මම S. L. මැලේ රාළ

මම ලංකාවේ පොරක් මැලේසියාවේ ජොබක් කරන.... මට මේක ලියන්න හිතුනේ අනික් බ්ලොග් කියවල ඒවා දැක්කම මෙහෙවෙන දේවල් අනික් කට්ටියටත් දැන කියාගන්න කියල තමයි .

අවූරුදු ගානක් තිස්සේ මෙහෙ ඉදන් අහපු දැකපු, සිද්ද උන හා දැනටත් සිද්දවෙමින් පවතින දේවල් තමයි මම ඔයාලට කියන්න යන්නේ ඕන්.....

Monday 24 March 2014

කැපුවත් අපි ශ්‍රී ලාංකිකයෝ.....

 
   රාළට ලියන්න දේවල් ගොඩක් තිබ්බත් ඒවා  එකම ආරක ඒවා නිසා පොඩ්ඩක් වෙනසකටත් එක්ක වෙනස් ආකාරයේ පොස්ටුවක් දෙකක් දාන්න හිතුනා.... (පහුගිය එක වගේ) මේකත් එහෙම එකක් තමයි 

   ඔන්න ඉතින් මාර්තු මාසෙත් අහවර වේගෙන එන්නේ.... ඊළඟට අප්‍රේල් ...... ලංකාවේ හිටියනම් සාමාන්‍යයෙන් වැඩ වැඩිම වගේම දෙන හා ලබාගන්න නිවාඩුත් වැඩිම මාසය.... කෙටියෙන් කියනවනම් අවුරුදු මාසය. අවුරුදු මාසයේදී ගමේ නගරයේ ඉන්න ගමට, රටට වැඩදායි, තරුණ, කඩවසම් එඩිතර නිර්භීත අපි වගේ තරුණයන්ගේ ප්‍රධාන රාජ කාරියක් වන්නේ පළාතේ හොඳම අවුරුදු උත්සවය සංවිධානය කරන එක... 

  ඒවගේ සයිබර් අවකාසේ ඉන්න කට්ටිය සංවිධානය කරන අවුරුදු උත්සවය ගැන මෙන්න මෙතන තියෙනවා.

  මම මේ කියන්න යන්නේ අර උඩ කියලා තියන ජාතියේ මැලේසියාවේ ඉන්න ලංකාවේ කොල්ලෝ ටික පවත්වන්න යන අවුරුදු උත්සවය ගැන... 



    මට මතක හැටියටනම් මේ හතරවෙනි වතාවට තමයි අවුරුදු උත්සවය පවත්වන්නේ අවසන් වතාවට අවුරුදු උත්සවය පැවැත්වුයේ 2012 වසරේ 2013 වසරේදී මෙහෙ පැවැත්වුයේ අවුරුදු උත්සවය වෙනුවට නන්දා මාලනිය පැමිණ කරනලද මනරම්  සංගීතයක්......

  මේ සියල්ල සංවිදානය කෙරෙනුයේ අර උඩ සදහන් සංවිධාන හයක් එකතු වෙලා තමයි. ඒ අතරින් කෙටියෙන් SLEAM නමින් හදුන්වන බ්‍රික්ෆිල්ඩ් බෞද්ධ මහා විහාරය හා අනුබද්ධව ඇති ශ්‍රී ලංකා එක්ස්පෙක්ට්‍රියට් ඇසෝසියේෂන් එක මෙහි ප්‍රධාන සංවිධායකයා ලෙස සිටිනවා. මෙහි සභාපති වන බන්දුල වර්ණපුර මහතා හා ලේකම් වන කාලිංග බුලත්සිංහල කියන මහත්වරුන් තමයි ඔය සංවිධාන හයකින් යුතු අවරුදු උත්සව සංවිධාන කමිටුවේත් සබාපති හා ලේකම් ධුර දරන්නෙත්.

ඒ ඇරෙන්න අනුශාසක හැටියට ඉන්නේ ගරු කොටවිල සිරිධම්ම කියන බ්‍රික්ෆිල්ඩ් බෞද්ධ මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ තමයි. 

