මම S. L. මැලේ රාළ

මම ලංකාවේ පොරක් මැලේසියාවේ ජොබක් කරන.... මට මේක ලියන්න හිතුනේ අනික් බ්ලොග් කියවල ඒවා දැක්කම මෙහෙවෙන දේවල් අනික් කට්ටියටත් දැන කියාගන්න කියල තමයි .

අවූරුදු ගානක් තිස්සේ මෙහෙ ඉදන් අහපු දැකපු, සිද්ද උන හා දැනටත් සිද්දවෙමින් පවතින දේවල් තමයි මම ඔයාලට කියන්න යන්නේ ඕන්.....

Monday 3 February 2014

අපිත් යමුද මැලේසියා ට්‍රිප් එකක්!!! පාත් ති (part 3)

සංඝං සරණේ සිවුරු දරාගෙන ..........

     හරි ඊයේ ගෙන්ටින් ගිහිල්ල ආවානම් අද ඒ කියන්නේ මැලේසියාවේ අන්තිම දවස කොහොමද ගත කරන්නේ කියන එක තමයි මම දැන් ඔන්න කියන්න යන්නේ. 

    පොඩි අවුලක් තියෙනවා ගියපාර පොස්ට් එකට ආපු පලවෙනි කොමෙන්ටුව නලින් අයියාගෙන් ගෙන්ටින් හයිලෑන්ඩ් වහලා කියන්නේ ඇත්තද කියන එක...... රාල පටස් ගලා ගත්තා කෝල් එකක් ගෙන්ටින් වල තියෙන first hotel එකේ වැඩ කරන චමිල මලයට.... දෙබස මෙන්න මෙහෙමයි 

රාළ : චමිල මල්ලි ආරංචියක් ආවා ගෙන්ටින් මේ දවස් වල වහලා කියලා ඇත්තද බන් 
චාමි : පිස්සුද අයියේ කව්ද ඔය බොරුව කිව්වේ?? අපි මේ දැනුත් වැඩ ... එහෙම වහන්න පුළුවන් තැනක්ද මේ??  අද දවසට විතරක් කේබල් කාර්  එකට හොටෙල් එක පැත්තෙන් ට්කට් 50,000 පන්නලා  විකුනලා කියලා අපේ සුපවයිසර් කිව්වා..... දැන් මේ මට පේන ටිකේ විතරක් දාහ පන්නලා කට්ටිය ඉන්නවා 
රාළ : අපෝ ඇති ඇති බන් ප්‍රස්නයක් ඇහුවම කෙටියෙන් උත්තර දෙන්න පුරුදු වෙයන්කෝ 
චාමි : නෑ අයියා හම්බ කරන් කන තැනට කෙල වෙලාද කියලා ඇහැව්වම ඉතින් අප්සැට් යනවනේ එකයි....
රාළ : හරි හරි එහෙනම් බොහොම ස්තුතියි මල්ලියෝ මම පස්සේ නිවාඩුවේ කතා කරන්නම්කො බායි .... 

අමාරුවෙන් උගෙන් ගැලවිච්ච මම ඔන්න නලියට රිප්ලයි කරලා  පිස්සුද එහෙම මේක වහලා නෑ කියලා. එත් අපහු ටික දවසකට පස්සේ ඇනෝ කෙනෙක් කොමෙන්ටුවක් දාලා අපිත් ගියාය එත් 2016 වෙනකම් outdoor theme-park එක වහලය කියලා.... මම අයෙත් ගත්තා කෝල් එකක් අපේ චමියට 

රාළ : මලේ බලපන් බන් මේ අපිටත් උගන්නන්න එනවනේ සමහර පොරවල් outdoor theme-park එක 2016 වෙනකම් වහල කියලා හෙන පචයක් කියනවානේ පොරක් 
චමි: පචයක් නෙවි අයියේ වහලා තමයි.... දැන් මාස දෙකකටත් වැඩිනේ 

ඔන්න රාළට බොහොම කලාතුරකින් වෙන මාරවේශය ආපු වෙලාව 

රාළ : ඇයි බෝල හරකෝ මාස දෙකකට කලින් වහලනම් සති දෙකකට විතර කලින් තෝ එදා කිව්වා නේද අදත් 50,000කට වැඩි සෙනග මෙහෙ අපි ඔක්කොම වැඩ කියලා 

චමි: ඔව් අයියේ වහලා තියෙන්නේ outdoor theme-park එක indoor theme-park එකයි අනික් හොටෙල්ස් ඔක්කොමයි අනික් ඒවා මෙව්වා ටිකයි ඔක්කොම වැඩ අයියා එදා ඇහැව්වේ ගෙන්ටින් වහලද කියලා නේ ගෙන්ටින් කියන්නේ ගෙන්ටින්  outdoor theme-park එක කියන්නේ එකේ පොඩි කැල්ලක් විතරනේ 

රාළ: ඇයි බන් අපි වගේ අහිංසක දුප්පත් කොල්ලෝ ඔක්කොම ගෙන්ටින් එන්නේ ඔය  outdoor theme-park එකට යන්නනේ... උබ මට නිකමටවත් එදා කිව්වේ නැනේ මේක වහලා කියලා 

