මම S. L. මැලේ රාළ

මම ලංකාවේ පොරක් මැලේසියාවේ ජොබක් කරන.... මට මේක ලියන්න හිතුනේ අනික් බ්ලොග් කියවල ඒවා දැක්කම මෙහෙවෙන දේවල් අනික් කට්ටියටත් දැන කියාගන්න කියල තමයි .

අවූරුදු ගානක් තිස්සේ මෙහෙ ඉදන් අහපු දැකපු, සිද්ද උන හා දැනටත් සිද්දවෙමින් පවතින දේවල් තමයි මම ඔයාලට කියන්න යන්නේ ඕන්.....

Sunday 4 May 2014

පැය එකොළහක් ලංකාවේ ගත කළෙමු..........

         හරියටම ලංකාවට එන්න කියලා තිබ්බේ උදේ අටට..... වෙලාවටම මම කොල්ලා එතන.... ඒ වෙනකොටත් මම වගේම ආපු අය සියක් විතර එතන.....

         අතුලුවෙනකොටම තිබ්බා නමයි දුරකථන අංකයයි ලියලා ලියාපදිංචි වෙන්න ඕනා තැනක්..... වැඩේ කියන්නේ කිසිම තරගයකට සහබාගි නොව්නත් තෑගි හම්බුනා මේ ලියාපදිංචි වෙච්ච අයගෙන් පැය බාගෙන් බාගෙට තොර ගත්ත අයට 

එකත් කොරලා පිටිපස්ස හැරිලා බලන කොට මේ උදේ පාන්දරම දැක්කේ මොනවද මල්වත්තකට ගියාවගේ










එතකොට මතක් උනේ අපිටම ගැලපෙන පොඩිකාලේ කියපු අපි විසින්ම වචන යොදන ලද මෙන්න මේ බයිලා කැල්ල

    " වේලි වේලි ඉන්න අපිට කෙල්ලෝ ලබා දෙන්න දෙයියනේ... ඉඳලා හිටලවත් අප රැකගන්න "

උදේම ඉතින් ඔය තමන්ගේ ලගම නෑදෑයන්ගෙන් වෙන්වෙලා සැතපුම් සිය දහස් ගානක් ඇත ඉන්න ඒ නංගිලාගේ විස්තර අහන ගමන් මම සැට් උනේ මැලේසියාවේ අපේ අවූරුදු උත්සවය බලන්නයි ...

මේ තියෙන්නේ සංවිධායකයින් උත්සවයට පෙර දින ලැහැස්ති වෙමින් සිටින සේයාරු ටිකක් 


     දැන් ආයෙත් යමු උත්සව බිමට උදේ කෑමට ලංකාවේ අවූරුද්ද දවස වගේ කිරිබත් කැවුම් කොකිස් වලින් පිරිච්ච අවුරුදු මේසයක් එන හැමටම නොමිලේ බුක්ති විදින්නට සංවිධායක කමිටුව ඉඩ සලසලා තිබුනා කියන්නකෝ ඊළගට ඔන්න තරග බිම ලොකු පොඩි කාටත් සහබාගිවිය හැකි තරග ඉසව් විසි ගානක් උදේම තිබුනේ පිරිමි සහ ගැහැණු ගමහරහා දිවීම මැරතන් තරග....










ඊට පස්සේ තමයි උත්සවය නිල වශයෙන් ආරම්භ උනේ......





 මේ ඉන්නේ ලංකාවේන් උත්සවය වෙනුවෙන්ම ආපු සිංහල හා දෙමල නිවේදකයෝ දෙන්නා ......


ඔන්න දැන් ඊළගට තරග ටික..........




ඔය තියෙන්නේ මැලේසියාවේ කට්ටිය වැඩියෙන්ම කරන දේ කනා මුට්ටි ගැසීම 

මේ ඒවගේ තවත් ටිකක් 





ලොකු පොඩි බේදයක් නැතිව කට්ටිය තරගෙට බනිස් කාපු හැටි 


 අපේ සිංහල කම පොඩි හොරයක් දාපු හැටි ........

කොට්ට පොරේ ..........

දැන් අපි ආයෙත් යමු ප්‍රධානවේදිකාව පැත්තට.... 


 ඔය වේදිකාවේ ඉදිරිපස හා පසුපස තිරය යන ඒවා සම්පුර්ණයෙන්ම අපේ සිරා කොලුවාගේ නිර්මාණයක් කියලා තමයි ආරංචිය ....

