මම S. L. මැලේ රාළ

මම ලංකාවේ පොරක් මැලේසියාවේ ජොබක් කරන.... මට මේක ලියන්න හිතුනේ අනික් බ්ලොග් කියවල ඒවා දැක්කම මෙහෙවෙන දේවල් අනික් කට්ටියටත් දැන කියාගන්න කියල තමයි .

අවූරුදු ගානක් තිස්සේ මෙහෙ ඉදන් අහපු දැකපු, සිද්ද උන හා දැනටත් සිද්දවෙමින් පවතින දේවල් තමයි මම ඔයාලට කියන්න යන්නේ ඕන්.....

Wednesday 30 July 2014

IT කාරයොත් මනුෂ්‍යයෝය....


   IT කියන්නේ මාර විෂයක්ය. ඕකට සිංහලෙන් කියන්නේ ඉන්ෆොමේෂන් ටෙක්නොලජි කියාය එහෙමත් නැත්නම් කෙටියෙන් කියනවානම් තොරතුරු තාක්ෂණයයි... මෑත භාගයේ මිල මුදල් වැඩියෙන්ම හම්බකරන, වැඩිදෙනෙක් යොමුවෙන, රැකියා අවස්ථා එමට තියෙන, ෆීල්ඩ් එක මේ IT සයිඩ් එකයි...

    දැන් දැන් ලංකාවේ යන්තම් සා.පේ ට මුණ දෙන කොල්ලොත් (කෙල්ලොත් හොල්සෙල්) උ.පේ ට යන්නත් කලින් දගලන්නේ ඔය IT කරුමාන්තයෙන් ඉහලට යන්නය... ඉතින් මෙවුන් අර රිසාල්ට් එනකම් ගෙදර ඉන්නකම් ජාවා ඉගෙන ගන්න පටන් ගනී.... ඊට පස්සේ ඔරකල්ය.... අපිනම් මුලින්ම ඔරකල් ගැන දැනගත්තේ පොඩිකාලේ ශ්‍රී ලංකා රුපවාහිනියෙන් ඕස්ට්‍රේලියන් නළුනිලියෝ දාලා කරපු මායා
බන්දන ටෙලිය බලන කාලයේය... එකේ හිටපු අශ්කා අක්කා මේ ඔරකල් අරගෙන අර අහිංසක පෝල්ටයි එයාගේ නංගිටයි, යාලුවාටයි ඒ යාලුවාගේ එළ කැල්ලටයි පුදුම වදයක් දෙනවාය.... කොහොම හරි දැන් මේ IT කාරයොත් ඔය ඔරකල් අල්ලාගෙන මාර මාර ගේම් දෙනවාය..

   ඉතින් මෙයාලා ඔරකල් අල්ලාගෙන මොන ගේම ගැහැව්වත් මටනම් කමක් නැත. නමුත් අර ආශ්කා වගේ අනෙක් අයට වද දෙන්න ගත්තමනම් මේ රාල වගේ අනික් උන්ගේ උණට කහින පොරවල් වලට තදට මල පනිනවාය.
............................................................................................................

  ඇත්තෙන්ම මොකද්ද මේ රාළයා අද කියන්න තටමන්නේ ????
මෙන්න මේකයි කතන්දරේ පහුගිය පොස්ට් දෙකම මැර කාකා ලිව්ව ඇත්තපච කතාවල  මීළඟ ඇත්ත පච කතාව මැර කාකා ලියන්න කලින් රාළට හිතුනා පොඩි පුර්විකාවක් වගේ එකක් ලියන්න. අන්න එක තමයි මේ...
............................................................................................................

