මම S. L. මැලේ රාළ

මම ලංකාවේ පොරක් මැලේසියාවේ ජොබක් කරන.... මට මේක ලියන්න හිතුනේ අනික් බ්ලොග් කියවල ඒවා දැක්කම මෙහෙවෙන දේවල් අනික් කට්ටියටත් දැන කියාගන්න කියල තමයි .

අවූරුදු ගානක් තිස්සේ මෙහෙ ඉදන් අහපු දැකපු, සිද්ද උන හා දැනටත් සිද්දවෙමින් පවතින දේවල් තමයි මම ඔයාලට කියන්න යන්නේ ඕන්.....

Saturday 14 March 2015

තුනේ, දෙක.............

තුනේ, එක මෙතන ඔබන්න.....



කුමාර සහ කුමාරි 2

  කුමාර ගෙදර එනකොට කුමාරි දොරකඩ ළඟ හොඳටම අඩනවා එක දැක්ක ගමන් කුමාරටත් ටිකක් අප්සැට්..... මොකද අඩන්නේ කියලා හොයලා බැලුවම තමයි දන්නේ අසනීපවෙලා ගෙදර හිටිය ඉන්දියානුවාත් එක්ක එකට වැඩ කරන මැලේසියන් දමිල ජාතික මිතුරෙක් ලෙඩ බලන මුවාවෙන් ගෙදරට පැමිණිලා කුමාරිට මොකද්ද කරදරයක් කරන්න ගිහින්..... එකට තදින්ම විරුද්ධ උන කුමාරිට ඔවුන් පහර දිලා.... මෙසේ පැය කිහිපයක් උත්සහා කරලත් කුමාරිගෙන් ඔවුන් බලාපොරොත්තු වෙච්ච දේ ලබාගන්න පුළුවන් උනේ නෑ...... ඒ නිසා කුමාර එන්න කලින් උන් දෙන්නා මාරු වෙලා....

  දැන් තමයි කුමාර ලොකුම පස්නේට මුණ දෙන්නේ මේ කාමරේ ඉන්න එකයි අනිකයි තම ආයතනයේ ඉහල නිල දරන අය.... ඒ නිසා ඔවුන් සමග පස්නයක් දාගන්නත් බෑ එත් මේ කෙල්ලට උන් කරන්න ගිය දේ ගැන නිකන්ම අත හරින්නත් බෑ ..... කොහොම උනත් අවසානයේ කුමාර තීරණය කරනවා හැකි ඉක්මනින් කුමාරිව මේ නිවසින් පිටමන් කරන්න... ඒ කියන්නේ මෙහෙකාරියක් හැටියට වෙන නිවසකට කුමාරිව යවන්න... ඒ අනුව පසුවදාම මැලේසියන් ඒජන්ට්ගේ මාර්ගයෙන් කුමාරි නිවසක මෙහෙකාරකමට පිටත්ව යනවා.

  එදා ගෙදරින් ගිය ඉන්දියානුවා නැවත නිවසට හා වැඩට ආවේ දින තුනකින් විතර ඒ වෙනකොට කුමාරට ඔවුන්ට විරුද්දව යමක් කරන්න තිබුන මෙව්වා එක සැහෙන්න දුරට අඩුවෙලා තිබුනේ ඒ නිසා ඔහු ඒ ගැන කිසිවක් නොවිමසා නිහඩවම සිටියා. කාලය තව සති කිපයක් ගෙවිලා ගියා. 

    ඔය අතරේ දවසක නැවතත් කුමාරි, කුමාරට කෝල් කරලා කියනවා ඒ ගෙදර වැඩිමහල් අවුරුදු 16ක පමණ පිරිමි දරුවාත් තමාට කරදර කරන්න හදනවා කියලා. වහාම ඒ ගෙදරට, අදාළ ඒජන්ට් සමග ගිය කුමාර ගෙදර වැඩිමහල්ලන්ට මේ බව දන්වනවා... තම පුතාට අබුත චෝදනා එල්ල කරපු මෙහෙකාරිව එම මොහොතේම ගෙදරින් එලියට දානවා ඒ ඔවුන් ඒජන්ට්ට මෙහෙකාරිය ලබාගැනීම ගෙවපු රිංගිට් හයදාහ කුමාර ඒ අයට නැවත ගෙව්වට පසුවයි. 

