මම S. L. මැලේ රාළ

මම ලංකාවේ පොරක් මැලේසියාවේ ජොබක් කරන.... මට මේක ලියන්න හිතුනේ අනික් බ්ලොග් කියවල ඒවා දැක්කම මෙහෙවෙන දේවල් අනික් කට්ටියටත් දැන කියාගන්න කියල තමයි .

අවූරුදු ගානක් තිස්සේ මෙහෙ ඉදන් අහපු දැකපු, සිද්ද උන හා දැනටත් සිද්දවෙමින් පවතින දේවල් තමයි මම ඔයාලට කියන්න යන්නේ ඕන්.....

Monday 2 September 2013

කවුද වැරදි ???? 2

කලින් පොස්ටුවට පසු වදනක් 

          මුලින්ම පාර්ට් 1 බලපු නැති අය ඉන්නවනම් මෙන්න මෙතනට කොටලා  ඒක බලලා එන්න නැත්නම් මේ කියන දේ සම්පුර්ණයෙන්ම අන්ඩර දෙමල වගේ වෙයි

       ඔය මාරයා ගිය විදේස රැකියා ඒජන්සිය වගේ ඒවා ලංකාවේ හැම නගරෙකම වගේ තියෙනවා. ඒවායෙන් ඇත්තටම ගොඩක් ඒජන්සි ලග අර අබ්දුල්ලා වගේ කට්ටිය වට වෙලා ඉන්නේ එම ඒජන්සියේම උදව් හා අනුග්‍රහය ඇතුවමයි. මම මේක කියන්නේ බොහොම වගකීමෙන්. එම ඒජන්සිවල  රැකියා සොයා එන තරුණයන්ව ඉන්ටර්වීව් කරන්නත් අර වගේ කට්ට කපටි සුල්තාන් වගේ පොරවල් වෙනමම තියන් ඉන්නවා.....

     ඔය සුල්තාන් වගේ පොරවල් වචනයෙන් දෙකෙන්ම දැනගන්නවා මේ ඇවිල්ල ඉන්න අයට රට ගාය තියෙන ප්‍රමාණය මම ඒ ගැන වගුවක් හැදුව ඔය පහල තියෙන්නේ ඒක 
        මේ වගුවේ කොලපාට තීරුවෙන් පෙන්වන්නේ සාමාන්‍යයෙන් රට යන්න ඒජන්සිවලට එන අයගෙන්  50%කට රට ගාය තියෙන්නේ 25% ක් විතර තමයි.
        ඊළගට නිල් පාට තීරුවෙන් එන අයගෙන් සියයට 25කට මේ අමාරුව සියයට 50ක් විතර තියෙනවා.
       රෝසපාට තීරුවෙන් සියයට 15කට මේ අමාරුව සියයට 75ක් තියෙනවා.
      අවසානයට එන සියයට 10ට ඔය අමාරුව සියයට 100ක්ම තියෙනවා ඔතන ඉන්න අය රට යවනවා කිව්වම අනික් ඔක්කොම අමතක කරන තත්වයේ තමයි ඉන්නේ. මේ රතුපාට තීරුවේ ඉන්න අයව සුල්තාන්ලා වගේ අය පට ගාලා හදුනා ගන්නවා . ඉටපස්සේ ඉන්ටර්වීව් ඉවර වෙලා මෙයාල එලියට එනකොට අර අබ්දුල්ලා වගේ අයට ඒ විස්තරය ඇවිල්ලත් ඉවරයි 
       අපේ මේ මාරයා ළමයට දෙවියෝ දීපු අවස්ථාවක් වගේ මේක පෙනුනට මේක සම්පුර්ණයෙන්ම ප්ලැනකට අටවපු උගුලක්. එහෙම තමයි මාරයා අබ්දුල්ගේ කතාවට අහුවෙන්නේ. ඔය අබ්දුල් ගත්ත  කොටසක් සුල්තාන් ඇතුළු ඒජන්සියේ කීපදෙනෙකුටත් බෙදිලා යනවා. ඉතින් හිතල බලන්න සතියකට මේ වගේ එක ගොන් නම්බෙක්ව අල්ල ගත්තාම කට්ටියට හොදටම ඇති.

හරි එහෙනම් දැන් යමු අද කතාවේ ඉතුරු ටිකට .

   ඉතින් ඔන්න කිව්ව විදියට මාරයා  තව සල්ලි ලක්ෂයක් විතරත් ලැහැස්ති කොරගෙන ආවා කියන්නකෝ සිංගප්පුරුවට...... ඇවිල්ලා අබ්දුල්ගෙන් ලැබුන උපදෙස් අනුව සල්ලි ටික ඔක්කොම සිං ඩොලර් වලට මාරු කරත්  ගත්තා ස්ටර්ලයින් සිම් එකක්..... පලවෙනි කෝල් එක උපදෙස් පරිදි අබ්දුල්ලාගේ මහලොකු කසුන් මහත්තයට (හිකිස්.....)