   ඇත්තෙන්ම මේ IT කරුවන් බොහොමයක් ඉතා අඩු වයස්වල අයය. ඒ වාගේම බොහෝවිට මොවුන් සා.පෙල ට හෝ උ.පෙල ට පසු අවුරුදු තුනක් හතරක් හෝ පහක් වැනි කාලයක් ඉතා තදින් තම විෂය ක්‍ෂ්ත්‍රය හදාරන පිරිසකි (එහෙම නොකරන්නන් ඔය කාලය තුල හැලියති) ඉන්පසුව වැඩ පෙන්නන්න පුළුවන් ආයතනයක තවත් අවූරුදු දෙක තුනක් ඇතුලත තම වෘත්තිය හැකියාව ඔප්නංවා, වැඩිදුර අධ්‍යාපනයට හෝ වඩාත් හොඳ රැකියා අවස්ථා සඳහා මැලේසියාව වැනි රටවලට බොහෝ පහසුවෙන් සංක්‍රමණය වෙති. 
 මීළඟට මොවුන්ගේ සමකාලීනයන් වන්නේද එවැනිම පසුබිමක සිටින ඉන්දියානුවන් හෝ බංග්ලාදේශ් ජාතිකයන්ය. වයස විසි ගණන් වල අග සිටින මොවුන් බොහෝවිට කාසද බඳින්න බලාපොරොත්තුවෙන් හෝ බැඳපු ගමන් අය වෙති.


 ප්‍රශ්නය ආරම්භ වනුයේ ඔතනින්ය. මේ තනිකඩයන්ට (හෝ නව විවාහකයින්ට) මීළඟට අවශ්‍ය වනුයේ නිවසට ගෘහ සේවිකාවකි. මීට අවුරුදු දෙක තුනකට පෙර කාලයේදී මේ සඳහා ඔවුන් තෝරා ගත්තේ පිලිපීන හා ඉන්දුනීසියානු ජාතික ගෘහ සේවිකාවන්ය. අපරාදේ කියන්න බැරි ඔවුන්ගේ සේවයනම් පට්ට පට පටය... උදේම තම ස්වාමියන්ගේ ආහාර පිළියෙළ කොට ඔවුන් වැඩට යවා අනෙකුත් ගේදොර අස්පස් කිරීම්, රෙදි සේදීම් ඇතුළු සියලු දේ නිමවා පසුව රෑවෙලා පැමිණෙන ස්වාමියාට අවශ්‍ය(නම්) අනෙක් පහසුකම්ද සලස්වා දෙයි.

නමුත් දැන් දැන් මෙම ඉන්දුනීසියානු හා පිලිපීන අය තමන්ගේ නියම වටිනාකම තේරුම් ගෙන තම රටේ රජය හරහා මැලේසියාවත් සමග ගිවිසුම් ගතව ඇත්තේ මේ පිළිවෙලටය.. එනම් පිලිපින් ගෘහ සේවිකාවක් නම් අවම වැටුප පමණක් අනිවාර්යයෙන් RM 1600ක් විය යුතුය ඉන්දුනිසියන්නම් RM 1200කි. නමුත් ලංකාවේ හා ඉන්දියානු අයට මැලේසියානු රජයෙන් එවැනි අනිවාර්ය මිලක් පනවා නොමැත. ඒත් ලංකාවේ තානාපති කාර්යාලය පවසන්නේ අවම වැටුප RM 850ක් (රු34,000ක් පමණ) වත් දෙන්නේ නැතිනම් නිත්‍යානුකුලව ලබා දෙන ගෘහ සේවිකා වීසා බලපත් සඳහා අනුමත ලියකියවිලි ලබා නොදෙන බවය. 

   නමුත් අම්මටසිරි ලංකාවටම දෙවැනි නොවන මේ මැලේසියාවේද ඕවා වැඩිමනත් සිදුවන්නේ නිත්‍යානුකුල නොවන ආකාරයටය. ඒ අනුව විසිට් විසා මගින් ගෘහ සේවිකාවන් හොල්සෙල් එකේ මෙරටට පැමිණේ. එසේ පැමිණෙන අයට බොහෝවිට සේවය කිරීමට ලැබෙනුයේ අර මා මුලින් විස්තර කල වෘර්තිකයන්ගේ නිවෙස් වලය. 

