මම S. L. මැලේ රාළ

මම ලංකාවේ පොරක් මැලේසියාවේ ජොබක් කරන.... මට මේක ලියන්න හිතුනේ අනික් බ්ලොග් කියවල ඒවා දැක්කම මෙහෙවෙන දේවල් අනික් කට්ටියටත් දැන කියාගන්න කියල තමයි .

අවූරුදු ගානක් තිස්සේ මෙහෙ ඉදන් අහපු දැකපු, සිද්ද උන හා දැනටත් සිද්දවෙමින් පවතින දේවල් තමයි මම ඔයාලට කියන්න යන්නේ ඕන්.....

Monday 2 December 2013

අපිත් යමුද මැලේසියා ? ජොබ් එකකටද?? නෑ නෑ ට්‍රිප් එකක්!!!

බුද්ධන් සරණේ සිරස දරාගෙන......

  ඔන්න අද මැලේරාළ මාගලක් වගේ ලිව්ව පච කතා නවත්තලා වැදගත් වැඩක් කරන්න කියලා තමයි යන්නේ

  ඔය උඩ කියලා තියෙන්නේ ඔන්න ඒකතමයි කතාව.. හැබැයි එකක් කියන්නම් මේක ඇවිල්ලා  සල්ලි බාගේ තියෙන දවල්ට කන්නත් පිටරට යන අයට නෙවි. ජීවිතේට පිටරටක ගිහින් නැති එත් යන්න ආසාවෙන් ඉන්න, යනවනම් කියක් විතර යයිද කියන ගැටළු වලින් ඉන්න කසන සල්ලිත් පොඩ්ඩක් විතර තියෙන අයට විතරයි ප්‍රොයෝජන..... කසන සල්ලි කිව්වේ රුපියල් 50,000ක් 60,000ක් විතරය. ඒ ගානට වැඩේ සිද්දවිම සදහා කාමරය හා ටැක්සි ගාස්තුව බෙදාගැනීමට අවම වශයෙන් මෙම ගමනට දෙදෙනෙක්වත් සහබාගි විය යුතුය. 

  රාළ මේක ලියන්න හේතු දෙකක් තියෙනවා. පලවෙනි එක තමයි ඔය උඩ තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම ට්‍රිපක් යන්න කැමැත්තෙන් ඉන්න අයට. දෙවැනි එක තමයි මගේ පැත්තෙන් වැදගත් කාරණාව. ඒ තමයි දැනට ඔය සංචාරක විසා වලින් මැලේසියාවට රස්සාවලට ගේන ඒජන්ට්ලාට කෙනෙක්ව මෙහෙට පටවන්න ඇත්තටම කීයක්ද වියදම් වෙන්නේ කියලා පෙන්නන්න.

හරි දැන් අටුවා ටීකා ඇති එහෙනම් බහිමු වැඩේට.

වීසා සහ ගුවන් ටිකට්පත 

  පලවෙනි අවශ්‍යතාවය මැලේසියානු තානාපති කාර්යාලයෙන් සංචාරක විසාවක් ලබාගැනීමයි. වීසා ලබාගැනීමට ඔබ පළමුවෙන්ම ගුවන් ටිකට්පත මිලදීගෙන සිටිය යුතුය. ප්‍රශ්නයනම් ගුවන් ටිකට් පත මිලදීගත් පසු වීසා එක ප්‍රතික්ෂේප වුවහොත් ටිකට් එකේ සල්ලිවලට දෙයියන්ගේම පිහිටය. 

බය උනාද ??? වැඩේ පටන් ගත්ත තැනම ලොප් උනාය කියා....... බිය නොවන්න අයියණ්ඩිය මා සිටින්නේ ඒකටය!!!

 මේ උගුලෙන් ගැලවෙන්නටනම් ඔබට ගුවන් ටිකට් විකුණන ආයතනයක පිහිට පැතීමට සිදුවේ.  එම ආයතන මගින් ගුවන් ගමන ස්ථිර නොකරන ලද ටිකට් පතක්, ස්ථිර එකක් ලෙස සකසා තානාපති කාර්යාලයට ඉදිරිපත් කොට ඔබගේ වීසාව අයදුම් කරනු ඇත. එහිදී ඔබට අදාළ වීසාව ලැබුන පසු ගුවන්ටිකට් පත මුදල්ගෙවා ලබාගත හැක. ප්‍රතික්ෂේප උවහොත් ඔබට නැතිවන්නේ විසා අයදුම්පත්‍ර ගාස්තුව පමණි 

හරි දැන් අපි යමු ගාස්තු පැත්තට හා අවශ්‍ය ලියකියවිලි පැත්තට. ඔබගේ ගුවන්ගමන් බලපත්‍රයේ වෙනත් කිසිම රටකට විසා ලබාගෙන නැත්නම් එසේත් නැතිනම් මේ ඔබගේ පළමු විදේශ ගමනනම්, සමහරවිට පහත අවශ්‍යතාවයන් ඔබට සම්පුර්ණ කිරීමට සිදුවේ.

  1. ඉතිරි කිරීමේ ගිනුමක අවම වශයෙන් රුපියල් 75,000ක පමණ ශේෂයක් ඇතිබවට බැංකු කළමනාකාර තුමාගෙන් ලබාගත් සහතික කිරීමේ ලිපිය 
  2. වීසා අයදුම්පත ඉදිරිපත් කල පසු මැලේසියානු තානාපති කාර්යාලයේ සම්මුඛ පරීක්ෂණයට පෙනීසිටීම  
 මෙම සම්මුඛ පරීක්ෂණයෙදී ඉතාමත් සරලව ඔවුන් ඔබගෙන් ප්‍රශ්න කරනු ලබන්නේ කුමන අවශ්‍යතාවයක් සදහා මැලේසියාවට යනවාද යන්නත්, සංචාරකයකු වශයෙන් යන ඔබ නැවත ස්තිරවම ආපසු පැමිණෙනවාද යන්න ගැන විමසිලිමත් විමත්ය. 
 විසා අයදුම්පත්‍ර ගාස්තුව රුපියල් 500ක් වන අතර ඔබ එය ටිකටින් ඒජන්සියක් හරහා කරනවානම් ඔවුන්ගේ ගාස්තුව තවත් රුපියල් 500ක් වේ. එකතුව රුපියල් 1000කි 

ඉහත කාරනා සියල්ල සපිරි නම් දින තුනක් හෝ හතරක් ඇතුලත ඔබ මාස තුනක් ඇතුලත විදේශ ගතවිය හැකි සංචාරක මැලේසියානු වීසාවක හිමිකරුවෙකි. 

 මීලගට තියෙන්නේ ටිකට් පත මිලදි ගැනිමය. මාගේ බජට්ටුවට අනුව ට්‍රිප නිම කිරීම සදහා ඔබ මිලදීගත යුත්තේ එයාර් ඒෂියා ගුවන් සමාගමේ ටිකට් පතක්ය. අවම වශයෙන් සති හයකට වත් පෙර ඔබ විසින් මිලදී ගන්නවානම් එහිදී අවම මිලක් යටතේ ඔබට ගුවන් ටිකට් පත මිලදීගත හැක. අද දින මා විසින් ජනවාරි 10 දිනට පැමිණ දින හතරකට පසු නැවත පැමිණෙන ටිකට් පතේ මුදල රුපියල් 23,329/-කි 

හොදින්ම සිහි තබා ගත යුතු කරුණක් වන්නේ ඔබ අනිවාර්යයෙන්ම යාමට හා ඒමට වලංගු ටිකට් පතක් ගමන ඒමට පෙරම මිලදීගත යුතුය.  
මෙම අගයට කිලෝ 20ක බර සදහා අය කිරීමක් බොහෝ විට සිදු නොකරන අතර. යම් අවස්ථාවන්හිදී රුපියල් 1000ක් පමණ අය කරනු ලැබේ කෙසේ වෙතත් රුපියල් 25,000කින් ඔබට ගුවන් ටිකට් අවශ්‍යතාවය ගොඩදාගත හැකිය. 

