මම S. L. මැලේ රාළ

මම ලංකාවේ පොරක් මැලේසියාවේ ජොබක් කරන.... මට මේක ලියන්න හිතුනේ අනික් බ්ලොග් කියවල ඒවා දැක්කම මෙහෙවෙන දේවල් අනික් කට්ටියටත් දැන කියාගන්න කියල තමයි .

අවූරුදු ගානක් තිස්සේ මෙහෙ ඉදන් අහපු දැකපු, සිද්ද උන හා දැනටත් සිද්දවෙමින් පවතින දේවල් තමයි මම ඔයාලට කියන්න යන්නේ ඕන්.....

Thursday 2 January 2014

අපිත් යමුද මැලේසියා ට්‍රිප් එකක්!!! part 2

ධම්මං සරණේ සිත පහදාගෙන 


ඔන්න පළවෙනි කොටසින්  කිව්වනේ මැලේසියා එන හැටි .... දැන් එදා මැලේසියාවට ආපු අයට අද කියලා දෙන්නේ මැලේසියාව බලන හැටි..
පලවෙනි දවසේ රෑ හොඳට නිදා ගත්තා නම් ඔන්න දෙවන දවසේ අඩුම තරමේ උදේ 8 වෙනකොටවත් එලියට බැහැලා අවට කඩයකින් උදේ කෑමත් කාලා ගමන පටන් ගමු 

පළමු දවසේ ගමන් විස්තරය 

මුලින්ම යන්න KL සෙන්ටර් එකට... එකේ තියෙනවා ගෙන්ටින්
හයිලෑන්ඩ් වලට යන බස් එක වෙන්කරන තැන එතනින් ඔබ ඊලග දිනයේ (හෝ ඊට පසු දින) උදේ අවම වශයෙන් 9.30 පෙර ඇති බස් රථයට ආසන වෙන්කරවා ගන්න කාලසටහන මෙහි ඇති අතර ඔබ වෙන්කරවා ගත යුත්තේ යාමට සහ ඒමට බස් හා ස්කයිවේ ටිකට් පත (bus transfer return+sky-way return) පමණි . මිල රිංගිට් 21කි සමහර අවස්ථාවල පැකේජයක් ලෙස මෙම ටිකට් පත සමග outdoor theme-park  ටිකට් පතද ලාබාගත හැක. (මතක තබා ගන්න indoor theme-park ටිකට් පත නොව) 

  මෙම outdoor theme-park  ටිකට් පත පමණක් වන්නේ රිංගිට් 50ක් පමණි. එය ඔබට ගෙන්ටින් ගිය පසු එහි ඇතුලත් වීමේ දොරටුවෙන්ද මිලදීගත හැක. එම ටිකට් පත පසුදින සදහාය. අද දින ගමන වෙන දිහාවල් වලය පළමුව යමු බතු කේව් (Batu cave) 

  බතුකේව් යාම සදහා KL සෙන්ටර් එකෙන්ම KTM දුම්රිය සේවය ඔබ ලබාගත යුතුය
ඉන්පසු අදාළ වේදිකාවෙන් බතුකේව් දුම්රියට ගොඩ උනායින් පසු ඔබ කෙලින්ම එම මගේ අවසාන දුම්රිය පල වන බතු කේව් දුම්රිය පලෙන් එලියට ආපසු මේ අනර්ඝ  ගුහා සංකීර්ණය හා හින්දු දේවාලය ඔබට දැකගත හැක දුම්රිය ටිකට් පත රිංගිට් 1.60කි (one-way) 


බතුකේව් වැනුම 

 මුලින්ම ගුගල් දෙයියාගෙන් ගත්ත පොටෝ ටික බලලා ඉමු  

ඇතුළුවන විටම පෙනෙන උස අඩි 140කින් යුතු මුරුගන් පිළිමය සහිත දෙවොල් බිම 
ගල් පඩි 272කින් යුතු  කන්ද නැග ඇතුලට ගියපසු 




