  දැන් දැන් ඇතිවී ඇති තත්වය වන්නේ මේ ගෘහ සේවිකාවන් සැපයීම අර ශ්‍රී ලාංකිකයින් තම අතට ගෙන ඇති බවක්ය. එනම් ඔවුන් තමන්ගේ හා තම ඉන්දියානු මිතුරන් සඳහා ලංකාවෙන් කාන්තාවන්ව මෙහෙට ගෙන්වා ගනිමින් සිටි. ඒ සඳහා ඔවුන් තමන්ගේ බොහොම දුරඈත පලාත්වල මිතුරන් හා නෑදෑයන් මාර්ගයෙන් එම කාන්තාවන් මෙහෙට ගෙන්වා ගනුයේ  කිසිදු මුදලක් අය නොකරය..

 නමුත් ඔවුන් මෙහෙ ආපසු අවම වශයෙන් උදයේ 4 වන විටවත් අවදි විය යුතුය, ඉන්පසු කෑම පිසීම ආදිය සිදුකොට උදේම ස්වාමියා වැඩට පිටත් කොට නිවස, නාන කාමර ඇතුළුව පිරිසිදු කිරීමත් රෙදි සේදීම, අයන් කිරීම ,රෙදි අස්කිරීමත් නැවත රාත්‍රී ආහාර පිසීම, ඒවා පිළිගැන්වීම ඉන්පසු අස්කිරීම යනාදිය සියල්ල නිම වීමට රෑ 10 පමණවත් වේ. බොහෝවිට තනිකඩයන් සිටින නිවෙස් වල වෙනත් අවශ්‍යතා පිරිමැසිමටද සිදුවේ. නමුත් සතියේ දින හතේම සිදුවන මේ සියල්ල අවසානයේ ඔවුන්ට වැටුප හැටියට ලැබෙන්නේ අර ගෙන්වන්න මුලික වුවන්ගේ උපදෙස් මත රුපියල් 25000ක් 30000ක් අතර ප්‍රමාණයක් පමණි. ඒ කියන්නේ අපේ අයියලා තම බොසාගේ නැත්නම් මිතුරාගේ හොඳහිත වෙනුවෙන් තවත් අපේම සොයුරියක් වහල් සේවයේ යොදවයි. 

   ඇත්තෙන්ම මා මේ ලිපියෙන් ගෘහසේවිකාවන්ට සිදුවන ගැහැට ගැන කතා කරන්නට නොයන්නෙමි. එත් ඇත්ත තත්ත්වය හා නියම වටිනා කම ඔබට ඒ අය වෙනුවෙන් ලබාදිය නොහැකිනම් මේ අවාසනාවන්ත තත්ත්වයන්ට තම සොහොයුරියන්, මිතුරියක් වැනි අපේ සිංහල කාන්තාවන් පත්වීමට ඇති ඉඩකඩ අහුරන මෙන් බොහොමත්ම හිතෙශිව ඉල්ලා සිටිමි. 

 පසුගිය කාලයේ සිදුවූ සිද්දීන් කිහිපයක අත්දැකීම් මත (හා මැලේ රාලට ඔය IT ඉංජිනේරුවෝ ගැන තියෙන පෞද්ගලික ඉරිසියාව නිසා) මේ සංසිද්දීන් වලට මා විසින් IT ඉන්ජිනේරුවන්ව ලඝුකොට ලිපිය ලියුවත්, බොහෝ වෘතිය මට්ටමේ වීසා (Professional  Workers) මත මෙහි රැදී සිටිමින් රැකියා කරන්නන් බොහොමයක් ඔවුන්ට ඇති ගෘහසේවිකාවක් තියා ගත හැකි අයිතිවාසිකම මෙලෙස අයුතු ආකාරයට යොදාගන්නා බව ඉතා කනගාටුවෙන් වුවද පැවසිය යුතුය.. 

එසේනම් මේ පුර්විකාවෙන් පසු මීළඟට මැරකාකා ලියන තුන්වන ඇත්ත පච කතාවෙන් හම්බ වෙමු (IT කාරයෙක්ගෙන් ගුටිකා මළේ නැත්නම්)



    

71 comments:

  1. හම්බු වෙමු වහල් සේවයේදී...

    ReplyDelete
    Replies
    1. හෑ...... මු දෙශිකාවවත් එවන්නද යන්නේ මේ පැත්තේ

      Delete
  2. ආත්ම ගෞරවයක් කියලා එකක් නැති එකාට රටේ ගෞරවය ගැන හැඟීමක් තියෙන්නෙ විදියක් නෑනේ මැලේ රාල.

