මම S. L. මැලේ රාළ

මම ලංකාවේ පොරක් මැලේසියාවේ ජොබක් කරන.... මට මේක ලියන්න හිතුනේ අනික් බ්ලොග් කියවල ඒවා දැක්කම මෙහෙවෙන දේවල් අනික් කට්ටියටත් දැන කියාගන්න කියල තමයි .

අවූරුදු ගානක් තිස්සේ මෙහෙ ඉදන් අහපු දැකපු, සිද්ද උන හා දැනටත් සිද්දවෙමින් පවතින දේවල් තමයි මම ඔයාලට කියන්න යන්නේ ඕන්.....

Monday 9 February 2015

එන්ටර් ද ඩ්‍රගන් සිංහලෙන් එවන්නද නයා...............

පලවෙනි රුප රාමුව 


    ඔන්න පසුගිය අගෝස්තුවේ අන්තිම හරියේ දවසක රාළයා උදේ පාන්දර එකොළහයි පනස් පහට විතර වැඩට එනකොට,  ඔපිසිය ඉස්සරහම ඉන්නවා මහම මහා එකා!!!.....
   මම ඇතුලට එනකොටම මෙන්න මේකා අහපි 

"ඈ බොල රාළයෝ උබ දැන්ද වැඩට එන්නේ අයිතිකාරයා වෙච්චි මමත් උදේ නමයට මෙතන දැන් වෙලාව කියාද බොල වැඩට එන්න ??"  කියලා

   මේක අහල අසුහාරදාහට තද වෙච්ච මම ඇහැව්වා ඔයාට වගේද මට කොච්චර වැඩ තියෙනවද කොරන්න???  කියලා..... එකට එකසිය හැටඅට දාහට තද වෙච්ච බොසා කියපි හරි එහෙනම් උබකරන වැඩ ටික කොලයක ලියලා මට පෙන්නපන්කෝ බලන්න කියලා....   

දෙවැනි රුප රාමුව 


හරි හරි කියල පුටුවේ වාඩිවෙලා  මම දස අතේ කල්පනා කෙරුවා මොනවද යකඩෝ උදේ ඉඳන් හවස් වෙනකම් මම මේ ඔපීසියේ කොරන්නේ කියලා.... ඔහෙලට කියන්න මෙයාලා දවස් දෙකක් කල්පනා කොරලත් බැරි උනානේ ඔය කොලයට එක වැඩක් කියලා හරියට ලියා ගන්න. බලන් ගියාම මම වැඩක් කියලා දෙයක් කරලම නැනේ. (බ්ලොග් බලනවා ඇරෙන්න)

තුන්වන රුප රාමුව 

     ඔන්න දවස් දෙකකට පස්සේ බොසා මාව අල්ල ගත්තා, කර මුලින්ම කිව්වා මම දන්නවා බෝල තෝ මෙතන කොච්චර වැඩ කරත් ලියන්න තරම් වැඩක් උබෙන් වෙන්නේ නෑ කියලා......... මම ඉන්නවා දැන් ඊළඟට මොකද වෙන්නේ කියලා බලාගෙන 

ඊළඟට බොසා කියපි හරි කොමද පිලිවලට වැඩක් කරන්නේ කියලා බොට ඉගෙන ගන්න මම තෝව යවනවා පිට රටක ට්‍රේනින් එකකට මාස හතරකට, පහකට, ගිහිල්ලා ලැහැස්ති වෙලා වර .......

දේව කාරියට ඉහලින් රාජකාරියට සලකන අපි ඔන්න ලැහැස්ති වෙලා බලාන හිටියා ලොක්ක පිටරට යවනකම් ට්‍රේනින් එකට 


හතරවන රුප රාමුව (ඔන්න මෙතන ඉඳන් තමයි කතාව ඈ........)

 ඔන්න ලොක්කා ඊළඟට මාව ලෝකයේ තියෙන හොඳම ප්ලේන් එකකින් යැව්වා වැඩිදුර අද්ද්යාපනෙට ස්වාසිලන්තයට. හප්පා නාඩියා  ගිය රට වගේ නොම මේකය රට. මම ඒ රටේ ගතකොරපු කාලය මගේ ජිවිතයේ හොඳම කාලයයි....