  තවද සංවිධායක කමිටුවේ ඉන්න අනෙක් ප්‍රධානින් තමයි ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය වෙනුවෙන් මහා කොමසාරිස් ගරු ඉබ්‍රාහිම් අන්සාර් මැතිතුමාත්, නියෝජ්‍ය මහා කොමසාරිස් මේජර් ජනරාල් මානවඩු මැතිතුමාත් ඇතුළු මහකොමසාරිස් කාර්යාලයේ සියලු දෙනාත්ය. 

  බ්‍රික්ෆිල්ඩ් හා සෙන්තුල් බෞද්ධ මහා විහාරවල පුර්ණ අනුග්‍රහයත් ඒ වගේම ශ්‍රී ලාංකික සේවකයන්ගේ සුභසාදනය වෙනුවෙන් ක්‍රියාත්මක ශ්‍රී ලාංකා සේවක සුභසාදන සංගමයත්, ශ්‍රී ලාංකික දෙමළ මැලේසියන් පුරවැසියන්ගේ සංගමය වන FOMSO කියන කෙටි නමින් හදුන්වන සංවිධාන තමයි මේ අනෙක් කට්ටිය.  

දිනය අප්‍රේල් 20 වෙනිදා වන අතර පසුගිය වර වලදී වගේම සියලු අවුරුදු තරග හා වටිනා තෑගිත් ලබා දීමට සංවිධායක කමිටුව මෙවරත් සියල්ල සුදානම් කර ඇති බව තමයි රාළට ආරංචිය. ඒවාගේම එදිනටත් උදේ කෑම දවල් කෑම පැමිණෙන සියල්ලන්ටම නොමිලේ ලබාදීමට සංවිධායකයින් බලාපොරොත්තු වෙනවා. තව උදේ ඉදන් හවස් වෙනකම් සිංහල සින්දු කියන සිංහල කොල්ලෝ කට්ටියක බෑන්ඩ් එකකුත් මේ පාර විශේෂයෙන්ම එකතුවෙලා තියෙනවා කියලත් දැන ගන්න ලැබුනා.  

  තියෙන තැන හා පැවැත්වෙන තරග තමයි ඔය පහල තියෙන්නේ 

 කොහොම උනත් තමන්ගේ සමීපතම නෑදෑ හිතවතුන්ගෙන් මිදිලා මෙහෙ ඉන්න අපේ අයට අවූරුද්දකට සැරයක්වත් ලැබෙන මේ අවස්ථාව ඉතාමත් අගය කලයුතු දෙයක්. ඒ නිසා මැලේරාළ මේක අවස්තාවක් කර ගන්නවා ඒ සංවිධායක කමිටුවේ ඉන්න සියලු දෙනාට මේ කරන මහගු කර්තව්‍යයට හිසනමා අචාර කරන්න...

 මැලේසියාවේ සිට මාගේ බ්ලෝග කියවන ඔබ සියලු දෙනාට මෙම දිනයට සහබාගි වෙන්න කියලත් ඔබ දන්නා හදුනන හැමෝම දැනුවත් කරන්න කියලත් මතක් කරන්න කැමතියි.... පහුගිය අවුරුදුවල අත්දැකීම් තුලින් මැලේ රාළට තව එක දෙයක් පැහැදිලිව කියන්න පුළුවන් එදාට බය නැතුව වීසා නැති කට්ටියටත් ඕකට සහබාගි වෙන්න පුළුවන්... (කෙටියෙන් කියනවනම් පොලිසිය හිටියට ඔතනට එන අයගේ විසා එදාට චෙක් කරන්නේ නෑ ඕන් )

  ඒවාගෙන ඉතා අතිසාර්ථක අයුරින් නිමවූ 2012 අවුරුදු උත්සවයේ කෙටි මතකයක් පහත විඩියෝවෙන් නරබන්න පුළුවන්  




52 comments:

  1. අපිටත් වැඩ හෙල්ලන්න බැරිවෙන්නම. මේ සතිය ස්ටොක් නිසා තවත් ටිකක් වැඩියි.
    සයිබර් උත්සවේට නම් අනිවා යනවා.