    ReplyDelete
    Replies
    1. සම්පුර්ණ ඇත්ත ඕක...... ගොඩක් අය තම තත්ත්වය ගැන වත් බලන්නේ නැතුව තමයි මේ මරි මෝඩ වැඩ කරන්නේ

      Delete
  3. IT කාරයෙක් ගහල හරි කමක් නෑ උඹ මැරෙන්වනම් ,

    ඇත්තටම තමුන්ගේ රටේම එකෙක් තමන්ගේ එවුන්ට සලකන්නේ එහෙමනම් , අනික් ජාතිකයෝ ගැන කවර කතාද ? මනුස්සකම හදන්න ක්‍රමයක් නෑනේ මිනිස්සුන්ගේ

    ReplyDelete
    Replies
    1. හි හි හි එහෙම ලේසියෙන් මරන්න බෑ බොලව්

      අනික් ජාතිකයන්ටත් අපේ රටේ ගෑනුන්ව වැඩ කාරකමට දුන්න එක අහලා තමයි මට මල පැන්නේ..... ඒ මදිවට මේ සොච්චම් පඩියකට

      Delete
    2. මට තියෙන්නෙ බලං ඉන්ඩ … !!

      Delete
    3. අපේ ආයුෂත් අරන් ඡිවත් වෙයන් (එක්කෝ ඉවනයාගේ ආයුෂ ගනින් අයියන්ඞි)

      Delete
    4. බලන් ඉන්න එපා පත්තරයෝ නෙලපන් අරුට

      Delete
    5. කොමත් ඉතින් යන්න උනොත් මෙන්ඩියෝ අමාරුවෙන් හරි බොලා තුන්දෙනාවත් අරන් තමයි යන්නේ .... හි..හි..හි...

      Delete
    6. කවුද කවුද ඩෝ මැර කාකට ගේම දෙන්න තනන එකා...අපිත් අරි වසයි...අරිද ?

      Delete
  4. ඔය විෂයය කරන කෙනෙක් විදියට මම දෙයක් කියන්නං... අපි මේ මැදපෙරදිග ඔය ඉන්දියන් එවුන් එක්ක කරට කර වැඩ කරන්නේ උන්ට තරඟයක් දෙන ගමන්.. උන්ට නං කඩේ යන්නේ නෑ මලාට ඊටත් ඔය වගේ සක්කිලි වැඩ කරලා.. ඔයවගේ වැඩ කරන්න ඕනෙද උන්ට? ඔච්චර ලොකු පඩි ගන්න එවුන් වෙලා? අනික මේ වෘත්තීය ඉතාම හොඳ ආත්ම ගරුත්වයක් ඇතුව කොන්ද කෙලින් තියාගන කරන්න ඕනේ එකක්. මොකද අයිට් එවුන් ගොඩක් වෙලාවට හැම තැනටම යන්න පුළුවන් රින්ගන්න පුළුවන් පිරිසක් විදියට එහෙම නුනොත් මොකෙන් මොකක් වෙයිද දන්නේ නෑ. ඔහොම එවුන් නං සත පහක් විස්වාස කරන්න බෑ.

    එකක්.. ඔය උඹලගේ රටේ ඉන්න අපේ එවුන් වුනත් උන් මෙලෝම රහක් නැති කොන්ද පණ නැති එවුන් ටිකක් කියල නං කියන්නම වෙනවා.

    ReplyDelete
    Replies
    1. "ඔච්චර ලොකු පඩි ගන්න එවුන් වෙලා?" පඩිය ලොකුද පොඩිද කියලා දැනෙන්නේ කරන වියදමේ හැටියටනේ මචන්

      මෙතන ඇත්තටම මම IT අයව ප්‍රධාන කරේ මෙහෙ ලංකාවට දීලා තියෙන ප්‍රොෆෙෂනල් විසා වලින් 60% කම it අයගේ කැටගරි වලට... ප්‍රොෆෙෂනල් විසා වලින් ඉන්න අය වැරදි කරාම නිකන්ම වැටෙන්නේ IT ගොඩට....

      මොනවා උනත් තමන්ගේ තත්වේ රැකගෙන ලස්සනට රස්සාව කරගෙන ඉන්න ලංකාවේ IT මහත්තයලා ගොඩකුත් මේ රටේ ඉන්නවා..... ඔය අතරේ අර නසරානියෝ ටිකකුත් ඉන්නවා

      Delete
  5. යකෝ බලාපල්ලකෝ මේ රාළ ලියලා තියෙන ඒවා!!!! ඔන්න අපි නම් සේවිකාවෝ තියා ගන්නේ නෑ!

    ReplyDelete
    Replies
    1. ආ ඇමරිකාවේ ගිහින් ඇවිත් කොල්ල නරක් උනාද සේවිකාවෝ නැතුව සේවකයෝ වගේ ගන්න යන්නේ ......

      Delete
  6. මැලේසියාව ගැන නම් හරියටම කියන්න දන්නේ නැති උනත්, UAE වල ඩුබායි වලදී නම් IT කරපු ලංකාවෙන් එන ක්‍රවුඩ් එකට හොඳ පිළිගැනීමක් තියෙන බව අත්දැකීමෙන්ම දන්නවා. එහෙම වෙලා තියෙන්නේ ලංකාවෙන් මෙතෙක් ගියපු අයත් , පවත්වාගෙන ආපු කොලිටිය වෙන්න ඕනේ.

    ඔය ගෘහසේවිකාවෝ ගැන කියන්න තියෙන්නේ ඔය කතාවේ අනික් පැත්ත. මෙතෙක් ගියපු අයගේ හැටි හින්ද එහෙ අපිට තියෙන්නේ කළු පැල්ලමක්. සුවදක් වගේ නෙවෙයි, ගඳක් ඉක්මනින් පැතිරෙනවා. යන්නන් වාලේ රට යන්න වලිකන කවුරුත්, කොයි රටට ගියත් කරන්නේ එකම දහජරා වැඩ. ඉක්මනින් පියවරක් නොගත්තොත් නරකට හිටින්න පුළුවන්.

    අනිත් එක බලන්න අනිත් රටවල් වලින් එක ඒ වගේ ශ්‍රමිකයින්ට ඒ රටවල් වලින් ලැබෙන අගය (මෙතැනදී මිල) ? ඒත් අපේ රටෙන්?

    ReplyDelete
    Replies
    1. "ලංකාවෙන් එන ක්‍රවුඩ් එකට හොඳ පිළිගැනීමක් තියෙන බව"
      අපරාදේ කියන්න බෑ ඔය පිළිගැනීමම මෙහෙත් ඒ විදියටම තියෙනවා ... මම මේ කියන්නේ වෘතිය ගැන නෙවි ඊට පස්සේ මෙතන වෙන දේ ගැන .... මෙහෙ ඇත්තෙන්ම ගෘහ සේවිකාවේ ඉන්නේ ශ්‍රීලාංකික 5000කටත් අඩු ප්‍රමාණයක් ඒ මෙහෙ ලැබෙන අඩු වැටුප හා නීතියක් කොරමයක් නැති වැඩ පිළිවෙල නිසා ..... මට දුක එක දැන දැනම අපේ උන්දලා වැඩකාරකමට කාන්තාවන්ව මෙහෙට ගෙන්වන එකයි

      Delete
  7. එතකොට අපිට සේවිකාවො ඕන උනාම කොහෙන්ද බොලේ ගෙන්නගන්නෙ. :D

    ReplyDelete
    Replies
    1. ගුවන් සේවිකාවොද ප්‍රසන්න අයියෙ.? :D

      Delete
    2. පිලිපින් ප්‍රසන්න පිලිපින්

      Delete
    3. ගුවන් සේවිකාවොනම් ඉතින් තායි එයාර් වෙස් තමයි ප්‍රියෝ

      Delete
    4. මට ඕනැ පවුල් සවුක්ක සේවිකාවක්.… නෑ නෑ පොර අල්ලන්න . ඒ පොර නෙවෙයි €£¥¢ …… අර නේස් නෝනල එක්ක එයාල අල්ලන පොර..

