මම S. L. මැලේ රාළ

මම ලංකාවේ පොරක් මැලේසියාවේ ජොබක් කරන.... මට මේක ලියන්න හිතුනේ අනික් බ්ලොග් කියවල ඒවා දැක්කම මෙහෙවෙන දේවල් අනික් කට්ටියටත් දැන කියාගන්න කියල තමයි .

අවූරුදු ගානක් තිස්සේ මෙහෙ ඉදන් අහපු දැකපු, සිද්ද උන හා දැනටත් සිද්දවෙමින් පවතින දේවල් තමයි මම ඔයාලට කියන්න යන්නේ ඕන්.....

Saturday 10 August 2013

කවුද බොලේ ශ්‍යාම් 4 (අවසන් කොටස )

අවසන් කොටස 

     ඔන්න කතාවේ අවසානයට ආවා.... එත් කව්රු හරි ඉන්නවනම් මුල කොටස් බලපු නැති ඔන්න මුලට යන පාරවල් ටික පහළ 

      මාතලන් ලොක්ක කිව්වත් එකම බලනකොට එපා වෙනවය කියල කතාව අතර මගදී නවත්තල දාන්න බැනේ අප්පා ...... ඒ නිසා කට්ටිය තරහ අවසර කරලා මෙච්චර හොද , දක්ෂ , බිසිනොස් කාරයට මොකද උනේ කියල දැනගන්න ...... අනික මේ කතාව සම්පුර්ණ සත්‍ය සිද්දියක් වන අතර නම් ගම ඉදලම ඇත්තම ඒවාය ....... (බොරුවට කියල තියෙන්නේ ඔය රාලගේ පොඩි අරළු බුරළු දෙබස්  ටිකක් විතරමය... ඒ නිසා අද කොටසේ දෙබස් නැත) එහෙනම් ඔන්න කතාවට .....

     දැන් ඔන්න ශ්‍යාම් ගොයියා ඔය U ටර්න් කරුමාන්තය පටන් අරන් අවුරුදු 3ක් විතර වෙනවා..... කොල්ලට දැන් සරුයි බිසිනොස් වැඩ වලට යන්න මැලේසියාවේ නිෂ්පාදනය කරන ලද proton wira කාර් එකක් 

හවහට කොල්ලෝ සැට් එකත් එක්ක වල බහින්න kia sportage එකක් 

      දුක්මහන්සියෙන් හම්බ කොරපු සල්ලිවලින් අරගෙන තිබුනා...... ඒ ඇරෙන්න දියුණුවේ තරම කියන්නේ අර මුලින් එකට හිටපු නිශාන්ත එහෙම දැන් අතේ දුරින් .... ඒකියන්නේ වැඩිම උනොත් මාසෙට දවසයි හම්බ වෙන්නේ ...... 

      ශ්‍යාම් ව මුලින්ම නිශාන්ත නවත්තපු ගෙදර එකියක්ව (නිශාන්තගේ අන්තන්පුරේ එක බිසවක්) ශ්‍යාම් කොහොම හරි දැලේ දාගත්තා .... රැට නිශාන්තගෙන්  දවස තිස්සේ කරපු හොර වැඩ ටික අහගන්න රේණුකා නංගි උදේට ශ්‍යාම් එක්ක ඔක්කොම කියනවා .... ටික කාලයක් යද්දී නිශාන්තගේ තිබුන සම්බන්දකම් ඔක්කොම ශයම් දන්නවා ඒ නිසා හිමිට නිශාන්තව කපල දැන්මා 


       ඒ විතරක් නෙවි අර චෙල්වම්, මිනිහ අදුන්වල දීපු එයාර් පොර්ට් එකේ ඔපිසර් ... එයාවත් දවසක් හම්බ උන ශ්‍යාම් කියනවා සර් දැන් චෙල්ල දෙන්නේ සර්ට එක පොතකට 100යි නේ මම දෙන්නම් 200ක් කාටවත් නොකිය අපි මේක කරගෙන යමු...... ඔපිසරයත් නිකන් මාළුවාට ගොගල් දුන්නවගේ ....වැඩේට උඩින්ම කැමති උනා. ඊට පස්සේ  චෙල්වත් නිකන්ම හැලුනා 
            ඔක්කොම වැඩ කටයුතු ගෝලයන්ගේ මාර්ගයෙන් තමයි ශ්‍යාම් කරේ .... පොර හොද ගෙදරක ටැලිපෝන් දෙක තුනක් තියාගෙන ඔක්කොම කරේ ටැලිපෝන් හරහා තමයි. ඒ ඇරෙන්න අර වටිනා කියන සීල් ටිකත් වෙනම ගෙදරක තමයි තියල තිබුනේ. 

