මම S. L. මැලේ රාළ

මම ලංකාවේ පොරක් මැලේසියාවේ ජොබක් කරන.... මට මේක ලියන්න හිතුනේ අනික් බ්ලොග් කියවල ඒවා දැක්කම මෙහෙවෙන දේවල් අනික් කට්ටියටත් දැන කියාගන්න කියල තමයි .

අවූරුදු ගානක් තිස්සේ මෙහෙ ඉදන් අහපු දැකපු, සිද්ද උන හා දැනටත් සිද්දවෙමින් පවතින දේවල් තමයි මම ඔයාලට කියන්න යන්නේ ඕන්.....

Monday 25 August 2014

තුන............... !!!!

මුලින්ම හෝ කාලෙකට පස්සේ මැලේසියාවට ආපු අයට 

අද කතාවට පුර්විකාව


එහෙනම් ඔන්න ටුඩේ ස්පෙෂල්.......

පට්ටපල්, අමුලික ඇත්ත කෙටි කතා මාලාවේ.... තුන 


කුමාර සහ කුමාරි 


    නමින් කුමාර උනාට මෙයා උපතින් නම් සාමාන්‍ය එදාවේල ගැට ගහගත්ත හැටන් වල අල ( අර්තාපල්, අල වවන) පවුලක කොල්ලෙක්. සාපෙ වෙනකම්  ගමේ පාසලට ගිය මේ කුමාරව, ගමේ වවන අල ටික කොළඹට විකුණන පොහොසත් අතරමැදියා උන තම එකම මාමා කොළඹට කිට්ටු හෝමාගමට ගේන්නේ උපේ කරවන්න.

     නුගේගොඩ පාසලක උපේ අහවර කරන කොටම කුමාර තම කොළඹ අලුත් යාළුවන් එක්ක සැට් වෙන්නේ මහරගම අරකෙ IT කොස් එකක් කරන්නයි. ඔන්න ඒ කරුමාන්තේනම් අනාගතේදී අල (ගොවියෙක්) වෙන්න හිටපු කුමාරට බොහොම හොඳින් පත්තියන් වෙනවා.. තව අවුරුදු හතරක් විතර යනකොට කොම්පිතරේ මොකද්ද කුමාර මොකද්ද කියලා හොයන්න බැරි තරමටම මෙයාලා එකට බැඳෙනවා. 

     ලංකාවේ මෘදුකාංග නිපදවන පෞද්ගලික සමාගමක තම දැනුම මුවහත් කර ගන්න කුමාර ඊළඟට නවතින්නේ මැලේසියාවේ සයිබජයා කියන නගරයේ තවත් එවැනිම සමාගමක අයිටී ඉංජිනේරුවෙක් ලෙසටයි.
   මෙතන කුමාර එක්ක වැඩ කරනවා අපේ දකුණු ආසියානු රටවල් වන ඉන්දියාවේ, පාකිස්තානේ, වගේම බංග්ලාදේශ් IT ඉංජිනේරුවොත්. ඔක්කොම එකම වයස් කාණ්ඩවල කට්ටිය නිසා කොම්පිතරයා ළඟ නැති වෙලාවට මේ කට්ටිය වල බැස්සෙත් එකටම තමයි. 

    ඔය වල බහින වෙලාවට කට්ටියගේ කතාව තමයි කොමද අපි වැඩි වැඩියෙන් කියක් හරි හොයාගෙන ඉක්මනට ලක්ෂරි ලෙවල් එකට ඇවිත් තම තමන්ගේ රටවලට යන්නේ කියන එක. ඕනෑම මෙවැනි සමාජ කාණ්ඩවල අංකුරෝ එකෙක් දෙන්නෙක් ඉන්න එකත් සාමන්‍ය දෙයක්... මෙතනත් ඒවාගේ හිටපු එකෙක් තමයි කුමාරගේ ඔලුවට දාන්නේ ලංකාවෙන් හවුස්මේඩ් වැඩේට කෙල්ලෝ ගෙන්නලා දුන්නොත් එක්කෙනෙකුට රිංගිට් තුන්දාස් පන්සියක්, හාරදාහක් වගේ (රුපියල් ලක්ෂ එකහාමාරක් විතර) ගානක් ගන්න පුළුවන් කියලා.

