මම S. L. මැලේ රාළ

මම ලංකාවේ පොරක් මැලේසියාවේ ජොබක් කරන.... මට මේක ලියන්න හිතුනේ අනික් බ්ලොග් කියවල ඒවා දැක්කම මෙහෙවෙන දේවල් අනික් කට්ටියටත් දැන කියාගන්න කියල තමයි .

අවූරුදු ගානක් තිස්සේ මෙහෙ ඉදන් අහපු දැකපු, සිද්ද උන හා දැනටත් සිද්දවෙමින් පවතින දේවල් තමයි මම ඔයාලට කියන්න යන්නේ ඕන්.....

Friday 27 November 2015

ලංකාවේ එහෙම උනත් , මැලේසියාවේ එහෙම වෙන්නේ නෑ...... නෙමෙයි හිටු කියලා වෙනවා ඕයි....

   

    ඔන්න ඉතින් කාලෙකට පස්සේ රාළට පොඩි මෙව්වා එකක් ඇවිල්ලා පොස්ට් එකක් දාන්න හිතුනා කියමුකෝ. ලියන්න හිතාගෙන සහ ලියන්න පොරොන්දු වෙච්ච ගොඩක් දේවල් තිබුනත් කාලෙකට පස්සේ වැඩේට බැහැපු නිසා ඔන්න ඔහේ මේ පැත්තේ පොඩි ඕපාදුප ටිකක් ලියලා දාන්න ඕන කියලා හිතුනා. 

 පහුගිය මාස කීපයක් තුල මේහේ තිබුනනේ මාරම මාර හේස් එකක්....... හරියට ලිව්වා බොල, කෙස් එකක් නෙවි හේස් එකක්.  එක මොනවගේද කියන්න කලින් පොටෝ ටික බලලා ඉමුකො. 




        මේ තියෙන්නේ ගිනි දවාලේ මැලේසියානු අහස හා වටපිටාව තිබුන හැටි.... 
     අන්තිම පොටෝවේ තියෙන්නේ රාල ඒ දවස් වල වැඩට ගිය හැටි ......
මේ මීදුම නෙවි .... පට්ට දුමක් මුළු රටෙන් බාගයක්ම වහගෙන..... ඕකට තමයි හේස් කිව්වේ....  හුස්ම ගන්නත් බෑ... දුම් ගඳ, ඒ මදිවට මේ දුම නිසා (වාතයේ අපිරිසිදුතාවය නිසා) ලෙඩ හැදෙනවා.... පාසල් නිවාඩු දීලා....... බොහෝ අයට ඇදුම, කැස්ස හතිය වගේ ලෙඩ .... ඔන්න වැඩේ....

   ඇත්තටම මොකද්ද මේකට හේතුව.........? හේතුවත් ඉතින් මිනිස්සුන්ගේ අයහපත් කල්කිරියාවම තමා මේකට ආසන්නම හේතුව තමා ඉන්දුනීසියාවේ හා නැගෙනහිර මැලේසියාවේ සිදුවන කෑලෑ ගිනි තැබීම්...
ඔය පහල තියෙන්නේ ඒවායේ සාක්ෂි....





     නැවත වගා කිරීම් සඳහා හැම අව්රුද්දේම මේ දේ සිදුවෙන එක මෙහෙ සාමන්‍ය දෙයක් එත් කලින් අවුරුදු එක්ක සංසන්දනය කරන කොට මේපාර දුම සැහෙන්න වැඩි උනා ඒ නිසා AQI (Air Quality Index) අගය උපරිමේටම වැඩිවෙලා (දම් පාට) මේ රටේ පාලකයන්ට  මේකට විසඳුමක් දී ගන්න බැරුව මෙයාලා ඉතිං මුකුත් නොදන්නා තොත්ත බබාලා වගේ බලන්  හිටියනේ බොලන් පහුගිය කාලේ.....

   
      කොමෙන් කොම හරි මේවෙනකොට තත්ත්වය යහපත් අතට හැරිලා නැවත AQI එක කොලපාට වෙලා තියෙනවා කියහල්ලකෝ  හිටං... එහෙම උනේ අර රුසියන් කාරයෝ IS එකට බෝම්බ අතාරින ගමන් ඉන්දුනිසියාවට ජල බෝම්බ වගයකුත් අත්හැරිය නිසා කියලා තමයි රට්ටු කියන්නේ ඉතින්.....

