මම S. L. මැලේ රාළ

මම ලංකාවේ පොරක් මැලේසියාවේ ජොබක් කරන.... මට මේක ලියන්න හිතුනේ අනික් බ්ලොග් කියවල ඒවා දැක්කම මෙහෙවෙන දේවල් අනික් කට්ටියටත් දැන කියාගන්න කියල තමයි .

අවූරුදු ගානක් තිස්සේ මෙහෙ ඉදන් අහපු දැකපු, සිද්ද උන හා දැනටත් සිද්දවෙමින් පවතින දේවල් තමයි මම ඔයාලට කියන්න යන්නේ ඕන්.....

Sunday 25 August 2013

කවුද වැරදි ???? 1

පලමු කොටස 

   වැඩි චන්ද බර ගානකින් මම යෝජනා කරපු නම් මෙම කතාවේ සබැ චරිත වලට අන්වර්ථ නාමයන් සේ යොදාගන් බව කරුණාවෙන් සලකන්න. තවද මෙම අන්වර්ථ නාමයන් හිමි සබැ පුද්ගලයන්ව ඔබ දන්නවනම් මේ ඔවුන් නොව වෙන කස්ටියක් බවත් දැනගනිත්වා ....

 ඔන්න කථාව 

     මේ කථාවේ ප්‍රධන චරිතයට මම දෙන නම තමයි මාරයා. (කලිනුත් කිව්වා මේ මගේ පළමු පොට්ටුවට මුලින්ම කොමෙන්ට් කරන්න ගිහින් දෙවනිය උන කෙනා හෙම නෙමෙයි හොදේ)

    මාරයා උපතින්ම රටගාය වැළදිලා මෙලොවට බිහිඋන කෙනෙක්.... මොකද මෙයාගේ අම්මත් දන්නා කලේ ඉදන්ම කරේ රට රැකියාවක් තමයි... යන්තම් ඉලන්දාරි වයසට ආවා විතරයි දැන් කොල්ල උඩ දා ගෙන හොයනවා රට යන විදියක්......

  බෙන්තර ගගෙනුත් හැතැප්ම ගානක් එහා දකුණේ කොල්ලෙක් වූ මාරයා රට රැකියාවකට යන්න මුලින්ම ඉන්ටව් එකකට එනවා කොළබ විදේශ රැකියා ඒජන්සියකට ..... ඉන්ටව් කරන ඒජන්සියේ වැඩ කරන ලංකාවේ මනේජ්රයා, එකා හැසිරෙන්නේ හරියට බෘනායි වල සුල්තාන් වගේ.... මේ උන් දෙන්නගේ කථාව......



සුල්තාන්: ම්ම් ..... වයස අවරුදු 21යි .....දැන් තමාට මොන රටටද යන්නොන ? 

මාරයා : ඕන රටකට සර් හොද පඩියක් හම්බ වෙනවනම් ලෝකේ මොන රටට උනත් කමක් නෑ....

සු: එහෙමද .... හොදයි එහෙමනම් කියමුකෝ බලන්න තමාගේ ප්රෝෆ්ෆෙෂනල් කොලිෆිකෙශං මොනවද කියලා 

මා: ඒ කිව්වේ සර් 

සු: ඒ කිව්වේ වුර්තිය සුදුසුකම් ... එහෙමත් නැත්නම් මොනවද ඔයාට කරන්න පුළුවන් කියන එක 

මා:ආ මටද සර් ගොඩක් දේවල් කරන්න පුළුවන්.... ම් ..ම් ... කොටින්ම කියනවනම් ඕන දෙයක් මට කරන්න පුළුවන් සර් 

සු: හරි එහෙනම් අන්න අර කාමරේ කොනේ තියෙන බල්බ් එක පිච්චිලත් නෑ  එත් පත්තු වෙන්නේත්  නෑ .... බලනවකො මොකද වෙලා තියෙන්නේ කියලා 

මා: අය්යෝ සර් ඔය ඉලෙක්ට්‍රික් වැඩ නම් මම දන්නේ නෑ .... ඒ ඇරෙන්න ඕන එකක් පුළුවන් 

සු:එහෙනම් කියනවා අර බාගෙට වැහුන දොරක් තියෙන්නේ ඒ ඇවිල්ල අපේ බාත් රුම් එක ඒ දොර හරියට වැහෙන්නෑ පොඩ්ඩක් බලනවකො මොකද කියලා 
මාරයා දොර ලගට ගොස් කිපසැරයක් දොර ඇර හා වසා බලයි ඉන්පසු නැවත මේසය ලගට පැමිණෙයි 
මා: එකනම් සර් දොරේ තියෙන්නේ අප්සට් එකක්. කෙස් එක ගොඩ දාන්නනම් වඩුවෙක් ඕනෑවෙයි 

සු: අප්පා හොද දැනුමක් තියෙනවනේ...... ඒ කියන්නේ දොර හදන්නනම් වඩුවෙක් ඕන වෙනවා නේ හරි හරි ... එත කොට ඔය බාත් රුම් එකේ ටැප් එකක් කැඩිලා තියෙනවා එකට අලුතෙන් එකක් හයි කරන්න පුලුවන්ද ඔයාට

මා: අයියෝ සර් ඔය වතුර ගැවෙන වැඩනම් මට ට්කක් අමාරුයි මොකද මට පිනසේ තියෙනවනේ වැඩි වෙලා වතුරේ හිටියොත් හෙම්බිරිස්සාව තමයි...... 

සු:OK... let me know how about your English knowledge ? (අප්පට සිරි මාරුකරා නේද මු පිල්ල කඩුවට )

මා:Ok Sir.......good.... fine..... (ආ ඔය දෙන්නේ මාරයත් රම්පෙට පොරි  කඩා හැලෙන්න)

සු: Ohhh.... really !!....  give me some explanation about yourself??? 

මා:Ok Sir.......good.... fine..... 

සු: So.... I'm waiting ????? 