මාරයා:හලෝ කසුන් මහත්තයද මම මේ මාරයා දැන් තමයි මෙහෙ එයාර්පෝර්ට් එකට ආවේ ..... අර අබ්දුල් අයියා තමයි මෙහෙට අපු ගමන් ඔයාට කතා කරන්න කිව්වේ (මාරයා එක හුස්මට කියාන යනවා දැන්)

කසුන්:ආ..... ආ ...... හරි හරි ඔයාට පුලුවන්ද මම කියන තැනට එන්න....  සල්ලි ටක මාරු කර ගත්තානේ සිං ඩොලර් වලට?

මා:සල්ලිනම් මාරු කර ගත්තා මහත්තයා...... මම කොහොමද ඔයා ඉන්න තැන හොයා ගන්නේ?... ඇත්තම කියනවනම් මට තාම එයාර්පෝට් එකෙන් එලියට යන තැනත් හොයා ගන්න බැරුව ඉන්නේ...

ක:ආ සල්ලි මාරු කරාද?...... අද කොහොමද ඩොලර් රේට් එක ?

මා:ඔව් අබ්දුල් අයිය කිව්වනේ සල්ලි ටික එයාර්පෝර්ට් එකෙන්ම මාරු කරගන්න කියලා .... ඒ නිසා මෙතනම කරගත්ත us ඩොලර් එකකට sin ඩොලර් 1.20යි 

ක:ආ....... රේට් එක පොඩ්ඩක් අඩු වෙලා වගේනේ...... ඔය කීයක්ද මාරු කරේ 

මා:මම US 500ක් මාරු කරේ සිං ඩොලර් 600ක් හම්බ උනා  

ක:ආ.... එහෙමද එක තමයි ගාන අඩු ඇයි 500ද ගෙනාවේ 1000ක් විතර මාරු කරානම් 1.25 ගානේ ගන්න තිබ්බා...... 

මා:තව US 450ක් විතර තියෙනවා එක පස්සේ එළියෙන් මාරු කරන්න කියල හිතුවේ....... 

ක:හරි හරි කමක් නැ දැන් ඔයා ඔතනින් ටැක්සියක නැගලා ලිට්ටල් ඉන්දියාවල මුස්තාපා ෂොපින් මෝල් එක ලගට එන්න. ඩොලර් 15ක් විතර යයි විනාඩි 20න් එනවා. මම එතනට එන්නම් ඔයාව ගන්න ......

       තවත් රට අංකුරෙක් වුන මේ කසුනා මාරයා ලග තිබ්බ සල්ලි ගාණ දැන ගත්තේ එහෙමයි..... දැන් ඉතින් ඔය සල්ලි තියෙනකන් මාරයාට සැලකිලි..... බලමුකෝ ඊළගට මොකද වෙන්නේ කියලා තැනට ආවම


ක:හලෝ ඔයාද මාරයා????? ........ (මුස්තාපා එක ලග හිටපු මාරයා ලගට ආපු පොඩි ගැටයෙක් මාරයාගෙන් සිංහලෙන් අහයි)

මා:ඔව් ඔයා  කව්ද ??? කසුන් මහත්තයාද එව්වේ ??

ක:මම තමයි කසුන් ඔයා මට තමයි දැන් කෝල් කරේ......

    යකෝ මුට කොහොමද මහත්තයා කියල කතා කරන්නේ  ත්‍රී ක්වාටර්  එකකුත් දාගෙන, ස්කිනියක් උඩට ඇදල, එක කනක පත කරාබුවකුත් දා ගෙන, කොන්ඩේ දෙපැත්ත කපලා මැද ටික උඩට ඇවිත් හරියට අලුතෙන් හදපු හයිවේ එකක් වගේ...... කොහොම උනත් මාරයා ආයෙත් කතාව පටන් ගනී 

මා:ඇත්තද???? අබ්දුල් අයියා කියපු විදියට මම හිතුවේ අව්රුදු 40ක් විතර කෙනෙක් වෙන්න ඇති කියලා..... බැලුවමනම් ඔයා  මටත් වැඩිය පොඩියි වගේ .......

ක:අයියෝ අබ්දුලා කිව්වේ නැද්ද මම ගැන.... කමක් නෑ .... දැන් යමු ඔයාගේ බෝඩිමට රැ නිදිමරලා  දැන් නිදිමතත් ඇතිනේ .... ඉස්සෙල්ලම මොනවා හරි කාලා ඉමු.....