********************************************************************************

  ඒ ඇරෙන්න මේ දවස් වල මෙහෙ රට රටවල් කීපයක ලොක්කෝ ඇවිල්ලා ඉන්නවා  ASEAN Summit සැසියට. ඒ කෂ්ටිය ආව එකනම් අවුලක් නෑ, අවුල තියෙන්නේ මෙයාල එනවා කියලා ප්‍රධාන පාරවල් වලින් බාගයක්ම වහලා.....  ඉතුරු බාගේ මාර්ග බාධක දාලා ඒ දවස් දෙක තුනේම වැඩට එනකොට දෙතුන් පාරක් හා ගෙදර යනකොට දෙතුන් පාරක් බැගින් කීප වතාවක්ම පොලිස් පරීක්ෂාවන්ට හසුවන්න විශේෂයෙන්ම මැලේ රාලල වගේ විදෙෂකයින්ට සිද්ද උන එකයි ......

 ඊළඟට දැන් ඔය ඔබාමා ඇතුළු ඔය හැම රටකම ලොක්කෝ ආවා කියමුකෝ ඒ උනාට මැලේසියානුවෝ නෙවි තඹ සතේකට ඔය කට්ටිය එනවා කියලා ගණන් ගත්තේ.... 33% චීන ජාතිකයෝ ඉන්න මේ මැලේසියාවේ, චීන රටේ කට්ටිය එනවයි කියලා මෙහෙ චීන්නු අමුතුවෙන් චුන් වෙන්න ගියේ නෑ... එත් 5% ඉන්න අපේ අසල්වැසි රටේ කට්ටිය මාරම චුන් එකක් ගත්තේ එයාලගේ මෝඩී දී මෙහෙ එනවා කියලා.... බ්‍රික්ෆිල්ඩ් හෙවත් ලිටල් ඉන්දියා වල පාරවල් වහගෙන, ස්ටේජ් පාර මැද්දේ ගහගෙන, තෝරන් බැඳගෙන, වෙල්කම් මොදී කියලා තඩි කටවුට් ගහගෙන,  බලන්න එපැයි නටපු නැටිල්ලක්. කොටින්ම දැනට අවුරුද්දකට දෙකකට කලින් විතර මොදී  එනකොටත් මෙතන මාසයකට කලින් විතර ඉඳන් මෙගා සයිස් වතුර මලක් හදලා මොදිට කියලා විවුර්ථ කෙරෙව්වා මේ තියෙන්නේ ඒ වතුර මල 

ඊට පස්සේ මේපාර ඔය වතුර මලටම එහා පැත්තෙන් අර මොකද්දෝ ගල්කණු වගේ අයිටම් එකක් හදලා එක විවුර්ථ කෙරෙව්වා .. වැඩේ කියන්නේ අපේ ලංකාවේ වගේම වෙලාවට එක හදලා ඉවර කරගන්න බැරුව හදලා ඉවර වෙලා තිබ්බ ටික යන්තම් විවුර්ථ කරා .... මේ දවස්වල ඉතුරු ටික හදනවා....
 මේ තියෙන්නේ එක තමා 


අලෙ මන්දා උන් මේවා අපෙන් ඉගෙන ගත්තද අපි මේවා උන්ගෙන් ඉගෙන ගත්තද කියලා 

********************************************************************

ඔය කතන්දර ඔහොම යන අතර තුරේ, පහු ගිය සති අන්තෙක රාළ  ගියා කියන්නකෝ පන්සල පැත්තේ.... යනකොට ප්‍රධාන ශාලාවේ උත්සවයක්. ගියා ඒ ඕපාදුපෙත් බලන්න. රෑ කෑමට ඩිනර් එකක් දෙන තරමේ උත්සවයක් .... මොකද්ද මේ ??  දහම්පාසලේ තෑගි බෙදාදීම. මම යනකොට අවසන් හරිය. (ඔව් ඔව් කන වෙලාව තමයි)   දහම් පාසලේ ඔක්කොම ශිෂ්‍ය ශිෂ්‍යාවෝ හාරසියයක් විතර ඉන්නවා ඔතනින් දහයක් දොළහක් විතර ඉන්නවා ශ්‍රී ලාංකික සිංහල.... ප්‍රතිශතයක් හැටියට 3%ක් විතර...... එක පන්තියකට එක, දෙක, තුන, ගානේ තෑගි තුනයි පන්ති දහයට තෑගී තිහයි... එතනින්  තෑගි හයක්ම අරන් තියෙන්නේ අර සිංහල කට්ටිය ඉතින් ඒ සතුටට එදා රෑ  මැලේරාළත් පන්සලෙන් හොඳට කෑවා...