එවිට දැන් මුළු වියදම රුපියල් 26,000කි 

  දැන් එහෙනම් ගුවන් ටිකට් පත හා සංචාරක වීසාව ලැහැස්තිය. දැන් තියෙන්නේ නැව් නගින එකය. පළමුව ඔබගේ බඩු  මල්ල හා ගුවන් ටිකට්පත ගුවන්තොටුපලේ අදාළ අංශය වෙත ඉදිරිපත් කොට සහතික කරගත් පසු ඔබ මුහුණ දිය යුතුවන්නේ ශ්‍රී ලංකික ආගමන හා විගමණ නිලධාරින් වෙතය සිංහලෙන් ප්‍රශ්න කෙරෙන නිසා ඔබට අපහසුවකින් තොරව ගුවන් ගත විය හැක. ඔබ මුහුණ දෙන බැරෑරුම්ම ස්ථානය වන්නේ මැලේසියානු ගුවන්තොටුපල ආගමන හා විගමණ අංශයයි.

මැලේසියානු ආගමන හා විගමණ අංශයට මුහුණදීම 

 මෙය ඉතාමත් කල්පනාකාරීව හා වගකීමෙන් යුතුව හැසිරිය යුතු තැනකි. බොහෝවිට ඔබ කතාකරන්නේ එක කවුන්ටරයක සිටින එක නිලධාරියකු සමග පමණක් වුවත් අවටින් ඔබ  වෙත එල්ල වූ කැමරා කීපයකින් ඔබගේ ඉරියව් නිරීක්ෂණය කරමින් සිටින බව ඔබ තදින් සිහිතබා ගත යුතුය. 

 මෙතනදීද ඔවුන්ගේ ප්‍රශ්න කිරීම් වලදී ඔබ හැකි උපරිම අයුරින් ප්‍රියමානාපව පිළිතුරු දීමට වගබලා ගන්න. සමහර විට ඔවුන් ඔබෙන් අසන්නේ ඔල මොට්ටල ප්‍රශ්න බව ඔබට දැනෙනු ඇත. ඒ ඔබගේ ආතතිය වැඩිකර ඔබගේ සැබෑ ස්වරුපය දැන ගැනීම සදහාම ඔවුන් උවමනාවෙන්ම කරනා ප්‍රයෝගයකි... එම නිසා ඔබ ඉවසිලිමත් වන තරමට ඔබට වාසි සහගතය.

තවද මෙතැනදී පහත සදහන් අමතර ලියකියවිලි ටික හෝ  එයින් කීපයක් ඇත්නම් ඔබට මේ අවස්ථාවට මුහුණ දීම වඩාත් පහසුවනවා ඇත. 

  1. මැලේසියාවේ දැනට සිටින කෙනෙකුගෙන් හෝ ආයතනයකින් ඔබ වෙත ලැබුණු ආරාධනා පතක් 
  2. මැලේසියාවේදී ඔබ සහබාගිවන හෝ නැරබීමට බලාපොරොත්තුවන ස්ථානයක ඇතුල්වීමේ ප්‍රවේශ පත්‍ර යනාදිය. (online ලබාගත හැක විස්තර ඉදිරියේදී)
  3. ඔබ ලංකාවේ යෙදී සිටින ස්ථිර රැකියාවක හෝ ශිෂශයෙක් නම් එම ආයතනයෙන් නිකුත් කර ඇති හැදුනුම් පත යනාදිය.
  4. මැලේසියාවේදී ඔබ නවාතැන් ගැනීමට බලාපොරොත්තුවන හෝටලයක, කාමරය ඔබේ නමට වෙන්කරවා ගැනීමේ කුවිතාන්සියක්.(online ලබාගත හැක විස්තර ඉදිරියේදී)
  5. ඔබ මෙරට තුලදී වියදම් කිරීමට රැගෙන ආ මුදල් (මෙයට සාමාන්‍යයෙන් කියන්නේ show money කියාය) ආසන්න වශයෙන් USD 500ක් පමණ. (මෙයින් මැලේසියාව තුලදී ඔබට වියදම් වන්නේ මාගේ ගණනය කිරීම් අනුව usd 250ක් පමණි ඉතිරිය ණයට ඉල්ලාගත් තැනැත්තාට ආපසු ගියවිට ගෙවිය හැක.)
ඔවුන් අසන ප්‍රශ්න වලට  ඔබගේ වාචික ප්‍රකාශ වලින් සැහීමකට පත් නොවන්නේනම්, ඉහත ලියකියවිලි ඔබට ඉතා වැදගත් වනු ඇත.

මෙහිදී ඔවුන් සාමාන්‍යයෙන් අසන ප්‍රශ්න දැනට මා සදහන් නොකරන අතර ඒවායින් බොහෝවිට ඔවුන් විමසන්නේ ඉහත ලිපිවල අවශ්‍යතාවයන්ය. 

  ඔබ මේ කඩ ඉමට සාර්ථකව මුහුණ දුන්නා යනු  ඔබ දැන් මාසයක් මැලේසියාවේ රැදී සිටීමට වරම් ලැබුවෙකි.  

දැන් ඔබට ඇත්තේ සුන්දර මැලේසියාවේ නිවාඩුව මැලේ රාළගේ උපදෙස් අනුව ගතකරමින් උපරිම මිහිර ලබාගැනුමය 

     තවම ඔබට මුදලින් වියදම් වී ඇත්තේ රුපියල් 26,000ක් පමණි. ක්වාලාලම්පුර් අන්තර්ජාතික උපගුවන් තොටුපළෙන් (LCCT )පිටතට පැමිණෙන ඔබ මුලින්ම කල යුත්තේ ඔබගේ මුදල් මැලේසියානු  රිංගිට් බවට පත්කර ගැනීමය. ඔබගේ මේ දින 4ක චාරිකාවට මා නිර්දේශ කරන්නේ USD 250ක් හෙවත් LKR 32,000 මැලේසියානු රිංගිට් 750ක් බවට පත්කර ගන්නා ලෙසය. 

  දැන් ඔබ අතේ මැලේසියානු රිංගිට් 750ක් ඇත. නාදුනන රටක දොරටුව ලග සිටින ඔබට මා දෙන පළමු අවවාදය ඔබගේ මුදල් හා වටිනා කියනා දෑ ඉතා වගකීමෙන් පරිස්සම් කර ගන්නා ලෙසය. මන්ද මැලේසියාවද ගැට කපන්නන්ගෙන් හා මංකොල්ලකාරයන්ගෙන් ගහන වූ රටක්ය. ඔවුන් ඔබගේ ගැටය කපන්නේ හෝ මංකොල්ල කන්නේ ඔබගේම නොසැලකිල්ල නිසාම පමණක් බවද හොදින් සිහි තබා ගත යුතුය. අනෙක් කාරනාව ඔබගේ ගුවන්බලපත්‍රය සැම විටම ඉතා ආරක්ෂාකාරීව ඔබ යනෙන සෑම තැනම ඔබ ලඟ තබාගත යුතුය. 

