මම S. L. මැලේ රාළ

මම ලංකාවේ පොරක් මැලේසියාවේ ජොබක් කරන.... මට මේක ලියන්න හිතුනේ අනික් බ්ලොග් කියවල ඒවා දැක්කම මෙහෙවෙන දේවල් අනික් කට්ටියටත් දැන කියාගන්න කියල තමයි .

අවූරුදු ගානක් තිස්සේ මෙහෙ ඉදන් අහපු දැකපු, සිද්ද උන හා දැනටත් සිද්දවෙමින් පවතින දේවල් තමයි මම ඔයාලට කියන්න යන්නේ ඕන්.....

Tuesday 10 June 2014

මැලේසියාවේ වෙසක් ......... පොසොන් එඩිෂන්

කේල් තොටළඟ තොරණේ විස්තරේ .

    ඉඳලා හිටලා වෙසක් එකකට තමයි මේ මැලේසියාවේ වෙසක් එකකට තොරණක් හැදෙන්නේ... පන්සල් වල වෙසක් සමරපු හැටි අපේ කාමරේ සිරා අයියා ලියලා තිබ්බ නිසා මම ඔන්න තොරණේ විස්තරේ කියන්නයි යන්නේ...... 
    2010 අව්රුද්දෙ බ්‍රික්ෆිල්ඩ් පන්සලේ තොරණට පස්සේ මේ අව්රුද්දෙ තානාපති කාර්යාලයේ ප්‍රථම වතාවට තොරණක් හදලා තිබ්බා වෙසක් එකට....  

  මේකේ වටිනා කම තියෙන්නේ බෞද්ද තානාපති වරුන් කිහිප දෙනෙක්ම පහුගිය වසර ගණනාවක් පුරා මෙහෙ හිටියත් මේ තොරණ හදන්න ඕන වෙලා තිබුනේ මේ අව්රුද්දෙ මුල මෙහෙ ආපු ඉබ්‍රාහිම් ආන්සර් කියන මුස්ලිම් ජාතික තානාපතිතුමාට වීමයි ..... ඇත්තෙන්ම මැලේරාළ තානාපති කාර්යාලයේ සේවය ගැන වැඩිමනත් මනාපයක් නැති එකා වෙච්චි කොට මේ තොරණ ගැන ලියන්න හිතුනේ ඒ කලින් තිබ්බ අකාර්යක්ෂම තාවය වෙනුවට නැවතත් වැඩක් කරන වැඩක් වෙන තැනක් බවට මේ නව තානාපති තුමාගේ මුලිකත්වයෙන් මේ ආයතනය පත්වීගෙන යන නිසයි.

  වෙසක් දිනට සතියකට පමණ කලින් පන්සලට පැමිණි මෙතුමා වෙසක් එකෙන් පසු තානාපති කාර්යාලයේ සර්වරාත්ත්‍රික පිරිත් පින්කමක් (එයත් ශ්‍රීලංකා තානාපති කාර්යාලයක මැලේසියන් ඉතිහාසයේ ප්‍රථම වතාවට) කරන්න ලොකු හාමුදුරුවන්ට ආරාධනා කර තිබෙනවා... 

 කවදත් මෙවැනි වැඩ වලට ලොකු හාමුදුරුවන්ටත් පෙර ඉස්සරවෙන අපේ කොටදෙනියේ සිරිධම්ම පොඩිහාමුදුරුවෝ මේ මුස්ලිම් ජාතික තානාපති තුමා එක්ක එකතුවෙලා පිරිත් පින්කමේ හා තොරණේ වැඩ ටික කෙරුව අපුරුව මම හිතන්නේ අර එක එක සේනා අටවාගෙන ඉන්න ලාංකිකයන්ට ඉතා වටිනා ආදර්ශයක් කියලයි රාළට හිතෙන්නේ.... වෙසක් එකට දින හයකට කලින් අදහසක් හැටියට ඉදිරියට ඇවිත් දින පහකදී ඉදිඋන තොරණ තමයි මේ 





     මීළඟට වෙසක් දිනට පසුව එලබුන සතියේ මුස්ලිම් තානාපති තුමාගේ සර්වරත්ත්‍රික පිරිත් පිංකම ..... එදා දැක්ක සිද්දියක් තමයි මේ සටහන ලියන්න මුලිකම හේතුව...  පිරිත පටන් ගන්න පැයකට කලින් රාල ගොයියත් එතන... එදා දවසේ තනාපතිකාර්යාලයේ පොඩි වීඩියෝවක් තමයි පහල තියෙන්නේ 