  දැන් කුමාරට කුමාරිව ගෙදර ආපහු අරගෙන එන්න විදියකුත් නෑ තියන්න තැනකුත් නෑ...... එත් අර හිතේ කුමාරි ගැන තියෙන මෙව්වා එක නිසාම හෝටලයක කාමරයක් කුමාරිව නවත්වනවා ඒ දින තුනකට ... මන්ද ඒජන්ට් පොරොන්දු වෙනවා දින තුනක් ඇතුලත වෙන නිවසක් සොයා දෙන්නට. මේ දින තුනේදී කුමාරගේ උදේ හවා දවසෙන් සැහෙන්න වේලාවක් ගත උනේ කුමාරිගේ තනියට ඇගේ කාමරයට වී සිටින්නයි. දින කීපය අවසානයේ දෙදෙනාගේම සිත්තුල යම් මෙව්වා එකක් වර්ධනය වෙන්න පටන් ගෙන තිබුනා......  

  ඒජන්ට්ගේ පොරොන්දුවට අනුව දින කීපයකින් කුමාරි නැවත පිටත්ව යන්නේ තම පුතු පිටරටක සේවයට යන නිසා තනි වුන වියපත් යුවලක් සිටින නිවසකට. ඊට පස්සේ කුමාර හා කුමාරි දිනකට කීපවතාවක් දුරකතනයෙන් කතාකරන්න ගත්තා. නමුත් මාසයක් විතර යනවිට ඒ ගෙදර මහලු කාන්තාව තමන්ට සැරවැර කරන බවටත් පුරුෂයා අනවශ්‍ය අගැලුම් කම් පානබවත් කියමින් කුමාරි අඩන්න ගත් නිසා කුමාර ඒ නිවසින් වෙනත් නිවසකට නැවතත් ඇයව මාරු කරා මේ විදියටම නිවාස හතරකට පහකට මාස තුනකටත් අඩු කාලයකදී මාරු කරන්න ගිය කුමාරි නිසා මේ පැත්තෙන් එජනුත් ලංකාවෙන් කුමාරගේ මාමාත් නොසතුටෙන් හිටියේ.......

  මේ ප්‍රශ්නය විසදන්න තම බෑනාට උපදෙස් දුන් ලංකාවේ මාමා, කුමාරට කිව්වේ ඔය ගෑණු ළමයට පස්නය තියෙන්නේ එයා වහගෙන ඉන්න එක මාර්ගයක් නිසා.... ඔයා පිරිමියෙක් හැටියට ඒ මාර්ගයේ පළමුවෙන් ගමන් කරලා හරියට පාර ඇරලා, ඒ ලමයට තේරුම් කරලා දුන්නනම් දැන් ඉතින් ඔතනින වාහන කියක් ගියාද කියලා එයාට ඇරෙන්න වෙන කාටවත් හොයන්න බෑ කියලා ඔය ඕන ගෙයක එයාට එක දිගට වැඩ කරන්න පුළුවන්නේ කියලා කියපි... (චෝයි මාමා නේ ???)

එකෙන් දිරිමත් උන කුමාර අදාළ 
මාර්ගය ඉතා පහසුවෙන් විවුර්ත කරේ කුමාරිගේ සිතේ බලාපොරොත්තු ගොන්නක් හිර කරමින්....... පිටරටකදී ලැබෙන අසීමිත නිදහස ඉහලින්ම ප්රෝයෝජනයට ගත් මේ දෙදෙනා එම කාලය ගත කරේ අලුත විවාහ උන යුවලක් වාගේ.. මේ සිහින ලෝකයේ ගිලිලා හිටිය කුමාරි එක සැරේම කුමාරට කියනවා දැන් අපි එහෙනම් ලංකාවට ගිහින් කසාද බඳිමු කියලා....... 