   මාරයාව අසල ඉන්දියන් කඩයකට ගෙනියන කසුන් පාරාට 2ක් සමග කට්ට කළු බල්ලෙකුටවත් බොන්න බැරි (ඒ මට හිතෙන හැටි හොදේ ) කොපි ජෝග්ගුවක් අරන් දෙයි ..... මාරයා වෙනුවෙන් කසුන් කරන පළවෙනි හා එකම වියදම එය වේ. කෑමෙන් පසු පරණ තාලේ දෙමහල් නිවාස සංකීරණයක උඩ තට්ටුවේ කාමරයකට යන මේ ඩබල ආයෙත් කතාවට සැට් වෙයි 

ක:මේක තමයි ටික දවසක් යනකම් ඔයාගේ කාමරේ ඔයාට ඉංග්‍රීසි කතා කරන්න පුලුවන්ද ?

සුල්තාන් සමග ඉංග්‍රීසි කතාව මාරයාට මතක් වේ තමා හොදට ඉංග්‍රීසි කතා කරත් අනික් අයට එය තේරුම් නොයන බව මතක් වෙන මාරයා මෙසේ පිළිතුරු දෙයි 

මා:මට ටිකක් පුළුවන් කතා කරන්න තමයි අමාරු ....

ක:ආ .... එක හොදයි එහෙනම් ඔයාට පාඩුවේ ඉන්න පුළුවන් මොකද මේ කාමරේ ඔයාට පේනවනේ ඩබල් ඇදන් 3යි. මේ ඇදන් 2කේ ඉන්නේ ඉන්දියන් එවුන් 4 දෙනෙක් ... මෙන්න මේ 3 වෙනි එකේ උඩ ඔයාට, යට ඉන්නේ පකිස්ථාන් පොරක්, ඔක්කොම ස්ටුඩන්ට් ලා.... උන් එක්ක වැඩි බජනෙට යන්න එපා......(මුගේ හොර අහු වෙයි කියල බයට)  මම එහෙනම් ටිකක් හවස් වෙලා එන්නම් ඔයා හොද නින්දක් දාන්න බඩගින්නක් එහෙම ආවොත් පහල කඩෙන් කන්න 

   උපදෙස් නිකුත් කල කසුන් පිටවේ..... හවස 5ට පමණ නැවත පැමිණේ දඩයම ඇරබේ  

ක:හරි තාම කෑවේ නැනේද යමු ගිහින් කන ගමන්ම කතා කරමු. තියෙන සල්ලි ටිකයි passport එකයි අරන් බැග් එක ලෝක් කරලා එන්න...
(නැවත කතාව ඉන්දියන් රෙස්ටෝරන්ට් එකේ තොසේ කන ගමන්)
දැන් ඔය ඉන්න තැන තමයි මාසයක් විතර යනකම් ඔයාට ඉන්න වෙන්නේ එකට මාසෙකට ඩොලර් 500ක් විතර ගෙවන්න වෙනවා මම කතා කරලා 400කට සැට් කර ගත්තා... තව ඔයාගේ ටිකට් එකේ අපහු යන දවසක් දාලා ඇති බලන්න ඒ කවදද කියලා 

බස් ටිකට් කොච්චි ටිකට් ගැන දන්නවා උනාට එයාර් ටිකට් ගැන නොදන්නා මාරයා ටිකට්ටුව කසුන් අතටම දෙයි.....

අපේ මේ අබ්දුල් අයියා මේක දවස් 7කින් අපහු යන්න නේ දාලා තියෙන්නේ මේකත් මේ මාසේ අන්තිම වෙනකම් දික් කරන්න ඕනා බලන්න ඔයාට විසා එක තියෙනවා දවස් 30ක්ම  ඒ උනාට ටිකට් එක දවස් 7යි පොලිසියෙන් චෙක් කරද්දී මේක දැක්කොත් ඇති ඔක්කොම කෙළ වෙන්න ...... ම් .... ම් .... ටිකට් එක එක්ස්ටෙන්ට් කරන්නත් ඩොලර් 100ක් වත් යයි  

මා:එතකොට ඔක්කොම කීයද මහත්තයා? සල්ලි දැන්ම ඕනද? මොකද කරන්නේ? 

