මම S. L. මැලේ රාළ

මම ලංකාවේ පොරක් මැලේසියාවේ ජොබක් කරන.... මට මේක ලියන්න හිතුනේ අනික් බ්ලොග් කියවල ඒවා දැක්කම මෙහෙවෙන දේවල් අනික් කට්ටියටත් දැන කියාගන්න කියල තමයි .

අවූරුදු ගානක් තිස්සේ මෙහෙ ඉදන් අහපු දැකපු, සිද්ද උන හා දැනටත් සිද්දවෙමින් පවතින දේවල් තමයි මම ඔයාලට කියන්න යන්නේ ඕන්.....

Tuesday 23 July 2013

කවුද බොලේ ශ්‍යාම් ???? 3

පාත්  ති (3 කොටස)

   ඔන්න තුනටත් ආවා කියන්නකෝ........ ඒ අතරේ එක බලපු නැති අය ඉන්නවනම් (සිතුම් මල්ලියා වගේමෙන්න මෙතනින් එක බලන්න පුළුවන්. 
    දෙක බලපු නැති අයට මෙන්න මෙතනින් දෙක බලන්න පුළුවන්. දැන් ඔන්න තුනට ,

      චේල්ලා, නිශාන්ත සහ ශ්‍යාම් මේ තුන්දෙනා ගේ සාකච්චාව ඔන්න මෙහෙම යනවලු 

චේල්වම්: හරි උබ කියන කතාව ඇත්තනම් මෙන්න මගේ අත්සන ගහල පෙන්නපන් 
     චේල්ලා අත්සන් කරන ලද සුදු කොලයක් සමග පැන ශ්‍යාම්ට දෙයි. ශ්‍යාම් දෙවරක් පමණ උත්සහ කොට ඊලග සැරේ චෙල්ලටත් වඩා හොදින් ඔහුගේ අත්සන ගසයි.

නිශාන්ත: මම කිව්වේ සර් කොල්ල නියම වැඩ කාරයා. දැන් සර් මොකද කියන්නේ 

චේ: හරි උබ මට විස්තරේ කිව්වට පස්සේ කතාව ඇත්තනම්  කරන්න ඕන දේ මම ප්ලැන් කරගෙනමයි ආවේ...... මට කියපල්ලකෝ දැනට උබල ගාව තියෙන හොර සීල් මොනවද කියලා.......

නි:දෙක තුනයි සර් ලංකාවේ එයාර් පොර්ට් එකෙන් ගහන පිටත් වුනා කියන සීල් ඒකයි මෙහෙන් ගහන ඇතුල් උනා කියන එකයි ලංකාවේ මැලේසියන් එම්බසි එකේ ගහන මස 3කට විසා approve කියන සීල් එකයි ........ 

ශ්‍යාම්: ඇයි අයියේ මෙහෙ එනකොට ගහන දවස් 30 විසිට් වීසා සිල් එක 

නි: ආ ඔව් .... මම මේ මතක් කර කර හිටියේ අනිත් එක මොකද්ද කියලා ඔක්කොම 4යි 

චේ: හරි හෙට උදේම ඔය සීල් හතර කොලේක ගහලා මට ගෙනත් දීපන් .... අපිට පුළුවන් සෙට් වෙලා රජ ගේමක් දෙන්න එකට අපි උදව් ගන්න ඕනා මෙහෙ එයාර්පෝර්ට් එකේ ඉමිග්රේෂන් එකෙනුත්..... එකට ඕන පුද්ගලයට විස්තරය කියලා මම එයත් එක්කම එන්නම් ලගදීම දවසක ආයි කතා කරන්න 

  මෙසේ විසිර යන තුන් කට්ටුව නුදුරු දිනකම අලුත් අමුත්තකු සමග ගඟබඩ නිස්කලංක තැනක නැවත මුණ ගැසේ..... මේ එදා...... 