    එත් ඒ මාගේ ජිවිතයේ හොඳම කාලය එසේ ගත කොරද්දී මට මාගේ බ්ලෝග ලියන්න අමතක විය. වෙලාවක් නැති විය. එය එතරම් සුවිසේෂි කාලයකි. එත් අද මම මේ පොස්ට් එක ලියන්න ගත්තේ අර හැලපයා  වගේ, මාගේ ඒ ගමනේ පුරාජෙරුව කියන්න නොමේය.  මා බ්ලෝග නොලිව නිසා අර අරූ අයියා වගේ  අප අවට සාමාජයේ සිදුව ඇති කනගාටුදායක සිදුවීම් දැකලාය.

 බලන්න මම බ්ලෝග නොලිව නිසා කෙන්ජා අයියාද බෝග දාන එක නැවත්තුවේය. ඒ පස්සෙන් ගිය ඕමා ද වැඩේ අත්හැරියේය ... හොඳට හිටිය මාතලන් දේශපාලන පිස්සෙක් උනේය. සියල්ල එපා වෙච්ච මදුරංග  කසාද බැන්දේය. 

 තව කියනවනම් මගේ බ්ලෝග නැති සංකාවෙන් සෑමා අර අහිංසක රෝස මලක් වගේ ඉන්න අටමට අයුතු යෝජනාවක් කරලාය. එක දැක්ක මු වැවට පැන්නේය. තවද වයස ගැන හිතන්නේ නැතිව රාජ් බෝතල් ඇනොව කසාද බැන්දේය. එකෙන් උනේ අනික් උන්ට ආතල් කොමෙන්ට් එකක්වත් බලන්න නැති වීමය.  ඒ විතරක්නම් බැරිය අර ත්‍රි බාසා ප්‍රසන්න  මෙන්න මේ අහිංසකයාට  ලිංගික අතවරයක් කරලය. අනේ එක බ්ලොගක් නැති පමණින් සමාජයේ වෙන අකටයුතුකම්..... 

   කියවන්න මගේ බ්ලොග නැතිනිසා  මු රස්සාවට පයින් ගසා ගෙදර එන්න පිටත් උනේය. එක දැන ගත්ත මේ යකා උගේ පැට්ටරියට එහෙන් කෑලි පනහක සාම්පල් පෙට්ටියක් අර ගෙන එන්න කිවේය. එක එන ගමන් ම දීගෙන එන්නේ නැතුව ගෙදර ගෙනාපු නිසා නෝනා එක දැකලා ඒ අහින්සකයව සම්පුර්නයෙන්ම සිර භාරයට අරන්, දැඩි දඬුවම් දිදී තාමත් ප්‍රශ්න කරනවලු කාටද මේවා ගෙනාවේ කියලා... 

  ඒ විතරක්නම් නොවේය මේ බ්ලෝග නොලියවෙන නිසා මේ අපේ මාමාගේ නෝනා මෙයාට ලාග්ග අඳින එකත් තහනම් කෝරලය. ඒ මදිවට මේ ලොකු අයියව වාරය රස්සාවෙන් එලියට දාලා  ළිං මැඩියෙකු කරලා තියෙන්නේ ලඟින් බිත්තියකුත් ගහලාය. ඒ වගේම මෙයත් ඩෙනිම ඉරාගෙන කියලා තමයි ආරංචිය. 

   ආ තව බිඳෙන් අමතක වෙනවාය මගේ බ්ලෝග නැති නිසා හොඳම දේ වෙලා තියෙන්නේ අපේ රුසියානුවාටය එනම් පොරට ලිංග විපර්යාසයක් වෙලා මේ වගේ ගැල්ලමයෙක් වෙලාලුය.. ඒ මදිවට මෙයත් ගෙට වෙලාලුය.

තව ගොඩක් අය මල දානයක් වත් නැතිව එක එක විදියට තේ හදා ගෙන පාළු සුසාන වල ඉන්න යක්කු වගේ ඉන්නවලුය  .  මගේ බ්ලෝග නැති නිසා කුරුල්ලන්ටත් සම්මාන හම්බවෙලා කියලා මෙන්න මෙයාත් අඬ අඬ ඉන්නවාය........... 

