මම S. L. මැලේ රාළ

මම ලංකාවේ පොරක් මැලේසියාවේ ජොබක් කරන.... මට මේක ලියන්න හිතුනේ අනික් බ්ලොග් කියවල ඒවා දැක්කම මෙහෙවෙන දේවල් අනික් කට්ටියටත් දැන කියාගන්න කියල තමයි .

අවූරුදු ගානක් තිස්සේ මෙහෙ ඉදන් අහපු දැකපු, සිද්ද උන හා දැනටත් සිද්දවෙමින් පවතින දේවල් තමයි මම ඔයාලට කියන්න යන්නේ ඕන්.....

Monday 18 January 2016

පට්ටපල් අමුලික ඇත්ත කෙටි කතාමාලාවේ හතරේ දෙක

දෙවන කොටස 

පළමු කොටස අමතක හෝ බලපු නැති අය කොටන්න පහලට 


අනේ මෙහෙම තණ්හාවක් .....අනේ මෙහෙම ආසාවක් ...... මිනිසුනේ ලැබේද මින් සැනසීමක්.?????.....


    අනේ අපරාදේ කියන්න බෑ රාළට තව පැය බාගයක්වත් බලන් ඉන්න උනේ නෑ ආවා නේද මාමලා තුන්දෙනේක්ම කාමරේ ඇතුලට.... මම ඇහුවේ විලියම් නැන්දව...... දැන් ඇතුලට ඇවිත් ඉන්නේ විල්සන් මාමායි තව දෙන්නෙකුයි.... ඔන්න අපි කතාව පටන් ගත්තා 


හායි මම විල්සන්... අපිට කරුණාකරලා මුලින්ම කියනවද තව සැරයක් ඔය මහත්මය කාව හම්බවෙන්නද අද මෙතනට ආවේ කියලා ???

මම ආවේ අන්තර් ජාතික මුදල් හුවමාරු අංශයේ කළමනාකාරී විලියම් නොනව හම්බවෙන්න   

   මගේ නම මොහොමඩ්, මැලේසියානු පොලිස් හදිසි වැටලීම් අංශයේ පොලිස් පරික්ශකයෙක්, මේ ඉන්නේ මගේ සහයක සලීම්... අපි කෙලින්ම කාරනාවට එනවනම් මේ මාසය ඇතුලත් ඔය නොනව හොයාගෙන ආපු පහළොස් වැනියා ඔයා තමයි..... නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඔය නොනවත් ඒ වගේ අංශයක්වත් මේ චීන බැංකුවේ නොමැති වීමයි...

ආ එකත් එහෙමද ??... එහෙනම් කමක් නෑ මට වැරදීමක් වෙන්න ඇති .... ගිහිල්ලා එන්නම් 

    කියා පවසමින් මට එලියට යන්න හිතුනත් ඇඟේ දුවන සිංහ-ලේ වලට පින්සිද්ද වෙන්න මම කිව්වේ මෙන්න මෙහෙම දෙයක් 

එතකොට ඊයේ මට, මෙතනට ඇවිල්ලා ඩොලර් 1950ක් ගෙවන්න කියලා ටෙලිපොන් එකෙන් කිව්වේ කව්ද ?

 පොඩ්ඩක් ඉන්න මහත්මයා, ඒ කියන්නේ අපේ බැංකුවේ නම පාවිච්චිකරමින් කතාකරපු ඒ නෝනා, ඔය මහත්මයට කිව්වද එම මුදල මෙතනට ඇවිත් ගෙවන්න කියලා,?????  නැත්නම් හරියටම උනේ ඒ නෝනා සල්ලි ගෙවන්න කිව්වම මහත්තයා යෝජනා කරාද මෙතනට ඇවිත් ගෙවන්නම් කියලා???

යකෝ මු මගේ ටෙලිපොන් කොන්වසේසන් එක ටැප් කරාවත්ද මේ කියන්නේ ලෙසටම.......

ඔව් ඇත්තටම ඒ වගේ දෙයක් තමයි උනේ.... එත් මෙතැන ඒ නෝනා නැත්නම් කොමද ඔයා හරියටම ඔය විස්තරේ දන්නේ...