   මුලින් මුලින් මේක කුමාර එතරම් ගණන්ගත්තෙ නැතත් ටික දවසකින් කුමාරට තේරුනා කුමාරි එන පොට හොඳ නැති විත්තිය ඕන වෙලාවක කියන්නේ අයියේ අපි බඳිමු නේද කියලා......... ඔය අතරේම තමයි කුමාරිගේ මාස් පතා වෙන්න ඕනා දේ මාස දෙකක් යනකනුත් සිද්ද නොවී තිබුනේ  


    කුමාර තාත්තා කෙනෙක් වෙනවයි කියලා දැනගන්න කොට සංතෝස උනේ ඒ බව තහවුරු කරපු දොස්තර විතරයි..... කුමාරිනම් හොඳටම බය උනා කුමාරට ආවේ කේන්තිය මුසු වෙච්ච පසුතැවීමක් හරියට අරක්ෂා නොවීම ගැන........ නැවතත් මේ අලුත් තත්වයට මුහුණ දෙන හැටි උපදෙස් අර චෝයි මාමාගෙන් 


  ඉහලින් ආපු උපදෙස් මත කුමාරිගේ දැඩි විරුද්දතාවය යටතේ එන්න හිටපු කෙනාව කුමාර ආපසු හරවා යැව්වේ හරියට ඒජන්ට් ගේ සල්ලි ගෙවන්නේ නැතුව රැකියාවට එන ගෘහ සේවිකාවක්ව හරවලා යවනවටත් වැඩිය පහසුවෙන් ඒ මෙරටේ තිබෙන දියුණු වෙයිද්‍ය විද්‍යාවට පින්සිද්ද වෙන්න

  එත් ඊට පස්සේ කුමාරි සම්පුර්ණයෙන්ම වෙනස් උනා ඇයට කුමාරව වහ කදුරු වගේ උනා...... ප්‍රේමය අවසාන වෙලා ඊළඟට ඇති කෙස්ගසකට එහා පැත්තේ තියෙන වෙයිරය දෙදෙනාගේම හිත්වල තිදින්ම රජයන්න උනා...... 

  මේ අනගි අවස්ථාවෙන් ප්‍රොයෝජන ගත්තේ අපේ මුළු ඉතිහාසය පුරාම සිද්දඋන විදියට අර අල්ලපු රටේ එවුන් එයාල කුමාරිගේ දුක නසන්න තව හරියක් වැනසුවා....... කලින් එම වැනසීමටම තදින් විරුද්ධ උන කුමාරි දැන් හැගීම් දැනීම් නැති අයෙකු සේ ඒවාට ඉඩ දුන්නේ ඒවා දිහා බලා කුමාර විඳවයි කියන චේතනාවෙන්..... නමුත් හැමදෙයක්ම මුදල්මත තීරණය කරන කුමාර සහ ඔහුගේ මාමා බැලුවේ මේකෙන් කොහොමද අදායමක් ලබන්නේ කියලාම විතරයි..... 

 හිනවන ආන්තික උපයෝගිතාව යටතේ ටිකදිනකින් ඉන්දියානුවන්ටත් කුමාරිව ඇති වේගෙන එනකොට කුමාර හින් සීරුවේ බුකිට් බින්තැන් කියන මැලේසියාවේ ප්‍රසිද්ද සංචාරක පුරවරයේ සැලුන් එකකට කුමාරිව යැව්වේ එක ගෙදර හිටියත්  තමන් එක්ක කථා නොකරන නිසා අර ඉන්දියානුවන් හොයලා දෙන ජොබ් එකක් හැටියට උන් හරහාමයි.
අනේ අපේ ශේෂ්ට්ර සිංහල ජාතියට අධෝමුකයෙනුත් හිනා වෙමින් ඒ සැලුන් එකට කෙල්ලෙක් වැඩට දැන්මම දෙන රිංගිට් හයදාහ (රුපියල් ලක්ෂ 2කයි තිහක් විතර) කුමාර සහ ඉන්දියානුවෝ දෙන්න සමව බෙදා ගත්තා.