   මම බ්ලෝග නොලිව නිසා කොටින්ම කියනවනම් සෙනසුරාත් යන්න ගියා ගිය දෙසැම්බර් වල හිටපු තැනින්.... ඒ විතරක්යැ තව අවුරුදු දෙකක් තියෙද්දී රාජපක්ෂ රජකමත් අතැරියයි කිව්වම... තව මොනවද කථා ...

   මෙච්චර දේවල් වෙනවා බලාගෙන මට තව දුරටත් මේක නොලියා ඉන්න බෑ.... ඒ නිසා අපේ බොසාට කුද ගහගන්න කියලා මම ට්‍රේනින් එක පැත්තකට දාලා ඔන්න ආයෙත් බෝග දාන්න හිතුවා 

හෙට ඉඳන් හිරු  පැව්වත් නැතත්, මොන පාටක් දා ගෙන හරි මම බෝග ලියන එක ඕන් ඉතින් ඉන්සුරන්ස් එකටත් වැඩිය සුවර් තමයි....

මාස පහක් තිස්සේ අඬ අඬ ගේට්ටුව ලඟට වෙලා ඉන්න කුමාරිගෙන් කුමාර ඇහැව්වේ මොකද්ද කියලා ඒ කියන්නේ මගේ තුනේ දෙක උඹලාට තව නොබෝ දිනකින්ම බලාගත්තාකි ඕන්.....

එහෙනම් බොලාලා පහලින් ඔය පුළු පුළුවන් හැටියකට මඩ හොදාගෙන බලන් ඉඳපල්ලකෝ.....................!!!!!!!


63 comments:

  1. පොහ්ඃ .... එතකොට ඔය හතරවන රූපරාමුවට අනුව උඹ අර ගඟේ පීනන්න ගියේ නැත්ද? හරි අපරාදයක් !

    ReplyDelete
    Replies
    1. හලෝ මදුරු නාශක පොස්ට් එක ලියද්දි උබව මට අමතක උනානේ............ ගඟේ පිනුවට පස්සේ තමයි මේ මොලේ පොඩ්ඩක් අවුල්

      Delete
  2. මම ගෙට වෙලා නැතුවා අඩා...බොගෙ කාම පැය බොසා නැති කරලා කියලා පහුගිය දොහේ මම බොහොම සෝකෙන් තමයි කාලය ගත කලේ...මට වාවන්නෙ නෑ අප්පා මේ දුක...මට තනි ඇහැට අැඩුනෙ...රාළෙ දැන්වත් ඇත්ත කියමු නේද...ස්වාසිලන්තයෙ දැරිවියො අර මොකක්ද අහ වල් නැටුම නටනකොට හංස පැටව් ආවරණය කොරන්නේ නැතුවා නේද...ඒ දර්ශන වලින් ඔකඳ වෙච්ච පාර රාළගෙ ලාග්ග ගැලවිලා, මානසිකව වැටිලා සෑහෙන්න තුවාල කාරිය උනා කියලයි අපිට ආරංචි උනේ...රාළ බැරිවෙලාවත් ආයෙත් මැලේසියාවට ආවෙ නැත්තං මැලේසියානු ගුවන් යානයක් එවන්න කල්පොනා කරලලු උන්නෙ මේ රටට වටිනා බුද්ධිමතෙක් නැතුව ගිහින් රට බංකොලොත් වෙයි කියන බයට..නැද්ද හිටං....

