අහිංසකයින්ට නපුරෝ කීම
එකයි... දෙකයි... තුනයි.... ලිපට ගල් තුනයි...
හතරයි... පහයි....හයයි.... දුසිම් බාගයයි...
හතයි.... අටයි.... නමයයි.... නමය නපුරුමයි...
හෑ......... නමය නපුරුයි කිව්වා ..... මොකද්ද අප්පේ නමය ඔයාට කරපු වරද?
නවය මට කරපු දෙයක් නෑ ..... ඒ උනාට නමය නපුරු තමයි
ඒ මොකද නමය නපුරුයි කියන්නේ ??
මොකද කියලා මම දන්නේ නෑ.... එත් නමය නපුරුයි කියලා හැමෝම දන්නවා.... අව්රුදු නමයක් වෙනකොට ඔයත් පරිස්සම් වෙන්න ඕනා.... මොකද නමය නපුරු නිසා අවරුදු නමයේදී හැමෝටම ගොඩක් කරදර වෙනවා ඒ නිසා ඔයත් අව්රුදු නමයක් වෙනකොට කොටින්ම කියනවනම් නමය ගෑවෙන හැම තැනකදීම පරිස්සම් වෙන්න මතක තියා ගන්න ඕනා....
යන්තම් අව්රුදු හතරක් පහක් වෙන කාලේ රාලගේ පොඩි අක්ක කාටවත් වරදක් නැති නමය නපුරුයි කියලා රාළට ඉගැන්නුවේ ඔන්න ඔහොම තමයි.... එදා ඉඳන් සෑහෙන්න කාලයක් යනකම් නමයෙන් ඇත්වෙලා ඉන්න රාල වග බලාගත්තා.
හැබැයි ඇත්තම කියනව නම් මේ නමයේ තියෙන නපුර මොකද්ද කියලා රාලනම් අද වෙනකම්ම දන්නේ නෑ... අනිත් එක තමයි නමය නපුරු උනාට දහනමයට, විසිනමයට අව්ලක් නෑ.... තනි නමය විතරයි පස්නේ...
එත් මැලේසියාවේදිනම් නමයේ එකක් නැත්නම් නමයේ කෑල්ලක් කිව්වම සමහරු ලැජ්ජාවේ ඇඹරෙනවා.. තව සමහරුන්ට හරි ආතල් එහෙම වෙන්නේ කොහොමද කියලත් ඔය නමයේ කෑල්ලක් නිසා අපේ අයියාලා දෙන්නෙක්ට වෙච්ච සංගෙඩිය ගැන මේ සටහන අවසානයේදී බලමුකෝ.....
රාල අවුරුදු නමයත් පැනලා පහලවක් දාසයක් වෙන කාලේදී තමයි ඊළඟ නපුරු ඉලක්කම ගැන දැන ගත්තේ.... ඒ කථාව මෙන්න මෙහෙමයි....
රාළට හිටියා අපුරු අඹ යාලුවෙක්... ඔය සාමාන්‍ය පෙළට පෙනී හිටින කාලේ රාලටයි මේ අඹ යාලුවටයි ගහලා තිබ්බ එකම පිස්සුව මෝටර් සයිකලයක් ගන්න එක.... ලයිසොන් ගන්නත් තවම වයස හරි නැති කොට ගෙවල් වලට හොරෙන් මෝටර් සයිකලයක් ගන්න එකට කොරමයක් හදාගන්න උනන්දු උනේ විබාගයත් පැත්තක තියලයි.
ඔය අතරේදී ඔත්තුවක් හම්බුනා චැලි වර්ගයේ යන්තම් ස්ටාර්ට් වෙන සයිකලයක් රුපියල් 3000කට අපි දන්නා හදුනන මෝටර් සයිකල් ගරාජ් එකක තියෙනවය කියලා කොහම හරි බාගේ බාගේ දාලා සතියක් යන කොට මේ චැලිය අපිළඟ....
මේ අගනා භාණ්ඩේ නොම්මරේ 113 ශ්‍රී 9121
මුලින්ම මේක පැදගෙන ගියේ යාළුවගේ ගෙදරට.... වාහනේ සද්දෙටම දොරකඩ ලඟට ආපු යාළුවගේ බාප්පා කාගේද බෝල මේ හුචක්කුව කියලා ඇහැව්වා.....
මේක මේ රාලලාගේ අයියා අද අරගෙන තියෙන්නේ.... යාළුවා කියනවා
හරි අයියටයි මල්ලිටයි ඕන මගුලක් කර ගන්න කියපන් හැබැයි උබ එහෙම ඕක පදින්නේත් නෑ වෙන එවුන් පදින කොට පිටිපස්සේ නැගලා යන්නෙත් නෑ
ඒ මොකද බාප්පේ ඒ?
ඒ මොකද කියන්නේ බලපන් පටන් ගන්නෙත් එකසිය දහතුනෙන් එකතුව එන්නෙත් දහතුන අන්තිම නපුරුයි...... ඕක පදින්න තියා වත්තේ හතර මායිමට වත් ගන්න හොඳ වාහනයක් නෙවි.....
මේ මොකද්ද දෙයියනේ මේ හෙනහුරේ කියලා යහළුවා කල්පනාවට වැටෙද්දී බයික් එකත් අරගෙන මම අපේ ගෙදර ආවා........ දැම්මා වත්ත පල්ලෙහා බයික් එක හිටියා හවස් වෙනකම් මොකද වෙන්නේ බලන්න
හවස තාත්තා කෙලින්ම ආවේ මාව හොයාගෙන කෝ දවාලේ පැද්දයි කියන බයික් එක ? කාගේද එක?? දැන් කෝ ? ප්‍රශ්න වැලයි
එක අර මගේ යාලුවාගේ අයියාගේ...... එකේ නොම්මරයක් මොකද්ද සවුත්තු වෙලා කියලා ඒගොල්ලන්ගේ බාප්පා එක පදින්න එපාලු..
