මම S. L. මැලේ රාළ

මම ලංකාවේ පොරක් මැලේසියාවේ ජොබක් කරන.... මට මේක ලියන්න හිතුනේ අනික් බ්ලොග් කියවල ඒවා දැක්කම මෙහෙවෙන දේවල් අනික් කට්ටියටත් දැන කියාගන්න කියල තමයි .

අවූරුදු ගානක් තිස්සේ මෙහෙ ඉදන් අහපු දැකපු, සිද්ද උන හා දැනටත් සිද්දවෙමින් පවතින දේවල් තමයි මම ඔයාලට කියන්න යන්නේ ඕන්.....

Thursday 2 January 2014

අපිත් යමුද මැලේසියා ට්‍රිප් එකක්!!! part 2

ධම්මං සරණේ සිත පහදාගෙන 


ඔන්න පළවෙනි කොටසින්  කිව්වනේ මැලේසියා එන හැටි .... දැන් එදා මැලේසියාවට ආපු අයට අද කියලා දෙන්නේ මැලේසියාව බලන හැටි..
පලවෙනි දවසේ රෑ හොඳට නිදා ගත්තා නම් ඔන්න දෙවන දවසේ අඩුම තරමේ උදේ 8 වෙනකොටවත් එලියට බැහැලා අවට කඩයකින් උදේ කෑමත් කාලා ගමන පටන් ගමු 

පළමු දවසේ ගමන් විස්තරය 

මුලින්ම යන්න KL සෙන්ටර් එකට... එකේ තියෙනවා ගෙන්ටින්
හයිලෑන්ඩ් වලට යන බස් එක වෙන්කරන තැන එතනින් ඔබ ඊලග දිනයේ (හෝ ඊට පසු දින) උදේ අවම වශයෙන් 9.30 පෙර ඇති බස් රථයට ආසන වෙන්කරවා ගන්න කාලසටහන මෙහි ඇති අතර ඔබ වෙන්කරවා ගත යුත්තේ යාමට සහ ඒමට බස් හා ස්කයිවේ ටිකට් පත (bus transfer return+sky-way return) පමණි . මිල රිංගිට් 21කි සමහර අවස්ථාවල පැකේජයක් ලෙස මෙම ටිකට් පත සමග outdoor theme-park  ටිකට් පතද ලාබාගත හැක. (මතක තබා ගන්න indoor theme-park ටිකට් පත නොව) 

  මෙම outdoor theme-park  ටිකට් පත පමණක් වන්නේ රිංගිට් 50ක් පමණි. එය ඔබට ගෙන්ටින් ගිය පසු එහි ඇතුලත් වීමේ දොරටුවෙන්ද මිලදීගත හැක. එම ටිකට් පත පසුදින සදහාය. අද දින ගමන වෙන දිහාවල් වලය පළමුව යමු බතු කේව් (Batu cave) 

  බතුකේව් යාම සදහා KL සෙන්ටර් එකෙන්ම KTM දුම්රිය සේවය ඔබ ලබාගත යුතුය
ඉන්පසු අදාළ වේදිකාවෙන් බතුකේව් දුම්රියට ගොඩ උනායින් පසු ඔබ කෙලින්ම එම මගේ අවසාන දුම්රිය පල වන බතු කේව් දුම්රිය පලෙන් එලියට ආපසු මේ අනර්ඝ  ගුහා සංකීර්ණය හා හින්දු දේවාලය ඔබට දැකගත හැක දුම්රිය ටිකට් පත රිංගිට් 1.60කි (one-way) 


බතුකේව් වැනුම 

 මුලින්ම ගුගල් දෙයියාගෙන් ගත්ත පොටෝ ටික බලලා ඉමු  

ඇතුළුවන විටම පෙනෙන උස අඩි 140කින් යුතු මුරුගන් පිළිමය සහිත දෙවොල් බිම 
ගල් පඩි 272කින් යුතු  කන්ද නැග ඇතුලට ගියපසු 




















පහල හනුමාන් දේවොල (රාමායන ගුහාව) අසල ඇති අඩි පනහක් පමණ උස හනුමාන් පිළිමය



 මෙම බතුකේව් ගුහා සංකීර්ණය නිල වශයෙන් ලොවට හදුන්වා දෙන්නේ 1877දී මෙම ප්‍රදේශවල සංචාරය කළ ඇමරිකානු උද්භිද විද්‍යාඥ විලියම් හෝර්නඩේ විසින්ය... ඉන්පසු කලෙක 1890දී පමණ මෙහි පැමිණි ඉන්දියානු වයාපාරිකයකුවන තම්බුසාම් පිල්ලේ නම් අයකු විසින් ගුහාවට ඇතුළුවන ද්වාරයෙහි ඇති හෙල්ලක තුඩක වැනි පෙනුම දැක තම අවිය ලෙස හෙල්ලය අතැතිව ඇති මුරුගන් දෙවියන් ගේ පිළිරුවක් මෙහි ගෙනවිත් තබා, දැනට ලොවපුරා අති මහත් හින්දු භක්තිකයන්ගේ ප්‍රධාන සිද්දස්ථානයක් බවට පත්කිරීමේ අඩිතාලම දමන ලදී. 

කලකට ඉහත කරන ලද පරීක්ෂණ වලින් පෙනීගියේ මේ හුණුගල් ගුහාව වසර මිලියන 400කටත් වඩා පැරණි බවය.

  දහවල් 12 පමණ වන විට මෙම බතුගුහාවන් නරබා  අවසන් කොට ඒ අසල ඇති වෙජිටේරියන් රෙස්ටුවරන්ට් එකකින් හොඳ තොසේ හා වඩේ වලින් දහවල් ආහාරයද ගෙන නැවතත් පැමිණි දුම්රිය පලෙන්ම (නැවතත් 1.60ක ටිකට් පතක් ගෙන) KL සෙන්ටර් වෙත පැමිණිය යුතුය 
හවස් වරුව සඳහා ඔබ නැවතත් KL සෙන්ටර් වලින් LRT දුම්රිය මගෙන් KLCC වෙත ගමන් කල යුතුය. ටිකට් පත රිංගිට් 3.00කි ඒ වර්තමාන මැලේසියාවේ දියුණුවේ මංපෙත් ලොවට විවරකල නිවුන් කුලුන හෙවත් පෙට්‍රොනාස්  ට්වින් ටවර්ස් නැරබිම සඳහාය....

  ට්වින් ටවර්ස් වැනුම 

වර්ෂ 1993 සිට පුරා අවරුදු හයක් එකදිගට වැඩ කර වර්ෂ 1999 නිල වශයෙන් ආරම්භ කරන ලද මෙම නිවුන් කුළුණු මීටර් 452ක් උසය. තට්ටු 88කි. කුළුණු දෙකේ 41 වැනි හා 42 වැනි මහල් දෙකම යා කෙරෙමින් ඇති තට්ටු 2කක අකාස පාලමකින්ද යුතුය. මෙහි ජයාරූප මම වෙනම එකතු කරන්නේ නැත. එත් තවම පින්තුරයක්වත්  දැක නැති අයට petronas twin towers in kuala lumpur malaysia කියලා ගුගල් සර්ච් කරානම් පොටෝ හා විස්තර ඕනා තරම්ය. 