පළමුව ඔබ ගුවන් තොටුපලේ සිට KL (=kuala lumpur ) නගරයට පැමිණීමට බස්රථ නැවතුමට යායුතුය. එතැනදී රිංගිට් 8ක මුදලට ටිකට්පතක් (පින්තුරයේ පෙනෙන වර්ණ සහිත බස් රථම තෝරාගන්න)  ගෙන KL සෙන්ටර් වෙත පැමිණිය හැක.

 නවාතැන් ගැනීම සදහා මා විසින් ඔබට යෝජනා කරන්නේ KL සෙන්ට්‍රල් අසලම පිහිටි  මයි හොටෙල්  නම් හෝටලයයි. මන්ද ඉදිරි දින කීපයේදී ඔබ සංචාරය කරන සෑම තැනකටම යාමට ගමනාරම්භක ස්ථානය ලෙස  KL සෙන්ට්‍රල්  යොදාගන්න බැවිනි. එම ලින්කුවෙන් එහි වෙබ් පිටුවට පිවිස ඔබට online කාමර වෙන්කරවා ගැනීමෙන් ඉහත අංක 4 අවශ්‍යතාවය ඉටුවනවා ඇත. මෙහිදී ඔබ එක දිනක් හෝ දෙදිනකට පමණක් කාමරය වෙන්කර ගැනීම ආගමන විගමන අවශ්‍යතාවය සදහා සැහෙනු ඇත එවිට ඉදිරි දින දෙක කොහෙද ඉන්නේ ??? (පාරේද ?? ඒවා ඉස්සරහට) 

ඒවාගේම ඔබට මෙම මුදල තව අඩුකර ගැනීමට ලොජ් වර්ගයේ නවාතැන් පොළවල් එක දිනකට දෙදෙනෙකුට නැවතීම සදහා මෙම අවටින් rm 60ක් වැනි මුදලකටද (එවිට එක අයෙකුට 30යි) සොයා ගත හැක. තවද Rm 70ත් 110ත් අතර විවිධ තරාතිරමේ හෝටල් රාශියක් මේ අවටම ඇත. 

   මෙහි කාමර මිල දෙදෙනෙකු සදහා දිනකට RM 120ක් වන අතර එවිට එක් අයෙකුට වන්නේ RM 60ක් පමණි එනම් දින හතරටම RM 240කි.

 ඊළගට කෑම බිම සදහා මා අනුමත කරනුයේ එක වේලකට රිංගිට් 10කි. සාමාන්‍යයෙන් KL සෙන්ට්‍රල් අවට ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයක කෑම කඩ පිහිටා ඇත. (ඉන්දියන්, මැලේ, චීන, හා බටහිර) උදේ ආහාරය ඉන්දියන් කඩයකින් රොටි, තෝස, ආදිය මගින් පිරිමහ ගත් විට ඔබට වැය වන්නේ  රිංගිට් 5ක් පමණ මුදලකි. එවිට ඉතිරි  5න් රෑට ඔබට බටහිර කෑම වේලක හෝ දවාලට බුරියානි එකක් රස විදිය හැක (රිංගිට් 10ත් 15ත් අතර මේ කෑම ලබා ගත හැක) සාමාන්‍යයෙන් බත් සමග මස් හා ව්‍යංජන කීපයක  කෑම වේලක් රිංගිට් 7ත් 10ත් අතර (බිමට වතුරත් සමග) ඔබට ලබාගත හැක.
 ඒවාගේම උදෑසන අහාරයට මැලේසියන් කෑමක් වන නාසිලිමාවක රස බැලීමටද අමතක නොකරන්න. මෙයත් RM 4කට පමණ ලබා ගත හැක. 
     
    ඔබ ගත කරන මුළු කාලය සදහාම ඔබට ඇත්තේ කෑම වේල් 12ක් පමණි. ඒ අනුව ඔබට වැය වනුයේ කෑම සදහා RM 120කි. දැන් කෑම සහ නවාතැන් හරිය. මුළු වියදම RM  368කි ඉතිරිය 382කි. දැන් පළමු රැය මැලේසියාවේදී ඔබට සුව පහසුවෙන් ගත කල හැකිය. ඉතිරිය වියදම් කරමින් ඊලග දින තුන ගතකරන විදිය හෙට උදේ නැගිට්ටට පස්සේ තමයි ... 
   
  ඒ කියන්නේ ඊලග පොස්ට් එකෙන්...... හැබැයි ඉතින් කවදා එළිවෙයිද  දන්නේ  නෑ ......  

  එතකල් ඉවසලා ඉන්න ගමන් නොපැහැදිලි ඕනෑම තැනක ඕනෑම පුරස්නයක් අහන්න අවසර ඇත. 

පලි: ඇත්තටම කාට හරි එන්න ඕනෑනම් ඔය නිල් පාටින් තියෙන කරුණු වෙනමමත්, රතු පාටින් තියෙන ටික වෙනමමත් copy & past කර ගත්තානම් නිල් පාටින් අවධානය යොමුකළයුතු කාරණාත් රතු පාටින් මුල්‍ය තත්වයත් ඒ ඒ අවස්ථාවන්ට අනුකුලව ප්‍රරයෝජනයට ගත හැක. 
  
පපලි : පොස්ටුව ලියුවත් යම් අඩුපාඩුවක් ඇතිබව දැනෙයි...  එත් ඔපීසියේ අධික වැඩ ගොඩක් සමග ගත කරන කාලයක් බැවින් අඩුපාඩුව සිහියට නොනැගෙයි.  එමනිසා ඔබට ඇතිවන ඕනෑම පුරස්නයක් ආසාදෑන ගන්නා මෙන් කාරුණිකව නැවතත් සදහන් කරමි. 

124 comments:

  1. මම හිත හිත හිටපු චාරිකාවක්.....මට මේ තොරතුරු සැහෙන්ට වටිනවා.ස්තූති රාළේ........ඊලග ලිපියෙන් බලන්න තියෙන තැන් ගැන ලියයි කියලා බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියට තැන්කුයි !... ඔව් ඔව් ඊළග දවස්තුන ඇවිද්දවනවා ජීවිතේට අමතක නොවෙන්න ......

      Delete
  2. හිතන් ඇති මෙහෙම බ්ලොග් ලියලා අපිව ගෙන්න ගන්න?
    අපි නම් එන්නෙ අපිට ප්ලේන් ටිකට් එකත් අරන් දෙනවා කීවොත්. ඇවිත් පාරෙ හරි නිදාගන්න එක අපි කරන්නම්කෝ. ;)

    ReplyDelete
    Replies
    1. බුරු බාබා ගේ පලවෙනි කොමෙන්ටුව........ ටිකට් එකක් අරන් දෙන්නම් මැලේසියාවට නැතුව වෙන ඕන රටකට..... මොකද මැලේසියාවට ඉන්න මැරයෝ ටික හොදටම ඇති

      Delete
  3. \\\\\\\\\\හැබැයි ඉතින් කවදා එළිවෙයිද දන්නේ නෑ ...... \\\\\\\\\\\

    ඉක්මණට කියපන් යකෝ වීසා ඉවර වෙන්න කලියෙන් ......