 මොකද කලින් ආපු දාහතර දෙනාටත් ඒ වගේම වෙලා තියෙන නිසා.... දැන් ඔය මහත්මයා හරියටම කියන්න මොකද්ද උනේ කියලා අද මෙතැනට එනකම් සිද්දිය..... ඊට පස්සේ අපි කියන්නම් ඇත්තටම මොකද වෙලා තියෙන්නේ කියලා 

ඔන්න මම සාගරයාගේ බාප්පාව මගේ බාප්පා කරගෙන මුළු ඉට්ටෝරියම ඇදබැවා..... ඊට පස්සේ බැංකුවේ අභ්‍යන්තර කටුයුතු හා ආරක්ෂක අංශ ප්‍රධානි විල්සන් මාමයි ඔය රහස් පොලිස් මාමලා දෙන්නයි මට කිව්වා මේ සම්පුර්ණයෙන්ම චීනයේ සිට මෙහෙයවන හොර කණ්ඩායමකගේ වැඩක් බව....  අපි ළඟ තියෙන ඒ අය කතාකරපු ටෙලිපොන් නොම්මර ඉ මේල් ඇඩ්ඩස් ඔක්කොම ගත්තා ඒ වෙලාවේදීම. ඒ නොම්මරවලට අපි කතා කරත් උත්තර බැන්දේ නෑ (මොකද උන් දන්නවා ඒ වෙනකොට අපි වැඩේ නාගෙන කියලා) අන්තිමට රාළට සිද්ද උනා පැය හතරක් විතර පොලෝසියේ ලැගගෙන දීර්ග කට උත්තරයක් දීලා පැමිණිල්ලක් දාන්න...

 ඒ වගේම තමයි මොහොමඩ් මහත්තයා කිව්වා මේ ජාවාරම් කාරයෝ අතර ලංකාවේ හා ඉන්දියානු අයත් ඉන්න බවට සැකකරන බව... මොකද සමහර දුරකථන අංක ලියාපදිංචි වෙලා තියෙන්නේ ඒ රටවල අයගේ නම් වලට කියලා (අනේ ඒ ටික ඇහෙන කොටනම් මගේ ශ්‍රී ලාංකික  ජ්‍යත්යාලය දොරේ ගැලුවා)

  මේ පැත්තෙන් ඔය විදියට ගේම ගොඩයන අතර තුරේ සාගර එළියේ ඉඳන් බාප්පට වෙච්ච සිද්දිය කියනවා.... මම පොලෝසියෙන් එලියට ආපු ගමන් මටත් සිද්ද උනා බාප්පට ආපහු සැරයක් මේක මේ සම්පුර්ණයෙන්ම හොර වැඩක් කියලා පහදලා දෙන්න...... එත් කතාව යන අතරතුර මට තේරුනා බාප්පා මේක එහෙම ලෙහෙසියෙන් අතහරින්න කැමති නැති විත්තිය.....

  තව සති දෙකකට විතර පස්සේ සාගර ආපහු සැරයක් මාව හොයාගෙන ආවේ ඒ සිද්දිය නිසා මට ඊට පසු මුකුත් කරදරයක් නෑනේද කියලා අහගෙන.... මැලේසියාවේදී මට එහෙම පස්නයක් නැතත් ලංකාවේදී එක මට පස්නයක් වෙන්න යන බව සාගර කිව්වේ මෙන්න මෙහෙම 

   හරි වැඩේනේ අයියේ අර ගෑණු මනුස්සයට අපේ බාප්පා මේ ඊයේ පෙරේදා ආයෙත් කථා කරලා. බාප්පා කෙලින්ම කියලා උබලා මට මහලොකු සල්ලිගොදක් දෙනවා කියලා මේ පොඩි ගැන මගෙන් වංචා කරන්න නේද ගියේ කියලා....

