මම S. L. මැලේ රාළ

මම ලංකාවේ පොරක් මැලේසියාවේ ජොබක් කරන.... මට මේක ලියන්න හිතුනේ අනික් බ්ලොග් කියවල ඒවා දැක්කම මෙහෙවෙන දේවල් අනික් කට්ටියටත් දැන කියාගන්න කියල තමයි .

අවූරුදු ගානක් තිස්සේ මෙහෙ ඉදන් අහපු දැකපු, සිද්ද උන හා දැනටත් සිද්දවෙමින් පවතින දේවල් තමයි මම ඔයාලට කියන්න යන්නේ ඕන්.....

Sunday 17 November 2013

කවුද වැරදි අවසානයි !!!! (8) දැන් ඔබ කියන්න කවුද වැරදි !

    මුලට යන පාරවල් ටික ඔය දකුණු පැත්තේ තියෙනවා .......... මුල කොටස් බැලුවේ නැත්නම් මේ කොටස කියවන්න එපා ..... ඒවා බලලම මේකත් බලන්න....  ඊටපස්සේ කියන්න කව්ද මේවට වැරදිකාරයො කියලා...

ආනන්දව පිළිගැනීම සදහා මාරයා හා  ඩ්‍රැකියා පහලට පැමිණේ, මේ එතැනදී ....

මා: ආ සර් පොඩ්ඩක් ඉන්න කෙන්ජියි හෙන්රියි ගියා අපේ අළුත් බොසා ගෙන් සල්ලි ටික ඉල්ලන් එන්න කියලා 

ආ: ඇයි බන් මම මගින් මගටම කෝල් කරලත් බැරි උනාද ඔය ටික ඉල්ලලා තියා ගන්න 

ඩ්‍රැ: සර් කොහොම කිව්වත් සර්ව දකිනකම් කොමද අප්පා අපි සුවර් කරන්නේ එයි කියලා.... මට තාමත් සුවර් නෑ නෑ වගේ සර් ආවයි කියලා

ආ: අන්න අන්න කැත කතා කියන්න එපා මම මේ තාමත් ඔයාලට උදව් කරන්න දගලන්නෙ  

මා; අයියෝ සර් ගණන් ගන්න එපා මු කියන ඒවා... සර් පොත් ටික ගෙනාවා නේද 

ආ: ඒවා හරි කෝ ඉක්මනට සල්ලි ටික ගනිල්ලකෝ.... මේ ටැක්සි කාරයා අර රාම්ගේ යාළුවෙක් ... මුගේ ගාව තමයි පොත් ටික සල්ලි දුන්න ගමන් පොත් ටික ඔයාලා අතේ .... රාම් කාරයාට මාවවත් සුවර් නෑ ඔයි මේ තමුසෙලගෙ වැඩ නිසා 

මා: ඔය රාම් කියන එකා නම් අපිට සුවර් නෑ සර් එකයි අපි පොත් ටික එයාගෙන් අර ගන්නේ 

ආ: ගත්තා වගේ නෙවි දැන් කාට කියලද ඊළගට විසා එක හදා ගන්නේ 

ඩ්‍රැ: එකත් ප්‍රස්නයක් තමයි සර් මේ අපේ අලුත් බොසා කිව්වා පොත් ටික ගෙන්නකෝ මොනවා හරි කරන්න බලමු කියලා.... හෙන්රියි ලක්මාලුයි නම් ආපහු ලංකාවට යනවලු 

මා: ඇයි සුදිකත් යනවලු..... අපි පන්සලට ගිය වෙලාවේ මෙයා අදුරන හාමුදුරු කෙනෙකුත් කිව්වා ඉස්සෙල්ල කොමහරි පොත් ටික අතට ගන්න ඊට පස්සේ මොකක් හරි උදව්වක් කරන්නම් කියලා  

ආ: කොහොම හරි කමක් නෑ ඔයාලට හොදක් වෙන විදියකට මොලේ කල්පනා කරලා වැඩ කරන්න ඔය පන්සලේ ඉන්න අයවනම් වැඩිය විස්වාස කරන්න බෑ.... සමහර හාමුදුරු ගොල්ලොත් කට්ටිය අරන් එනවා සල්ලි අරගෙන මෙහෙට.... අන්තිමට හොයලා දෙන රස්සාවකුත් නෑ.... 

