මම S. L. මැලේ රාළ

මම ලංකාවේ පොරක් මැලේසියාවේ ජොබක් කරන.... මට මේක ලියන්න හිතුනේ අනික් බ්ලොග් කියවල ඒවා දැක්කම මෙහෙවෙන දේවල් අනික් කට්ටියටත් දැන කියාගන්න කියල තමයි .

අවූරුදු ගානක් තිස්සේ මෙහෙ ඉදන් අහපු දැකපු, සිද්ද උන හා දැනටත් සිද්දවෙමින් පවතින දේවල් තමයි මම ඔයාලට කියන්න යන්නේ ඕන්.....

Tuesday 22 July 2014

පට්ටපල්, අමුලික ඇත්ත කෙටි කතා මාලාවේ.... දෙක

ඔන්න එහෙනම් දෙක 




නිසාන්තගේ වික්‍රමය  

       ඇතුගල ගමේ මායිමක තමයි නිසාන්තගේ තාත්තාට අයිති පොල්වත්ත තිබුනේ වැඩිමහල් සහෝදරියන් තුන්දෙනෙක්ට පස්සේ පවූලේ එකම පිරිමි දරුවා උන නිසාන්තට  ඉගෙනිමනම් හොදින් පිහිටලා තිබුනේ නෑ..  එත් දේව මල්ලියෙකුට අයත් ඒ පාලාතේ පොරසිද්දම පාසලට ගිය නිසාන්ත යන්තම් සා.පෙ ගොඩ දාගත්තට පස්සේ කළා අංශයෙන් හරි උ.පේ කරන්න කියලා ගෙදරින් බල කෙරුනා.

    යන්තම් උ.පේ කඩ ඉමත් බොහොම අමාරුවෙන් ගොඩා දාගත්තත් එතැනින් එහාට ඉගෙන ගන්නනම් නිසාන්තට ඕන උනේ නෑ.... කවදා හරි තමන්ට වඩා හොඳින් තම පරම්පරා ගත පොල්වත්ත එකම පුතා පාලනය කරයි කියන මහත් බලාපොරොත්තුවෙන් සිටිය පියාට මේ ඉගෙන ගැනීමේ මට්ටමනම් කොහෙත්ම සෑහුනේ නෑ...  එත් දැන් ඉතින් වෙන කොරාන්ට දෙයක් නැති නිසා තාත්තා පුතාට  පොල්වත්තේ වැඩ පුරුදු කරන්න පටන් ගත්තා. 


වත්ත මැද්දේ නිසලව, අලසව ගෙවීයන කාලයත් එක්ක මේ වතුපාලනය දැන් දැන් ටික ටික නිසාන්තට එපාවේගෙන එන්නේ.. එත් කවදා හෝ අල්ලපු වැටෙන් වෙන්වෙලා තියෙන පොල්වත්තෙන් කොටහකුත් තමන් සතුකර ගන්න හින දකින තම පියාට  එරෙහිවන්න නිසාන්තට හිතුනේ නෑ .

   එක්තරා සති අන්තෙක නගරයට ගිය නිසාන්තට තම පාසල් සගයෙකු මුණ ගැහෙන්නේ අහම්බෙන්. ඔහු නගරයේ පොරසිද්ද මහල් කීපයකින් යුතු සාප්පු සංකීර්ණය අයිතිකරුගේ පුතා. තමන්ගේ අලස ව්‍යාපාරය ගැන කන්කෙදිරිගාන  නිසාන්තට මිතුරාගෙන එන්නේ සීග්‍රගාමී ව්‍යාපාර අදහසක්, 

මිතුරා: - උබ එහෙනම් කම්මැලිකම යන්නත් එක්ක ඊලග  සැරේ වරෙන් මාත් එක්ක රෙදි ගේන්න ඉන්දියා යන්න, 

නිසාන්ත:- අපෝ අපේ තාත්තාගෙන් ඕකට සල්ලි ගන්න ලේසි වෙන එකක්  නෑ බන්...

මි:- උබ තාත්තාගෙන් ලෝන් එකක් ගහපන්... ලක්ෂ 3ක් විතර... ටිකට් එකටයි එහෙ ඉඳුම් හිටුම් ඇරෙන්න ඉතිරි ඔක්කොම සල්ලිවලින් මෙහෙ ආපු ගමන් විකිනෙන බඩු  ටිකක් මම උබට අරන් දෙන්නම්,.. ඒවාවල ලාබයෙන් උබේ වියදම් ටික කෙලින්ම කවර් කර ගත්තැකි... උබ ලක්ෂ පහක් විතර අරන් ආවොත් එකෙන් එන ලාබෙන් වියදම් ඇරලා අතටත් ගානක් ගන්න පුළුවන්,
  
නි:- හරි මම තාත්තා එක්ක කතා කරලා උබට කියන්නම්කො, 

    මාස කීපයකින් පැවැත්වීමට දින නියම කරගෙන තිබු පවූලේ ලොකු දුවගේ විවාහය සදහාත් අවශ්‍ය සාරි අඩුමිලට මිලදී ගැනීමට ඇති හැකියාව නිසා නිසාන්ත හිතුවටත් වඩා පහසුවෙන් ඉන්දියාගමනට අවසර හා මුදල් ලැබුනා.. නිතර ඉන්දියාවෙන් රෙදිපිළි ගෙනවිත් තිබු මිතුරා කිසිදු ගුරුමුෂ්ටියක් නැතුව ගනුදෙනු කෙරෙන තැන් හා විදිය නිසාන්තට කියා දුන්නේ නියම මිත්‍රත්වය මොනවට කියා පාමින්.. (හරියට පත්තරයයි ඉවානුයි වගේ) අවශ්‍ය ප්‍රධාන සියලුදේ රැගෙන අතේ ඉතිරි මුදල් වලට හරියන්න සුළු භාණ්ඩ ගන්න ගිය අවසාන දවසේ මිතුරන්ගේ කතාබහ මෙන්න මෙලෙසයි, 

මිතුරා:- උබ ගෙදරට ගත්ත සාරි ටික නිකන් ලැබුනා කියලා හිතාගනින්... ඔය ගත්ත අනික් සාරි ටික වික්කම ඒවාවල ගාන නිකන්ම කවර්  කර ගත්තැකි.... අද ඔය ටොයිස් අයිටම් ගනිද්දී මතක ඇතුව රුපියල් 25000ක් විතර අතේ ඉතුරු කර ගනින් ලංකාවේදී ටැක්ස් ගෙවන්න.... 

නිශාන්ත:- හෆොයි මට ඒක අමතකම උනානේ .... මේ බඩු කන්දරාවටම 25000ක් ඇතිද බන්,
මිතුරා:- මේ ටිකට හරියට ටැක්ස් ගැහැව්වොත් ලක්ෂේත් පනිනවා.... එත් 25000න්  ගේම ගොඩ දාගන්න කොරෝම තියෙනවා ඒ ටික මම උබට එතැනදී කියලා දෙන්නම්කෝ, 

  නැවත මව්රටට පය තිබ්බට පසු නිසාන්ත මිතුරාගේ අවසන් පාඩම ඉගෙන ගන්නා ලදී,  එනම් රජයේ ටැක්ස් නොව සාමාන්‍ය ටැක්ස් වටිනාකමින් හතරෙන් එකක් පුද්ගලයෙකුට ගෙවා ටැක්ස් අයකරන්නන්ගේ සහයෝගයෙන්ම ටැක්ස් නොගෙවා බඩු  ටික එලියට ගැනීමයි.