මේ ගෑණි කියලනේ මොකද්ද අපි කරපු වංචාව උබගේ මිනිස්සු එදා බැංකුවට ඇවිත් සල්ලි ගෙවලා ඩොලර් ලක්ෂ දහයේ චෙක් එක අරන් ගියේ කියලා....

නෑ..... හත්වලාමයි ....... ඉතින් ????????????

දැන් බාප්පා අහනවා සල්ලි ගත්තේ මම ද නැත්නම් මටත් හොරෙන් අයියද කියලා 

මල මගුලයි ඉතින් ඔයා මොකද කිව්වේ 

අපේ හරක් බාප්පාට මොලේ නෑ... මම මොකක් කිව්වත් අහන්නේ නෑ දැන් මට කියනවා ඔයාගේ සම්පුර්ණ නම ලංකාවේ ඇඩ්රස් දෙන්නලු ගිහිල්ලා හොයලා බලන්න .......

             ඉන්පසුව ඇතිවූ සංවාදය අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් වන නිසා බලධාරියා විසින් කපා හරින ලදී.........

දැන් ඉතින් බොලත් කියපල්ලා රාළයා තමයි ඔය ලස්ස දහය ගත්තේ කියලා 

******************************************************

   ඉතින් මේ කතාව කිව්වේ රාළයා, ඇත්තටම ශ්‍රී ලාංකිකයෝ සම්බන්ද මාහාපරිමාන අන්තර්ජාතික ජාවාරමේ මුලාරම්භයට පුර්විකාවක් හැටියට... ඔන්න හරි කතාව පටන් ගන්නේ දැන් තමයි....

එකත් ඉතින් මුල ඉඳන්ම කියනවනම්,....  එක දවසක් දා මහා රෑ ජාමේටත් කිට්ටු වෙලාවක රාලගේ ජංගමේට අවා කියන්නකෝ ලංකාවෙන් කෝල් එකක් 

  රාළ මහත්තයෝ මම මේ රජමහා විහාරේ ලොකු හාන්දුරුවෝ කතා කරන්නනේ ..... 

අනේ අප්පේ ලොකු හාන්දුරුවනේ බුදුහාමුදුරුවෝ කතා කරා වගේ..... මොකද මේ අවේලාවේ.... හෙට අනිද්දා ආයෙත් මැලේසියා වඩිනවවත්ද... වේලාව කියන්න අපේ හාන්දුරුවනේ මම වඩින්නම්..... ආ වැරදුනා.... මම එන්නම් එයාර්පෝර්ට් එකට හාමුදුරුවන්ව පන්සලට වඩම්මන්න...
  නෑ.. නෑ... මහත්තයෝ මම ආයෙත් එන්නේ ඔය පැත්තේ චීන අවුරුදු දවස්වලට නොවෑ..... මේ අරුමැක්කේ කතා කරේ වෙන උවමනාවකට නොවෑ 

 ඇයි හාමුදුරුවනේ පන්සලට අලුත් LED ටීවී එකක්වත් ඕන වෙලාද.. එහෙමත් නැත්නම් පන්සලේ ඇම්ප් එක අප්ග්‍රේඩ් කරන්න ඕන වෙලාවත්ද..... ම්ම්... එහෙමත් නැත්නම් පන්සලට අලුත් CCTV සෙට් එකක් අරගන්නවත්ද....  ආ.... දැනුයි මතක් උනේ අර චෙයිත්‍යය වටේට අලුතෙන් හයි කොරන්න ඕනා කිව්වා වොට් පන්දාගේ LED ෆ්ලෑෂ් ලයිට් හතර ගන්න නේ ???

නෑ... නෑ.... ඕව ටික බැරියෑ මම ආපු වෙලාවක කොර ගන්න..... මේක මේ වෙනත් උවමනාවක්.....

ආ.... ඒ මොකද්ද අපේ හාන්දුරුවනේ???

අපේ මේ දායකසභාවේ බොහොම හිතවත් මහතැන් කෙනෙක්ගේ අවුරුදු විසිහතරක විතර බාල පුතා ඉගෙන ගන්නේ එන්ගොලන්තේ නොවැ මිනිහා හෙට අනිද්දට මැලේසියා එනවලු...

