක හෝ බලපු නැති අය කොටන්න පහලට 


අනේ මෙහෙම තණ්හාවක් .....අනේ මෙහෙම ආසාවක් ...... මිනිසුනේ ලැබේද මින් සැනසීමක්.?????.....


    අනේ අපරාදේ කියන්න බෑ රාළට තව පැය බාගයක්වත් බලන් ඉන්න උනේ නෑ ආවා නේද මාමලා තුන්දෙනේක්ම කාමරේ ඇතුලට.... මම ඇහුවේ විලියම් නැන්දව...... දැන් ඇතුලට ඇවිත් ඉන්නේ විල්සන් මාමායි තව දෙන්නෙකුයි.... ඔන්න අපි කතාව පටන් ගත්තා 


හායි මම විල්සන්... අපිට කරුණාකරලා මුලින්ම කියනවද තව සැරයක් ඔය මහත්මය කාව හම්බවෙන්නද අද මෙතනට ආවේ කියලා ???

මම ආවේ අන්තර් ජාතික මුදල් හුවමාරු අංශයේ කළමනාකාරී විලියම් නොනව හම්බවෙන්න   

   මගේ නම මොහොමඩ්, මැලේසියානු පොලිස් හදිසි වැටලීම් අංශයේ පොලිස් පරික්ශකයෙක්, මේ ඉන්නේ මගේ සහයක සලීම්... අපි කෙලින්ම කාරනාවට එනවනම් මේ මාසය ඇතුලත් ඔය නොනව හොයාගෙන ආපු පහළොස් වැනියා ඔයා තමයි..... නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඔය නොනවත් ඒ වගේ අංශයක්වත් මේ චීන බැංකුවේ නොමැති වීමයි...

ආ එකත් එහෙමද ??... එහෙනම් කමක් නෑ මට වැරදීමක් වෙන්න ඇති .... ගිහිල්ලා එන්නම් 

    කියා පවසමින් මට එලියට යන්න හිතුනත් ඇඟේ දුවන සිංහ-ලේ වලට පින්සිද්ද වෙන්න මම කිව්වේ මෙන්න මෙහෙම දෙයක් 

එතකොට ඊයේ මට, මෙතනට ඇවිල්ලා ඩොලර් 1950ක් ගෙවන්න කියලා ටෙලිපොන් එකෙන් කිව්වේ කව්ද ?

 පොඩ්ඩක් ඉන්න මහත්මයා, ඒ කියන්නේ අපේ බැංකුවේ නම පාවිච්චිකරමින් කතාකරපු ඒ නෝනා, ඔය මහත්මයට කිව්වද එම මුදල මෙතනට ඇවිත් ගෙවන්න කියලා,?????  නැත්නම් හරියටම උනේ ඒ නෝනා සල්ලි ගෙවන්න කිව්වම මහත්තයා යෝජනා කරාද මෙතනට ඇවිත් ගෙවන්නම් කියලා???

යකෝ මු මගේ ටෙලිපොන් කොන්වසේසන් එක ටැප් කරාවත්ද මේ කියන්නේ ලෙසටම.......

ඔව් ඇත්තටම ඒ වගේ දෙයක් තමයි උනේ.... එත් මෙතැන ඒ නෝනා නැත්නම් කොමද ඔයා හරියටම ඔය විස්තරේ දන්නේ...

 මොකද කලින් ආපු දාහතර දෙනාටත් ඒ වගේම වෙලා තියෙන නිසා.... දැන් ඔය මහත්මයා හරියටම කියන්න මොකද්ද උනේ කියලා අද මෙතැනට එනකම් සිද්දිය..... ඊට පස්සේ අපි කියන්නම් ඇත්තටම මොකද වෙලා තියෙන්නේ කියලා 