    ReplyDelete
    Replies
    1. "ඉක්මණට කියපන් යකෝ වීසා ඉවර වෙන්න කලියෙන් ......" කන කෑම එකත් පිට මාර්ගේ ගියා මේක දැකලා (ඔපීසියේ දවල්ට කන ගමන් උත්තර දාන්නේ)

      Delete
  4. උබ අපිව පොලබවනව නේද ? තැන්කුයි මචො.බය ඇරෙන්නත් එක්ක මෙවගෙ එකක් හොදයි නේ

    ReplyDelete
    Replies
    1. බය වෙන්න දෙයක් නෑ මචන්... එක සැරයක් හරි එන්න වටිනා රටක් මැලේසියාව කියන්නේ

      Delete
  5. රාළෙ බොහොම වටිනා ලිපියක්...මේ වගේ වැඩ වලදි උදව් වෙන්න පුලුවන් තැනක තමයි මම සේවය කරන්නෙ...හැබැයි එක දෙයක් මම කියන්නම්...ගොඩාක් අය හිතනවා සංචාරක නියෝජිත ආයතනයක් හරහා යන්නෙ නැතුව කෙලින්ම ගිහිල්ලා හෝටල් කාමරයක් වෙන් කර ගත්තොත් ගාන අඩුයි කියලා. නමුත් එහි සත්‍යතාවක් නෑ...සංචාරක නියෝජිත ආයතන සමග අත්සන් කරන ගිවිසුමේ කාමරයකට ඒ අය අපෙන් අය කරන මුදලට වඩා දෙගුණයක් විතර මුදලක් කෙලින්ම එන ගණුදෙනුකරුගෙන් අය කරනවා...නමුත් අපේ පාරිභෝගියන්ගෙන් අපි එතරම් මුදලක් අය කරන්නෙ නෑ...ඒ කොටස මම ඉතා වගකීමෙන් කිව්වෙ...මොකද මේ ලියකියවිලි සමග මම නිතර ගණුදෙනු කරන නිසා...

    වීසා එකේ පැත්තෙන් තියෙන TRAFFICIKING OF ILLEGAL DRUGS CARRIES A DEATH PENALTY කියන කොටස ගැන රාළෙ මොකුත්ම කියලා නෑ....

    නීති විරෝධී ලෙස මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ආවොත්...මරණ දඩුවම හිමි වෙන බව තමයි ඒ කියන්නෙ...ඒ නිසා කුඩු මුදලාලිලා නාවට කමක් නෑ...

    ඇත්තටම ලංකාවෙ කෙනෙක්ට තමන්ගෙ වත්කමේ හැටියට නිවාඩුවක් ගත කරන්න හොදම රට තමයි මැලේසියාව...අනෙකුත් රටවල් වල ඇවිදින්න ගියොත් මීට වඩා වියදමක් යනවා...රාළෙගෙ ෆොටෝ එකේ වගේ නාසි ලෙමක් අපේ ඔපීසිය ලග ඉන්න මැලේ නැන්දගෙන් එක දිගට කාපු කාලයකුත් තිබුනා....රාළෙට ජය...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිරෝ .... ඔයාට පුලුවන්නම් කට්ටියට option එකක් දෙන්න රැ 4ක දවල් පහක මෙහෙ එන ගමනකට ඔයාලා කියක් විතර අය කරනවද කියලා...

      මත්ද්‍රව්‍ය ගැන මම නොලිව්වේ අයි කියන්නේ කව්රුත් ලංකාවෙන් මෙහෙට ඒවා ගේන්නේ නැ .... මොකද බඩු මෙහෙ ලාබයි ..... ඕනෑමනම් යනකොට බැරියා ටිකක් අරන් යන්න

      Delete
    2. මාත් නිවාඩුවක් ගත කරන්න එන්න ඉන්න රට මැලේසියාව .. හරිම ලාබයිනේ ..මාසයක් නිවාඩු දාලා ආවත් පාඩුවෙන්නේ නැහැ වගේ . .

      Delete
    3. මල්ලිත් එක්ක යද්දී කියන්න සන්වේ පිරමිඩ් අසල අපාර්ට් එකේ කාමරයක් දෙන්නම් අක්කටයි,මල්ලිටයි නතින්න.
      මේ දවස්වල වහල දාල තියෙන්නෙ.

      Delete
    4. @ අපුර්වී ආවාට කමක් නෑ නවතින්නනම් ඔට්ටු නෑ

      Delete
    5. @ කෙන්ජි.... පුහ්...... කාමර දෙන්නත් කට්ටිය ඉන්නවනේ (හි හි හි )

      Delete
    6. මම ගණන් මිමි ගැන ඔයාට ඊයක් විදින්නම් රාළෙ...

      Delete
    7. හරි ඔක්කොටම තැන්කූ වේවා ඉදගෙන

      Delete
    8. මමත් එනවා නිවාඩුවකට කෙන්ජයියේ..මටත් එකක් සෙට් කරන්න හොදේ අපුර්වී ට එක්කම..

      Delete
    9. හෑ .... ඒ කියන්නේ දැන් අසුචියි චමියයි දෙන්න එකටමද මැලේසියා එන්නේ

      Delete
  6. බොහොම හොඳ ලිපියක්. මම හිතුවේ අපේ උන් ගිහිල්ල කරන වැඩ නිසා මැලේසියාව යන්න සංචාරක වීසා ගන්න එක අති දුශ්කර කාර්යයක් වෙලා ඇති කියලා දැනටම.

    ReplyDelete
    Replies
    1. නමුත් සංචාරක වීසා නිකුත් කිරීමේදී ලංකාවේ මැලේසියානු තානාපති කාර්යාලය අතීතයට වඩා වැඩි ලියවිලි සංඛ්‍යාවක් ඉල්ලුම්කරුට ලබා දෙන බව තමයි මම දන්නෙ. ඉස්සර සිංගප්පූරුවෙ ඉදන් ගොඩබිමෙන් වීසා නැතුව On Arrival Visa ක්‍රමයට යන්න හැකියාව තිබුනත් දැන් ඒ ක්‍රමයට ලාංකිකයන්ට වීසා ලබා දෙන්නෙ නෑ.

      Delete
    2. නිත්‍ය සේවකයන් හැටියට වෙනත් රටක වලංගු විස්ස එකක් තියෙන පොතකට හෙන්රි අයියේ Interview නොගිහින්ම විසා ගන්න පුළුවන් බය නැතුව ඉල්ලන්න

      Delete
    3. වර්ෂ 2008 වෙනකම්ම මට මතක විදියට මෙහෙට මොන පැත්තෙන් ආවත් On Arrival විසා තමයි තිබුනේ සිරෝ .... එත් අපේ රජයෙන් කළ ඉල්ලීමක් නිසාම තමයි මෙහෙන් එක නැවැත්තුවේ

      Delete
    4. Dan Visa ganna 5000 LKR Yanawa. 10th Feb 2014 indala.