හත්දෙයියනේ මිනිහා, මොන ජාතියේ පාපකරුමයක් කරලද එංගලන්තෙන් ගැලවිලා මෙහෙට ඉගෙන ගන්න එන්න..

නෑ නෑ මහත්තයා ඔහෙට ඉගෙන ගන්න එනවා නෙවි පොඩි නිවාඩුවකට එනවලු.... මිනිහා අවුරුදු දෙක තුනක් එංගලන්තේ හිටියට හරිම අහිංසක හාදයෙක්..... තැලිච්ච පොඩිවෙච්ච කොල්ලෙක් නෙවි.... ඉතින් අපේ මේ දායක මහතැන් මම ඔය නිතර මැලේසියා යන එන නිසා කිව්වා, එහෙ ඉන්න දන්නා කියන කෙනෙක්ව පොඩ්ඩක් මේ කොලුවට මුලිච්චි කොරන්න කියලා..... නොදන්නා දේසේ උවමනාවක් උනොත් කියලා....

(මීළඟට රාලව මුරුංගා අත්තේ ඉහලට යැවීම)

දායක මහතැන් එහෙම කියන කොටම මට මතකෙට ආවේ ඕන් රාළ මහත්තයව විතරමයි... මම ඉතින් දන්නවා නොවැ පිරිමි දරුවෙක් නෙවි ගැණු දරුවෙක් උනත් බයක් හැකක් නැතුව උදව්වක් පදව්වක් කරලා අරක්ෂා කරලා ගිය කාරිය කරගෙන එනකම් වගකිමක් සහිතව රැකබලා ගන්න කියන්න පුළුවන් කෙනෙට ඉන්නේ රාල මහත්තයා විතරනේ කියල ඔහේ....

 අනේ ඔව් ඉතින් හාන්ඳුරුවෝ කියනවත් වගේ ගැණු ළමයෙක්නම් ඉතින් ඔය රැකබලා ගන්න ඕනා නිසා වකුටුවෙලා නිදියගන්න කියලා  මගේ කාමරේ ඇඳේ හරි ඉඩක් දීලා තියා ගත්තා කියමුකෝ...... එත් ඉතින් අවුරුදු විසිහතරක හොඳට අතපය දිගෑරල නිදියන වයසේ කොල්ලෙක්ව මම කොමද මගේ කාමරේ තියාගන්නේ.....

  නෑ නෑ මහත්තයා එයාව මහත්තයා ළඟ තියාගන්න ඕනා නෑ...... ඕනා කොරන්නේ ඒ ළමයා ඔහෙ ඉන්න ටික දොහට මුකුත්  අතුරු අන්තරාවක් කරගන්නේ නැතුව ඔහේ ඉන්නා හැටි පොඩ්ඩක් පහදලා දීලා යන එන ගමන් බිමන් පරිස්සමින් කරගන්න හැටි කියලා දීලා පොඩ්ඩක් ඇහැ ගහගෙන ඉන්න එක විතරමයි......

ආ එහෙමනම් පස්නයක් වෙන එකක් නෑ හාන්දුරුවනේ මම බලාගන්නම්කො ..... හාන්දුරුවන්ගේ ඉල්ලීමක් එහෙම නොසලකා හරින්නත් බෑනේ ...

මම දන්නවනේ මහත්තයා ඒ නිසා මම මහත්තයගෙන් අහන්නත් ඉස්සෙල්ලා ඒ දායක මහතැන්ට මහත්තයාගේ නොම්මරේ දීලා යැව්වා පුතාට දෙන්නය කියලා..... හෙට අනිද්දට පුතා ඔහෙට ආවම මගේ නම සඳහන් කොරලා මහත්තයට කතාකොරයි නොවැ.... එහෙනම් බුදුසරණයි මහත්තයෝ....

හෝන්දමයි හාමුදුරුවනේ...