ඔන්න මම සාගරයාගේ බාප්පාව මගේ බාප්පා කරගෙන මුළු ඉට්ටෝරියම ඇදබැවා..... ඊට පස්සේ බැංකුවේ අභ්‍යන්තර කටුයුතු හා ආරක්ෂක අංශ ප්‍රධානි විල්සන් මාමයි ඔය රහස් පොලිස් මාමලා දෙන්නයි මට කිව්වා මේ සම්පුර්ණයෙන්ම චීනයේ සිට මෙහෙයවන හොර කණ්ඩායමකගේ වැඩක් බව....  අපි ළඟ තියෙන ඒ අය කතාකරපු ටෙලිපොන් නොම්මර ඉ මේල් ඇඩ්ඩස් ඔක්කොම ගත්තා ඒ වෙලාවේදීම. ඒ නොම්මරවලට අපි කතා කරත් උත්තර බැන්දේ නෑ (මොකද උන් දන්නවා ඒ වෙනකොට අපි වැඩේ නාගෙන කියලා) අන්තිමට රාළට සිද්ද උනා පැය හතරක් විතර පොලෝසියේ ලැගගෙන දීර්ග කට උත්තරයක් දීලා පැමිණිල්ලක් දාන්න...

 ඒ වගේම තමයි මොහොමඩ් මහත්තයා කිව්වා මේ ජාවාරම් කාරයෝ අතර ලංකාවේ හා ඉන්දියානු අයත් ඉන්න බවට සැකකරන බව... මොකද සමහර දුරකථන අංක ලියාපදිංචි වෙලා තියෙන්නේ ඒ රටවල අයගේ නම් වලට කියලා (අනේ ඒ ටික ඇහෙන කොටනම් මගේ ශ්‍රී ලාංකික  ජ්‍යත්යාලය දොරේ ගැලුවා)

  මේ පැත්තෙන් ඔය විදියට ගේම ගොඩයන අතර තුරේ සාගර එළියේ ඉඳන් බාප්පට වෙච්ච සිද්දිය කියනවා.... මම පොලෝසියෙන් එලියට ආපු ගමන් මටත් සිද්ද උනා බාප්පට ආපහු සැරයක් මේක මේ සම්පුර්ණයෙන්ම හොර වැඩක් කියලා පහදලා දෙන්න...... එත් කතාව යන අතරතුර මට තේරුනා බාප්පා මේක එහෙම ලෙහෙසියෙන් අතහරින්න කැමති නැති විත්තිය.....

  තව සති දෙකකට විතර පස්සේ සාගර ආපහු සැරයක් මාව හොයාගෙන ආවේ ඒ සිද්දිය නිසා මට ඊට පසු මුකුත් කරදරයක් නෑනේද කියලා අහගෙන.... මැලේසියාවේදී මට එහෙම පස්නයක් නැතත් ලංකාවේදී එක මට පස්නයක් වෙන්න යන බව සාගර කිව්වේ මෙන්න මෙහෙම 

   හරි වැඩේනේ අයියේ අර ගෑණු මනුස්සයට අපේ බාප්පා මේ ඊයේ පෙරේදා ආයෙත් කථා කරලා. බාප්පා කෙලින්ම කියලා උබලා මට මහලොකු සල්ලිගොදක් දෙනවා කියලා මේ පොඩි ගැන මගෙන් වංචා කරන්න නේද ගියේ කියලා....

මේ ගෑණි කියලනේ මොකද්ද අපි කරපු වංචාව උබගේ මිනිස්සු එදා බැංකුවට ඇවිත් සල්ලි ගෙවලා ඩොලර් ලක්ෂ දහයේ චෙක් එක අරන් ගියේ කියලා....

නෑ..... හත්වලාමයි ....... ඉතින් ????????????

දැන් බාප්පා අහනවා සල්ලි ගත්තේ මම ද නැත්නම් මටත් හොරෙන් අයියද කියලා 

මල මගුලයි ඉතින් ඔයා මොකද කිව්වේ 

අපේ හරක් බාප්පාට මොලේ නෑ... මම මොකක් කිව්වත් අහන්නේ නෑ දැන් මට කියනවා ඔයාගේ සම්පුර්ණ නම ලංකාවේ ඇඩ්රස් දෙන්නලු ගිහිල්ලා හොයලා බලන්න .......