චමි: ඔයා ඉතින් ඇහැව්වේත්  නැනේ


දෙබසේ ඉතිරිය බලදාරියා විසින් කපන ලදී  

ඔය දෙබස් ලිවේ කරුණු 2ක් නිසා.. එක  ඉඳලා ඉඳලා රාල ලියන කොටත් මේ විනෝද සාගරය වහලා දාලා රාලගේනම් අදහස කැසිනෝ හා ඒ ආශ්‍රිත අනෙක් දේවල් කරන උදවිය ඇරුනම අනෙක් අයටනම් ඔය outdoor theme-park එක වහලනම් ගෙන්ටින් ගිහින් වැඩක් නෑ... ඒ නිසා දෙවැනි දවසට විකල්පයක් රාල නැවතත් නව පොස්ටුවක් ලෙස මේකෙම ඊළඟ කොටසින් අරගෙන එනවා අද ලියන්නේ අවසාන දවස ගත කරන හැටි 
  අර දෙවැනි කාරණය තමයි මැලේසියාවේදී ඔබලා පුළුවන් තරම් නොහඳුනන ශ්‍රි ලන්කිකයන්ගෙන් උදව් ගැනීමෙන් වලකින ලෙස මොකද දන්නා චමියත් අරවගේ පිස්සු කෙලින කොට මෙහෙ ඉන්න ගොඩක් එවුන් ඔය වගේ මෙලෝ රහක් නැති කතා නිතර කියන නිසාය... අනික අපේම අය නේද කියා සිතන්නේ නැතුව දත ගලවන්නටද සුරයන්ය ...



හොඳයි තුන්වන දවසේ උදේම යමු ෂොපින් පාරක් දාන්න ඒකට සුදුසුම තැන අපේ ඇනෝ කෙනෙක් කොමෙන්ට් කරලා තිබ්බා  ගිය පාර පොස්ට් එකේ MY-DIN  කියලා මේක තියෙන්නේ kota raya වල 

 මේකෙන් පුළුවන් ලංකාවට ගෙනියන්න ටොෆි, චොකලට්, ඕනමන්ට්ස් , දන්නා කියන ගෑණු ළමයින්ට බෙදන්න කොන්ඩ බෝල, මේකප් සැට්, ඉමිටේෂන් මාල වළලු , මුදු, කරාබු , ඔරලෝසු , සපත්තු සෙරප්පු, හෑන්ඩ් බැග් (සහ අනෙක් ඕනෑම වර්ගයක බැග්) ඒවගේම සෙල්ලම් බඩු ගෘහ විදුලි උපකරණ, ඇතුළු මෙකි නොකී සැම දෙයක්ම මෙතන තියෙනවා එකක් දෙකක් ගන්නවානම් සිල්ලර මිලට හා එකම වර්ගයකින් හයකට වාඩා ගන්නවානම් තොග මිලටත්, මෙතැනින් මිලට  පුළුවන් ආ අමතක උනානේ ඇදුම් පැළදුම් , යට ඇඳුම් එහෙමත් තියෙනවා මෙතැන .... තොග හා සිල්ලරට ...

 kl සෙන්ටර් ඉඳලා මෙතනට ටැක්සියට ගන්නේ RM අටයි.. 





ඊළඟට ඔය කොම්පියුටර්, ටැබ්ලට් pc හෑන්ඩ් ෆෝන් හා ඒවාට අමතර කොටස් ගන්නවානම් යන්න ඕනා නැවතත් ඉම්බි Imbi වල ඇති LOW YET PLAZA  වෙතය.


මේ සදහා   kl සෙන්ටර් සිට පැමිණෙන්නේනම් රිංගිට් 2කට මොනොරේල් එකෙන්ම පැමිණිය හැක. kota raya (mydin අසල) සිට පැමිණෙන්නේනම් ටැක්සියකට රිංගිට් 6කි. 



හැබැයි මෙතනින් බඩු ගන්නා විට සිහි තබා ගතයුතු කරුණු කීපයක්ම ඇත. එක ඔබ මිලදී ගන්න භාණ්ඩ ගැන ඔබේ දැනුම මත සෑහීමකට පත්විය හැකිනම් පමණක් මිලට ගන්න. මෙහි සිටින branded authorized dealers ලා හැර අනෙක් කිසිම වෙළද සහයකයින්ගේ වචන කිසි සෙත් විශ්වාස නොකරන්න. අප විදේශකයින් බව දැනගත් පසු දත ගැලවිම සඳහා දාර ඇනකොන්ඩන් ඔවුන් පාවිච්චියට ගනු ඇත.

  විශේෂයෙන්ම ඇදුම් පැළදුම්ම මිලදී ගැනීමට ඔබ වැඩි රුචියක් දක්වනවානම් ගියවර පොස්ටුවේ කොමෙන්ටුවක් එක්කල අපේ බිත්ති පැතුම් කිව්ව Berjaya Times Square පිහිටා ඇත්තේද මේ ළඟ පාතම පයින් යන දුරය.  

ඇත්තෙන්ම මේ තැන් දෙක සදහා දවසක් හොඳටම ප්‍රමාණවත්ය. නමුත් ෂොපින් නොකරන හා ලාවට කරන අයට ගත කිරීමට තව  තැන්  කීපයක් සඳහන් කරන්නෙමු ...

එකක් නම් ඔබ ශ්‍රී ලාංකිකයකු හැටියට මැලේසියාවේදී ආඩම්බර වියහැකි ස්ථානයක් වන බෞද්ධ මහා  විහාරයයි    KL සෙන්ටර් සිට පයින් යන දුරින් පිහිටා ඇති මෙය ඔබ විසින් නැරබිය යුතුම තැනකි.