මා:Ok Sir.......good.... fine..... (එකම උත්තරයනේ මු දිගටම දෙන්නේ දැන්නම් සුල්තාන්ටත් ටිකක් තදවෙ.)

සු: Ok Sir.......good.... fine..... ඔච්චරද තමුසේ දන්නේ ??

මා: ඔය මදැයි සර් ඕන සුද්දේකව කොර කරන්න.... දැන් බලන්න සරුත් කොර උනානේ ඔය ටිකට 

සු:අනේ මේ  මොකට කියනවද ඒ ටික. එහෙනම් දැන් මගේ යකා අවුස්සන්නේ නැතුව තමුසෙම කියනවකො මට පුළුවන් අහවල් වැඩෙය කියල

මා:ආ...ආ...ආ...ආ....ආ....අ..... මට පුළුවන් උයන්න (හි හි මාරයාම  තමයි) පොඩි කලේ ඉදන් අපේ අම්මා ලංකාවේ හිටියේ නැනේ මම තමයි ගොඩක් වෙලාවට ඉව්වේ ....

සු: උයන එකත් වැඩක්ද හලෝ අපේ ගෙදර උයන්න ඉන්නේ අවරුදු 12ක කෙල්ලෙක් ටොප් එකට උයනවා. අනික උයන එක සුදුසු කමක් කරලා රස්සාවට පිටරට යවන්න ගියොත් ලංකාවේ ඉන්න ගනු ඔක්කොම එයි රට යන්න ඇයි ඔය ඔක්කොමල උයනවනේ  

ඔන්න දැන් මාරයාටත් මල පනී !!!!

මා: හරි දැන් සර් කියන්නේ මට හරියන රස්සාවක් සර් ලග නැ කියලද ?

සු: දැනට නැ තමයි එත් අපිට ඔය සුදුසුකම් වලට එකක් ඉක්මනට හොයා ගන්න පුළුවන් ඔයා අර ඉස්සරහ මේසේ  ඉන්න මැඩම් ලගට ගිහින් මේ ඉල්ලුම් පත්තරෙත් පුරවල පාස්පොර්ට් කොපියකුයි රුපියල් 15,000කුයි ගෙවල මෙතන රෙජිස්ටර් වෙන්න. ජොබ් එකකට වේකන්සියක් ආපු ගමන් අපි ඔයාට දන්වන්නම් ඊට පස්සේ ඉතින් සති  2ක 3නකින් රට තමයි 

    කොච්චර රට ගාය තිබුනත් මාර මල්ලි දැන ගත්ත මු අහපු ප්‍රශ්න හා ඒවාට දුන්න උත්තර අනුව මු නම් තමාව කවදාවත් රට පටවන්නේ නැති බව. ඒ නිසා අර කිව්ව කව්න්ටරේට යන්නේ නැතුව කෙලින්ම එලියට අව මාරයා ඊළගට අර ඉල්ලුම් පත්තරේ ඉරල කුණු කුඩේට දැන්මා.....

   ඕක බලාගෙන හිටියා තව එළියේ හිටපු ගොබිලෙක් නම අබ්දුල්. (මේකනම් ඇත්තම නම) මෑන් ආවා කෙලින්ම මාරයා ලගට ඇවිත් දැන්මා දෙබස මෙන්න මෙහෙම 

අබ්දුල් :මොකද මල්ලි යෙන්ටව් එක අප්ෂට්ද අප්පා ?????

මාරයා හිතනවා මේ මොකද යකෝ මේ තම්බියා 

මා: නෑ ..හ් ... මොන ඉන්ටව් එකද අයියා ... මට පැහැදිලි නෑ ඔය අහන්නේ මොකද්ද කියලා 

අ: අයි අයියා... ගා දන්න යේපිට කොළ කඩා දාන්නේ ඇයි මල්ලි .... ඔය පොම් එක යෙරලා යෙරලා  විසික් කොරන කොටම තේරෙන් නෙද්ද අප්පා යෙන්ටව් එක අප්ෂට් කියලා... යෙපිට.

මාරයාට තමන් ගැනම දුක සිතෙයි නිකන්ම කටින් ඇත්ත පිට වෙයි .....

මා:ඔව් අයියා මේ මගුල හරියන නෑ ඌ හැදුවේ ඉන්ටව් කරනවා කියලා මට කියලා උගේ ලයිට් එකත් හදාගෙන දොරත් හදාගෙන ටැප් එකත් හදා  ගන්න ..... මම අහුවෙයි ඕවට මම ඒ එකක් වත් කරේ නෑ .... මම මේ රට යන්න පුලුවන්ද කියලා බලන්න ආවා මිසක් ඌට කුලී වැඩ කරන්න ආවේ නැනේ ....

අ: ඔය යේකා ඔම්මයි මල්ලි ෂල්ලි තින ලොකු ලොකු අය තමයි ඔය යෙකා රට යවන්නේ දුප්පත් යෙපිලට නො ශපොට් ..... දැන් මල්ලි ට්‍ර්යි කොරන්නේ මොන රටට යෙන්නද 

මා:එහෙම එක රටක් කියලා නෑ .... හොද පඩියක් එක්ක හොද ජොබ් එකක් නම්, ඕන රටකට කමක් නෑ 

අ:අරි මාෂේකට යේක රුපියේල් ලශ්ෂයක් යිතර හොයන්න පුළුවන් රට රස්සාවක් ෂෙට් කොරොත් මල්ලි යෙනවද ???? 

 දැන් මාරයාට හිතෙනවා මට උන දුක දැනිල ශක්‍ර දේවේන්ද්‍රයා තම්බියෙක්ගේ වේශයක් අරගෙන තමන් ඉදිරියේ පෙනී හිටිනවා ද කියලා  

මා:මේ මොනවා කියනවද අයියා යනවා නෙවි ගිහින් පදිංචි වෙනවා ...... ඇත්තටම ඔයාට පුලුවන්ද එහෙම එකක් සැට් කරන්න? මොන රටේද ?? කියක් විතර යයිද වැඩේට ???

