මම S. L. මැලේ රාළ

මම ලංකාවේ පොරක් මැලේසියාවේ ජොබක් කරන.... මට මේක ලියන්න හිතුනේ අනික් බ්ලොග් කියවල ඒවා දැක්කම මෙහෙවෙන දේවල් අනික් කට්ටියටත් දැන කියාගන්න කියල තමයි .

අවූරුදු ගානක් තිස්සේ මෙහෙ ඉදන් අහපු දැකපු, සිද්ද උන හා දැනටත් සිද්දවෙමින් පවතින දේවල් තමයි මම ඔයාලට කියන්න යන්නේ ඕන්.....

Monday 21 December 2015

අනේ මෙහෙම තණ්හාවක් .....අනේ මෙහෙම ආසාවක් ...... මිනිසුනේ ලැබේද මින් සැනසීමක්.?????.....

පට්ටපල් අමුලික ඇත්ත කෙටි කතාමාලාවේ හතර 


  රාළ මැලේසියාවේ සිදුවන ලොවෙත් නැති, ලොවිගහෙත් නැති ශ්‍රී ලාංකිකයෝ පිරිසක් මෙහෙයවන මහා ඉන්ටනෙට් ජාවාරම ගැන හෙළිදරව් කරනවා යැයි කිවේ මෙන්න මේ කතාවේදීය... ඒ අනුව ඒම කතා මාලාවේ අවසන් කතාව අද මෙසේ පටන් ගන්නවාය (ඉවර වෙන දවස ගැන වගකීමක් නැත)

 ඒ කතාව කිව්වාට මේ මුලින්ම ලියන්නේ ඒ කතාවම නොවේය... ඒ කතාවට ආරම්භයක් හැටියට ඒ වගේම වෙන කතාවක්ය..... මේ කතාව අවසානයේ හරි කතාව පටන්ගන්නවාය .........

   **************************************************

 මිට වසර හතරකට පමණ පෙර මැලේරාළ හදුනන ශ්‍රීලාංකික තරුණයෙක් තව ඔහුගේම වයසේ තරුණයෙක් සමග මා මුණගැසී උදව්වක් ඉල්ලුවාය. එම තරුණයාගේ නම සාගර යැයි කියමු...

  සාගරට අවශ්‍යව තිබුනේ ලංකාවේ හික්කඩුවේ වෙසෙන ඔහුගේ බාප්පාට ඊමේල් හරහා දිනුම් අදිනලද ලොතරයියකින් හිමිවී තිබු ත්‍යාගයක් වන ඇමරිකානු ඩොලර් ලක්ෂ දහයක මුදල බාප්පාට ලබාගැනීමට උදව් කිරි මටය. 


හෑ..... දැන් ඔය ස්වීප් එක කොමද බාප්පාට ඇදිලා තියෙන්නේ ??

මේකනේ අයියා අපේ බාප්පා කරන්නේ ටුවරිස්ට් ගයිඩ් වැඩේ.... අපේ බාප්පා අදුරන සුද්දෝ ගොඩක් ඉන්නවා ඔය සුද්දෝ ගාව තියෙනවා අපේ බාප්පාගේ ඊමේල්  ඇඩ්රස් එහෙමත්.... බාප්පා කියන්නේ ඔය දන්නා කියන කවුරු හරි කෙනෙක් බාප්පාගේ ඊමේල් එකත් මේ ස්වීප් ගන්න ආයතනේ රෙජිස්ටර් කරලා ඒ ඊමේල් එක හරහා තමයි ලස්ස දහය ඇදිලා තියෙන්නේ 

 කථාව අහන කොටම මැලේරාලට ඇතිවුයේ ලොකුම ලොකු මෙව්වා එකකි. එත් ඒ බව නොහඟවා රාළ දිගටම ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන කරගෙන ගියේය 

 දැන් එතකොට බාප්පා කොමද දන්නේ ඔය ස්වීප් එක එයාට ඇදිලා කියලා ???

ඒ ස්වීප් අඳින තැනින් බාප්පාට ඊමේල් එකක් එවලානේ එයාට ස්වීප් එක ඇදිලා කියලා 

එතකොට කොමද සල්ලි එයාට දෙනවා කියලා තියෙන්නේ ???

මුලින්ම කියලා තියෙන්නේ එයාගේ ඊමේල් එක තෝරාගෙන තියෙනවා තැග්ගකට එක එයාට ලබාදෙන්න ඒ විස්තර කා එක්කවත් කියන්නේ නැතුව බාප්පාගේ නම ගම වයස ටෙලෙපොන් නොම්මර පාස්පෝට් නොම්මර ඔය ඔක්කොම ඒ ගොල්ලන්ට එවන්න කියලා ඊළඟට තමයි ඒ තෑගි මුදල සඳහන් කරලා ඒ කොම්පැනියෙන් බාප්පාට ඔරිජිනල් සහතිකයකුත් ඉෂු කරලා එකේ කොපියක්  ඊ මේලුත් කරලා......