මෙය ලගට ගොස් පලවෙනි මහල් 5ක් පුරා ඇති සුපිරි කඩසාප්පු පේලියේ ඔබට එදින හවස් වරුව ගතකල හැක. (නමුත් කෑම බිම හැරෙන්න අන් කිසිවක් මිලට නොගන්න මෙහි මිල ගණන් තරමක් අදිකය)මෙම කුලුන උඩම තට්ටුවට නැගීමට ප්‍රරවේෂ පත්‍ර ඇතත් මාගේ උපදෙස ඒ සදහා කාලය හා මුදල් වැය නොකරන ලෙසය. නමුත් කාට හරි මෙයත් නැරබිය යුතුමයැයි සිතනවානම් විස්තර මෙතැන ඇත. 

හවස අදුර වැටෙන තුරු මෙහි ගත කර විදුලි ආලෝකයෙන් පසු මෙහි අසිරියත් විඳගෙන ඊළගට ඔබ පැමිණිය යුත්තේ බුකිට් බින්තන් වෙතය.
KLCC සිට ටැක්සියකින් රිංගිට් 12ක් පමණ ගෙවා බුකිට් බින්තන් මොනොරෙල් දුම්රිය පල වෙත පැමිණෙන්න ඉන්පසු ඔබට පෙනෙන්නේ මැලේසියාවේ රෑ අසිරියයි ඔබගේ අවශ්‍යතාවය අනුව රෑයකදී ඔබට උවමනා යයි සිතෙන ඕනෑම දෙයක් මෙතනින් මිලට ගත හැක. මම කරන්නේ මග පෙන්වීමය... පරිබෝජනය ඔබට අවශ්‍ය පරිදිය. 

      රැ 12ට පෙර නැවත නවාතැනට පැමිණීම සදහා බුකිට් බින්තන් මොනොරෙල් දුම්රියපලින් මොනොරෙල් දුම්රියට ගොඩවී KL සෙන්ටර් වෙත පැමිණ (මිල රිංගිට් 1.80කි) තනිපිල්ලේ ගමන් කරන දුම්රිය අසිරියද ඔබට විඳගත හැකිය 

දැන් පළමු දිනය නිමාවී ඇත. අද දිනයේ වියදම ආසන්න වශයෙන් රිංගිට් 50කි. ගෙන්ටින් ඇතුලත් වීමේ ටිකට් පතද සමග නම් 100කි. ඒ අනුව ඉතිරිය රිංගිට් 282කි.  

දෙවන දවසේ ගමන් විස්තරය 

දෙවන දවස ගතකරන අයුරු ඔබ දැනටමත් දන්නවාය එනම් ගෙන්ටින් ගමනය 







   මේකනම් කියන්න දෙයක් නැත උදේම වෙන්කරවා ගත්  වෙලාවට බස්රථයට ගොඩ වැදුනානම් ඊළගට එම බස් රථය නවත්වන්නේ කේබල් කාර් රථ  නැවතුමේය. එතනින් කේබල් කාරයට ගොඩවූවානම් ඊලග නැවතුම ගෙන්ටින් පරාදිසයේය.... රිංගිට් පනහක ටිකට් පතින් outdoor theme-park හි සියළු අවස්ථා සදහා කිසිදු වෙනත් ගෙවීමක් නොමැතිව සහබාගි විය හැක. මෙහි උෂ්ණත්වය ලංකාවේ නුවර එළිය පැත්තට සමාන බැවින් සීතලට ඔරොත්තු නොදෙන අය ඒ අවශ්‍ය තාවයට අදාළ පරිදි ඇදුම් ගෙනයන්න අමතක නොකරන්න 

හරි එහෙනම් දෙවන දවස ගෙන්ටින් වලට වෙලා ඉන්න හෙට මොනවද කරන්නේ කියනකම්, ඊලග (අවසාන ) පොස්ට් එකෙන්.....  

අවසාන දවස සදහා තෝරා ගැනීමට අවස්ථා තැන කීපයක් ගැන විස්තර ගෙන ඒමට බලාපොරොත්තුවෙන් සිටිමි. කලින් ඇවිත් ඇති අය හා පාඨකයන් වශයෙන් ඔබලාට මැලේසියාවේ වෙන විශේෂ දෙවල්  බලා පොරොත්තු වන්නේනම් එම අවශ්‍යතා කොමෙන්ට් මගින් ඉදිරිපත් කරන්න.

   පිළිතුරු ඊළඟ පොස්ටුවෙන් 

ගියපාර පලි එක මතකයිනේ...... 
 මෙන්න මේක 
පලි: ඇත්තටම කාට හරි එන්න ඕනෑනම් ඔය නිල් පාටින් තියෙන කරුණු වෙනමමත්, රතු පාටින් තියෙන ටික වෙනමමත් copy & past කර ගත්තානම් නිල් පාටින් අවධානය යොමුකළයුතු කාරණාත් රතු පාටින් මුල්‍ය තත්වයත් ඒ ඒ අවස්ථාවන්ට අනුකුලව ප්‍රරයෝජනයට ගත හැක. 

එහෙනම් සැමටම සුබම සුබ විස්සයි දාහතරක් වේවා !!!!!!

127 comments:

  1. රාළේ මේ දිනවල ගෙන්ටින් හයිලන්ඩ් වසා ඇති කතාවක් ආරංචි වුණා ඇත්තද එය.

    ReplyDelete
    Replies
    1. නලින් මල්ලි,යුරෝපයේ වින්ටර් කාලයට වහන්නෙ නම් නැහැ හදිසි අවස්තාවක මිස.
      නොවැම්බර් සිට මාර්තු දක්වා යුරෝපියන් විශාල වශයන් එන රටක් මැලේසියාව.
      සෑම වර්ෂයකම අප්‍රියල් හෝ මැයි ගෙන්ටින් වල කේබල් කාර් පද්යතියේ නඩත්තු කටයුතු සදහා එය පමණක් නවතා දමන බවක් මා අසා තිබෙනවා.

      Delete
    2. ඔයා කිව්ව නිසාම අද මම හොයලා බැලුවා වහලා නෑ නලියෝ ... ඔය කෙන්ජා කියනවා වගේ අව්රුද්දටම දවස් දෙකයි නැත්නම් 3යි වහන්නේ එක එක රෙපයාර් වලට අනික් හැමදාම ඇරලා

      Delete
  2. සුබ අලුත් අවුරුද්දක් මැලේ රාල මල්ලී,

    නියම ටුවර් ගයිඩ් එකක්.

    එකම අවුල, ලන්කාවෙ වගේ ඔහෙත් එක එක විදිහට අ0ගවිකල දෙවිවරු වැහි වැහැලැ වගේ.

    පොඩිකාලේ මම දේවාලයකට ගිහිල්ලා එතන සෙනග වැඩි කමට සිහි නැතිවුනා. සිහි නැති වෙන වෙලාවේ පිට කොන්ද දිගේ ආපු වේදනාව නම් කියල වැඩක් නැහැ. කරුමෙ කියන්නෙ ඊට පස්සෙත් දේවාලයකට යනකොට මට ඔය වේදනාව දැනෙනවා.