මේ පුතේ මට බොරු කියන්න විතරක් එන්න එපා ඒ මනුස්සයා තමයි මට විස්තරේ කිව්වේ..... මොන මිනිහෙක්වත් ගන්නේ නැති නොම්මර 13 එන බයික් එක කව්ද දැන් අරගෙන තියෙන්නේ ????
කව්රු ගත්තත් මට කමක් නෑ ඔයා එහෙම ඕක මේ පැත්ත පළාතේ ගේන්නෙත් නෑ පදින්නේත් නෑ තේරුනානේ !!.
කාටවත් වරදක් නැති අංක දහතුන ත් නපුරුයි කියන මේ හරිම හොඳ මිනිස්සු නිසා තුන්දාහක් දීලා ගත්ත බයික් එක කවදා හරි අපහු සල්ලි දෙන්න කියලා ගත්ත තැනටම ගිහින් දැන්මේ ඔන්න ඔහොමයි
දැන් අංක නමෙත් නපුරුයි දහතුන ඊටත් වඩා භයානකයි.....
අංක නමේ වගේ නෙවි දහතුන ගොඩක් රටවලට නපුරුයිලු කොටින්ම ගොඩක් ලොකු තරු හෝටල වල අංක දහතුනට කාමරයක් වත් නැතිලු.... එහෙම අංක දහතුන තියෙන කාමරවල හරිම හරි භයානක දේවල් වෙනවලු මෙන්න මේ පිචර් එකේ වගේ...
මම මේ අද කතා කරන්න යන්නේ මේ අංක නපුරු උනේ කොමද කියලනම් නෙවි මොකද යාළුවගේ බාප්පා තියා ගුගල් මාමාගෙන් වත් ඕකට හරි උත්තරයක් මමනම් හිතන්නේ නෑ හොයාගන්න පුළුවන් වෙයි කියලා.... මට තියෙන පස්නේ ලංකාවේදී නපුරුයි කියන මේ දහතුන මෙන්න බොලේ මැලේසියාවේදී කිසි අව්ලක් නෑ හරි චෝයිලු .... කොටින්ම කියනවනම් සමහර හෝටල්වල බිල්ඩින්වල දහතුනේ එවා දෙක දෙක තියෙනවා.....
ඒ කියන්නේ මැලේසියාවේ මිනිස්සු මේ අංක නපුරුයි කියන්නේ නැද්ද?
ලංකාවේ එහෙම උනත් මැලේසියාවේ එහෙම වෙන්නේ නෑ
මේ ගොල්ලෝ අංක නමෙයි අංක දහතුනයි නපුරුයි කියන්නේ නැ
එත් අංක හතරනම් අන්තිම භයානකයි කියලා තමයි කියන්නේ
හෆොයි දෙයියනේ ලනාවේදී අච්චර හොඳට තිබුන අංක 4 මෙන්න මෙහෙ ඉන්න චීන්නු කියනවා අන්තිම භයානකලු, නපුරුයිලු,,, යක්ෂයාට සම්බන්දයිලු........ ඒ නිසා හතරෙන්නම් ඈත්වෙලා ඉන්නලු.... (හොඳ වෙලාවට ඕක තුන නොව්නේ)
ඉතින් මේ භයානක හතරෙන් ඇත් වෙන්න මෙයාලා පොඩි පොඩි ටිරිකිස් වැඩ ටිකකුත් කරනවා ඒ කියන්නේ දැන් අපි හිතමු අපාර්ට්මන්ට් එකක තට්ටු 25ක් විතර තියෙනවා කියලා එකේ ඉඳන් මේ තට්ටු වලට අංක දාගෙන යනකොට අංක 3 ගාවට තියෙන්නේ 3A... ඊට පස්සේ තට්ටුව අංක 5.... හු හු අර භයානක අංක 4 නෑ 13 වෙනි තට්ටුවට පස්සේ 13A භයානක 14ත් නෑ (හැබැයි ලංකාවේදී භායානක 13 ඒවානම් 2ක් තියෙනවා )
අංක හතර විතරක් නෙවි ඕනෑම එකවගේ 4ක් තියෙනවනම් මේ චීන්නු පට්ට අකමැතියි. වාහනයක අංකය 2222 වගේ එකක් උනත් මෙයාලා ගන්නේ නෑ එක 2322 වගේනම් හරිම ආසාවෙන් ගන්නවා
මේවා ඔක්කොම දැන ගත්තාම මටනම් හිතෙන්නේ එක එක පිස්සන්ට එක එක පිස්සුනේ කියන කතාවම තමයි
මොනවා උනත් ඔබලාට චීනෙක් එක්ක වැඩක් කරන්න උනොත් මතක ඇතුව 4 අයින් කරලා ඒ වැඩේ කරන්න මතක තියා ගන්න එතකොට ඔබේ කාර්යය සාර්ථකව නිමකරගන්න හැකිබව රාල කියන්නේ අත්දැකිමෙන්මයි.
එහෙනම් අදට යන්න කියලා ආ..... තව පොඩ්ඩෙන් අමතක වෙනවා අර උඩ අන්තිමට කියනවයි කිව්ව කතාව.... මෙන්න මේකයි ඒ....