 මේ තියෙන්නේ ඒ සහතිකේ අයිය්යේ 
(එම ඇත්තම සහතිකයේ පිටපතකි)

අම්මටසිරි නයා..... ඇත්ත නේන්නම් මේ තියෙන්නේ සහතිකේ.... 

ස්වීප් එකත් ඇදිලනම්, එක සහතිකත් කරලනම්  දැන් මොකද්ද වෙන්න තියෙන්නේ???

දැන් අයියේ මේකයි වැඩේ ලොතරැයි කොම්පැනිය මේ සල්ලි බාප්පාගේ නමින් මේ වෙනකොට චයිනා බෑන්ක් එකේ ඩිපොසිට් කරලා තියෙන්නේ. ඒ ගොල්ලෝ බාප්පාගෙන් අහලා ඒ චීන බැංකුවේ මැලේසියානු ශාකාවෙන් සල්ලි ටික අර ගන්න කැමතිද කියලා..... බාප්පත් කැමතියි කිව්වම මෙහෙ ඒ බ්‍රාන්ච් එකේ මැනේජර්ගේ නමයි  ටෙලිපොන් නොම්මරයි ඊමේල් එකයි දීල තියෙනවා ගිය සතියේ බාප්පට මෙහෙ ඒ මැනේජර් කෝල් කරලා සල්ලි TT කරන්න බාප්පාගේ එකවුන්ට් නොම්මරයකුත් අරන් තියෙනවා 

  දැන් එහෙනම් ඔක්කොම හරිනේ බාප්පාගේ එකවුන්ට් නොම්මරේ දුන්නනම් ඒගොල්ලෝ දැන් සල්ලි ටික TT කරයිනේ ....

  එතනදී තමයි අපිට ඔයාගේ උදව් ඕනා අයියා... දැන් ඒ චීන බැංකුවේ මැනේජර් නෝනා අපේ බාප්පට කතා කරලා කියනවා ඒ සල්ලි ටික එවන්නනම් එගෝල්ලන්ගේ document & transfer fee එක USD 1950/-ක් ඉස්සෙල්ලා එයාලට ගෙවලා ඉන්න ඕනලු..... ඊට පස්සෙලු එයාලා සල්ලි ගොඩ අපේ බාප්පාට එවන්නේ.....

   ඉතින් බන් ඔය එවන සල්ලිවලින්ම ඒ ගාන අඩුකරගෙන ඉතුරුටික එවන්න කියලා බාප්පාට කියන්නනේ තිබුනේ 

   අපේ බාප්පට එච්චර මොලයක් නෑ අයියා එයා කියනවා ගෙවන්න ඕනා සල්ලිටික එයා මට එවන්නම් ඒ බැංකුව හොයාගෙන එතනටම ගිහිල්ලා ඒ මැනේජර් නොනව හම්බවෙලා  එක්දාස් නමසිය පනහ දීලා ලස්සදහය අරගෙනම එන්නලු....   


පිස්සුද මනුස්සයෝ තේරෙන්නේ නැද්ද ඔතන තියෙනවා කතන්දරයක් එහෙම සල්ලි තොගයක් දෙන්න තියෙනවනම් ඔය පොඩි ගාණ එකෙන් අඩු කරගන්නවා මිසක් ආයෙත් වෙනම ගෙවන්න කියනවද..... හොඳම වැඩේ දෙනවා මට ඔය බැංකුවේ ටෙලිපොන් නොම්මරේ මම කතා කොරන්න 

මැලේසියානු ජංගම දුරකතනයක් වුනු ඒ අංකයට මම කීපවරක් ඇමතුම් ගත්තද අනෙක් පසින් කිසිවෙකුත් දුරකතනයට සම්බන්ද වුයේ නැත...

එවිට සාගර නැවතත් එම වෙලාවේම තම ලංකාවේ බාප්පාට අමතා මේ තත්ත්වය පැහැදිලිකර ඒ වෙලාවේම ලංකාවෙන් ඇමතුමක් ලබාගෙන මැනේජර් නෝනාට මාගේ අදහස අනුව ක්‍රියාකළ හැකිදැයි විමසුවත් ඇය පවසා ඇත්තේ එම විශාල මුදල බාප්පාගේ නමින් ඇති ගිණුමේ තැන්පත්ව ඇතිනිසා ඇයට  එම මුදල් වලට අත තැබිය නොහැකි බවය. 