මේ එදා වේදිකාව උඩ රජ කරපු කට්ටිය 




 මේ බෑන්ඩ් එකේ නම ස්ටයිල් ලංකාවේ ඉඳන් මැලේසියාවට ඇවිත් පෞද්ගලික ආයතනයක රැකියාවකරන ගමන් ලංකික ගතිය විදහාපාමින් එකතුවෙච්ච යහළුවෝ පිරිසක් සදාගත්ත ගෘප් එකක් එදා දවස උත්සව බුමිය රසවත් කරේ මෙයාලා තමයි

සේවක සුබසාධක සංගමයේ ප්‍රධානත්වයෙන් නොමිලේ ලබාදුන් ලංකාවේ ස්ටයිල් එකේ දිවා අහාරය .....









මේ සවස් වරුවේ තවත් රසවත් තරග ඉසව් කීපයක්





සිංහලයන්ගේ ජාතික ක්‍රීඩාව ..... කඹ ඇදිල්ල .....



ඊට පස්සේ ඔන්න කාගේත් අවධානය දිනා ගත්තේ ගීත ගායනා තරගය 

 ඒ වගේම විකට ඇදුම් තරගය
ඊටත් පස්සේ අවුරුදු කුමාරි තරගය 




මට මේ ජයාරූප බොහොමයක් ඊමේල් කරපු ඒවගේම තරග සංවිධායක දුරයක් හොබවපු අපේ සිරා කොලුවට ඔපිසියෙන් දීලා තියෙන වාහනයේ පොටෝ එකක් ගන්නත් රාල අමතක කරේ නෑ 

ඔය ඊට එහාපැත්තෙන් තියෙන්නේ හරියටම කියනවනම් ඔය පහල තියෙන්නේ රාල වන මගේ කාර් එක (නොම්මරේ පෙන්නේ නැති වෙන්න පොටෝ එක ගැහැව්වේ රාලගේ ආරක්ෂාවට )

අවසානයේදී අසීමිත සතුටක් එක්කරමින් සංගීත කණ්ඩායමේ රිද්මයට එකතු වූ තුන්දාහකට අධික අපේ කෂ්ටිය තමයි මේ



ඔය අතරතුරේ නැගලගිය වලි දෙක තුනකුත් තිබිලා තියෙනවා රාළට තාමත් දුකයි ඒවායේ පොටෝ කැලි දෙක තුනක් අල්ලගන්න බැරිවීම ගැන 

 කෝහොම හරි සියලු ශ්‍රී ලාංකික ක්‍රියාකාරකම් සහිත අමතක නොවන තවත් එක් දවසක්  අතිසාර්ථකව  අයුරින් නිමා උනා.. අපි වගේම තමන්ගේ රාජකාරිය කරන අතරතුර ලංකාවේ අපි වෙනුවෙ ස්වෙච්චා වෙන් කැපවී මේ උත්සවය සංවිධානයකළ ඒ මහත්වරුන්ට මාගේ හදපිරි ප්‍රණාමය 




65 comments:

  1. ඔක්කොමත් හරි අර වාහන දෙකේ ෆොටෝ ටික තමා බං පට්ට.

    උඹලත් මරු ෆන් එකක් අරන්නෙ. සතුටුයි සතුටුයි. :) :)

    ReplyDelete
    Replies
    1. එකනේ මම කොච්චර චාටර් උනත් සුන්දර මැලේසියා කියලා නම දාගෙන ඉන්නේ

      Delete
    2. රාළගෙ කාර් එකේ ..ඉස්සරහ පස්ස හොයා ගන්න තමයි අමාරු.

      Delete
  2. සුන්දර අද්දැකීමක් වෙන්න ඇති. මොනව වුණත් ඉතින් තමන් උපන් රට තරම් හදවතට දැනෙන තැනක් නෑ නෙ මැලේ.

    ReplyDelete
    Replies
    1. සම්පුර්ණ ඇත්ත කුරුට්ටි ... ඇත්තමයි එදා දවස ලංකාවේ තැනක හිටියා වගේ ..... මම වැරදිලා පොලිස් කාරයෙක් එක්කත් සිංහලෙන් කතා කරා

      Delete
  3. වෙසක් එකටද බොලං අවුරුදු නාටකේ ලිව්වෙ....