මීලගට ඔබට  වෙලාවක් තිබෙන්නේනම් මා යෝජනා කර සිටිනුයේ තවත් සුන්දර අත්දැකීමක් වන මැලේසියානු ක්වාලා ලම්පුර් ජාතික කෞතුකාගාරය බලන්නට යා හැකිය KL සෙන්ටර් සිට රිංගිට් හයක ටැක්සි දුරින් පිහිට ඇති මෙය ඇත්තෙන්ම මාහා ඉතිහාසයක් නොමැති රටක් උවත් තම මෑත අතීතය මැනවින් නිරුපනය කරන ස්ථානයකි 
මෙය පිහිටා ඇත්තේ KL සෙන්ටර් සිට රිංගිට් 5ක ටැක්සි දුරකින්ය


     මේ මොනවටවත් කැමති නැති අයට .... අපි හිතමු ඔබ පැමිණියේ තම ආදර වන්තයා/වන්තිය සමගය කියා.... එසේනම් පොඩි ඇවිදිල්ලාවක් සදහාත් නවතම 3D චිත්තර පටයක් නැරබීම වගේ දෙයක් සඳහාත්, චීන, ජපන්, තායි, හොංකොං, වියට්නාම්, ඉන්දුනිසියන් හා යුරෝපිය කෑම වේලක් වැනි දේවල් සඳහාත්,  ටිකක් විතර (හෝ හොඳටම) හයී ෆයි සාප්පු සවාරියක් (නැරබිමක්) වගේ දෙයක යෙදෙන්න කැමති අයට මැලේසියාවේ අංක දෙක සුපිරිම සාප්පු සංකීර්ණය වන මිඩ් වැලි (mid valley mega mall ) නගරයට යා හැකිය.
 මෙය පිහිටා ඇත්තේද KL සෙන්ටර් සිට රිංගිට් 5ක ටැක්සි දුරකින්ය.  

ඔන්න දැන් දවසක් ගත කිරීම සඳහා ඔබට තෝරා ගත හැකි අවස්තාවන් කීපයක් සලසා ඇත. අද දවසේ වියදම් ඇත්තෙන්ම ගමන් ගාස්තු පමණි ඒ අනුව ෂොපින් කිරීම සඳගා ඔබට රාළගේ ගණන් හිලව් අනුව රිංගිට් 250ක් පමණ ඉතිරිව ඇත. 

 එසේනම් පසු දින නැවතත් රිංගිට් 10ක් වියදම් කර බස් රථයෙන් ගුවන් තොටුපල කරා ගොස් ආපු අතක් බලාගෙන ලංකාවට යන එක රාළට කෙසේ වෙතත් පැමිණි ඔබට සුව දායක වන්නේය. 

මේ ට්‍රිප් එක කොටස් තුනකින් නවතා දැමීමට මා අදහස්  කර ගෙන සිටියත්
ගෙන්ටින් outdoor theme-park එක වහල නිසා කට්ටියට එම දවස ගත කිරීම සඳහා වෙනත් ඔප්ෂන් කීපයක් රැගෙන හතර වෙනි කොටසින් නැවත කවදා හෝ කාලයකදී හමු වෙමු .

   අර වැඩිහිටියන් වන්දනාමාන කරන තැන් අහපු අයට එම කොමෙන්ටුව යටම පිළිතුරු ලැබී ඇති බව (තවත් පාඨකයෙක්ගෙන්ම) කරුණාවෙන් සලකන්න. ඒ නැතත් ටැක්සි රියදුරන්ගේ සහය ඒ වගේ ක්‍රියා සඳහා පහසුවෙන්ම ලබා ගත හැකි බවද දන්වා සිටිමු. 




102 comments:

  1. උඹේ ගියපාර පොස්ටුවෙන් ගෙන්ටින් වලටා ආව ගමන් මේ ... අනේ යකෝ මරු මර්ගොපදෙශයකා .... අම්මප අතෙන් කයිට් කරගෙන් ඇවිල්ල හරි උඹේ බෙල්ල මිරිකනවා... අහුවෙයන්කෝ. මේ ඔය වල කතා කියන්නේ නැතුව අපි වගේ අහිංසකක් ආවාම යන්න මල්වතු ,පන්සල්....වගේ තැන ගැන කියපන් හොඳද? :D

    ReplyDelete
    Replies
    1. කැසිනෝ ගහන්න එතකං.... ඉවාන් ලොව සුපතලම කැෂිනෝ හල් පිහිටා ඇත මෙහි

      Delete
    2. //නලින් මල්ලි,යුරෝපයේ වින්ටර් කාලයට වහන්නෙ නම් නැහැ හදිසි අවස්තාවක මිස.
      නොවැම්බර් සිට මාර්තු දක්වා යුරෝපියන් විශාල වශයන් එන රටක් මැලේසියාව.
      සෑම වර්ෂයකම අප්‍රියල් හෝ මැයි ගෙන්ටින් වල කේබල් කාර් පද්යතියේ නඩත්තු කටයුතු සදහා එය පමණක් නවතා දමන බවක් මා අසා තිබෙනවා.//
      කෙන්ජත් කිව්වනේ ගෙන්ටින් වහලා නෑ කියලා.

      Delete
    3. දැන් බන් 4 කොටසකුත් ලියන්න වෙලානේ එකේ කියන තැන් ඔක්කොම දානවා ඉවාන්

      Delete
    4. පොස්ට් එක ලියන ගමනුත් කල්පනා කරේ නලින් ඔයාගේන් දැන්මේ එන්න පුළුවන් ආදරබර කොමෙන්ටුවලට උත්තර දෙන හැටි තමයි .................