  මෙසේ සාර්ථකව තම පළමු ව්‍යාපාරික විදේශ සංචාරය නිමකළ නිසාන්ත තව වසර දෙකක් ඇතුලත මෙවැනි ඉන්දියන් ගමන් දහ දොලෝස් සැරයකට වඩා යෙදුනු ප්‍රවීනයෙක් බවට පත්වී තිබුනා. 

   කතාව ආරම්භවනුයේ දැන්ය. සුපුරුදු පරිදි දිනක් ඉන්දියන් සංචාරයකට පසු  ගුවන්තොටේ සියළු පෙර සුදානම් සහිතව කස්ටම් අංශය පාස්කිරිම සඳහා යන නිසාන්තවෙත පැමිණෙන්නේ එම නිල ඇඳුමම හැදගත් නිලධාරියෙකි... 

   ඔයා අපේ සෙටින් එකකින් නේද මල්ලි යන්නේ අසමින් පැමිණ ඔහු නිසාන්ත අත පත්කරනුයේ ලීටර් එකහාමාරකින් යුතු වටිනා විදෙස් මත්පැන් බෝතලයකි. ඉන්පසු කියනුයේ මේකත් ඔයගමන්ම එලියට ගෙනියන්න මල්ලි මම එළියෙන් එන්නම් ගන්න යනුවෙනි.. මේ සා උදව් කරන අයගෙන් කෙනෙක් යයි සිතා එම හතරැස් පෙට්ටිය තම භාණ්ඩ අතර නිශාන්ත සගවාගන්නේ ඒ වනවිට ඔහුත් විකිණීම සඳහා නියමිත ප්‍රමාණයටත් වැඩියෙන් බෝතල් මිලටගෙන තිබු හෙයිනි ...  

   නිසාන්ත ජයග්‍රාහී ලෙස අදාළ පරිශ්‍රය පසුකර එලියට එන ගමන් නැවත වරක් එම සගවා තිබු බෝතල් ටික ට්‍රොලියේ වෙනම අසුරන්න පටන් ගන්නේ තව නොබෝ වෙලාවකින් මතු වෙන අර නිලධාරියාට බෝතලය පහසුවෙන් නැවත ලබාදීම සඳහාය. නමුත් සිදුවන්නේ වෙනකකි. 

    පිටත සැකසහිත මගින් පරික්ෂා කරමින් හදිසි කඩා පැනීම් කරන තව කස්ටියක් එක්වරම නිසාන්තගේ ට්‍රොලිය ඉදිරියට පාත්වෙන්නේ පිළිවෙලට ඇති බෝතල් ඇසුරුම් වලට පෙරෙත බැල්ම දාන ගමන්ය...


නිළධාරින්:- මල්ලි දන්සලක් දෙන්නද ?? කෝ.. මේවයේ ක්ලියරින් ඩොකියුමන්ට්,

නිසාන්ත:- මේ තියෙන්නේ කොලේ සර්... මේ යාළුවො ටිකට ගත්තේ ටුවර් එකකට ඉන්දියා ගිහින් එනගමන්,

නිළධාරින්: ඔයාම දන්නවනේ මල්ලි එක්කෙනෙකුට එකපාරට මෙච්චර ගෙනියන්න බෑනේ ඔයා මේ කොලේ ලියලත් නෑනේ මෙච්චර තියෙන බව,

නිසාන්ත:- ලිව්වේ නැත්තේ මෙහෙ ඩියුටි ෆ්‍රී එකෙන් හදිස්සියේම ගත්තනිසා...... මොකක් හරි පොඩි ශේප් එකක් දාගන්න විදියක් නැද්ද සර්,

නිළධාරින්:- හරි හරි එහෙනම් ඔහොම්ම එලියට යනගමන් අන්න අතනදී මෙන්න මේක අපිට දෙන්නකෝ,

නිසාන්ත: අයියෝ සර් ඕක නැතුව වෙන ඕන එකක් ගන්න.... ඕක මේ.. මේ... විශේෂයෙන්ම වෙන යාලුවෙක්ට ගත්ත එකක්

නිළධාරින්:යාළුවට ඊළඟ සැරේ ගිහින් දෙන්න මේක අපිට දෙන්න ඔයා නිකන් කොරමේ දන්නේ නෑ  වගේනේ කතාව ඔය අනික් ඒවා ඕන තැනකින් ගන්න පුළුවන් මෙවානේ හැමතැනම නැති බඩු 

   මෙවැනි අවස්ථාවලදී පුරුදු කාරයෝ මෙයාලා ඉල්ලන දේ දීලා මේ කරදරෙන් බේරිලා ගියත් නිසාන්ත උත්සහ කරේ මේකෙනෙක්ම ට්‍රැවල් කරන්න දුන්න බෝතලය කොහොම හරි එයාටම ගිහින් දෙන්නයි... එත් එම උත්සහයම නිසාන්තගේ අවාසනාව ඉක්මන් කෙරෙව්වා ... මේ නිසාන්තගේ අසාමාන්‍ය උත්සාහය ගැන සැක සිතු එක් නිලධාරියෙක් බෝතලය  බහලු පෙට්ටිය විවුර්ථ කලේ පෙට්ටියේ යට පැත්තෙන්. 

  එක්වරම වික්ෂිප්ත වූ මේ නිලධාරියා ඇතුලේ වූ යමක් අනෙක් අයට පෙන්නනවාත් සමගම වහා ක්‍රියාත්මක වූ මොවුන් නිසාන්තගේ අතට මාංචු දමා රැගෙන ගියේ ප්‍රශ්න කිරීමේ කාමරයක් වෙතය. තාමත් අන්දුන්කුන්දුන් වි සිටින නිශාන්තගෙන් ප්‍රශ්න කෙරුනේ විස්කිබෝතල් අසුරණය ඇතුලේ සුක්ෂමව සගවනලද හෙරොයින් ග්රෑම් 200ක පමණ ප්‍රමාණය කොහෙන්ද ගෙනාවේ, කාටද ගෙනියන්නේ, කව්ද ජාවාරමට සම්බන්ද අනෙක් කට්ටිය යනාදියයි...

  අහස පොලොව නුහුලන මේ කතාන්දරවලට පිළිතුරු ලෙස, මේ බෝතලය තාමාට ලැබුණු ආකාරය නිසාන්ත පුන පුනා පැවසුවත්.. ඊට මාස ගණනකට පසු උසාවි නියෝගයක් මත නැවත තම නිතිඥ මහතුන්, පොලිසිය සමග අදාළ බෝතලය ලැබුන තැන හරියටම පෙන්වා දෙනු ලැබුවත් එම තැන කිසිදු ආරක්‍ෂිත කැමරාවකින් ආවරණය නොවන නිසා නිසාන්තගේ කතාව ඔප්පු කිරීමට කිසිවකුට නොහැකි විය.