    මක්ක උනත්...මම එදා මේ උත්සවයට ගියේ මැලේ රාළ ගොයියව අද නම් බෙල්ලෙන්ම අල්ලගන්නවා කියලා හිතාන...මොකද අපි දෙන්න එක රටක හිටියට තවම අදුනන්නෙ නැති හින්දා...මේ ගොයියා කොහොම හරි ආදා වගේ ලිස්සලා යනවා...මට සමහර වෙලාවට මූණටම මුලිච්චි වෙනවත් ඇති...කොහෙ කියලා හොයන්නද....එදා සංවිධායක මණ්ඩලේ කෙනෙක් එක්ක මැලේ රාළව හෙව්වා...අන්තිමට අර ඉන්නෙ කියලා අත දික්කරලා පෙන්නුවේ ජංගි කොටේකුත් ඇදගෙන ඒක කොළ අතු වලින් වහගෙන දඩයමේ යන වැද්දෙක්ව....මොනා උනත් එදා බොලාගෙ වැදි නැටුම නැගලම ගියා...අපේ නංගිලා / අක්කලා / නැන්දලට ඒ නැටුම කොච්චර ආශාවෙන්ද හැබෑට බලා උන්නෙ.

    හැබෑට රාළෙ බොලාගෙ වාහනේ ඉස්සරහ පස්ස කොහෙද කියලා හොයාගන්න බෑනෙ....ඔය වාහනේ චවලට් එකක් නේද? ලීටරේට කොච්චර දුවනවද ?

    මගේ වාහනේ නම් පදින්න පදින්න ආතල්....මැලේ කෙල්ලො එක්ක තමයි බැරි...උන් මේක අස්සෙම රිංගන්න එනවනෙ හැබෑටම වෙන වාහන නෑ වගේ....

    මොනවා උනත්..ඉතාම සුන්දර දවසක්...හැමෝම හරි හරියට විනෝද උනා...කොච්චර දෙයක්ද පිටරටක එක දවසක් හරි මේ විදියට ගත වෙන එක.....

    ReplyDelete
    Replies
    1. චවලට් නෙමෙයි බං මං දැක්කේ ඔමලට් එකක් වගේ

      Delete
    2. එකනම් ඇත්ත සිරෝ පට්ටම දවසක් අයෙත් ඇත්තමයි අවරුද්දකට ඇති ..... ඔයා කොට්ට පොර එක්ක දඟලනකොට මම ස්ටේජ් එක ළඟ හිටියේ

      Delete
    3. කාර් ඒක චවලට්ද ඔම්ලාට්ද කියලා අයිතිකාරයගෙන් අහලා කියන්නම්

      Delete
  4. අපෝ කවුද අනේ අවුරුදු කුමාරි තේරුවේ ,ලස්සන අයව තෝරලා නැහැනේ, මෙහෙත් තිබ්බා ඒත් මට යන්න බැරිවුණා අපරාදේ .

    ReplyDelete
    Replies
    1. මමත් දැක්ක ජෙරුසලම් වල තියෙනව කියල....
      ඔයා අවුරුදු කුමරිට ඔහේදී ඉදිරිපත් වුනා නම් එක වෙනව හරහට උන්නනම් හිටගෙන.....

      Delete
    2. ඔයාලට වගේ නෙවි අනේ අපිට නම් මෙයාලා ලස්සනයි ...... තෝරන්න හිටපු අක්කලා දෙතුන් දෙනා ඊටත් වැඩිය ලස්සනයි

      Delete
    3. බතලියන්ටත් අවුරුදු කුමාරිට පුලුවන්ද කෙන්ජෝ

      Delete
    4. මං කිවේ එහෙම නෙමේ, 1 වෙනියට වඩා ලස්සන අය ඉන්නවා කියලා කිවේ , සමාවෙන්න

      Delete
    5. සමාව ඉල්ලන්න දෙයක් නෑ අනේ...... ලස්සන කියන එක ඉතින් අඩු වැඩි වෙන්නේ බලනකෙනා අනුවනේ අනේ .... මාත් පොඩි විහිළුවක් කරේ

      Delete
    6. ඔමායා කියනවා වගේ මම හිතින් තෝරපු 1 නෙමෙයි අනිත්මට 1 උනේ...මගේ අංක එක වුනේ දම්පාට රෙද්දයි හැට්ටෙයි ඇදලා ඉන්න නගා....හැබැයි මෙතන 1 උන ළමයගෙ ලස්සන කථාවක් තියෙනවා...මේ අවුරුදු උත්සවේ දවසෙ උන...ඒ කථාව රාළ ලියලා නෑ...