      Delete
    5. නලින් අයියේ මාත් ආපුවාම කැසිනෝ එකට යනවමයි , බැලේටර් match වලට ප්‍රසිද්දයි මැලේසියාවේ කැසිනෝ.. වෝර් මැෂින්, රෑම්පේජ් ජැක්ෂන් ,පැට්‍රිසියෝ පිට්බුල් ඇස් වලින්ම දකින්න පුළුවන් වෙයි මට ;) නියමයි අයියේ ,,,

      Delete
    6. අම්මෝ මේ ඕමා නම් සුදු කප්පිත්තෙක්ද කොහෙද

      Delete
    7. අයියේ අර කවුද කීවා වගේ මේ ලිපි ටික එකතු කරලා එක ලේබලේකට දාලා ගැජට් එකක් විදියට පැත්තෙන් එල්ලන්න ඒක වැදගත් වෙයි කාටත්

      Delete
  2. ඔන්න 3 වෙනි පන්තියටත් සහභගී වුනා.. හුඟක් වටිනවා මැලේ රාළේ....

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් නොහිතපු විදියට 4 පන්තියත් දාන්න වෙලා

      Delete
  3. ඇත්තටම මට ලැබුණ ආරංචිය අනුවයි ඔබෙන් ඒ ගැන ඇහුවේ. ඒත් මැලේ රාල කිව්වට පසු මං මගේ මිතුරෙකුටත් කිව්වා ගෙන්ටින් වහලා නෑ කියලා. මා හිතන්නේ මූ පවුලේ සියලු දෙනා එක්ක මැලේ ආවා. ඒත් තාම මට කතා කළේ නම් නෑ. හේතුව මේකම වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. රාලයා කියන ඒවා ඇහුවොත් නම් ආත්ම ගණන් හිටපු යාලුවොත් තරහා වෙනවා

      Delete
    2. ඇත්තටම නලින් ගෙන්ටින් කියන්නේ 100ක් නම් out door them park කියන්නේ එකෙන් 10ක් විතරයි. ප්‍රශ්නේ තියෙන්නේ අපි වගේ බජට් ට්‍රිප් එකකට ගැලපෙන්නේ මුළු ගෙන්ටින් වලින්ම ඕක වෙන එකයි .... indoor එකෙනුත් පොඩි දෙයක් තියෙනවා ඊළඟ පොස්ට් එකෙන් ඒ ගැන විස්තරයක් දාන්නම්කො

      Delete
    3. ඉවාන් මට දොස් කියන්න එපා.... මම හැම තිස්සෙම කියනවා මෙහෙ ඉන්න ලංකාවේ එවුන්ව විස්වාස කරන්න බෑ කියලා ..... එතකොට බොලා දැනගන්න ඕනා මමත් ලංකාවේ එකෙක් කියලා

      Delete
  4. මං මැලේ ආව වෙලාවෙ නං අපේ යාලුවෙක් මාව චීන පන්සලකටත් එක්ක ගියා. එතැනදී වාසනාවත් උරගා බැලුවා...
    රාළේ මේ උපදෙස් ටික නම් පංකාදුයි.. මැලේ එන කෙනෙකුට ඉතාමත් වැදගත්..අඩුම වියදමින් වැඩිම ප්‍රෙයා්ජන ..........ස්තුතියි.... බලමු මේ අවුරුද්දෙත් ඇවිත් යන්න......

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ brickfields වල කන්ඳ උඩ චීන පන්සල වෙන්න ඇති .... ඔයාට යාලුවෝ හිටියට එහෙ එක්ක යන්න මෙහෙ සාමාන්‍ය ටැක්සි කාරයෝ යන්නේ නැ ඔතනට ..... මොකද උන්ගේ පරණ saga කාර් වලට ඔය කන්ද ඇදගන්න බෑ .......
      එත් යන්න පුලුවන්නම් ඇත්තටම එතනත් හොඳ තැනක් තමයි

      Delete
    2. මම දෙපාරක් ඕකට ගියා ටැක්සි වල.. අවුලක් නෑ.. ටිකක් හොඳ ටැක්සියක් බලල නැග්ග නම් හරි... ලස්සන තැනක්... බුද්ධාගම චීන සම්ප්‍රදාය අනුව කොහොමද කියන එක ගැන පොඩි අදහසක් ගන්න පුළුවන්...

      Delete
    3. හරි එහෙනම් ඊළඟ එකෙන් එක ගැනත් විස්තරයක් දාන්නම්කො

      Delete
  5. මචං ඒ කියන්නේ අවුට්ඩෝර් තීම් පාක් එක වහලනම් ජෙන්ටින් ගිහිල්ලා වැඩක් නැද්ද? අනිත් ඒවා බලලා වැඩක් නැද්ද? ටිකක් විස්තර කියපංකෝ.. ඉන්ඩෝ එකේ මොනවද බලන්න තියෙන්නේ? ගනන් එහෙම කොහොමද?

    ReplyDelete
    Replies
    1. ටිකට්ටුවේ මුදලට සරිලන්න විනෝද ක්‍රීඩා නොමිලේම ලබාගත හැක්කේ මෙහිදී ය. ලොව සුපතල අනෙක් හැම දේම තිබුණත් ඒ සඳහා ගෙවිම් අධිකය. ඉතින් යන්තම් මුදලකින් ගෙන්ටින් යන්නේ නම් අවුට්ඩෝ තිම් පාර්ක් නැතිව ගොස් වැඩක් නැත.