    ඒක නිසා මම දේවාල වලට යාමයි, දේව වන්දනාවයි පොඩි කාලෙම අත් හැරියා.

    හනුමාන් දේවාලයට යන වෙලාව නම් මට ඉතුරුයි. ඒ වෙලාවෙ කරන්න විකල්පයක් දීපන්කො...!

    ReplyDelete
    Replies
    1. ඇල්බෝන් අයියටත් එසේම වේවා..... ඔය කිව්වත් වගේ වෙන විකල්ප ටිකකුත් දෙන්නම් ඊළඟ පොට්ටුවෙන් ..... එත් කෝවිල අමතක කරලා ගුගාව බලන්න යන්න ඔතනට .... මොකද නොකමට හිතන්න අවුරුදු මිලියන 400ක් පරණ තැනක් නේ

      Delete
  3. Replies
    1. හි හි තැන්කු කොමෙන්ට් ටිකට හි හි හි

      Delete
  4. මේ පොඩි උන්ට යන්ඩ හොඳ තැන්නෙ උඹ මහලොකුවට පෙන්නන්නෙ,වැඩිහිටියෝ යන තැන පෙන්නපන් බං

    ReplyDelete
    Replies
    1. මමත් ඕක කියා ගන්න බැරුව තමයි ලැජ්ජාවේ හිටියේ ..හැලප අයියේ..!

      Delete
    2. ඔය දහ අට වන්නම් නටන පිරිමි අයට පමණක් 'පාරිභෝජනනය' ට සුදුසු තැන් ලිපියෙන් කිව්වේ නැත්නම් හොයාගන්න බැරි තරමට 'බබාලා' ද...?

      Delete
    3. අයි බෝලව්නේ අර රැට ඕනා කරන හැම දෙයක්ම තියන තැන දවල්ට ගියත් ඒවා තියෙනවා ඔතන ඉතින් පොටෝ දාලාම පෙන්නන ඕනද .......

      Delete
    4. හරි ලේසියි. හොටලෙ කාමරේටම දිනපතා පත්තර එනවනෙ. එව්වගෙ ලුහුඬු දැන්වීම් බලහන්. තියෙනව මසාජ් කරන තැන්. ඒ අතරෙ තීනව ළමයි හොටලෙට ගෙනල්ල මසාජ් කරන ආයතන ගැනත්. ගන ඇමතුමක්, දෙන්න හොටලෙ නම සහ වෙලාව. අත්දුටුවයි සත්තයි!

      Delete
    5. ඔන්න ඉන්දිකගෙන් හොඳ ඔප්ෂන් එකක්

      Delete
  5. මැලේ රාළට මුලින්ම අවුරුදු සුබ පැතුම්...

    දෙවෙනි කොටසත් හරි අපූරුවට විස්තර කරලා තියෙනවා. ඊලඟ කොටසත් ඉක්මනින් දාමු එහෙනම්...

    ReplyDelete
    Replies
    1. මේ කෙල්ලට හැමදාම පුදුම හදිසියක් නේ :)
      උඹලව සතුටු කරන්න මේවා ලියන්නේ බඩ ගෝස්තරේ හොයා ගන්න සටනක් දෙන ගමන් බන්.

      Delete
    2. හරි පුළුවන් ඉක්මනට දෙන්නම් ..... ඇත්තටම වෙලාව ලොකු පස්ස්නයක් වෙලා තියෙන්නේ ඔය කෙන්ජා අයියා කියනවා වගේ

      Delete
  6. වටිනා තොරතුරු. හදිස්සියෙන් ඔහොම කොලේක ලියාගෙන ගමන යනවිට අතරමන් වුනොත්. අර කලින් කතාවේ ආනන්ද වගේ කෙනෙක් ඇවිත් වකුගඩු දෙකටත් විදීවිද?

    ReplyDelete
    Replies
    1. අනිවා ඒ නිසා තමන්ගේ පරිස්සම තම තමන් බලාගත යුතුයි....... විසේසයෙන්ම මෙහෙ ඉන්න ලංකාවේ එවුන්ගෙන් ප්‍රවේසම් විය යුතුයි

      Delete
  7. wOOw නියමයි අයියේ විස්තරේ ... අර කකුල් හතරේ ගෑණු සතාගේ රූපේ මං මේ දැක්කමයි ... ඔයා ගොඩක් මහන්සිවෙලා ලියලා තියෙනවා අයියේ ... ස්තුති මේවගේ සටහන් අපිවෙනුවෙන් තියනවට ... ජයහෝ ... සුබ ලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
    Replies
    1. මට නම් ඒ වගේ මනුස්පියොත් දැකල තියෙනවා :).

      Delete
    2. :( ඔව් ඉතින් ඔයා තාම අපායට විතරනේ ගිහින් නැත්තේ ඔය @#@$@$ කටත් අරන් :( :(

      Delete
    3. කවුරුත් බලන් ඉන්නෙ මම අපායට යයි කියල තමා :) හැක්...හැක්..
      අර අකුරු ටිකත් සිංහලෙන් දැම්ම නම් හොද,සුද්ධ සිංහලෙන් නොදා ...
      මට අපුඋර් එකට උත්තරයක් දෙන්න තිබ්බ :).....

      Delete
    4. @#@$@$ කටත් අරන් = වේස කටත් අරන්

      -අපුර්වී -

      Delete
    5. හි හි අපිනම් කියන්න තියෙන දෙයක් කෙලින් කියන්නේ ඇනෝ ගැහැණුද පිරිමිද දන්නේ නැහැ ,, අනේ මන්ද සයිබර් එකේ කෙලින් අකුරුදෙකක් ටයිප් කරන්න බැරි මිනිස්සු සැබෑ ලෝකේ මනුස්සයෙක් දිහා කෙලින් බලලා කතා කරනවද දන්නේ නැහැ .. කුණුහරප කීමෙන් අනිත් අය දකින්නේ කියන කෙනාගේ හෙළුව මිසක් කුනුහරපෙට ලක්වෙන කෙනාගේ නෙමේ.. @#@$@$ හි හි :)

      Delete
    6. දැන් කවුද මුලින්ම කුණු හරපේ කිව්වේ

      //@#@$@$ කටත් අරන්// කිව්වම ඕනේ ගොබ්බයෙක්ට තේරෙනවා ඔය කියන්නේ වේස කටත් අරගෙන කියලයි කියන එක . ඔයා වහෙන් ඔරෝ කිව්වා එක මම ඔහෙන් වරෝ කිව්වා විතරයි . කවුද දැන් කුණුහරප කිව්වේ මෙතන ඔයාද ? මමද ?