           හැමදාම ගෝලයෝ ටික මැලේසියාවේ හතර දිග් බාගයෙන් ආසියාතික රටවල් ඔක්කොම වල overstay වෙච්ච පොත් ටික අරගෙන එනවා. කොල්ල ඒවලට අදාල සීල් ගහල අත්සන ගහලා  ඉතුරු වැඩ ටිකට අදාල තැන වලට යොමුකරනවා ගෝලයෝම  හරහා 

          මුල් වරට ශ්‍යාම්ට ලෙඩක් වැටෙන්නේ පාස්පෝර්ට් 35ක් එක්ක ගෝලයෙක්ව පොලොසියෙන් අල්ලගන්නවා එයාර්පෝර්ට් කාර්පාර්ක් එකේදී......  කොල්ලා කෙලින්ම එන්ටර් වෙනවා ගේමට,.... පොලිස් කාරයෝ පොත් ටිකත් අරන් අදාල පොලෝසියට එනකොට ශයම් කොලුවා පොලෝසියේ ලොක්කට එක පොතකට 500 ගානේ 17,500ක් දීලා වැඩේ සුද්ද කරගෙනත් ඉවරයි .... ඊට පස්සේ අයි ඒ පොත් ටික එයාර්පෝර්ට් ගෙනියල තියෙන්නේ පොලිස් ආරක්ෂාවත් එක්කම තමයි.... 

      හැබැයි මේතැනදී එක දෙයක් උනා.... ඒ තමයි පොලිස්කාරයෝ ටික පගාව එහෙමත් අරගෙන පොඩි ඇන්ට්‍රියක් දැම්ම පොලිස් පොතේ........ කෝකටත් කියලා  මතු ආරක්ෂාව පතල වෙන්න ඕනා..... ඒ නිසා ශ්‍යාම්ගේ  නම ඔන්න පොලිස් පොතට ගියා මැලේසියාවේදී .......

   මැලේසියාවේ පොලිස් පොතත් ලේසි නෑ සම්පුර්ණයෙන්ම online මොන පොලෝසියේ පැමිණිල්ල දැන්මත් මැලේසියාව ඇතුලත තියෙන ඕන තැනකින් ඒ පැමිණිල්ල බලන්න පුළුවන් .... 

   මේ අතරේදී පොලෝසිය නිකන්ම හිටියෙත් නෑ ..... මේ දැලට අහු වෙච්ච මෝරගේ තව දත් ගලවන්න බලාගෙන මාසයකට සැරයක්වත් එයාර් පොර්ට් එක පැත්තේ රැකගෙන ඉදලා පොත් එක්ක ගෝලයන්ව අල්ල ගන්නවා ලොක්කා  ගිහින් ජරාව දීලා බේරාගෙන එනවා..... නම පොලිස් පොතට යනවා ඔය චක්කරය කීපසරයක්ම කැරකුනා ......

   ශ්‍යාම් කොලුවත් නිකන් හිටියේ නැ මේ චක්කරෙන් බේරෙන්න එක එක දවසට එක එක කොල්ලන්ව යවනවා දවසගානේ කාර් මාරු කරලා යවනවා ...... කොහොමහරි අන්තිමට කරුමාන්තේ කෙරෙනවා .....

  කරුමාන්තේ කෙරුණත් ශ්‍යාම් කොලුවාගේ ලොකුම දුර්වලතාවය තමයි මුදල් පාලනය ගැන නිසි අවබෝදයක් නොමැතිකම මේ පැත්තෙන් සල්ලි හම්බ වෙනකොට අනික් පැත්තෙන් ඒ ඔක්කොම වියදම් කරන ක්‍රමත් ඕනෑතරම හදාගෙන තිබුණා .... ලංකාවේ එහෙමත් මෙයාලගේ ගම්පලාතේම ප්‍රධාන පාරක් අයිනක ඉඩමක් අරන් තට්ටු 2කේ කඩකාමර පේලියකුත් මෙයා හදල තිබ්බලු .... ඒ ඇරෙන්න ගෙදර කට්ටියට ගමන් යන්න ඩොල්පින් වැන් එකක් එහෙමත් අරන් තිබුනලු .....

   ඔය අතරේ අර මෙයාට ගුරුහරුකම් දෙන බාප්පලා නිතර නිතර මැලේසියාවට ඇවිත් තමන්ගේ පුත්තරයා එක්ක සති දෙක තුන නැවතිලා ඉදල එහෙම ගිහින් තියෙනවා.....  ඒ එන්නෙත් නිකන් නෙව්
මැලේසියාවේ තමන්ගේ පුතා ලොක්කෙක්ය, ලොකු බිසිනොස් එකක අයිතිකාරයෙක්ය, මාසෙට බරගානක පඩියක් එක්ක හොද ජොබක් සැට් කොරලා දෙන්නම්ය, කියලා සැරයකට කොල්ලෝ හතරපස් දෙනෙක් එක්ක තමයි ... 