      Delete
    2. ඔන්න නලියා අකා ඔයාගේ පස්නේට උත්තරේ දිලා තියෙනවා පොටෝ ටිකක් ඊළඟ පොස්ටුවෙන් දාන්නම්කො

      Delete
  6. දාලා දාලා ඇති යන්තම දාලා, අතේ තිබ්බ රිංගිට් ජුංඩ ඉවර උනානම් කාට කියන්නද අප්පා මේ නොදන්න රටේ :(

    ReplyDelete
    Replies
    1. ඉතිරි රංගිට් ජුන්ඩෙන් ජුන්ඩා නැලෙව්වනං හරිනේ එතකං.

      Delete
    2. චික් ...නලිය...හරි වල්...

      Delete
    3. සිකේ,,,,,, මේ බෝ පෑලේ වගේ ඉන්න කෙන්ජයියත් නරක් වෙනවා මෙව්වා අහලා

      Delete
    4. නැතුව නැතුව මෑලේසියාවෙත් ඔබලා බලන්න එපැයි :P

      Delete
    5. ඔන්න දැන් ඉතින් වරද්දන්නෙ නැතුව ..... ඔය නලින් කියන නලවන වැඩ කරන්නෙත් නැතුව ගෙදර වරෙන් මයේ අම්මා

      Delete
    6. ඔන්න බලහං මැළේ දැන් හැදෙන වැඩිහිටි පරම්පරාව ගන්න සංසාරයක් නෑ

      තරුණ අපිත් නරක් වෙනවා :P

      Delete
    7. එකනේ බන් මේවා දැකලා මගේ හිරි ඔතපුත් බිදුනද කොහෙද

      Delete
  7. ඇයි කේබල් කාර් එක? යන්න ඕනි නැද්ද ඒකේ? :D

    Sungei Wang Plaza එක මිස් උනාද උඹට?

    Pavillion? හිහ් හිහ්...

    ReplyDelete
    Replies
    1. ඔව් දැන් ගෙන්ටින් ගියේ නෑ කියන්නේ කේබල් කාර් නෑ තමයි
      Low yet එකටයි Sungei Wang Plaza යි BB එකටයි ගියොත් එතනම දවසක් ඉවර වෙන නිසා ඔය lowyet විතරක් ගිහින් ආපුවාවේ
      Pavillion නම් ඉතින් හිහ් හිහ්...ම තමයි

      Delete
  8. යමුකෝ වෙලාවක...

    ReplyDelete
  9. මට ඉස්සෙල්ල ලිපිය මිස් වෙලා බන්..

    ReplyDelete
    Replies
    1. බොරු කියන්න එපෝ ඒකේ ඔයා බොරුත් තහවුරු කරලා ඇවිත් තියෙන්නේ.....

      Delete
    2. hak..hak..ela..:) macho
      මම මැලේ ට දැන් කෝල් කළා :)

      Delete
    3. ඇත්තටම එහෙම ලිපියක් නෑ.... එක මගේ mistake එකක් මේක ලිය ලිය ඉන්දැද්දී preview වෙනුවට publish එබුනා .... එසැනින් මැකුවා එත් බ්ලොග්‍ රෝල් වල update වෙලා

      කෙන්ජා මට කෝල් කරා නේන්නම් කිව්වේ මොනවද කියලා මම පස්සේ රහසින් කියන්නම්

      Delete
  10. යකෝ සන්වේ ලැගුන් තීම් පාක් එකේ පින්තුරයක් දාපන් ...
    එතන අතලග මගේ නවාතැන ..

    ReplyDelete
    Replies
    1. හරි හරි එනවා එනවා ඔය පැත්තේ අනිවා.. මෙදා නං හෝටල්වල නවතින්නේ නෑ කෙලින්ම කෙන්ජිගේ ගෙදර තමා.. ඔන්න හරිනේ

      Delete
    2. anivaa..
      මම මැලේ ට දැන් කෝල් කළා :)

      Delete
    3. හෙක් හෙක් කෙන්ජා බයවේච්ච තරම .....හික් හික් හික්...බය වෙන්න එපා නලියා විහිළුවක් කරලා තියෙන්නේ .... :D

      Delete
    4. ඒ ටික ඔක්කොම ඉලඟ පොස්ටුවෙන් දානවා කෙන්ජයියේ

      Delete
    5. එකනේ ඉවාන් මේ නලියා කෙන්ජව බය කරනවානේ .... කෝල් කරපු වෙලාවේ මම කිව්වා බය වෙන්න එපා ඔය කිව්වට නලියා එන එකක් නෑ කියලා

      Delete
  11. බොහොම හොඳයි.බලමුකො වෙලාවක එන්න.

    ReplyDelete
    Replies
    1. මම ඉන්න දවසක වරෙන් මචෝ..

      Delete
    2. හරි එහෙනම් වෙලාවක එමුකො .... එත් කෙන්ජා ඉන්න වෙලාවක් නම් මේ ආත්මේ හොයා ගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ

      Delete
  12. මේවා ඉතින් මල් මසුරන් ළිපි. රට යන්න ඉන්න එකෙකුට බොහෝම වැදගත්. ලස්සන පින්තූරයක් ගෙම දාල බොගේ පැත්තක එල්ලන්න.. "මැලේසියාවේ ඔබ යා යුතු තැන් හරි මොකක් හරි කියලා... "තන්" කියලා නම් දාන්න එපා.. ඒ පාර කොල්ලෝ වෙන වෙන තැන්වල යයි..