ක:බෝඩිමේ සල්ලිනම් දැන් ඕනෑමයි .... මොකද සමාන්‍යයේන් නම් වෙන අයගෙන් නම් ඇතුලට ගන්නෙම සල්ලි අරන් ඔය මගේ ෆිට් එකට තමයි මුකුත් අහන්නේ බලන්නේ නැතුව ඇතුලට ගත්තේ ... ටිකට් එකේ සල්ලි හෙට දුන්නත් ඇති... ප්‍රශ්නේ තියෙන්නේ එත කොට අයෙත් මට එන්න වෙනවා  

මා:මගේ අතේ සිං ඩොලර් තියෙන්නේ දැන් 450යි.... US  තියෙනවා තව 450ක් 

ක:මෙතන එහා පැත්තේ මුස්තාපා එකෙන් මාරු කරගත්තැකි ගිහිල්ල ඒ වැඩෙත් ඉවර කරන් යමු ඔයාට සල්ලි ඔච්චරද තියෙන්නේ..... මදි නේ... දැන් ඔයා ගේ ජොබ් එකට යන්න පටන් ගන්න කොට ජෝබ් මනි දෙන්නත් වෙයි ගානක්.... පඩි හම්බ වෙනකම් කන්න බොන්නත් ඕනා තව කියක් හරි ලංකාවෙන් ගෙන්න ගන්න බලන්න තව සතියක් දෙකක් යන කොට...... 

හෑ තව සල්ලි මේ මොකද්ද මේ ..............

ඩොලර් 500ත් සමග පිටව යන කසුන් නැවත පැමිණෙන්නේ දින 5කට පමණ පසුය .... ඒ අතර තුර දුරකතනයෙන් මාරයාව මෙහෙයවන ඔහු ලිටිල් ඉන්දියා වල හැම අස්සක් මුල්ලකම ඔහුව ඇවිද්දවන්නේ ඔහු වැටීගෙන යන අමාරුව ඔහුටම අමතක වෙන අයුරිනි.....

ක: කොහොමද මේ දවස් ටිකේ හොදට ඇවිද්ද නේද? දැන් තැනක වැඩට දැන්මොත් තනියම බෝඩිමට එන හැටි දන්නවනේ 

මා:අපොයි ඔව් දැන්නම් මට මේ පැත්ත අපේ ගම වගේ.... දැන් මට ජොබ් එකට යන්න වෙන්නේ කවද ඉදන් විතරද අනේ 

ක:එකටත් එක්ක තමයි මම මේ ආවේ .... ඔයාට ජොබ් එක සෙට් කරලා දෙන්නේ මෙහෙ ඉන්දියන් එකෙක් ඌ ඔයාට ජොබ් එක සෙට් කරනවට ඩොලර් 500ක් ඉල්ලනවනේ 

මා:අයියෝ මගේ සන්තකේටම තියෙන්නේ තව 300ක් විතරනේ මොකද කරන්නේ  

ක:ඇයි අම්ම රට කිව්වා නේද ඉන්නේ??  කියල ගෙන්න ගන්නකො හැට හැත්ත දාහක් 

මා:එනකොට ගෙනාපු ලක්ෂයත් අම්මට කියල තමයි ගෙන්න ගත්තේ ආයි කොහොමද අහන්නේ ?????

ක:කොහොම හරි හොයා ගන්න වෙනවා නැත්නම් ජොබට යන එක තමයි පරක්කුවෙන්නේ...... ඒ කියන්නේ වීසා එකත් පරක්කු වෙනවා ..... දැනටමත් සතියක් ඉවරයි නේ....... මම ආයි දවසකින් දෙකකින් එන්නම් ඔයා මොකක් හරි විදියක් බලලා තියා ගන්නකො......  

  මාරයා නැවතත් අන්තර්ජාතික දුරකථන ඇමතුම් කීපයක් ගෙන දින හතර පහකට පමණ පසු රුපියල් 60,000ක් පමණ සිං වලට ගෙන්න ගැනීමට සැරසෙයි. එත් එය සිං වලට ගෙන්න ගැනීම සදහාද උදව් වෙන්නේ කසුන්මය ඒ ඔහු සතු ඉතිරි කිරීමේ ගිණුමට මුදල් ලංකාවෙන් තැම්පත් කරවා ඔහුලග ඇති ටෙලර් කාඩ් එක මගින්සිං වලින් එම මුදල් ආපසු සිං ඩොලර් ලෙස ලබා ගනිමිනි..... එහිදීද ඩොලර් 50ක් විතර යටිමඩි ගසා ගනිමින් ජොබට කියා වෙනම 500කුත් ගෙන ඉතිරි මුදල වන ඩොලර් තව 100ක් විතර මාරයාට ලබාදී .... නැවතත් වාෂ්ප වේ 

     දැන් මාරයා සිං වලට පැමිණ සති 3ක් අවසානය නටපු තොවිලෙකුත් නැත බෙරේ පලුවකුත් නැත ...... මේවන විට දුරකතනයෙන් පමණක් පිළිතුරු දෙන කසුන්ව අහම්බෙන් මෙන් මාරයාට පාරේදී හමුවෙයි 