 දැන් කට්ටිය බලනවා ඇති සැලුන් එකකට කෙනෙක්ව දාන කෙනෙක්ට එච්චර ගෙවනවද කියලා....................??? 

   සැලුන් එකක් කිව්වට මේකේ නම විතරයි සැලුන් ඇතුලේ වැඩිපුර කෙරෙන්නේ සිංහලෙන් කියනවනම් එක එක ශරීර අවයව සම්බාහනය කරන එක.... පරිබෝගිකයාගේ සම්බාහනය කරන අවයවේ හැටියට ඒ සම්බාහනය කරන කෙනාට ලැබෙන වැටුප ඉහල යනවා. ඒ වාගේම පාරිබෝගිකයාට තමන්ව සම්බහනය් කරන්න දුන්නොත් ආදායම බොහොමත්ම ඉහලයි.... මේ මැලේසියාවේ ඇවිත් ඔය බුකිට් බින්තන්වල කරක් ගහපු අය ඕක දන්නවා නොවැ..... (ඒ කිව්වේ නලින්ලා ඉවාන්ලා ගැන නොවෙයි ඕන් ......) 

  වැඩේ කියන්නේ තමන්ට වෙච්ච දේ ගැන කලකිරුණු කුමාරි ඒ වගේ අමාරුවේ වැටිලා ඉන්න තවත් මෙහෙ හිටිය හා ලංකාවේ හිටපු (දැන් මෙහෙ ඉන්න) තව දහ පහළොස් දෙනෙකුටම ඒ ඉසව්වේ ඔය පාරම්පරික රැකියාවට අවස්තාව සලසා දීලා තියෙනවා. කොහොම වෙතත් කුමාරි හරහා සහ වෙනත් අය හරහා දැනගෙන හා නොදැන පැමිණ මෙම සේවයේ යෙදෙන්නියන්  හතළිහකට ආසන්න සංක්‍යාවක් මේ ඉසව්වේ ඉන්න බව ආශ්චර්යමත් පාලකයන් හෝ යහපාලකයන් නොදන්නා බව මැලේ රාලනම් දන්නවා..    

  හිනා යන වැඩේ කියන්නේ අදටත් ලංකාවේ ඉඳන් එන සංචාරකයන් එළ ඉන්දියන් එකියකකින් සම්බාහනයක් කරගත්තා හා/හෝ කෙරුවා කියමින් ලංකාවේ ගිහින් පම්පෝරි ගහන්නේ බොහෝවිට තමරටේ කෙනක් ගැනම කියමින් බව ඔවුන් නොදන්නේ මේ කට්ටිය තම රැකියාවේදී තමන් ඉන්දියන් ජාතිකයින් ලෙස (විශේෂයෙන්ම ලංකික පාරිබෝගිකයන්ට) අඟවන නිසයි.... 

............මේ අමුලික ඇත්ත පච කථා, ගොතා පලකෙරුවේ මැරකාකා විසිනි..............  

පලි:- මැර කාකා ගේ ඇත්ත පච කෙටිකතා මාලාවේ හතර (අවසන් කථාව) ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින් අදටත් මැලේසියාවේ සිට මෙහෙයවන මහා ඉන්ටනෙට් ජාවාරම මිළඟ පොස්ටුවෙන්................... 





76 comments:

  1. හොද වෙලාවට මේ රටේ නම් "care giver" හැර වෙන කිසිම ජොබ් කැටගරියක වැඩ කරන්න බැහැ...