    ReplyDelete
    Replies
    1. "තන්" .... හෙක්..හෙක්...උඹ තමයි මචෝ දවසකටවත් මිනිහ .....
      අපිලට කට වහගෙන ඉන්න දෙන්නෙම නැහැ ...නේද....? :) :)

      Delete
    2. කෙන්ජයියේ ඔච්චර අමාරුවෙන් ඉන්න එපා බං . පීඩනේ වැඩිවෙලා පුපුරලා යයි. ඔන්න ඔහේ කටට එන දේ කොටලා දාහන්

      Delete
    3. බොහොම ස්තුතියි මාතලන්.... අදහසත් හොඳයි තමයි ඒ ගැජට් කැල්ල එල්ලන හැටි ඉදිරි බෝග දැමීමේ පාඩම් වලින් කියලා දුන්නනම් හරි

      Delete
  13. ඇඩෙනව මැලයෝ... යන්නම තමා හිත...

    ReplyDelete
    Replies
    1. අඩ අඩ ඉන්න දෙයක් නෑ ඔන්න ඔහේ වරෙන් හැබැයි ඇවිත් යන්න .....

      Delete
  14. හොද පෝස්ට් ටිකක් එක්ක මතකය අලුත් වුනා. ඇත්තටම ලස්සන රටක්. බලන්න දේවල් ගොඩක් තියෙනවා. පොඩි course එකකට මාත් ගියා INTAN කියන කැම්පස් එකේ. ඒ නිසා මගෙන් වියදම් වුනේ නෑ. කට්ටිය හරි හොදයි. ඔය මැලේ රාල කියල තියෙන හැම තැනකටම අපිව එක්කන් ගියා KL tower, Twin tower, Plaza low yeth, my-din , Batu Caves, genting highlands, Malacca, Mid vally. අපි ලංකාවෙ කට්ටිය ෂොපින් ගියේ my-din තමයි වැඩිපුරම china town වල නේද තියෙන්නේ? අපි හිටි තැන ඉදන් රිගිට් 20ක් ගත්තා ටැක්සි වල. ටැක්සි අය ගැනත් කියන්න ඔිනමයි. ලංකාවෙ වගේ නෙමෙයි අපිට හමුවුන එයාල හැමෝටම වගේ ඉංග්‍රීසි පුලුවන් එක විශේෂත්වයක්. එක මෙගා මොල් එකක මං හිතන්නෙ මං අතරමංනුත් වුනා Mid vallyද කොහෙද තමයි. ඒක හතර පැත්තකින් විතර පාරවල් වලට ඕපන් වෙනවානේද? තායි යාලුවො ටිකක් එක්ක ගිහිං තමයි වුනේ. ටැක්සියක පිහිට පතලා කොහොමහරි ආයෙ ආවා.තව පාරවල් මල් වවලා එල්ලලා ලස්සනට මේන්ටේන් කරල තිබුන. ඇත්තටම ලස්සනයි. ආ.. තව පළවෙනි දවසෙම රජ මාලිගාවකටත් එක්කන් ගියා . අශ්වයො පිට මුරකාරයො එහෙම ඉන්න. ඒත් මාලිගාව ඇතුලට නෙමේ පිටන් පෙන්නුවා විතරයි. එයාලගෙ කොස් එකේ පළවෙනි දවසෙ ඒ රට ගැන කියත්දි මට හොදටම වැදුන එකක් තමයි එයාල නිදහස අරන් තියෙන්නෙ 1963 (මට මතක හැටියට චෙක් කරේ නෑ) එදා ඉදල කොච්චර දියුණු වෙලාද මහතීර් මොහමඩ් අගමැතිගෙ කාලෙ හොදම කාලෙ කියලයි කියන්නෙ. සේරම ආණ්ඩුවෙ තැං putra jaya කියල තැනකට ගෙනිහින් තිබුණා. අනේ කියන්න මතක් වෙන දේවල් ගොඩයි කමෙන්ට් එක දිග වැඩියි.. මතකයන් ඇවිස්සුවට ගොඩක් ස්තුතියි මැලේ රාලේ

    ReplyDelete
    Replies
    1. බොහොම සන්තෝසයි.... පරණ මතකයන් එක්ක ඔයා ගේ සතුට මගේ පොස්ට් එක නිසා අලුත් උනානම් ඒ තමයි මගේ සතුට ........

      Delete
  15. මේක දැන් සතියකට විතර කලින් දාල ආයිත් ඩ්‍රාෆ්ට් එකට ඇද දැම්ම නේද? බ්ලොග්රෝලෙ තිබිල ඇවිත් බලද්දි බඩු මිසින් :D
    නියම විස්තරයක් ඈ අයියෙ තැන්කූ වේවා...

    ReplyDelete
    Replies
    1. ජූනි විතර යමුද සසිදුවෝ නවාතැන් ගැටලුවකුත් නෑ කෙන්ජයියා ඉන්නවනේ මොකද කියන්නේ.

      Delete
    2. ඔන්න දෙන්නත් එක්ක එනවනම් මගේ ගානේ නාසි ලීමක් දෙකක්

      Delete
  16. මටනම් දැන් මැලේසියාවට ගිය වගේ බං දැනෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. එකියන්නේ උබේ අතින් රුපියල් පනස්දාහක් හැට දාහක් විතර නැති උනාද

      Delete
  17. ගියා වගේ තමා...)))