මා:අයියෝ කසුන් දැන් මේ මොකද වෙන්නේ.... (දැනට මහත්තය කැල්ල හැලි ඇත) විසා එක තියෙන්නෙත් තව දවස් 6කට විතරයි තාම ජොබ් එකත් නැ .... බෝඩිමේ ඉන්න පුළුවනුත් තව සතියයි අතේ සල්ලිත් ටිකයි තියෙන්නේ ...... කවදද මට වැඩට යන්න වෙන්නේ 

ක:ඒකනේ ඔයාලා වෙලාවට සල්ලි දෙන්නේ නෑ දැන් ඔක්කොම කරදර මගේ ඔලුවට.... අර ඉන්දියන්කාරයා  ඔයා  සල්ලි දෙන්න පරක්කු උන නිසා ඒකට වෙන එකෙක් දාලා ...... දැන් ටිකක් ඉන්න වෙනවා ආයෙත් වෙකන්සියක් එනකම් 

මා:ඒ කියන්නේ මේ දවස් හය ඇතුලත වැඩේ සෙට් වෙයිද 

ක:අයියෝ බය වෙන්න එපා එහෙම උනොත් මම තව මාසයකට ඔයාට විසා දික් කරලා දෙන්නම් මගේ ගානේ.......

මා:එත් එතකොට අනෙක් වියදම් ????

ක:ඕකනේ වැඩේ අමාරුම වැඩේ මම කරලා දෙනවනේ අනික් ඒවා ඔය බලා ගන්න......

කිව්ව විදියට දින කීපයකින් පැමිණෙන කසුන් මාරයාගේ පාස්පෝර්ට් එක රැගෙන ගොස් පැය කීපයකට පසු එය ආපසු දෙන්නේ තවත් මාසයකට දික් කරන ලද විසා එකත් සමගය.... එය දුටු අපේ මාරයා ළමයට උන්හිටි තැන අමතක වී කසුන් ගැන මාරම භක්තියක් හට ගනී....... නමුත් ඒ සුළු වෙලාවකට පමණි 

    බෝඩිමට පැමිණෙන මාරයා තම කාමර සගයන් සමග දැන් දැන් කැඩිච්ච ඉංගිරිසියෙන් කතාව දමයි...... එහිදී එක් කාමර සගයෙක් ඔහුගෙන් විස්තර විමසයි (එහි සිංහල පරිවර්තනය පහත පරිදිය )   

සගයා 1: දැන් ඔයාගේ විසා එක ඉවර වෙන්න ලගයි නේද? දැන්ම ආපහු යන්නේ නැද්ද 

මා:බලන්නකෝ කසුන් අද මට එයා  ගානෙම විසා  එක තව මාසෙකට දික් කරලා ගෙනාවනේ...... දැන් මට තව මාසයක් බය නැතුව හිටියැකි 

සගයෝ ටික මහා හයියෙන් හිනා වේ  ඉන්පසු පට්ටන්දරය දිග හැරේ 

සගයා 1:ඔය විසා  එක මාසයකට දික් කරන්නේ online එකට කොහොමත් සල්ලි ගෙවන්න ඕන නෑ ..... ඔය කසුන්ගේ ජොබ් එක ඕක තමයි කට්ටියට එක එක බොරු කියලා සල්ලි කඩා  ගන්න එක..... දැන් ඔයාගෙන් මේ කාමරේ ඉන්නවට කියක් ගත්තද මාසෙට 

මා:500ක් වත් ගන්න ඕන කියලා 400යි ගත්තේ 

සගයා 2: එකනේ එතනත් ගහල මේ මුළු කමරෙටම ගෙවන්න ඕන 500යි. අපි එක්කෙනෙක් එයාට 150 ගානේ ගෙවනවා මොකද එයා තමයි තව මෙහෙ ඉන්න මැර කට්ටියක් එක්ක එකතු වෙලා මේ සම්පුර්ණ  ගේම රෙන්ට් එකට අරන් තියෙන්නේ එතකොට අපි ඔක්කොගෙන්ම 250ක් ලාබයි ඔයාගෙන් විතරක් තව 250ක් 

ඔන්න දැන්නම් මාරයාට උතුර දකුණ මාරු වෙන්න පටන් ගනී .....

සගයා 3: තව මොනවටද ඔයාගෙන් සල්ලි ගත්තේ ??