      Delete
    5. අවුරුදු හැට ගානක ඇන්ටි කෙනෙක් ඉන්නවා අපේ ගෙවල් පැත්තේ ඉඳපන් කොන්ටක්ට් ඩීටෙල් එවන්නම්

      Delete
    6. උඹට මොන නර්ස් නෝනලද පත්තර මල්ලි...උඹ අර ඉවානයා එක්ක අල්ලන පොරයක් අල්ලලා ඉවර කරපංකො...හැමදාම අත්පුඩි ගැහුවට තාම නාටකේ පටන් ගත්තෙ නෑනෙ.

      Delete
  8. උඹ IT කාරයෙක් ගෙන් ගුටි කෑවත් කමක් නෑ. මැරෙන්න කලින් පෝස්ට් එක දාලා ඔටෝ පබ්ලිශ් වෙන්න හදලා මැ‍රියන් හරිද? එහෙම නොකර මැරිලා, අපෙන් මැරුම් කන්න එපා හරී!!!!!

    ReplyDelete
    Replies
    1. බය වෙන්න එපා අයියන්ඩි මාව බේරාගන්න මැරකාකා ඉන්නවා නොවැ

      Delete
    2. පොඩ්ඩක් අල්ලල ඉඳිං මැලේ. ඉවානයා තාම් ජීවතුං අතර නෙවැ.

      Delete
  9. විකුණන්න පුළුවන්නම් අපේ රටෙන් පිට රටට විකුණනවා, වැදෑමහත් කැන්ද කොලේක ඔතලා.

    ReplyDelete
    Replies
    1. මල් තියලා වඳින්න ඕනා කතාව සහතික ඇත්ත..... අවුල තියෙන්නේ කැන්ද කොලයක් ගාවලා ඕකට හැලපයව සම්බන්ද කරපු එකයි

      Delete
    2. සෑර් ටෝක්ෂ් එක රෙෂ්පට් ඈ !!!!

      Delete
    3. ඇයි කලක් ඉන්දියාවෙන් මිදි ගෙන්වන කන්ටේනර් වල ... මිදි බාල විචාරක තුමා කිව්ව ඒව ඉන්දියාවට යැව්ව ..... මතක නැද්ද........

      Delete
  10. අම්මට සිරි ලංකාව වගේ රටක ඉපදුන කරුමෙ තමයි ඒ.

    ReplyDelete
    Replies
    1. කරුමේම නෙවෙයි බන් මට හිතෙන්නේ මැෂින් එක්කම ඔට්ටු වෙලා දැන් මේ සමහරුත් මැෂින් වෙලා කියලා

      Delete
  11. ආ මෙ අපෙ රටෙ අයදා. එයාල එහෙම තමයීඊඊඊඑ අනෙ.දන් නැද්ද ලන්කාවෙනේ

    ReplyDelete
    Replies
    1. ලංකාවේ එහෙම උනත් එංගලන්තේ එහෙම වෙන්නේ නෑ ... අපේ උදවිය පාගා ගන්නේ නෑ

      Delete
  12. දැන් ඔය වැඩේ මූලික වැරද්ද තියෙන්නේ කොතනද?

    ඇයි ඉන්දුනීසියාව. පිලිපීනේ කරන දේ අපිට කරන්න බැරි. කොරියන් ජොබ් ටිකටත් කෙළ ගන්නයි යන්නේ. අන්තිමට ඉතින් අපේ උන්ට ජරාවම තමයි ඉතිරි වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. පිලිපින් ය ලක්ෂයකට වැඩියි ... ඉන්දුනිසියන් ලක්ෂ තුනක් විතර අපේ අය 5000යි තාම ඉතින් අපේ රජයට නිගොශියෙට් කරන්න පුළුවන් මට්ටමක නෑ අරුන් වගේ මාතේ

      Delete
  13. ඇ මචං නැද්ද ඔය අයිටී අක්කාකෙනෙක්ගේ ගෙදරක රස්සාවක් , ගෙදර වැඩ ටිකත් කරල දීලා අනිත්වත් කරල දුන්නහැකි

    ReplyDelete
    Replies
    1. වැදගත් ප්‍රශ්නයක්. :D

      Delete
    2. කීය දුන්නත් සංතෝසෙං ගන්නවා. ඕ යේස්.