      Delete
    7. අපුර්වී ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා සිතුතියි අගය කිරීම ට
      ඒ වගේන හොද දේවල් අගය කරනවා වගේම (උදා:-මගේ පොස්ට් එක) ඕන නැති දේවල් (උදා :- ඇනොගේ රිප්ලයි කොමෙන්ටුව ) අතහැරලා දාන්න එතකොට අපේ වටිනා කාලය ඉතුරුත් වෙනවා ඔලුවටත් නිදහසයි :D

      Delete
    8. @ ඇනෝ කුණුහරුප මටනම් හිතලා කියවෙන්නේ නෑ එත් කියන්න ඕන වෙලාවට නිකම්ම කියවෙනවා .... එත් මම ඒවා කොතනකවත් ලියන්න යන්නේ නෑ ..... ඒවගේම කුණුහරුප ලියලා කියනවට වැඩිය හොදට රිදෙන්න ලියලා නම් තියෙනවා .... අයි බන් නොකියා කියලා තියෙන ඒවා නිවැරදි කරන්න යන්නේ ? එක උබට තේරුනා කියලා අනික් යට පෙන්නන්න ඕනා නැනේ මචෝ .... අනික් එවුන්ටත් ඒවා තේරෙනවා ....

      Delete
    9. ඇනේල ,ඔය සලකුණු කුණු හරුප සහ කේන්තියෙන් කියන වචන වලට භාවිතා කරනවා.
      ඔබලා හිතන කතා වචනයක් නෙමේ ඒ ළමය ලියල තියෙන්නේ.
      එතන තියෙන්නේ වාචාල කටත් කියන එක.
      උඹලටත් පොඩ්ඩ ඇති වනසන්න.
      ඇනොල ආවට තොපිත් අපිට නමින් කොමන්ට් කරන අපේම බොක්කවල් තමා ඉතින්.

      Delete
  8. ඓතිහාසික වටිනාකම් තියෙන තැන් නම් බලන්න යන්න මගේ තියෙන කැමැත්ත වැඩියි.. බලමුකෝ ඊළග ලිපිත්..

    ReplyDelete
    Replies
    1. හරි එහෙනම් බලලා ඉන්නකෝ .... හබැයි ටික කාලයක් ඉන්න වෙයි

      Delete
  9. අනේ බං දැං අර පළවෙනි කොටසේ ඔක්කෝම අමතකයි.. මේක දැක්කට පස්සේ.. ඔය පැත්තට පැනගන්න විදියක් කියහං හොරෙන් හරි කමක් නෑ.. හැක්.. නියම වස්තරේ. පොටෝ ටික නං ටොයිස්...

    ReplyDelete
    Replies
    1. ඕව බන් මටත් පලවෙනි කොටස අමතක වෙලා තිබුනේ නෙක ලියන්න ගන්න කොට .....වෙන ඕන දෙයක් කොරහන් මෙහෙට පනින්නේ නැතුව .... පොටෝ නම් ඉතින් ගුගල් දෙයියාගෙන්ම තමයි

      Delete
  10. මේ බොලොග් එක මැලේ රාලගේද එහෙම නැත්නම් අර නාකි කෙන්ජියාගේද . කෙන්ජියා හැම එකටම පැන පැන රිප්ලයි කරලා තියෙද්දී මම බැලුවා මම ආවේ කෙන්ජියාගේ කෝලමට වත්ද කියලා . මේකා බිලා වෙන්න ඇති මම දාවාලේ .

    ReplyDelete
    Replies
    1. හැක්.....හැක්..... ඇනේ මචන් උඹට අවුල් වගේ නම් කියහන් ඩිලීට් කරලා දාන්නම් බං.

      Delete
    2. ඩිලීට්.......? හා කෙන්ජයියේ පුලුවන්නම් ඩිලීට් කොරහන් බලන්න....ඔන්න අපි නරක මිනිස්සු කියන්න එපා අරී... අපිටත් මල පයිනවා අරී.... වරෙන් පත්තර මල්ලී .....ගහන්නේ නිකං නාගසාකි වලට ගැහුවා වගේ අරී........

      Delete
    3. @ ඇනෝ කෙන්ජාගේ සැඟවුන දක්ෂතාවයක් තමයි මැලේසියාව ගැන තියෙන දැනුම ඔය සරින් සැරේ එලියට එන්නේ ඒවා ..... එක උබට ටිකක් අප්පට් උනාට මට කොච්චර ලොකු ලේසියක්ද

      Delete
    4. කෙන්ජා උබ ඩිලීට් කරන්නේ එහෙම නෑ ..... දැක්කනේ ඉවාන්ට තදවෙලා තියෙන තරම

      Delete
    5. @ ඉවාන්...කවුද බන් උඹට අරින්න එන්නෙ...මේක ලියන මැලේ රාළයද ?

      Delete
    6. කෙන්ජියා නාකියා අවලමා වල් යකා

      Delete
  11. අඩේ මැලේ රාලේ... පට්ටෙට ලීයල තියෙනවා... යන්න හිතයි.. බට්... බෑනෙ....

    ReplyDelete
    Replies
    1. යකෝ හිතෙනවනම් යන්න බල බල ඉන්න එපා කෙල්ලගේ මාලේ උගස් තියලා හරි වරෙන් .... ඇවිත් හැබැයි යන්න

      Delete
  12. මුරුගන් පිළිමයේ ඉඳලා 5 වෙනි පින්තූරේ ඉන්නෙ කවුද?දෙවි කෙනෙක්ද?

    ස්තුතියි තොරතුරුවලට

    ReplyDelete
    Replies
    1. අනේ මත එකනම් හරියට දන්නේ නෑ අනේ ..... මොකද දේමල අයගේ හැටියට ඉන්දියාවේ ඉන්න හැමෝටම එක දෙවියා ගානේ බෙදලා දුන්නත් තව ඉතුරු වෙනවා දෙවියෝ .... එච්චරට ඉන්නවා

      Delete
  13. ලස්සණ යි ලස්සණ යි... විස්තරවලටත් වඩා පින්තූර ටික.

    ReplyDelete
    Replies
    1. තැන්කුයි .... පොටෝ ටිකනම් මම හැමදාම වදින ගුගල් දෙයියාගෙන් තමයි ඉල්ලා ගත්තේ

      Delete
  14. වටිනා විස්තර ටිකක්...

    ReplyDelete
  15. අර කේබල් කාර් ටික ලයිට් කණුව පයින හැටි බලන්ඩ ආස හිතෙනවා... ටික වෙලාවක් ඒ ගැන කල්පනා කලත්තෙක්ක. !
    නියමයි විස්තර ටික

    ReplyDelete
    Replies
    1. ඇත්තට ඊලග සැරේ යනකොට ඕක මම බලන්නම්කෝ ......

      Delete
  16. මම මේ උඹ ගිය සැරේ පොස්ටුව දාපුවෙලේ මැලේසියාවට ආපු ගමන්.... උඹ මේක දානකන් බලන් හිටියේ ඇවිදින්න යන්න. දැන් හරි අද ඇවිදින්න යන්නං. මැලේ උඹ කන්න හදන්නේ මගෙන් උඹ හොරෙන් ලංකාවට ඇවිත් ගියා නේද මම මැලේසියාවේ ඉන්න අතරේ....අහුවෙයන්කෝ.....

    ReplyDelete
    Replies
    1. ඉවාන් මල්ල මම දුන්න මැලේ මල්ලිගේ මේ +601123521864 නම්බර් එකට කතා කෙරුවෙ නැද්ද බොල.