      Delete
    7. හි හි හි මෙයා හිතෙනුත් එක්කෙනෙක් තෝරාගෙන

      Delete
    8. ඇයි නරකද...තාම මම තනිකඩ...

      Delete
  5. පරක්කු වෙලා හරි පින්තුර/විස්තර දාපු එක ලොකු දෙයක්.....
    මං හිතුවෙ නොදා ඉදියි කියල...
    සිරා මලය එවපු ලින්ක් එහෙකින් කලින් ටිකක් දැක්ක.....
    කොහොමත් වලියක් නැත්නං ලංකාවෙ කමට ලැජ්ජයි අෆ්ෆා.....

    ReplyDelete
    Replies
    1. සැක් මෙන්න මෙයා ඒක කලං කියල...
      මාත් කියන්න හැදුවෙ ලංකාවෙ කොම ආරස්සා කොරගන්න වලියකුත් දාගෙන කියල

      Delete
    2. පිස්සුද එහෙම නොදා ඉන්නවද වැඩ වැඩි නිසා ටිකක් පරක්කු උනේ

      Delete
    3. වැලි ගැනනම් කියලා වැඩක් නෑ අනේ එකෙක්ට බිම දාගෙන ගහව්වලු සියරට දේ සිරි සැපදේ කියලා ෆොටෝ කැල්ලක් අල්ලගන්න බැරි උනානේ

      Delete
  6. වාහනේ විතරද සිරා කෝ බං

    ReplyDelete
    Replies
    1. සිරා එදා බරටම වැඩ චීන ගැටිස්සියෝ දෙන්නෙකුත් එක්ක

      Delete
  7. බොලා මාර ෆන් එකක් අරගෙනනෙ. පරක්කු වෙලා හරි විස්තර දාපු එක වටිනව.
    සිරාටනං හරියනම ඇන්ටික් වාහනයක් තමයි දීල තියෙන්නෙ. රාළගෙ වාහනේනං හරියට ෆ්ලයින් මැෂින් එකක් ව‍ගේ. :D

    ReplyDelete
    Replies
    1. තැන්කුයි වේවා.... ෆ්ලයින් මැෂින් එකක් කියන්නේ මොකද්ද බන් ප්ලේන් එකක් නෙවිද

      Delete
    2. ප්ලේන් එකක් වගේ එකක් තමයි. ඔය කාටුන් වල එහෙම තියෙන්නෙ.

      Delete
    3. හරි කාර් එක එහෙම එකක්ද කියලා අයිති කාරයාගෙන් අහලා කියන්නම්කො :)

      Delete
  8. දුර රටක හිටියත් අපූරුවට අවුරුදු උස්සවේ සංවිධානය කරල තියෙනව..
    ඉස්සරහට මීටත් වඩා හොදට සාර්ථකව කරගන්න ශක්තිය ධෛර්ය ලැබේබා

    ReplyDelete
    Replies
    1. ප්‍රර්තනාවට ස්තුතියි මහේෂ්..... සංවිදානය ගැනනම් ඇස්වහක් කටවහක් නෑ මල් මසුරන් සබාපතිගේ ඉඳලා (බන්දුල වර්ණපුර) ඔක්කොම නියම සුපිරි වැඩ්ඩො ටිකක්නේ.......

      Delete
  9. දන්න අදුනන එවුන්ට පේන්න තිබ්බේ අර හාමුදුරු ගොල්ලන්නේ ඒව විතරයිනේ. රාළයත් පේන්න නෑ සිරාත් නෑ. කොහොමත් නියමෙට ආතල් එකක් නං අරන් තියනවා කියලා පේනවා රාළේ...

    ReplyDelete
    Replies
    1. අපිනම් ආතල් එක නියමෙට ගත්තා සංවිධායකයින්ට තමයි පින්සිද්ද වෙන්න ඕනා .... අර පහල ලින්ක් එක බලන්න තව අදුනන අය ඇති

      Delete
    2. ඉන්නව නේන්නං දන්න අදුනන ගොබිලෙක් දෙන්නෙක් රතුපාටින් බැබලි බැබලි

      Delete
    3. ආ බන්දුල වර්ණපුර නේ ...... හි හි හි

      Delete
  10. හරි සතු‍ටුයි අපේ උන් එකට වැඩක් කරනවා දැක්කාම.