  පලමුවෙන්ම චේල්වම් නව අමුත්තාව එයාර්පෝර්ට් එකේ වැඩ කරන ඉමිග්රේෂන් ඔෆිසර් කෙනෙක් හැටියට හදුන්වා දේ.... එක තමයි චෙල්වා කල ලොකුම මෝඩ කම...... ඒ විස්තර පසුවට ........    ඉන්පසු කතාව මෙසේය 

චේල්වම්: මුලින්ම ඔයාලගේ සීල් ආයි අලුතෙන් කපන්න ඕනා මොකද ඒවායේ පොඩි පොඩි අඩු පාඩු තියෙනවා අපි කරන දේ කාටවත් හොයන්න බැරි වෙන්නම කරන්න ඕනා...... ඔයාලට එක කරන්න පුලුවන්ද

ශ්‍යාම්:සීල් නම් මට අලුතෙන් කැප්පුවැකි සර් දැන් අපි මොකද්ද කරන්න යන්නේ 

චේ:මෙන්න මේකයි වැඩේ දැන් අපි ලගට එනවනේ ඔය විසිටර්ස්ලා හැටියට ඇවිත් ප්ලාන්ටේෂන්  විසා, ජෙනරල් විසා වගේ ඒවා හදන්න කට්ටිය එයාලා ඕන වෙලාවක බැලුවොත් මෙහෙ මස ගණනාවක් overstay. එක නිත්‍යානුකුලව clear කරන්න ගියොත් රිංගිට් දෙතුන් දාහක් යනවා ඒ වෙනුවට අපි එයාලට දෙනවා option එකක්. එක තමයි මෙන්න මේ අපි කරන්න යන වැඩේ 

    නිශාන්තගේ කටට මැස්සෙක් යයි (කට ඇරගෙන කතාව අහන ඉන්න නිසා) චේල්වම් විස්තරය දිගහරි 



දැන් ඔය එන කෙනෙක් අපි හිතමු එන්නේ මාර්තු පලවෙනිදා කියලා එතකොට එයාලට දින 30කට staying වීසා එකක් හම්බ වෙනවා එයාර්පෝර්ට් එකෙන්.... ඒ කියන්නේ මාර්තු 30 වෙනකම්... ඊට පස්සේ මේ මිනිහා overstay වෙනවා මස 3ක්. එතකොට තමයි ඔය මිනිස්සු අපි ලගට එන්නේ විසා හදන්න. ඒ කියන්නේ ජුලි මුල විතර...... එතකොට අපිට, මෙයාට approval එකක් .. මම කියන්නේ calling letter එක ගන්න තව මාසයක් දෙකක් විතර යනවා. දැන් ඔක්කොම මාස 5ක් overstay. ඔය මාස පහ ක්ලියර් කරන්න අඩුම තරමේ දාහක් වත් යනවා 


    ඔන්න දැන් තමයි අපේ වැඩේ පටන් ගන්නේ අපි අර මිනිහගේ පොතට මුලින්ම ගහනවා මාර්තු 25 විතර රටින් පිටවුනා කියන මැලේසියන් හොර සීල් එක.........
    ඊලගට ලංකාවට එදාම ඇතුළු උනා කියන එකෙත් හොර සීල් එක.   දැන් අපි හිතමු අපේ calling එක issue වෙලා තියෙන්නේ අගෝස්තු මාසේ 20 විතර එතකොට calling අයිතිකාරයා ලංකාවෙන් එන්න ඕනා ඒ මාසේ අන්තිම විතර.
එතකොට අපිට අයේම ගහන්න ඕන ලංකාවෙ මැලේසිය එම්බසි එකෙන් ගහන විසිට් වීසා පාස් එකත් හොරට එතනදී තමයි ශයම්ගේ වැඩේ තියෙන්නේ .... ඒ පාස් එකේ ඔයා හරියට අත්සන් කරන්න ඕන ලංකාවේ මැලේ එම්බසියේ වීසා නිකුත් කරන ඔෆිස්ර්ගේ අත්සනම ..........