ඔය නමයේ කෑලි කියන්නේ මැලේසියාවේ ඉන්න අපේ පොරවල් මෙහෙ ඉන්න නපුන්සකයින්ට. මොකද ඒ කට්ටිය ඉතුරුවෙලා තියෙන අංග ටික ඔක්කොම ශල්‍යකර්ම මගින් හොඳට පෙන්න හදාගෙන එකසැරේට දැක්කම ගැහැනුන්ට වඩා ලස්සනට පෙන්න තමයි ඉන්නේ. මෙයාලගේ වැඩි පිරිසක් රිංගිට් නමයක් වගේ ගානකට ගණිකා වුර්තියේ යෙදෙන එක තමයි කොරන්නේ (ඔන්න දැන් කොමෙන්ට් වලින් අහනවා එහෙම නෙවයි ඕනානැති කතන්දර)
කොහොම හරි මැලේසියාවේදී එකට හම්බඋන යාළුවො දෙන්නෙක් තට්ටු පහ හයක අපාර්ට්මන්ට් එකක් ළඟ චැට් එකක් දාගෙන ඉන්දැද්දී උඩ තට්ටුවක ඉන්න ලස්සන කෙල්ලෙක් මෙයාලා දිහා බලන් ඉන්නවලු මුලින් ම හස්ත සංඥ මගින් අදහස් හුවමාරු කර ගනිද්දී කෙල්ල ඔන්න උඩට එන්න කියනවලු ..... එක්කෙනෙක් පහල මුර කරද්දී අනෙකා එළියේ ඉඳන් ගැනලා බැලුවම 4 වෙනි තට්ටුවේ බව දන ගෙන එතැනම තිබ්බ විදුලි සෝපානය ඇතුලට ගිහින් බැලුවම අංක 4ක් එතන නෑලු,, 3 ගාවට 3A ඊට පස්සේ 5... එපාර එකෙන් එලියට ඇවිල්ල පඩිපෙළ දිගේ ගැන ගැන 4 වෙනි තට්ටුවට ගිහින් ටික වෙලාවකින් ගියාටත් වැඩි වේගයකින් පහලට ඇවිත් අනෙකාට කියනවලු
"යකෝ මේකේ ලිෆ්ට් එකේ 4 වෙනි තට්ටුවකුත් නෑ පනදාගෙන තට්ටු හතරක් නැගගෙන කතාකරපු කෙල්ල ඉන්න තැනට ගියාම ඒකිට *&%#$ කුත් නෑ කියලා ...... "
පහල දාලා තියෙන්නේ අර යාලුවෝ දෙන්නගේ පොටෝ එකක් නොවන බව කරුණාවෙන් සලකන්න

එසේනම් අදට හරියටම අව්රුද්දක් සපිරෙන මගේ බ්ලොගට හා මට (මේ පොටෝව පල වුවාට පසුවත්) ජයම වේවා
පලි : කාටවත් කරදරයක් නැති අංක වලට හා වේලාවට නපුරුයි බයයි , හොඳ නැතෙයි කියමින් සිටිනවාට වඩා තමන් ගැන හා තමන් කරන කාර්යන් ගැන උපරිම විශ්වාසයකින් වැඩ කරන්නේනම් පහසුවෙන් සාර්ථකත්වයට පිය නැගිය හැකිබව අවධාරණය කරන්නේ මැලේ රාල තම අත්දැකීම් තුලින්මය...
පළමුව පළමු සංවත්සරයට සුබ පැතුම්. දෙවනුවනං කියන්න තියෙන්නේ අර පොටෝවේ මොකද්ද එක අල්ලං ඉන්න කෙනා නේද තට්ටුව හොයන්න දුවනා අරකත් ඒකිට නැ කියලා ආව කෙනා. අනික නං දැන් මැලේවලට හුරු එකානේ... ඕං අපි නම කිව්වෙ නැතිව ගියා.
ReplyDeleteබොහොමත්ම ස්තුතියි
Deleteඅනේ ඔය කතාවටයි පොටෝ එකෙයි සම්බන්දයක් නෑ (කිව්වට නැත්තෙමත් නෑ)
ඉස්සෙල්ලම සුබම සුබ ඇනිවසරියක් වේවායි පතමි.
ReplyDeleteඉලක්කං ගැන කියන්න ගියොත් පළවෙනිම කාරණේ දහතුන කියල ඉලක්කමක් තියෙනවද නෑනෙ.එතන හතර.කාට කොහොම උනත් මට නං හතර හරිම සුබයි.
ටැංකුයි හැලප මාමේ
Deleteමම කියන්නෙත් ඕකම තමයි ලෝකයේ ගොඩක් 13 හොඳ නෑ කියන කොට 14 හොඳ නෑ කියන මෙහෙ චීන්නු 13 හා 13A (දාහතර වෙනුවට) කියලා 13 ඒවා දෙකක් හදලා ඔය සෝයි එකට ඉන්නේ
ඔය වාහන අංකයෙ 13 නම් අමු බොරුවක්, මගෙ ලග ඔහොම 13 එන වාහන දෙකක් තිබුන මොකුත් මට නම් වුනේ නෑ. 9ශ්‍රී 5530 බීට්ල් එක දැන් තිබුනනම් කියල වැඩක් නෑ.
ReplyDeleteඑකනේ බන් දැන් ඔය RMV එකෙන් 13 ඉලක්කම ආවාම පෝලිම බ්ලොක් වෙන නිසා රජයේ වාහන වලට 13 අංකය නිකුත් කරනවලු ..... එතකොට රජයේ වාහන පාවිච්චි කරන එවුන්ට මොන හෙනයක්වත් නැනේ බන්
Deleteපළමු සංවත්සරයට සුබ පැතුම් ......
ReplyDeleteස්තුතියි සහෝදරයා
Deleteඔන්න එහෙනම් උඹේ බ්ලොගේ පළමු සංවත්සරයට අපිත් සුබ පතනවා.
ReplyDeleteඒක නෙවි, අර පොටෝවෙ උඹ නැතිවෙච්ච හතර ද හොයන්නෙ.
ඒ ඉන්නේ රාළ නොවේ අපේ බොහොම හිතවත් බ්ලොග් කරුවන් දෙන්නෙක්. එකෙක්නං මැලේ වල පදිංචි වෙලා ඉන්නේ හෙටානිද්දට පොර චින කෑල්ලක් කරකාර ගනියිද කියන්නත් බෑ අනික නං ඔය සංචාරෙකට ගිහින් ද කොහෙද?
Deleteතන්කුයි මදුරු නාෂකයෝ .... ඔය පොටෝ එකේ මම නෑ බන් ...... ඔය මගේ පාඨකයෙක් එව්ව මේල් එකක තිබ්බ පොටෝවක් ... පාඨකයා පොඩි පබ්ලිසිටියක් ඉල්ලුව නිසා මෙතන එල්ලුවා
Deleteඇත්තට නලියෝ මුන් දෙන්න බ්ලොග් ලියන එවුන්ද ...... කලින් දන්නවනම් මම මෙතන දාන්නෙත් නෑ
Deleteහෆ්ෆටසිලි .... ඒ වගත් එසේදැ. එකෙක්ව නම් ඉතිං දන්නව. (ඒ තඩියව නොදන්නෙ කවුද ඉතිං) අනිකා ගැන නම් මට ෂුවර් එකක් නෑ. මැලයා දාපු නිසා මම හිතුවා ඌ වෙන්න ඇති කියල. ෂොරි වෙන්ටෝන සිදුවෙච්ච ප්‍රමාද දෝෂයට. :)
Deleteඅනේ මමනම් මුන් දෙන්නවම දන්නේ නෑ ඕන් ..... පාඨකයෙක්ගේ ඉල්ලීමට තමයි පල කලේ
Deleteමෙතන එකක් අඩුයි නෙව...
ReplyDeleteකිරිකොට් නෙල්සන් 111
හිහි...
එතකොට අංක කතා එහෙමයි ඈ...
නෙල්සන්ගේ 111ත් අසුබ එකක්ද බන් මම හිතුවේ එක ගුඩ් සිම්බල් එකක් කියලා
Deleteසුභපැතුම් ඈ!
ReplyDeleteබොහොමත්ම තැන්කුයි ආ...
Deleteඅවුරුද්දට සුබපැතුම් (ආදරණීය) මැලේ රාළට.....
ReplyDeleteඔය දහතුනේ කතාව මෙහෙත් ඔහොමයි ,
නමය නපුරුයි කියන කතාව ගැන කියනකොට මට මතක් වෙන්නේ , වී.ජ.මු. ලොකුබණ්ඩාරව , එතුමාගේ මනාප ලයිස්තුවේ හැමදාම නොම්මරේ අංක නවය , හැබැයි හැමදාම බදුල්ල දිස්ත්‍රික්කේ පළමුවැනියා මනාප වලින්, එයානම් කියන්නේ නම්ය තමයි මට නම් වාසනාව ගේන්නේ කියලා .
මෙහෙ අපාර්ට්මන්ට් වලත් ඔය අංක 13 නෑ , 12ට පස්සේ 14 , ඔය දහතුනේ කතාව බටහිරින් ආපු දෙයක් හැටියට තමයි මම අහලා තියෙන්නේ , ජේසුස් වහන්සේගේ අන්තිම භෝජන සංග්‍රහයට සහභාගී වුනු ගණන 13ක්ලු ,ඉතින් අන්තිම භෝජන සංග්රහයෙන පස්සේ සිදධවුණු දේවල් හැමෝම දන්නවනේ ඒ නිසා බටහිර මේ 13 අසුබ අංකයක් හැටියට සලකන්වලු මම අහල තියෙන විදිහට කතාව ඕකයි ,(ඔන්න් ඉතින් ඕකේ අල මුල් අල්ලාගෙන මගෙත් එක්ක වලියට එන්න එපා ඕක මං අහපු දෙයක් විතරයි )
කවුද බං අර ෆොටෝ එකේ ඉන්න දෙන්නා
ස්තුතියි පව්ලුෂා අයියේ
Deleteඋබ කිව්වම තමයි 13නට ඔහොම කතාවක් තියෙනවා කියලා මතක් උනේ
නලියා කියන්නේ බ්ලොග් කාරයෝ දෙන්නෙක් කියලා
හුකෑස් .. අර පොටෝ එකේ ඉන්න උන් නං රිංගිට් 9 ට පාඩුයි බොල.. දෙන්නට ඕන්නං රිංගිට් 5 ක් දෙන්නං :D
ReplyDeleteමගෙනං ගාන දෙන්නටම 4යි.
DeleteBuy two get one free දෙනවලු නලින් අයියා.. ඩබල එක්ක මැලෙයව ෆ්‍රී .. හැක හැක
Deleteපත්තරයෝ උබට පිස්සුද මුන්ව රිංගිට් පහට ගන්න සෝමාලියානු මුහුදු මංකොල්ල කාරයෝ වගේ එවුන්ම එන්න ඕනා :)
Deleteනලියට බින්තන් ගිහිල්ලත් හොඳ ඒවා හම්බවෙලා නෑ වගේ මුන්ට 4ක් දෙන්න
Deleteයකෝ මොන රටේද පත්තරයෝ ජරා බඩු සල්ලිවලට දීල හොඳ ඒවා නිකන් දෙන්නේ
Deleteඅපි යනකොට මේ ඩබලෙන් එකයිනේ හිටියේ එහේ.
Deleteඔයත් මෙහෙ ආවද නලින් අයියේ
Deleteපළවෙනි සංවත්සරේට සුබ පැතුම්.
ReplyDeleteදැන්නං රාළ ගානට අංක දැනගෙනම ලිෆ්ට් එකේ යනව කියල තමයි ලෝකයනං කියන්නෙ.
තැන්කිව් ත්‍රි භාෂා
Deleteලෝකයා කියන කතාව ඇත්ත තමයි බන් රාල ගානට යනවා අර පොටෝවේ ඉන්නවා වගේ වෙන එවුන් දෙන්නෙක්ට තමයි අප්පට් එක වෙලා තියෙන්නේ
අඩෝ.... තාම අවුරුද්ද ද.... බොගට ....
ReplyDeleteඔය රටේ අවුරුදු කීයද .......
බලහං සිරා මල්ලි ඔහෙට ඇවිල්ල රට ගැන විස්තර විතරක් නොලිය......
මහාතීර් මොහොමඩ් වගේ ඇගත් හදාගෙන....
තෝ ...එකම තැන.....
මම සුභ පතන්නෙ දිගටම ලියන එව්වන්ට....
මේ කුණු කතා අහන්න එපා රාළේ ලියපන් පෙට්ට්‍රෝනා අයිතිකාරයගේ අලගිය මුලගිය තැන් ගැනත්. ඒකා ලංකාවේ කියලා මේ කෙන්ජයියා දන්නේ නෑ වගේ.
Deleteහෙහ්...හෙහ්..... නලිය ...... එයා උතුරේද......? දකුනේද ...... ?