      Delete
    2. එහෙනම් ඊළඟ එක දානකම් ගෙන්ටින් වලට වෙලා ඉදපන් :D ... KL වගේ නෙවි එහෙ හරි සීතලයි මෙයා ......

      Delete
    3. කෙන්ජා ඔය මගේ නොඑක මෙතන දාලා උදේ ඉදන් මට කෝල් ගොඩයි....
      මැකුවොත් හිරේ යයිද කියන බයට මම ඕක මකන්න ගියෙත් නෑ

      Delete
  17. වියදම් වෙන හැටිත් විස්තරයත් එක්කම දාන එකනම් වටිනවා :)

    ReplyDelete
    Replies
    1. තැන්කුයි..... හරියටම වියදම් කරන්න දෙන්නේ අන්තිම දවසේ .....

      Delete
  18. දාල දාලා මෙන්න බඩු දාලා :D :D :D (Y) බොහොම ටැංකිව් ඈ

    කළින් එකේ වදදුන් එකා

    ReplyDelete
    Replies
    1. එකනේ බන් මේ කොටසිනුත් ඉවර කර ගන්න බැරි උනා .... දැන් තව කොටසක් තියෙනවා ...... ඈයි උබ ඉතින් බලන් ඉන්නේ අයෙත් පටන් ගනින් වදෙ ගහන්න ඊළඟ එක දානකම් :D

      Delete
    2. හුටා පොස්ට් එක දැකීමේ ප්‍රීතියෙන් විශ් කරන්නත් අමතක උනා නෙව. ලැබුවාවු 2014 වසර මැළේ රාලගේ සියලු බලපොරොත්තු ඉ‍ටුවන ප්‍රීතිමත් වසරක් වේවායි වදදෙන ඇනෝ මහතා වන මං එකෙන්ම ප්‍රාර්ථනා කරමි.

      ප.ලි : ඊලඟ එක එක්මනට දාන්න හරිය මාව නරක මුණියා කරගන්නෙ නැතුව

      ප.ප.ලි : එකදාස් පන්සිය විසිපහේ අවුරුද්දේ වෙච්චි දේනම් ආයේ කරගන්න ලැස්ති වෙන්න එපා හොඳේ.මෙහෙම හිටියට මං හරි වසයි

      Delete
    3. මේ අවරුදු දවස්වල තර්ජන ගර්ජන ඔට්ටු නෑ ..හරි....

      Delete
    4. හරි ඉතින් අමුණලා කරලා දැන් ඉක්මනට 3 දානවනේ ?
      සල්ලි සල්ලි කියලා බලන්නේනැතුව හැදුවා ඕන් ප්‍රොපයිල් එකක්, හැමදාම කියවලා මාරුවෙන එකේ මේ අවුරුද්දේ ඉඳන් වත් කොමෙන්‍ටුවක් දාලා, තමංගේ වෙලාව කැපකරන් බ්ලොග් ලියන බුවාලා බුවීලා ධෙර්යමත් කොරනවා කියලා හිතුවා :D

      Delete
    5. අන්න ඒවා හොඳ වැඩ ..... එත කොට උබද අර උඩ ඇනෝ ඉන්නේ

      Delete
    6. @Niගම්බු කොලුවා......හොඳ චේතනාවක්.

      //// තමංගේ වෙලාව කැපකරන් බ්ලොග් ලියන බුවාලා බුවීලා ධෙර්යමත් කොරනවා කියලා හිතුවා :D/////

      Delete
    7. @මැලේ රාළ - එහෙමයි එහෙමයි, එයා තමයි මෙයා :D

      @arugeadaviya - මං හොඳ ළමයෙක් :) (Y)

      Delete
  19. මෙහ් ඒක නෙමෙයි, ඔය දේවල් වලට අමතරව වැඩිහිටි උදවියට වන්දනාමාන
    කරන්න පුලුවන් තැන් ගැනත් විස්තර දැම්මොත් මොකෝ ? අපේ උන්ගේ හක්කේ
    තිබෙන දතුත් ගැලවෙන එකෙන් බේරෙන්න පුලුවන් වෙයි නොවෑ

    ReplyDelete
    Replies
    1. මචන් එහෙම වදින්න කියලා හොඳ තැන් වලට තියෙන්නේ මුස්ලිම් යට තමයි බෞද්ධ ඇතුළු අනික් යට සිමිත් පන්සල් හා පල්ලි ටිකක් තියෙනවා .... කොහොමත් KL වල තියෙන පන්සලට ඊළඟ දවසේ ගෙනියනවා

      Delete
    2. හයීයූ මෙයාට ඒකවත් තේරෙන්නෙ නෑනේ, වැඩිහිටියන්ට වන්දනාමාන කරන්න කිව්වේ
      පල්ලි පන්සල් නෙමෙයි බන්ෂ්, අර 18+ එව්වා හික් හික් හික්
      ඉන්ගිරිසියෙන් කියනවා නම් කුට්ටම බේරගෙන එව්වා වන්දනාමාන කරන ආකාරය

      Delete
    3. අයියෝ විලිලැජ්ජාවේ සන්තෝසේ බැරුවා ...... තේරුනේ නෑ නේන්නම් .... බුකිට් බින්තැන් තමයි තැන ..... ගෙන්ටින් වලත් අඩුවක් නෑ

      Delete
    4. එල එල, එව්වා ගැනත් ඔයා දන්න විස්තර දාන්න කිව්වේ මචන්
      ඕවයේ කෙරෙන හොර සුත්තර වැඩ අපේ ඇයෝ දන්නේ නෑනේ. ඒවා වලින් බේරෙන්න සපොර්ට් එකක් වෙන්නයි පුලුවන් නම් විස්තර දමන්න කිව්වේ.

      Delete
    5. මෙහෙ මචන් ඒවගේ තැන්වල ගේම් දෙනවනම් බොහොම අඩුයි උන් කස්ටමස්ලාට හොදට සලකනවා ආයෙත් සැරයක් එන්න හිතෙන විදියට ..... එකම දේ නිකන් බැලු බැල්මට පිචන් පොත වලට නොගිහින් ටිකක් හොදට තියන තැනකට යන්න ඕනා මොකද තමන්ම පෞද්ගලිකව කනබොන දේවල් නිසා

      Delete
  20. Replies
    1. එදාට මැලේසියාවට හඳවල් දෙකයි ......... හි.. හි...හි...

      Delete
  21. මැලේ රාළ මේ විස්තර හරිම වටිනවා බං. මම එදත් කිව්වා වගේ අපි 2002 හරි 2003 හරි තමයි ඔහේ ආවේ. කිසිම දෙයක් බැළුවේ නෑ. හෝටලය අවට කඩ කිහිපයකට ෂොපින් ගියා එච්චරයි. හැබැයි අඹ, රඹුටං එහෙම පැලෙන්න කෑවා. ඒවායේ රස තාමත් දැනෙනවා වගේ.
    යන්න කලින් උඹගේ විස්තරය දැනගෙන හිටියානම් හොඳටම විනෝද වෙන්න තිබුනා.
    උඹට ජය!!

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් ආයෙත් එමු......... චන්දන මහත්තයෝ .....