 අන්තිම එක තමයි හොරට ගහන, සැප්තැම්බර් මුල විතර ලංකාවෙන්  මෙයා පිටත් වුනා කියල ගහන එක.... එතනින් එහාට තියෙන ටික බලා ගන්නේ මේ අපේ ඔෆිසර් මහත්තය. ඔය ඔක්කොම සීල් ගහල අත්සන් ගහලා මහත්තයට පොත ගිහින් දුන්නම එයා ලංකාවෙන් පිටත් උන දිනේටම මැලේසියාවට ආවා කියල ගහන සිල් එකත් ගහල, අර දින 30ක් staying වීසා සීල් එකත් ගහලා, ඒවා නියම විදියට සිස්ටම් එකටත් එන්ටර් කරලා, පොත අපිට දෙනවා එතකොට පොතේ තියෙන්නේ මේ මනුස්සයා මාර්තුවල ඇවිල්ලා විසා ඉවර වෙන්න කලින් අපහු ගිහිල්ලා කෝලින් එක හම්බ උනාට පස්සේ සැප්තැම්බර් විතර මෙහෙට අපහු 2වන සැරයටත් ආවා වගේ .....

 නි: මගේ අම්මේ සර් මාව නිකන් තාම කැර කෙනව වගේ...... ඇත්තටම ඕක කරන්න පුලුවන්ද 

ඔෆිසර්: ඇත්තටම ඕක කරන්න පුළුවන්.... ඕක කරාට පස්සේ මැලේසියාවේදී ඔය පොත සියයට සීයක්ම නිත්ත්‍යනුකුලයි. එත් කවද හරි ලංකාවට යනකොට එයාලගේ සිස්ටම් එකේ තියෙන්නේ අර මනුස්සය මුලින්ම මෙහෙට ආපු දවස ගැන විතරයි. එතකොට අපි හොරට ගහපු සීල් ගැන ලංකාවේදී ප්‍රශ්නයක් වෙන්න පුළුවන් 

 නි: ඉතින් එකට මොකද්ද කරන්න පුළුවන් 

ඔ: ක්‍රම 2ක් තියෙනවා එක තමයි අඩුම තරමේ ඕක කරලා අවූරුදු 2ක් වත් යනකම් ලංකාවට නොගිහින් ඉන්න එක මොකද සිස්ටම් එක අවූරුද්දක විතර කාලයක විස්තර විතරයි සාමාන්‍යයෙන් තියාගන්නේ... දෙක තමයි ඊට කලින් යන්න උනොත් ලංකාවේ එයාර්පෝර්ට් එකේ ඔෆිසර් කෙනෙක්ව කලින් සෙට් කරගෙන හිමිට එතනින් යන එක  

චේ: ක ඔයාල හොයල බලන්න ඕනා මොකද්ද කරන්න පුළුවන් කියලා

ශ: ඇයි ඕකට තව ක්‍රමයක් තියෙනවනේ සර් ..... මම කරපු වැඩේ... ඔය සිල් ගහලා අත්සන් ගහලා ඊට පස්සේ මෙහෙ වර්කින් වීසා එකත් ගැහැව්වාට පස්සේ පොත මම කරා වගේ වතුරේ දාලා, මෙහෙ එම්බසියට ගිහින් අලුත් පොතක් ගන්නවා ඊට පස්සේ අර කතන්දර මුකුත් නැ ඕන වෙලාවක ලංකාවට බැස්ස හැකියි.......

ඔ: ඒ වැඩෙත් හරියටම හරි තමයි....... ඉලන්දාරියා උබටනම් හොද අනාගතයක් තියෙනවා වගේ 

නි:දැන් අපි මේ වැඩේ පටන් ගන්නේ කවද්ද ? මේ වැඩේට අපි කියක් අය කරනවද ?