 ඉතාමත් දරුණු වද බන්දන වලට භාජනය වෙමින් මාස කීපයක ප්‍රශ්නකිරීම් අවසානයේ ඒ වනවිටත් විසිදෙවන හැවිරිදි වියේ පසුවූ නිසාන්ත වසර හතකට දගගෙට නියම විය. 

   අල්ලපු වත්තෙන් කොටසකුත් තම පුතා තම වත්තට එකතුකරගන්නවා දැකීමට පෙරුම්පිරූ පියා, තම වත්තෙනුත් කොටසක් විකුණා දක්ෂ නිතිඥ මහතුන්යොදවා නඩු විභාගයේදී එකම පුතා බේරා ගැනීමට උත්සහ කලත් අවසන් තීන්දුවෙන් පසු දින කීපයකින් මෙලොව හැර ගියේ දරුණු ශෝකය දාරා ගැනීමට නොහැකිවය. 

 දැන් ගමේ හැමෝම කතාවෙන්නේ රෙදි ගෙන්න කියා කියා ඉන්දියාවේ ගිහින් කුඩු ගෙනා නිසාන්ත ගැනය...  ඔවුන් කියන දේවල් අදටත් රහස් පොලිසියටවත් සොයාගැනීමට නොහැකිය.. නමුත් ගමේ හැමෝම සහයෝගයෙන් සමගියෙන් එක හෙලා කියන්නේ නිසාන්ත මුලසිටම කලේ කුඩු බිස්නස් කියාය. (අන්න අපේ සිංහල කම) ඒ වන විටත් තම එකම මල්ලි ඉන්දියාවෙන් ගෙනා සාරි වලින් හැඩගැන්වී විවාපත් වී සිටි වැඩිමහලු සහෝදරියන් දෙදෙනා ගමේ අනික් කට්ටිය කියන කතා වලට අනුබල දෙමින් වාගේ මහගෙය මගහරින්නට විය.  තෙවන සහෝදරිය පමණක් තම දෙමව්පියන් මෙන් අදටත් නිසාන්තව විස්වාස කරයි.

 දඩුවම් කාලය නිමවා ගෙදර පැමිණියත් නිසාන්තට පාරක තොටක යා නොහැකි තත්වයක් ගමේ උදාවී තිබිණ... ගමේම දුප්පත් තරුනයෙකු සමග ඇතිකරගත් සම්බන්දතාවයකින් පසු උත්සවයක් නොමැතිවම විවාහවී, තම මවද රැක  බලාගෙන පොල්වත්තේ සුළු ආදායමෙන් ජීවත්වූ සොහොයුරියට තවදුරටත් බරක් නොවූ නිසාන්ත අදටත් මැලේසියාවේ නිවාස සංකීර්ණයක ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වශයෙන් සේවය කරයි.

ලියා පොරසිද්දියට පත්කරන ලද්දේ මැර කකා විසිනි...

පලි: සුපුරුදු පරිදි කතාව ඇසුවායින් පසු රාල නිසාන්තගෙන් කිසිවක් අසන්නට ගියේ නැත... එත් නිසාන්ත මගෙන් ඉල්ලීමක් කරා ... "ඔයාට පුලුවන්නම් මේ කතාව පත්තරේට හරි ඉන්ටනෙට් එකේ හරි දාලා ප්‍රසිද්දියක් දෙන්න කව්රුහරි කෙනෙක් පාඩමක් ඉගෙන ගනී "
ඔහුගේ ඉල්ලීම මා මට හැකි අයුරින් සම්පුර්ණ කලෙමි....




100 comments:

  1. ලංකාවේ කස්ටම් එක ගැන නම් කතා කරලා වැඩැක් නෑ...කස්ටම් එකත් එක්ක බැලුවාම පොලිසීය හොඳයි කියන්ඩ පුළුවන්....

    ReplyDelete
    Replies
    1. අයියෝ අහිංසක මිනිස්සුන්ට බනින්න එපා අලුතෙන් හදලා දීපු බිල්ඩිමට වත් තාම පදිංචියට ගිහින් නෑලු

      මචන් උබ එක වෙලා ඉන්නවා දැක්කම මට මතක් උනේ මගේ පලවෙනි පොස්ට් එක එකෙත් එක වෙලා තිම්බේ උබනේ මචෝ

      Delete
  2. ඇඟ හිරිවැටෙනවා රාලයෝ.උඹ මේ දේවල් ලියල කට්ටියව දැනුවත් කරන ඒක ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඔය බෝතලයක් දෙකක් ගෙනාවට කිසි අවුලක් නෑ හැලපයියෙ.. බය නැතුව ගේන්න. අපි ඉන්නවා …

      Delete
    2. අත් දෙකම උස්සලා මාත් මානපය පලකරමි.

      Delete
    3. ඇඟ හිරිවැටෙන හරිය මම හරියටම ලිව්වේ නා කෙටි කතාවක් නිසා ... අර පොරව අහුඋන වෙලාවේ විස්තර දැනගන්න ට්‍රයි කරපු ටික..... එක නිකන් හරියට සතියක් විතර පාන් කැල්ලක් තියා වතුර ටිකක්වත් බිපු නැති එකෙකුට බුරියානි එකක් රිපන් කියනවා වගේ වැඩක්

      Delete
    4. @ පත්තරේ & මෙන්ඩි
      ඔව් ඔව් ඔව් මෙතැන බෝතල් ගෙන එකේ කිසි වැරද්දක් නෑ .... හොඳ පුරුදු අතහරින්න ලැහැස්ති වෙන්න එපා

      Delete
  3. කොහොඹ ගහ සහ කරිවිල වැල වගේ ...

    පවු බං අරූ.. මොනව උනත් අයථාවිදියට මුදල් හොයන ඒවා ඉක්මනටම බිඳවැටෙනවා..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ඔන්න හෙරොයින් /එතනෝල් කන්ටේනරයක් වාගෙ ගේනවනං ගාඩ් එක පිට ගෙදෙට්ටම ගෙනිච්චෑකි.අහූනත් එක්කො එර්දි වෙනවා එක්කො පාංපිටි වෙනවා.. මොකෝ පාංපිටි ගෙන්නන්න තහනංය ??
      අපි කන්නෙ පොල්කුඩුය එතකොට.??

      Delete
    2. අයතා විදියට උනත් මුදල් ටික ටික හොයන එක තමයි වැරදි කියලා කතාව වෙනස් වෙන්න ඕනා විදානේ මම හිතන හැටියට

      Delete
    3. අන්න එකයි පත්තරේ ග්රෑම් 200 වල් 300වල් ගෙනාවොත් කචල්.... කන්ටේනරයක් විතරනම් අහුඋනත් රජ නැතත් රජ

      Delete
  4. බොක්කෙන්ම කියනවා නම්, උඹ මේ කරන්නෙ සමාජයටම වැදගත් වැඩක් බං. සිරාවටම.

    පවු අර නිශාන්තයා.