      Delete
    3. හොයලා බලාලා කට්ටියට මේලක් දාන්නම්කො ..... අක්කගේ වයස සීමාවක් කුල ගොත..... එතකොට ජාතිය ගැන පස්න තියෙනවනම් කියලා එවන්න

      Delete
  14. දැනුමෙන් එයාලගේ මොළ පිරිලා තිබුනට මනුස්සකමෙන් මොළ හිස් වෙලානේ...

    ReplyDelete
    Replies
    1. ඔන්න යට පැතුමා කියලා තියෙන්නේ හරිම කතාව

      Delete
  15. සාමන්‍ය දැනුම, මනුස්සකම ඩිගිරි වලට උගන්නනේ නෑනේ බන්... සුද්දෙක් මනුස්සකම ගැන පොතක් ගහල ඩොලර් 500ක් විතර වටින ඔන්ලයින් එක්සෑම් එකක් හැදුව නම් අපේ අයි.ටී පොරවල් ඒ එක්සෑම් එකට පාඩම් කරලා හරි ඔය බේසික් ඉගෙන ගනියි...

    ඔරකල් නම් මොනාද අනේ.. :D

    ReplyDelete
    Replies
    1. මචන් පැතුම් මේ උබේ කොමෙන්ට් එක මට හරිම වටිනවා .... සබ්ජෙක්ට් එකේ ඉඳලා උබටත් ඔය වගේ පොරවල් ගැන අත්දැකීම් ඇති කියලා හිතනවා ... අර මම උඩ කියලා තියෙනවා වගේ එක දිගට මැෂින් වල ඉඳලා ගොඩක් එවුන්ගේ ඔලුවත් මැෂින් වෙලා වගේ බන්.... එන්ටෙර් වෙන ඩේටාවලට විතරමයි අවුට් පුට් එක

      "ඔරකල්" ඔය ඉතින් කතාව ලියපු එකා දන්නා ලොකුම එක තමයි ඉතින් ..... :D

      Delete
  16. උඹ ගුටි කාලා හරි කමක් නෑ ලියනවා කිවුව කතාව ලියපංකෝ..

    ReplyDelete
    Replies
    1. බය වෙන්න එපා මචන් ඔලුව මලත් කඳ පිට් මචන් ....... ලබන සතියේ...... වැරදුනා කවදා හරි එක ලියනවා

      Delete
  17. ඒක කොටසක් ගැන ලඝු කොට ලිව්වට ගොඞක් එවුන් ඔය විදිහයි නේද අයියන්ඞි?
    එක ගලෙන් කුරැල්ලෝ ගොඞයිනේ?

    ReplyDelete
    Replies
    1. වටෙන් දෙන්නේ මලේ වටෙන් දෙන්නේ ..... තෝ මොකද බෝල මට අයියා අයියය ගාන්නේ

      Delete
    2. ඇයි දෙයියනේ මට 26 යි නේ (සෙනසුරාදා, පෝය, බැංකු, රඡයේ ප්‍රසිද්ධ නිවාඞු අතඇරලා).

      Delete
  18. අපේ IT Manager, IT Executive ලා ගැන නම් කතාකරලා වැඞක් නෑ සිංහල ඉනස්ටොල් කරලා දෙන්න දන්නේ නෑ. ඔිනම ප්‍රශ්නේකට උන්ගේ උත්තරේ re-start කරලා බලන්න.

    ReplyDelete
    Replies
    1. කමක් නැද්ද අහන්නෙපැයි :D

      Delete
    2. උඔ කිව්වට විශ්වාස කරන්නේ නැ බන් මට සිංහල පොන්ට් එක දාල ඒක කියලා දෙන්න දන්නේ නැති පකේ අයි ටි. මම ඌට කිව්වා දවසක් යකෝ බ්‍රා එකක් මහලා අන්දලා ගලවන හැටි අහපිය තොට කියලා දෙන්නම්, යු ටියුබ් එකේ තියන විඞියෝ එක ඞව්න්ලෝඞ් කරන හැටි දන්නේ නැති තෝපේ අයි ටි ගහගනින් පුකේ කියලා.
      අපේ ට්‍රන්ස්පෝට් මැනා ඞ්‍රයිවර්ට කිව්වලු සෙන්ටර් ඇක්සල් බාර් එක හදාගන්නකන් මේ දවස් ටිකේ ඔහම දුවන්න කියලා.