    මේ ගැන ඔය වගේම සිද්දියක් පත්තරේක කියෙවුවා .. පත්තර කාරයෝ මහලොකුවට ලියුවට ඒකත් එක ලිපියක් විතරයි කිසිම දෙයක් සිදද වෙන්නේ නැහැ,,,

    ReplyDelete
    Replies
    1. "පත්තර කාරයෝ මහලොකුවට ලියුවට ඒකත් එක ලිපියක් විතරයි කිසිම දෙයක් සිදද වෙන්නේ නැහැ,,,"
      මම ලිව්වයි කියලත් ඉතින් ඔච්චරම තමයි මෙයා.......

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  2. හොදවෙලාවට තුනේ එකට ලින්ක් එක දාලා තිබ්බෙ. නැත්තන් ලේසියෙන් මුල අමතක වෙන ජාතියක පුරුකක් වෙච්ච මට මාස හයකට පස්සෙ මුල් කොටස මතක තියේයයි.

    \\පාරිබෝගිකයාට තමන්ව සම්බහනය් කරන්න දුන්නොත් ආදායම බොහොමත්ම ඉහලයි\\

    හෑ .... නලින්ලා ඉවාන්ලා සම්භාහනය කරන්නත් දන්නවද?

    ReplyDelete
    Replies
    1. හි හි .... අල්බයියා ඔය කෙප්ප විශ්වාස කරනවද අප්පා ,,,මේ හොර මැලයගේ

      Delete
    2. එකනේ අල්බයිය්යේ මම මම ලින්ක් එක දැන්මේ............
      ඒ කියන්නේ ඉවාන්ලත් එතනට ගිහිල්ලද

      Delete
    3. මම කියලා තියෙන්නේ " (ඒ කිව්වේ නලින්ලා ඉවාන්ලා ගැන නොවෙයි ඕන් ......)
      උබ කියන විදියට මම කියලා තියෙන්නේ කෙප්පනම් ඒ කියන්නේ ඔයත්..................?????????????

      Delete
  3. අහිංසක කෙල්ලො විකුනලා සල්ලි හොයන එවුන්ව ටිකක් වැඩියෙන් අල්ලලා සුන්නත් කරා නම් හරි..

    ReplyDelete
    Replies
    1. මෙහෙ සුන්නත් කරපු එවුන් තමයි බන් තුන හතරක් තියාගෙන ඉන්නේ

      Delete
  4. මැලේසියාවේ ඉන්න අපි ගොඩ දෙනෙක් මේ විස්තර දන්නවා ලොකු දෙයක් අපේ කෙල්ලෝ මේවා වලින් ඇත්කරන්න කව්රුහරි ක්‍රියාත්‍මක වෙනවනම්
    රාල උබව කන්ටැක්ට් කරගන්න පුළුවන් විදියක් කියපන්කො ?

    ReplyDelete
    Replies
    1. කෙල්ලෝ ටික අමාරුවේ වැටෙන්න වගේ යන්නේ...

      Delete
    2. ඇනෝ ඇති යන්තම් සාක්කි කාරයෙක් ලැබුනා මගේ කතාවට ( නිර්නාමිකව හරි)
      අර උඩ තියෙන S L මැලේරාළ කියන තැනට කෙටුවම ඇතුලේ තියෙනවා ඊ මේලය ඉතින් විදින්නයි තියෙන්නේ

      Delete
    3. මාතේ කෙල්ලෝ ටික ආවාරුවේ වැටෙනවා අදහස් කරේ ඇනෝ ඒ පැත්තේ යයි කියන එකද ?? නැත්නම් ඇනෝ කට්ටියගේ රස්සාව නැතිකරයි වගේ හිතලද

      Delete
  5. ලංකාවෙත් පිටිසර පැති වලින් එන කෙල්ලන්ට මේ ඉරණමම තමයි. ඒත් එපා උනොත් ගෙදර දුවන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. එකනේ බන් මෙහෙ එහෙමත් බෑනේ