    ReplyDelete
    Replies
    1. මැලේසියන් ඒවා එව්වට මම එයි කියලා තමයි බය........ එනවනම් එන්නේ ට්‍රාන්ස් ඒෂියා එකක විතරමයි.... ඒවා යනගමන් කරනමුත් ගහනවා
      අනික හංසයෝ බලන්න මොකටදබන් ස්වාසිලන්තේ යන්නේ මෙච්චර හොඳ මැලේසියාව තියෙද්දී

      Delete
    2. දැන් උඹ මැලේසියන් හංසයෝ කීයක් විතර බලලා තියෙනවද ? හිටින් ඊලග සැරේ ආවම මැලේ හාමිනේට කියන්න

      Delete
    3. ආ.......... ඒ කියන්නේ උබ ඊළඟ සැරේ එනකොට මට හාමිනේ කෙනෙකුත් ගේනවද ???????????
      බලන් ගියාම මු කියන තරම් නරක නෑනේ

      Delete
    4. ඕවා කියන්න එපා ඉවාන් ගොයියො...හාමිනේ රාළව ගෙම්බො පන්නයි ගේ වටේට...

      Delete
  3. මේක උඹගෙ කාම පැයේ දැකපු හීනයක්ද?කොහෙද යකෝ මම පුරාජේරු ලිව්වෙ?

    ReplyDelete
    Replies
    1. හපොයි හැලපයියේ ඔය පුරාජේරු කතා මම කියපුවා නෙවේයි ඕන්......... රට්ටු කියන්නේ

      Delete
    2. හැලපයියා දැන් අපිව අමතක කර දැමීම පිළිබද ම‍ාගේ බලවත් විරෝධය....

      Delete
  4. ඕපාදුප ටිකක් හොයාගන්න කියාපු පෝස්ට් එකට ගොඩ වැදුනේ ..මාත් ආයෙම ලියන්න කියලා අයියේ මේ,

    ReplyDelete
    Replies
    1. අර කෙන්ජයිය්යත් මකුණු දැල් එහෙම කඩලා තියෙනවා දැක්ක ..... ඔන්න ඔහේ ඔයත් එන්න.....
      ඔක්කොමත් හරි මේ කාසාද බැඳපු ඇන්ටිලා ලපටි අපිලට අයියේ අයියේ කියන කොට තමයි ඉවසන්න බැරි

      Delete
    2. කවුද බැන්දේ ඒ අපේ පුංචි අම්මා කෙනෙක් :(

      Delete
    3. ++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    4. මාත් හෙට අනිද්දට පෝස්ට් එකක් දාන්න හිතං ඉන්නේ ..

      Delete
    5. මාත් ඔහොම හිතනවා නිතර බන්, ඒත් ලියවෙන්නේ නෑ

      Delete
  5. යකෝ, කෑවනම් බිව්වනම් අනික් මිනිස්සු ගැන පාර දිගේ කියව කියව යන්නේ නැතුව ගෙදර පලයන්. උඹේ ලාග්ගා පරිස්සං කොරගනින්.

    එන්ටර් ද ඩ්‍රැගන් කොහොම වෙතත් අන්තිමට reන්ටද ඩ්‍රැගන් වෙයි.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් මාමාටත් පොඩ්ඩට තද වෙන්නේ අපි මොනා හරි කිව්වොත් තමයි........ අර ඉවානයා මොනවා කිව්වත් ඔහේ අහගෙන ඉන්නවා........ මම මේ කල්පනා කොරන්නේ අපිට නැති උට තියෙන එක මොකද්ද කියලා

      Delete
    2. හෙහ් උගේ අගේ දන්නෝ දනිති , උඹලා වගේ හපුට්ටෝ කියනදේවල් ගණන් ගන්න කෙනක් නෙවෙයි අපේ විචා මාමා .

      Delete
  6. කවද්ද හිරෙන් නිදහස් උනේ ? පත්තරෙත් තිබ්බ හිරේට ගිය එක ගැන නං..

    ReplyDelete
    Replies
    1. ඔන්න රට රටවල ඇවිදලා තියෙන මිනිස්සුන්ගේ අගේ........ සරත් අයියත් වැඩිදුර අද්දීයාපනෙට ස්වාසිලන්තේ ගිහින් තියෙන නිසා දන්නවා එහෙ යනවා කියන්නේ හරියට හිරේ යනවා වගේ තමයි කියලා

      Delete
  7. හහ් හහ් හා..
    ඒක නං මරු කතාව... ලිංක් කරල තියෙන හැටි නං මරු...
    එහෙනං හා හා පුරා කියල ලියන්ට පටං ගත්ත නං

    ReplyDelete
    Replies
    1. බය වෙන්න එපා මචෝ ඔය අපරාද ආයෙත් වෙන්න ඉඩ තියන්නේ නෑ දැන් ඉතින් ලියනවම තමයි

      Delete
  8. ඔය ලිව්වේ , ඔය ලිව්වේ ...... මම හිතුවා ආපහු ලියනවා කියනකොට මොකක් හරි අලුගුත්තේරු වැඩක් කරයි කියලා. උඹ දන්නේ නැද්ද උඹ බ්ලෝග ලියන්නේ නැති සෝකෙන් මෙහෙට දැන් වහින්නෙත් නෑ .