පහල හනුමාන් දේවොල (රාමායන ගුහාව) අසල ඇති අඩි පනහක් පමණ උස හනුමාන් පිළිමය



 මෙම බතුකේව් ගුහා සංකීර්ණය නිල වශයෙන් ලොවට හදුන්වා දෙන්නේ 1877දී මෙම ප්‍රදේශවල සංචාරය කළ ඇමරිකානු උද්භිද විද්‍යාඥ විලියම් හෝර්නඩේ විසින්ය... ඉන්පසු කලෙක 1890දී පමණ මෙහි පැමිණි ඉන්දියානු වයාපාරිකයකුවන තම්බුසාම් පිල්ලේ නම් අයකු විසින් ගුහාවට ඇතුළුවන ද්වාරයෙහි ඇති හෙල්ලක තුඩක වැනි පෙනුම දැක තම අවිය ලෙස හෙල්ලය අතැතිව ඇති මුරුගන් දෙවියන් ගේ පිළිරුවක් මෙහි ගෙනවිත් තබා, දැනට ලොවපුරා අති මහත් හින්දු භක්තිකයන්ගේ ප්‍රධාන සිද්දස්ථානයක් බවට පත්කිරීමේ අඩිතාලම දමන ලදී. 

කලකට ඉහත කරන ලද පරීක්ෂණ වලින් පෙනීගියේ මේ හුණුගල් ගුහාව වසර මිලියන 400කටත් වඩා පැරණි බවය.

  දහවල් 12 පමණ වන විට මෙම බතුගුහාවන් නරබා  අවසන් කොට ඒ අසල ඇති වෙජිටේරියන් රෙස්ටුවරන්ට් එකකින් හොඳ තොසේ හා වඩේ වලින් දහවල් ආහාරයද ගෙන නැවතත් පැමිණි දුම්රිය පලෙන්ම (නැවතත් 1.60ක ටිකට් පතක් ගෙන) KL සෙන්ටර් වෙත පැමිණිය යුතුය 
හවස් වරුව සඳහා ඔබ නැවතත් KL සෙන්ටර් වලින් LRT දුම්රිය මගෙන් KLCC වෙත ගමන් කල යුතුය. ටිකට් පත රිංගිට් 3.00කි ඒ වර්තමාන මැලේසියාවේ දියුණුවේ මංපෙත් ලොවට විවරකල නිවුන් කුලුන හෙවත් පෙට්‍රොනාස්  ට්වින් ටවර්ස් නැරබිම සඳහාය....

  ට්වින් ටවර්ස් වැනුම 

වර්ෂ 1993 සිට පුරා අවරුදු හයක් එකදිගට වැඩ කර වර්ෂ 1999 නිල වශයෙන් ආරම්භ කරන ලද මෙම නිවුන් කුළුණු මීටර් 452ක් උසය. තට්ටු 88කි. කුළුණු දෙකේ 41 වැනි හා 42 වැනි මහල් දෙකම යා කෙරෙමින් ඇති තට්ටු 2කක අකාස පාලමකින්ද යුතුය. මෙහි ජයාරූප මම වෙනම එකතු කරන්නේ නැත. එත් තවම පින්තුරයක්වත්  දැක නැති අයට petronas twin towers in kuala lumpur malaysia කියලා ගුගල් සර්ච් කරානම් පොටෝ හා විස්තර ඕනා තරම්ය. 

මෙය ලගට ගොස් පලවෙනි මහල් 5ක් පුරා ඇති සුපිරි කඩසාප්පු පේලියේ ඔබට එදින හවස් වරුව ගතකල හැක. (නමුත් කෑම බිම හැරෙන්න අන් කිසිවක් මිලට නොගන්න මෙහි මිල ගණන් තරමක් අදිකය)මෙම කුලුන උඩම තට්ටුවට නැගීමට ප්‍රරවේෂ පත්‍ර ඇතත් මාගේ උපදෙස ඒ සදහා කාලය හා මුදල් වැය නොකරන ලෙසය. නමුත් කාට හරි මෙයත් නැරබිය යුතුමයැයි සිතනවානම් විස්තර මෙතැන ඇත. 