දුරකථන ඇමතුම් කිහිපයක් එහෙට මෙහෙට ගියායින් පසු මා කිවේ එම මැනේජර් නෝනා ඇයි අපි මැලේසියාවෙන් කතා කරාම පිළිතුරු නොදෙන හේතුව විමසන ලෙසය. එවිට ඇය බාප්පාට ඒවා තිබුනේ චීන ජංගම දුරකථන අංකයක්ය. ඒ හරහා පළමු වරට මා ඇය හා කතා කොළෙමි...

දැන් මිසිස් විලියම් ඇයි මේක මට කෙලින්ම බැංකුවට ඇවිල්ලා ගෙවන්න බැරි...???

මේකනේ මෙයා මේ වන් මිලියන් ඇවිත් තියෙන්නේ අරයගෙ නමටනේ... එයා තමයි මේක ඔපිසියලි ගෙවන්න ඕනා වෙනකාටවත් මැදට එන්න බෑ 

ඉතින් අපි මේ ගෙවන්න යන්නේ එයාගේ සල්ලි තමයි... එයා මෙහෙ නැනේ එත්  අපි මෙහෙ ඉන්නේ එයා මගේ මාමා මම ඇවිල්ලා ඔයාගේ තැනට සල්ලි ගෙවන්නම්.. මොකද කියන්නේ 

අයියෝ එහෙම බෑ අනේ ඔයාට තේරෙන්නේ නැද්ද මේ අපි ඔයාගේ මාමාට කරන්නේ උදව්වක් එයා සල්ලි එවන්න ඕනා වෙස්ටන් යුනියන් එකෙන් අපි දීපු නමට විතරයි නැත්නම් මේක කරන්න බෑ ... මාමාගේ සල්ලි ටික අපි ආපහු එවපු තැනටම යවන්න වෙනවා 

  ඒ වන විට මා අන්තර්ජාලයෙන් මැලේසියාවේ චීන බැංකුව තිබෙන තැන හා දුරකථන අංක වල විස්තර සොයාගෙන ඉවරය.... අවසන් අදියර ලෙස මම විලියම් නෝනාගෙන් මෙසේ ඇසුවෙමි...

   හරි දැන් ඔයා වැඩකරන්නේ අහවල් විදියේ අහවල් තැන තියෙන චීන බන්කුව් නේද 

  ඔව් මම එතන තමයි ඉන්නේ එත් මම ඉන්නේ හත්වෙනි තට්ටුවෙනේ... පාරිබෝගිකයින්ට මාව කෙලින්ම හමුවෙන්න බෑ... මගේ රැකියාවේ නීති රෙගුලාසි හැටියටත් මට එහෙම කාවවත් හම්බ වෙන්න බෑ ඔයාලා අද දවස ඇතුලත මේ සල්ලි වෙස්ටන් යුනියන් කරොත් හරි නැත්නම් හෙට මම සල්ලි ආපහු යවනවා 

   මම අහන්නත් කලින් එයාව මුණ ගැහෙන්න එපැයි කියලා ඔන්න ඔහොම එයා කට් උනා කියන්නකෝ  

රාළලා ගිය එම බැංකුවේම ජයාරුපයකි 
              එහෙම එපයි කිව්වා ගමන් මම නොගිහින් ඉඳියිද ? කොහොමත් අනුන්ගේ පරිප්පු තෙම්පරාදු කරගන්න ඉන්න මම සාගරයවත් දාගෙන පහුවදා උදේම චීන බැංකුවට ගියා කියමුකෝ 

 ගිහිල්ලා පිළිගැනීමේ නිලධාරිනියට හිටපු චෝයි නංගිගෙන් ඇහැව්වා අන්තර්ජාතික මුදල් හුවමාරු අංශයේ මැනේජර් නෝනා වන විලියම් අක්කව කොමද හම්බවෙන්නේ කියලා 

  අනේ එක ඇහැව්වත් හරි අර සුදු මුණ රතු වෙලා මේ නංගිගේ දතකට පුට්ටු වෙන්න වගේ ආවා නොවෑ මම බලන් ඉන්දිද්දීම..  එත් අනෙක් අතට ඒ මුකුත් නෑ වගේ මුණ හදා ගත්තු මේ නඟා පොඩ්ඩක් ඉන්න අයියේ කියලා ගත්තා කෝල් එකක් විනාඩි පහක විතර මට තේරුනේ චෑන් චෑන් ගානවා විතරයි. ඊළඟට අපි ලඟට ආවා උස මහත අයියා කෙනෙක් මේ පැත්තෙන් එන්න සර් කියලා අපි දෙන්නව එක්ක ගෙන ගියා කියන්නකෝ එළියෙන් සහ ඇතුලෙන් යන දෙපැත්තෙන්ම ලෝක්  කරන කාමරයක් ඇතුලට 

මේ මොකද්ද අයියා මේ කාමරේ ?