              ඊට දවසකට දෙකකට පසු මෙහෙට ආපු ඒ අහිංසක තැලිලා පොඩිවෙච්ච නැති දරුවා මොනවද රාළගෙන් ඉල්ලන්නේ කියලා ඊළඟ කොටසින් ම කියෙව්වනම් බෝලාලාට මුකුත් අතුරු ආන්තරාවක් වෙනවයි කියලැයි.....

ඔන්න ඔහේ ඉමු එහෙනම් ඊළඟ කොටස එනකම් 








  

79 comments:

  1. හිකිස්...

    ඈ බං රාළෙ උඹැහැ අර සල්ලි කන්දරාවෙං මොකෝ කොළේ?

    ReplyDelete
    Replies
    1. වියදම් කරොත් මාට්ටු වෙන නිසා ටෝයිලට් පේපර් වෙනුවට ඒවා තමයි පාවිච්චි කරන්නේ .... කාටවත් කියන්න එපා හොඳේ.....

      Delete
    2. දැන් එහනම් පුකේ ඩොලර්

      Delete
  2. අර තැලිච්ච පොඩිවෙච්ච නැති කොල්ලා මැලේ එන්නෙ තලාගෙන යන්ඩ වෙන්නැති නේ? මට මතක් උනේ ඇස්ටරික්ස් ඇන්ඩ් ද නෝමන්ස්... (මට මතක හැටියට, වයිටල්ස්ටැටිස්ටික්ස් ගෙ බෑණෙක් පප්ප ගමට එන්නෙ ඒ කතාවෙ)

    ReplyDelete
    Replies
    1. සිංහලෙන් කියාන්කෝ බන් උබ ඔය කියන්නේ සුරපප්පලාගේ එංගලන්ත සවාරිය ගැන නේද

      Delete
    2. ඉඳහං මං හොයල ලිංක් එකක් දාන්නං පීඩිඑෆ් එකකට...

      Delete
    3. රාළෙ මේං බාගනිං එහෙම්පිටිම්ම...
      http://worldofcartoonsandcomics.blogspot.com/2011/05/asterix-and-normans-filetype-pdf.html

      Delete
  3. Replies
    1. එක පලියට

      Delete
    2. ඕකනේ බැරි අපි පොස්ට් එකක් දැන්මම කොමෙන්ට් දාන්න එනේ හොල්මන් රජාලා !!!!! :)

      Delete
    3. දෙකත් පලියට... හූ හූ...!

      Delete
  4. මටත් ස්වීප් ඇදුන කියල ඊමේල් ඇවිත් තියනවා, දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. කලින් කිව්වනම් මම සල්ලි ටික අරන් දෙනවනේ

      Delete
    2. ලලියා අහුවෙන්න එපා අර ච්න නෝනා හොදයි

      Delete
  5. Replies
    1. පුල් දෙක

      Delete
    2. පිටිපස්සෙන් දුම්මල ගහන්නත් එකෙක් ඉන්නවා :)

      Delete
    3. ඕක ගහන්ඩ එන්නෙ පිටිපස්සෙංම තමා. තාප්පෙයක්කත් පේන්ඩ බෑ...

      Delete
  6. තුනයි හතරයි ත් මං ම තමා.
    කෝ මේ අනිත් එව්වො?

    මෙහෙ වරෝ....

    මෙන්න මැලෙය ආයෙමත් ලියලෝ....

    මෙහෙ වර‍ෝ....!!!!

    ReplyDelete
    Replies
    1. මූ ආවා කියලා මාත් පෝස්ට් එකක් දාන්න ඕන

      Delete
    2. ඇයි එකක් ඉල්ලන්නකෝ දෙකක් ..... දැන් ඔක්කොම පොස්ට් තුනක්

      Delete
  7. අපොයි දෙයියනේ ! අද ඩ්‍රැකියා මේකෙ ස්ථිර පදිංචියට ඇවිත්.

    ReplyDelete
    Replies
    1. එකනේ බන් අපිට පාත් උනොත් ඔයවගේ හොල්මන්ම තමයි

      Delete
    2. මදුරු බේත් අපිට ඔරොත්තු දෙන්නෑ... හෙහ් හෙහ්...