     ලංකාවේදී ඒ එක කොල්ලෙක් ගෙන් අඩුම තරමේ ලස්ස 3ක්වත් අරගන්නවා. ඊටපස්සේ ගහනවා විසිට් වීසා එකක් දානවා KL වලට එයාර් ටිකට් එකක් (මේ ඔක්කොටම වියදම රුපියල් 50.000ක් විතරය) ඊට පස්සේ කොල්ලෝ ටික මෙහේ ..... ශ්‍යම්ට භාර දෙනවා  රුපියල් ලක්ෂයක් විතර එක්ක...... ඊට පස්සේ බාප්පා මාරු....... 

     මුලින්ම ශ්‍යාම් මාසයක් විතර කන්න බොන්න හොදට දීලා කොල්ලෝ ටික ඇති කරනවා...... ඊට පස්සේ මාසයකින් විසිට් වීසා එක ඉවර උනාම දැන් ඉතින් පොලොසියට හරි ඉමිග්රේෂන් එකට හරි අහු උනොත් උබල ඔක්කොම කස පාර 10ක් විතර කාලා මාස හයක් විතර හිරේ තමයි කියලා හොදට බය කරලා, මම වීසා හදල දෙනකම් ඔහොම වැඩ කරපන් කියලා කාර් වොශ් කරන තැනකට හරි රෙස්ටුවරන්ට් එකක පිගන් හෝදන්න වගේ තැනකට දාලා එතන අයිතිකරයගෙනුත් ගානක් අරගෙන අර කොල්ලන්ව නැති කරනවා.......

    මේ ඔක්කොම විසුක දර්ශන පෙන්නන අතරේ දවසක් රැ කව්රුත් හිතපු නැති විදියට ශ්‍යාම් ගේ ගෙදරට මැලේසියානු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඒ කියන්නේ CID එකෙන් පනිනවා..... ගෙදර ඒ වෙලාවේ ශ්‍යාම්, උගේ බාප්පෙක්, සහ ඌට වැඩ කරන ගෝලයෝ 4 දෙනයි, අර ඇති කරන කොල්ලෝ 3 දෙනයි ,  ඔක්කොම 9යි. CID එකෙන් ඇවිත් 10 දෙනෙක් විතර අහනවා කව්ද උබලා කට්ටියගෙන් ශ්‍යාම් කියලා.........

     මේ වගේ අවස්ථාවන්ට ලංකාවේදී වත් මුණදීලා  තියෙන එකම කෙනා වන ශ්‍යාම් ගේ බාප්පා මේ වේලාවේ ඉස්සරහට ඇවිත් කියනවා එහෙම  කෙනෙක් මෙහෙ නෑ කියලා .......

දඩාන් ..................................

 කට්ටිය හිතුව හරි ඒ ආපු අමුත්තන්ගෙන් බාප්පගේ බඩට වැදුණු පයින් පාරේ සද්දේ ......... අනේ දැන් කට්ටිය වෙන වෙනම මර ලතෝනි දෙනවා අනේ සර් මම නම් නෙවි ශ්‍යාම් කියා කියා ....... 

චටස්...... පටස්......... ඒ අතරේ තව දෙතුන් දෙනෙකුටම කනේ පාරවල්

    දැන් සාලේ මැද්දේ කට්ටිය දන ගස්සලා එක එකාට කියනවා ගිහිල්ලා  තමන්ගේ පාස්පෝර්ට් එක ගෙන්න කියලා ඒ යනකොටත් එක අමුත්තෙකුත් යනවා පාස්පෝර්ට් එක ගෙන එකාගේ පස්සෙන්
කාමරේටත්...... ගේන ගේන  පොතයි ගේන එකාගේ මුනයි නමයි බලනවා මේ ශ්‍යම්ව හොයා ගන්න .....                     ඔය අතරේ ශ්‍යාම්ගේ වාරයත් එනවා පොර යන්නේ මිනිහගේ කාමරයට නෙවි ගේ පිටිපස්සෙම තියෙන කාමරයට........ මේ ගේ ගැන කියනවනම් තට්ටු හතරේ ෆ්ලැට් එකක තුන්වෙනි තට්ටුවේ තමයි ගේ තියෙන්නේ පඩි පෙලින් නැගලා ඉස්සරහ දොරෙන් ඇරෙන්න වෙන කිසිම දොරක් නෑ එලියට යන්න........ 

       කාමරයට ගිය ශ්‍යාම් බොහොම දුක මුණක් දාලා අර තනියට ආපු ඔපිසගෙන් අහනවා ඉන්න හිටින්න බෑ චු බරයි යන්නද බාත්රුම් එකට කියලා ඔය වගේ වෙලාවට කට්ටියට චු බර හැදෙන එක සාමාන්‍ය බව දන්නා ඔපිසර් මුට බාත්රුම් යන්න දීල දොර ලගට වෙලා ඉන්නවා..... චු විතරක් නෙවි දෙතුන් සැරයක් කක්කා දාන්නත් යන වෙලාවම ගිහිල්ලත් මු මොකද නැත්තේ කියල බලන්න දොරට තට්ටු කරාම  කොල්ලගෙන් සද්දයක් නෑ ........