      මේ කාමරේට තමයි සල්ලි ලස්ස ගණන් ගන්න සහ දාන්න එන අයව වැඩි ආරක්ෂාව සඳහා තියා ගන්න කාමරේ

     ඒ කියන්නේ අපි නෝනගේ නම කිව්වා ගමන් මේ කාමරේට දැන්මේ කෙලින්ම සල්ලි දෙන්නද යන්නේ 

   ඔව් ඔව් සල්ලි නැතත් හොඳම එකෙන් හම්බවෙන්න වගේ තමයි යන්නේ අපිව මේ කාමරේට ගෙනාවෙත් මෙයාලගේ සිවිල් සිකුරිටි කෙනෙක්....

   අයියා දැක්කද අපි අර නෝනගේ නම කිව්ව ගමන් අර කෙල්ලගේ මුණ වෙනස් වෙච්ච හැටි ??...... මට විසාත් නැතුව මොන ජංජාලයක් වෙයිද මන්දා......

    මම කියන්නද උබ හොඳටම බඩේ අමාරුව වගේ ඉඳපන් මම කතා කරලා ඔයාව ටොයිලට් එකට යවන්නම් එතනින් උබ කෙලින්ම එලියට ගිහින් මම කෝල් කරනකන් ටිකක් ඇතට වෙලා ඉඳපන්.........  

    කාමරයේ දොර හැර සාගරව එලියට යවා තෙම්පරාදුකරගත් පරිපුව කන්න ලැහැස්ති වෙමින් මම බලාගෙන සිටියේ ඊළඟට මේ කාමරයේ සිදුවෙන්නේ මොකක් විය හැකිදැයි කල්පනා කරමින්ය....


   ඇයි මම විතරක් බලන් ඉන්නේ බෝලත් ඊළඟට මොකද වෙන්නේ කියල ඊළඟ පොස්ටුව එනකම් (කවදා හරි) බලාගෙන ඉඳපල්ලා....

   එහෙනම් අදට මම ගියාවේ......




69 comments:

  1. මාත් මේකට ඔය වගේ මෙහෙ සිද්දියක් ගැන කමෙන්ට් එකක් දාන්න ආවෙ, හිටපන්කො ඊලග පෝස්ට් එකේදිම ඒක දාන්නම්.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ උබේ කතාව දැන ගන්න අපිට තව සැහෙන්න කාලයක් බලා ඉන්න වෙනවා

      Delete
    2. මෙක පස්සෙ ගිහින් තියෙන උන් පුන්නක්කු කන එවුන් වෙන්න ඕනෑ...!

      කොමන් සෙන්ස් කියල දෙයක් ගෑවිලවත් තියන එකෙක් මේහෙම ඊමෙල් එකක් ඉවර වෙන්න කියවන්නෙවත් නෑ...!

      Delete
    3. හැමෝටම එක හා සමානව මොලේ නැනේ බන්.... ඒ නිසා මොලේ අඩු අපිවගේ උන් කොමන් සෙන්ස් දන්නේ නැ..... රුපි ඇන්ඩ් සෙන්ස් නම් ටිකක් දන්නවා .... හි හි

      Delete
  2. මාත්තුරුකාව දැක්ක ගමන් දුවගෙන ඇවිල්ල බැලුවෙ උඹත් අර රවි අයියා වගේ පරණ මුව හමට තඩිබාලද කියල, උනු උනුවෙම රොටිය පුච්චගන්න හිතන්. මේ වෙන හුට්ටලමක්නෙව, තව ටිකක් හවස්වෙල ඇවිත් කියවන්නම් බං.

    ReplyDelete
    Replies
    1. චැක්ඃ නොසන්ඩාලයා. මොකක්ද බං මේකෙ කියවන්න තියෙන්නෙ. කියවන්න පටන්ගන්න කොටම ඉවරයිනේ. ඉතුරු ටික ඉක්මනට දාපං, මැරුං නොකා.

      Delete
    2. ඊගාවට තියෙන්නෙ මූ මැරුං කන සීන් එක තමයි බං.

      Delete
    3. යකෝ මේ ටික ලිව්ව අමාරුව දන්නේ මමනේ ..... ටිකක් හරි ලියලත් මුන්ගෙන් නැනේ යකෝ හොඳක් ...... අනේ අප්පේ සිංහ ලේ.......

      Delete
    4. එදා මම මලානම් අද මේක ලියන්නේ අවතාරේද බෝල

      Delete
  3. අනේ යසයි පරිප්පුව තෙම්පරාදු කරල මදිවට නිවිති කොළ ටිකකුත් දාල හම්බවෙන්න තිබුණෙ. හැක්...