    මැලේසියාවෙ අවුරුදු උත්සවෙත් උපරිමයෙන්ම සා‍ර්ථක වේවා කියලා පතනවා මැලේ. (y)

    ReplyDelete
    Replies
    1. සයිබර් උත්සවේ ගැනනම් මට පැහැදිලිවම ඉරිසියයි ...... සුබපතුමට බොහොමත් ස්තුතියි ..... මෙහි ගෞරවය යා යුත්තේ උළෙලේ සංවිධායකයිනටයි ..... බලමු ඔවුන්ටත් මේ ලිපෛඅ පෙන්වන්න පුළුවන් කොරමයක්

      Delete
  2. එන්න විදියක් නෑ බං බයේ බෑ ප්ලේන් වල ඔය පලාතෙවත් එන්න.. උත්සවය සාර්ථක වේවායැයි පතමි.. එදාම නේ බං අපේ අවුරුදු උත්සවයත්..

    ReplyDelete
    Replies
    1. මාත් යන්න හිටියේ. ඒත් කොහෙද, බොඩිය හොයාගන්නවත් බෑ නේ.

      Delete
    2. මැලේසියන් ඒවා වැටුනට ශ්‍රීලන්කන් එහෙම වෙන්නේ නෑ..... අපේ ඒවා හොරුවත් ගන්නැ....
      සුබ පැතුමට ටැංකුයි.....

      Delete
    3. බොඩිය හොයාගන්න බැරිඋනත් ලැබෙන පොරෝසිද්දිය ...... එකම මෑදෑ ඔය ප්ලේන් එකක එන්න මාතලන් ගොයියෝ

      Delete
    4. අල්ලපු ගෙදර වැලේ බලහං දේශක ගොයියො..

      Delete
    5. ලංකාවෙ එකක් ඉස්සොවොත් අනිවාර්යෙන්ම ඌ සියදිවි හානිකරගන්න කැමති එකෙක් තමයි.

      Delete
    6. දැන් එතකොට මාතලන්ගේද දෙසකගේද බෝදියට කෙල වෙලා තියෙන්නේ

      Delete
  3. මට එකවරටම මතක් වුණේ යුද්දේ මැද්දේ අපි යුද පෙරමුණේ අවුරුදු කාපු හැටි.

    මව් බිමෙන් ඈත්වී ඉන්නකොට මෙවැනි ජාතික උත්සව වල වැදගත්කම තදින් දැනෙනවා. මොහොතකට හෝ ඒ ජාතික හැඟීම පුබුදුවන මේ උත්සවය සාර්ථක වේවා! ඔබ හැම දෙනාට අලුත් අවුරුදු සතුට ලැබේවා! කියා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. අව්රුදු උත්සවේට 2011 අව්රුද්දෙ නායකත්වය සැපයුවේ මේජර් ජනරාල් උදය පෙරේරා මැතිතුමා ... 2012දී සම සබාපති මේජර් ජනරාල් ලලිත් දවුලගල මැතිතුමා මේ අව්රුද්දෙත් නියෝජ්‍ය මහකොමසාරිස් මේජර් ජනරාල් මානවඩු මැතිතුමා ..... බලන් ගියාම අපේ විචාරක තුමාගේ කට්ටිය තමයි මෙහෙත් බැහැලා වැඩ කරන්නේ
      සුබපතුමට බොහොමත්ම ස්තුතියි

      Delete
  4. Replies
    1. ස්තුතියි ... බැහැයි කියලා බෑ ... එනහැටි තියෙනවා පරණ පොස්ට් වල කොහොම හරි එන්න බලන්න

      Delete
  5. අවුරුදු උත්සවේ නැගලා යන්න නම් අන්තීමට තඩි වලියකුත් යන්නම ඕන. නැත්නම් ඒක අපේ එකක් වෙන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. අයියෝ එවයින්නම් අඩුවක් නෑ .... එකනේ මම උඩම දාලා තියෙන්නේ කැපුවත් අපි ශ්‍රී ලාංකිකයෝ කියලා

      Delete
  6. අවුරුදු උත්සවේ සාර්ථකව කරගන්න ලැබෙන්න කියල සුභ පතනවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කෝරලේ මහත්තයෝ .... ඔය පැත්තේ එහෙම අව්රුදු උත්සව නැතෙයි??