    ReplyDelete
    Replies
    1. මට මැවිල පේනව ඉවාන් ගැනත් මෙහෙම පෝස්ට් එකක් වැටෙන හැටි.. ඕ යේස්.

      Delete
    2. මට දැක්ක ගමනම හිතුනේ පත්තරයා ගැන මෙහෙම පොස්ට් එකක් වැටෙන්නේ කවදද කියලා ....ඕ...යේස්

      Delete
    3. තැන්කු බන් ඇඩේනවා බන්

      Delete
    4. දිලිනිගේ වැටටත් තැන්කු බන්

      යට ඉන්න දෙන්නගේ ආසාවලුත් කොහොම හරි ඉෂ්ට කරලා දෙන්නම් බන්

      Delete
    5. මගෙත් ආසාවක් තියෙනවා. උඹෙම කතාවත් ලියපන් කවුරු හරි කිව්ව එකක් කියලා. :D

      Delete
  5. Pau ahinsaka minissu. Hamotama hoda padamak.

    ReplyDelete
    Replies
    1. මේ පාඩම සතියක් මතක තිබුනොත් මෑදෑ

      Delete
  6. මැලේ, උඹ නිතර ලියනව වගේ වටින පණිවුඩයක්. ඔයෑයාර්පෝට් එක කියන්නෙ බෑග් එකක් බිම තියල අහක බලාගන්න හොඳ නැති, කිසිම කෙනෙක් දෙන දෙයක් ගෙනියන්න බාර ගන්න හොඳ නැති ඉතාම භයානක තැනක්.

    මගෙ යාලුවෙක් ජොබක් නැතුව වේලි වෙලි ඉන්දැද්දි උන්ගෙ දුර නෑයෙක් ඔහොමම ඉන්දියවෙ යන්න කතා කරල තියෙනව බඩු ගේන. හැබැයි වියදම් සේරම අර නෑයගෙන්ලු. මූව එක්ක යන්නෙ තව කෙනෙක් ගියාම අලවුන්ස් වැඩිපුර හම්බුවෙන නිසයඉ ගොඩක් බර ගේන්න පුලුවන් නිසායි කියලයි කිව්වෙ. අපේ මිත්‍රයත් පැනල සෙට්වලා පාසොපෙට් එහෙමත් හදා ගත්ත. අන්තිම මොහොතෙ උන්ගෙ තාත්තගෙ යාලුවෙක් ඔහොම වෙච්චි සීන් එකක් ගැන කියල කොල්ල අතේ කුඩු එවයි යවන්න එපා කියල කියපු නිසා මූව යැව්වෙ නෑ. පස්සෙ මේක තාත්ත එක්ක මල පැනල ගෙදරිනුත් ගිහින් නැන්ද කෙනෙක්ගෙ ගෙදර හිටිය ටික දවසක්. පස්සෙ ආරංචි උනා අර රට නෑය වෙන කොල්ලෙක් එක්ක එනකොට කුඩු මාට්ටු කියල. කස්ටම් එකෙන් පනින්න අලුත් මූනු ඕන නිසා තමා මිනිහ මගෙ යාලුවට කතා කරල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. එදා මට පෙනුනෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ
      අද මට පෙනෙන්නෙ ඔබ දෙවියෙක් වාගෙයි තාත්තෙ
      (සුනිල් පෙරෙර )

      Delete
    2. ගැලපෙනම සිංදුව මචෝ !!!!!

      Delete
    3. සම්පුර්ණ ඇත්ත ඉන්දික.... අර අපේ එවුන්ගේ ඕන නැති තැන්වලදී එන සත්ව කරුණාව නිසාම ලෙඩ දාගන්නවා වැඩියි

      කොහොමත් කලෙක ඉදන් යන තවත් ජාවාරමක් තමයි ඔය ඉන්දියා ගෙනියන එක ... ගොඩක් වෙලාවට ඔය මැදපෙරදිග අවරුදු කීපයක් එක දිගට වැඩකරලා එන ගෑනු අයව පාස්පෝර්ට් එකේ විදෙස්ගත කාලයට අනුව හම්බවෙන ටැක්ස් එක ක්ලෙම් කරන්න එන්න එකට හොඳ ගානක් ගෙවන්නම් කියලා ඒ කාන්තාවන්ව ඉන්දියා ගෙනියලා එයාලා අතේ රත්තරන්, කුඩු එවලා බර ලොට් එකක් හිරේ ඉන්නවා ... කව්රුත් ඉතින් ඕවා ගැන වැඩිය කතා කරන්නේ නැනේ

      Delete
    4. දමියෝ මගෙත් ඇහැට කදුළු එන සින්දුවලින් එකක්

      Delete
  7. යකො මාර කෙලියක් නේ.වැඩෙ තියෙන්නෙ රාලයි මිනිහත් වැරදිවැඩක් කරගමන් නේ.එකනිසා ලොකු වැරදිවලට අහුවෙන්න තියෙන ඉඩ වැඩියි.

    ReplyDelete
    Replies
    1. කුඩු විතරක් නෙවෙයි බන් රටින් ටයර් ගේන්නත් බැලූ සාමාන්‍ය මිනිස්සුන්ට අපේ එකෙක් මෙහෙ ගණන් අඩුයි කියලා ටයර් 4ක් අරන් දාලා ලංකාවේදී ටැක්ස් එකවිතරක් ටයර් වල ගානට වඩා වැඩිලු ..... එතකොට ඉත්න් ඔහොම උනාම හොර පාරේ තමයි ගෙනියන්න හිතෙන්නේ

      Delete
    2. ටයර් නම් දමිත්- දමිත් නම් ටයර්

      Delete
  8. ඉක්මනින් හා අයථා මාර්ග වලින් සල්ලි හොයන්න යන බොහොමයක් දෙනා විනාශයෙන් තමයි කෙලවර වෙන්නේ. මේ තත්වයට පත්වන තවත් අය කොච්චර ඇද්ද?

    බොහොම සංවේදී ආදර්ශවත් කතාවක්. මේවා කියවලා හැදෙන්න පුළුවන් අය හැදුනොත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. වැඩිම උනොත් සතියයි විචාරක මහත්තයෝ අපේ උන්ට මේ වගේ කතා මතක හිටින්නේ

      Delete
  9. එයාර් පොර්ට් වලදී නම් මමත් හෙන සැලකිලිමත්... මිනිස්සු විශ්වාස කරන්න හරි අමාරුයි නේ... අපි කොච්චර හොඳ චේතනාවෙන් උදව් පදව් කරන්න කියල හිතුනත් අහක යන කුණු දාගන්නේ මොකටද කියල නිකන් ඉන්නවා..

    පව් ඉතින් අසරණ මනුස්සයෙක්.. පොඩි ලාබ හොයන්න ගිහින් ජීවිතේම ඉවරයි..