අ:යෙපිලා දුප්පත් මිනිස්සුන්ගේ දුක තේරේන මිනිෂ්ෂු .... යෙපිලට පුළුවන් නිසා තමයි කිවේ ..... රට ?? රට කිව්වොත් මල්ලි යන්නේ උඩින් එක රටක් නෙවි දිව්‍යලෝකයක් ..... 

මා:ඉතින් අයියේ මොකද්ද රට ?? කියක් යයිද වැඩේට ??? අනික තමයි වැඩේ සැට් වෙන්න කොච්චර කාලයක් යයිද ????

අ:ඔයාට කියන්ඩ මල්ලි යෙපිල අද මෙතැනට අවේ මේ වෙකන්සිය ගැන , මේ ඒජන්සියට කියලා කෙනෙක්ව හොයා ගන්න... වෙලාවට මල්ලිව මට හම්බ උනේ එලියෙදීම ...... යෙක මම ඉතාන්නේ අල්ලාගෙ කෙමත්ත වෙන්න ඕනා ..... රට මල්ලියේ සිංගපුරුමම ඔයාව එහෙ යවනවට කිසිම ගානක් ගන්නේ නෑ සම්පුර්ණයෙන් නොමිලේ තමයි වැඩේ කෙරෙන්නේ ඔව් ඔව් යෙපිල එහෙම තාමායි 



මා:අපොයි අයියේ අදනම් මට දේවියෝ ටොකු ඇන ඇන දෙන්නේ..... ඔයානම් දෙවියෙක් නෙවි දේවාලයක්.... තමන්ගේ මිනිහෙක්වත් මේවගේ උදව් කරලා නෑ මට ...... ඔය මාව දැනගෙන තාම කොච්චර පොඩි වෙලාවද මට තාමත් සුවර් නෑ මම මේ දකින්නේ හීනයක්ද කියලා ... අනේ මට ඇත්තම කියන්න ඕක ඔයාට කරන්න පුලුවන්ද අයියේ ....

අ:මම මේම ශරම කමිෂය ඇන්දට, මම අපේ ගමේ ඒ කියන්නේ නුවර මඩවල හොන්ද ෂල්ලි කාරයා .... මගේ බිසිනොස් ඔක්කොම තින්නේ මේ ..... මගේ යොද යාලු කෙනෙක් තමා සිංගපුරුවල දැන් ඉන්නේ ඔයාට වැඩේ සැට් කොරන කිනා ..... ඉන්න මම දැන් එයාට කෝල් එකක් අරන් කතා කරන්න ...... වැඩේට කෙනෙක් හම්බ උනා කියලා...... 

            මාරයා තාමාට ලැබුණු මේ නිධානය කුමක්දැයි කල්පනා කරමින් අබ්දුල් ගන්න යන දුරකථන අමතුම  දෙස බලා සිටි..... 

       අබ්දුල් මේ පැත්තෙන් සිට කරන කථාව මාරයාට ඇහුනත් එහාපැත්තෙ පිළිතුරු දෙන කසුන් නමින් හැදින්වෙන කෙනාව නොඇසේ .... එත් පාඨක ඔබගේ දැන ගැනීම සදහා මම එම සම්පුර්ණ සංවාදය මෙසේ ඔබට ගෙනෙයි 

අ:සලාම් මලෙක්කුම්.... හෙලෝ කසුන් මත්තියද කතා කොරන්නේ මම මේ අබ්දුල් 

කසුන්:ඇයි යකෝ මගේ පොන් එකට ගත්තම මම කතා කරන්නැතුව උබලගේ අම්ම කතා කරන්නයි ??? මොකද මේ මාව මතක් වෙලා තියෙන්නේ 

අ:අනේ කින්න වරදක් නේ මත්තියෝ මාතිලගේ පිහිටෙන් යෙපිලගේ වියදමින් ජිවත් වෙනවා .... මම මේ කතා කොරේ අර කියපු ජොබ් එකකට කෙනෙක් සැට් උනා ඒ ගැන විස්තර කියන්න 

ක: අපෝ ඒ පාර උබ කාටද මරාලයක් පාත් කරන්න යන්නේ 

අ:අයියෝ එහෙම කියන්න එපා යෙපිලා මේ ආවා ඒජන්සිය ළගට, අපේ මේ හොදටම දන්නා කියන මල්ලියෙක් එතන ... යෙපිලා කිව්වා ඒජන්සියට ගිහින් වෙඩක් නෑ  මම දෙන්නම් කියලා සින්ගපුරුවේ හොද ජොබ් එකක් ඒක කතා කොරන්න තමයි මම මේ කසුන් මත්තියට ගත්තේ 

ක:අපෝ උබ එවන්නෙම අතේ සතේ නැති, මෙලෝ රහක් නැති යක්කුනේ බන් ..... අතේ රුපියල් ලක්ෂයක් වත් නැතුවනම් මෙහෙට එවන්න එපා ඔන් මම නොකිව්වයි කියන්න එපා......

අ:අයියා යේ ගැන බය වෙන්න යෙපා .. මෙය එම නෑ එනකොට කෙරෙන්න ඕන යෙව මම බලා ගන්නම් එනම් අරිනේ දවස් 10ක් ඉතර යනකොට කොල්ල ඔයේ එහෙනම් තිබ්බා .......ඊස්හා අල්ලා ....  

දුරකථන සංවාදය නිමවේ නැවත අබ්දුල් සහ මාරයා ......

අ: ඔන්න වැඩේ හරි මල්ලි දැන් තියෙන්නේ යන්න ලැහැස්ති වෙන්න.... ඔක්කොටම තියෙන්නේ දවස් 10යි 

මා:මටනම් මේක අදහන්නවත් බෑ අයියේ ඇත්තටම ඔයාට දවස් 10ක් ඇත්ද වීසා අරගෙන ටිකට් අරගෙන ඔය ඔක්කොම කරගන්න ....??