චේ: මම ඕක මේ ඔෆිසර් එක්ක කතා කරා අපිට මේ වැඩේ හරියට කරන්න ගත්තොත් දවසට පොත් 5ක් හයකට විතර සීල් ගහන්න වේයි...... ඔයාල මම අර කිව්ව විදියට මුල් සීල් ටික ගහලා පොත් දවස ගානේ මට දෙන්න මම ඒවා ඔෆිසට යවලා එන්ට්‍රි  එක දාලා දවසකින් දෙකකින් අයේ ඔයාලට දෙන්නම්.... එකට මට 100කුයි ඔෆිසර්ට 100කුයි දෙන්න. ඒ කියන්නේ අපි දෙන්නටම 200යි. ඔය දෙන්නත් 100 ගානේ 200ක් තියාගෙන ඔක්කොම 400ට කරමු .......

නි: ඔව් එහෙම හොදයි අපි එහෙනම් වැඩේ පටන් ගමු පුළුවන් තරම් ඉක්මනට. 

      ඉක්මනින් මේක පටන් ගන්න උවමනා ඊලග සැලසුම් හදාගෙන කට්ටිය එදා විසිරුනා...... නිශාන්තනම් යන්න කලින්ම තමන්ට ලැබෙන්න යන ලාබය ගැන ගන්න හැදුව මෙහෙම 
    දවසකට පොත් 5යි ඒ කියන්නේ RM 500යි සතියට දවස් 5ක් කරොත් 2500යි ඒ කියන්නේ මාසයට RM 10,000/-යි ලංකාවේ සල්ලි වලින්නම් ලක්ෂ තුනහමාරක් විතර..... නරක නෑ

  එත් ශ්‍යාම්ගේ ඔලුවේ දිව්වේ ලාබයට වඩා මේක වැඩිදියුණු කරන ක්‍රම ගැන ...එත් ඒ ක්‍රම ශ්‍යාම් කාටවත් කිව්වේ නෑ.....පහුවෙලා ක්‍රියාත්මකම කරා ... ඒවා ඉදිරියට .......

  එදා කතා කරගත්ත විදියට මේ ආරම්භ කල වැඩේ මැලේසියාවේ බොහොම ඉක්මනින්ම ජනප්‍රිය උනා පොතට යු ටර්න් ගහනවා කියන නමින්. මොකද මේ ක්‍රමයේදී වෙන්නේ අයිතිකාරයා මෙහෙම හිටියත් ආපහු ලංකාවට ගිහින් මෙහෙ ආවා වගේ පේන නිසා ......


මෙහෙම ඉදිරියට මෙම සිදුවීම් ගාලා ගියේ මෙසේය.....

   නිශාන්ත මැලේසියාව පුරා කරක් ගසමින් U ටර්න් ගහන්න මිනිස්සුන්ව හෙව්වා සමහර මාස වල පොත් 50ත් පැන්නුව කියලා තමයි ආරංචිය .... ඒත් මිනිහගේ අතේ ඕනවෙලාවක සතේ නැ.... ඒ හම්බ කරපු සල්ලි වටේ හිටිය නංගිලටයි අක්කලටයි වියදම් කරපු නිසා.....

චෙල්වම් පුරුදු පරිදි තමන්ගේම වීසා හදන අයට මේක හදුන්වල දීලා හොඳට  හම්බ කරා....

  නිශාන්ත හා චේල්වම් සිද්ද වුන සිදුවීම් නිසා මෙවැනි නිත්‍යානුකුල නොවන වැඩ වලට පෙලබුනත් ශ්‍යාම් උපතින්ම මෙවැනි වැඩවලටම ලොවට බිහිඋන කෙනෙක්..... 