      Delete
  8. අඩ්ඩඩ්ඩා... එතකොට බොලා ලංකාවට ගොඩබහින්නෙ කොහොමෙයි? බාප්පා කාරයා සොට් එක දුන්නොත් සොරි ඩොට්.කොම්. ඔහොම එවුන්ට උදව් කොරනවාට මෙහෙම තමයි වෙන්නෙ.. හෙහ් හෙහ් හෙ..
    තැලිච්ච පොඩිවෙච්ච නැති දරුවා තලාගෙන මැලයා ගාන කපන හැටි බලමුකො ඊලඟට.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. එකනේ බන් දැන් ලංකාවට එන්න විදියක් නැති නිසා මේ ඊයේ පෙරේදත් මම ඉන්දියාවට වෙනකම් ඇවිත් ආපහු මෙහෙ ආවා

      Delete
  9. සාගරගේ බාප්පගේ ආතල් එක කඩන්න ගිය බොට හොදම වැඩේ... හැක් හැක්..

    අපේ ඩයිවර කෙනෙකුටත් (උපුලාගේ නොවන බව කරුණාවෙන් සලකන්න) ඔය ටයිප් එකේ මැසේජ් වගයක් ඇවිල්ලා මගෙන් විස්තර විමසුවා.. මාත් වැඩ්ඩා වගේ උඹේ පොස්ට් එක පෙන්නුවා.. මේකත් හෙට පෙනනනවා.. ඌත් බොට කෙලින්න එයිද දන්නෑ..

    අවුරුදු විසිහතරේ අහිසංසකයා නිසා උඹට උණ ගැනුනලු නේද??

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. //සාගරගේ බාප්පගේ ආතල් එක කඩන්න ගිය බොට හොදම වැඩේ...//
      සහගහන ඇත්ත මචෝ

      දැන් එතකොට සාගරයාගේ බාප්පා මදිවට මම ලංකාවට එනකොට උබේ ඩයිවරයගෙනුත් බේරිලා ඉන්න ඕනද

      Delete
    2. උපුලා කිව්වා විදානේ මහත්තය ලොතරැයියේ සල්ලි ටික ගත්තා කියලා

      Delete
  10. මටත් ඔයවගේ දිනුම් ඇදිල තියෙනවා කියල ලියුම් මේල් එහෙම කීප සැරයක් ආවා.ඔක්කොම කුණු කුඩේට දැම්මා.

    ReplyDelete
    Replies
    1. අනේ දෙයියනේ එ කියන්නේ මේ වෙනකොට බිලියන ගානක් ඔයාගේ කුණු කුඩේ

      Delete
  11. අපිට අදුනොත් ඇදෙන්නේ අහක යන වහුකුනක් තමා.

    මැලේසියාවට එන කොල්ලන් බලාගනු ලැබේ කියලා බෝඩ් එකක් තිබුනා කියන්නේ ඇත්තද?

    ReplyDelete
    Replies
    1. කොල්ලෝ නෙවි මාමේ කෙල්ලෝ

      Delete
  12. 'ඇයි හාමුදුරුවනේ පන්සලට අලුත් LED ටීවී එකක්වත් ඕන වෙලාද..' +++++

    He he. Expect an attack from the suicide squad of Sinhala Buddhists.

    ReplyDelete
  13. බලන්න බැරිය ඔය එන තැලිලා පොඩිවෙලා නැති එකා මොන වගේද කියලා.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඌ උබ වගේ .... ඊළඟ කොටසේදී බලපන්කො

      Delete
  14. අප්පොච්චි තාත්තේ දෙක දාන්න මාසයක් ගියා ඒ මදිවට තව කොටසකුත් තියෙනවලු කවදද එක දාන්නේ

    ReplyDelete
    Replies
    1. තව එක කොටසක් නෙවි බන් දෙක තුනක්ම තියෙනවා ...... හිමින් හිමින් දානකොට තමයි ආතල් එක වැඩි ඉ නිසා ටිකක් බලන් හිටු ....:)

      Delete
  15. සල්ලි දෙයියන්ගේ මල්ලි............