    සිරා ගැන මට දුකයි. මොනවා කරන්නද? යකාගේ හැටියටනේ විමානේ. එතකොට උඹේ ඉස්සරහයි පස්සයි අඳුනන්න බැරි වෙන්න හේතුව උඹ අපේ බාස් කෙනෙක්ව අල්ලගත්තද නිසාද කාරෙක හදන්න?

    ReplyDelete
    Replies
    1. හරියට හරි අයිති කාරයත් වෙච්චිකොට බාසා ඉතින් ලංකාවේ නොවී තියෙයිද ..... මෙහෙ ඉන්න ලංකාවේ බාස්ලානම් මරුම හතයි එක ඒජන්ට් කෙනෙක් හොඳට වැඩ පුළුවන් පේන්ට් බාස් කෙනෙක් කියලා කොල්ලෙක්ව දන්මලු ගරාජෙකක වැඩට ... අයිතිකාරයා කිව්වලු කාර් එකක් පෙන්නලා කොල්ලට මම එනකම් ඔය දකුණු පැත්තේ දොර දෙක පේන්ට් කරන්න ලැහැස්ති කරනවා පොඩ්ඩක් හිරිලා තියෙනවා කියලා .... අරු ටිකකින් එනකොට කොල්ල දොරවල් දෙකම ගලවලා පැත්තකින් තියලලු

      Delete
    2. ඇයි බොලං දුකයි කිව්වෙ...මෙච්චර අවුරුදු කුමාරියො තෝරන අස්සෙ මම තනිකඩව ඉන්න එක ගැනද ?

      Delete
    3. @සිරා. උඹ මගුලක් කතා කරනවා. මම කිව්වේ උඹේ කාර් එක ගැන.

      Delete
    4. හෙන්රියෝ සිරාට මගුලක් කතාකොරලා දෙනවනම් ඒ තරම් පින්සිද්ද වෙන වැඩක් තවත් නෑ :) :)

      Delete
    5. අන්න කරනවා නම් වැඩ හැබෑට....

      Delete
  11. ශා.. මරු වැඩක් !
    කට්ටියම හොදට විනෝද වෙන්ඩ ඇති කියලා හිතනවා

    ReplyDelete
    Replies
    1. මොනවද අහන්නේ ඉහටත් උඩින් තාමත් බැරි උනා හම්බුන ටෙලිපොන් නොම්මර ටිකට කෝල් කරලා ඉවර කරන්න

      Delete
  12. ඔය තිබිලා තියෙන්නේ ශෝක් අවුරුදු උත්සවයක්... රටින් පිටදි වුනත් කට්ටිය එකතුවෙලා මේ වගේ දෙයක් සංවිධානය කරපු එක හරිම වටිනවා..

    ReplyDelete
    Replies
    1. අපි එහෙමයි ..... හරියටම කියනවනම් ඒ සංවිධායකයෝ ටික එහෙමයි

      Delete
  13. යකඩෝ මැලේ වල අර තරං කස්ටියක් එකතු කරගත් එකත් එළ නේ..

    අර බනිස් කන්න හොර කරේ උඹද?

    පව් බං සිරා. ඌට මෙහෙත් ඇන්ටික් එහෙත් ඇන්ටික්.. හැක්.. ජය වේවා. උඹ නටපු නැටිල්ල කෝ..

    ReplyDelete
    Replies
    1. මම නටපු නැටිල්ල සිරා කලින්ම පොරසිද්ද කොරලානේ ..... හොර කලේ මම නෙවි හොරය ඇල්ලුවේ මම .... උ දිනනකම් හිටියේ තෑග්ගෙන් බාගයක් ඉල්ලන්න වෙලාවට උ පරාදයි

      Delete
  14. මං ගියානම් කනාමුට්ටිය පැත්තකින් තියලා ගහන්නේ මැලේ රාලගේ ඔලුවට අම්මපා

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ එකට ගැහැව්වට තෑගී දෙනවා කියලා තිබුනේ නෑ

      Delete
    2. මැලේ රාළයා කියන්නෙ කොයි එකාද කියලා හොයාගන්නවාට වඩා ලේසියි බොල මුට්ටි ටික බිදින එක...