    ReplyDelete
    Replies
    1. සෙනසුරත් දාලා ගිය එකේ වැස්ස මොකද්ද බන් ........... දැන් ඉතින් බලපන්කො හෙට අනිද්දා බෝලාගේ ගෙවල් පැත්තට හෙන ගහගෙන මොර සුරන්න වහින හැටි මම ලියන්න පටන් ගත්ත නිසා

      Delete
  9. අලුත්ම බ්ලොගක් , කියවන්න පටන්ගත්ත :D .

    ReplyDelete
    Replies
    1. ආදරෙන් පිලිගන්නවා ..... කියවලා එහෙම ඔය කම්මල් මිටි වලින් තලනවා එහෙම නෙවෙයි ඕන්

      Delete
  10. මම දේශකයට ලිංගික අතවර කරනකොට බොලා යතුරු හිලෙන් බලාහිටියයි කියල හිතන්නෙ කොහොමද.
    මේ මනුස්සය අර ප්ලේන් එකේ ගිහිල්ල ගඟට වැටිල සුවාස් උනාට පස්සෙ වෙන ලෝකෙක ඉඳල ලියපු එකක්ද මන්ද මේක.

    ReplyDelete
    Replies
    1. මොනවා ප්‍රසන්න අයියා දේශකයට ලිංගික අතවර කරා .......... අනේ අප්පේ කොමෙන්ට් වලට ලියන්න හොඳ කතාද මේ කියන්නේ

      Delete
  11. හප්පේ..... මෙයා බ්ලොග් ලියන්නැතුව ඉඳලා වෙලා තියෙන විනාසයක්.. ;)

    ReplyDelete
    Replies
    1. එකනේ මට දුක මහින්ද මාමා ගැන

      Delete
  12. යකෝ සෙනසුරා මාරුවෙලා මහින්ද පැරදුනෙත් උබ මේ අටමගලේ ලියපු නැති නිසාද

    ReplyDelete
    Replies
    1. මම විස්වාස කරෙත් නෑ බන් එත් පත්තර වල දාලා තියෙන්නේ එහෙම වෙලා කියලා

      Delete
  13. Replies
    1. මම ආවා ............ උබ අර අහිංසකයට මොකද කරේ ඕන්නැති පාර්සල් ගෙන්න කියලා

      Delete
  14. උඹට මොකක් හරි උනාද බං

    ReplyDelete
    Replies
    1. තාම නෑ බන්..... එත් යන විදීයට හෙට අනිද්දටනම් සුවර් නෑ

      Delete
  15. එසේ මෙසේ පුද්ගලයෙක් නෙවේ බලං ගියාම..

    ReplyDelete
  16. මටත් ඔපිස් ඒකෙ වැඩ ලියන්න කිව්වොත් ලියන්න වෙන්නෙ බොග් ටිකේ නම් ටික තමා...

    ReplyDelete
    Replies
    1. ආ එහෙනම් ලැහැස්තිවෙලා හිටු ස්වාසිලන්තේ යන්න

      Delete
  17. මට ලියන්න කිව්වොත්
    බ්‍රා, පැන්ටි, තෝං බ්‍රා, පැන්ටි, තෝං බ්‍රා, පැන්ටි, තෝං බ්‍රා, පැන්ටි, තෝං බ්‍රා, පැන්ටි, තෝං බ්‍රා, පැන්ටි, තෝං බ්‍රා, පැන්ටි, තෝං බ්‍රා, පැන්ටි, තෝං බ්‍රා, පැන්ටි, තෝං