Deleteමොකද මැලේ මල්ලි ගේ ගිණි තියා ගන්නව අකමැති ඇති බං ........
සිරා ලොකු කොම්පැනියක ලොකු ජෝබක්නේ කොරන්නේ අපිවගේ හල කලි කොහොමද ඔයවගේ ලොකු වැඩ කරන්නේ කෙන්ජෝ ..........දැන් මට සුබ නොපැතුවත් මුල් කාලේදී මට දුන්න සපෝට් එකනම් මට කවදාවත් අමතක වෙන්නේ නෑ කෙන්ජයිය්යේ
Deleteබෙරේ වැවට ඔය කුණත් කජ්ජක්ද කිව්වලු නලියෝ
Deleteමෙහෙ ඉන්න ලංකාවේ ඒජන්ට් එවුන් ගැනනම් ලිව්වකි.... නලින් අයියේ එත් ඔයා කියන කෙනා ගැනනම් ටික්කෙටම දැනගන්නේ නැතුව ලියන එකනම් ඔය කෙන්ජා කියන වැඩේ වෙන්න පුළුවන් කේස් එකක්
කෙන්ජයියා මොනවද බං...වෙලාවක පොඩි මේස කෑල්ලක් උඩ පණු බේත් බෝතලයක් එහෙම තියාගෙන අපි අපිට සම්මුඛ වෙමුකො...මට මළ පැන්නොත් පෙට්‍රොනාස් ලොක්කා ලග ඊලගට ලියනවා...ලිපිය පල වුනාම..මැළයා මට කියයි....මම ලියන්න හිටිය දේවල් තෝ ලිව්වෙ මොකද යකෝ කියලා.....හෙක් හෙක්....
Deleteනලින් අයියත් සෙල්ලං බඩුවක් නෙවෙයිනෙ බලාගෙන ගියාම...බින්තන් වලින් ආපහු එක්කගෙන ආවෙ හරිම අමාරුවෙන් කියලයි රට්ටු කියන්නෙ.
සිරා ඔන්න උබ ලියපන් බන් .... මට වෙන වැඩ තියෙනවා කාම පැයේදී කරන්න
Deleteඑතකොට උඩ පොටෝවේ නලියද ඉන්නේ
අහවල් එක මිරිකගෙන ඉන්නෙ නලියා වගෙයි මට පේන්නෙ.
DeleteALL THE BEST & Good Luck!!
ReplyDelete9 කියන්නේ හෝටල් ක්ෂෙත්රයේ භාවිතා නොවන ඉලක්කමක්. කාමර අංක තිබුනේ නැහැ නවයෙන් ඉවරවෙන. රෙස්ටොරන්ට්වල මේස අංක දැම්මෙත් නැහැ. යුරෝපයේ නම් 13 එහෙම එකක්. මම නම් ඕවා හිතන්නේ නැහැ. 13 සිකුරාදාවක් වුනා නම් මෙහේ එවුන් තවත් සැලකිමත් වෙනවා. Friday the 13thකියලා ෆිල්ම් එකක් ආපු බවත් මතකයි.
ෆිල්ම් එකක් ආව නෙරංජ ....
Deletethank you very much අරූ මාමේ !!!
Deleteවැඩේ කියන්නේ මෙහෙ හෝටල් වලනම් නමයත් තියෙනවා දහතුනත් තියෙනවා.....
කෙන්ජායිය කියන්නා වගේ Friday the 13th කියල 1984 දී හා 2009 දී පිචර් දෙකක් ඇවිත් තියෙනවා
අරූ මාමගෙ නම නෙරංජ ද....කොල්ලෙක්ගෙ නමක්නෙ බොලේ...
Deleteකොල්ලෙක් තමයි බන් නැතුව නමයක් කියලද හිතුවේ :)
Deleteමට නම් මේ දවස්වල් ඔක්කෝම ඉලක්කම් අප්ෂට්..
ReplyDeleteහැපි ඇනිවසරියක් වේව්වා....!!!!
ඒ මොකෝ මචෝ...
Deleteස්තුතියි මාතලන් දුන්න හා දෙන සපෝර්ට් එකට (සින්ඩියේ එල්ලගෙන)
Deleteහැබැයි ඉලක්කම් අප්ෂට් වුන එකනම් ඉලක්කම් වල වරදක් නපුරක් වෙන්න බෑ
හැපි අවුරුද්දක් වේවා රාළයො.
ReplyDeleteමේ අවුරුද්දෙවත් කාම පැයෙ හරි මොන මොනවා හරි කොටපිය.
ෆොටෝ එකේ එක්කෙනෙක්ව දන්නවා. අනිත් කෙනාව හිතා ගත්තා.
හම් හම්....ඔබ හරි වගේ
Deleteහ්ම්ම් හ්ම්ම්… එහෙනම් හරි.
Deleteතැන්කුයි ප්‍රියා
Deleteබය වෙන්න එපා කාම පැයේත් කොටන එක තමයි කරන්නේ
මට නම් තාම බැරි උනානේ මේ කව්ද දෙන්න කියලා හොයා ගන්න
DeleteUSA වලත් ඔය කේස් එක තියනවා. පරන හොටේල් වල 12ට පස්සේ 14. දැන් හදන අලුත් ඒවාගේ නම් 13වෙනි තට්ටුව තියනවා, හැබැයි කාමර නෑ, තියෙන්නේ හවුස්කීපින් ස්ටොරූම් වගේ ඒවා
ReplyDeleteලංකාවෙත් තරු පහේ හෝටල් සියල්ලකම වගේ 13 කාමරය ඒ තට්ටුවේ හවුස්කිපින් රූම් එක හැටියට තමයිලු පාවිච්චිය මම අහලා තියෙන විදියට
Deleteසංවත්සරයට සුබපැතුම්!...........!
ReplyDeleteඔහේ ඉන්න එවුන්ට කියන්න ලංකාවේ අපිටනම් කිසිම ඉලක්කමක් සුබ නෑ එන්න එන්නම බඩු මිල ඉලක්කම් ඉහල යනවා මාසික පඩියේ ඉලක්කම් එතනම තියනවා කියලා.
ස්තුතියි තුවක්කු මාමේ ....:D
Deleteඒ උනාට ඉලක්කම් එක්ක තියෙන තරහට තුවක්කු අරගෙන වෙඩි තියන්න එහෙම යනවා නොවෙයි මේ නහින දෙහින කාලේ
සංවත්සරය වෙනුවෙන් උණුසුම් සුභපැතුම් මැලේ!!!
ReplyDeleteමම හිතන්නෙ ඔයාගෙ බ්ලොග් අඩවිය ඉතාම සාර්ථකයි! පෝස්ට් විසිපහකට හිට්ස් තිස්දාහක් ගැනීම ලේසි පාසු හැකියාවක් නෙමෙයි. (මේ විස්තර බැලුවෙ මගෙත් අවුරුද්දෙ ඇනිවර්සරි එක ලබන මාසෙ නිසයි.)
Deleteස්තුතියි බස්සි මේ පැත්තට පියාබලා සුබ පතනවට
Deleteඔයාගේ දෙවැනි කොමෙන්ටුව දැක්ක ගමන් මම කරේ ඔයාගේ එකට ගිහින් බැලුවා.... බුදු අම්මේ මාස එකොළහකට පොස්ට් 165 යි හිට්ස් අසුපන්දාහයි....................... ඉරිසියාවේ මාව වෙව්ලන්න ගත්තා.....
මොන බොරුද බං. මගේ පළවෙනි බයික් එකත් එකතුව 13. නමුත් දෙයියනේ කියලා පැදලා ඉවරවෙනකල්ම මොකුත් දරුණු අනතුරක් වුනේ නෑ. ඕකේ අපි දෙහිඅත්තකණ්ඩියේ ඉඳලා තුන්දෙනා දාලා බඩුත් පටෝගෙන කොළඹ එනවා.
ReplyDeleteඅර පින්තූරේ ඉන්න එවුන් දෙන්නා මට පේන්නේ බ්ලොග් කාරයෝ දෙන්නෙක්ගේ තාත්තලා වගේ. එකෙක් ඉවාන්ගේ තාත්තා වගේ. අනිකා සිරාගේ තාත්තා වගේ.
HAPPY BLOGOVERSARY!
Deleteඒ ඔයත් තුන්දෙනා ඩබල් දාලා ගිහින් නේ චිකේ ලැජ්ජයි අනේ
Deleteබ්ලොගවසරි ,අන්න වචනේ
Deleteමම කියන්නෙත් ඔය අහිංසක අංක වලින් අපිට කරදට්‍යක් නෑ කියලා තමයි
Delete"තුන්දෙනා දාලා බඩුත් පටෝගෙන" හරියටම බයික් එකේ කි දෙනෙක් ආවද කියලා පාඨකයාට හොයා ගන්න කියනවද දෙහිඅත්ත කණ්ඩියේ සිට කොලබ එද්දී ඔයා බඩු කියක් දාගෙන ආවද කියලා
HAPPY BLOGOVERSARY! දැන් ගුරෝ මේකට නිකන්ම නිකන් තැන්කුයි කිව්වම ඇද්ද
Deleteආනේ තව පොඩ්ඩෙන් අමතක වෙනවා .... දැන් ඔය පොටෝ එකේ ඉන්නේ ඒ කියන්නේ නැහැදිච්ච දරුවෝ දෙන්නෙක්ගේ හැදිච්ච තාත්තලා දෙන්නෙක්ද
Deleteඅපේ තාත්තගෙ ෆොටෝ එකක් මගේ බ්ලොග් එකේ තියෙනවා මගේ පාට්නර්...
Deleteදහතුන මෙහෙ මැලේ ජාතිකයෝ හොය හොය ගන්නවා.. චීන අය හොයන්නෙ අට.. හතර චීන බාසාවෙන් කියන විදිහටහ් මරණය කියල කියන විදිහත් එකමළු.. කවදාවත් මල කෙනෙක් හතර එන දවසක වලදාන්නෙ නෑ. ඔය මොන ම්ඟුල හරි වැරදි උනත් මං කවදාවත් දහතුනේ වාහනයක් ගන්නෙ නැ ..ඇයි යකෝ ඔය මඟුල විකුණන්න ගියාන පාඩුයිනෙ..
ReplyDeleteමැලයෝනම් දහතුනට උඩින්ම කැමතියි තමයි.... මම එක සැරයක් ගෙයක් රෙන්ට් කරන්න ගිය වෙලාවක ගේ අයිති මැලයා මට කියනවා මේ ගේට එයාට රිංගිට් 100ක් වැඩිපුර මාසෙට අයකරන්න පුළුවන්ලු ගෙදර අංකෙ 13 නිසා
Deleteඔව් අපි මුලින්ම ගත්ත වාහනෙත් අන්තිමට නිකන්ම තමයි දෙන්න උනේ අංකෙ 13 නිසා
http://arugeadaviya.blogspot.com/
ReplyDeleteමේ මොකද බොලන් ??? උබ අරුගේ නෑයෙක්ද ඇනෝ ?
Deleteපළමු සංවත්සරේට සුභ පැතුම් රාළෙ..
ReplyDeleteඅඩේ මං පන්තියෙ වෙනියගෙන් විස්සෙන් උඩට ආවෙ නවයෙ පන්තියෙදි.. :D
තැන්කුයි සංචාරේ ....
Deleteඑතකොට දහයේදී උබ ආයෙත් 20න් යටද
සුභ පැතුම්.
ReplyDeleteස්තුතියි සංජිව
Deleteපළෙවෙනි සංවත්සරේට රාළට උණුසුම් සුභ පැතුම් බං...!!! අර උඩ ඉන්න තඩියව හම්බුනොත් කියහං මං මතක් කොළා කියලා.
ReplyDeleteස්තුතියි ඩ්රැකී....... මමත් තාම හොයනවා මුන්දෙන්නා කව්ද කියලා
Deleteසුබ පැතුම් අනිවසරියට .. මේ පහුගිය සිකුරාදා 13 වෙනිදා නේ.. අපි උදේ ඒක ගැන කතා කර කර හිටිය හවස කෝල් එකක් ආවා අපේ එක යාලුවෙකුගේ එපාර්ට්මන්ට් එකක් ගිනි අරන් කියල.. හෙහ් හෙහ් ..හෙන අහඹු සිදුවීමක්. ගිනි අරන් තියෙන්නේ ඉබේමයි. ඒ කියන්නේ ගෙදර කවුරුත් නැති වෙලාවක ටීවී එකේ ප්ලග් වලට ගිනි ඇවිලිලා.. මොකක් හරි වයර් ෂෝට් එකක් වෙන්න ඇති..
ReplyDeleteඔය විදියට බැලුවොත් බන් මම ඉපදිලා තියෙන්නෙම 9යි 9ය නේ.. :D මේ ඉන්නේ අපුරුවට..
ස්තුතියි පැතුම් .....
Deleteඒ උනාට කෝකත් වැරදියට බලන එවුන්ට ඕකත් ඇති පැතුම් 13 ඉලක්කමටයි සිකුරාදා දවසටයි බනින්න
ජේසු තුමා සමග අවසන් භෝජන සංග්‍රහයට සහභාගි වූ පිරිස 13 ක් වීම නිසානෙ ක්‍රිස්තියානි භක්තිකයො 13 ට අකමැති...ඒ උනාට ඒ අකමැත්ත අන් ආගම් වල අයටත් පැතිරිලා. සමහරු හේතුව දන්නෙත් නෑ...අනේ මට නම් කිසිම ඉලක්කමක් අපලයි කියලා නෑ...මොකද මම වාසනා අංකය 7 තියෙන එකා නොවැ...හැබැයි ක්‍රිකට් ගහපු දවස් වල නම් පුද්ගලික ලකුණු සංඛ්‍යාව 9 තියෙද්දි දැන් අවුට් වෙයිද...නමය නපුරුයි කියන සිතුවිල්ල හිතට ආපු දවස් වල දැවී ගිහිල්ලා තියෙනවා....
ReplyDeleteඋඩ තිබ්බ කෑලි හැලෙන චැලියෙ පින්තූරෙ දැක්කම පොඩි කථාවක් මතක් වුනා. අපි ගැටයො කාලෙ අපේ දෙමාපියන්ට අපිට බයික් අරන් දෙන්න වත්කමක් තිබුනෙ නෑ. අපේ ගමේ හිටිය එක ගැටයෙක්ගෙ දෙමාපියො හිටියෙ පිටරට...ඒ අය මේකට අලුත්ම චැලියක් අරන් දුන්නා...කිරි කිරි එකක්...ඉතිං මුගෙ හිත හොදයි...හැමෝම වගේ බයික් පදින්න අත්පොත් තිබ්බෙ මේකෙන්...බයික් එක හන්දියට ගෙනාවම හැම එකාම වටයක් පැදලා එනවා ඌත් දෙනවා...අපි අතර හිටියා එකෙක් මාකස් කියලා...මේකා පා පාදි පැද්දට යතුරු පැදි වල ගියර් දාන කලාව ගැන දැනුමක් තිබුනෙ නෑ...මාකස් චැලියට නැගලා පළවෙනි ගියර් එක දාලා...දැන් ඇක්ස්ලේටරේ හැටට හැටේ අල්ලලා යනවා...එතනින් එහාට එක ගියර් එකක් දැම්මෙ නෑ...මීටර් 500 ක විතර වටයක් ගහලා ආපහු එදිදි උපරිමයෙන් ඇක්ස්ලේටරය මිරිකගෙන එන්නෙ....චැලියෙ සද්දෙ වෙනස් කියලා ඈතදිම ඇහෙනවා...
නොදකින් පොන්නයා....ෆස්ට් එකේ තාම එන්නෙ...බයිසිකලේ අයිතිකාරයට එහෙම කියවුනා. මාකස් බයිසිකලේ ගෙනල්ලා නතර කරලා සව්ච් එක ඕෆ් කලත් එන්ජිම නතර වුනේ නෑ. පළාතම කර ගදයි... එක _කෙක් මීට පස්සෙ මගේ බයිසිකලය ඉල්ලන්න එපා කියලා අයිතිකාරයා මොර දුන්නා.
හිතවත් මැලේ රාළගේ පළවෙනි උපන් දිනය දවසේ අක්මාවෙන්ම සුභ පතමි. බ්ලොග් අවකාශය තුල...විශේෂයෙන්ම මැලේසියාවෙ හැඩ රුව සිංහල බ්ලොග් පාඨකයන් වෙත ගෙනයන්නට ඔබ ලබාදී ඇති දායකත්වය සුළුපටු නොවන බව මගේ හැගීමයි. කාම පැය හෝ කැප කර නිතර නිතර හරවත් ලිපි සමග අප හමුවීමට පැමිණෙන ලෙස සෙනෙහසින් ඇරයුම් කරමි. අපිට ජය වේවා !
කවුද බොලං හැබෑට ඉහළ ඡායාරූපෙ ඉන්නෙ...රාළයා වෙන්න ඕනෙ ෆොටෝ කෑල්ල ගන්න ඇත්තෙ.
කියන්න අමතක වුනා...අර චැලිය පැද්ද මාකස්ට පස්සෙ ලස්සන නමක් පටබැදුනා...ෆස්ට් එක කිව්වම එදායින් පස්සෙ උගෙ කුණු කථා වායු ගෝලයට මුසු උනා.
Deleteබොහොමත්ම ස්තුතියි සිරා..... උබ කොමෙන්ට් එකක් නෙවි පොස්ට් එකක්ම ලියලා ....