      Delete
  7. හරිම ශෝක් .. සියළු කටයුතු සාර්ථක වෙන්න කියලා සුබ පතනවා ..

    ReplyDelete
  8. අවුරුදු උත්සවේ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්නට සුබ පතනවා.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි හැල පයියේ !!!

      Delete
  9. මාතා කිවුවගේ අවසානෙට තඩි වලියක් අනිවා ඕනෙ... මෙහෙත් එහෙම්ම තමයි... ඕනම සිරි ලාංකීය වැඩක් අවසානෙ තඩි වලියක් අනිවා... ඩෙෆා.... අන්න සිරි ලාංකීය අබිමානය.. කැපුවත් සිරි ලන්කා.... හෙහ්..හෙහ්...

    බක් මහ උලෙලට සුබ පැතුම්...

    මෙහෙත් ගමන් මගේ මගියල එකක් කොරනවනෙ.... අපිත් යනව අබිමානය විඳ ගන්න... ඔන්න ඌටත් සුබ පැතුම්...

    ReplyDelete
    Replies
    1. කැපුවත් සිරි ලංකා වගේම ගැලපෙනවා මචෝ කපාගේනනම් සිරිලංකා කියන එකත්
      සුබ පැතුමට බොහොමත්ම ස්තුතියි .......
      වැලි වලින්නම් අඩුවක් නෑ අපේ කට්ටිය එකතු උනාම ..... රාලත් ඉතින් කැමතිම අංශයක් තමයි ඕක

      Delete
  10. Replies
    1. එකනේ ඔන්න කඹ අදින්න ටීම් එකක් එවනවනම් අවස්ථාව

      Delete
  11. සාර්ථක වේවා වැඩසටහන.... අපේ එක තියන දිනේටමනේ තියෙන්නේ නැත්තං එන්නවත් තිබුණා ඔය පැත්තේ. බන්දුල ලොක්ක ඉතිං අපේ ඉස්කෝල් එකා වගේම හිතවතානේ මයේ....

    ReplyDelete
    Replies
    1. හානේ ඔයා බන්දුල ලොක්කගේ යාලුවෙක්ද .... එදාට මම අහන්නම්කො ....... ස්තුතියි සුබ පැතුමට

      Delete
  12. උඹලා වාසනාවන්තයි. අපිට නම් අවුරුදු වෙසක් පොසොන් නත්තල් මොනවත් නෑ. එකම ජාතිය. එකම ආගම.

    ReplyDelete
    Replies
    1. නිකන් ඉන්නෙපා කොම කොම හරි පුරුදු කරපන් අපේ ගති

      Delete
  13. අප්‍රියල් 20 සයිබර් අවුරුදු උලෙලත් තියන නිසා එන්නනම් විදිහක් නෑ රාලෙ, අනික පනට ආදරේ නිසා ඔය පැත්තෙ එන්නත් බයයි :D
    අවුරුදු උත්සවේ සර්වාප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා :)

    ReplyDelete
    Replies
    1. ඔය දවසම තොර ගත්තේ මම මේක දැන්මට පස්සේ බ්ලොග් කාරයෝ ඔක්කොම මෙහෙට එයි කියන බයටම තමයි....... එත් උබ එනවනම් ප්ලේන් එකේ නැතුව නැවේ වරෙන් මොකද නැති උනත් බය වෙන්න දෙයක් නෑ අනිවා දන්නවා මුහුදේ කියලා :)
      සුබ පැතුමට ස්තුතියි මලේ

      Delete
  14. සියලු කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙවා...