      Delete
  7. හොද පැහැදිලි විස්තරයක්.
    ඔය මත්ද්‍රව්‍ය කතාව කොයි රටටත් එක වගේ.
    උඹ ඔය ලියල තියෙන විදිය ඉතාම පැහැදිලියි මල්ලි.
    අර MY හොටෙල් කිට්ටුව බස් හෝල්ට් හරියෙ තිබෙන YMCA වල අඩුවට නවාතැන් ගන්න බැරිද?
    ඒ අවට ඕන තරම් තියෙනවා නේද 'කෑලි'අරන් යන හෝටල්,දවසකට RM 80 ට විතර ගන්න පුළුවන්.දෙන්නෙකුට ඉන්න පුළුවන්.
    මෙහෙ නම් ඒවාට කියන්නෙ Love Hotel කියල.
    එක එක පඩියන් ගෙ උපදෙස් නැතිවට උඹ ලියල තියෙන විදිය මොලේ කළදක් නැති එකෙකුට වුනත් පැහැදිලියි.
    ඔහාට මත්ද්‍රව්‍ය ගේන්නේ කල්ලෝ.
    ඔය පිලිවලට ක්‍රමානුකුලව කට්ටිය දැනුවත් කරන්න මල්ල.
    දැන් පිටුව බලද්දී මැලේ ඉන්නවා වගේ ලස්සනයි...!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කෙන්ජයියේ... මයි හොටෙල් එක දුන්නේ කට්ටියට online බූකින් එක ගෙන එන්න පුළුවන් නිසාත් මගේ ගොඩක් යාලුවෝ එතන ඉදලා ඒ ගානට ඒ services එක ගැන සහතික කරපු නිසාත්.... එන යට වියදම වැඩිනම් අවට හෝටල් වල ගණනුත් දාලා තියෙන්නේ ඊලග දවස් වලට ටිකක් අඩු ගානෙන් ඉන්න

      Delete
  8. මල්ලි LCCT ඉදල KL සෙන්ටර් වෙත එන්න තිබෙන සීඝ්‍රගාමී දුම්රිය ගැන දැම්මොත් නරකද?
    බස් එක පැයකට අධික කාලයකුත්,දුම්රිය විනාඩි කිපයකිනුත් එනව නේද KL වලට.
    එම දුම්රිය නේද මැලේසියාවෙ වැඩිම වේගයකින් යන්නේ?
    එම ගමන කුඩා දරුවන්ට හොද අත්දැකීමක් වෙයි.

    ReplyDelete
    Replies
    1. කෝච්චිය යන්නේ KLIA ඉදලා ... කෝච්චියට යනවනම් මුලින්ම LCCT වල ඉදලා shaffle බස් එකෙන් KLIA වලට යන්න ඕනා ඊටපස්සේ කෝච්චිය විනාඩි 25න් kl සෙන්ට්‍රල් වල එත් ගාන සරයි Rm 35ක් ..... මුලින්ම එන කෙනෙක්ට බස් ඒක අව්ලක් නෑ air asia ප්ලේන් එකට වඩා හොඳ සිට් එකක් තියෙනවා ඒ බස් එකේ...... කට්ටියව මම තනි පිල්ලේ යවනවා අත්දැකීමක් ගන්න ඊලග පොස්ට් එකේ

      Delete
    2. මට මතක RM 28 යි වගේ...

      Delete
    3. බස් එකත් එල ..මම ගිහිල්ල තියෙනවා..

      Delete
  9. එල එල.. බලන්න යන්න තියෙන තැන් ගැනත් හොද විස්තරයක් දාමුකෝ එහෙනම්...

    ReplyDelete
    Replies
    1. අනිවා දානවා ... නැත්නම් පුල් ට්‍රිපක් වෙන්නේ නැනේ

      Delete
  10. මයි හොටේල් කිව්වට මේතැන මයියගේ සම්භන්ධයක් නැති විත්තිය වගකීමෙන් කියන්න පුළුවන් :)

    ReplyDelete
    Replies
    1. හැක්...හැක්...මම එහෙම හිතයි කියල තමයි MY දැම්මෙ ඒකයි කොමන්ට් කරද්දී.

      Delete
    2. වගකීම සහතික කරමි .....:)

      Delete
  11. හරිම වටින ලිපියක් ... හැම දෙයක්ම හරිම පැහැදිලිව ලියලා තියෙනවා...

    රටකින් තවත් රටකට ගියහම තමයි දැනෙන්නේ අපි කොච්චර දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනේද කියලා...

    බලන්න තියෙන තැන් ගැනත් කියමු හොඳේ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තුෂානි.... එලාග පොස්ටුවෙන් පොටෝ එක්කම බලන තැන ගැන කියනවා

      Delete
  12. අඩේ පට්ට මචන්... උබ නම් දෙයියෙක්.... අඩේ ඉක්මනට ඉතු ටිකත් දාපන්..... අනේ ..........

    ReplyDelete
    Replies
    1. ඉක්මනට ඕනනම් මගේ paypal account එකට රිංගිට් 1000ක් දාපන් .... දෙයියා දෙයියා කිව්වට ඕවා කරන්න බෑ ....... හිකිස්

      Delete
  13. සල්ලි තියෙනවා නං මමත් ආස යි ලෝකේ පුරා සංචාරය කරන්න :) දැන් වසර කිහිපයකට කලින් පියතුමා නං ඔහේ ඇවිත් යන්න ආවා. එයා කියන විදියට නං මැලේසියාව ලස්සණ රටක්. පුළුවන්කමක් හම්බ වුණොත් ඉක්මනින් ම ඇවිත් යන්න එන්නංකෝ.

    ReplyDelete
    Replies
    1. ඇවිත් යනවනම් කොයි වෙලාවේ ආවත් කමක් නෑ .... anytime welcome

      Delete
  14. එක සැරයක් ඇවිත් ගියා.. බැංකොක් තරම් හිතට ඇල්ලුවේ නෑ...

    ReplyDelete
    Replies
    1. බැංකොක් ඒකාකාරියි (ඔක්කොම තායි නිසා)
      මැලේසියා විවිධකාරියි (චීන,මැලේ, ඉංදියන් ඔක්කොම ඉන්න නිසා)
      (මේ කොමෙන්ටුව වැඩිහිටියන්ට පමණි)

      Delete
    2. මල්ල කියන එක හරි මට තායි වලට වඩා ඔහේ පට්ට.

      Delete
  15. බොහෝම පිළිවෙලක් ඇති ලිපියක් මැලයෝ... ඉතිරි ටිකත් දාහං...
    මාත් ඇවිදින්න ආසයි.. හැබැයි මැලේසියාවේ යන්න ඕන කියලා තාම හිතට වැදිලා නැහැ... බලන්න තරං දේවල් ඔහේ තයෙනවද..? පොඩ්ඩක් ඊ ළග ලිපිවලින් ඒ ගැනත් ලියහං... මගේ ඇවිදින්න යන ලිස්ට් එකේ මුලටම තියෙන්නේ ඉන්දියාව.. ඉන්දියාවෙත් හැමතැනම නෙවෙයි.. බෙංගාලය... ගෝව... වගේ පැති... එයිට අමතරව ටිබෙට්වල යන්න උවමනාව තියෙනවා...

    කොහොම උනත් මෙහෙම අඩු වියදමෙන් යන්න එන්න ලියන ලිපියක හරිම වටිනාකමක් තියෙනවා.. සමහර විට ලිපිය හින්දම මටත් යන්න හිතෙයි.. :D

    ReplyDelete
    Replies
    1. ඔය චාරිකා කැසිල්ල නියමාකාරයෙන් ඔයාට වැළදිලා තියෙනවනම් ඊලග පොස්ටුව කියෙව්වම ඔයා අනිවා එනවා මැලේ.... ඔන්න බලන්නකෝ

      Delete
    2. මාර මලයා මේ ගමන යන්න සෙට්ටවන්න ඔබට ඉතා වැදගත් තැන් කීපයක් ම ඇත නවමු අද්දැකීම් ලබන්න. මේ ලිපියේ අඩංගු දෑ හරියටම හරි. මා සිටි දින කීපයේ අපට වැය වුයේද මෙහි සදහන් මිලගනන්මය. අමතර ගියේ මදු විතට ය එයද ඉතාම ලාභය.