    බලමුකො ඊගාවට චීන නංගිගෙන් කන හැටි.

    ReplyDelete
    Replies
    1. චීන නංගි කැව්වේ නෑ බන් .... මම කියලා කාවව ගත්තා

      Delete
  4. මොන පයන්නක්ද බං ඔන්න මං ආයේ මේ හුයන්න බලන්නැ

    ReplyDelete
    Replies
    1. ඊළඟ කොටස උබ මෙතැනට ඇවිල්ලා බැලුවේ නැත්නම් මම උබට එක මේල් කරනවා බලා ගනින්

      Delete
  5. කෙලියනෙ තාප්පෙට..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ලබ්බා උබව දැක්ක කල්..... ගොඩ දවසකින් ඒ පැත්තේ එන්නත් බැරි උනා.... උබ තාමත් ලබ්බ දානවැයි ??

      Delete
  6. ඈ බොල මැලයෝ තොට ඒ බැංකුවේ සිකුරුට්ටා නෙලන්න කලින් '''

    f;g fyk u .ymsh

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. තොයන්න වෙනුවට තෙයන්න නේද ලියලා තියෙන්නේ?

      Delete
    2. //f;g fyk u .ymsh//

      මලදානේ මට චීන තේරෙන්නේත් නෑ ..... ප්‍රංස තේරෙන්නෙත් නෑ බන්

      Delete
    3. මාමා කියලා තියෙන සිංහල තේරෙන්නෙත් නෑ

      Delete
    4. ඔය අකුරු ටික සිංහල යුනිකෝඩ් වලිං වර්ඩ් ඩොක් එහෙක ගහල බලහං මැලේ...

      Delete
  7. මේක ඇත්ත කථාවක්ද? ගෑණි නම් හොරෙක් වගේ, ඉක්මණට ඉතුරුටිකත් ලියන්න.

    ReplyDelete
    Replies
    1. අමුලික ඇත්ත කියලා මම ඔය උඩම ලියලා තියෙන්නේ ...... ඉතුරු ටික ?????

      Delete
  8. ඊළග පා්ෙස්ටුව දානකං අපි කටඅැරගෙන ඉන්නංකෝ.....

    ReplyDelete
    Replies
    1. බලාගෙන කටේ මැස්සො යයි.

      Delete
    2. ඔන්න ඇරන් හිටියොත් වෙන දේ ගැන දෙමල නයන්න මට කලින්ම ලියලා ගිහින්

      Delete
  9. ආධාරක සේනාවක් ගෙන්නගන්න තැනක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. මොන ගෙන්නිල්ලක්ද ආපු එකාවත් යැව්ව කොට

      Delete
  10. චීන නංගිගෙං කෑවනං පරිප්පු වුණත් මොකද බං?
    හැබෑටම ඇයි මේ චිත්‍රකතා ක්‍රමේට?

    ReplyDelete
    Replies
    1. අන්න උබට තේරුනා චීන නංගිලා මට පරිප්පු නැතිව අනික් ගොඩාක් ඒවා කවනවා

      චිත්‍ර දාන්නේ පොස්ට් එකේ දිග වැඩි වෙන්නනේ බන්

      Delete
  11. ඉතුරු හරිය කවදද.

    ReplyDelete
    Replies
    1. මූ කාපුවගෙ තුවාල සනීපවෙලා ආපහු ආවට පස්සෙ.

      Delete
    2. ඔයා වගේ හැම සදුදාම දෙන්න බෑ හැලපයියේ

      Delete
    3. මම කාලා තියෙන ඒවායේ තුවාල කවදාවත් සනීප වෙන එකක්නම් නෑ බන්

      Delete
  12. ඔන්න මමත් පලවෙනි පාරට මේ පැත්තට ගොඩ වුණා.
    සුබ නත්තලක්...

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා මැලේසියාවට
      ඔබටත් සුබම සුබ නත්තලක්

      Delete
    2. තෝ මට විෂ් කලේ නෑ නේද බොල මහේෂයො... ලේ බොනව දැනගං... ගර්ර්ර්ර්...!!!!

      Delete
    3. හප්පේ දැක්කේ නෑ බොල..

      Delete
  13. මේ ළඟදිත් මට ආවා ඔය වගේ මේල් එකක් ස්වීප් එකක් ඇදිලා කියලා

    ReplyDelete
    Replies
    1. ඔව් නේ ඇනෝ මටත් ලඟදි තව එකෙක් කිව්වා උටත් අවා කියලා..... ඒ උබද ?