 පිරිත පටන් ගන්න හාමුදුරුවෝ ඔක්කොම මණ්ඩපේ ඇතුලේ ඉන්න වෙලාවේ පිරිත් සජ්ජායනාව අරම්ඹ කරන්න අරාධනාව කරමින් මේ මුස්ලිම් ජාතික තානාපති වරයා ලොකු හාමුදුරුවන්ට පසඟ පිහිටුවමින් වැන්දා... මගේ දෑහින්ම දැක්ක නිසා විශ්වස්ස කරනවා මිසක් මම ජිවිතයේ ප්‍රථම වතාවට මුසල්මානුවෙක් බෞද්ද හිමිනමකට මෙහෙම වඳිනවා දැක්කමයි....... (එකයි මම කිව්ව සිද්දිය)

     පහුවදා උදෑසන ඉතා අනර්ග හිල්දානයක් වටිනා පිරිකරත් සමග තිස් නමක් වූ හාමුදුරුවන්ට පුජාකරන්න මෙතුමා කටයුතු කිරීම ඇත්තෙන්ම පැසසිය යුතු කාරනාවක් 

එසේනම්  දින පහකින් නිමවූ තොරණේ විස්තරේ මෙතකින් නිමයි 

ලබන සතියේදී වසරක් සමරණ වන් මැලේසියා නමින් පටන් ගත්තු සුන්දර මැලේසියාවේ තවත් විස්තරයක් සමග හමු වෙමු...... 



39 comments:

  1. menna mara seen akak

    අපට වාර්තාවන හැටියට මෙහි හිමිකරුවා කොට්‌ටාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අභීත නම් අන්වර්ථ නාමයෙන් ඔහු පෙනී සිටී. අප මීමුරෙන් එන ගමනේදී එවන් එක්‌ කඳවුරුකරුවකු කැමරාවට ග්‍රහණය කරගන්නටද අපට හැකිවිය. ඕනෑනම් උඩදුම්බර ප්‍රාදේශීය ලේකම්වරයාට, උඩදුම්බර පොලිසියට, පරිසර පොලිසියට හෝ වෙනත් කුමන හෝ බලවතකුට ඔහුගෙන් ප්‍රශ්න කළ හැකිය.

    http://www.divaina.com/2014/06/10/feature02.html

    ReplyDelete
    Replies
    1. මේ මොකද්ද බන් උදේ පාන්දර ...... හරි හරි කමක් නෑ උබේ ඇඩ්රස් එක එවපන් ඇනෝ පිරිත්පැන් බෝතලයක් උබට එවන්න

      Delete
    2. Sorry machan ....

      Delete
    3. ගණන් ගන්න එපා බන්

      Delete
  2. එහෙනං ඒකයි තොරනෙ විස්තරේ. අන්සාර් මහතා කාර්යක්ෂම විදේෂ සේවාවේ නියැලෙන්නෙක් හැටියට ප්‍රසිද්ධයි. ඔහුගේ ක්‍රියාව නිසා අන්තවාදී මුසල්මානුවන් අවි අතට ගනීද දන්නේ නෑ රාළේ.

    ReplyDelete
    Replies
    1. ඔය සිද්දියේ පොටෝ එකක් තිබිලත් මම එක දැන්මේ නැත්තේ එකයි නලින් අයියේ..... හැබැයි මෙතුම මැදපෙරදිග රටකදිත් මෙවාගේම පිරිතක් කරා කියලා තමයි ආරංචිය

      Delete
  3. අම්මෝ ඇති රාළ නින්දක් ගහලා අහැරිලා..

    ReplyDelete
    Replies
    1. හි හි හි තලත් මාමා අපිට ඉලු කලනවා............

      Delete
  4. රාලයා හදන්නේ අර තානාපතිතුමාට අල්කයිඩා එකෙන් දඬුවම් අරන් දෙන්නද ? එතකොට උඹලා පිරිත් ඇහුවා එහෙනම් ඈ. ඉරිසියාවේ බෑ යකෝ . තොරණේ ලයිට් ටික උඹ ඉස්සුවා කියලා කතාවක් යන්නේ ඔය , අනේ මන්දා අපි නෙවෙයි ලෝකයා කියන ඒවා

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් කට්ටිය පිරිත් ඇහැව්වා ..... බණ තැලුවා ...... සුපුරුදු පරිදි ඔයවගේ පින් අතේ වැඩ සැහෙන්න උනා

      Delete
    2. ආ කියන්න අමතක උනානේ තොරණේ ලයිට් උස්සන්නේ කොමද බන් එක පොසොන් වෙනුවෙන් තාමත් පෙන්නනවා

      Delete
    3. අපරාදෙ කියන්න බෑ රාළෙ මොනවා නැතත් බණ නම් තලන්න ඇති.