    කොම්පිතරේට ඉංජිනේරුවෙක් උනාට, සමාජවබෝධය සම්බන්ධයෙන් නම් මේ ගමෙන් නගරෙට ආපු කුමාර අත දරුවෙක්. විදේශ රටකදී මේ රැකියාවේ යෙදෙන කාන්තාවකට එල්ලවිය හැකි ගැහට ගැන  කිසිදු  අවබෝධයක් මෙයාට තිබුනේ නෑ. මොහු කල්පනා කරේ, තම ගමේ වේලකට පාන්කාලක් කන්න නැතුව ඉන්න කෙල්ලන්ව මාසෙකට එකා දෙන්නා ගානේ මෙහෙට ගෙනාවනම් තමන්ගේ අදායම කොපමණක් උඩ යයිද කියලා විතරයි. 

   සල්ලි හම්බ වෙනවනම් අල වගේද ගෝවා කියලා හිතපු කුමාරගේ හෝමාගම මාමා හැටන් වලින් මුලින්ම කෙල්ලෝ දෙන්නෙක්ව ලැහැස්ති කරා. මාමාගේ කෝමිස් එක තමයි  ඒ ගෑනු ළමයින්ව මෙහෙ වැඩට ගන්න අය එයාලට විසා එකට හා ටිකට් එකට කියලා දෙන රුපියල් හැට දාහක විතර මුදල (එක්කෙනෙකුට). ඒ මුදල මාමා අරගෙන ගෑල්ලමයින්ට කියනවා ඔයාලට මාසෙකට රුපියල් පනස්දාහක විතර පඩියක් ගන්න රට යවන්න ඔයාලට වියදම් වෙන්නේ ටිකට් එකටයි විසිට් විසා එකටයි යන ගාන විතරයි කියලා... 

   විසිට් විසා එක සුදානම් කරාට පස්සේ කුමාර එක සෙනසුරාදාවක
ලංකාවට ඇවිත් එයාගේ යාලුවෝ දෙන්නෙක් විසිට් එකකට ගෙනියන විදියට මේ දෙන්නව පහුවෙනිදාම මැලේසියාවට අරන් එනවා. ඊට පස්සේ හවුස්මෙඩ්ලව සොයමින් සිටි තම සගයන්ට එයාලව පවරන්නේ තමන්ගේ ගතමනාව සාක්කුවට දා ගන්න ගමන්. 
  
   මේ විදියට සත්‍ය වශයෙන්ම මේ කුමාර හැටන් අල කෙල්ලෝ කිදෙනේක්ව මෙහෙට ගෙනාවද කියලා අපි  දන්නේ නෑ. එත් කතාන්දරේ අපිට දැනගන්න මුල් වෙන්නේ කුමාර හැටන්වල හිටපු කුමාරිව මැලේසියාවට ගෙනාපු නිසයි. 

  කුමාරි විසි හැවිරිදි, ඇත්තෙන්ම රුවැති යුවතියක්. ඇයව ලංකාවෙන් මෙහෙට ගෙනියන්න කුමාර ආපු වෙලාවේම ඇත්තෙන්ම කුමාර ඇයගේ චාම් ගැමි රුවට වශී උනා. තොරතෝංචියක් නැතිව තම අනාගත බලාපොරොත්තු ගොන්න තම ගමේ උපන් කුමාරට කුමාරි පැවසුවේ පැය තුනාහාමාරක ගුවන් ගමනේදියි. 

  වෙනදාට ගෙන ආ දින ඒ වෙලාවේම වැඩකරන්න තියෙන තැනට මේ ගේන ගැහැණු ළමයින්ව බාර දුන්නත්, කුමාරිව කුමාර තම සුවිසල් නිවසට රැගෙන ගියේ ඇත්තෙන්ම ඇය රුමතියක් නිසා සිතේ හටගත් මොකද්දෝ මෙව්වා එක නිසායි.  