    ReplyDelete
    Replies
    1. මැලේ රාළ ගහයි පිල්ලි.........

      Delete
  16. //දැන් ඉතින් බොලත් කියපල්ලා රාළයා තමයි ඔය ලස්ස දහය ගත්තේ කියලා// කියන්න දෙයක් නෑ බොල සාගරය නොදන්නව උනාට අපි නොදන්නවයි රාළගෙ හැටි. හැක්..

    විසිහතරෙ තැලිච්ච නැති කොල්ල රාළව තලන හැටි ඊගාව කොටසින් බලාගන්න පුලුවං වෙයි වගේ.

    ඊගාව පාර හාංදුරුවො ආපුවම පංසල AC කරන්නත් සල්ලි දියං. ඒව නිවං දකින පුඥ්‍යකරුම.

    ReplyDelete
    Replies
    1. අරගෙන කොරලා තියෙන දේ මම අර උඩ කියලා තියෙන්නේ ..........

      අපෝ හාමුදුරුවෝ මගෙන් ඔය සල්ලි ඉල්ලලා කරදර කරන්නේ නෑ ....... ඒ නිසා පව් සිද්දවෙන කතා කියන්න එපා ...... ඔය ඉඳල හිටලා ස්මාට් පොන් එකක් ටච් ස්ක්‍රීන් ලැප් එකක් වගේ දේවල් ඉල්ලුවට

      Delete
  17. "මේ ජාවාරම් කාරයෝ අතර ලංකාවේ හා ඉන්දියානු අයත් ඉන්න බවට සැකකරන බව."

    මැලේසියන් පොලිසියත් අබිලිපිටියේ පොලිසිය වගේනේ ....... රාළ මේකට සම්බන්දයි කියලා කලින්ම දැනගෙන ඉඳලා

    ReplyDelete
  18. හි හි ප්‍රසා ගේ නොමනා කමෙන්ට් එකෙත් හැටි, අපේ කට්ටිය කොහෙත් ගියත් ගේම් දෙන්න එකෙම්ම සෙට් වෙනවනේ අයියේ. සල්ලි ටිකක් අරන් ගොඩක් දෙනවා කියලා කවුරුහරි කිවොත් නායක වෙළා හරි ඒක කරන්න යන අයට හොද පාඩම් .

    ReplyDelete
    Replies
    1. රාළයවත් සුවර් කරන්න බෑ...... ප්‍රසා කියන කතාවෙත් සමහර විට හිතලබලන්න වෙනවා...

      වැඩේ කියන්නේ එහෙම උන්ට ඇත්ත පෙන්නන්න යන අපිනේ අන්තිමට නරකම මිනිස්සු වෙන්නේ ...

      Delete
  19. පව්නේ බන් අර මනුස්සයා දීලා දාපන් ඔය සල්ලි ටික.
    නැත්නම් උබව ලංකාවට ගෙනෙල්ලා අල්ලා දෙනවා ඇඹිලිපිටිය පෝලෝසියට....

    ReplyDelete
    Replies
    1. උබ මහන්සිවෙන්න එපා බන් මම මෙහෙ තියෙන තට්ටු තුනේ බිල්ඩිමකින් බිමට වැටෙන්නම්...... ආයි මොකටද ඇබිලිපිටීම එන්නේ

      Delete
  20. උඹ මට දෙනවා කිව්වා ලක්ෂ පහ නොදුන්නොත් මම ඔක්කොම කියනවා ඇඹිලිපිටිය පොලිසියට ,අම්මප

    ReplyDelete
    Replies
    1. දැන් එතකොට අර උඹ .. එක්කෝ ඕන නෑ

      Delete
    2. මම උබට කිව්වනේ එක සැරයක් ලස්ස පහ දෙන්නේ එකේ ඉඳන් ලස්සපහට ගැනලා පෙන්නුවොත් විතරයි.... උබට ලස්ස පහට තියා පන්සියටවත් තාම ගැන ගන්න බෑනේ.....