    ReplyDelete
    Replies
    1. ගියානම් ඉතින් ................

      Delete
  18. එන්න කලින් උබව කන්ටැක්ට් කරන්නම් මචං :))

    ReplyDelete
    Replies
    1. ඒනි ටයිම් වෙල්කම් මචන්

      Delete
  19. මමත් දවස් 3 කට ඔහේ අව, ලස්සන රජ, ජීවිතේට දැකපු ලස්සනම කෙල්ල දැක්කේ ඔහේදී තම,

    ReplyDelete
    Replies
    1. ලස්සනම එක කිව්වේ එහෙනම් සුවර් එකටම මගේ ප්රෝපටියක් තමයි

      Delete
  20. මමම් කලිනුත් කිවුව වගෙ උබ අපිට හරි අදහසක් දීල වියදම එහෙම කියල දිල බය අරිනව මචො.එන්න බලන්න ඔන.

    ReplyDelete
    Replies
    1. එන්න එන්න මේක සුන්දර මැලේසියා

      Delete
  21. හොඳටම විස්තරාත්මකව ලිපි සීරීස් එක යනව. 4 ත් බලන්න එන්නම්කො.

    ReplyDelete
    Replies
    1. හුම්.... හුම්ම්..... බස්සි මේ පැත්තට ආවමද කොහෙද ....................

      Delete
  22. මැලේසියාවේ යන්න නම් ලොකු ආසාවක් තියෙනවා . . . ඒත් තාම යන්න ආසාවෙන්ම ඉන්න ඉන්දියාවට වත් යාගන්න බැරි උනු කොට මැලේසියාව, වියට්නාමය, තායිලන්තය වගේම ඊජිප්තුව, තුර්කියත් පස්සේ කාලෙක යන්න ඕන ලිස්ට් එකට දාගෙන ඉන්නවා මැලේ රාළේ . . . හොඳ ලිපියක් සහෙන දෙනෙක්ට ප්‍රයෝජන වත් වෙයි . . ..

    ReplyDelete
    Replies
    1. ඔය අවිද්දින්න තියෙන ආශාව හැකි ඉක්මනින් ඉෂ්ට වේවායි පතමි

      Delete
  23. ආයෙත් වතාවක් ඔය පැත්තේ එන්න අදහසක් තියෙනවා. මේ ටික වැදගත් වෙයි.

    ReplyDelete
    Replies
    1. එනවනම් ඉතින් මටත් කියන්න ඔයාටත් නාසි ලිමාවක් අරන් දෙන්න ..................

      Delete
  24. රාළෙ....මටත් නිවාඩු වෙලාවක යන්න...හොද චාරිකා සටහනක් දෙන්න බෑද...ඔය ලැයිස්තුවෙ කිප තැනකට දැනට හොහින් තියෙනවා....චයිනා ටවුමට එහෙම සැට් එක එක්කගෙන යන්නෙ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. චයිනා ටවුම මිනිස්සුන්ව ගසාකනවා බන් ..... එක යුරෝපියන් ඉලක්ක කරගෙන කරන මාර්කට් එකක් .....උබට යන්න ඕනා තැන් ටිකක් දාලා මම මෙලක් එවන්නම්කො

      Delete
  25. වැදගත් පෝස්ට් එකක් අපේ අය්ය බුවා නං ගියා මාත් උගෙ සාක්කුවෙ බැහැල ඒ පැත්තෙ එන්නයි ඉන්නෙ... මං හිතන්නෙ මේ ලිපි සෙට් එක ඉවර නෑ වගේ

    ReplyDelete
    Replies
    1. එකනේ දෙවැනි දවසට ඔප්ෂන් ටිකක් දෙන්න 4 කොටසත් එනවා

      Delete
  26. රාළ මං බොට නොමිලේ උපදෙසක් දෙන්නං. දානවනං එක පාර දාපං. දානව දානව කිය කිය පෙන්න පෙන්න ඉන්නැතිව. අන්තිමට අපි මෝල් වෙලා එනකොට දාපු මගුලක් නෑ පස්සේ වෙන තැනකට ගිහිල්ල ඒක නිවාගත්තම බොට මොකද වෙන්නේ..

    Sorry the page is unavailable

    ඔන්න මං එනකොට තිබ්බ එක..හැක්

    ReplyDelete
    Replies
    1. එක පොඩි මිස්ටේක් එකක් අයියා ..... සමාව භාජනය කරමි

      Delete
  27. මැලේසියාවේ එන්න අදහසක් තියෙනවා එතකොට වැදගත් වෙයි

    ReplyDelete
  28. අර ලොකු අයට විතරක් බලන්න පුළුවන් තැන්වල විස්තරත් දාපං,එතකොටනේ අපිටත් එන්ඩ හිතෙන්නෙ

    ReplyDelete
    Replies
    1. හොඳා හොඳා ඒ දේවාල ගැනත් ඉතින් දාන්නම්කො

      Delete
  29. සුරේ වතුර දාන තැන් ඔහේ තහනම්ද? මේ යාළුවෙක් අහන්නේ. උගේ කරදරේ බන්.