      Delete
    3. ඔය දාලා තියෙන්නේ මම නොදා ඉන්න හිටපු කැටගරියේ ඒවා අත්දැකීම් එක්කම ...........

      Delete
    4. මේ http://www.makemytrip.com/ එකෙන් ගියාම අඩුවට ඉන්දියාවට යන්න package හූයාගන පුළුවන්,එහෙ agra ,කාශ්මීර්,darjalin ,ශිම්ලා ,මනාලි වගේ පති මාරු.මේ සයිට් එක ඇතනම් මාර සිරා ගණන් තියෙනේ indian RS වලින්.

      මැලේ එතකොට මට දැන් සෞදි වල විසා තියෙනවනම් ඔහේ විසා වලට aply කරනේ කොහොමද ,ඔන්ලිනේ පුලුවන්ද ,

      ඇවිදින යාන්නේ කොහමද ,ඊලග ලිපිය ලියනකම් බලාගෙන ඉන්නව්වා

      Delete
    5. online දෙන්නේ නැ...නිවාඩුවකට ලංකාවට අවාම ඉල්ලන්නත් පුළුවන් නැත්නම් ඔහේ මැලේසියා එම්බසියෙනුත් ඉල්ලන්න පුළුවන් එතකොට මම දන්නා විදියට ඔයාගේ ඔහේ වැඩ කරන තැනින් ලියුමක් දෙන්න ඕනා ඔය මැලේසියා යනවට ඒගොල්ලෝ අකමැත්තක් නෑ කියලත් ඔයාට ඒ සදහා උදව් කරන්න කියලත් .......

      Delete
    6. @Tharindu rata yanna nam ithin eveready neda?

      Delete
  16. නොගිය කෙනෙකුට ඉතාම වැදගත් ලිපියක්. අපිත් එයාඒෂියා මුලින්ම ආපු කාලේ ගියා. එතකොට වීසා ගන්න කිසි ප්‍රශ්නයක් වුනේ නෑ. අහාර පාන වල ගණන් අඩුම රටක් මැලේසියාව. අපිට උදේට කන්න ගියේ රුපියල් හතළිහක් වගේ ගානක්. දුම්රියෙන් එහා මෙහා යන්නත් පුලුවන්. මගෙත් පොකට් එකට ගැහුවා. පස්සේ දැන ගත්තේ පොකට් ගහන එවුන්ගේ තරම.

    ReplyDelete
    Replies
    1. ඔන්න බලාගන්න පලවෙනි අවවාදයේ වැදගත් කම

      Delete
    2. පර්ස් එක ඩෙනිමේ ඉස්සරහ සාක්කුවේ දාගෙන යාමෙන් පොකට් ගැසීම් නිවාරණය වේ.

      Delete
    3. මහසෝනා කියනවනම් එකත් හරි උපදේසයක් වෙන්න ඕනා තමයි

      Delete
  17. හප්පේ බලමු බලමු. යන අදහසක් නම් නෑ :))

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම කියන්න එපා කොම හරි එන්න අයියෝ

      Delete
  18. ගිහින් එන්නත් ආස හිතෙනවා.. බලමුකො..

    ReplyDelete
    Replies
    1. ඊලග පොස්ටුවත් එනකම්ම ඉන්නකෝ එනවද නැද්ද කියලා තීරණය කරන්න

      Delete
  19. අන්න පට්ට ලිපියක් මැලේගේ මැලේසියානු උපදේශක සේවය (මැ.මැ.උ.සේ.) (M.M.A.S)
    උඹේ ඇඩ්‍රස් එකත් දාහන් ආවම හොයන ඇවිත් බෙල්ල මිරිකන්න ...........හික් හික් බය වුනාද?

    ReplyDelete
    Replies
    1. උබ අවොත් මම කොහොමත් මෙහෙදී අල්ලගන්නවා ..... ඊට පස්සේ කොල්ලෙක් කියලා බලන්නේ නෑ කනවා කට ... මට හදන කතා වලට

      Delete
  20. නාසි ලිමා නෙවෙයි දරූවෝ නාසි ලෙමාක් නාසි කියන්නෙ බත් ලෙමාක් කියන්නෙ කිරි.. කිරිබත් කිව්වට අපෙ එව්ව වගෙ සරු නෑ.නිකම් කිරි පෙන්නලා.
    ඔන්න ඉතිං හැබෑවට නිවාඩු යන්නන්ට හොඳ අත්වැලක්.. වඳුරන්ටත් ඉණිමඟක්වෙයිද මන්දා..

    ReplyDelete
    Replies
    1. වචනය නිවැරදි කලාට ස්තුතියි අයියේ.... කොහොමත් එන්න හිතන් ඉන්න එවුන් එනවාම තමයි එත් උන් මේක කියෙව්වොත් අඩු ගානේ දෑන ගනී ඒජන්තලා උන්ගෙන් ලස්ස දෙක තුනක් ගත්තාට ඇත්තම වියදම කීයක්ද කියලා

      Delete
    2. Nasi Lemak වල රසට මම නම් පට්ට කැමති. ඒ කිරි බතේ කිරි අඩු උනාට උන් ඒකට යාන්තමට ස්පයිසස් දාන නිසා මාර රහයි නේද. අර සම්බල් හරියට හදන තැනක නම් ගෑවුනත් කන්න පුලුවන්. ඒ බතට දාන මාත්තුව එක එක හෝකර් ස්පොට් වල closely guarded secret එකක් ලු.

      සම්බල් කිව්වම වෙන කතාවක් මතක් උනා, මැලේ සංකෘතියට පුරුදු නැති කාලෙක, මම කඩේකට වැදිල හොයනව චිලී පේස්ට්. ඇයි ඉලව්වේ ලංකාවෙ වැද්දොත් දන්න චයිනීස් චිලී පේස්ට් දන්න එක චීන කඩ කාරයෙක් වත් නැහැ! පස්සෙ බැරි තැන ඌටම එපා වෙලා කිව්ව කඩේ ඇතුලට ඇවිත් බලන්න කියල. බැලුවම මේ තියෙන්නෙ දිලිසි දිලිසි බෝතල්, ලේබල් ගහල SAMBAL කියල.