අ:අයි අයියෝ යෙව්වා මට සිම්පල් වැඩ දැන් මට දෙන්න ඔයාගේ පාස් පොර්ට් එකයි ෆොටෝ 2කකුයි යේට ෆැක්ස් කරන්න ඕන කියන කියන වෙලාවට...  යෙපිලට තාම ඔයාගේ නම අහන්නත් බැරි උනානේ .... අ මේතියෙන්නේ නම මාරයා..... ඔයා වගේ කොල්ලෙක්ට ගැලපෙන නියම නම..... හරි දැන් ඔය මගේ හෑන්ඩ් පොන් නොම්මරෙත් අරගන්න ඔයාගේ එකත් යෙපිට දෙන්න. හරියටම හෙට මේ වෙලාවට මම ඔයාට කෝල් එකක් දෙන්නම් යන දවස කොන්පොම් කරලා ..... 

             තාමත් අන්ද මන්ද වී සිටි මාරයා කොලුවා පාස්පෝර්ට් එක හා ටෙල් නො එක අබ්දුල් අතට පත් කර ආපහු අඩ සිහියෙන් මෙන් ගෙදර පැමිණෙයි. 

      ගියේ මොකටද , උනේ මොකද්ද?, වෙන්න යන්නේ කුමක්ද සියල්ල උභතෝකෝටික ප්‍රශ්නයකි ...... මොනවා උනත් රට යනවය කියලා බලාගෙන මස ගණන් සමහර විට අවුරුද්දක් පමණ කාලයක් බලා සිටින සමහර ගමේ අයත් සමග ගත් විට ඇත්තටම මට පැදුනේ පුරුවේ පිනක්ය. ...  මාරයාට සිතුනේ එසේය. කිව්වා වගේම පසුවදා  අබ්දුල් මාරයාට  කෝල් කරේය .. ඒ සංවාදය මෙසේය 

අ:මාරයා මල්ලි ඔන්න යෝක්කොම වැඩේ ෂරි ඔයාගේ අප්පිලිකේෂන් යෙක  සිංගා වලින් අපේ කසුන් මාත්තිය පාස් කොරගෙන.... අද දිනේ මාර්තු 21 හරියටම තව දවස් දායකින්, ඒ කියන්නේ 31 ඔයා සිංගප්පුර් ...... අප්‍රේල් 1 වෙනිදා ඉදන් අලුත් රටේ (කොල්ලටම ගැලපෙන දවස ) 

මා:අනේ අයියේ මටනම් තාම පිස්සු වගේ.... ඔය කොහෙන් ආපු දෙවි කෙනෙක්ද අනේ ...... දැන් කියන්නකෝ මම මොනවද කරන්න ඕන කියලා ඔයා මේ කරන උදව් වලට ......

අ:ඔයා යෙපිට මුකුත් කරන්න ඕන නෑ ... ගිල්ලා රටේ නම තියාගෙන ඔදින් ඉන්න......... යෙක නෙවි දැන් අද සිකුරාදා ඔයා සදුදා උදේම කොළබ යෙන්න ඕන ප්ලේන් ටිකට් ගන්න... යෙනකොට රුපියල් 80,000ක් විතර අරගෙන යෙන්න........

මා:හැහ් ...................(ඔන්න මාරයාගේ හුස්ම හිර වෙච්ච තැන) ඒ මොකටද අයියේ..... මම කිව්වේ සල්ලි ... ඔයා කිව්වේ සම්පුර්ණයෙන්ම නොමිලේ කියල නේද ........

අ:අයියා ඊස්හා අල්ලා .. මම කිව්වේ ශාම්පුර්නයෙන්ම ෆ්‍රී තමයි .... යෙත් ඔයෑයි කින්නේ ඔයෑයි ගේ ප්ලේන් ටිකට් ඒකත් මට ගන්න කියලද? යේතකොට ඔයෑයිගේ ගවර්මන්ට් ටැක්ස් එකත් මට ගෙවන්න කියලද තව තව ආ... ඔයෑයිගේ වීසා චාර්ජස් යෙවත් මට ගෙවන්න කියලාද ..... යෙපිලා මේ කියන්නේ යෙවයේ ගාණ...... යේකත් ඔයාට ගෙවන්න බැරිනම් යෙපිල දන්නෙ කෝකද කරනවා කිලා 

මා:අනේ නෑ අයියේ මේ... .මේ... එකපාරට එහම මට කියවුනේ ඊයේ ඉදන්ම මම හිතාගෙන හිටියේ මේ වැඩේට මට සත පහක් වත් යන්නේ නෑ කියලා 

අ:යෙක තමයි අප්පා යෙපිල කියන්නේ ඔය හොන්ද ජොබ් යෙකකට ඒජන්සියකින් යනවනම් ඔයයිට රුපියල් ලක්ෂ 3කට වඩා  ගෙවන්න වෙනවා තමා ..... යෙත් යෙපිල යේම සල්ලි ඉල්ලුවද...... නැනේ..... ඔයිගෙන් ඉල්ලුවේ ටිකට් මනි තමා...... කෝ ඔයයිට එකාත් කර ගන්න බේ වගේනම් කියන්න මම මේ චාන්ස් එක වෙන කාට හරි  දෙනවා තමා......

මා:අයියෝ, අයියේ එහෙම කරන්න එපා මම කොහොම හරි සදුදා දවල් 12 වෙනකොට සල්ලිත් අරන් එදා ආපු තැනටම එන්නම්කෝ..... 

     සිකුරාදා සිට සදුදා වෙන කොට කිව්වා මුදල සාදාගත් අපේ මාරයා කොලුවා අබ්දුල්ව හම්බ වෙන්න ගියා කොළබට. ඇත්තම කියනවනම් ඒ වෙනකොටත් මාරයා රුපියල් ලක්ෂයක් විතර ලැහැස්ති කරන් හිටියේ කලින් ඉදන්ම ඔය රට යන වැඩේට.