    ReplyDelete
  15. මම නම් ඉතින් ඉස්සෙල්ලා දවසෙ රෑටත් කන්න එක්ක එනවා...රාළ සුදෝ..අර බෑන්ඩ් එකත් එක්ක සින්දුවක් කියන්න සැට් කොරලා දෙනවා නේද....

    ReplyDelete
    Replies
    1. සින්දුනම් කීපයක්ම කියලා තෑග්ගකුත් දිනා ගත්තකි ගීත ගායනා තරගෙට ඉදිරිපත් උනානම් සිරෝ

      Delete
  16. සියලු කටයුතු සාර්ථක වේවා...!
    එන්න හිතන් ඉන්නෙ ....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කෙන්ජෝ .... හිත හිත ඉඳලා හරියන්නෑ කොම හරි එන්න ඕනා

      Delete
    2. කෙන්ජිත් එනවා නම් අපිටත් එන්න පුළුවන් නේ?

      Delete
  17. සියලු වැඩ සාර්ථක වේවා !!!!1

    සුභ අනාගතයක් ....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝ ...... අනාගතේ සුබද කියලා චන්දෙන් පස්සේම බලමු නේද

      Delete
  18. අනගාරික මැලේ රාල
    අනගාරික මැලේ රාල
    අනගාරික මැලේ රාල
    කනාමුට්ටි බිඳින පොල්ල
    හංගාගෙන සරම පල්ල
    අහු වීලා වෙලා මෙල්ල

    ReplyDelete
    Replies
    1. හි හි හි ...... මට මේකට හිනාවෙලා කේන්ති යනවා යකෝ

      Delete
  19. ඔය අවුරුදු උත්සවේට සිංහල දෙමළ දෙගොල්ලොම එකතු වෙනවද... ඒකම මදැයි... ඔයගොල්ලන්ගෙ වැඩේ සාර්ථක වෙන්න කියලා පතනවා...

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් සංවිධානයට හා සහබාගිත්වය කියන දෙකටම සිංහල හා දෙමළ ඉන්නවා ..... අපි මෙහෙ හරි එකමුතුයි ....... නැතුව මෙහෙ සිංහල යට වඩා දෙමල ය වැඩියෙන් ඉන්නවා කියලා බයට නෙවි .....
      සුබ පැතුමට ස්තුතියි

      Delete
  20. හොඳයි. සියලු කටයුතු සාර්ථක වෙන්න කියල පතනව.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තුන්බසා සහෝ

      Delete
  21. අවුරුදු උත්සවය අති සාර්ථක වේවා..

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි උමේෂ්

      Delete
  22. රාළේ......වැඩේට සුබ පැතුම්!!

    මෙහේ පන්සලට එක බැගින් අවුරුදු උත්සව තියෙනවා. පන්සලුත් තියෙනවා ලංකාවට වැඩිය. සමහර ගම්වල දෙක බැගිනුත් තියෙනවා. අදින්න කඹ කෑල්ලක් හොයා ගන්න නැහැ. ඒක තමයි ටොප් ගේම් එක. ඒ ඔක්කොටම ගියාම හරි තෙහෙට්ටුයි. ඒ නිසා ඔහේ එන්න වෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම කියලා බෑ අරූ අයියේ කොම හරි එන්න ඕනා කඹයක් නැත්නම් කෙන්ජිගෙන් ඉල්ලලා ලනුවක් හරි දෙන්නම් අදින්නම ඕනනම් ......
      බොහොමත්ම ස්තුතියි සුබපැතුම් එක්කරාට

      Delete
  23. අවුරුද්දට නැන්දම්මල,මාමල,නෑනල නෑගම් එනවා .. ෂොපින් ටුවර් අස්සේ වෙලාවක් ලැබුනොත් ඇවිල්ල යන්න එන්නම්..

    ReplyDelete