      මැලේ රාළ නාසි ලිමා කිව්වම ඒ පළාතෙ කාන්තාවො Lemak කියන එක ප්‍රනවුන්ස් කරන හැටි මතක් වෙලා අතීතෙට ගියා :D

      Delete
    3. ඔය ප්‍රනවුන්සින් පස්නේ මටත් තියෙනවා මෙයාලා කියන්නේ එකක් අපිට ඇහෙන්නේ තව එකක්..... ලියලා තියෙන වචනය බලලා අපි හරියට ප්‍රනවුන්ස් කරාම මෙයාලා උද බිම බලනවා අපේ ය ගිහිල්ල නාසි ලේමක් කියනවාට වඩා ලනාසි ලීමක් කිව්වොත් මෙයාලාට පටස් ගාලා තේරෙනවා.... එත් ඉගෙන ගන්න ඕනා හරි වචනය.... මම ප්‍රනවුන්සින් වෙන විදියට කිව්වට සරත් අයියා තමයි හරි වචනය කියලා තියෙන්නේ

      Delete
  21. ලබන අවුරුද්දේ මැද බොහෝ විට මම ඒවි මැලේ,, මල්ලිව එක්කගෙන යන්න ආසාවක් තිබ්බා අවිද්දවන්න .. ඔයාගේ ලිපිය හරිම පැහැදිලි ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඕමා අක්කේ.... අවොත් කියන්න ඔයාටයි මල්ලිටයි නාසිලේමක් එකක් අරන් දෙන්නම් බෙදාගෙන කන්න (කාමරේත් නිකන් හම්බ වෙනවලුනෙ ) හැබැයි සිරාගෙන් පරිස්සන් වෙලා ඉන්න එයා සහකාරියක්ගේ අත පතන්න බලාගෙන ඉන්නේ හි...හි...හි...

      Delete
    2. හැක..හැක...කියන්න බැහැලු....එන්නෙ...ඒ නිසාමද දන්නෙ නෑලු..
      සිත ගිය තැන අපර්ට් කිව්වලු...
      බොක්ස් මොඩල් ආසයි බයයි අයව අලි විලුවක්ලු...

      Delete
    3. සිරෝ ඔන්න මම නැතෝ.........

      Delete
    4. සිරා කැත කොල්ලෙක් ඇයි බන් ඉතින් ,, එයාවත් බලලම යනවා ඇවිත් ..
      කෙන්ජි (රජිව් ) :D කත පලිත්තම් කලාගෙන ඉන්නවා මනුත්තයෝ

      Delete
  22. උඹට කීයක් හම්බවෙනවද මැලේසියාව ප්‍රමෝට් කරනවට. මේ ඒක නෙවෙයි ඊළඟ පොස්ටුවට ඔය රෙඩ් ලයිට් ඉස්ට්‍රීට් ගැන එහෙම දාපං හරිද

    ReplyDelete
    Replies
    1. හැලප හප්.... කිව්වා...
      ඔබගේ නෝනා මහත්මිය ආවම කියයි මම ගෙදර නැති ටිකේ අර වල් කෙන්ජිය 'අපේ මහත්තයව' නරක් කොරල කියල :).

      Delete
    2. ඔන්න හලපයියාට මගෙන් ඊමේල් පාස්ට් එකක් ඕන වෙලා වගේ...... බය වෙන්න එපා එකෙන්ම....... ඕනනම් පෙර ටේස්ටින් වලට කෙන්ජයියව යවමු

      Delete
    3. කෙන්ජයයේ අනිත් පාර නම් මැලේ එන්නේ හෝටල්වල නවතින්න නොවේ කෙළින්ම ඔබේ ගෙදර හැලපයි මායි දෙන්නම එනවා. බුකට් බින්තන් බුක් කරලම තියපාං

      Delete
    4. අනිවා නලින් මල්ලි..
      මගේ දුවගේ වැඩ ටිකක් තියෙනවා ..
      ලබන අවුරුද්දේ 10 වැනි මාසෙන් පස්සේ බලමු..
      අපේ බොක්කවල් වලට එන්න ලග තැනක් එහෙ.
      උඹලව මම කවදාකවත් අතහරින කෙනෙක් නෙමේ..

      Delete
    5. කවදාකවත් අතාරින්නෙ නැත ... ඒ කියන්නේ මෙයා නයා නෙවි පොලගාය ... පන්න පන්න දෙන්නේ වැඩේ .....හි.. හි.. හි...

      Delete
    6. උඹ වගේ එව්වන්ට මම ලයික් මෙන්න මේ ලක්ෂණ නිසයි මල්ල...
      >>පන්න පන්න දෙන්නේ වැඩේ <<
      කියන්න තියන දේ රිදෙන්නෙ නැතිව හීනි ටෝක්කෙන් දෙන එකට :).
      ඔය ලක්ෂණ හැමෝටම පිහිටන්නේ නැහැ.

      Delete
    7. එහෙනං කෙන්ජි ලබන අවුරුද්දෙ ඔක්තෝබර් වලින් පස්සෙ අපට දිනයක් කියනවද,නොවැරදීම එන්නං

      Delete
  23. තාම නම් ඔය පැත්තේ එන්ට හිතිලා නෑ....
    ඉස්සරහට වැදගත් වෙන්නත් ඉඩ තියේ

    ReplyDelete
    Replies
    1. එකනේ පොස්ට් එකට bookmark එකක් දාලා තියාගන්න....... අර කසාද බැදපු ගමන් ජෝඩු ජෝඩුත් හරියට මෙහෙට එනවා මොකටද දන්නේ නෑ

      Delete
  24. නියමයි දාමුද අපි ට්‍රැවල් ඒජන්සියක්. යන්න කැමති කෙනකුට කදිම උපදෙස් ටික රාළේ..

    ReplyDelete
    Replies
    1. ඔන්න පිටිපස්ස දොරෙන් නෙවි (සින්ගපුරුව පැත්තෙන්) ඉස්සරහාම දොරෙන් එන විදිය හි...හි...හි...

      Delete
    2. ලබන ජනවාරි ඉදල 15% වැඩිවෙන ලයිට් බිල නිසා සෑහෙන වෙනස් කමක් වෙයිද...?

      Delete
    3. ලයිට් බිල් ගැන සැහෙන්න ලොකු ලොකු කතා යනවා.... අපි බලන් ඉන්නේ කොම හරි එක නිසාවත් අව්රුද්දෙ අන්තිමට වැඩිවන පඩි ප්‍රතිශතය තව ටිකක් උඩ යයිදෝ කියන එක ගැන විතරයි.... අතීත එවුන්ට මොනවා උනාම අපිට මොකෝ අපිට හොඳක් වෙනවනම්....... (අපි සිංහලයෝ වගේ හිතන්නේ ඔය වගේ ඒවා ගැන)

      Delete
  25. ඇත්තටම ගොඩක් වටින පෝස්ට් එකක් මැලේ රාලේ.බලමු ඉදිරි අනාගතයේදී ඔය පැත්තෙ ඇවිත් යන්න

    ReplyDelete
    Replies
    1. එනියි ටයිම් වෙල්කම් මචෝ

      Delete
  26. බොහෝම වටිනා කරැණු සම්බාරයක් ලබා ගත්තා මැලේ රලේ, අපි ඔහාට ආවා 2003 විතර. එතකොට අපේ දරැවොත් පොඩියි. මේ කිසිම විස්තරයක් දැනගෙන හිටියේ නෑ. Twin towers ගැන අහලා තිබුන නිසා ඒ අසලම තිබුන හෝටලයක් බුක් කරේ. ඒ කාලේ ලංකාවට යන්න ටිකට් ගන්න කොට තව පවුම් දහයක් පමන දෙනකොට මැලේසියාවට යන්නත් ටිකට් ලැබුනා. ඉතිං අපි කරේ ටැක්සි අරගෙන ටවුමට, මාර්කට් වලට ගිය එක විතරයි. අඹ හා රඹුටන් පැලෙන්න කෑවා. එච්චරයි. හැබැයි උබේ විස්තරේ දැනගෙන හිටියාවම් අපිට හොඳ නිවාඩුවක් ගත කරන්න තිබුනා. අපි ඉතිං දින 3ක් ඉදලා ආපහු ලංකාවට ගියා.