      Delete
  14. මෙහෙත් හෙන සෙට් එකක් ඉන්නවා රි ලෝඩ් කඩවල ඉඳන් ටැලිපෝන් කොම්පැනි වල නම් තමයි වැඩියක්ම ඔය වගේ විකුණන්නේ... බොහෝ විට බැංකුවෙන් පරීක්ෂණයක් කරනවා වෙනම කවුද මේක කරන්නේ කියලා නිතර ඔය වගේ කම්ප්ලේන් එන නිසා.. හරි හරි බලමුකෝ ඉතුරු ටිකත්.. මැලයා ගේ ඇට කුඩු කරපු හරිය.. හැක හැක..

    ReplyDelete
    Replies
    1. අම්මෝ බොලලාගේ අපිට තියෙන හිතෙශිවන්ත කම....... ඇට කටු ටික කුඩු වෙනකම්ම තමයි බලන් ඉන්නේ

      Delete
    2. අපේ සර්වන්ට්ටත් කෝල් එකක් දීලා. මුන් කොහෙද ඒ ගෑණිව අන්දන්නෙ. හවස මම එනකන් ඉඳල මැසේජ් එක පෙන්වලා ඇහුවා මේක ඩයලොග් එකෙන්ද කියාලා.

      Delete
  15. අපිට ඇදිච්ච සුවීප් මදෑ :D හැක් හැක්

    ReplyDelete
    Replies
    1. එකනේ බන්..... ඇදිච්ච සල්ලි තියාගන්න ඉඩක් නැතුව ඉන්නේ

      Delete
  16. ඉතුරු හරිය බලන්න අපිට පරිප්පුවක් කන්න වෙයි වගේ නේ?

    ReplyDelete
    Replies
    1. කනදෙයක් බෙදා හදාගෙන කන එක මැලයාගේ පරම්පරාවේ ලෙඩක්

      Delete
  17. මේ.. අගේ නොකර දාහංකො බං.. හොඳ එකානෙ..

    ReplyDelete
    Replies
    1. ඔන්න උබ කිව්ව නිසාම දානව (කවදා හරි)

      Delete
  18. මටත් ඔය වගේ මරාලෙයක් කඩං වැටුණනෙ.

    දවසක් මට ඊමේල් එකක් එනව හෙණ සෙක්සි කෙල්ලෙක්ගෙං. (ෆොටෝ දෙකකුත් එවල තිබ්බා) එයා අයිවරි කෝස්ට් වල හෙණ බිස්නස් කාරයෙක්ගෙ දුවලු. කැරළිකාරයො එයාගෙ තාත්ත මැරුවලු. මෙයා පැනගත්තලු සෙනෙගාල් වලට. දැං සෙනෙගාල් වල අනාථ කඳවුරක ඉන්නවලු. එයා ලංකාවට එන්න ලෑස්තියිලු. මාත් එක්ක ඉන්නත් ලෑස්තියිලු. (බඳින එකක් ගැන කිව්වෙ නෑ) තාත්තගෙ බූදලේ (ඔය කීයද්දෝ මංදා බර ගාණක්) මගෙ නමට එවන්නංලු. එයාට සෙනෙගාල් වලිං පැනගන්ට පොඩි ගාණක් එවන්නලු. (ඩොලර් දාහක් විතර)

    මං කිව්වා, “ඔය කියන බූදලෙං ලංකාවෙං බාගෙයක් විතර මිලට ගන්ට ඇහැකියි. මට එච්චර එපා. වෙන කවුරු හරි හොයල බලන්ට“ කියලා.

    මෙන්න බොලේ අවුරුද්දකට විතර පස්සෙ තව මේලක් එනවා, එයා කවුදෝ එක්ක සෙනෙගාල් වලිං පැනගත්තලු. මං හෙණ හොඳ අවංක බුවෙක් නිසා මට ඇමරිකන් ඩොලර් මිලියනයක් තියල ආවලු සෙනෙගාල් වල සුවාමි කෙනෙක් ගාව. එයා මට මේල් එකක් එවයි කියලා.

    කිව්ව වගේ අර ෆාදර් කාරය මට මේල් එකක් එව්වා, අර මිලියනේ දෙන්නං, බැංකු ගාස්තු විදිහට ඩොරල් දාහක් හමාරක් එවන්නෙයි කියලා.

    මැලේ රාළ කිව්ව වගේ මාත් කිව්වා අර මිලියනෙං දාහක් අඩුකරගන්නය. වී ගෝණියකිං ඇටෙයක් දෙකක් කූඹි ගෙනිච්චට කමක් නැතෙයි කියලා.

    උන්දැ කියනව එහෙම කොරන්ඩ බැරිය කියල.