මේ තියෙන්නේ එදා තෑගි ගත්ත අය ශ්‍රී ලංකා මහා කොමසාරිස් හා විදුහල්පති හාමුදුරුවොත් එක්ක ගත්ත පොටෝව 


ඔන්න ඉතින් මෙලෝ රහක් නැති ඕපාදුප දෙක තුනකුත් කියලා පොස්ට් එකකුත් තලාගෙන රාලයා යන්න කියලා තමයි කල්පනාව ....

අර කලින් කිව්වා විදියට ලොවෙත් නැති, ලොවි ගහෙත් නැති මැලේසියාවේ ඇති අන්තර්ජාල මුදල් ජාවාරමේ විස්තරෙත් එක්ක ආයෙත් එන්නම්කෝ ඉතින්......

50 comments:

  1. මැලේසියාවත් ලංකාව වගේමනේ......................

    ReplyDelete
    Replies
    1. නැත්නම් ලංකාවත් මැලේසියාව වගේද ?

      Delete
  2. උඹ මැලේසියාවට ගියත් හරි ඒකත් ඉවරයි.. උඹට සම්මාන ලැබුනේ නැතෙයි..

    ReplyDelete
    Replies
    1. මම නෙවි බන් මට කලින් ආව ලංකාවේ එවුන් නිසා.... මම කරේ ඒවා වැඩි දියුණු කරපු එක විතරයි .... මට සම්මාන දෙන්න ඉවානයට වගේ මම අදුරන අයියලා කව්රුත් තාම සම්මාන උළෙලක් කරේ නෑ බන්

      Delete
  3. යකෝ, ධූම පටලය කියලා සිංහල වචනයත් ලියපන්කො. ඔය වැඩේ මැලේසියාවට අනාදිමත් කාලයක ඉඳන් වෙනවා කියලා මම අහලා තියනවා. අපි අපිම පරිසරය වනසලා, අපි අපිම දුක්වෙනවා.

    ReplyDelete
    Replies
    1. මාමේ අදමයි ඇත්තටම සිංහල වචනේ දන ගත්තේ... බොහොමත්ම ස්තුතියි..... කොහෙද ඉතින් මේක ලියන වෙලාවේ මදුර අයියා කිව්වෙත් වෙන වෙන මගුලනේ

      Delete
  4. උඹැහැ ආයෙ පෝස්ට් එකක් දාහං ලබන අප්‍රේල් වල තරම...

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් ඉඳලා හිටලා ලියන්නේ උබලා වගේ එවුන්ට ඉස්සරහට එන්න ඉඩ දෙන්න

      Delete
  5. ඊලග පොස්ට් එකට කල්පකාලාන්තරයක් බලාගෙන ඉමු..

    ReplyDelete
    Replies
    1. අනිත් එවුන්ට කොමෙන්ට් දාන්නයි ඔපීසියේ වැඩයි, නෝනට කඩේ යන්නයි වගේ වැඩ තොගයක් මැද්දේ අපිත් ඉතින් පොස්ට් දාලා උබලට කරදර කරන්න හොඳ නැනේ ... ඒකයි....

      Delete
    2. හරියට හරි උඔ විතරයි තේරැම් ගත්තෙ...
      සුද්දියන්ට ඡංගි මහන්නයි
      කෙල්ලොන්ව හුරතල් කරන්නයි..

      Delete
  6. පහුගිය දවස්වල අපේ ගිනිවැල් අයියත් ඔය පැත්තෙ කරක් ගැහුවනෙ. ඔය ගින්නට මුල ‍මිනිහයි කියල තමයි මෙහෙට ආරංචි උනේ.

    පංසලෙන් කෑවනං සෑහෙන අමාරු ඇති නෙහ්.... :D

    ReplyDelete
    Replies
    1. හැක් හැක්..

      මැලෙයා කාලා ඇරියසුත් එක්ක :D

      Delete
    2. මමත් හිතුවා ප්‍රසෝ ඕකට කොතන හරි ලංකාවේ එකෙක් ගැවිලා ඇති කියලා ... ඔය තියෙන්නේ ....

      කෑම ඉතිං නිකන් දෙනවනං පත්තරේ .............................

      Delete
    3. මැලයා බබා... මට පේන්නෙ දෙමළ නයන්න කියල තියෙන්නෙ වෙන කෑමක් ගැන. හෙහ් හෙහ් ....