    ReplyDelete
    Replies
    1. 2003 මැලේසියාව හා දැන් 2013 මැලේසියාව සැහෙන්න වෙනස්.... අයෙත් අවොත් ඔයාට පුදුම හිතෙයි.... මගේ ඊලග කොටසත් කියවලා බලන්නකෝ අයෙත් එන්න හිතෙයිද කියලා

      Delete
  27. හරී.. ඊළග ෆැමිලි ට්‍රිප් එක මැලේසියවට...!
    විස්තරේ නම් සුපිරියි රාලයෝ..!

    ReplyDelete
    Replies
    1. හරි එහෙනම් මම මලෙරාළ කියලා ගහලා කැටයක් තියලා තියනවා එයාර්පෝර්ට් එකේ මට ගානක් දාලා යන්න ... හි හි හි

      Delete
  28. වෙන උන් සෙට් වෙන්න කලින් මූව සෙට් වෙලා ඉන්න වෙනවා... මම ඊයක් විඳින්නම්.... :)

    ReplyDelete
    Replies
    1. අඩේ ඊතල විදින්නේ මම මොන වරදක් කරාටද .... තරහක් තියේනම් එක සැරෙන් වෙඩිතියපන් එහෙන් මෙහෙන් ඇනලා මරන්නේ නැතුව

      Delete
  29. නියම විස්තරයක් .....මචන් ඉතිරි ටිකත් ඉක්මනට ලියපන්....

    ReplyDelete
    Replies
    1. අලි අලි ඉදහන් ටිකක්

      Delete
  30. රාළේ.........මැලේසියාවේ ඉන්නවා වගේ හිතුනා කියවලා ඉවර වෙනකොට.

    ReplyDelete
    Replies
    1. ලඟදි ආවේ නැතෙයි හැබැහින් මේ පැත්තේ

      Delete
  31. ගොඩක් වටින ලිපියක්, ඉදිරියේදි වැදගත් වේවි කියල හිතනවා :)

    ReplyDelete
  32. අනේ ඉතිරිවත් ඉක්මණට දාහන්ංකෝ රාළේ

    ReplyDelete
    Replies
    1. උබනම් ජොබ් එකකට එන්න වගේ දගලන්නේ ...... එහෙමනම් මේ ටිකත් ඇති

      Delete
    2. මොන ජොබ්ද බොලං, ලබන පෙබරවාරියේ මාර්තු දිහෑ ඔය පැත්තේ මංගච්චන්න අයිඩියාවක් මතු උනා මේ පොස්ට් එක දැක්කම

      Delete
    3. හරි එහෙනම් විසා එක ගනින්කෝ ජනවාරි අග දිහැ ..... ඊට කලින් දෙවැනි කොටස දානවා ....:D ...

      Delete
    4. පොස්ට් එක දාපු දවසේ ඉඳන් හැමදාම මේක බලන්න එනවා, මුගේ ආච්චිට තාම දාලා නෑනේ :හොඳටමමළපැන්නමූණ:

      Delete
    5. අපෝ තාම දාලා නෑ :(

      Delete
    6. මාසෙකුත් උනා ඕං, කෝ බං දෙක :(

      Delete
    7. ඔන්න අද ලියන්න ගත්තා තව දවස් දෙක තුනකින් එනවා

      Delete
    8. ummmmmmmmmma

      Delete
  33. නියම විස්තරේ . . . ඇවිදින්න තියන තැන් කීපයකුත් දැම්ම නම් හොදා නේ බන් . . .

    ReplyDelete
    Replies
    1. ඊළඟ පොස්ටුවේ තියෙන්නේ ඇවිදින තැන් ටික තාමා

      Delete
  34. ඔන්න මුල ඉදන් ඔක්කොම කියෙව්වා . .. .

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ අදමද මේ පැත්තට ආවේ ..... බොහොම ආදරයෙන් පිලිගන්නවා ....

      Delete
  35. This comment has been removed by the author.

    ReplyDelete
  36. සින්ගපුරු යන්න හිතාගෙන ඉන්නවා, මේ ගැනත් විස්තර ටිකක් දාන්න පුලුවන්ද යාළුවා, බලල එන්න යන්නේ.. මම අහල තියන විදියට සින්ගපුරු යන්න වීසා ඕනේ නැ කියනවා, නමුත් ඔයාගේ පහු උන post එකක් සින්ගපුරු වීසා ගැන සඳහනක් තියනවා මේ ගැන ටිකක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. සිං යන්න විසා ඕන නැ මචෝ එයාර් ටිකට් ගත්තා කෙලින්ම ගියා එහෙ ඉම්මිග් එකේදී නිකන්ම විසා එක දෙනවා මාසෙකට ටිකක් සක හිතුනොත් ගිහිල්ලා ඉන්නේ කොහෙද , සල්ලි කියක් තියෙනවද අතේ වියදක් කරන්න වගේ ඒවා අහනවා ..... කම බිම නවාතැන් එහෙමනම් ටිකක් ගණන් මැලේසියා ගැන වැහෙ තුන් ගුණයක් විතර ගැන වැඩි

      Delete
  37. මම ගිය මාසේ අපේ අම්මට එන්න ටිකට් බුක් කළා බර 40kg යන්න එන්න දෙකටම දාලත් ගියේ 27,000ක් විතර... කලින් ප්ලෑන් කරනවනම් හෙන අඩුවට ටිකට් ගන්න පුළුවන් එයාර් ඒසියා එකේ... මයි හොටෙල් එකේ තමයි මුලින්ම මෙහෙට ආපු දවසේ සතියක් හිටියේ.... මැලේ රාල කිව්වා වගේ ලංකාවේ අපිට ලාබෙට හොඳට ඉන්න පුළුවන් හොටෙල් එකක්... අනිත් එක ඕනේ තැනකට යන්න එන්න හරි ලේසියි.... අපිටත් ඔය යන්න එන්න පුළුවන් තැන් දැන ගන්නත් එක්ක ඉක්මනට ඉතිරි ටික දාමු ද.. හෙහ්

    ReplyDelete
  38. පිටු බාගෙක විතර කොමෙන්ට් එකක් කොට කොට ඉද්දි ඉන්ටර්නෙට් නැතිවෙලා ඒක නැති වෙලා. පුලුවන්නම් ඊයක් එවන්න. 4prabathඇට්gmail.com.

    ReplyDelete
  39. onarrival transit VISA එකක් ගන්න පුළුවන් නේද, දවස් කට (පැය 72). 2012 අගෝස්තුවල ලංකාවට එනගමන් අපි දවස් 2ක් KL වල හිටියා onarrival transit VISA අරං ඇතුලට ආවේ... TripAdvisor එකෙන් බලලා China Town ලඟ තැනක නැවතුනේ... වේදියා තැන් නම් බලන්න උනේ නෑ...

    ReplyDelete
  40. If you stay in china town and you eat chinese food the expenses are even lesser.you can have very good 3 meals for just 6 ringgits.to go to china town take a monorail to pasar seni.

    ReplyDelete
  41. This is very useful. thanks.

    ReplyDelete
  42. මේ විස්තර 2018 ට වලංගුද?

    ReplyDelete
  43. Thanks ane. Math balan hitapu deyak meka

    ReplyDelete