      Delete
    3. හුකෑස් … අතල් ලෝකයක්නෙ බං උඹලගෙ පැට්ටේරිය. කව්දෑ බං උංව ඉන්ට්ව් කරේ. :D

      Delete
    4. රී ස්ටාර්ට් කොරන එකත් හරියට කොරොත් ඉතින් පට්ට ආතල් තමයි ......
      මචන් ඔය බ්‍රා පිටෝන් කරන වෙලාවට ඉන්පෙක්ෂන් එහෙම කරනවා වගේ වැඩ වලට වෙකන්සි එහෙම නැද්ද

      Delete
    5. sport bra fit-on බලන දවසට තමයි එපා වෙන්නේ ඇයි ඉතින් අස්සට ඇගිලි ගගහා හදන්න එපැයි. මට එදාට වැඞට යන්න හිතෙන්නෙවත් නෑ..හි..හි (අපි නොදන්න චෙස්)

      Delete
    6. ඇත්තට ඇඟිලි ගගහාත් බලනවද බන් ????????????????

      Delete
  19. පත්තරමල්ලි අයියෝ මත උයාගේ අැගතයතවෙලා ඉන්න ආතයි තත්තලනෝ බබාව හිලකලගන තදකලගන තිද්දන්නේ තවද්ද නෝතියො

    ReplyDelete
    Replies
    1. පත්තලේ මෙන්න මෙයා කියන දෙයක් කරලා දීපන් මගේ අම්මේ .... පව් පොඩි එකා

      Delete
    2. වැඞක් නෑ මැලේ, පත්තර මල්ලි බාල අපරාධ කරන්නේ නෑ. මොන්ගල් එවාට කැමතිත් නෑ.

      Delete
  20. IT කාරයොත් මනුෂ්‍යයෝය කියාගෙන උඹ ලියල තියෙන්නෙ අමනුෂ්‍යයො වගයක් ගැන නේ බං.

    ReplyDelete
    Replies
    1. මිනිසාමයි ලොව දෙවියන් වන්නේ ....
      මිනිසාමයි ලොව තිරිසන් වන්නේ .......

      ඔන්න ඕක නිසයි මම එහෙම මාර්තුකාව දැන්මේ
      මදුරු නාශක උබව ගොඩ කාලකින් දැක්කේ අපේ පැත්තේ කොමද බන් මේදවස් වල

      Delete
  21. මම නම් දවස ගානෙ පැය 2 ට දෙන්නෙක්ව ගෙන්වාගෙන ක්ලින් කරවගෙන (බටේ නෙමෙයි බං ) යවනව .......
    නවත්වගෙන වැඩ ගන්න වා නම් පිල්ලියොම තමයි.... ඉදගෙන ...හිටගෙන දෙකටම.... හෙක්...හෙක්...

    ReplyDelete
    Replies
    1. අන්න වැදගත් කම පේනවනේ .........

      Delete
  22. මට හිතෙන විදියට ආශ්කා අක්කගෙ කථාව රූපවාහිනියෙ යන කාලෙත් මැර කකාට අවුරුදු 40 පැනලා තියෙන්න ඇති. දැන් අවුරුදු 60 කට විතර කිට්ටුයි නේද...මෙතන කොල්ලා වෙන්න හැදුවට....

    ReplyDelete
    Replies
    1. බලපන් සිරා, ඒ මදිවට මගෙන් අහනවා ඌට අයියන්ඞි කියන්නේ ඇයි කියලා?

      Delete
    2. මොකද කියන්නෙ මෙන්ඩිස් අයියා....බ්‍රා එකක් අන්දමුද කොල්ලට...

      Delete