    ReplyDelete
    Replies
    1. සම්පුර්ණ ඇත්ත පැතුම් ...... නලින්ට ලිව්වා උත්තරේ බලන්නකෝ

      Delete
  10. මට මතක් වෙනවා මචෝ මේ වෙලාවේ මගේ පළමු පිටරට සංචාරය. එය ගියේ ලංකාවේ සුප්‍රකට හාමුදුරු නමක් සංවිධානය කරන ඉන්දියාවේ උත්සවේකට. පූර්ණ රාජකාරි ආවරණයත් එක්ක. එත් කටුණායක දොරෙන් ඇතුළු වෙනකොටම බෑග් ක්ලියර් කරනවනේ. එයින් පස්සේ අර බැංකු තියන හරියෙදි හාමුදුරුවන් නියෝජනය කළ කෙනා මට දෙනවා පොත් පාර්සලයක් තියෙන්නේ කියලා ඔයාගේ හැන්ඩ් ලැගේජ් බර අඩුයිනේ මේක ගෙනියන්න කියලා. ටිකටින් තැනදි මං කෙළින්ම කිව්වා මේ බෑග් එක ඇතුලේ වෙනම පෙට්ටියක් වගේ පාර්සලයක් ඇති එය මගේ නොවේ අපි එක්ක යන්න ආ කෙනෙකුගේ එය පරික්ෂාකරලා බලන්න කියලා. එයාලා කිව්වා ඒක චෙක්වෛන්නේ මෙතැන නොවේ වෙන තැනක ඒත් ඔබ කිව්ව දේ ගැන සටහනක් දාන්නම් කියලා. ඉතින් මාත් බෑගයේ දාගන ගිහින් සිගරට් බොන ඒරියා එකේ සිගරටයකුත් ගහගන ඉදලා ගුවන් යානයට නගින්න යන තැනදී අපේ සපත්තු පවා ගලවලා චෙක් කරන තැනදි අර පෙට්ටිය වෙනම ඇරගෙන කඩලා බැලුවා. හැබැයි තිබුණේ පොත් ගොන්නක්. එසේ නොවුණා නම් අද මාත් මෙතැන නොහිටින්නත් මං දැනුම් දුන් නිසා ඉන්නත් ඉඩ තිබුණා. මේවා ඇත්ත කතා.. නොදන්නා අයට බොහොම වටිනවා.

    ReplyDelete
    Replies
    1. එද්දි නං ඉතිං බෑග් එකේ ඇඟිල්ලක් ගහන්න ඉඩ නැතුව ඇති. … හා හා .… අපි නොදන්න නලින් අයියා :D
      ඇත්තට ජැක් ඩැනියෙල් විතරෙයි ගෙනාවෙ ?? ඒක විතරයි දැක්කෙ. ඒකත් පොටෝ එක :D

      Delete
    2. හාමුදුරු කෙනක්ව මතක් කල නිසා නලින් අයියේ මටත් මාරු කතාවක් මතක් උනා .... නිවාඩුවකට මෙහෙ ඉඳන් ගිය හාමුදුරු කෙනෙක් මෙහෙ පන්සලේ ඉන්න කොට කීප සැරයක් කතා කරපු මහත්තයෙකුත් චෙකින් කවුන්ටරේ ඉන්නව දැක්කලු.. පොර ගෙනියන්න තියෙන බඩු වල බර කිලෝ එකක් දෙකක් විතර වැඩිලු හාමුදුරුවන්ට තව කිලෝ 4ක් 5ක් උනත් දාගන්න පුළුවන්ලු මේක දැකලා අර මහත්තයා එකම කන්කෙදිරියිලු එයාගේ බැග් එකෙන් එකක් දෙකක් හාමුදුරුවන්ගේ එකට දාන්න කියලා .... ඔන්න හාමුදුරුවොත් කිලෝ 2කක විතර පාර්සලයක් ගත්තලු ඇතුලේ රෙදි වගයක් තියෙනවයි කිව්ව.... දැන් වැඩේ හරි කට්ටිය ලංකාවේ කස්ටම් එකේදී අර මහත්තයා තාම නෑලු හාන්ඳුරුවෝ බදු ටික අරන් එද්දී බග් එක ඇරියම ලංකාවේ කස්ටම් එකෙන් උඩම අර පාර්සලේ.... අහව්වලු මේ මොකද්ද කියලා ආ ඕක මේ වෙන කෙනෙක්ගේ තෑග්ගක් ඇතුලේ තියෙන්නේ රෙදි වගයක් කිව්වලු ස්කෑන් එකට ඇල්ලුවම යකඩ තියෙන එලාම් එක වදිනවලු ආයෙත් ඇහැව්වලු ඇතුලේ මොනවද කියලා රෙදි රෙදි කිව්වලු කස්ටම් ඔපිසට මල පැනලා බරාස් ගලා අරියාලු පාර්සලේ එලද බ්‍රා සහ පැන්ටී තොගයක් ඇතුලෙලු.... කොමද සෙනග කන්දරාව මැද්දේ හාමුදුරුවන්ගේ බෑග් එකෙන් ගත්ත පාර්සලෙන් බෙශියර් සහ පෑන්ටි ටික එලියට එනකොට ......... හොඳ වෙලාවට පාර්සලේ අයිතිකාරයා ටිකකින් එතනට ඇවිත් .... ඒ උනාට හාමුදුරුවෝ උන්දෑට වදාරපු වැදාරිල්ලට ගෙදර හිටපු අම්මටත් බෙහෙත් ගන්න උනාලු......
      කොහෙද ඉතින් ඉවානයා හදිස්සියට හාමුදුරුවන්ට දීලා තියෙන්නේ නෝනට ගත්තු තෑගි පාර්සලෙනේ

      Delete
    3. උඹල කිව්වම මට මතක් උනේ.... මම කොලඹ වැඩකරන කාලෙ අපේ මිස් කෙනෙක් හිටිය. එයාට ළමයි නැති නිසා මොකද්දෝ පූජාවකට දඹදිව ගියා. එන ගමන් නඩේ ගුරා විස්කි දෙකක් දීල. මොකුත් අවුලක් වෙලා නෑ නමුත් බුදු හාමුදුරුවන් වෙනුවෙන් දඹදිව ගිහිල්ල විස්කි ප්‍රවාහනය කරල තමයි ආවෙ.

      Delete
    4. //'ඉවානයා හදිස්සියට හාමුදුරුවන්ට දීලා තියෙන්නේ නෝනට ගත්තු තෑගි පාර්සලෙනේ//
      පත්තරෙ මෙහෙ වරො.මෙන්න බඩූඌඌඌඌඌඌ

      Delete
    5. අම්මප යකෝ මේකව මරලත් මදි දැන්නම්

      Delete
  11. මිනිස්සුන්ව ලේබල් කරන්න, විනිශ්චය කරන්න අපේ මිනිස්සු හරි දක්ෂයි.

    උඹ බලලා තියෙනවද NatGeo එකේ ගිය Banged Up Abroad සීරීස් එක?

    ReplyDelete
    Replies
    1. ඔය අපි හරියට හොයන්නේ බලන්නේ නැතුව ගහන ලේබල් නිසා මිනිස්සු කොච්චරනම් අසරණ වෙනවද
      Banged Up Abroad විතරක් නෙවි border security ත් බලනවා you tube එකේ ඒවා බැලුවමනම් ඇගේ තියෙන කෑලි ටික ගෙනියන්නත් බය හිතෙනවා අප්පා

      Delete
  12. කෙල්ලෙක් මේ වගේ සීන් එකකට මාට්ටු වෙන ලස්සන ෆිල්ම් එකක් බැලුවා. ඇත්ත කතාවක්. නම මතක නෑ. මේවා බොහෝම වටින ළිපි මචෝ. පත්තරවලවත් යන්නෙ නැති ළිපි. දැන් පත්තර වල තියෙන්නේ හොල්මන්.