  කුමාරගේ නිවසේ පොඩි කාමර දෙක ඒ වෙනකොටත් තම ඔපිසියේම වැඩකොරන අප අල්ලපු රටේ දෙන්නෙක්ට කුලියට දීලයි තිබුනේ. ගෙදරට ගෙනාපු කුමාරිව දැක්කම උන් දෙන්න කුමාරගෙන් ඇහැව්වේ උබ ලංකාවට ගිහින් දවසින් කසාද බැඳලා අවාද කියලයි.... එත් කුමාර කිව්වේ මේ ගමේ නංගි කෙනෙක්. මෙහෙ හවුස්මෙඩ් ජෝබකට ඇවිත් තියෙන්නේ කියලා. ඒ කතාවත් සමගම මේ දෙන්නාටත් මේ යුවතිය ගැන පොඩි මෙව්වා එකක් ඇතිවුනේ ඇගේ රුප සම්පත්තිය නිසාමයි.

  දින දෙකකින් පමණ ඒ නිවසේ මෙහෙකාරයින් සඳහා ඇති කාමරයේ ලැගුම්ගත් ඇය මෙතෙක් කල් පිරිමින් පමණක් විසු එම නිවස ජිවය පිරි වාසස්ථානයක් බවට පත් කරා. ඇගේ එම කඩිසරකාරි වැඩ කෙරුවාවටත් ප්‍රනීත කෑම පිසිමටත් මේ පිරිමින් තිදෙනාම වශි උනා. 

   ඔය අතරේදී තුන්වන දිනයේ ඇතිවූ හදිසි අසනීප තත්වයක් නිසා එක ඉන්දියානුවක් වැඩට නොගිහින් ගෙදර නැවතුනා...............

මතු සම්බන්දයි...........

ලබන සතියේ ..............
** කුමාර වැඩට ගොස් පැමිණෙන විට කුමාරි හෝගාල අඬමින් නිවසේ ගේට්ටුව ළඟ.................
***** තදබල අසනීපෙන් සිටි ඉන්දියානුවාට මොකද උනේ ?????


72 comments:

  1. ඒ කියන්නෙ කුමාරට පෙර ඉන්දියන් එකා වලදල ද........
    අල හොද්දෙ රසේට අරකට ලෙඩ සුව වෙන්න ඇති..........
    ඌ ට තිබිල තියෙන්නෙ ටැංකියෙ ලෙඩක්.........
    මාත් අහල දැකල තියෙනව ඔය නගාල/අක්කිල දැන් අපාට් වල තනි කාමරය අරගෙන own බිසිනොස් එක කරගෙන යනව රිංගිට් 60 ක මිලට..........
    49 ඇන්ටි කෙනෙක් දෙන්නෙම කළු උන්ට ....සනිපෙයි....සල්ලියි ....එකට ලැබෙන ඉංද වෙන්ටෑ ...

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න ඕව දන ගන්නනම් ඊළඟ කොටස එනකම් ඉන්නවෙයි ......
      "49 ඇන්ටි කෙනෙක් දෙන්නෙම කළු උන්ට ....සනිපෙයි....සල්ලියි ....එකට ලැබෙන ඉංද වෙන්ටෑ ..." මේ කොයි පැත්තේද බොලේ ???? තව ටිකක් විස්තර කරානම්

      Delete
    2. හෙක්...හෙක්... දෙන්නම් බොල ....
      උඹ කියන දේවල් සහතික කරන්න එකෙක් ඉන්න එපැයි ....
      මම විස්තර දෙන්නම් උඹම ලියපං ......
      පෙටලින් ජයා......සුබන් ජයා......අපේ ස්ත්‍රී කස්ටිය ඔසේට......

      Delete
    3. සමහර වෙලාවට බයි වන් ටයිම් ෆ්‍රී ටු ටයිම් ලු..................හි...හි....