      Delete
  6. "මේ කට්ටිය තම රැකියාවේදී තමන් ඉන්දියන් ජාතිකයින් ලෙස (විශේෂයෙන්ම ලංකික පාරිබෝගිකයන්ට) අඟවන නිසයි.... "
    ඔක්කොමත් හරි මේකත් හරි

    ReplyDelete
    Replies
    1. හි හි හරි හින්දනේ බන් ඉතින් කිව්වේ

      Delete
  7. යකෝ කතන්දරේ අමතක වෙලා තිබුනෙ.

    ReplyDelete
    Replies
    1. එකනේ උඩින්ම තුනේ එක එතන ඔබන්න කිව්වේ

      Delete
  8. උඹත් ඉඳල ඉඳල මරු කතා ලියනව නේද රාළේ.කතාවෙ මුල හරිය අමතක වෙලා තිබුනෙ.

    ReplyDelete
    Replies
    1. මරු කියන්නේ හැලපයියේ ඇත්තම කථා

      Delete
  9. කොහෙද බං බුකිට් බින්තැන් තියෙන්නේ ... ඇහුවෙත් අද ...

    දැන් මේ කතාවේ පලවෙනි කොටස ආපහු දාපං ,,, හම්මේ උඹ වගේ වසවර්ති මාරයෙක් .. අනේද කියන්නේ ...
    දැන් කුමාරිව කොහෙද යැව්වේ උඹ ඊට පස්සේ

    ReplyDelete
    Replies
    1. කුමාරි කොහේ යන්නද බන්....... එදා උබ ගියවෙලාවෙත් හම්බ උනයි කිව්වේ හින්දි කෑල්ල ..... ඒ තමයි කුමාරි

      Delete
  10. තුනේ දෙක කියලා දැක්කම එක පාරම මම බැළුවා මේ මොකද්ද කියලා..

    ReplyDelete
  11. සිරාවටම අර මෙන්ඩියාගේ හවුස් මේඩ් ද බන්
    මෙන්ඩියෝ උබේ ගෙවල් කොයි පළාතේද බන්?

    ReplyDelete
    Replies
    1. පොටෝ එකේනම් ගහලා තියෙනවා ....... මෙන්දියා ආවනම් හරියටම දැනගන්න තිබ්බා

      Delete
    2. ඇනෝ මචං අපිට කොහෙන්ද බං හවුස් මෙඩ්ලා..
      මැලේ ඒකි බ්‍රා ඇඩ් එකක් බං..

      Delete
  12. යකෝ දාන මගුලක් කෙටියෙන් දාහං නැත්නං එක පාර දාහං.. අමතකයි ඔක්කෝම

    ReplyDelete
    Replies
    1. හි හි හි........ ඇයි ඔයා එක එබුවේ නැද්ද ???

      Delete
  13. ම්ම්ම්...උඹේ ලියවිල්ල වෙනදට වඩා....රසවත්.........
    අනේ මචෝ..........ලංකාව කන......
    විසා නැතුවත්.......මාස යට විසා අරගෙන ඇවිල්ල ....මාස 3 ට අකුරු ගහගෙන.....
    වද මල විකුණන අය ගැන කියල වැඩක් නැත....
    විසා නැතිව අපේ ඉන්න සැම ...මෙහෙට ඇවිල්ල බබා පාට් .....

    ReplyDelete
    Replies
    1. තැන්කුයි කෙන්ජා අයියේ..........
      මේ මොනවා කියනවද සමහර තැන්වලට ගිහිල්ලා ලංකාවේ කියලා කියන්නත් ලජ්ජයි .....
      අර signature හෝටෙල්ස් වල ලෝකේ ඕනෑම රටක කෙනෙක්ට ඇඩ්වාන්ස් එකක් විතරක් ගෙවලා check-in වෙලා, check-out වෙන වෙලාවට බැලන්ස් එක ගෙවන්න පුළුවන් එත් ලංකාවේ පාස්පොර්ට්නම් check-in වෙන වෙලාවේදීම ෆුල් පේමන්ට් කරන්න ඕනා .....