      Delete
    4. උබට ඉරිසියයි නේද සිරෝ

      Delete
  5. ආදර්ශමත් වැඩක්

    ReplyDelete
  6. අහන්නත් සංතෝෂයි බං.

    ඔය වගේම නැතත් ඔය වගේ දර්ශණයක් අද මාත් දැක්කා බං.…… එක්කො ඕන් නෑ.

    ReplyDelete
    Replies
    1. ඕන් නෑ කියලා හරියන්නේ නෑ අනිත් එවුන්ටත් දෑන ගන්න එක්ක කියපන් .....

      Delete
  7. මොකෝ මැලේ? පහුගිය කාලේ මැලේසියාව අතහැරලා ගිහින් හිටියද?

    පින්කමක් ගැන කියන මේ විස්තරය අප සමග බෙදා හදාගත්තට ඔබට පින්.

    ReplyDelete
    Replies
    1. චීනෙක් එක්ක මෙතුමා මේ දවස් වල නයි මිරිස් වවනවා කදුකර ප්‍රදේශයක...ඒකයි කාරණේ.

      Delete
    2. රාජකාරිය නිසා පහුගිය දවස් වල ගොඩක් අවිවේකි වෙලා හිටියේ විචාරක මහත්තයෝ

      Delete
    3. පලදාවෙ මුල්ම ටික පාරේදී අල්ලාගෙන බිම දාගෙන හරි උබට කවන්න තමයි හිතන් ඉන්නේ සිරෝ.... ඒ නිසා පාරේ යද්දී මේ දවස්වල ටිකක් ප්‍රවේසමෙන් .....

      Delete
  8. බොට මොකද එක පාරටම ඇහැරුනේ.

    ReplyDelete
    Replies
    1. පිරිතේ බලේ මාමේ පිරිතේ බලේ !!!!

      Delete
  9. හොද වැඩක් ඒකනම් ,ෆොටෝ එකක් නොදැම්ම එක හොදයි එයාගේ.

    ReplyDelete
    Replies
    1. ඔව් නැත්නම් ලංකාවේ ඉවුන් ඕක මොන පැත්තට හරවයිද දන්නේ නෑ

      Delete
    2. අපොයි ඔව්.මම එකසැරයක් මුනුපොතෙ දැක්ක මොකෙක්ද බුරුවෙක් ලියල තියෙනව බෙග් මාස්ටර් බොදු බැති ගි කිවුවෙ බුද්ධාගම වනසන්නය කියල.

      Delete
    3. අපේ එවුන් කවදත් තමන්ට වාසි වෙන පාට කන්නාඩි දාගෙනනේ ඕන දෙයක් දිහා බලන්නේ දමියෝ

      Delete
  10. ඇත්ත වශයෙන්ම ඉතාම සතුටුයි. හොද ආගමික සහජීවනයක් පවතින මැලේසියාව වගේ රටක මේ අයුරින් කටයුතු සිදුවීම රටක් විදියට අපේ නාමය තවත් තහවුරු කරන්න ලැබුනු අවස්ථාවක් විදියටයි මම දකින්නෙ. තොරණ නම් අපූරුයි..පංකාදුයි. ඔය පැත්තට ආවෙ නැති නිසා මම නම් තොරණ දැක්කෙ නෑ. හැබෑද එදා තොරණ ලග ඉදන් විරිදු කිව්වෙ මැලේ රාළ කියලා කියන්නෙ. පළවෙනි දවසෙ තොරනෙ කටයුතු අතරතුර චීන ආච්චි කෙනෙකුට රාළ ඇඩ්‍රස් එකක් දුන්නා කියලත් පොඩි කථාවක් යනවා.

    ReplyDelete
    Replies
    1. යකඩෝ තොරණ බලන්න ආවෙත් නෑලු .... එත් ඔප දුප ටිකනම් ඔක්කොම හොයා ගන්නවා .... ආච්චිට ඇඩ්රස් එක දුන්නේ බන් මිනිබිරිව අපේ ගෙදර වැඩ වගයකට ගේදරට එවන්න කියන්න

      Delete
  11. හොඳ වැඩක් වගේ මොන ආගමේ කෙනෙක් උනත් කරල තියෙන්නෙ.
    අර තොරණ ටියුබ් ලයිට් ද?