      Delete
  15. සාආආ එල පන් එකක් අරන් තියෙන්නෙ.බොල හැන්ගිලා නේ.

    ReplyDelete
    Replies
    1. හැඟෙන්නේ කොමද බන් මෙච්චර ලොකු බ්ලොග් එකක් කොරන අස්සේ

      Delete
  16. මැලේසියාවේ සිංහල අවුරුදු සිරි ඉතිරී පැතිරී ගිය හැඩයි . ,, අගේ ඇති ෆොටෝ වාර්තාකරණය.

    ReplyDelete
    Replies
    1. තැනකුයි අයියා පොටෝවලට සම අනුග්‍රහයක් දැක්කුවේ අපේ සිරා මලයම තාමා ඊතලයකින්...

      Delete
  17. සිරා මැලේසියාවේ අවුරුදු උත්සවත් සංවිධානය කරන්න පටන් අරගෙනද ?, මොනවා උනත් සිරාට සංවිධානාත්මක හැකියාව තියෙනවා .. ෆොටෝ ටික මරු..මැලේ රාලගේ වැදී ෆොටෝ එකක් තිබුනානම් තවත් හොදා

    ReplyDelete
    Replies
    1. සිරාගේ සංවිධාන කටයුතු විතරක් නෙවි ඩිසයින් හැකියාවත් හොඳටම පෙනුනා වේදිකාව දැක්කම

      Delete
  18. මම පිටරට ඉඳිද්දි එකම එක සැරයක් ගියා. පත වලියක් ගියා. පොලීසී යන්නෙ නැතුව යාන්තන් බේරගත්තේ. ඊට පස්සේ නෙමෙයි පැත්ත පලාතේ ගියේ. ඒත් අරෙහෙම තමයිලු අවසානේ. සංගීතයක් තිබ්බත් එච්චරයි.

    ReplyDelete
    Replies
    1. වලිය නිසා තමයි ලංකාවේ ඉන්නවා කියලම දැනුනේ...... එත් මෙහෙ වැලි යන බව කලින් දන්නා නිසාම නියෝජ්‍ය තානාපතිතුමා (මේජර් ජනරාල් සුමිත් මානවඩු මහතා) කලින්ම ඒ සඳහා ආරක්ෂක විදිවිධාන සලස්වලා තිබුනා කියලා තමයි ආරංචිය

      Delete
  19. ආයෙ මෙනාද බං මෙහෙ තිබ්බනං ඔලු පලාගෙන මල මගුලයි .. උඹලා හොඳයි .ඔය තියෙන්නෙ ජය පහට. බෝම තංතෝසයි මස්සිනේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පත්තරේ ..... ඇත්තටම එල දවසක්..... හැබැයි ඉතින් ඔලුවක් දෙකක් පැලුනනම් සංවිධායකයින්ට කෙසේවෙතත් රාල වගේ අයට එකත් ආතල් තමයි

      Delete
  20. මම නං ආවේ නෑ බං.. චා !!!

    ReplyDelete
    Replies
    1. අයියෝ හොඳම අවස්තාවක් මිස් වෙලා තියෙන්නේ ...... එහෙනම් වෙසක් එකටවත් පන්සලට වරෙන්

      Delete
  21. නියමයි රාළේ. හොඳ සංවිධානයක් වගේ. වලි නැති සංගීත කොහෙද බන් අපේ එවුන් ඉන්න තැන.

    ඔය සිංහල නිවේදකයාගේ නම මොකක්ද. කලකට පෙර රඟපෑවා. පොරට හොඳට රඟපාන්න පුළුවන් බව මතකයි.

    ReplyDelete
    Replies
    1. හතර වෙනි වතාව නිසා සංවිධානය නම් සුපිරියටම තිබුනා ..
      නිවේදකයාගේ නම චින්තක සුදර්ශන පිරිස් .....හොඳ නළුවෙක් (වේදිකාවේ පුංචි තිරේ ) වගේම දක්ෂ තිර රචකයෙක් මේදවස්වල ජනප්‍රිය මුතුපලස ,ආත්මා යන ටෙලි ඔක්කොම ලියන්නෙත් මෙ හාදයම තමයි

      Delete
  22. This comment has been removed by the author.

    ReplyDelete