      Delete
    4. කෙන්ඡි අයියන්ඩි ඔයත් එකක් ලියන්නකෝ නිකන් ඇස් දෙක නිල් වෙලා යන්න

      Delete
  2. මටත් මැලේසියා එන්න හිතෙනවා

    ReplyDelete
    Replies
    1. අතින් කාගෙන මෙහෙ එන්න ඕනද මචං චාටර් එකීලට කෙලින්න......
      නිලි බට්ටියො ඔහේ ඉන්නෙ ..... බාල වයස් ඉටිකිරිස් කෑලි ......

      Delete
    2. කුමාරියෙකුත් අරන්ද මාතේ

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. අතින් කාගෙන ආවත් පාඩු වෙන්නේ නැති ඒවාත් නැතුවම නෙවි....... කේන්ජා බය වෙලාද කොහෙද මාතේ ආවොත් කියලා .... හි...හි....හි.....

      Delete
    5. බොක්ක ආවොත් මම එක්කන් යන්නෙ පෙනැන්ග් අයිලන්ඩ්.......ඩෝ ....
      කුනු KL වල .....වැල සැප දෙන්නෙ නැහැ ඌ ට...... හෙක්...හෙක්....

      Delete
  3. එහෙනං අරූ අනිවාර්යෙන් හොද්ද බොර කරන් මාළු බාන්නඇති..
    ලොවෙත් නෑ ඒකනෙ වෙන්නෙ

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්න මේක අටමාගේ නවකතාව කියලා හිතුවද උබ ??

      Delete
  4. පත්තරෙත් ගිය කතාවක් වගේ

    ReplyDelete
    Replies
    1. පත්තරේ ගියා බවක් පත්තර කොල්ලා පහල කියලා නෑනේ

      Delete
  5. දැන් ඉතිං මල ඡම්පින් වෙන්නේ කුමාරත් එක්ක නෙමෙයි උඔත් එක්ක ඇයි යකෝ මතු සම්භන්දයි දැම්මේ? ඉක්මනට ලියපිය ඉතුරැ ටික..

    ReplyDelete
    Replies
    1. ඉවසනා දනා රුපු යුදයට නැති කඩුව කොස් කොටන්නද කිව්වලු

      Delete
    2. මෙය කිව් බොගේ කට
      තැලුවත් මදිය

      Delete
    3. ඒ මොකෑ බන් ඇනෝ

      Delete
    4. ඉවසිමෙන් සැනසිම ලැබෙිනම්
      ප්‍රමාදය පසු තැවිල්ලට හේතුවේ කියපු එකා කවුද?

      Delete
    5. එක මේ වේලාසනින් ඇවිත් චා වෙච්ච පොරක් කියපු කතාවක් .... බ ඕවා ගණන් ගන්න එපා

      Delete
  6. මොකද්ද බං මේ කලේ?? කොටස් දෙකකට කැඩීම පිළිබඳව බළවත් මෙවුවා එක!!

    මොනා වෙන්නද? අරූගෙ ලෙඩේට බෙහෙත් ගන්න ඇති, මම හිතුවෙ කුමාරයා ලෙඩ වෙයි කියලා. බලන් ගියාම ඉන්දියානුවා ඉස්සර උනා!! :D අපායට ගියත් වේලාසන යන්න කියන්නෙ නිකන්ද? :D :D

    ReplyDelete
    Replies
    1. ඔයාගේ මෙව්වා එකට මාගේත් මේවා එක...!!!

      අහිංසකයින්ට කතා හදන්නේ නැතුව ඉඳපන්

      Delete
  7. සමහර පුද්ගලයන්ගේ 'සල්ලි වලට නොකරන වැඩ' ලැයිස්තුව හරිම කොටයි.

    ReplyDelete
    Replies
    1. කොටයි කියන්නේ සර් ගොඩක් එවුන්ට එහෙම ලැයිස්තුවක් ඇත්තෙම නෑ .... ඕ .. යේස්

      Delete
  8. පිපුණු මලේ රුව එ මල දනී දෝ
    මලකි දුවේ උඹ හැඩ රුව බලන්නෙපා
    නැති බැරි කම මුතු මාල හතක් වී
    කඩුල්ල පැන එයි නුඹ අත කරළන දා

    කටු මැටි බිත්තිය හැඩකර අඳිනා
    රෑ හෙවනැල්ලෙන් හිස පීරන්නේ
    නොතළන් හිත මා ආදර දියණියනේ
    පාළු කණට නුඹෙ අත නොගැටෙන්නයි
    වීදුරු කැඩපත බිම දැම්මේ

    ළිඳේ අඩිය හිරු නොබලන පින්නේ
    එබී ළිඳට නුඹ ඇයි හිනැහෙන්නේ
    නොතළන් හිත මා ආදර දියණියනේ…

    ගායනය - නන්දා මාළනී
    පද - ඩන්ස්ටන් සිල්වා
    තණුව - ලූෂන් බුළත්සිංහල

    ReplyDelete
    Replies
    1. මම ගොඩක් ප්‍රිය කරන ගීතයක්....

      Delete
    2. පත්තරේට පිළිතුරු ගිය

      කනකර පලන්දු මාල අරුංගල් හන්දියේ කඩයට උකස් කළා.........
      දහස් වරක් සේදු සුදු ගව්මේ හැඩ රැලි දැන් හොඳටම මැකිලා.....
      ඒත් අනේ නැහැ නංගියෙ ඔබගේ වතමල මැලවිලා . . . . .
      නොහඬන් කඳුලු සලා නොහඬන් කඳුලු සලා . . . . 

      පුංචි සිතින් නිති දකින සිහින වැල් හැමදාමත් ඇත සිහින වෙලා . . . . .
      සෙල්ලම වෙත නිති පෙමින් ඇදෙන හිත මග වලකයි නුඹෙ අහිමි දෙපා . . . . .
      ඒත් අනේ නැහැ නංගියෙ ඔබගේ සෙනෙහස තනිවීලා . . . . .
      නොහඬන් කඳුලු සලා නොහඬන් කඳුලු සලා . . . . 

      ගැරහුම් ඔච්චම් මිස අද ඔබවට නැත ගරු පුජා මල්මාලා ........
      පිනැති ආත්මය අපට නොලැබී පව ඔහේ ගෙවා ගමු වෙලා .......
      ඒත් අනේ නැහැ නංගියෙ ඔබනම් කිසිදින පැරදීලා . . . . .
      දිරිගන් කඳුලු මකා දිරිගන් කඳුලු මකා . . . . 

      ගායනය ශාලිත අබේවික්‍රම

      Delete
    3. ඔව් දිලිනි මමත් සින්දු දෙකටම ආසයි

      Delete
    4. ස්තුතියි …මමත් කැමතිම සින්දුවක් දිලිනි.

      ලෙන්චිනා මගෙ නංගියේ ඇයි
      ගංතෙරට වී ගොම්මනේ
      පෙත්තරේ ලඟ පැන් තොටේ
      ගම්මානයේ පව් සෝදනා
      රත්තරන් වී කළු වලාකුළු
      චන්ද්‍රයා සේ පායලා
      ලෙන්චිනා ඇති වැඩ කලා දැන්
      ගෙදර යං කළුවර වුණා…

      පින්වතුන් කැල ඇන්ද සළුපිලි
      සේදුවා නුඹ සේදුවා
      තාම නෑ කිලිකුණු ගිහින් ඒ
      කිම්ද නොදැනේ කාරණා
      සේදිලා පරිශුද්ධ වීමෙන්
      යුග දෑත් නුඹෙ බබලනා

      පද රචනය: රත්න ශ්‍රී විජේසිංහ
      සංගීතය: රෝහණ වීරසිංහ

      Delete
    5. ඈබ්න පත්තරයෝ උඹ ඉන්න රටක ඉඳන් සූස්තියක් ගහලද මේක ලිව්වවේ. ලූෂන් බුලත්සිංහල ගීත් ලයුව මිසත් තනු හැදුවේ නැහැ බොල

      Delete
    6. මම එහෙමනම් කුමාරිට කියනවා

      මගෙ අමල් බිසෝ දොර හරින්නෙපා
      හොඳ පරිස්සමින් ඉඳපන්
      මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ
      නුඹ මූදුකරේ තනියෙන්

      යස ඉසුරු අරන් සුදු මහත්වරුන්
      ඒරොප්පෙ ඉඳන් ඇවිදින්
      මුදු බැලුම් හෙලයි, ලං වෙන්න බලයි
      නුඹ නොදැක්ක සේ ඉඳපන්

      මගෙ අමල් බිසෝ…

      ඇඳි නේක ඇඳුම් සුදු නෝනවරුන්
      ගෙට එබී බලයි හොරැහින්
      මගෙ පුංචි එවුන් ටික ලඟට කරන්
      නුඹ හෝදිසියෙන් ඉඳපන්

      මගෙ අමල් බිසෝ… //

      සංගීතය: රෝහණ වීරසිංහ
      පද රචනය: බණ්ඩාර ඇහැලියගොඩ

      Delete
    7. එල ද බ්‍රා.
      බ්‍රැන්ඩ් එක ගල්
      -ස්තුතියි-

      Delete
  9. තුන බාගෙටද බං දැම්මේ..සික් විතරක්...

    ReplyDelete
    Replies
    1. ඔක්කොම දාන්න විදියක් නෑ අයියා ................ දිග වැඩියි ලු

      Delete
    2. දෙක දෙපැත්තෙන් තියලා ඉතුරැ එක දැම්මලු
      රාලේ මතු සම්භන්දයි දැම්මට තෝට හොද වැඩේ

      Delete
  10. ඊලඟ කොටස කෙන්ජිට දෙමුද ... හැක් හැක්..

    ඕකනේ කියන්නේ අපායට ගියත් කලින් යන්න ඕන කියලා...

    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. හපොයි ක්න්ජිට දුන්නොත් තද නිල පාටට තියෙයි ..... කොමෙන්ටුවත් ලා නිල් පාට ......

      හරි හරි අපිට ජය

      Delete
  11. කෝ...බං අපේ සරත් ලොක්ක.....මතක් කළා කියපං ....

    ReplyDelete
    Replies
    1. ආරංචියේ හැටියට සරත් අයියා පිට රට

      Delete
  12. කෝ සෙද්ද ඉතුරු ටික සිස් ,ඉක්මනින් තුනෙ ඉතුරු ටිකත් ලියන්ඩ :P

    ReplyDelete
    Replies
    1. හරි හරි දෙනවා දෙනවා....

      Delete
  13. ඉන්ඩියන් එකා වැඩෙ කොරල වගේ

    ReplyDelete
    Replies
    1. කොම්පිතර ජිල්මාට් කාරයොනේ

      Delete
  14. කුතුහලේ ඇවිස්සිලා උපරිමේට...

    ReplyDelete
  15. කෙල්ල අඬන්න ඇත්තේ කොල්ලා කෑම රහ නැහැ කියපු නිසා. කොල්ලා අසනීප වුණේ කෙල්ලගෙන් කාපු කෑම අජීර්ණ වුන නිසා.

    ReplyDelete
    Replies
    1. මෙන්න මේ වගේ දෙයක් තමයි වෙන්න ඇත්තේ.. මේ වල් කොල්ලෝ එක එක ඒවා හිතුවට.. :)

      Delete
    2. කෙල්ල අඩන්නේ ගෙදර මතක්වෙලා, හෝම් සික් නිසා.

      Delete
    3. අම්මෝ යුධ ටැංකි මාමා හිතලා තියෙන දුර ..... කොහොම උනත් රසේ අබාදයක් නිසා තමයි ඔය අඩන්නේ

      Delete
    4. හෑ පැතුමෝ කොල්ලෝ වල් කතාත් මෙතැන කියලා තිබුනද....... කෝ බලන්න

      Delete
    5. ඔව් කාකා ගෙදර මතක්වෙලා තමයි අඩන්නේ එත් හෝම් සික් එකටමද කියල ලබන සතියේ තමයි බලන්න වෙන්නේ

      Delete
  16. හුටා.. බාගෙට දාලා.. කොටියම කන්න එපැයි මේකව..