    ReplyDelete
    Replies
    1. හොදට වතුරේ දාන පොරක් ඉන්නවා කිරිබත්ගොඩ හන්දියේ රත්තරං රිදි දෙකම සුපිරියට වතුරේ දානවා , මොකටද අයියේ අපරාදේ සල්ලි විදං කරගන මැලේ යන්නේ

      Delete
    2. අපෝ ඒවාට කිසි තහනමක් නෑ ..... යලුවට කියහන්කෝ මට මේල් එකක් එවන්න කියලා ඔය අටමා කියලා තියෙන තැනින් වතුරේ දාගන්න බැරිනම් ......

      Delete
    3. අටමෝ.......උඹ දාන්නෙත් එතනින්ද? :D

      Delete
    4. බැංකොක් පලයං බං. නමේ හැටියටම වැඩේ කරගත්තෑකි.

      Delete
    5. @ඩූඩ්........නමේ හැටියට වැඩේ ඕනේ නම් කොක් බැන්ග් :D

      Delete
    6. දිකිරට බලල්ලුත් සාක්කි කියන්නෙ මෙවලට වෙන්න ඔනා

      Delete
  30. බොහෝම වටිනා පෝස්ටු කිහිපයක්...

    හැබැයි සියල්ල කියවා අවසානයේදී මං කල්පනා කලේ මැලේසියා ගෙහුන් වැඩක් නැහැ කියලා.. :D

    ReplyDelete
    Replies
    1. ඔක්කොම අය එන්න ඕනා ඕනා කියද්දී උබ විතරක් මොකද බන් වැඩක් නෑ කියන්නේ

      Delete
    2. මං බලන්න කැමති විදියේ තැන් ඒ හැටි තියෙන පාටක් නැති හින්දා... ස්වභාවික පරිසරය... ගම්බද ප්‍රදේශ.. වගා භූමි... වගේ දේවල්... උදාහරනයක් හැටියට මං ඉන්දියාවේ යන්න ආස එහෙ තියෙන දිගු ගමනාන්ත කෝච්චි ගමනක් යන්න.. පැය දෙක තුනේ එක දිගට තියෙන වගා භූමි බලන්න... බෙංගාලයේ ජන ජීවිතය බලන්න... කුල්ලු මනාලිවල පරිසරය බලන්න වගේ... තාම ඒවා මගේ හිතේ ඇදුන රූප විතරයි... ඒ අහපු දැකපු කියවපු කතා චිත්තරපටි.. පොත් වගේ දේවල් හරහා මං මවාගත්ත දේවල්... ඒවා ඒ හැටිමද නැත්තං වෙනස්ද කියලා බලන්න...
      මැලේසියාව ගැන ඔය කිව්ව ගමන් චාරිකාවෙන් ගන්න දේවල් ඔයිට පහසුවෙන් සිංගප්පූරු ගිහින් ගතෑකි කියලයි මට හිතෙන්නේ... අනේ මංදා...

      Delete
    3. මේක මචෝ මම ලිව්වේ බජට් ට්‍රිපක් හැටියට ... එත් ඔයාගේ ටෙස්ට් එක වෙනස් ඔයා කියලා තියෙන විදියට..... ඕකටත් මෙහෙ හොඳටම මැච් වෙනවා .... ඔයා එකට සමන් අතාවුදහෙට්ටිගේ "සොඳුරු සැරිසර සරාවක් නදිය දිගේ" කියන පොත හොයාගෙන කියවන්න මැලේසියාව ගැන හොඳ විස්තරයක් තියෙනවා ඔයා බලාපොරොත්තුවෙන දේවලුත් එක්ක

      Delete
    4. "මැලේසියාව ගැන ඔය කිව්ව ගමන් චාරිකාවෙන් ගන්න දේවල් ඔයිට පහසුවෙන් සිංගප්පූරු ගිහින් ගතෑකි කියලයි මට හිතෙන්නේ.." සම්පුර්ණ ඇත්ත .... එත් වියදම මේවගේ දෙගුණයකටත් වඩා වැඩියි

      Delete
    5. අපොයි ඔව්, මැලේසියා බැංකොක් ලාබයි සිංගා වලට වැඩිය

      Delete
  31. අනේ හැබෑටම රාලේ මට මේ විස්තරය මසුරන් වටිනවා. ඔය පැත්තේ රවුමක් එන්න පැලෑනක් තියෙනවා. ජය !!

    ReplyDelete
    Replies
    1. ඔබේ සැප මගේ සතුටයි !!!!

      Delete
  32. Machan la Dan Visa ganna yanna ona WTC eke 16th Floor eke thiyena Office ekakata (From 10th Feb) Rs 5000 ka ta wada yanawa eka Visa ekakata. Puduma gasa kaamak

    ReplyDelete
    Replies
    1. ඔව්නේ මචන් ඔයාගේ කොමෙන්ටුව දැක්කම අද හොයලා බැලුවා වැඩේ ඇත්ත .... බොහොම ස්තුතියි අපිව දැනුවත් කරාට .... වැඩි විස්තර ඊළඟ පොස්ට් එකෙන් දාන්නම් ....... ඔන්න බලාපල්ලකෝ අපි පොස්ට් එකක් ලිව්වම වෙන වැඩ .................

      Delete
  33. අලුත් ජොබ් එකක් හොයාගත්තට පස්සේ නිවාඩු ආවම එන්න ඕනේ නිවාඩුවක් ගතකරන්න.

    ReplyDelete
    Replies
    1. ආ ... කෝරාළ උන්නාන්සේ හුග කාලේකින්නේ දැක්කේ......හොඳා හොඳා ඇවිල්ලම බලමුකෝ

      Delete