             ඉන්පසුව ඇතිවූ සංවාදය අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් වන නිසා බලධාරියා විසින් කපා හරින ලදී.........

දැන් ඉතින් බොලත් කියපල්ලා රාළයා තමයි ඔය ලස්ස දහය ගත්තේ කියලා 

******************************************************

   ඉතින් මේ කතාව කිව්වේ රාළයා, ඇත්තටම ශ්‍රී ලාංකිකයෝ සම්බන්ද මාහාපරිමාන අන්තර්ජාතික ජාවාරමේ මුලාරම්භයට පුර්විකාවක් හැටියට... ඔන්න හරි කතාව පටන් ගන්නේ දැන් තමයි....

එකත් ඉතින් මුල ඉඳන්ම කියනවනම්,....  එක දවසක් දා මහා රෑ ජාමේටත් කිට්ටු වෙලාවක රාලගේ ජංගමේට අවා කියන්නකෝ ලංකාවෙන් කෝල් එකක් 

  රාළ මහත්තයෝ මම මේ රජමහා විහාරේ ලොකු හාන්දුරුවෝ කතා කරන්නනේ ..... 

අනේ අප්පේ ලොකු හාන්දුරුවනේ බුදුහාමුදුරුවෝ කතා කරා වගේ..... මොකද මේ අවේලාවේ.... හෙට අනිද්දා ආයෙත් මැලේසියා වඩිනවවත්ද... වේලාව කියන්න අපේ හාන්දුරුවනේ මම වඩින්නම්..... ආ වැරදුනා.... මම එන්නම් එයාර්පෝර්ට් එකට හාමුදුරුවන්ව පන්සලට වඩම්මන්න...
  නෑ.. නෑ... මහත්තයෝ මම ආයෙත් එන්නේ ඔය පැත්තේ චීන අවුරුදු දවස්වලට නොවෑ..... මේ අරුමැක්කේ කතා කරේ වෙන උවමනාවකට නොවෑ 

 ඇයි හාමුදුරුවනේ පන්සලට අලුත් LED ටීවී එකක්වත් ඕන වෙලාද.. එහෙමත් නැත්නම් පන්සලේ ඇම්ප් එක අප්ග්‍රේඩ් කරන්න ඕන වෙලාවත්ද..... ම්ම්... එහෙමත් නැත්නම් පන්සලට අලුත් CCTV සෙට් එකක් අරගන්නවත්ද....  ආ.... දැනුයි මතක් උනේ අර චෙයිත්‍යය වටේට අලුතෙන් හයි කොරන්න ඕනා කිව්වා වොට් පන්දාගේ LED ෆ්ලෑෂ් ලයිට් හතර ගන්න නේ ???

නෑ... නෑ.... ඕව ටික බැරියෑ මම ආපු වෙලාවක කොර ගන්න..... මේක මේ වෙනත් උවමනාවක්.....

ආ.... ඒ මොකද්ද අපේ හාන්දුරුවනේ???

අපේ මේ දායකසභාවේ බොහොම හිතවත් මහතැන් කෙනෙක්ගේ අවුරුදු විසිහතරක විතර බාල පුතා ඉගෙන ගන්නේ එන්ගොලන්තේ නොවැ මිනිහා හෙට අනිද්දට මැලේසියා එනවලු...

හත්දෙයියනේ මිනිහා, මොන ජාතියේ පාපකරුමයක් කරලද එංගලන්තෙන් ගැලවිලා මෙහෙට ඉගෙන ගන්න එන්න..

නෑ නෑ මහත්තයා ඔහෙට ඉගෙන ගන්න එනවා නෙවි පොඩි නිවාඩුවකට එනවලු.... මිනිහා අවුරුදු දෙක තුනක් එංගලන්තේ හිටියට හරිම අහිංසක හාදයෙක්..... තැලිච්ච පොඩිවෙච්ච කොල්ලෙක් නෙවි.... ඉතින් අපේ මේ දායක මහතැන් මම ඔය නිතර මැලේසියා යන එන නිසා කිව්වා, එහෙ ඉන්න දන්නා කියන කෙනෙක්ව පොඩ්ඩක් මේ කොලුවට මුලිච්චි කොරන්න කියලා..... නොදන්නා දේසේ උවමනාවක් උනොත් කියලා....

(මීළඟට රාලව මුරුංගා අත්තේ ඉහලට යැවීම)

දායක මහතැන් එහෙම කියන කොටම මට මතකෙට ආවේ ඕන් රාළ මහත්තයව විතරමයි... මම ඉතින් දන්නවා නොවැ පිරිමි දරුවෙක් නෙවි ගැණු දරුවෙක් උනත් බයක් හැකක් නැතුව උදව්වක් පදව්වක් කරලා අරක්ෂා කරලා ගිය කාරිය කරගෙන එනකම් වගකිමක් සහිතව රැකබලා ගන්න කියන්න පුළුවන් කෙනෙට ඉන්නේ රාල මහත්තයා විතරනේ කියල ඔහේ....

 අනේ ඔව් ඉතින් හාන්ඳුරුවෝ කියනවත් වගේ ගැණු ළමයෙක්නම් ඉතින් ඔය රැකබලා ගන්න ඕනා නිසා වකුටුවෙලා නිදියගන්න කියලා  මගේ කාමරේ ඇඳේ හරි ඉඩක් දීලා තියා ගත්තා කියමුකෝ...... එත් ඉතින් අවුරුදු විසිහතරක හොඳට අතපය දිගෑරල නිදියන වයසේ කොල්ලෙක්ව මම කොමද මගේ කාමරේ තියාගන්නේ.....

  නෑ නෑ මහත්තයා එයාව මහත්තයා ළඟ තියාගන්න ඕනා නෑ...... ඕනා කොරන්නේ ඒ ළමයා ඔහෙ ඉන්න ටික දොහට මුකුත්  අතුරු අන්තරාවක් කරගන්නේ නැතුව ඔහේ ඉන්නා හැටි පොඩ්ඩක් පහදලා දීලා යන එන ගමන් බිමන් පරිස්සමින් කරගන්න හැටි කියලා දීලා පොඩ්ඩක් ඇහැ ගහගෙන ඉන්න එක විතරමයි......

ආ එහෙමනම් පස්නයක් වෙන එකක් නෑ හාන්දුරුවනේ මම බලාගන්නම්කො ..... හාන්දුරුවන්ගේ ඉල්ලීමක් එහෙම නොසලකා හරින්නත් බෑනේ ...

මම දන්නවනේ මහත්තයා ඒ නිසා මම මහත්තයගෙන් අහන්නත් ඉස්සෙල්ලා ඒ දායක මහතැන්ට මහත්තයාගේ නොම්මරේ දීලා යැව්වා පුතාට දෙන්නය කියලා..... හෙට අනිද්දට පුතා ඔහෙට ආවම මගේ නම සඳහන් කොරලා මහත්තයට කතාකොරයි නොවැ.... එහෙනම් බුදුසරණයි මහත්තයෝ....

හෝන්දමයි හාමුදුරුවනේ...

              ඊට දවසකට දෙකකට පසු මෙහෙට ආපු ඒ අහිංසක තැලිලා පොඩිවෙච්ච නැති දරුවා මොනවද රාළගෙන් ඉල්ලන්නේ කියලා ඊළඟ කොටසින් ම කියෙව්වනම් බෝලාලාට මුකුත් අතුරු ආන්තරාවක් වෙනවයි කියලැයි.....

ඔන්න ඔහේ ඉමු එහෙනම් ඊළඟ කොටස එනකම්