     ඒ සැරේ  ප්ලාස්ටික් දොරට පයින් එකක් දීලා දොර ඇරලා බැලින්නම් එහා පැත්තේ තියෙනවා තව දොරක් ඇරලා කෙලින්ම කුස්සියට CID පොර ඊළගට එතනිනුත් ගිහින් කුස්සියේ බලනවා කොල්ල නෑ ...... මොනවා ශ්‍යාම් අතුරුදන්....................

   මැන්  ඉස්සරහට ගිහින් කියනවා එකෙක් අතුරුදන් කියලා එපාර අපු කට්ටිය හතර පස් දෙනෙක් අතුරුදන් ඒකාව හොයනවා ගේ ඇතුලේ ... ඉතුරු කට්ටිය හා අපේ කට්ටිය හිටිය සාලෙන් ඇහෙනවා 

  දඩන්..... බඩන් .... චටස් ....... පටස්........

    මේ එකෙක් කොහොම ද අතුරුදන් උනේ කියල හිතාගන්න වත් බැරි කට්ටිය ඉතුරු 8 දෙනවත් කුදලාගෙන යනවා පොලොසියට ......

  එතනින් අතුරුදන් වෙච්ච ශ්‍යාම් ටික වෙලාවකට පස්සේ මතු වෙනවා ඊට මීටර් 200කට විතර එහායින් ඉන්න තව ලංකාවේ කපල් එකක් ඉන්න ගෙදරකින්...... කොල්ලා මහා රෑම පොලෝසියේ දන්නා හදුනන ලොක්කන්ට (කලින් එක එක ජෝගී වලට ජරාව දීලා හදුනා ගත්තු) කෝල් කරන්න ගත්තා.... අපරාදේ කියන්න බැ මෙහෙ CID  එක උනත් සල්ලි වලට කැදරයි ......  නිසා මේ වගේ අපරාද කාරයන්ට ලෙන්ගතුයි .... මේ කෙස් එක බාරව ඉන්න ලොක්කට රිංගිට් 80,000ක් දීලා කතාව පොතෙන් කටු ගාන්න ලොක්කෝ කැමති උනා 

    එකට මෙයාලව හොයන්න අපු දවසේ ඉදන් පැය 48ක් ඇතුලත RM 30,000ක් ශ්‍යාම් ගෙව්වා එතකොට අර පොලොසියට කුදලාගෙන ගිය කට්ටිය ගව්රවන්විතව නිදහස් කරා.... දෙවැනි 30,000 ගෙවන්න තිබුනේ ඊට සතියකට පස්සේ අර පගාව ගන්න ලොක්කයි එදා ගෙදරට CID එකෙන් පැනපු කට්ටිය ලීඩ් කරපු කෙනයි පගාවට කපු කම කරපු පොලෝසියේ ලොක්කයි ශ්‍යාමුයි එකට ඩිනර් එකකට සැට්වෙලා එතැනදී තමයි ශ්‍යාම් දන ගත්තේ ඇයි එයාව CID එකෙන් හෙව්වේ කියලා....

     හේතුව තමයි මෙය U ටර්න් ගහපු සමහර පොත් අයිති කාරයෝ අපහු යනකොට ඒ සීල් වල ඇති පොඩි පොඩි වැරදි නිසා අහුවෙලා තියෙනවා එතැනදී ප්‍රශ්න කිරීම් වලදී ශ්‍යාම් ගේ නම කීප සැරයක් කියවිලා තියෙනවා තව අර පොලිස් පොත්වල තිබුන පාස්පෝර්ට් එක්ක අහුවෙන තැන්වලදිත් මේ නමමයි..... ඔතනදි පොලොසියෙන් ශ්‍යාම්ට කොන්දේසි කීපයක් දානවා 
  • ඒ මොහොතේ ඉදන් කරන මේ හොර වැඩ සියල්ල සම්පුර්ණයෙන්ම නවත්තන්න ඕනා... 
  • මාසයක් ඇතුලත බැලන්ස් එක ගෙවන්න ඕනා..  
  • අයෙත් මේ වැටලීම උන brickfelids කියන පළාතේ රටින් පිට වෙනකම් එන්න තහනම.... 
  • මාස 6ක් ඇතුලත රටින් පිට වෙන්න ඕන කියලා 
  • ඒ වගේම එදා අර ගෙදරින් අර විදියට අතුරුදන් උනේ කොමද කියලත් ඇහැව්වේ එදා ආපු ලොක්කමයි 

      එදා ශ්‍යාම් කරලා තියෙන්නේ කාමරේ දොරෙන් බාත්රුම් එක
ඇතුළට ගිහින් කුස්සියේ දොරෙන් එලියට ඇවිත් කුස්සිය පැත්තේ තියෙන තට්ටු 3ක් උස බැල්කනියෙන් බිමට පනින එකයි..... ඕක අහපු පොලිස් කාරයෝ කිව්වලු උබනම් යකෙක් කියලා එත් පස්සේ ශ්‍යාම් කියල තිබුණා ඕනෑකමින්ම පැන්න නෙවි බේරෙන්න තියෙන උවමනාවට අසිහියෙන් තමයි පැන්නේ කියලා..... සිහියෙන් නම් කවදාවත් ඕක කරන්නැ කියලා......