      කොලබදී මාරයාව එළියෙන් වාඩිකර එයාර් ටිකටින් ඔපිසියක ඇතුලට ගිය අබ්දුල් එලියට එන්නේ සිංගප්පුරුවට මාරයාගේ නමට රුපියල් 30,000ක් විතර වියදම් කර (ඉතිරි 50 එයාගේ සාක්කුවට) එයාර් ටිකට් එකකුත් අරගෙන. අබ්දුල් නිතර යන එන තැනක් වූ එම ටිකට් ඔෆිසියේ කෙනෙක් ලවා ටිකට් එකත් සමග දෙන white card එකෙහි අදාල පිරවිය යුතු තැන්වල මාරයාගේ විස්තර සටහන් කරන ලෙස දන්වා එලියට එන අබ්දුල් මාරයාට පෙරලනවා තව පොතක්. මොකද මේ වෙනකොටත් රුපියල් 80,000ම මාරයා විසින් අබ්දුල්ට දීල ඉවරයි. ඒත් අබ්දුල් දකිනවා මාරයා ලග තව 10,000ක් විතර තියෙනවා 

අ:මල්ලි පොඩි අව්ලක් තමා උනානේ 

මා:ඇයි අයියේ වීසා එක අප්සට්ද

අ:නෑ... නෑ.... ඔයාව මම සිංගප්පුරු යවන්නේ මගේ බිසිනොස් වැඩකට යන විදියට තමා..... මොකද නැත්නම් රට ජොබ් එකකට යනවා කිව්වම ඔය විදේශ සේවා එකට ඉදලා රජයේ ඒවා වලට බර ගානක් ගෙවන්න වෙනවා....... මට මෙතන පොලිස් රිපෝර්ට් එකක් ගෙන්න කිව්වනේ ටිකට් එක දෙන්න  (මොන රටේද යකඩෝ විසිට් එහෙකට යන එකෙක් එයාර් ටිකට් ගන්න ගියාම පොලිස් රිපොර්ට් ඉල්ලන්නේ)

මා:දැන් මොකද කරන්නේ මෙහෙ පොලොසියකින් එක අපිට ගන්න පුලුවන්ද 

අ:අයියයියා..... යෙක වත් දන්නේ නෙද්ද අප්පා පොලිස් රිපොර්ට් යෙකක් ගන්න යනවා අඩුම ගානේ සති 2ක්.... සති 2කින් රිපෝර්ට් අරන් ඔය සිංගපුරු යනකොට යෙතන ඔයාගේ වෙඩේට වෙන කෙනෙක් අරගෙනත් තිබෙයි........  

මා:අපොයි අය්යියේ දැන් මොකද කරන්නේ අතට ගන්න එක කටට දාගන්න පින නැනේ ......

අ:මල්ලි බය වෙන්න යෙප මට දෙන්න පැය දෙක තුනක් අද මම වැඩිපුර ෂල්ලි අරන් අවේ නැ මොකද කෙලින්ම ඔයාගේ වැඩේ ඉවර වෙලා ගෙදර යන්න ආව නිසා..... මම ගිහිල්ල රුපියල් 10,000ක් විතර තව හොයාගෙන එන්නම් මුට පොඩි සන්තෝෂමක් දීල වැඩේ ගොඩින් බේර ගන්න.......   

මා:අයියා  කොහෙවත් යන්න ඕන නෑ මගේ ලග තියෙනවා තව 10ක් එක අරන් වැඩේ කොම හරි ගොඩ දාගෙන එන්න 

අ:මාෂා අල්ලා .... ඔය තින්නේ මල්ලි දැන්නම් බය වෙන්ඩ එපා විනාඩි 5න් දැන් මම වැඩේ ශේප් කරගෙන එන්නම් 

    ඉන්පසු ට්කට් එක හා විසා එක බවට හගවමින් white card එකත් මාරයාගේ අතට දෙන අබ්දුල් සිංගප්පුරුවේ ඉන්න තම සගයාගේ දොළ පිදේනි ලැහැස්ති කරයි 

අ:දැන් මල්ලි ඔන්න ඔක්කොම ෂරි ඔයාට තින්නේ ලබන සදුදා උදේම එයාර් පොර්ට් එකට ගිහින් ඊස්හා අල්ලා කියලා සිංගප්පුරුවට යන්න ගිහින් මම දෙන මේ නො එකට කෝල් එකක් දෙන්න කසුන් මාත්තිය ඇවිල්ල ඔයාව හෝටලයකට අරන් යයි 

මා: ඒ කියන්නේ මගේ ජොබ් එක හෝටලයකද වැඩ කරන්න තියෙන්නේ 

අ:අයියා....... ඔයාගේ ජොබ් එක හෝටලයේද නෙද්ද කියල මම හරියට දන්නේ නෑ එත් ඔය මේ ටික හොදට ආ ගන්න.... එහෙට ගියාට පස්සේ ඔය කසුන් මත්තිය කියන දේවලට හැර වෙන කව්රුත් කියන ඒවා විස්වාස කරන්න යන්න එපා අනික යේ මත්තිය ඔයාව ජොබ් එකට ගෙනියනකන් හෝටලයක තියයි  ඒ ඇරෙන්න  ඔයාට ජොබ් එකට ගීල්ලා මාසයක් යනවනේ පඩියක් අතට හම්බ වෙන්න එතකන් කන්න බොන්න යේ ඇරෙන්න ඔය පොඩි පොඩි දේවල යේම අරගන්න සල්ලි ටිකක් යේම වැඩිපුර අරගෙන යන්න .......

මා: ආ හරි අයියේ එක අව්ලක් නෑ ... දැනටමත් තව 10ක් විතර මගේ අතේ තියෙනවා ....... දැන් අයියා කියන්නකෝ මට මේ කරපු උදව්වට මම අයියට සලකන්නේ කොමද කියලා......

අ:යේ මොනවද කියන්නේ අපිල මුකුත් පාලාන මේවා කොරේ නේ... යෙත් දහදාක් නම් ඔදටම මදි ඒ ගෙනියන්න මොකද රුපියල් 10,000ක් කයන්නේ සිං ඩොලර් 120ක් යිතරයි..... මදි මදි අඩුම තරමේ ලක්ෂයක් වත් ගෙනියන්න ඕනා ...... 