    ReplyDelete
    Replies
    1. //දැන් පත්තර වල තියෙන්නේ හොල්මන්.//

      ඉතුරු ටිකේ ඇඩ් බං :D

      Delete
    2. ඒ කොල්ලා අන්තිමට හිරෙන් පනින්නේ ප්‍රධාන නිලධාරියාව මරලා. හරිද අයියන්ඞි?

      Delete
    3. මෙන්න නලියෝ මඩ .....
      මාතලන් කෙල්ලෙක්ද කොල්ලෙක්ද ...... ඔය මෙන්දියා කියන කොල්ල ඉන්න පිචර් එකනම් මමත් බැලුවා .... මතකද එකේ ඒ කොල්ලව බලන්න හිරේට උගේ කෙල්ල එන සින් එක

      Delete
    4. කොල්ලා කෙල්ලට කියනවා Blouse එක ගලවලා පෙන්නන් කියලා ඌ විදුරැවෙන් මෙහා පැත්තේ ඉදගෙන පිස්සුවෙන් වගේ විදුරැව අතගානවා ඊට පස්සේ උන් දෙන්නම අඞනවා. ඒක මාර සංවෙිදි අයියන්ඞි.

      Delete
    5. අන්න SM ට මතකයි හැබැයි මට මතක පොඩ්ඩක් වෙනස් විදියට...පට්ට හොඳම එක ඒ සින් එක වල්ල පට්ට කොමේ මාතා

      Delete
    6. මාතා....ඔය කියන්නේ Nicole Kidman හිටපු Bangkok Hilton ද?

      Delete
    7. මාතා කියන්නේ ඔය පිචර් එකද දන්නේ නෑ ....... මමයි සන්ජිවයි කිව්වෙනම් ඕක නෙවි අරුවෝ

      Delete
    8. බන්ධනාගාරයේ ප්‍රධාන නිලධාරියා ඒ කොල්ලව කාමරයට අරගෙන ගිහින් ලිංගික අතවරයක් කරන්න හදනවා (මතක විදිහට) එතකොට කොල්ලා පොරව තල්ලු කරහම නිලධාරියා කොක්කක පැටලිලා මැරෙනවා. කොල්ලා යුනිෆෝම් එක ඇදගෙන ප්‍රධාන දෙරටුවෙන් පිටවෙනවා.

      Delete
    9. හරියට හරි මම කියන්නෙත් ඕක තමයි එත් අරු දාලා තියෙන එක වෙනෙකක්

      Delete
  13. උඹ මේ ටික ලියන එක මාර වටිනවා බං.. පව් කියල හිතල උදව් කරන්න ගියාම බොහොමයක් දෙනෙක්ට වෙන්නෙ අනුන්ගෙ කුණු ගොඩවල් හින්ද හිරේ ලගින්න. පව් ඉතිං ඒ මනුස්සයා. ඔහොම දෙයක් වුණාම ඉතිං ආයි ගම් පළාතක ජීවත් වෙනව බොරු..වපර ඇහින් තමයි ඔක්කොම බලන්නෙ.

    ReplyDelete
    Replies
    1. බලනවා විතරක්නම් බැරියෑ කියන කතා ආයෙත් ගමේ යන්න වෙන්නේ නෑ

      Delete
  14. සෑහෙන්ඩ වටිනවා මස්සිනේ .මේ දැනුවත් කිරීම.… ඔය එයාපෝට් එකේදි දෙන බඩු මම ගන්නෙ නෑ.. කාව කියලා විස්වාස කරන්නද බං..ඉල්ලං කන්න බෑනේ.ඒත් ඉතිං ලගේජ් දිගඇරගෙන බඩු හුවමාරු කරගන්න අය නං අනන්ත දකිනවා.. තම තමුන්ගෙ පරිස්සම තමුන්ගෙ අතේ..ඇයි අර ඩියුටි ෆ්‍රී එකේදි එලියට ගිහිං දෙන්න කියල කෙඳිරිගාන TV … ෆ්‍රිජ් ???

    ඒ වගේම එයාපෝට් එකෙන් විතරක් නෙමෙයි..තමුන් ඉන්න රටේදි
    "අනේ මේකත් ගිහින් දෙන්නකෝ, අපේ අහවලා ගෙදරටම ඇවිත් ගනී "
    කියල දෙන මගුලවලුත් හෙන පරිස්සමින්, .. හෙරොයින් නූනත් චොකලට් කියල දුන්නට ඇතුලෙ මොබයිල් ෆෝන් එකක්.ටැබ් එකක්..වොච් එකක්.. කෝඩ්ලස් එකක් …සල්ලි …නොතිබෙන්නෙ එහෙමත් වෙලාවක බං.. මං ඒ ටොපිය නං කාල තියනවා..

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නේ බන් ඔය සල්ලි වගේ දේවල් අහු උනොත් වෙන්නේ මොකද කියලා මුන් දැන දැනම ඒවා අපේ ඇගේ ගහලා යවන එකනේ බන්

      Delete
    2. ඉවානයාට දෙන්න කියලා ඌගේ යාලුකේ උඔට දුන්න ටැබ් එකය ‍ෆෝන් එකය හම්බ වුනේ නෑ කියලා කිව්වේ.

      Delete
    3. ඒවා පොර්ට් එකේදී කස්ටම් එකෙන් අරන් බන්...... ඒ ජාතියේම වෙන එව්වා දෙකක් පත්තරයා ආපහු යන්න සල්ලි නැතුව මල්වත්ත පාරට විකුනලා තියෙනවා

      Delete
  15. අර ඉවාන්ගෙ නම දාල පෝස්ට් එක කාල නෙවැ. චැහ්.…

    පොඩි පාර්සලයක් තියනව එවන්න උඹට. ආයෙ ඉවානයා මැලේසියා එද්දි කලිං කියහං ඈ.. ග්‍රෑම් දෙසියපනහක් වත් නෑ. චූඌඌඌට්ටං එකක් !!!

    දුඹුරු සීනි චුට්ටක් අනේ.. ඇඟට හොඳයිනෙ !!

    ReplyDelete
    Replies
    1. නම දැම්මට වඩා මට තියෙන අප්සෙට් එක මම මුගේ යාලුවෙක් කියලා කියලා තියෙන එකට . ඇයි යකෝ මිනිස්සුන්ට මෙහෙම අපහාස කරන්න හොඳද මම අහන්නේ ?

      Delete
    2. ඊට පස්සේ ඉවාන්ලාගේ පොල්වත්ත සල්ලි වලට ගමු. නඞු කියන්න උන්ට සල්ලිත් ඔිනේ නේද?