      Delete
    4. හෑ එහෙම එකක්ද ? අපි වගේ බෝපෑල වලට කතා හදනවට එහෙනම් මුව මරලා එල්ලන්න එපැයි

      Delete
  7. //අලෙ මන්දා උන් මේවා අපෙන් ඉගෙන ගත්තද අපි මේවා උන්ගෙන් ඉගෙන ගත්තද කියලා //

    අපේ රටවල තමයි කන්න බොන්න නොතිබුනත් උපරිම ෂෝ එක ඕනෙ.
    පෝසත් රටවල නොකරන වියදමක් ණය වෙලා හරි වෙඩින් වලට කරනවනෙ අපි.
    ඇයි ලංකාවෙ ෆියුනරල්, ඒකත් උපරිම මගුලක්නේ

    ReplyDelete
    Replies
    1. 'ණයට හෝ ගිතෙල් කෑ යුතුය.'
      හෙහ් හෙහ්..

      Delete
    2. මෙහෙත් මේ ජාතින් කීපය මළගෙවල් පවත්වන හැටිත් වෙනම පොස්ට් එකක් දාන්නම්කො ..... එකත් ඒ තරම්ම වටිනාවා

      Delete
  8. මාත් දැක්කා ටිවි එකේ ඔය දුම ගැන විස්තර.. අනේ මන්දා ඕව නම්..

    ReplyDelete
    Replies
    1. එකනේ සිගරට් නොබීම පෙනහළු පිළිකා

      Delete
  9. මගේ නාහේ කහනවා ඔය දුම දැකලා

    ReplyDelete
  10. අර තොරණයි වතුර මලයි නම් පට්ට ඉන්දියන් පාටයි තමයි.. හෙක් හෙක්.. ලංකාවේ චීන්නු නම් උන්ගේ ඇමැත්තෙක් එනවා කියුවොත් බ්ලෙසර් එහෙම ඇඳලා පෝලිමේ බලන් ඉන්නවා.. උන් ලංකාවේ දැන් ගොඩක් කල් ඉඳන් ඉන්න උන් නිසා වෙන්න ඇති..

    ReplyDelete
    Replies
    1. ඒවුනාට මැලේසියාවේම ඉපදිච්ච චිනොවත් මෙහෙ එහෙම නෑ

      Delete
  11. චැහ් … හුස්ම හිරවෙලා උඹ මැරුනෙ නැද්ද බං. මං හීනෙනුත් මාරි බිස්කට් දැක්කා :D

    ReplyDelete
    Replies
    1. ඌරන්ට මොන සෞක්‍යද කිව්වා වගේ දුම තියා ගින්දර දැම්මත් අපිට දැනෙන එකක්යැ

      Delete
  12. මුළු ලෝකෙන්ම අපෙයි, ඉන්දියාවෙයි තමා දේසපාලඥ වන්දනාව මේ තරම් හොඳට තියෙනවා ඇත්තෙ. චීන්නුන්ට වැඩ තියෙනවානෙ බං. අර කළණයා කිව්වා වගේ මෙහේ ඉන්න චීන්නුන්ටත් ලෙඩේ බෝ වෙලා තියෙන්නෙ අපෙන්.

    අර ඉන්ඩෙක්ස් එක කොලපාට වුණ කෙරමෙත් කියාපංකො.

    ReplyDelete
    Replies
    1. කොලපාට උනේනම් ඇත්තටම දැන් දුම නැතිවෙලා නිසා... එත් දුම තියෙන කාලේ ඉන්ටර්නැෂනල් රිපෝර්ට් වල රත් හෝ දම් පාට තියෙන කොටත් මෙහෙ රජයට සම්බන්ද ආයතන වලින් දෙන රිපොට්වල කොළ පාටයි (හි හි හි මෙහෙ රජයේ උපදෙසකයෝ හැටියට ලංකාවේ එවුනුත් ඉන්නවද කියලා හොයලා බලන්න ඕනා )

      Delete
  13. හානේ මැලේ අයියට නිවාඩුවක් ලැබිලා තියෙන්නේ කාලෙකට පස්සේ..... අර ජාවාරම ගැනත් ඉක්මනට ලියන්න හොඳේ....