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. මේ කතා අහද්දී නම් සිරාවටම අපේ මිනිස්සු ගැන කලකිරෙනවා....

    ReplyDelete
    Replies
    1. මීටත් වඩා ජඩයෝ ඉන්නවා බන් උන් ගැන මෙතැන ලියන්නත් බෑ ඒ තරම්ම අප්ප්‍රසන්නයි.....

      Delete
  16. මම සැහෙන දවසක් බලන් හිටියා උඔ පටන් ගත්ත කතාව ඉවර කරන්න නැත්තේ ඇයි කියලා..
    ලංකාවේ සම්බාහන මධස්ථාන වලත් ලොකු වෙනසක් නෑ බං..
    අර කෙල්ලව අැදලා ඉන්නේ 36 B ලේස් බ්‍රා එකක්. බල්දියේ තියෙන්නෙ 34 B ෆෝම් කප් බ්‍රා එකක්

    ReplyDelete
    Replies
    1. මම බලන් හිටියේ උබේ කොමෙන්ටුව මොකද ප්‍රමාද කියලා.......
      අනේ අප්පේ උබගේ නෝනට පුදුම කරදරයක් වෙලා ඇති උබේ මේ බ්‍රා දැනුම

      Delete
    2. හරි වැඩේ මාට්ටු...................... මෙන්ඩා වෙත පවසන ලද්දක් බව සැලකුව මනාය

      Delete
    3. කඩේකට ගියත් බ්‍රා අත ගාලා අල්ලලා බලනවා..
      පාරේ ගියත් කෙල්ලෙක් දැක්කාම බ්‍රා සයිස් එක කියවෙනවා.

      Delete
    4. "පාරේ ගියත් කෙල්ලෙක් දැක්කාම බ්‍රා සයිස් එක කියවෙනවා."
      හා..හා...හා.... මට මැවිලා පේනවා කොල්ලා බලබල සයිස් හැටි

      Delete
    5. වෙලාවකට ඒක අපේ ගෑනිට වදයක්.
      වෙලාවකට ආතල්

      Delete
  17. අලුත් එකක් කියලා ආයෙම ආවේ :(((

    ReplyDelete
  18. මොකද උබේ කථා ඉවර වෙලාද

    ReplyDelete
    Replies
    1. නෑ මචෝ කොමෙන්ට් ටිකක් මදි උනා

      Delete
  19. මැලේ.... කතා ටික මුල ඉඳල කියවන්නම්....

    ReplyDelete
    Replies
    1. හරියට හරි ... මුල ඉඳන් තමයි පටන්ගන්න ඕනා

      Delete
  20. පව් කියලා තමා කියන්න තියෙන්නෙ. රිංගිට් නිසානෙ මේ දුක.

    ReplyDelete
    Replies
    1. නෑ ඔය දුක තන්හාව නිසා
      තණ්හාය ජායති සෝකෝ
      තණ්හාය ජායති භයං
      තණ්හාය විප්පමුත්තස්ස
      නත්ථි සෝකෝ කුතෝ භයං

      Delete
    2. නෑ නෑ........... අර වාහන යන පාර නිසා

      Delete
  21. අඩේ මැලේ...................

    අර මාමා හම්බෙන්න බැරි වෙයිද බං මටත් තියෙනවා ප්‍රශ්ණ වගයක් විසද ගන්න උපදෙස් ටිකක් ගන්න....

    ReplyDelete
    Replies
    1. එකනේ අන්න හම්බ වෙනවනම් මාමලා

      Delete
    2. කූරැට්ටෝ මාත් එන්නද?