    ඉතින් ශ්‍යාම් මොකද කරේ මුලින්ම හොඳ ගෙයක් කුලියට අරන් පදිංචි උනා.. වම, දකුණ අත් දෙක වගේ තමන්ට හිතවත් කොල්ලෝ දෙන්නෙක් ප්‍රමුක කොලු ටීම් එකකුත් හදා ගත්තා .... තව හොඳ කාර් එකකුත් ගත්ත කියන්නකෝ.... ඊලගට මේකෙම 2වන පියවර හැටියට කොල්ලා මේක මෙහෙම වැඩි දියුණු කරා 

   ලංකාවේ විතරක් නෙවි ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය වගේ රටවල ඉදල overstay වෙන අයටත් ඔය විදියටම ඒ ඒ රටවලට U ටර්න් ගහලා දුන්නා 

 ඔය අතරේදී ශයම්ගේ අර රත්තරන් බාප්පා කෙනෙක් එනවා මැලේසියාවට ....... මිනිහා මෙහෙ මේ U ටර්න් කතාව දැකල යෝජනා කරනවා තව අලුත් කතාවක් ......

     ඒ තමයි දැන් ඔය ලංකාවේ ඉන්නවනේ රට ගාය ඉස්මුදුනටම ගහපු එවුන් උන් ලස්ස නමයක් දහයක් දීලා කෙන්ජිගේ රටට හරි යුරෝපෙට හරි යන්නම තමයි දගලන්නේ ...... දැන් මේ බාප්පල පුතාලා සැට්වෙලා මේ වගේ ඔටුවෝ සෙට් එකක් බැස්සුවා මැලේසියාවට.. ඇත්තම කියනවනම් උන් දන්නෙත් නැ උන් මෙහෙ ආවේ මොකටද කියලා මාසයක් මෙහෙ ඉදල යන දවසේ උන්ගේ පාස්පෝර්ට් එක අතට දෙනවා ඒජන්ට්......  ඒවායේ තියෙනවා මෙන්න මෙහෙම 

  1. 2007 ජනවාරි 10 මැලේසියාවට ආවා
  2. ජනවාරි 15 මැලේසියාවෙන් ගියා ඉන්දුනීසියාවට 
  3. ජනවාරි 20 ඉන්දුනීසියාවෙන් පිලිපීනයට 
  4. ජනවාරි 25 පිලිපීනයෙන් තායිලන්තයට 
  5. ජනවාරි 30 තයිලන්තයෙන් සිංගප්පුරුවට
  6. පෙබරවාරි 5 සිංගප්පුරුවෙන් ආයි මැලේසියාවට 
  7. පෙබරවාරි 8 බත්කන හරක් ටික ආපහු ලංකාවට 
  ඊට පස්සේ ඒජන්ට් කියනවා දැන් උබල මෙහෙ ඉදන් ලංකාවට යනකම් අහන ඕන කෙනෙක්ට ඔය පොතේ තියෙන විදියට , පිළිවෙලට කියපල්ලා ඕක තමයි අපි මාසයක් තිස්සේ ගිය ඒසියා ටුවර් එක කියලා, ලංකාවට ගිහින් මස 2කින් මම උබලගේ පොතට ඕන යුරෝප් රටක වීසා එකක් අරන් දෙන්නම් මේ පොත පෙන්නලා...... ( එක එහෙම උනාද කියලා දන්නේ ඉතින් උන්ම තමයි)

ශ්‍යාම් කොලුවා කොහොම හරි මේ විදියෙනුත් සැහෙන ගානක් හම්බ කරා... ඔය එක ඔලුවකට රුපියල් 50,000ක් ගත්ත කියල තමයි ආරංචිය. කොල්ලො කොහොමත් 100ක් 200ක් විතර ඇවිත් තියෙනවා සැරින් සැරේ....

     "ලෝකය පෙරලෙයි කාලේ ගෙවී යයි මරුවා ලඟා වෙනවා ........
සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි ලොදම් කැරකෙනවා ....."