මා:අප්පා තවත් ලක්ෂයක් !!!! (දැන්නම් මාරයාට දවල් තරු පෙනෙයි)



අ:යි අප්පා මම මේ කින්නේ ඔය ගියාට පස්සේ හරියටම මාසෙක පඩියක්නේ..... යෙක අපි කාටවත් නෙවි ඔයාටම තිය ගන්නනේ.... ඒ නන්නාදුන රටේ මොකක් අරි අදිස්සියක් උනොත් කාගෙන් ඉල්ලන්නද අප්පා .... යෙක නිසා අඩුම තරමේ ඔයගාන නැතුව යන්න නම් යෙපා ..... කාගෙන අරි මාසෙන් දෙන්නම් කියල ලෝන් යෙකක් දාගන්නකෝ අප්පා...... කසුන් මාත්තිය උනත් බලයි ඔය හිස් අතින්ම අවොත් යෙපිලා මේ කාවද තමා එවල තින්නේ කිලා .... යෙක මටත් ෂවුත්තුවනේ අප්පා ........

මා:නැ .. නැ  අයියේ බය වෙන්න එපා තව සතියක් තියෙනවනේ මම එකත් කොම හරි හොයා ගන්නම් ...... බැරිම අතක් අවොත් අම්මගෙන් හරි ඉල්ලලා ගෙන්න ගන්නම්කො .... මට තියෙන පරෂ්නේ මෙච්චර දෙයක් කරලා දීපු ඔයාට මම සලකන්නේ කොහොමද කියලා 

අ:යෙක ගැන දුක් වෙන්න යේපා මම නිතර යෙනවනේ සිංගපුර් ඒ අපු වෙලාවක බැරියැ යේපිට සලකන්න.... ඔය මම කිව්වා විදියට වැඩ ඔක්කොම ලැහැස්ති කරගෙන ඉරිදාට මට කෝල් කරන්න .... අනික මතක තියාගන්න එයාර්පෝර්ට් වලදී කාටවත්ම කියන්න එපා ඔයා ජොබ් එකකට රට යන බව අහන හැමෝටම කියන්න දවස් 10යක ටුවර් එකකට යන බව  

මා:ඒ මොකද අයියා ඒ ?

අ:ඇයි අප්පා මම කිව්වේ ඔය යන්නේ මගේ බිසිනොස් වැඩකට යන විදියට විසිටර් වගේ, නැත්නම් ඔයාට බර ගානක් ගෙවන්න වනවා ගවර්මන්ට් එකට විතරක්..... එහෙ ගියාට පස්සේ ඔයාට ඔක්කොම ටික කසුන් මාත්තියා කරලා දෙයි ... එනම් අල්ලාගෙ පිහිටෙන් සියල්ල හරි යන්න ඕනා ..... යෙපිල ගිහිල්ල එන්නම් ....

මා:අයියා ඔයා මේ කරපු උදව්වට ඔයාගේ අල්ලා බුදුවෙන්න ඕන අයියා...!!  ඇත්තමයි කවදාවත් අමතක කරන්නැ ඔයාවනම් ...... ඔන්න සිං අපු වෙලාවක හම්බනොවී එහෙම යන්න බෑ ... මම ගිය ගමන් ඔයාට මගේ එහෙ ඇඩ්රස් එක එවන්නම්කො........

      මෙසේ ලොවෙත් නැති ප්‍රර්ථනාවක් කරමින් සමු ගන්න මේ අයිය මලෝ නැවත හමු වෙයිද ?????? 

      ඇත්තටම මාරයා සිංගපුරු යයිද ??????

කෝ මේ කිව්ව අනික් කට්ටිය ?????

                                පොස්ටුවෙන් 







45 comments:

  1. මම හිතන්නෙ මේ මාරය මල්ලිගෙ නම දාන්න ඇත්තෙ මාරය මල්ලියා හැමෝටම පාඩමක් උගන්වනව ඇති.
    මාරය මල්ල කියන්නෙ ප්‍රේමදාසට පස්සෙ තෙම්පරාදු වුන අපේ හොදම බොක්ක නෙ.

    ReplyDelete
    Replies
    1. ඔය වෙනද වගේම අදත් බලන් හිටිය වගේ හරියටම කතාව කියලා ..... මාරයා කට්ටියට කොහොමද පාඩම උගන්වන්නේ කියලා අපි ඊලග පොස්ට් වලදී බලමු......

      Delete
  2. මොනව උනත් ඔබගේ මේ ලියවිල්ල ගොඩක් අයට ප්‍රයෝජනවත්.
    කාලීන අවශ්‍යතාවයක් ඔබගෙන් සපිරෙනව මල්ලියො,
    මම ඔබට මෙවැනි දෑ හෙලි කරමින් ලිවීමට සියලු ශක්තිය ලැබේවා කියා පතමි..!!

    ReplyDelete
    Replies
    1. අපි හොදට කාලා බිලා ඉන්න කොට අපේම වයසේ ගොඩක් අය මෙහෙ ඇවිත් විදින දුක දැක්කම ඇත්තටම ජිවීතේ කලකිරෙනවා අයියා.... මම තව කට්ටිය එක්ක එකතුවෙලා ගොඩක් දේවල් කරන්න හැදුව මේකට පිළියම් හොයන්න ඒත් කවදාවත් අමාරුවේ වැටෙන ප්‍රමාණයේ අඩුවක් උනේ නෑ ..... එකට හේතුව මම හිතන්නේ එන අයගේ මේ රට පිළිබද තියෙන නොදැනුවත් කම..... එකට සුළු හරි පිලියමක් වශයෙන් මට තනියම කරන්න පුළුවන් හොදම දේ මේකයි කියල හිතුන නිසා තමයි මේ බ්ලෝග පටන් ගත්තේ.... ඒකට මාව මේ විදියට දිරිමත් කරන ඔයාලට ගොඩක්ම ස්තුතියි......

      Delete
  3. සිංගප්පුරුවටත් බෝට්ටුවෙන් යන්න බැරිද :)

    මෙලෝ රෙද්දක් කරගන්න බැරුව රට ගිහින් ආප්ප තම්බන්නද ?