    මං කිව්වා එහෙනං ඔයාගෙ දුප්පත් බැතිමතුන්ට උපකාර කරන්ට මගෙ ගානෙ ඔය මිලියනේ තියාගන්ටෙයි කියලා.

    ReplyDelete
    Replies
    1. හි හි හි ...... උබ කිව්වට විශ්වාස කරන එකක් නෑ ඔය ශිෂෙල් නංගිට සල්ලි යවපු ඔරිජිනල් මැලයෝ මෙහෙ ඉන්නවා හෙනට...... මම හිතන්නේ ඔය ඉන්ටර්නෙට් ගැට වලට වැඩියෙන්ම අහුවෙන ජාතිය මැලයෝ තමයි.... මුන් නිකන් ඉඳලම සල්ලි හොයන්නමනේ දගලන්නේ..... අන්තිමට තියෙන තුට්ටු දෙකත් හොරුන්ට පුජ කරලා " එක දෙවියන් වහන්සේගේ කැමැත්ත " කියලා මුන් හිත හදා ගන්නවා ......

      Delete
    2. යකෝ මට ඔය වගේ 100ක් විතර ඇවිත් තියෙනවා. බොහෝ විට එන්නේ අපි ඔන්ලයින් ට්‍රාන්ස්ඇක්ෂන් එකක් කලාට පස්සේ.

      Delete
  19. ඊලග කොටස එනකන් බලා හිදිමි
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. කවදා හරි උබේ කොමෙන්ටුව වැටෙනකම් හිටියේ ඊළඟ කොටස දාන්න ....... දැන්නම් දානවමයි

      Delete
  20. අය්යෝ කුතුහලෙන් කියාගෙන ආව තවත් බලාන ඉන්නලු ඉක්මනට දානව නේද නැත්නම් දාන්න පරක්කුවෙන අතරෙ මැලේට හොඳවයින් නෙලල තිබුනොත් :/

    බ්ලොගේ වටේට පින්තූර ගොඩයි හරි ලස්සනයි අපරාදෙ අද වෙනකන්ම මට මේ බ්ලොගේ මගහැරිලා තිබ්බෙ.මතක නැහැ කලින් ආවද කියලවත් බ්ලොග් රෝලට දාගත්ත ආයේ මගහැරෙන එකක් නැහැ :)

    ReplyDelete
    Replies
    1. සාදරෙන් පිලිගන්නවා මැලේසියාවට ...... ස්තුතියි වර්නනාවට....... නෙලාගත්තුවා ඊළඟ කොටසින් බලමුකෝ එහෙනම්

      Delete
  21. ethakota umba guti kawe nadda ? horen post daanna epaa yako

    ReplyDelete
    Replies
    1. ගුටි කෑවා ?? ඔව් කැවා තමයි..... ඇයි උබටත් ඕනිද ?? කෝ උබේ මව් බස ???

      Delete
  22. Anith kotahath balalama kiyannam sasa komada kiyala...

    ReplyDelete
  23. sagara නම් කමක් නැහැ කියමුකෝ. ලංකාවේ එක ප්‍රසිද්ධ මහාචාර්ය කෙනෙක් මගේ ගුරුතුමෙකු ලවා මේ වගේ ඉල්ලීම කලා . ලොකු සල්ලි ගණක යුඑන් අජන්සියකින් පාස් වෙලා. මිලියන් ගානක්. ඩොලර් වලින්ම. මට 10% දෙනවා අරන් දෙන්න කියල. ගුරුතුමා මම ලන්ඩන් ඉන්න නිසා මව අඳුන්වා දීල . ලන්ඩන් වල බැංකුවකට හැබැයි ඩොලර් 5000 දාන්න ඕනේ අර සල්ලි ගන්න. මම හොයල බැලුවම මුල් ඊමේල් එක නයිජීරියාවෙන්. **************************ඉතුරු ටික කතාව කියල ඉවර වුනහම දාන්නම්

    ReplyDelete
    Replies
    1. සල්ලි ලැබෙනවා කිව්වම කාටද අප්පා ආස හිතෙන්නේ නැත්තේ ......... ඕන් දෙවැනි කොටස ලියන්න ගත්තා කියන්නකෝ