      Delete
    3. පත්ත‍ර‍ෙයයි, පවුලිසුයි, මෙන්ඩයි ඉන්නකං අපෙත් ලේ පිරිසිදු වෙයි දවස ගානෙම...

      Delete
    4. උබ සිනි ටික සුවර් එකටම එවනවනම් පත්තරේ මම ටිකට් එකක් දාල හරි කොල්ලව මෙහෙට ගෙන්නන්නම් ....... මෙන්ඩියෝ පොල්වත්තකටනම් මමත් ආසයි .... බැරි වෙයිද හව්ලක් දාගන්න

      Delete
    5. පත්තරේ ඔරිඡනල් බඞු දාපන් නැත්නම් මෙහෙදි ඒටික පාන් පිටි වුනොත් මැලේගෙයි මගේයි පෝල්වතු සිහිනය බිදවැටෙනවා.

      Delete
    6. හැක හැක මල්ලි අන්තිමට උඹ යවලා තියෙන්නේ උක් සීනි... නියම ඒවා කෙලින්ම තැනට ,ගාන මගේ එකවුන්ට් එකට ... මැලේ සහ පත්තරේ වුනේ කිමද කියාවත් සොයාගත නොහැකිව අසරණ වේ ...හූ

      Delete
    7. පෙරැම් පුරලා පුරලා කෙලියා නේද තාප්පේට.. ඒතකොට බඞු ගත්ත තැනට සල්ලි දෙන්න පත්තර මල්ලිගෙයි මැලේ අයියන්ඞිගෙයි ඉඞම් ටික ඉවානයාට විකුනන්න වෙයිද?

      Delete
    8. මු තාමත් හිතන් ඉන්නේ ඒ සිනි කියලයි

      Delete
  16. එකවතාවක් මම ලංකාවෙන් එද්දී අපේ ගමේ එකෙක් පාර්සලයක් දුන්නා,,ඒකත් ඌට වෙන කවුද දීලා තියෙන්නේ,,කෑම වගයක් කියලා දුන්නෙ,,සැකේට මම බෑග් එකට දාන්න ඉස්සල්ලා කැඩුවා,,,තිබුනේ කේක් එකක්,,කේක් එක පොඩි වෙනසක් තිබුනා,,කැපුම් පාරක් හරි මැදින්,,ඒක නිසාම කපද්දි ඇතුලෙ පාස්පෝට් එකක්

    ReplyDelete
    Replies
    1. හම්මට සිරි අහුඋනානම් නඩු විභාගයකින් තොරවම මාස හයක් ඇතුලේ ....... ඒ කියන්නේ ඉතාලියේ උබත් එක්ක ඉන්න අනික් එවුන් එච්චර පින් කරලා නැති පාටයි නේද බන්

      Delete
  17. ඉස්සෙල්ල වගේම ලොකු දෙයක් උඹ කරන්නෙ ......
    කිසිම එකෙක් දෙන දෙයක් ගෙනියන්න නරකයි......
    ඩුබායි ඉදල එන ගැහැණු අයට සමහර ඒජන්සි කාරයො පකිස්තාන් ට්‍රාන්සිට් දාල කොච්චර ජල්තර වැඩ කරනවද.......

    ReplyDelete
    Replies
    1. ඩුබායි ඉන්දලා එන අයව පකිස්තාන් ගෙනියනවා........ ඒ මක්කටයි අයියන්ඩි ???

      Delete
  18. මැලේ රාළ හෙවත් මැර කාකා ..

    උඹ මේ කරන්නේ සමාජ සත්කාරයක් , අර උඹේ කලින් ලිපි ටික අවසාන වෙලා මාස දෙකකට විතර පස්සේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිව්ස් වලට කියනවා ." ලංකාවෙන් මැලේසියාවට හොරෙන් පුද්ගලයන් පිටත් කිරීමේ ජාවාරමක් පවතින බවට සැකයක් තියෙනවලු" ඔන්න තත්වේ .

    කොහොම වුනත් උඹව බලන්න එනෙන් ඕනේ වෙලාවක, දැකලා තියෙනේ එක කෝකටත් හොඳයි. ,මොකෝ නැත්තං උඹම වෙලාවක සෙට්වෙලා අපිට පාර්සලයක් එහෙම දුන්නොත් ලංකාවට ගිහිං දීපං කියලා හුටා තමයි . උඹ ඔයිට වඩා වෙනස් ක්‍රමත් දන්නවා ඇතිනේ :P

    ReplyDelete
    Replies
    1. පත්තර මල්ලි කිය කියමයි ඉන්නේ අතින් වියදම් කරලා හරි ඉවානයා නිවාඞුවකට ඌව බලන්න එහෙට ගෙන්නනවා කියලා.

      Delete
    2. ටැංකුයි ටැංකුයි මචෝ .... වැඩේ කියන්නේ අරුන්ට තාමත් සැකයක් විතරයි තියෙන්නේ....

      ඒ වෙනත් කොරමයකට අන්න අර පත්තරයා දෙන සිනිපාර්සලේ මට ගෙනත් දීපන් මගේ අම්මා

      Delete
  19. අයියන්ඣි දැන් එතකොට ඔයා නිවාස සංකිරනයක ප්‍රධාන ආරක්ෂක නිලධාරියා විදිහටද වැඞ කරන්නේ?
    දැන් ලංකාවේ කුඞු අහුවෙන විදිහට හෙට අනිද්දට අපි රෝටි හදන්නෙත් හෙරොයින් වලින්.

    ReplyDelete
    Replies
    1. එකනේ බෝලානම් කියයි ගෙවල් මුර කරන්නයි බ්ලොග් ලියන්නයි , අනුන්ගේ ඒවා කියවන්නයි, ඒවාට කොමෙට් දාන්නයි , කොච්චර වැඩද
      මේ ලඟදි කුඩු පොගවපු තුවා වගයකුත් අහු උනාලු නේද

      Delete
  20. අනේ මංද සිංහල සිංහල කියනකොටම කටට එන අනිත් වචනෙ කුඩු කේඩු කම...
    මහ පට්ට වේසිගෙ පුතාල අපි එක්ක ඉන්නෙ..
    එකෙක් ඉහලට යනව නං අනික් වුං සෙට් වෙලා ඒකට කෙලවන්න මයි හදන්නෙ...
    මං හිතන්නෙ ඒ අපි හදවතිං ම සීලාංකික හන්ද වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. එකනේ ආඩම්බරයි ලොවහමාපායේ කණු :P
      ඉහලට යන්නම ඕන නෑ .... කොහොම හරි අනිකාව පහත් කරන්න තියෙනවනම් ඇති ඕ ... යේස්....

      Delete
  21. සිරාවටම ටැංකිව් මැලේ... උඹේ මේ දැනුවත් කිරීම් මාර විදිහට වටිනවා...

    ReplyDelete
    Replies
    1. හාෆෝ උබ කියන ඒවානම් විස්වාස කරන්න බෑ ගජබින්නාලන්කාරේ

      Delete
    2. ටැංකිව් කියලා මදි අත්හදා බලන්නත් ඔිනේ ඞ්‍රැකි අයියන්ඞි.