      Delete
  22. (ඒ කිව්වේ නලින්ලා ඉවාන්ලා ගැන නොවෙයි ඕන් ......)

    හරි හරි මං දන්නව ඔය කා ගැනද කියන්නේ කියල..........

    ReplyDelete
    Replies
    1. මෙන්න නුවනක්කාරයෝ කියනකොටම දන්නවා කව්ද කට්ටිය කියලා

      Delete
  23. නොදන්න නන්නාදුනන රටක අරක පරිස්සන් කරගන්න මාර කට්ටක් කන්න වෙනව තමා.හැබැයි උපාය දත්තෝ අපායේ නොවැටෙති කියනව වගෙ වැඩෙත් ( රස්සාවත් ) කරගෙන බඩ්ඩත් පරිස්සන් කරගන්න දන්න කෙල්ලො ඉන්නව.
    කතාව අපූරුයි. කියෙව්වට පස්සෙ ඉක්මනින් අමතක නොවෙන කතාවක්.

    ReplyDelete
    Replies
    1. "වැඩෙත් ( රස්සාවත් ) කරගෙන බඩ්ඩත් පරිස්සන් කරගන්න දන්න කෙල්ලො ඉන්නව."
      වැඩිපුරම මෙහෙ ඉන්නේ මෙහෙම කෙල්ලෝ තමයි..... එත් බේරෙන්න බැරි අපේම අය්යිලගෙන් තමයි ........
      ඊළඟ කතාවත් කියවලා බලන්නකෝ ඉදිරියේදී

      Delete
    2. ඊළඟ කතාවත් කියවලා බලන්නකෝ ඉදිරියේදී //
      ඒකට ඉතිං කල්ප කාලන්තරයක් බලන් ඉන්න වෙයි.

      Delete
    3. ඔව් ඔව් එක එහෙම වෙන්න පුළුවන් බ්‍රා

      Delete
    4. ලියපිය ඉක්මනට ඉතුරැ ටික

      Delete
  24. එතකොට උබට මැලෙ වලදි කියන්නෙ කුමාර කියල නේ.

    ReplyDelete
    Replies
    1. නෑ බන් කුමාරගේ මාමා කියලා

      Delete
  25. 2 way සම්භාහන ආයතන තියෙනවා එතකොට නේද?

    ReplyDelete
  26. මොනවා කියන්නද? පව් තමා.

    ReplyDelete
  27. ගිය ඉරිදා රාත්තිරියෙ බුකිට් බින්තාන් වලින් තමයි රාත්තිරි ආහාරය ගත්තෙ. මේවා කලින් ලිව්වා නම් දුක සැපවත් බලලා එනවනෙ අපේ රටේ කමට...

    ReplyDelete
    Replies
    1. අපේ පැට්ටේරියට වැඩට එවපන්

      Delete
    2. උඹටත් කුමාරිලා විතරයි ගන්න පුලුවන්..???? අනේ බං මාවත් ගනිං කො.. (සයිකො ඩයල් ගත්ත කියල උඹට කේස් වැටෙයිද දන්නෑ..?)

      Delete
    3. අනේ මේ බුට් මාමලා ටික වැඩක් බලාගෙන හිටියනම්

      Delete
  28. පෝස්ටු සේරම ආසාවෙන් කියෙව්වත්, මාස කිහිපයක් තිස්සෙ ඇවිත් ගියත් කොමෙන්ටුවක් නොදැම්මෙ මගේ බ්ලොග් එකක් අටවගන්නකම්. මමත් බ්ලොග් ලෝකෙ පැලපදියම් උනා. ඉඩ පාඩු ඇති වෙලාවක ඇවිත් යන්න එන්න...
    http://camarawenehalokaya.blogspot.com

    ReplyDelete
    Replies
    1. හරි මචෝ එහෙනම් ඒ පැත්තේත් ගිහිල්ලා බලන්නම්කෝ

      Delete