මා:ටිකට් එක දික්කරන්න කියල 100යි ජොබ් එකක් අරන් දෙන්න කියල 500යි 

සගයා 2:ටිකට් එක දික් කරේ මාසේකටද ???? එහෙනම් එකත් නිකන් කරන වැඩේට තමයි ඔය සල්ලි අරන් තියෙන්නේ..... ජොබ් එකට දීපු සල්ලිනම් කෝවිලේ කැටේට දැන්ම කියල හිතාගෙන ටිකට් එකේ දින තියෙනවනම් පුළුවන් තරම් ඉක්මනට ආපහු ලංකාවට යන්න .... නැත්නම් මෙහෙ එහෙම ජොබ් හොයන්නවත් වීසා හදන්නවත් බෑ අපිත් ඉගෙන ගන්න ගමන් ජොබ් කරන්නෙත් හොරෙන් හොරෙන් ඔය කසුන ඉන්නෙත් ස්ටුඩන්ට් වීසා එකකින් එක අලුත් කරන්නේ ඔය විදියට එක එකාගෙන් කඩා ගන්න සල්ලි වලින්.......

    හෆොයි වෙච්ච දෙයක් සියල්ල දැන ගන්න විට කෙල වෙලා හමාරය මාරයා එතන සිටි කෙනෙක් සමගම ගුවන් සමාගමට ගොස් දින 2කින් යන ගුවන් යානයකට අසුන වෙන්කර ගන්නේ තව අතේ ඇති සොච්චමෙන් ඩොලර් 80ක් ගෙවාය 

    ඒ අතර තුරදී කසුන්ව දුරකතනයෙන අමතා සුද්ද සිංහල දෙසා බැවත් වෙන කරන්න දෙයක් නැති නිසා පසුවදා උදේ ගුවන් ගතවී නැවත ලංකාවට ඒම සදහා තමාගේ ඇදුම් බෑගයද ගෙන ලිටල් ඉන්දීයා  MRT ස්ටේෂන් එකට එහා එක වූ ෆෙර පාර්ක් ස්ටේසමේ රැ  ගතකරන්න මාරයා පැමිණේ මන්ද ඒ වන විටද බෝඩිමේ කාලය අවසන් වී ඇති බැවින් කසුන්ගේ මැර සෙට් එකක් පැමිණ බලහත් කාරයෙන්ම කොල්ලව හවස එලියට දැමීම නිසාය.

 මෙසේ ෆෙර පාර්ක් ස්ටේසමේ පුන්නක්කු නැති වෙච්ච් ගොනා වගේ මුනකුත් දා ගෙන පහුවද උදේම අපහු ලංකාවට යන්න බලන හිටපු මාරයා ලගට මෙන්න බොලේ පොරක් ඇවිත් අහනවා අමු සිංහලෙන් 

                       "මල්ලි ලංකාවේද කියලා "

   කව්ද යකෝ මේ පැස්බරා.... ජැන්ඩියට ඇදලා, සන්ග්ලාස් එකකුත් එහෙම දා ගෙන, අවූරුදු 40ක විතර, බැලුබැල්මට ලක්ෂරි පොරක් .......

  • ඩ්‍රකීයද ?????  
  • හෙන්රියද  ?????
  • කෙන්ජියද  ?????
  • සුදිකයද  ?????
  • නලියද ???????
  • නැත්නම් අලුතෙන් මුණක් දාගත්තු DDTයද ?????

     පොස්ටුවෙන් 





45 comments:

  1. නලිය නලිය! බලමු ගෙස් එක!

    ReplyDelete
    Replies
    1. අඩෝව් මරණවා උඹව....

      Delete
    2. "ජැන්ඩියට ඇදලා, සන්ග්ලාස් එකකුත් එහෙම දා ගෙන, අවූරුදු 40ක විතර, බැලුබැල්මට ලක්ෂරි පොරක්"
      හි.හි.හි.... අල්තයිර් කවදද ඔයා නලින්ව මේ වග දැක්කේ ?????

      Delete
    3. නලියත් මේ ලඟදි ගියානේ ..... :)
      /අඩෝව් මරණවා උඹව....///
      යකෝ මූ ගිය ටිකට මැරය වෙලානෙ :)

      Delete
  2. නැත්තං මැලේ රාළ ද?

    ReplyDelete
    Replies
    1. ඔය හිතන විදියේනම් ටිකක් වෙනසක් තියෙනවා .......ම් .... එත් ඒ මැලේ රාළ නම් නෙවි

      Delete
  3. නියම සීන් එක.. විලිලැජ්ජාවේ බෑ... ඉතිරිය බලමු කැන්ජිය රාල වෙන්ටැති.

    ReplyDelete
    Replies
    1. ආ ඒකත් වෙන්න බෑ කෙන්ජි 50+ නේද,

      Delete
    2. නලිය50+ උනාට මම තාමත් සිතින්,ගතින් ගැටවරයෙක් හරිය.

      Delete
    3. ඒක අපි නොදන්නවැයි අනේ....නැත්තං කොහෙද මේ තරං මිත්තරකොමක් ඇතිවන්නේ අපි අතර.