      Delete
  22. මරු කතා ටිකක් උඹ කියන්නෙ. මට පත්තරයක් තියනව නං මේ බ්ලොගේ උස්සල දානව සතියෙන් සතිය. බොහොම ස්තුතියි මචෝ.

    ReplyDelete
    Replies
    1. මට පත්තරයක් තියනව නං මේ බ්ලොගේ උස්සල දානව සතියෙන් සතිය.
      චැහැ මේක උබ නැතුව නලියා වගේ එකෙක් කවදා කියයිද
      අනෙක් අතට උබ හදන්නේ මම ලංකාවට එන එකට කෙලවන්නද මන්දා.... :D

      Delete
  23. ලස්සනට කතාවනම් ගොතල තියනවා.
    ලස්සන කතාව කිව්වොත් වැරදියි
    කැත කතාවක්

    ReplyDelete
    Replies
    1. එකනේ පටන් ගන්නකොටම කිව්වේ පට්ටපල් අමුලික ........ කතා කියලා

      Delete
  24. වටින කතාවක් මැලේ.....

    ReplyDelete
    Replies
    1. එහෙනම් කීයකට හරි විකුනමුද????

      Delete
  25. මෙවා යන්න ඕන පත්තරයක හැබැයි එහෙම ලිව්ව එකා ඉවරයි ...අඩම්භරයි මැලේ මේ වගේ කතා දැක්කාමත්

    ReplyDelete
    Replies
    1. වෙලා තියෙන්නේ පත්තරයකට යන්න කලින් පත්තරයා මෙතැනට එනවනේ බන්... :P
      ආඩම්බරයි කිව්වේ අපේ සිංහල කම ගැන වෙන්න ඇති

      Delete
  26. මේ කතා සෑහෙන්න වටිනවා බං.. මම නම් කවදාවත්ම ඩියුටි ෆ්‍රී වැඩ වලදී කාටවත් උදවු කරන්නේ නෑ.. මොන මරාලද කවුද දන්නේ බං..

    ReplyDelete
    Replies
    1. මේවගේම සිද්දි කීපයක්ම තියෙනවා එත් වඩාත්ම දුක හිතෙන සිද්දිය මේක තමයි

      Delete
  27. අඩේ මැරකකා...මේ අලුත් නම දැම්මම නිකං හයේ හතරෙ චණ්ඩියෙක් වගේ...මල් හතයි...ඇත්ත වශයෙන්ම 2010 මමත් චෙන්නායි වලින් සාරි ගෙනාව සිදුවීම තමයි මතක් උනේ..ඒ මගේ පළවෙනි විදෙස් සංචාරය..මේ වගේ සිදුවීමක් ඒ වෙද්දි මම අහලා තිබුනා නම් සෑහෙන්න සැළකිලිමත් වේවි. ඒ උනාට මගේ වෙලාවට...මා සමග ඒ ගමන පිටත් වෙච්ච කෙනා බොහොම අවංකයෙක්.

    අනිත් කථාව තමයි මම සිංගා වලට එද්දි මගේ යාලුවෙක් සෙට් කලා ලංකාවෙ VVIP කාන්තාවකට සිංගා වලින් ගෙනාපු රූපලාවන්‍ය ආලේපනයක් නැවත මාරු කරගන්න අවශ්‍යයි ඒක රැගෙන එන්න කියලා. නමුත් විදේශ ගමන් වල අත්දැකීම් තියෙන මගේ තාත්තා ඒකට පුදුම විදියට විරුද්ධ උනා. ඒ නිසාම මම එය ප්‍රවාහනය කරන්න ගියේ නෑ. බොලාගෙ මේ කථාව කියෙව්වම ඇගේ මයිල් ස්මයිල් උනා. මේ වෙද්දි දෙපාරක් මරණයෙන් මා මුදවාගත් මගේ පියා....මා වැටෙන්නට ගිය මහා අනතුරකින් බේරාගත්තා කියලත් හිතෙනවා...ඉතාම අගය කරනවා මැරකකා මෙවැනි ලිපි...කම්මැලි කමට පයින් එකක් ගහලා දිගටම මේ වගේ දේවල් ලිව්වොත් මම බොට අක්මාවෙන්ම කෘතඥ වෙමි. අපිට ජය වේවා !

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දෙමාපියෝ අපි නොහිතන අවස්ථා කොපමනකින්නම් අපිව ගලව ගන්නවද ... හොඳ වෙලාවට අපි කොච්චර ලොකු උනත් එයාලට අපිව පොඩියට පෙන්නේ....
      කම්මැලියා කිව්වා අහුවෙයන්කෝ පාරේදී

      Delete
  28. මේ පැත්තට එන්න නම් ටිකක් පරක්කු වුනා.. මේ දැනුවත් කිරීම හුඟක් වටිනවා..

    ReplyDelete
    Replies
    1. පරක්කු වෙලා හරි දැනුවත් වෙච්ච එකනේ වටින්නේ තුෂානි

      Delete
  29. මේ වගේ දේවල් ලියා තබන එක ලොකු සේවයක්. මටත් අත්දැකීම් තියෙනවා. ඉස්සර ඕමාන් ඉඳලා රත්තරන් කොයින්ස් එවන ලංකාවේ සෙට් එකක් හිටියා. හරි පරිස්සමින් තමයි ඉන්න වුනේ. තන්හා බරිත යක්කු.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ අත්දැකීමුත් වෙලාවක ලියන්න...... ඔව් ඔව් අනිත් වසංගතය තමයි ඔය ගෝල්ඩ් කොයින්, බිස්කට් කෙලිය

      Delete
  30. මේ වගේ දේවල් කොයි තරම් වෙනවද? බොහොමයක් අනුකම්පාවයි උදව් කිරීමේ පරමාර්ථයයි අනාගතේට උදව් වෙයි කියලයි හිතන්න ගිහින්.

    මම නම් ප්‍රතිපත්තියක් විදියටම කාටවත් පාර්සල් දෙන්නේ නෑ. ගේන්න වත් ගෙනියන්නවත්. එයාෆෝට් එකේදිත් අහනවානේ අනේ අරක අරන් දෙන්න මේක අරන් දෙන්න කියලා ඔය කස්ටම් හා එකී නොකි සත්තු. මම නම් මූණටම කියනවා මම ඔහේලට බඩුගෙනියන්න ලංකාවට එන්නේ නෑ කියලා. ඒක ඔඩ් වගේ ඇති ඒත් අපි අපේ ආරක්ශාව ගැන හිතන්න ඕනේ මනුස්සකමටයි බෝධිසත්වකමටයි කලින්.

    ReplyDelete
    Replies
    1. වෙලා තියෙන්නේ රංගි ඔයා මැරංගි උනාට මේ අහිංසක මිනිස්සු එයාපෝර්ට් එකේදී ඔය නිල ඇඳුමට පට්ට බය එකනේ..... උන ලොක්කෝ වගේ ඇවිත් කිව්වම මේ අහිංසකයෝ හිතන්නේ එක රාජ නියමයක් කියලා

      Delete
  31. 100 weni comentuwa dameemata labeemath wasanawak.......ane wasanawan me wage thirisannu lankawata

    ReplyDelete