     ශ්‍යාම්ටත් ඉතින් ඔය දේම උනා..... ඒ විස්තරේ මේ කථාමාලාවේ අවසන් කොටස වන ඊලග පොස්ටුවෙන් ................

ප.ලි.
 බැනලා හරි කොමෙන්ටුවක් දාපල්ලා බන් .......
මගේ බ්ලෝග සින්ඩි වලට එල්ලුවට එල්ලිලා නෑ බන් දන්නා පිංවතෙක් ඒ සදහා උදව් කරන්නෝ.........


30 comments:

  1. ෂෙහ් ... ඔන්න කරනවනම් බිසිනොස්, නැද්ද මං අහන්නෙ.

    ReplyDelete
    Replies
    1. හි හි හි අපි කරොත් පහුවදාට කුඩුවේ කියයි.......

      Delete
  2. ලෝකේ කාලා වතුර බොනවා කියන්නේ මෙන්න මේ වගේ වැඩවලට යි!

    ReplyDelete
    Replies
    1. ඔකට දස්සයෝ ඉතින් අපේ ලංකාවේ එවුන්ම තමයි

      Delete
  3. මාර බඩු තමා මැලේ රාලත් ඕවට හවුල්ද? මෙහෙම ඇහුවට අවුල් වෙන්න එපා ජොලියට අහන්නේ.

    ReplyDelete
    Replies
    1. එකනේ අයියේ රාළ හවුල් වෙන්න හිතනකොට .. මුන් අවුල් වෙලා මාරු ..... දුකට තමයි විස්තරේ වත් ලියල දාන්නේ.....

      Delete
  4. මේවා දැණුවත් කරන එක බොහොම හොඳයි. උඹේ එක කියවන්න, උඹ අනුන්ගේ ඒවා කියවනවද? වැපිරූ තරමට තමා අස්වැන්න. අපි පෝර දැම්මට වැඩක් නෑ.. අනික මේ එකම දේ ලියන කොටත්, එපා වෙනවා..

    ReplyDelete
    Replies
    1. පුළුවන් හැම වෙලාවේම කියවනවා අරමම උඩම ලියලා තියෙන්නේ ඒවා කියවන නිසා තමයි මේක ලියන්න හිතුනේ කියලා

      Delete
  5. හා හා ඔන්න කියෙව්වා... :D

    ReplyDelete
    Replies
    1. අනේ මූට පොඩි පබ්ලිසිටියක් දියන් බං.. අපරාදේ කියන්නේ මක්කා හරි ලියනවා.. කාගේ උනත් දරුවෙක්නේ..

      Delete
    2. ඇයි අපි යක්කුද?

      Delete
    3. කියවල විතරක් මදි මාරයෝ ..... මාතලන් කියලා තියෙන විදියට වේද කරන්න නැත්නම් අම්මා ගහයි බැට් එකෙන් ............

      Delete
  6. pls keep on writing!!!!!!!!!!!
    the people like us (don't know much about writing & living out of the country) are the guys really enjoying these things.

    keep it up bro!!!!!!!!!!!!!

    ReplyDelete
  7. මුන් නම් අම්මලගෙම පුත්තු තමයි.
    මෙවුන්ගෙ ගැට වලට 90%ක් අහුවෙලා කෙලව ගන්නව වගේම,අසුව දශකය අවසාන භාගයේ සිට 2000විතර මුන්ගෙ පිහිටෙන් යුරෝපයට ගිහිල්ල අසයිලම් ලබාගෙන ගොඩ ගිය කොටසකුත් නැතුවා නොවේ.
    හුගක් අය ෆ්ලයිට් එක ඇතුලෙදි පොත ඉරල ටොයලට් එකට දාල තමයි යන රටට බහින්නෙ.
    කොරනව නම් ඔන්න බිසිනොස් බෙල්ල ගහල යන්න.