      අඩෝ මේ එකනම් කියන්න ඔට්ටු නෑ හොඳේ

      Delete
    3. දැන් මොකක්ද උඹ කියන්න එපා කියන්නේ

      Delete
    4. අර පත්තරයට ගනින්න පුළුවන පනහට විතරයි කිව්වා එක

      Delete
    5. මගේ පෝස්ට් එකේ කමෙන්ට් නොකර මේකේ කමෙන්ට් කරලා ඉහි ඉහි ඉහි මං හොදටම අඩනවා ඈ :D

      Delete
    6. අර ගත්තු සල්ලි වලින් කොටසකට කෙලින්නනේ ඔය පණදාගෙන මෙතැන කොමෙන්ට් කොරන්නේ

      Delete
  21. apithninne malaysiawe thamayi... ilanga kotasath dannako ikmanata mokada une balanna

    ReplyDelete
  22. හුගාක් ඉන්නේ දාඩිය මහන්සියෙන් සල්ලි හොයනවට වඩා ලොතරැයි දිනුම් වගේ ඒවා අදෙනකම් බලාගෙන. මිනිස්සු කම්මැලියි. එකයි ඔය වගේ ඒවා ආවම රෙද්ද කරේ තියන් පස්සෙන් දුවන්නේ.

    ReplyDelete
  23. අඩේ යන්තම් මූ කතාව කියල... අර මාමට අමන්නන්න එපැයි බන්... ඖඅ ව්ගේ ගොන් පාට් කරයොන්ට උදව් කරන්න නරකයි, වැරදිලාවත්..

    ReplyDelete
  24. මටත් එකක් ඇදිලා තියෙන්නේ හෙට අනිද්දට ගන්න යන්න ඕනේ

    ReplyDelete
  25. මට හිතුන සමහර තැන් කියවන කොට කාරිය කෙරන තුරු කාගෙත් රැවටිල්ල කියල... :)

    ReplyDelete
  26. මේ මාමේ ලියන්නේ නැද්ද

    ReplyDelete
  27. /*මේ ජාවාරම් කාරයෝ අතර ලංකාවේ හා ඉන්දියානු අයත් ඉන්න බවට සැකකරන බව...*/
    අපේ රට තමයි බං ලොවෙත් නැති රට.
    ගොඩ කාලෙකින් මේ පැත්තට ගොඩ උනේ , දැන් ඉතින් දිගටම එනෝ ;) ;)

    ReplyDelete
  28. අඩෝ කෙමෙන්ට් වලට උත්තර දීපන්

    ReplyDelete
  29. ආයමත් කම්මැලි වෙන්න එපා ...අලුත් එකක් ලියමු..
    මට බන්නින්න එපා මුට මොකද අපිනේ ලියන්න ඕනේ කියලා. අපි දැන් ගල් වල කොටලා තියන ලිපි හොයාගෙන #ක ඉරාගෙන ඒවා කියවලා අපේ ඉතිහාසය හොයන්න ට්‍රයි කරනවා වගේ දවසක ඔයාලගේ මේ බ්ලොග් පොස්ට් අනාගත පරපුර ප්රෝයෝජන්යට ගනී..එයලා දෙයක් මේවගෙන් ඉගන ගනී...අපි නැතත් ලෝකෙට දෙයක් ඉතුරු කරලා ගියා කියලා ඔයාලට සතුටු වෙන්න පුලුවන්

    ReplyDelete
  30. අවුරුදු දෙකක් ගිහිල්ලත් ඌ ආවෙ නැද්ද බොල.....3/21/2018

    ReplyDelete
  31. සිරාවටම මෙන්ඩා කියනව වගේ එකෙක් උබේ පෝස්ට් එකක් ගැන විස්තර ඇහුවා.. අටමා තමයි හරියටම තියන තැන කිව්වේ

    ReplyDelete
  32. තවත් එක මදු මාදවි කෙනෙක්

    ReplyDelete
  33. තෝත් එපා ‍තෝගෙ පොස්‍ටුත් එපා...
    (හිතේ අමාරුවට කියන කවි)

    ReplyDelete
  34. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete