මම S. L. මැලේ රාළ

මම ලංකාවේ පොරක් මැලේසියාවේ ජොබක් කරන.... මට මේක ලියන්න හිතුනේ අනික් බ්ලොග් කියවල ඒවා දැක්කම මෙහෙවෙන දේවල් අනික් කට්ටියටත් දැන කියාගන්න කියල තමයි .

අවූරුදු ගානක් තිස්සේ මෙහෙ ඉදන් අහපු දැකපු, සිද්ද උන හා දැනටත් සිද්දවෙමින් පවතින දේවල් තමයි මම ඔයාලට කියන්න යන්නේ ඕන්.....

Wednesday 15 April 2020

තාම කොරෝනා..........




ඉතීම් කොමද ඔයායිලාට......
කට්ටිය ස්ටේ හෝම් එකට වෙලා ගෙවල් වල හොදින් ඇතැයි සිතමි.....

එත් බොලාට කියන්න ඊයේ ... ඔව් මේ ඊයේ ...
මට කෑල්ලක් කිව්වනේ යන්න තියෙනවනම් යන්නම වෙනවා බම් .... කියලා...

ඉතීම් මම හිතුවා ගෙදර හිටියට වැඩක් නෑ , හදිසියේ වත් යන්න උනොත්, ඊට කලින්
දන්නා කොමිටල් ටික උබලට කියලා දාන්න ඕනා කියලා.....

එහෙනම් ඔන්න මම දන්න , බොලා නොදන්නා දේවල් දහයක් පහල ලියලා තියෙනවා බෝලාලාගේ  දැනගැනීමට.....

එක . බොලාට කවදාවත් බෝලාගේම කන් දකින්න බෑ කන්නාඩියක් නැතුව...
දෙක . බොලාට කවමදාවත් බෝලාලාගෙම කොන්ඩ ගස් ටික ගැනලා ඉවරකරන්න බෑ

 කොමද වැඩේ .... තේරෙනවද දැන් බෑ නේ ,... බෑනේ ..... තව තියෙනවා...

තුන. තමන්ගේ දිව.... ඔව් ඔය කටේ මැද්දේ තියෙන එක තමයි .. සම්පුර්ණයෙන්ම එලියට දාගෙන නහයෙන් හුස්ම ගන්න බෑ ..... මොනවද ඔට්ටු ??
හතර. දැන් උබලා ට්‍රයි කොරනවා තුන්වෙනියට තියෙන එක කරන්න .....
හය . එකට ට්‍රයි කරනකොට  තේරෙනවා එක කරන්න පුළුවන් කියලා .... එත් එතකොට බොලාලාගේ මුණු හරියට බල්ලෝන්ගේ  වගේ...😂😂😂
හත. උබලාට දැන් හිනායනවා... මොකද රාළගේ මෝඩ ජෝක් වලට අහුඋන නිසා....
අට. උබලට ඒ අව්අස්සේ පහ මග ඇරෙනවා...
නමය. දැන් බොලා පහ හොයනවා......
දහය. මෙතන පහ නෑ ..... ඒ කියන්නේ උබලා අයෙත් අහුවෙලාද මන්දා

එකොළහ. ගෙවල් අස්සටම වෙලා ඉන්න උබලට පොඩි ජෝක් එකක් දැම්මේ... මතක තියා ගනිල්ලා .... මේ දවස්වල දන්නා හා නොදන්නා එවුන්ලාගේ ජෝක් මෙතැන පිරිලා...

ඒ හැම එකක්ම ඔලුවට දාගන්න එපල්ලා..... මොකද කොරෝනා අපිට දෙන්න පුළුවන් වදටික ඔක්කොම දීලා තව ටික දොහකින් යන්නම යයි... එත් මතක තියා ගනිල්ලා මී පැතිරීගෙන යන ආගම් වාදය , ජාතිවාදය එහෙම ලීසියෙන් යන එකක් නං නෑ ...  සමහරවිට සදහටම අපිත් එක්ක ඉදිවී.....  එහෙම උනොත් වෙනදේ මම හිතන්නී මෙතන බොරුවට මම ලියන්න ඕනේ නෑ

ඒ නිසා දැන්වත්  තමන් අදහන හෝ නොඅදහන දෙවිගොල්ලන්ගේ නාමයෙන් මනුස්සයෝ වගේ විතරක් හිතන්න උත්සහ ගනිල්ලා........

ඒ හෙනම් මම ගියාවේ.....



Tuesday 31 March 2020

හායි කොරෝනා ........




   කොරෝනා තියා ඊටත්  වඩා වස  මොන යකෙක් ආවත් බයකරන්න පුළුවන් ජාතියක් නොව අපි...... එතරම්ම ආතල් ජාතියකි අපි....
මේ කොරෝනා උවදුර ජයගත් පසු අපේ අති උත්තම ශබ්ද කෝෂයට හා උතුම් ජනවහරට එක්වියහැකි උපහැරන කීපයක්, මෙසේ වියහැකි බවට, ලියා දැක්වීම සදහා අවුරුදු හතරකට පසු කොරෝනාටම පින්සිදු වෙන්නට මෙසේ බෝගට ගොඩ වැදුන වගයි....

පළමුව අප බෝස්ලාගේ ශ්‍රී මුඛයෙන් පිටවිය හැකි රුවන් වැකි.....

  • උබට කොරෝනා හැදුනයි කිව්වත් මේ නිවාඩු නම් අනුමත කරන් නෑ පුතෝ 
  • තෝ පහුගිය සතියේ වැඩට නාවේ කොරෝනා හැදිලා හිටියද බොල 
  • ඔය වැඩේ ඉවර වෙනකම් කොරන්ට්යින් වෙලාවගේ ඉදපන්, මගේ දෑහට නොපෙනී. 
  • බොලා කොරන්ටයින් වෙලා වගේ දැන් නොපෙනී හිටියට, වැඩේ වෙලාවට තිබුනේ නැත්නම් මම කොරෝනට වඩා දරුණු බව මතක තියා ගනිව්.. 

සේවකයන් වන අපේ පැත්තෙන්

  • අනේ මේ මල යකාට කොරෝනාවත් හැදෙන්නේ නැනේ...
  • කොරෝනා හැදුනයි කිව්වත් මුගේන්නම් බේරිලා ඉන්න වෙන්නේ නෑ 
  • නැන්දම්මට කොරෝනාවගේ ලෙඩක් හැදිලා සර්....
  • කොරෝනා නිසා ගෙදර හිටපු කාලේ මතක් කරගත්තම , බෝසාගේ  ඕන කුප්ප කතාවක් අහගෙන උනත් වැඩට එන්නමයි හිතෙන්නේ  


දෙමාපියන්ගේ ශ්‍රී මුඛයෙන්,

  • යකෝ කාමරේ අස්සේ කොරන්ටයින් වෙලා වගේ ඉන්නේ නැතුව එලියට බැහැලා තියෙන වැඩක් කරපියව්.
  • ගෙදර එවුනට කොරෝනා හැදිලද යකෝ තෝ ඕන වෙලාවක පාරට වෙලා ඉන්නේ..
  • ගෙදර වැඩක් කිව්වමනම් උබගේ යාලුවෝ ටික වාෂ්ප වෙන්නේ අපිට කොරෝනා හැදිලා වගේ, ඊට පස්සේ  උන්ව පෙන්න නැත්තේ හරියට කොරන්ටයින් වෙලා වගේ...

කොල්ලෝ සෙට් වලින්

  • අරකිගේ මුන නිකන් කොරෝනා හැදිලා හොද වෙලා වගේ මොකද බාන්ස්...
  • අඩෝ උබට කෑල්ල සෙට් උනාට පස්සේ නිකන් කොරන්ටයින් වගේ පේන්නවත් නෑනේ 
  • අනේ ඕකිට සෙට් වෙනවට වඩා හොදයි කොරෝනා හැදිලා මලගේයකුත් නැතුව වැළලෙනවා 
  • අනේ එයාට කොරෝනා තිබුනත් මම බදිනවානම් බදින්නේ එයාව විතරයි..


කෙල්ලෝ සෙට් වලින්

  • අරකි නිකන් හිතාන ඉන්නේ එයා විතරක් කොරෝන්ටයින් වෙලා කියලා වගේනේ 
  • අපේ පස්සෙන් ආවොත් ඔය වගේ කොරෝනා ඩයල් තමයි.
  • තමුසේ එක්ක යාලු වෙනවට වඩා හොදයි මම කොරෝනා හදාගෙන මැරෙනවා.
  • ඕකි වැඩිය දගලුවොත් මම කොරෝනා හදාගෙන  තමුසෙටත් බෝකරලා, අරකිටත් බෝකරලා තමයි පස්ස බලන්නේ....
අඩු වැඩිය කට්ටිය කොමෙන්ට් හැටියට එකතු කරානම්....... :)