    ReplyDelete
    Replies
    1. නියම පස්නේ ..... ඔය තොරණ LED ලයිට් එත් හිට හිට පත්තුවෙන්නේ ප්‍රෝග්‍රෑම් කරපු චිනාගේ අව්ලක් නිසාලු..... එක රි කරෙක්ට් කරන්න වෙලාවක් තිබිලා නෑ දවස් 5හේ වැඩේනේ

      Delete
  12. බොහොම හොඳ වැඩක් බන්. අපේ ඈයෝ මේවා දකින්න ඕන. මේ වගේම තානාපති සේවයේ හිටිය හොඳ මහත්මයෙක් තමයි ෆාරුක්. ඔහු කාලයක් ඕමානයේ සේවය කලා. අන්සාර් ඉබ්‍රහිම්, ෆාරුක් වගේ අය career diplomats ලා. ඔවුන් දේශපාලන පත්වීම් නෙමේ. අපේ තානාපති සේවය බල්ලාට ගියේ career diplomats ලා වෙනුවට non-career diplomats ලා පත් කිරීම හිතුමතේට කරපු නිසා.

    ReplyDelete
    Replies
    1. අයියෝ අරු ඔය මම මෙහෙ ඉන්න කාලෙටම තානාපති කෙනෙක් ආවාමයි .... මම එනකොට හිටියේ රෝසි සේනානායක ඊළඟට ශලය විශේෂඥය (මහරජාගේ) D D R රණසිංහ .... ඊළඟට තමයි නියම පොර රාජ්‍ය පරිපාලන සේවයෙන් පැන්ෂන් ගිහින් අවුරුදු 10කටත් පස්සේ අවරුදු හැත්තෑ ගානක පොරක් (මහරජාගේ මල්ලි ගේ හිතවතෙක් නම මතක නැත ) උදේ 9ට මිටිමට එන්න කිව්වම දවල් දොළහට විතර ඇවිත් අහනවලු කීයටද මිටීම කියලා... අවුරුදු හය හතක්ම ඔය කට්ටිය වළදපු තැනට තමයි දැන් ඕන මෙතුමා ඇවිත් තියෙන්නේ.......... බලමුකෝ ඉදිරියට...........

      Delete
  13. ඒකයි එහෙනම් තොරණෙ විස්තරේ. :)

    කොහොම උනත් වෙනත් රටකදි මේ වගේ දේවල් සංවිධානය කරන එක එතරම්ම පහසු නැතුව ඇති. ඉතිං ... ඔවුන්ගෙ කැපවීමට අපගෙ උපහාරය !

    බාප්පගෙ පුතයි, වඳ පුංචි අම්මගෙ දුවයි හැම බල්ලම විදේශ සේවෙට දාලා ඒක විනාශ කරල බං තියෙන්නෙ. වැඩක් නෑ අපේ රට ගැනනම් කතාකරල. කොයි අංශයෙන් බැලුවත් වැඩක් කරන්න පුළුවන්, කැපවීමක් තියෙන මිනිස්සු කීයෙන් කීදෙනාද අර මනුස්සය වටේ ඉන්න මහා පරිමාණ ගොන් රැළ අතරෙ ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. හෆොයි මචන් උබව දැක්ක කල් ........ ළඟ හිටියනම් උබේ කටේ මසුරන් ගෝනියක් දානවා ලියලා තියෙන කතාවට

      Delete
  14. එක අතකට ඔහේ හොදයි වගේ බලාගෙන යද්දී.. මේ වතාවේ අපේ පැත්තේ කිසි දෙයක සංවිදානයක් නෑ හරි හැටි.. අන්තිමයි..

    ReplyDelete
    Replies
    1. මෙහෙටත් මේ හොඳ කාලේ අවා විතරයි බන් ........... ඔහෙටත් ඉක්මනින් පැමිණේවා කියලා පතනවා ........... ඔහේ කොහෙද බන් ???

      Delete
  15. මැලේසියාව පැත්තට අද තමා ආවෙ..
    වැඩේ ආදර්ශමත්..තොරණත් ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ආදරයෙන් පිලිගන්නවා......... බොහොමත්ම ස්තුතියි

      Delete