    ReplyDelete
    Replies
    1. ඇයි යෙකෝ සිංගප්පූරුව වටේටම තියෙන්නේ මූහුද නේ.

      Delete
    2. සින්ගපුරුවට මොකටදබන් බෝට්ටුවෙන් යන්නේ .... දැන් මම හිතන්නේ රුපියල් 25,000කට විතර යන්න එන්න එයාර් ටිකට් එකක් ගන්නත් පුළුවන් ....... නේද නලින් අයියා???

      Delete
  4. සිරාම කතාව මේ අලුගුත්තේරු වැඩ හොඳට හිතේ තියාගන්න එක හොඳා රට යන්න ඉන්න කෙනෙක්. මාත් දැහිං දැක්කනේ ඕවැයිං ටිකක්. ලියහං රාලේ මේවා දිගටම ලියහං. මේ කරන්නේ උත්තම සේවාවක්.

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නේ ඔය කථාවේ නලින් කියල එකෙකුත් ඉන්නවා නොවැ ඉස්සරහට ......

      Delete
  5. // (කලිනුත් කිව්වා මේ මගේ පළමු පොට්ටුවට මුලින්ම කොමෙන්ට් කරන්න .....)//

    ඔක්කොටම ඉස්සරවෙලා කියපංකො උඹේ ‘පළමු පොට්ටුව‘ මොකක්ද කියල. :)

    අම්මෝ .... මෙහෙමත් ගල් ආ‍ඳො. මෙහෙම එවුන්ට අහුවෙල ඇඳන් ඉන්න කලිසමවත් බේරගෙන යහතින් ගෙදර යන එකත් ලොකු දෙයක් බං.

    ඉතුරු කොටස සති ගනන් ගතකරන්නෙ නැතුව ඉක්මනට දාපන්, අරී ....

    ReplyDelete
    Replies
    1. මොකෝ.... මල්ලි ලීලීලීලීලී.............චන්ඩි ද...?

      Delete
    2. පලවෙනි පොට්ටුව මැලේසියන් ඇපල් 1 (http://onemalaysiasinhala.blogspot.com/2013/06/blog-post.html)

      මොන පිස්සුද කලිසම නෙවි මුන්ට අහුඋනම කලිසමට වහන් ඉන්න ඒවත් බෙර ගන්නවා බොරු ....

      දානවා දානවා ඉක්මනට දානවා උබ ස්ප්‍රේ කරන්නැතුව ඉදපන්,.... මට මදුරු තෙල් ඇලජික් ......

      Delete
  6. විහිළුවෙන් වගේ වුනත් මේ කරනේ නම් සේවයක් මචෝ. බලන් ගියාම මට සැකයි උඹ හෙන ගේම් කාරයෙක්ද කියලා.

    ReplyDelete
    Replies
    1. හි හි හි ඔව් ඉතින් ලියන ඒවා දිහා බැලුවමත් මම ඒවා හොයා ගත්ත හැටි කල්පනකරාමත් .... මමත් එකතරා ගේම් කාරයෙක් තමයි මචෝ ......

      Delete
  7. නියමයි මචෝ.....දිගටම මේ වගේ දේවල් ගැන ලියන්න..ගොඩක් රට ගාය තියන උන්ට මේව වැදගත්.අපිට මේව කියවල දන්නෙ නැති කෙනක්ට උනත් කියන්න පුළුවන්නෙ මෙහෙම ගේමුත් තියනව කියල,,දිගටම කරගෙන යන්න,,

    ReplyDelete
    Replies
    1. හරි හරි මචෝ උබල බලනවානම් , බලල පාඩම් ඉගෙන ගන්නවානම් කොල්ලා දිගටම ලියනවා ....

      Delete
  8. මරු මරු මරු මරු මරු මරු මරු ........

    හම්බෝ යේක පට්ට අප්පා ......
    ඔන්න රැලේ මමත් අව එහෙනම් ,,, මාරුවට ලියල තියෙනව.. කලින් පොස්ටු ටිකත් හිමිහිට කියවන්ඩ ඕනි .....

    ReplyDelete
    Replies
    1. එල එල එල එල එල ..... එහෙනම් කියවලම බලන්නකෝ පරණ ටිකත් රටගාය එහෙම තියෙනවනම් නිට්ටාවටම සුව කරගත්තකි

      Delete
  9. නියමයි. මේ වගේ ලිපි කලින් බ්ලොග්වල තිබුනෙ නෑ නෙව.

    ReplyDelete
    Replies
    1. එකනේ මම දැන් අලුතෙන් ලියන්නේ ........

      Delete
  10. පරපෝෂතයෝ තමයි වැඩි. අනිත් එක උන්ටමනේ බං හරියන්නේ.

    ReplyDelete
    Replies
    1. සම්පුර්ණ ඇත්ත.... වෙලාතියෙන්නේ අපේත් ඉතින් ගොන් රැලවල් පිටින්නේ ඉන්නේ මුන්ට අහුවෙන්න

      Delete
  11. මේ වගේ නසරානියන්ට අහුවෙලා ජීවිත කාලයම දුක්වෙන මිනිස්සු ඉන්නවා මැලේ රාළ.දිගින් දිගටමත් වෙන එක තමයි අවුල.

    ReplyDelete
    Replies
    1. ඊටත් හපන්නේ බන් එකාම දෙතුන් සැරයක් අහුවෙන වෙලාවලුත් තියෙනවනේ බන්

      Delete
  12. “සල්ලි ගොඩාක් හම්බ කරන්න“ මේක නරකම හීනයක් වැරදි පැත්තට ගියොත්.

    මේක මගේ යාලුවෙක්ට උන සිද්ධියක්.