      Delete
  22. නියමයිනේ. ඔය පින්තූර උඹටම ගන්න තිබ්බනේ මැලේ රාල. ඒක නෙවෙයි ඔය වගේ දැවැන්ත හනුමාන් පිළිමයක් අපි දැක්කා ලංකාවෙදිත්. මට හරියටම තැන මතක නෑ. A9 එකේද කොහෙද.

    ReplyDelete
    Replies
    1. ඔව් මම මුලින් හිතාන හිටියේ ආයෙත් ගිහින් පින්තුර එහෙම මම ම අරගෙන දාන්න ....එත් මේ දවස්වල තියෙන වැඩ කන්දරාවේ හැටියට තව මසදෙකතුනක්වත් යනවා එහෙනම් පොස්ට් එක දාන්න......
      කොහොමත් ලංකාවේ හනුමෝ ටිකක් මෙහෙත් ඇවිල්ලා ඉන්නවා බන් ..........

      Delete
    2. පින්තූර අවශ්‍ය නම් කියන්න මගේ ලග තියෙනවා...

      Delete
    3. ස්තුතියි සිරෝ .... දැන් ඉතින් පෙරහැර ගිහින් ඉවරනේ

      Delete
  23. මමත් කවදම හරි දවසක එනවමයි :)

    දැනට නම් හීනයක්... ඒත් එනවා .. සමහර තැන් මීට කලින් දැකල තියනව ටීවී එකේ පෙන්නලා :)

    ReplyDelete
    Replies
    1. හීන සැබෑවෙන්නෙ මලයො අපි හිතන්නෙත් නැති වෙලාවක...මම කවදාවත් මැලේසියාවට යන්න හිතාගෙන හිටි එකෙක්ද....අන්තිමට මේ ඇවිල්ලා ඉන්නෙ....

      Delete
    2. හින හැමදාම හින වෙන්නේ නෑ සමියෝ සාබා වෙනකම් ඉන්නේ නැතුව සැබෑ කරගන්න උත්සහ කරනවනම්........ හැබැයි අතට ගානක් දීලා එක්ක ගියත් සිරා ඇවිත් ඉන්න විදියටනම් මැලේසියා එන්න හිතන්න එපා

      Delete
    3. මම ඒ සියලු විස්තර අකුරක් නෑර ඉදිරියේදී කියමි. එතෙක් ඉවසන්න...

      Delete
  24. මම මේ බටු කේව්ස් ගිහිල්ලා ආවා විතරයි බොලං...එදාම KLCC මින්මැදුරත් බලන්න ගියා...රිංගිට් 50 ක ටිකට්පතකට ඇක්වේරියම් එක පාඩුයි කියලයි මට හිතෙන්නෙ...ඒ හින්දම වෙන්ට ඕනෙ රාළෙ ඒ ස්ථානය මේ ගමන් විස්තරයට ඇතුලත් කරලා නැත්තෙ....

    මම ඊයකුත් විද්දා මක්කැයි කොරන්නෙ බලන්න....දැක්කෙ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. KLCC එකේ සල්ලි ගෙවලා බලන්න තියෙන කිසිම දෙයක් මටත් නෑ ... එකයි මම කියන්නේ අත්දැකීමක් හැටියට එතනට ගිහිල්ල ආවානම් ඇති.... අර උඩට නගින එකත් වියදමයි ගතවෙන කාලයයි එක්ක බැලුවම මෙලෝ රහක් නෑ......
      ඇක්වෙරියම් එකනම් පසු කාලීනව ඔතනට එක කරලා තියෙන්නේ එන සුද්දන්ගෙන් ගැන කපන්නම තමයි ..... හරියට මෙහෙ bird පාර්ක් එක වගේ .....

      මේලට උත්තරයක් දන්මනේ බන් එදාම

      Delete
    2. http://www.youtube.com/watch?v=gi3Nw-i1z3s

      ඔන්න RM50 ඉතුරු කරගනිල්ලා දැන්.... :D

      Delete

  25. මේක දැක්කම නම් එන්නම හිතෙනවා රාළ... නියමයි ... මුල සිට අගට හොඳම විස්තරයක් ....... ගුවන් තොටේදී ලැබෙන කුඩම්මාගේ සැළකීම තමයි උහුලන්න බැරි ... :(

    ඔබට සුබම සුබ නව වරසක් වේවා....! අලුත් අවුරුද්දට ගැළපෙනම පෝස්ට් එකක් .....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහන් ඔයාටත් සුබම නව වසරක් වේවා..... ඔය කුදාම්මගේ සැලකිල්ල දකුණු ආසියානු හැමෝටම ඕනෑම රටක තියෙන පස්නයක්(මතකනේ ශාරුක් කාන්ටත් ඇමරිකාවේදී දුන්න රැග) ඒ කට වගකියන්න ඕනත් වැඩි හරියක් අපි වගේ ඒ රටවලම කට්ටිය තමයි

      Delete
  26. වටිනව මේ තොරතුරු. මැලේ ඔය ජෙන්ටින් වලට වැස්ස අඩු සීතල අඩු කොයි කාලෙද? ගිය පාර ඇවිල්ල අන්තිමට සීතල වැස්ස නිසා ඒ අදහස අතෑරල දාල පස්සෙ බස් එකේ නැගල ගියා සින්ග.

    ReplyDelete
    Replies
    1. උත්තර දෙන්න අමාරුම පස්නයක් ඉන්දික ගෙන්ටින් (හරිනම) වලට සිතලනම් හැමදාම එක වගේ..... වැස්සත් තියෙනවා ..... සාමාන්‍යයෙන් හොදටම කළු කරලා මහා හයියෙන් වැස්ස වැටුනට වීඩිම වහින්නේ පැය දෙකක් විතර තමයි .... ඊට පස්සේ පායනවා ..... කොහොම උනත් ටිකට් ගත්තට පස්සේ වැස්ස නිසා මුකුත් කරගන්න බැරි උනොත් සල්ලිනම් රිටර්න් කරන්නේ නෑ එක ටිකට් ඒකේම ලියලත් තියෙනවා
      සාමාන්‍යයෙන් ජනවාරි ඉදන් මාර්තු තමයි මෙහෙට ටිකක් හරි වැසි අඩුයි කියන කාලය

      Delete
  27. අම්මප මැලේ උබ මේ කරන වැඩේ ගොඩක් වටිනව බං..මොකද මේ දේවල් ගැන දන්නේ නැති අපි වගේ එවුන් තව කොච්චරනම් ඉන්නවද?දිගටම ලියපන් මචෝ..

    ReplyDelete
  28. මචං මොනොරේල් එක 11.30 වෙද්දි වහනවා... ඒක මිස් වුනොත් BB ඉඳන් KL Sentral එන්න RM20 ක් අඩුම ගන්නවා... :)

    ඔය Batu Caves නම් මම තාම ගිහින් නෑ බං... :( :(

    ReplyDelete
    Replies
    1. එහෙනම් කට්ටිය රැ 11.30 කලින් ගෙදර වරෙල්ලා :)

      Delete
  29. ඔන්න රාලේ ලෝබ නැතිව විශිෂ්ටයි කියල කියන්න පුළුවන් ලිපි මාලාවක් බොහොම මහන්සියෙන් ලියල තියෙන බව පේනවා කරුණු කාරනා එක්ක

    ReplyDelete
    Replies
    1. ගොඩක් විස්තර ගුගල් දෙයියාගෙන් හා මැලේසියාව ගැන ලියවුන පොතකින් තමයි.... ඒ පොත ගැන විස්තරත් ඊළඟ පොස්ටුවේ දාන්නම්කො

      Delete
  30. හොඳ විස්තරයක් මැලේ. එන කෙනෙකුට දැනගන්න මේ වගේ ලිපි තියන එක බොහොම වටිනව.