    ReplyDelete
    Replies
    1. මාව කොටියා කෑවම ඉතිරි කොටස ලියන්නේ කව්ද බන්

      Delete
  17. මෙගා වගේ හැමදාම රෑ 7.30ට ඉතිරි කොටස දාන්න පුරුදු වෙයන්.. සතිපතා දාන්න ගියොත් රේටින් බහින්න ඉඩ තියෙනවා.. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. ඩේලි බෙල්ට් එක තම අහු උනේ නෑ බන් වීක්ලි එක තමයි සෙට් වෙලා තියෙන්නේ :D

      Delete
  18. මේ ඉන්දියන් කාරයො වගේ බලු ජාතියක්,ෂික් අම්මපා,මට නං කුමාරය ගැන හරි දුකයි.කුමාර කියල මගෙත් යාලුවෙක් ඉන්නව හැබැයි ඌ හිටිය නං ඔහොම වෙන්නෙ නෑ ඌ ඉස්සර වෙනව ඉන්දියන් කාරය හිතන්නත් කලින්.

    ReplyDelete
    Replies
    1. යකඩෝ බලපල්ලකො දුක කෙල්ලට කරදරයක්වත් වෙලාද කියලා නෙවි කරදරේ කුමාර නැතුව ඉන්දියන් කාරයා කරපු එකට ..... අනේ අනිච්චන් කැන්ද කොලෙන් ඔතන ඒවා මාමේ

      Delete
  19. ඉන්දියන් කාරයත් එකකට වඩා කේන්තියි උඹත් එක්ක ..අම්මප .මේක දෙකට කැඩුවට ,

    ReplyDelete
    Replies
    1. අර දෙසකයාටත් මම කිව්වේ බන්....... එඅකපාරට දාන්න විදියක් නෑ එකයි දෙකයි වගේ නෙවි තුන දිග වැඩියි ..... තරහ ගන්න නැතුව ඉවසලා ඉඳපන් ඊළඟ සැරේ ඔක්කොම ටික එක පාරම දාන්නම් ....එතකොට ඔයාට කේන්ති යන්නේ නැතුව සනීපෙට තියේවි

      Delete
    2. මු කථාව කඩපු නිසා අපි බයේ ඉන්නේ ඉන්දියන් කාරයා කඩලද කියලා

      Delete
  20. අද තමයි ගොයියො මේ පැත්තට එන්න ඉස්පාසුවක් ලැබුනෙ...කථාව පත්තුවෙලා නැගලා යන වෙලාවෙමනෙ ලයිට් ගියේ...කැත සිද්ධිය.....බලාගාරෙ වතුර නැද්ද මන්දා...

    ReplyDelete
    Replies
    1. බලාගාරේ.............. අනේ මම කියන්නේ මොකටද

      Delete
  21. දැන් අනිත් කෑල්ල දාලා තිබුනොත් මම වාසනාවන්තයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔයා වසනා වන්තයි අනික් අයට තරම් කාලයක් ඔයාට බලන් ඉන්න වෙන්නේ නෑ දෙක බලන්න

      Delete
  22. මොකේ බං උඹට උනේ. කරදරයක් නෑ නේ?

    ReplyDelete
    Replies
    1. අනේ මොන කරදරයක්ද බන් මේ මැලේසියාවට ආවාට පස්සෙම වැඩක් කියලා කරන්නේ මේ ටිකේ තමයි ........... හුස්මක් කටක් ගන්න බැරි තරමට වැඩ....... එත් තව ටික දෝහයි ........ ඊටපස්සේ පටන් ගන්නවා අයෙත් අනික් එව්වන්ට කලින් වගේම මඩ ගහන්න...... බොක්කෙන්ම සැලුට් මචෝ සැප දුක හොයලා බලනවට

      Delete
  23. මට මිස් වෙලාද ? දාල නැද්ද? කුමාර ඉංදියා ගිහින්ද? කුමාරි අල කාලද? අපෝයි...

    ReplyDelete
  24. Very Nice, keep it up.

    ReplyDelete