හවස අදුර වැටෙන තුරු මෙහි ගත කර විදුලි ආලෝකයෙන් පසු මෙහි අසිරියත් විඳගෙන ඊළගට ඔබ පැමිණිය යුත්තේ බුකිට් බින්තන් වෙතය.
KLCC සිට ටැක්සියකින් රිංගිට් 12ක් පමණ ගෙවා බුකිට් බින්තන් මොනොරෙල් දුම්රිය පල වෙත පැමිණෙන්න ඉන්පසු ඔබට පෙනෙන්නේ මැලේසියාවේ රෑ අසිරියයි ඔබගේ අවශ්‍යතාවය අනුව රෑයකදී ඔබට උවමනා යයි සිතෙන ඕනෑම දෙයක් මෙතනින් මිලට ගත හැක. මම කරන්නේ මග පෙන්වීමය... පරිබෝජනය ඔබට අවශ්‍ය පරිදිය. 

      රැ 12ට පෙර නැවත නවාතැනට පැමිණීම සදහා බුකිට් බින්තන් මොනොරෙල් දුම්රියපලින් මොනොරෙල් දුම්රියට ගොඩවී KL සෙන්ටර් වෙත පැමිණ (මිල රිංගිට් 1.80කි) තනිපිල්ලේ ගමන් කරන දුම්රිය අසිරියද ඔබට විඳගත හැකිය 

දැන් පළමු දිනය නිමාවී ඇත. අද දිනයේ වියදම ආසන්න වශයෙන් රිංගිට් 50කි. ගෙන්ටින් ඇතුලත් වීමේ ටිකට් පතද සමග නම් 100කි. ඒ අනුව ඉතිරිය රිංගිට් 282කි.  

දෙවන දවසේ ගමන් විස්තරය 

දෙවන දවස ගතකරන අයුරු ඔබ දැනටමත් දන්නවාය එනම් ගෙන්ටින් ගමනය 







   මේකනම් කියන්න දෙයක් නැත උදේම වෙන්කරවා ගත්  වෙලාවට බස්රථයට ගොඩ වැදුනානම් ඊළගට එම බස් රථය නවත්වන්නේ කේබල් කාර් රථ  නැවතුමේය. එතනින් කේබල් කාරයට ගොඩවූවානම් ඊලග නැවතුම ගෙන්ටින් පරාදිසයේය.... රිංගිට් පනහක ටිකට් පතින් outdoor theme-park හි සියළු අවස්ථා සදහා කිසිදු වෙනත් ගෙවීමක් නොමැතිව සහබාගි විය හැක. මෙහි උෂ්ණත්වය ලංකාවේ නුවර එළිය පැත්තට සමාන බැවින් සීතලට ඔරොත්තු නොදෙන අය ඒ අවශ්‍ය තාවයට අදාළ පරිදි ඇදුම් ගෙනයන්න අමතක නොකරන්න 

හරි එහෙනම් දෙවන දවස ගෙන්ටින් වලට වෙලා ඉන්න හෙට මොනවද කරන්නේ කියනකම්, ඊලග (අවසාන ) පොස්ට් එකෙන්.....  

අවසාන දවස සදහා තෝරා ගැනීමට අවස්ථා තැන කීපයක් ගැන විස්තර ගෙන ඒමට බලාපොරොත්තුවෙන් සිටිමි. කලින් ඇවිත් ඇති අය හා පාඨකයන් වශයෙන් ඔබලාට මැලේසියාවේ වෙන විශේෂ දෙවල්  බලා පොරොත්තු වන්නේනම් එම අවශ්‍යතා කොමෙන්ට් මගින් ඉදිරිපත් කරන්න.

   පිළිතුරු ඊළඟ පොස්ටුවෙන් 

ගියපාර පලි එක මතකයිනේ...... 
 මෙන්න මේක 
පලි: ඇත්තටම කාට හරි එන්න ඕනෑනම් ඔය නිල් පාටින් තියෙන කරුණු වෙනමමත්, රතු පාටින් තියෙන ටික වෙනමමත් copy & past කර ගත්තානම් නිල් පාටින් අවධානය යොමුකළයුතු කාරණාත් රතු පාටින් මුල්‍ය තත්වයත් ඒ ඒ අවස්ථාවන්ට අනුකුලව ප්‍රරයෝජනයට ගත හැක. 

එහෙනම් සැමටම සුබම සුබ විස්සයි දාහතරක් වේවා !!!!!!