    ReplyDelete
  31. රාළේ .....මැලේසියා යන අයගේ ප්‍රයෝජනය සඳහා ට්‍රැවල් ඒජන්සි ගොබ්බයෝවත් මේ වගේ පැහැදිලි විස්තරයක් නොදෙනවා ඇති. හරි ශෝක්.

    මම ජනා වුන දවසක උඹව ඔහේ තානාපති කරනවා.

    ReplyDelete
  32. තැන්කුයි අරුවෝ මතක තියා ගන්න මව තානාපති ක්‍රරාම ඩිපියුටිට එල නිළියක්ව එවන්න.... :D

    ReplyDelete
    Replies
    1. ටෙලිද නැත්නම් සිනමාද ඕන? එහෙමත් නැත්නම් පාර්ලිමේන්තු නිලියක්ද ඕන.

      Delete
  33. හෙහ් හෙහ් කලින් පෝස්ට් එකට කොමෙන්ට් එක දැම්මේ මේක දකින්න කලින්... ආපු අයට ෂොපින් යන්න හොඳ තැනුත් ටිකක් දාන්න.. කොච්චර සල්ලි නෑ කිය කිය ආවත් අපේ කට්ටියට මොනවා හරි ටිකක් නැතුව ආපහු ලංකාවට යන්න බෑනේ... අපි නම් ගොඩක් වෙලාවට යන්නේ Berjaya Times Square http://www.berjayatimessquarekl.com/ අනිත් ෂොපින් මෝල් වලට සාපේක්ෂව ගාන අඩු අපිට හරියන බඩු තියෙන තැනක්.. රාළ දන්න වෙන තැනුත් දාන්න...

    ReplyDelete
    Replies
    1. pasar seni වල තියෙන Mydine එකත් ශිරා. අපේ රටේ ගානට හරියන්න බඩු ගන්න පුළුවන්.
      Mid Valley එකේ තියෙන Mega Mall එකත් පට්ට. ඒක අපේ MC 25ක් විතර ලොකුයි.

      Delete
    2. පැතුමෝ උබට දාපු රිප්ලයි එක තමයි වැරදීමකින් පහලට ගිහින් තියෙන්නේ

      Delete
  34. ඔව් මචන් තුන්වෙනි දවස වෙන්කරලා තියෙන්නේ ශෝපින් වලට තමයි කට්ටියට තොර ගන්න තැන් කීපයක්ම දාන්න තමයි ඉන්නේ

    ReplyDelete
    Replies
    1. අඩේ පුටේ ඉක්මනට 3 දාහංකෝ වස්තුවේ, පෙබරවාරි මාසේ ඔෆර් එකක් දැක්කා 15කට ගුවන් ටිකට් මෙව්වා එක

      Delete
    2. පහල දැක්කා වැඩගොඩක හිරවෙලා ඉන්න බවක්. අවුලක් නෑ හෙමීට දාහංකෝ එහෙනම් :D

      Delete
  35. ගිහිං තියෙන නිසා මතකය අලුත් වුණා. අලුතෙන් යන්න ඉන්න කෙනෙකුට නම් හොඳ දැනුමක් ගන්න පුළුවන් රාළේ මේ වගේ පොස්ට් එකකින්.

    ReplyDelete
  36. උබ අපිව පොලබවනව නේ.බය නැතිවෙනව මචො

    ReplyDelete
  37. මම නොවැම්බර් වල ගියා. outdoor theme-park එක වහලා. ආයෙ අරින්නෙ 2016 දි ලු. අනිත් ඒවා වැඩ

    ReplyDelete
  38. rale hoda electric badu aduwata ganna kadayakuth kiyannako api ithin malaysia giyama awuruddata kana mutti bidina kota karakawala athaariya wage hama ekatama andenawa

    ReplyDelete
  39. මැලේ රාලේ වැඩිහිටියෝ වන්දනාමාන කරන තැන්වල පැයක ගනන් එහෙම දැන්මොත් අනේ හොදා ............... පිට කොටුවේ වගේ කලිසමත් ගාලව ගන්න තැන් නෙමේ නේද ? දන්නේ නැද්ද ? ඉතින් කල අපලයි නේ ඉතින් අහලා තියනවා මුස්ලිම් රටක් කියල ෂාරියා නිතිය නිසා ගල් ගහලා මරයිද දන්නේ නැ .... මෙහේ වගේ වන්දනා කරන කොට පොලිස්යෙන් පානිද ලොක්කා ?

    ReplyDelete
  40. ඒයි උඹ කොහෙද මක බෑ වුනේ ....කරදරයක්ද ..?

    ReplyDelete
    Replies
    1. චීන අව්රුද්දට කලින් (ජනවාරි 30) ඉවර කරන්න ඕනා අලුත් ප්‍රොජෙක්ට් එකක වැඩ ....කන්න බොන්න වත් වෙලාවක් නැතුව ඉන්නේ ..... ඔක්කොටම බොහොම ස්තුතියි හොයලා බලනවට..... අයෙත් පෙබරවාරි ඉඳන් පුරුදු පිල්ලේ එනවෝ
      උඩ ඇනෝ කෙනෙක් කියලා තියෙන කතාව ඇත්ත outdoor theme-park එක වහලා. එකට විකල්පයකුත් අරගෙන එන්නම්...... (ඔන්න බලාපියව් අපි outdoor theme-park එක ගැන පොස්ට් එකකක් දැන්මම එකත් වහලා )

      Delete
  41. මමත් මැලේසියාවේ හිටිය මාස තුනක්. 1995 විතර වගේ. ඒ දවස වල ඔය කණු දෙකයි තනි පීල්ලේ කෝච්චි පාරයි හදනවා. මාස තුනටම් කෑම සහ නවාතැන් ගාස්තුව වුනේ රුපියල් 30,000 විතර. පොඩි එවුන් එක්ක ආපහු එන්න හිතෙනවා මේක දැක්කම. ඒ කාලේ ඔය කියපු හැම තැනකම ඇවිද්දා. පිනෑන්ග්, මලක්කා එහෙමත් ගියා. ගස් උඩිනුත් ඇවිද්දා. ඒ පාක් එකේ නමනම් මතක නැහැ. ඒ කාලේ ඉලෙක්ට්‍රොනික් බඩු හරිම ලාබයි. මම තාම පාවිච්චි කරන්නේ ඒ දවස වල ගත්ත ඔරලෝසුවක්. අපි හිටියේ ජලාන් යුනිවර්සිටි වල.