    ReplyDelete
    Replies
    1. යුරෝප් යන්නනම් කමක් නැ..... සමහර පොරවල් වැරදි තොරතුරු නිසා මෙහේ එද්දිත් ඔහෝම පොත ඉරල මාසයක් විතර මෙහෙ හිරේ ඉදල එම්බසියෙන් පොත හදලා දුන්නට පස්සේ ලංකාවට ගිහින් එහෙත් දවස් 14ක් ඇතුලේ ඉදලම ගෙදර ගිහින් තියෙනවලු

      Delete
  8. රාල,උඹේ මේල කොහෙ හරි කොටල තියහන් බං.මොනව හරි ඔහේ ලින්ක් එකක් අහු උනොත් එවල දාන්න.එතකොට ඔබට පුළුවන් හොද නම් පොඩි කතාවක් ලියන්න.

    ReplyDelete
    Replies
    1. ලොකු අය්යේ මේල තියෙනවා View my complete profile එක ඇතුලේ ..... තම එළියේ දාන විදිය සෙට් උනේ නෑ අප්පා

      Delete
  9. හපොයි දෙයියනේ.. කී දාහක් අතරමං කරන්න ඇද්ද.. අපේ මී හරක්ටත් ඉතිං රට යන්න තියෙනවනං එච්චරයිනේ...

    ReplyDelete
  10. යකෝ උඹව මෙහෙ හිරේ දාන්න ඕනේ ආපු ගමන්, ආපුවාම මට පණිවිඩයක් දියන් පොලිසියට කියන්න.

    ReplyDelete
    Replies
    1. දෙහි හාන්දුරුවනේ...... සන්නාරන් මෑණියනේ මම මොනවා කොලාටදැයි මාව හිරේ දාන්නේ ??????

      Delete
  11. අපරාදේ කියන්න බෑ මැලේ රාල අපේ @ත්තිගේ පුතාලා කරන මේ වැඩ හන්දා අපිට වීසා දෙන රටවල් තියෙන්නේ බොහොම ටිකයි. බලපං US passport එකකින් ලෝකේ ඕනෙ රටකට කිසි අවුලක් නැතිව යන්න පුලුවන්(සතුරු රටවල් ඇර) අපිට වඩා පිළිගැනීමක් මෝල්ඩිවියන් පාස්පෝර්ට් එකට ලෝකෙ තියෙනවා කිව්වොත් උඹ පිළිගන්නවද?

    ReplyDelete
    Replies
    1. පිලිගන්නවා විතරක් නෙවි මම ඕක අත්විදිනවා ...... ඔපීසියේ වැඩ වලට පිටරටක යන්න උනාම අපි දේ තුන් දෙනෙක්ගේ පාස්පෝර්ට් එකට දෙන්නේ යනරටේ මෙහෙ තියෙන එම්බසියට අනිත් එවුන් මැලේ හරි චීනහරි උන්ගේ පොත් දවස් 3න එනවා වීසා වැදිලා මගේ පොත සති දෙකකින් එනවා ලංකාවේ නිසා රිජෙක්ට් වෙලා.....

      Delete
  12. ඈග කිලිපොලා යන ජවනිකා ඈතුල සුපිරි කතාවක් නෙ බොලෙ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කිලිපොලා යන කැල්ල තියෙන්නේ ඊලග කොටසේ .......

      Delete
  13. පළමු ලිපිය කියෙව්වාට පස්සේ අද තමා ආයේ මේ පැත්තේ ආවේ.රට ගාය තියන අයට කියවන්න වටිනාම ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ඔන්න බලන්න ඔයාලට අපිව අමතක වෙලානේ........ තව ගාය තියෙන අයට පයින්ඩේ කියන්න මේ පැත්තේ එන්න කියලා.....

      Delete
  14. ඒකත් ඉවරයි..

    ReplyDelete
    Replies
    1. ඒ උනාට කතාව ඉවර වෙන්නේ ඊලග කොටසින්

      Delete