      Delete
    4. හෙහ්..හෙහ්..නලිය:):):)
      මමත් බොක්කෙන්ම හරිය.

      Delete
    5. @ දේශකයා හොද උත්සහයක් ..ඔබේ පිළිතුර නිවැරදියි................................නැත
      ඔයාගේ පිළිතුරට නිසා බලන්නකෝ තම උසස්පෙළ කරන වයසේ පොඩි කොල්ලෝ දෙන්නෙක් සැට් වෙලා ඉන්න අපුරුව

      Delete
  4. අලුතෙන් මුණක් දාගත්තු DDT???? පිස්සුද යකෝ, දන්න දා ඉඳල තියෙන්නෙ ඕක තමයි. :) ඔන්න උඹ බයවෙච්ච හින්ද මම ප්‍රොෆයිලෙට වෙන ෆොටෝවක් දැම්මා. (කොහොමත් සීමිතවාර ප්‍රදර්ශනයක් පමණයි, ආයෙ තිබිච්ච එකම දානව. :))

    අනෙක කොහෙද බං DDT නම තියෙන මිනිස්සු ඉන්නෙ. :D

    බලාපන් ඉතිං, අර මිනිස්සු මූව මාසෙක ටුවර් එකක් ගෙනිහිල්ල ඉන්න තැනක් සලස්වල, උගේ සල්ලිවලට කන්න තැනක් පෙන්නල, එහෙමට කරපු මිනිස්සු ගැන නේ උඹ මේ නෝක්කාඩු කියන්නෙ. ෂී .. ෂී.. වැඩේ කැතයි.

    ReplyDelete
    Replies
    1. මුණ ගැන කියනවනම් ඕක හැබැයි මදුරුතලා ටයිප් එක නෙවි........ නිකමට වගේ අහන්නේ උබ පොඩිකාලේ බාටා සපත්තු පෙට්ටියක ඔලුව හන්ගන් හිටියද ?????

      DDT කියන්නේ කොච්චර හොද නමක්ද බන් පොඩිකාලේ රැට කරදරයක් නැතුව නිදා ගන්නේ ඔය DDT නිසානේ

      හි.... හි..... හි .......

      Delete
    2. අඩෝ....ව් මැලයා, කියන්නෑ බොට මම පෙට්ටිය ගැන. බොලාගෙ පැහැදිලි ඉරිසියාව.

      Delete
    3. අපොයි මෙය අයෙත් ඇවිල්ලනේ .... මම හිතුවේ දකින එකක් නැ කියලා

      Delete
    4. යකෝ ඩි.ඩි.ටි ය වෙනස් වෙලා .....
      'මුම තමයි එන්න ඇත්තෙ....:)

      @රාළ
      //DDT කියන්නේ කොච්චර හොද නමක්ද බන් පොඩිකාලේ රැට කරදරයක් නැතුව නිදා ගන්නේ ඔය DDT නිසානෙ//
      අම්මප ,, උඹ වෙලාවකට පකිස්තාන් ටෝක් දුන්නට ඉඳල හිටලා වැදගත් එව්වත් දෙනවා නේද බං :)
      මට සතුටුයි උඹ ගැන ....:)

      Delete
    5. එකනේ බන් රටම එන්න ඕනෑ මොලේ පැදෙන්න .... හි....හි.....හි......

      Delete
  5. බලමු බලමු කවුද කියලා.

    ReplyDelete
    Replies
    1. හැබැයි ඔයාට වටිනවා කාගේ හරි නමක් කියන්න..... හිමිට 64 පාවිච්චි කරලා ලිස්සල යන්නේ නැතුව

      Delete
  6. මම හිතන්නෙ සරත් වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. හැල පයියා සරත් කිව්වේ ????? ලංකාප්‍රිය ටද ???? හෆොයි දෙයියනේ !!!!!!!
      (නමට මැද්දෙන් වැරදිලා හිස්තැනක් හිටලා වගේ )

      Delete
  7. මචං මැලේ
    උඹේ මොලේ
    දාල ඇලේ
    වනමු වැලේ

    මම හිතන්නේ රටගාය තිබෙන එවුන්ට අනිවාර්යයෙන්ම පත අට එකට හිඳුවා දවසට දෙවරක් බලෙන්ම වන් මැලේසියා බ්ලොග් අඩවිය කියවිය යුතුය.

    ReplyDelete
    Replies
    1. මචන් සිරාවටම මේක ඇත්ත කථාවක්...... එදා මේක උනා .... අදත් මේක වෙනවා ....... හෙටවත් මේක නවත්ත ගන්න ලැබුනොත්............

      Delete
  8. ඔය 6 දෙනාගෙ වචන සෙට් එකයි,පෙනුමයි එක්ක ඉන්න එකම එකා වෙනින් කවුරුත් නෙමේ...
    එක්කො කට ඉස්සර කරගන්න ඔනෑ නැහැ.