    මංතිරියෙක්ගෙ මල්ලි කෙනෙක්. වයස 25ක් විතර ඒකාලෙ දැන් 30යි. මුගේ ට්‍රයි එක රට පනින්න. හි හි. ජොබ් කරන්නද, සුදු හමටද දන්නෑ. රට ජොබ් කරන්න ඉස්සෙල්ලා ලංකාවේ ජොබ් එකක් කරලා ඉන්න එපායෑ... බොඩිය නම් අර බයිසිකල් හැඩල් ගිල්ල රංජගෙ වගෙ. ඒක පෙන්නගෙන පාර ගාව හිටපු එක තමා කරපු ජොබ. :D.

    දවසක් අපි ඔතන ඉන්න කොට අපේ අතිජාත මිත්‍රෙයක් ආවා. ඇවිත්ලා කිව්වා...

    මචං නියම ජොබක් තියනව නියම සැල් එක. ක්ලීනින්ග් සීන් එකක් වුනත් එකාමාරක් විතර සැල් ෂූවර්, හැබැයි මාස 3න් තමා නිවාඩු. කැමති නම් සති 3-4න් සෙට් කලෑකි... වගෙ සට සට ගාලා කියෝගෙන කියෝගෙන ගියා...
    ‍්
    මේක ඇහුන මංත්‍රී මල්ලියාට.. උගෙ ඉහේ මලක් පිපුන වගෙ මූණ...

    අඩෝ මට සෙට් කරපංකො කියල පැන්න ගමන් කිව්ව...

    අතිජාතක් කිව්ව ආහ් උම්බට අවුලක් නැහැ. උම්බටනම් ටස් ගාලා යන්න පුලුවන්...

    පස්සෙ මුගෙ කික් එකට මූ ඌට තිබ්බ ප්‍රශ්න වැලක් අහන්න ගත්ත.

    ඉදුම් හිටුම් කෑම බීම වෛද්‍ය පහසුකම්.. ඔක්කොටම මුගෙ හිත ගිහින් දැන් මූ නිකං ජොබ් එක කරනවා වගේ මූණෙන්...

    දැන් මොන රටටද මචෝ සෙට් වෙන්නෙ කියල පොර අන්තිම පුරස්නෙත් ඇහුව...

    අපේ අතිජාතයාගෙ කට කොනට පොඩි හිනාවකුත් එක්ක පොර කියාපි - ඒක තමයි බන් පොඩි පුරස්නෙකට තියෙන්න “රටක් නැහැ“ මේක තියෙන්නෙ අර මුහුද මැද තියන තෙල් කණින ඒවා වල. කියලා....

    ReplyDelete
  13. පුදුමයි මචන් පොර නොගිය එක

    ReplyDelete
  14. ඔන්දට ලියලා තමා තීනව. යීලග කොටෂ ලගදීම දාන්ඩ අයියා...

    ReplyDelete
    Replies
    1. යෙපිල ලියාන යේනව දැන්..... යෙට ඉතර දන්නා තමා ඉන්නේ ....

      Delete
  15. අම්මෝ දවස් දෙකක් ගියා කියවන්න.

    ReplyDelete
    Replies
    1. කියෙව්වට පාඩු උනේ නැනේ මචෝ .......

      Delete
  16. සෑහෙන දොහක ඉදන් එන්න හිතාගෙන හිටියත් උඹව බලන්න අද තමයි එන්න ලැබුනෙ...වෙලාවක හමුවෙලාම කථා කරමු...මොකද මමත් ඉන්නවා ඇත්තෙ උඹට ආසන්නව වෙන්න ඇති...ජය !

    ReplyDelete
    Replies
    1. මෙන්න බොලේ සිරා ත් ඇවිල්ල මේ පැත්තේ .... බොහොම ආදරයෙන් පිලිගන්නවා...... ඔව් ඔව් වෙලාවක හම්බ වෙමුකෝ .......

      Delete
    2. හම්බුනාට කමක් නෑ. දෙන්න එක්ක සෙට් වෙනවා එහෙම නෙවෙයි.

      Delete
    3. හම්බුනාට කමක් නෑ. දෙන්න එක්ක සෙට් වෙනවා එහෙම නෙවෙයි.

      Delete
    4. රට්ටු කියනවා මේ දෙන්නම එක්කෙනෙක් කියලා මෙයා ඔන්න මම නම් දන්නේ නෑ

      Delete
  17. මම හිතුවෙ රෙදිකෑල්ලත් සල්ලි දිල අරගෙන මහල ඈදගන්න එකෙක් කියල.එත් කෙන්ජිගෙ කමෙන්ට් එකෙන් පස්සෙ පොඩ්ඩක් කල්පනාකරන්න උනා

    ReplyDelete
    Replies
    1. ඔන්න අනුන්ට තොප්පි දානවා එහෙම නෙවි

      Delete
  18. දෙවැනි කොටසට ගියාම පලවෙනි කොටස නැතුව බෑ කියල තිබුන හින්දා ඔන්න පලවෙනි කොටස කියවලම හිටියා. දැන් හෙමිහිට දෙවැනි එකත් බලන්න ඕන.

    ReplyDelete
    Replies
    1. අන්න හරි පිළිවෙලට තමයි වැඩ කරන්න පුරුදු වෙන්න ඕනා

      Delete

  19. කොහොමහරි ඔලුව උස්සන්න බලන් ඉන්න අයටමනේ මෙහෙම වෙන්නේ රාලේ.. හිතට දුක ඒකයි.. මේ වගේ ලිපි මව්බිමට යවන්න..එයාල ඵල කරාවි..

    ReplyDelete
  20. ඔලුව උස්සන්න කියල උනත්, ඔලුව පාවිච්චිකරන්නේ නැතුව වැඩ කරොත් ඔහොම වෙනවා මචන්......
    හරි ට්‍රයි එකක් දැන්නම් පත්තරේට යවන්න....දැන හැදුනුම් කමක් තියේනම් මේක යවපන් මචන්

    ReplyDelete
  21. නියම කතාවක් කොල්ලේ. උඹ අපිවත් මේවට ගාවයිද මන්දා?

    ReplyDelete
    Replies
    1. අපෝ ඒවගේ කැත වැඩ මගේ ලග නැනේ අයියා......

      Delete