Deleteපොටෝ එක මට මගේ පාඨකයෙක් එව්වේ මේල් එකකින් බන් පොඩි ප්‍රචාරයක් දෙන්න කියලා එකයි මෙතන ඇලෙව්වේ..... මමත් දන්නේ ඔය රට්ටු කියන කතා ටික විතරයි ඔය ඩබල ගැන ...... ඔය මහතා එකාව මතක් කරන්න කියලා ඩ්රැකීයාත් කියලා තියෙන්නේ :)
ඒ කියන්නේ ගමේදී කොල්ලෝ උබට මාකස් කියලද කියන්නේ
Deleteමැලේ රාලගේ බ්ලොගේ පළවෙනි සංවත්සරේට මගෙනුත් සුභපැතුම්!! තව තවත් පෝස්ට් හිට්ස් වැඩිවේවා!
ReplyDelete- බම්බි
බොහොමත්ම ස්තුතියි බම්බි ..... මොකද මේ ඇනෝ කෝ බ්ලොග් එක මට එක හොයාගන්න බෑ
Deleteඔන්න අපෙන් බොක්කෙන්ම සුභ පැතුම්.
ReplyDeleteඅන්කනම් මොන බම්බුවක්ද බන්.
ස්තුතියි දමිත් කෝ උඹේ දහය ??? (හය+හතර)
ReplyDeleteඅඩෝ රළා සුබ පැතුම් ඈ.
ReplyDeleteමගේ නම් ඉලක්කම් විතරක් නෙමේ වෙලාවම නරකයි බං..
ස්තුතියි මනොජ්.. වෙලාව නරකමයි කියලා හිතෙනවානම් බොදි පුජාවක් වත් තියලා බලපන් බො.බ.සෙ. ට අයිති නති පන්සලකට ගිහින්
Deleteස්තුතියි මනොජ්.. වෙලාව නරකමයි කියලා හිතෙනවානම් බොදි පුජාවක් වත් තියලා බලපන් බො.බ.සෙ. ට අයිති නති පන්සලකට ගිහින්
Deleteඉස්සරෝම ඔබේ බ්ලොග් එකෙ පළමු උපන්දිනේට මගේ සුබපැතුම්. තව චිරාත් කාලයක් බ්ලොග් ලොව වැජඹෙන්න ඔබේ බ්ලොගයට හැකිවෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. මේ මගේ පළමු විසිට් එක.
ReplyDeleteඔය අංක කතන්දරේ නම් තනිකරම මිනිසුන්ගෙ මනස්ගාත කියල්යි මටනම් හිතෙන්නෙ. ඒකෙ ඇත්තක් තියෙනවා නම් මේ අංක හැම රටකටම පොදුවෙන්නෙපැයි. දැන් අර කීව සිද්ධියේ හෝටල් වල කාමර අංක 4 නැතිලු. ඒක ප්‍රායෝගික නෑනෙ. එහෙනම් 4වෙනි තට්ටුවම නැතිවෙන්නෙපැයි. ඒත් එහෙම හිස්තැනක් තියල බිලිඩිං හදන්න බෑනෙ. එතකොට 4 හොඳට තියෙද්දි 4නෑ කියල බොරුවට හිත රවට්ටගන්නවා විතරයි. අනික ඔය අසුබයි කියන කිසිම අංකයක් නැතිව අනිත් අංක පවතින්නෙත් නෑනෙ. උදාහරනෙකට 9 නපුරුයි කියල අයින් කලොත් කොහොමද 10 හැදෙන්නෙ.
ස්තුතියි මනොෂ් ..... බොහොම ආදරයෙන් පිලිගන්නවා මැලේසියාවට.....
ReplyDeleteඔයා කියන කතාවම තමයි මාත් කියන්නේ එක රටකදී හොඳ නැති වෙන්නත් තවත් රටකදී හොන්දවෙන්නත් පුලුවන්ද එකම අංකයකට
පළමුවෙනි සංවත්සරයට මගෙන් සුබ පැතුම්.
ReplyDeleteමම මේ පොස්ට් එක දැක්ක ගමන් කලේ රිංගිට් 9 රුපියල් වලට හරවලා බලපු එක. රුපියල් 365/-
එච්චර ලාබද බන් ඔහෙ ඔය කරුමාන්තය.
ප්‍රමාද වෙලා කොමෙන්ටුව දැක්කේ..........
Deleteස්තුතියි අල්බෝන්
ලාබයි ලාබයි ............ ලාබදෙවල් මෙහෙන් ගන්න මෙහෙ එන හැටිත් තියෙනවා ඕන් පරණ පොස්ට් වල
ලංකාවේ කැබිනට් එකට 0ං 13 ඉඳලා 99 වෙනකං සේරම ඉලක්කං අසුබයි ලු. ඒකලු දැන් 100ට වඩා පිරිසක් පත් කරන්නේ!
ReplyDeleteජයවේවා!
ඉලගට කියයිද දන්නෙ න 199 ට වෙනකම්ම අසුබයි කියලා 225ම ඇමතියො කරයිද දන්නෙ නෙ,.
Deleteස්තුතියි කාකානෙනි!
පලවෙනි පෝස්ට් එකට මගේ සුභපැතුම්.. යම් කාලෙක ලෝකේ ඇවිදින්න ලාබුනෝත් යන්න හිතාන ඉන්න එක නැවතුමක් තමා මැලේසියාව.. එතනම් දැනට නෙට් එකෙන් ගිහින් එනවා.. ස්තුතියි මෙහෙම විස්තර ගෙනාවට..
ReplyDelete"පලවෙනි පෝස්ට් එකට මගේ සුභපැතුම්.. " මේ කියලා තියෙන්නේ පලවෙනි වසරට කියන එක වෙන්න ඕනා .... කොහොම උනත් ස්තුතියි මචෝ
Deleteමෙහෙට බජට් ට්‍රිපක් එන්න ඕන විදිය ඕන් කලින් පොස්ට් වල සහසුද්දෙනම් තියෙනවා
පොඩි පොඩි මිස් ෆයර් වෙනවා මචං ගණන් ගන්න එපා.. ඔය කියල තියෙන්නේ සහසුද්දෙන්ම පලවෙනි වසර ගැන තමා.. :) එන්න තමා හිතුවේ ඔය සෙට් එක කියවලා එත් ගෙන්ටින් හයිට්ස් වහල කිව්වම නිකං මොකද්දෝ වුනා..
Delete