      Delete
  24. මේ වන විටනම් ඔය ජාතියේ ස්වීප් සෑහෙන්න ඇදිල තියෙනවා. දැන්නම් ඕවා කුණු කූඩෙට දාන්නේ කියවන්නෙත් නැතුව. මුලින්ම ඔය ජාතියේ හොඳම එක ආවේ කැම්පස් එකේ අන්තිම වසරේදී. මෙය ජාත්‍යන්තර සංවිධානයක සිරා ජොබ් එකක් ගැන. ස්ටුඩන්ට් සර්විස් එකට යොමු කර තිබූ මේ දැන්වීම පොටෝ කොපි කර සෑම පීඨයකම සහ නේවාසික ශාලාවකම තිබුණු දැන්වීම් පුවරු වල අලවලා තිබුණා. රැකියාවේ ස්වභාවය අනුව හැම පීඨයකම අයට අයදුම් කළ හැකියි. සිරා ජොබ් එකක් නිසා අපි හැමෝම වගේ දැම්මා. ඒත් ජොබ් එක සිරා වැඩිකමටම වැඩි බලාපොරොත්තු තිබ්බේ නැහැ. ටික දවසකින් ලියුමක් ආවා. අම්මටසිරි! පළමු වටයෙන් නිකම්ම සිලෙක්ට් වෙලා. අන්තිම ඉන්ටවිව් එක කරන්න කට්ටිය ලංකාවට එනවලු. හැබැයි ඉන්ටවිව් එක තියෙන තැනට යන්න ඇක්සස් කාඩ් කාඩ් එකක් ඕනෑ. ඒකට ඩොලර් විස්සක් ගෙවන්න වෙනවා. වැඩේ ෂුවර් නිසා තව දාපු අය කීප දෙනෙක්ට කතා කළාම දාපු හැමෝම අවසාන වටයට තේරිලා. ඒ නිසා අපේ යාලුවෝ කවුරුවත් අහුවුනේ නැහැ. හැබැයි අපි ඩොලර් විස්ස නොගෙව්වට වෙන ගොඩක් කට්ටිය අනිත් අයට හොරෙන් ගෙවලා.

    ReplyDelete
    Replies
    1. මොනවා උනත් සාධාරණ හොරු ටිකක් ඩොලර් විස්සනේ බන් ඉල්ලලා තියෙන්නේ

      Delete
  25. මචන්, "MYR 80, 000 per annum" කියන්නේ මොන වගේ මුදලක්ද Pahang, Gambang ප්‍රදේශයේ ජීවත් වෙන්න ? ඉතුරු කිරීම කොහොම වෙතත් වෛද්‍ය රක්ෂණ එහෙම ගෙවාගෙන දෙන්නෙකුට තරමකවත් සුව පහසු ජීවිතයක් ගෙවන්න පුළුවන් මුදලක් ද ?

    ReplyDelete
    Replies
    1. 80000*33=LKR 2 640 000/- per month 220 000/- =rm 6666/-
      ඉතුරු කරන්නේ නැත්නම් දෙන්නෙක්ට කාලා බිලා ඉන්න හොඳටම ඇති ..... විශේෂයෙන්ම පහන් පැත්තේ

      Delete
  26. මම හිතන්නේ මේ වගේ මේල් වැඩියෙන්ම ලැබෙන්නේ මට කියලා. මොකද මම මුලින්ම හොට්මේල් එකක් ඇරිය කාලේ ඉඳලා මේ වගේ මේල් ආවා. ඒ 1998 විතර. මට තේරෙන ප්‍රධාන හේතුව ඔවුන් උත්සාහ කරන්නේ අපේ ලිපිනය දැන ගන්න. කවුරුත් මතක ඇතුව මොන විස්තර දුන්නත් ලිපිනය දෙන්න එපා. ඒ කියන්නේ ක්‍රෙඩිට් කාඩ් සමාගමට දී ඇති ලිපිනය. Net2Phone වගේ ආයතන මාසික ප්‍රකාශනයේ තියෙන විදියට නමත්, ලිපිනයත් අහලා තමයි ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවීම ලබා ගන්නේ. මේ තොරතුරු තිබුණොත් වෙනත් කෙනෙකුටත් අපේ ණය කාඩ් පත භාවිතා කරන්න පුලුවන්. තවත් දෙයක් මොනවට හරි Subscription ගෙවුවොත් මතක ඇතුව ඒ පිටුවම ඉවර වෙනකම් කියවල බලන්න. මොකද පොඩි ටික් එකකින් ඊළඟ අවුරුද්දේ, ඊළඟ මාසේ, ඊළඟ සතියේ ඒ ගණනම අය කරගන්න ඔවුන් අවසරය ගණන්ව. මේ දේ මටත් වෙලා තියෙනවා. එහෙම වුණොත් ඒ කාඩ් එක බ්ලොක් කරලා අලුත් එකක් ගන්න. අවශ්‍ය නම් මේ ගැන පොස්ට් එකක් ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. අන්න හරි සුදීක අයියා.. ලියන්නකො පෝස්ටුවක් ම වැඩි විස්තරත් එක්කම..

      Delete
    2. ගස්ලබ්බ කියනවා වගේ පොස්ටුවක් දාන එකනම් වටිනවා තමයි

      Delete