    ReplyDelete
  42. Machan man mage yaluwoth ekka enawa, mata idea ekak thiyenawa KL idan singpore train eke gihin enna poddak wisthara denawada???

    ReplyDelete
    Replies
    1. මචන් කෝච්චියේ සිං යන්න විතරක් පය 7කට වැඩිය යනවා එන්නත් ඒ වගේ වෙලාවකම එත් සින් යනවනම් හොඳම වැඩේ බස් එකේ යන එක එක පැත්තකට පැය 4ක් නැත්නම් හතරහමාරයි. සින් ගිහිල්ල ආයෙත් මැලේසියා එනවනම් එක විසිට් විසා ගනිද්දී එම්බසියට දන්නන්න ඕනා වීශේෂයෙන් මල්ටිපල් එන්ට්‍රි විසා එකක් ගන්න .... නැත්නම් සාමාන්‍යයෙන් දෙන්නේ සින්ගල් එන්ට්‍රි විතරයි....

      Delete
    2. machan, Train ekada Bus ekada worth??? Mokada man hithan inne night thiyena train eke yanna then hotel fees ithuruyne ;) man tour eka plan karala thiyenne 6 days. Tickets okkoma aran iwaray machan. Machan mata help ekak deepan tours tica hariyata hadaganna. machan mata umbe email address eka or skype innawada?

      Delete
    3. Machan Mage Plan Eka meka... Mokada hithanne
      Tour Dates
      24th - Night Stay at Hotel
      25th - Batu Caves / Twin Towers / Off to SIN By Train(7 Hr)
      26th - Singapore / Overnight at SIN
      27th - Off to KL By Bus(4 Hr) / Shopping + Etc
      28th - Genting Highland
      29th - Off to SL

      Delete
    4. උබ ටිකට් අරගෙන ඉවරනම් මේ ප්ලැන් එකත් අව්ලක් නෑ ..... එත් ටිකට් වෙඅනස් කර ගන්න පුලුවන්නම් මුලින් කෙලින්ම සිං වලට ඇවිත් එහෙ දවසක් හෝ ඉඳලා මලිසියාවට ඇවිත් මෙහෙන් කෙලින්ම ලංකාවට යන්න
      මගේ මේල තියෙනවා කවුන්ටරේට යටින් S. L. මැලේ රාළ කියලන එක ඇතුලේ ක්ලික් කරලා බලන්නෝ

      Delete
  43. අපේ අය්ය බුවා හෙට මැලේසියා පැත්තෙ එනව උට මේක පේන්නුව නං හරි... හැබැයි ඕන කියයිද දන්නෑ මංයන්නෙ ජොබ් 1කට ඔව බලන්න වෙලාවක් නෑ කියල...
    එළ පෝස්ටුව... දෙකම කියෙව්ව ඊළග 1ත් දාන්න ඉකකණටම

    ReplyDelete
    Replies
    1. අයියාට මේක පෙන්නපන් කොමහරි .... විශේෂයෙන්ම අර මුලින් තියෙන පොස්ට් ටික ........

      Delete
  44. මචං මේක ගොඩක් වටින ලිපි පෙලක්.. බොහොම ස්තුතියි!
    මචං මමත් 2008 මැලේ හිටියා මාස 3ක් විතර.. චීන බොසෙක් ගාව වැඩ කලා.. ඒක ඔන්ලයින් කැසිනෝ ගහන පොට් එකක්.. බොරු කියන්න ඕන නැහැ බොසා නම් පට්ට.. හොඳට සැලකුවා.. වැඩ අමාරු නැහැ.. ඒත් රෙස්ට් එකක් නැහැ.. දවසට පැය 15ක් වැඩ.. මැලේ කාරයොන්ට ඉංග්‍රීසි වචනයක් බැහැ.. මම හිටපු ටිකට මැලේ බාසාව පුරුදු උනා.. තාම මතකයි ඉලක්කම්.. ඉන්දියන් උන් මැර ටයිප්.. නියම මහත්තුරු තමයි චීන උන්.. පාරක් උනත් අහනවනම් චීන එකෙක්ගෙන් අහන්න ඕන.. උන්ට කඩ්ඩත් පුළුවන්.. කෑම, බස් කෝච්චි වියදම් එහෙම සාපේක්ෂව මාර ලාබයි..
    මචං එයා පෝට් එකේ ඉදලා කේ.එල්.සෙන්ට්‍රල් එන්න යන්න කෝච්චිය පට්ට ලේසි නේද? මම එද්දි ආවේ ඒකේ..
    කට්ටිය අහලා තිබ්බා වැඩිහිටියන්ට වටින තැන් ගැන.. කේ.එල්.සෙන්ට්‍රල් වලින් බැහැලා පාර පැන්න ගමන් තියෙනවා ෆ්ලැට් වගේ පාර දෙපැත්තෙම.. ඒවා ඇතුලට ගියාම කාමර වල දොර අයිනේ හිටගෙන ඉන්නවා.. ඕන හැටියේ තෝරගන්න පුළුවන්.. අංග චලන විතරයි.. එක ඉරියව්වද.. දෙකද කියලා අහලා පලයන්.. නැත්නම් එකම ඉරියව්වෙන් තමයි ඉවර කරන්න වෙන්නේ..
    මචං මම ආයෙත් මේ අප්‍රේල් වල එන්න හිතන් ඉන්නවා.. ජොබකට නෙමෙයි.. ඇවිදලා යන්න.. කලින් පාර ආවට මුකුත් බැලුවේ නැහැ.. ට්වින් ටවර්ස් & කේ එල් ටවර්ස් විතරයි.. දවස් 5ක් ඉන්නවා.. මැලේ ඉදලා සිංගා ගිහිල්ල එන්න පුළුවන්ද? ඒක කරන්නේ කොහොමද? පුළුවන්නම් ඒක ගැනත් විස්තරයක් දාපං.. අවුට්ඩෝර් තීම් පාක් එක වහලා නිසා වෙන කරන්න දේකුත් කියපන්...
    උබේ 3 එනකම් බලාගෙන ඉන්නවා..
    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. තැන්කුයි මචන් දිග පොස්ටුවට හා උපදෙස් ටිකට .... තුන දැන් ලියන්න අරන් තියෙන්නේ ඉක්මනට දානවා .... ගෙන්ටින් වෙනුවට ඔප්ෂන් එකක් හතර වෙනි කොටස හැටියට වෙනම දෙනවා

      Delete
  45. This comment has been removed by the author.

    ReplyDelete
  46. බ්ලොගර් ෆීඩ් එකේ පාර්ට් 3 පෙන්නනවා, ඒත් මේකා දාලා නෑනේ :O

    ReplyDelete
  47. අඩෝ මැලේයෝ මන් ඔහෙට ඇවිල්ලා උබට නෙලාල මැල්ලුම් හදන්න කලින් ඊලග එකත් ඉක්මනට දාපන් බලන් ඉදලා ඉදලා මට දැන් එපා වෙලාතියෙන්නේ .............................................................

    ReplyDelete
  48. පෙබරවාරියත් උදාවිය

    ReplyDelete
  49. අනේ සොරි මචංලා හෙට රැ වෙන්න කලින් කොමහරි දානවා .................

    ReplyDelete