     කොහොම හරි මේ සිදුවීමෙන් පස්සේ ශ්‍යාම්ගේ නරක කලදසාව ලැබුවා පොරෝසිද්දියේ වැඩ කරන්නත් බෑ .... kia කාර් එකත් නොකියම වික්කා පොලොසියට සල්ලි ගෙවන්න. ඒ ඇරෙන්න ලංකාවේ වෑන් එකත් විකුණලා සල්ලි ගෙන්න ගෙන තිබුණා. වටේ හිටිය කොල්ලෝ ටිකත් වමත හා දකුණත ඇතුළුව තමන්ගේ වැඩක් බලාගෙන හිමිට මාරු උනා.

   හැබැයි එක වාසියක් තිබුනා කලින් ලංකාවට ගිය කට්ටිය ශ්‍යාම් නිසා ඊළගට අලුතෙන් එන කට්ටියව කෙලින්ම යොමු කරේ ශ්‍යාම් ලගට ... තව දුරටත් මැලේසියාවේ වැඩක් කරන්න බැරිබව දැක්ක ශ්‍යාම් ඒ වගේ අලුතෙන් ආපු කට්ටියගෙන් වීසා හදන්න කියලා RM 100,000 විතර සහ යන යාකා කොරගත් බිදගෙන යනවා කිව්වා වගේ මේකා හදිස්සියේම නිවේදනයක් නිකුත් කරා සතපහක් වත් ඇඩ්වාන්ස් නොගෙන මස 2ක් ඇතුලත professional වීසා එකක් හදල දෙනවය අවස්ථාව තියෙන්නේ 10 දෙනෙකුට විතරය කියල මෙහෙ කොන්ත්‍රාත් වැඩ කරන ප්‍රසිද්ද සමාගමක නමත් ඇදල ඒ නමින්ම තමන්ටත් තියෙන වීසා එකත් පෙන්නලා ලොකු පබ්ලිසිටියක් දුන්නා...... වැඩේ කරලා ඉවර උනාම එකකට ගෙවන්න ඕන RM 7,500ක්

   ඒ තමයි ශ්යම්ව දැකපු අන්තිම මාස 2ක මස 2ක් අවසානයේ කොල්ල අර කියපු විදියට එක සිකුරාදා දවසක ගහපු professional වීසා පොත් 25ක් 30ක් විතර කට්ටියට දීලා 7,500 ගානේ එකතු කරලා සදුදට මැලේසියාවට ඉර පායන කොට මැලේසියාවෙන් සමු අරන් (හැබැයි පැදුරටවත් නොකිය) 

   එතකොට අර ගහල තියෙන professional වීසා, RM 100කට මෙහෙ ඉන්න හොද කොම්පීටර් ජිල්මාට් කාරයෙක්ගෙන් අරගත්තු ඔරිජිනල් වීසා එක වගේම ඩුප්ලිකේට් කොපියක් විතරයි ..... සිකුරාදා ගත්තු වීසා එක සදුදා කට්ටිය පරික්ෂ කරලා බලන කොට කොල්ලා උඩුගුවනේය......

    ඔන්න දැන් කියවපු කට්ටිය දන්නවා කව්ද මේ ශ්‍යාම් කියල 

දුසමාන ආරංචියක් තියෙනවා කොල්ල දැන් ඉතාලියේ කියලා ඒ නිසා දන්නා හදුනන ඉතාලි කාරයන්ව දැනුවත් කරන එක තම තමන්ගේ වගකීමකි 

       

මීලග පොස්ටුවෙන් .........

  • එක ගමේ එකට හැදිච්ච යාලුවෝ සැට් එකක් 
  • අල්ලපු ගමේ තව යාලුවෝ 2ක් එක්ක 
  • රට අංකුරෙක් වූ ඒජන්ට් කෙනෙක් එක්ක මෙහෙ ඇවිත් 
    සිදුවූ භයානක මිනීමැරුම 

මේ සම්බන්දයෙන් උපදෙසක් අවස්සය අර යහළුවන්ට පහත දැක්වෙන අන්තර්ජාලයෙන් සොයාගත් අන්වර්ථ නාම යොදා ගන්නට තීරණය කොළෙමි ඒ සදහා පාඨක ඔබගේ කැමැත්ත අකමැත්ත මෙහි සදහන් කල මැනවි 
  • ප්‍රියන්ත 
  • මාරයා 
  • ඩ්‍රකී 
  • හෙන්රි 
  • කෙන්ජි 
  • සුදික 
  • නලින් 

       
      

    

       

      

63 comments:

  1. උබ කව්රු උනත් මේ ලියන දේවල් කොච්චර වටිනවද කියල දන්නේ අපි වගේ මේ රටට ඇවිත් වලේ වැටුන එවුන්ය දන්නා ඔක්කොම පර බල්ලෝ ගැන ලියන්න. මේ රටට එන්න දෙන්න එපා අහිංසක මිනිස්සුන්ට. මොකද මෙරටට එන සිංහල මිනිස්සුන්ව අමාරුවේ දන්නේ මෙහෙට අ විදියටම ඇවිත් එන්න සිංහලයන්මය . පුලුවන්නම් එම්බසියේ ඉන්න ජඩයෝ ගැනත් ලියන්න

    ReplyDelete
    Replies
    1. ඔව් කේස් නම් තව ගොඩක් තියෙනවා ලියන්න .... ඇත උබල දැන් ඇවිත් ඉවරනේ කොහොම හරි බලපන් මේවා තවමත් එන්න පොරකන ලංකාවේ එවුන්ට පෙන්නන්න .... අර ජඩවැඩ කරනවයි කිව්වා අයගේ විස්තර මොනවා හරි දන්නවනම් මට මේල් එකක් දාන්න .......

      Delete
  2. මෙක නොදන්න අයට හොද අත්දෑකිමක් .මෙව ප්‍රසිද්ද කරනනම් ඔන.නම් ගෑන නම් අයිති උන්ගෙන්ම අහපන්

    ReplyDelete
    Replies
    1. තැන්කු මචන්............ අර නම් වලට අයිති කාරයෝ ඉන්නවද මම දන්නේ නැනේ

      Delete
  3. අෆ්ෆා ..... හොලිවුඩ් ෆිල්ම් එකක් වගේ. ගෝඩ්ෆාදර් මැලේසියන් වර්ෂන්.

    ReplyDelete
    Replies
    1. ආ ... අර නම් ටික හොඳයි, නියමෙට ගැලපෙනව. :D

      Delete
    2. ෆිල්ම් වලට ගන්නවානම් තව ගොඩක් තියෙනවා මචෝ ........ හුරේ ... නම් ok කරලා චන්ද 1යි

      Delete
  4. රට යන උණ හැදිච්ච එකා ගැන දැන් නං සංතෝසයි ගිහින් කරදරයක් නොකරගෙන ආව එක ගැන... මං කිව්වේ අපේ මහත්තයා... මෙහෙම හොරෙක්ට අහු උනා නං මගේ කොල්ලත් ඉවරයි... මේක ලියපු එක හොඳයි ... මොකද මේවා අපේ රටේ පත්තර වල‌ යන්නෙත් කෑලි හැලිලනේ ...

    අම්මෝ අර නම් ටික ගැන නං හූ මිටි තියන්න‌ බෑ.. මටත් වීසා කැන්සල් වෙන වැඩක්... හි හි

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු .... පත්තර වලින් හැලෙන කැලි තව ගොඩක් ඉස්සරහට එකතු වේවි .... ඒවගේම නම් තියෙන අය කව්රු හරි ඔයත් දන්නවද???

      Delete
    2. >>අම්මෝ අර නම් ටික ගැන නං හූ මිටි තියන්න‌ බෑ.. මටත් වීසා කැන්සල් වෙන වැඩක්... හි හි<<
      ජැෆ්න වීසා ද මිනිබිරියේ?

      Delete
    3. ඈ ඈ ඈ .............. මෙයා මිනිබිරි අපි..........මල්ලී ...........!!!!!!!!

      Delete
    4. සීය කියල ගරු සරුව ආමන්ත්‍රණය කරන අයට පමණයි එහෙම මම අමතන්නෙ.

      Delete
  5. උඹේ මේ අගනා දැණුවත් කිරීම ගැන අගය කරල කමෙන්ටුවක් නොදා ගිහින් කොහොමෙයි. මෙව්ව පුළුවන් තරම් ලියල මේ හොරු ගැන දැනුවත් කරන එක වැදගත්. මම මේක බුකියෙත් ෂෙයා කරන්නම්. තව ලියහන් මලේ.

    ReplyDelete
    Replies
    1. තැන්කු ලොකු අයියා .... ඔය තියෙන්නේ ඔයාලා පබ්ලිසිටිය දෙනවනම් මම ලියන්නම්.... මටත් ඕන කොහොම හරි මේ නරකාදියට වැටෙන්න නොදී එකෙක් දෙන්නෙක්ව හරි බේර ගන්නයි

      Delete
  6. ලඟින් ගියොත් ඇහැක් නෑ නේ?

    උඹ හොරු සෙට් එකකට ගැලපෙනම නම් අරගෙන තියෙන්නේ. ඕං මගේ නම ගන්න ඕකේ එක දුන්නා. :D

    ReplyDelete
    Replies
    1. මගේ අම්මේ එතන ඔයාගේ නමත් තිබුනද ....... මම දැනගෙන හිටියේ නැනේ .... අනික මේ නම්ටික් දන්නා යන අය හොරු නෙවි...... හොරෙක්ට අහුවෙලා රට ආපු තවත් චරිත ටිකක් .....කොහොම හරි ok චන්ද 2කයි ...