    එන්නඩද ඩ්‍රැගන්
    එන්න එපාද ඩ්‍රැගන්?
    එවන්නද ගැරඩියා ඇද යට පොලගා
    පාරට නැමුනු අතු
    අවාරේට වැටෙන දෙල්

    ReplyDelete
    Replies
    1. මම මේවයේ ඉංග්‍රීසි පරිවර්තන විතරයි බන් බලල්ල තියෙන්නේ ඔරිජිනල් සිංහල ඒවා බලලා නෑ ... ඔන්න මම බලපුවායේ නම් ටික දැන්මා ....... අර උඩින්ම දාලා තියෙන ත්‍රිබල් x එක බලලත් නෑ

      එන්නඩද ඩ්‍රැගන් = Enter the dragon
      එන්න එපාද ඩ්‍රැගන්?= Enter the dragon 2
      එවන්නද ගැරඩියා ඇද යට පොලගා =Enter the dragon 3 under the bed
      පාරට නැමුනු අතු = වේදිකා නාට්‍ය --Road side branch
      අවාරේට වැටෙන දෙල්= unofficial deal

      Delete
  18. සුභ පැතුම්...........හෙක්...හෙක්...

    ReplyDelete
    Replies
    1. තැන්කුයි වේවා ..............

      Delete
  19. ඇද විට්ටමේ ඔලුව වැදිලද කොහෙද

    ReplyDelete
  20. සහතික ඇත්ත මචෝ මාත් වැඩිදුර (XXX)අද්‍යාපනේ නවත්තන්න ඕන''

    උඹ ලියපං අපි එනවා බලන්න..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. අන්න ඉහලටම යන්න පුළුවන් හොඳ තීරණයක්

      Delete
  21. ස්වසිලන්තේ කිව්වා නේ! එහෙනං බ්ලොග් එක 18+ කරපන් අයියේ

    ReplyDelete
    Replies
    1. ඕව ඔව් 18+ කොරලා ස්වාසිලන්තය ගනා මම වෙනම නාඩියක් කොටනවා (උබව මුනට මුණ හම්බුන වෙලාවක :D )

      Delete
  22. සුවාසිලන්තේ හෙළුවැලි නැටුමකට සහබාගි උනේ නැතෙයි??

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ මම ගියේ අද්දයාපනික චරිකාවක්නේ

      Delete
  23. අපොයි මේ ඇවිල්ල ඉන්නේ.. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. එකනේ මෙයා.... ඔයාටත් එසේම වේවා

      Delete
  24. පරන දේවල් එහෙමස අමතක කොරලා පටන් ගමුකො එහෙනම් බලන්න

    ReplyDelete
    Replies
    1. අමතක කරන්න විදියක් නෑ බන් ...... අන්තිම එක බාගයයිනේ ලියලා තියෙන්නේ

      Delete
  25. අපොයි පොස්ට් එක කියවලා ඉවර වෙන කොට ගිනි නරියා හිර උනා නොවෑ ක්ලික් කොරලා, ක්ලික් කොරලා ඇරිච්ච ටැබ් තොගය නිසා............ රාලයටනම් අද මොන යකෙක් වැහිලද මන්දා

    ReplyDelete
  26. මේ යක්සයා වනලා නොවැ හතර අතට. ඩෙනිමේ අවුල නම් හෝදාගෙන බොගක් දාන්න තරම් ඉස්පාසුවක් හිත එකලාසයක් නොවීමමැයි. 'එක්කෝ හොඳ බොගක් දාන්න ඕනේ, නැතිනම් නිකා ඉන්න ඕනේ' යන ප්‍රතිපත්තියේ පිහිටා නිකා ඉඳීම මැනැවයි කල්පනා කළෙමි.
    Anyway, thanksයැ.

    ReplyDelete
    Replies
    1. එක්කෝ හොඳ බොගක් දාන්න ඕනේ, නැතිනම් නිකා ඉන්න ඕනේ'
      ඒ උනාට ගුරෝ දාන මොකක් උනත් නැගලා යනවානේ.../...ඕන එකක් බාර ගන්න මේ සයිබරේ........

      Delete