    ReplyDelete
    Replies
    1. එක්කො කියල දානව වෙනින් කවුරුත් නෙමේ හෙන්රිය.

      Delete
    2. උඹ නම් මගේ වෛරක්කාරයෙක්ද කොහෙද කෙන්ජි! :(

      Delete
    3. කෙන්ජි ඔයාට වටින්නැ හෙන්රිට පැස්බරා කියන්න ........ මොනවා උනත් ගුරුවරයෙක්නේ අප්පා ...... නැද්ද

      Delete
    4. //උඹ නම් මගේ වෛරක්කාරයෙක්ද කොහෙද කෙන්ජි! :(//
      කෙන්ජියෝ මොකෙක් හරි සෙක්සි පාර්ට් එකක් දාගෙන ආවනම් ඌ හෙන්රියම තමයි :)
      //කෙන්ජි ඔයාට වටින්නැ හෙන්රිට පැස්බරා කියන්න//
      මොකද කියන්නේ උඩ එවුන් දෙන්නටම නෙලමුද හෙන්රිය. තව පොඩ්ඩෙන් අර රාල හින්ද මට පිස්සුත් හැදෙනව....

      මුන් කියන කතා වලට මට පාරේ තියෙන බෝකක් කන්න හිතෙනවා යකෝ :)))

      Delete
    5. ලුණු ගම්මිරිස් එහෙම දාගෙනම කාපිය....... මතක ඇතුව සර්වියට් එකක් දාගෙන කාපන් නැත්නම් හැලුනොත් ඇගේ ගෑවෙයි

      Delete
  9. ඔය සුනඛ ශුක්‍රාණු කසුන් යෝනි පුත්‍රයා යහතින් ඉන්නවද බන්?

    ReplyDelete
    Replies
    1. නියම ජීව විද්‍යාත්මක පුද්ගල නාමයක් අරූ. :D

      Delete
    2. අපි දවසට කි සැරයක් කියන කොච්චර හොඳ සුද්ද සිංහල නමක්ද මේ අරු සංස්කෘත වලින් කියල තියෙන්නේ

      Delete
    3. ඇත්තට ඕක ඔය ජීව විද්‍යාත්මක නමක්ද හෙන්රි

      Delete
    4. අරූ පාරිභාෂික වචන නිර්මානය කරන කමි‍ටුවේ වෙන්න ඇති මැලේ රාළ. :D

      Delete
  10. /එහෙම තමයි මාරයා අබ්දුල්ගේ කතාවට අහුවෙන්නේ. ඔය අබ්දුල් ගත්ත කොටසක් සුල්තාන් ඇතුළු ඒජන්සියේ කීපදෙනෙකුටත් බෙදිලා යනවා. ඉතින් හිතල බලන්න සතියකට මේ වගේ එක ගොන් නම්බෙක්ව අල්ල ගත්තාම කට්ටියට හොදටම ඇති./
    මාරයට ගොන් තඩිය කියල කියපු එකනම් හරි නෑ :D

    ReplyDelete
    Replies
    1. මම කිව්වනේ අනී .... මේ එයා නෙවි කිලා .......

      Delete
  11. මේ රාල උඹ නේද ආවේ ...

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕකනේ බැරි මම නෙවි..... උඩම මම කකාටත් කිව්වා ...... ඒ මම උනානම් අද මෙතන ඔය කථාව නැ ..... ඒ ඇයි කියලා ඉස්සරහට තේරෙයි

      Delete
  12. අඩෝව්....! මයෙ නම ගාවගෙන රාළ යහතිං ඉන්න නෙවේ හරිය? ග්ර්ර්ර්ර්ර්!!!!!!!!!

    රාළ මේ කරන මෙහෙවර මාර විදිහට වටිනවා. දිගටම මේ කාක්කො ගැන එළි කරන්න... උඹට ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ආ...නි............. ඔයාගේ නමත් ඩ්‍රැකී ද ..... ඒ ඔයා නෙවි අයියෝ ..... වෙන එකෙක් .....

      තැන්කු මචෝ......

      Delete
  13. මට නම් කාගෙවත් මූණක් පේන්නේ නැහැ ...

    ReplyDelete
    Replies
    1. අන්න පාර්ට් 3 ඇවිත් මුණු ඔක්කොම එලි වෙලා

      Delete
  14. මැලයා උඹ මලා කියලා හිතා ගනින්. කසුන්ගේ මැරයෝ දම්මලා ගස්සනවා.

    ReplyDelete
  15. මැලේ රාළ අතුරුදහන් වෙලා අනේ ........

    ReplyDelete