      Delete
  7. කොල්ලො මෙන්න මගෙ උත්තමාචාරය බොලාට.
    තව UN කාඩ් එක අරන් අපේ අයියල කරන වැඩත් ලියන්න මල්ලි.

    ReplyDelete
    Replies
    1. බොහොමත් ස්තුතියි ....... ලොකු point එකක් දුන්නේ ඕක ගැන කතා ගොඩක් තියෙනවා ඔක්කොම එකතු කරලා එක කතාවක් හැටියට ලගදීම ගේන්නම්

      Delete
  8. ඔය නම් ටික ඔබේ කතාවකට දැම්ම කියල කවුරුත් නඩු මගට බසින එකක් නැහැ.
    උඹත් බොක්කේ පොරක් කියල දැන් කවුරුත් දන්නව.
    මට අවුලකට ඉන්නෙ මාරය මල්ලි ගැන.
    මොකද කුක් කෙනෙක් ගැන නැතිව KL ලිට්ල් ඉන්දියා කෝවිල ලග බිම ඉදගෙන සාස්තර කියන එකෙක් කරයිද කියල.

    ReplyDelete
  9. මුල ඉඳන් කියවන්න ඕනෙ..

    ReplyDelete
  10. මාර කතාවක්නෙ.. මූ නම් උපතින්ම හොරෙක්.. :)

    ReplyDelete
    Replies
    1. එකනේ කිව්වේ ...... කෝකටත් කට්ටිය දැනුවත් කරලා තියන්න දැන් මු මොන රටේ ඉන්නවද දන්නැ .....

      Delete
    2. මේ වගේ පොරවල් ෂුවර් එකටම යන්නෙ කැනඩා.
      තාමත් බොරු ලිය කියවිලි වලින් යන සරණං ගච්චාමියන්ට එකම තෝතැන්න Canada.

      Delete
  11. ඇයි යකෝ ප්‍රියන්ත,නලින්සහ හෙන්රි කියන්නෙ අන්වර්ථ නාමයෙන් ඉන්න පොරවල් නෙමේනේ ?
    කොහොමත් ඒ ට්‍රිබල අකමැති නැහැ කියල ෂුවර්.
    හොද පණිවිඩයක් එනවනම් නම වගේද කියල ඒ දෙන්නම හිතන නිසා.

    ReplyDelete
    Replies
    1. මේ නම් වලින් ඇත්ත පොරවලුත් ඉන්නවද මමනම් දන්නේ නෑ .... මම බබා ......

      Delete
    2. හික්ස්....යකෝ මැලේ රාලයව අල්ලගන්න බැරිවුණානේ මට මැලේවලදි. නලින් අන්වර්ත නාමයක් නොවේ. ඒත් බොට ඕන දෙයක් කරපාන්...

      Delete
    3. හුරේ..... OK චන්ද 4යි

      Delete
  12. මේ දවස් ටිකේ දිග නිවාඩුව නේද?
    මුස්ලිම් කෑල්ලගෙන් අවුරුදු කෑවද නැත්නම් චයිනිස් කෑල්ලට අතින් කැවෙව්වද?

    ReplyDelete
    Replies
    1. කරපුව ඔක්කොම හොරෙන් කරේ ....නැත්නම් ලංකාවේ පත්තරේ යයි කියලා..... කරුමෙට ඔය දවස් ටිකේම අර පත්තර කාරය මෙහේනේ

      Delete
    2. නලින්ව හම්බවුනැයි?

      Delete
    3. අපෝ ඉල්ලන් ලෙඩ දාගන්න පිස්සුද මචෝ ?????

      Delete
  13. නුහුරු තොරතුරු නිසා ආසාවෙන් කියවනවා...අගෙයි!

    ReplyDelete
    Replies
    1. මෙහෙට අවනම් පුරුදු වෙන්න තිබ්බා....... විහිලුවට කිව්වේ දන්නා කියන කෙනෙක්වනම් මෙහෙට එවන්න එපා රස්සාවට ..... ඒ ඇයි කියල ලගදීම දාන්නම්කො පොස්ටුවක්

      Delete
  14. අපේ සිරාගේ කාමරය ලියන සිරා මලය ඔහාට ආව ආවාමයි කිසිම ආරංචියක් නැහැ.

    ReplyDelete
    Replies
    1. http://bluejeansntshirts.blogspot.com/2013/08/blog-post.html

      ඔන්න ඔකේ මගේ කොමෙන්ටුව බැලුවනම් සිරට වෙලා තියෙන දේ දැන ගත්තැකි

      Delete
    2. Thanks රාල.මම ඔබට ඊයක් විදින්න හිටියේ ඒකා ගැන පුළුවන් නම් පොඩ්ඩක් බලන්න කියල.

      Delete
    3. මට සිරා හමු වුණා කෙන්ජි...

      Delete
  15. මැලේසියාවෙ චීන රෙස්ටොරන්ට් වල බුදු දහමට නිගා දෙන කෑම වට්ටෝරු නැතෙයි?