    ReplyDelete
    Replies
    1. හොඳමයි අනේ... අප්‍රේල් වලට කලින් කොමහරි ලියනවා

      Delete
  14. මෙව්වගෙ ලියල තියෙන එව්වා කියවනකොට හිතෙන්නෙ ලෝකෙ තොයෙන නරලම රටේ,මෝඩම මිනිස්සු එක්ක ඉන්නවා කියල නෙව.ඔහේ ඒ හිතුවිල්ල පුච්චල දානෙයි හදන්නෙ රාලෙ??
    හෙහ් හෙහ්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. නෑ නෑ .... ඒ රටේ කීපදෙනෙක් මෙහෙත් වැඩ පටන් අරන්දෝ කියලයි මේ හොයලා බලන්නේ

      Delete
  15. ආයෙ එකක් ලියන්නෙ තව මාස කීයකින්ද බං. අකුරු වැරදි දෙක තුනක් තියෙනවා හදපන්.

    ReplyDelete
    Replies
    1. වැරදි හදන්න අයෙත් කියවන්න මට මහා කම්මැලියි ලොකු අයියේ.... තව එකක් ලියන්නනම් ගත්තා කවදා දායිද දන්නේ නෑ

      Delete
  16. කවුද යකෝ ගංජ ගැහුවේ

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. අඩේ ගංජා පාරක් ඔය වගේ ඝන සැරට ආවානම් බොලට මේ වගේ පොස්ට් දදා කාලය නාස්ති කර කර ඉඳියි මම

      Delete
  17. ඈ රාලයෝ.. උඹ කොහෙද හිටියෙ මෙච්චර දවසක්? කොහොම නමුත් මැලේසියාවට සුළි සුළඟක් ආවම ලංකාවෙ රබර් වලට නම් හොඳයි ලු කියල අහල තියනවා. රබර් ගස් ටික ඉදිරෙන නිසා.... හොඳ විස්තරයක්... ඔච්චර දුමක් පැතිරෙනවා කියල දැනගෙන උන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. දුමෙන් වැහිලා දිගටම මැලේසියාවේ තමයි බන් හිටියේ ......

      Delete
  18. සිරි ලංකාවෙ කෙනෙක්ට මැලේ රාළ වෙන්න පුලුවන් නම් මැලේසියාවට ලංකාව වගේ වෙන්න බැයිද? :)

    ඔය දුම් කතන්දරේ නම් දැක්ක ටී.වී එකේ. ඒත් අර ඇQඓ අගයන් සහ පාට කතන්දරේ හරියට දැනගත්තෙ අද.

    ReplyDelete
    Replies
    1. ඔහොම ගිහින් ඇත්තටම මැලේසියාවත් ලන්කාවවගේ උනොත් මැලේ රාළලට ආයෙත් ලංකාවට එන්න තමයි වෙන්නේ

      Delete
  19. උඹ අනික් පොස්ට් එක දානකං රියේ දෙකටම එක සැරේ කමෙන්ට් කරන්න. එත් ඉතිං ඒක මේ කපේදී වෙන්නේ නැති නිසා මේකට ක්මෙන්ටෙකක් දැම්මා.
    අපේ ජනාධිපති තුමා ආවනම් එහෙම උඹටත් වෙන්නේ කොඩිය අතේ තියන් ලොක්කට පවන් ගහන්න නේ, හොඳ වෙලාවට ආවේ නෑ..

    ReplyDelete
    Replies
    1. අපේ ජනාධිපති මෙහෙ එනකොට අපි කරන්නේ හැන්ගෙන එක...... මොකද ජාතික කකුම දොරේ ගලන දෙමල ජාතිකයිට බයිට් එකක් වෙන්න ඕනා නැති නිසා

      Delete
  20. පොහ්ඃ දුම............................

    බොලාට ඉතින් අපිව මතක් වෙන්නත් මොකෙක් හරි දුම් ගහන්නම ඕන.

    ReplyDelete
    Replies
    1. ඔහ්හ් ..... මම දන්නවා දුමයි මදුරු නාශකයි අ රිලෙටඩ් කියලා ............... හි හි හි

      Delete
  21. හප්පා අපි පොඩ්ඩක් එන්න පරක්කු උනානේ...... මමත් මැලේසියාවේම තමයි ඉන්නේ .... මගේ ලොකු ආසාවක් තියෙනවා ඔයාව මුණ ගැහෙන්න ....

    ReplyDelete
  22. අපේ අයිය කෙනෙකුත් ඉන්නව මැලේසියාවෙ. මිනිහ නං ගියෙ සරණාගතයෙක් හැටියට.

    ReplyDelete