    ReplyDelete
    Replies
    1. එහෙම ආරංචියක් තියෙනවා ..... විස්තර හොයලම කතාව කියන්නම්කො....... යකෝ මැලේසියාවේ ඉන්න මටත් වඩා හොදට මෙයා දන්නවනේ මෙහෙ තියෙන ඒවා ...... කොමද update වෙන්නේ ????? චීන කැල්ලක්කින්ද??? මැලේ කැල්ලකකින්ද????

      Delete
    2. මචං කෙන්ජිගේ වීසා එකත් ඔහොම ගත්තු එකක් කියන්නේ ඇත්ත ද?

      Delete
    3. හිකිස්.... මේක කෙන්ජිය දැක්කනම් උබට උත්තර දෙයි .....

      Delete
  16. සුපිරි කතාන්දර මාලාවක්. 4ම කියෙව්වෙ අදයි. කටු පොල් ගැන විස්තරයක් දීපංකො.

    ReplyDelete
    Replies
    1. ඔය වගේ කතන්දර ගොඩක් එනවා ඉස්සරහට අව ඇත්තටම මෙහෙ උන දේවල් ..... රාළට ඉදිරියටවත් මේවා වෙන එක නවත්වන්න

      Delete
    2. කටු පොල් ගැන මොනවද දැන ගන්න ඕන ????

      Delete
    3. මෙලෝ දෙයක් දන්නෙ නෑ බං. දැක්කෙ ‍ෙම්කෙන්.

      Delete
  17. මැලේසියාව ඔච්චර නරකද????? හ්ම්ම් එතකොට සිරා අය්යත් ඉන්නෙ මැලේසියාවෙනේ

    ReplyDelete
    Replies
    1. මැලේසියාව නරක නෑ ...... මැලේසියාවේ දැන් ජොබ් න හොද පඩියක් ගන්න පුළුවන්.... අදායම මදි වෙනකොට කට්ටිය මොකද කරන්නේ ජන්මෙට වැඩ පුරුද්ද ලොකු කමට ලග ඉන්න අනික් එවුන්ට කොකා පෙන්නලා හරි තමන්ගේ මඩිය තර කරගන්න දගලනවා

      Delete
  18. අම්මෝ බං උඹ පරිස්සමින්

    ReplyDelete
  19. යකෝ මූ හොයලා උල තියන්න ඕන එකෙක්නෙ. උඹ මේ ලිව්වේ ඇත්තමද බං

    ReplyDelete
    Replies
    1. අමුලික ඇත්ත ....... ඔය මම කියන කාලේ.... ඒ කියන්නේ දැනට අවරුදු 2කකට විතර කලින් මෙහෙ හිටපු ගොඩක් එවුන් ඔය ශයම්ව දන්නවා.... උ කරපු මේ වැඩත් දන්නවා

      Delete
  20. අම්මා ගහයි බැට් එකෙන් මු නං ලෝක හොරෙක් ....

    ReplyDelete
  21. මුල ඉදන් කියවගෙන එන්නම්කෝ ...

    ReplyDelete
    Replies
    1. හොදයි හොදයි ...... මුල ඉදන්ම එමුකො බලන්න

      Delete
  22. මුල ඉඳලා කියවන්ටම වෙනවා...:)

    ReplyDelete
  23. ඔව් ඔව් මුල ඉදන් පටන් ගන්න එක තමයි හොද ........

    ReplyDelete
  24. මැලේ අච්ඡාරු මම ආවා
    මටත් බැරිද බොලා වීසා එකක් ගහල දෙන්න. සල්ලි පස්සේ බැරියැ.

    ReplyDelete
    Replies
    1. එල කොල්ලෙක්නේ .... හදල දෙන්නම් හදල දෙන්නම් මගේ අතින් ගෙවල හරි මචෝ .... උබල වගේ අය තමයි මෙහෙට හරියන්නේ ......

      Delete
  25. පිස්සු හැදෙනවා. මාර කතා සෙට් එකක් නේ

    ReplyDelete
    Replies
    1. සැට් එකේ අලුත්ම එක තව දවසකින් දෙකකින් එනවෝ............

      Delete
  26. මෙතෙන්ට එනකල් කියෙවුවා මුන්ට පිසිද්ද වෙන්නතමයි දැන්ම් කිසිම වීස එකක් මෙහෙන් ලේසියෙන් ගන්න අපිට බැරි.. ඉස්සර ඉන්විටැශන් එක අරන් ගිහින් මමගත්ත කොරියන් වීසා එකට මේ පාර නොතාරිස් සහතික කරපු සහතිකයක් කොරියාවෙන් ගන්න උනා,. ඒ මගෙ පාස්පෝට්වස්ල අවුරුද්දෙ කොරියන් වීසාපහක් හයක් තියෙද්දී. මුංව එල්ලල මරලත් මදි.. රටම කනවා.

    ReplyDelete