ඩ්‍රැ:එකනම් ඇත්ත අපිට රැ වැටුන වලේ දවාලෙත් වැටෙන්න බෑනේ 

ආ:හරි හරි ඔයාලගේ හොඳට මම කිව්වේ කැමති දෙයක් කරන්නකෝ..... කෝ සල්ලි බලන්න ගිය දෙන්න තාම නැද්ද.... මට පරක්කු වෙනවා 

  මාරයා එවිට තම ජංගම දුරකථනයෙන් කෙන්ජි අමතයි. ඉන්පසු ආනන්දට පවසන්නේ චීනා එන්න ටිකක් වෙලා ගත වෙන බැවින් තම නිවසට ගොස් මදක් සිටිනා ලෙසයි. ඒ ඇරයුමටම ඩ්‍රැකියාද අඩුවැඩිය එක් කරමින් පොත් නැවත ලැබීමේ ප්‍රීතිය සැමරීමට නිවසේ ඇති නැටුම් තෙල් වර්ග ගැනද සිහිපත් කරයි.

   තම ආරක්ෂාව වෙනුවෙන් නිවසට නොයෑමට සිතා පැමිණි ආනන්ද එවෙලේ තීරණය කරන්නේ නිවසට යෑමටයි එම තීරණය කිදෙනේක්ගේ දෙයීවය වෙනස් කරාදැයි දැන් අපි බලමු  

ආ: කො මේ සල්ලි බලන්න ගියයි කිව්ව කට්ටියත් මෙතන ඉන්නේ 

කේ: අපි ගියා චීනා එන්න ටිකක් පරක්කු වෙනවා එතකම් අපි ටිකක් සෙට් වෙමු ලොක්කා 

ආ: මට බීබී ඉන්න වෙලාවක් නා හලෝ මේක ඉක්මනට ඉවරයක් කරනවා 

ල: එහෙම කතා කරන්න එපා ලොක්කා ඔයා නිසා දැන් අපි මාස කියක් චාටර් වෙනවද මෙතන ඔයාට බැරිද එක විනාඩි දහයක් පහළොවක් අපි නිසා ඉන්න 

ආ:හරි හරි එහෙනම් ඉමුකො ටිකක් බලන්න 

  ඒ අනුව මදුවිත වට කීපයක් ගමන් කරයි දැන් කට්ටියම මද සුළගට වැනෙන ලෙවල් එකේය... ඒ කියන්නේ ඕනෑම බැරෑරුම් ප්‍රශ්නයක් විසදන්න පුළුවන් stage එකෙය. දැන් කෙන්ජි නැවතත් කතාව පටන් ගනී 

කේ: මේ ආනන්ද අයියා දැන් මෙතනට එන චීනෙක් නෑ..... අපි ඔයාට දැන් දෙනවා 4000ක් ඔයා අපිට පොත් ටික දෙන්න ඉතුරුවා දෙන්නම් මාසේ අන්තිමට..... හරිනේ....

ආ: අඩේ මේ උබලා මේ මට අල්ලාගෙන පෙව්වේ ඕක කියන්නද .... පලයන් ඩො යන්න 7000ට සතයක් අඩුනම් එක පොතක්වත් දෙන්න බෑ ... රාම් ඊළගට මාව කයි 

හේ: රාම්ගේ ප්‍රශ්නය ඔයා බලා ගන්න එයා ඔයාගෙනෙ යාළුවා.... මෙච්චර කල් අපි ඔයා කියපුවා කරානේ අද ඔයා අපි කියන දේ අහන්න ... පොත් ටික දීලා  4000 අරගෙන යන්න 

ආ:පිස්සුද ඔයි තමුසෙලට ඔය 4000ත් තියා ගන්නවා මම යනවා යන්න 

ල:මේ ලොක්ක එහෙම යන්න දෙන්න නෙවි ඔයාට එන්න කිව්වේ රාම් ඔයාව කෑවම අපිට පාන්ද ? මේ කියන විදියට වැඩේ ඉවරයක් කරනවා 

ආ: ඇයි නැත්නම් මොනවා කරන්නද තමුසෙලා මට තර්ජනය කරනවද .... මේ හලෝ ඕවට එන්න එපා මාත් එක්ක එක කෝල් එකයි දෙන්නේ පොලිසියට කට්ටියට විසා නෑ කියල ඔක්කොම ටික ඇතුලේ හරි... 

   ඒ කතාවත් සමග කෙන්ජිගේ හා අනෙක් අයගේ ඉවසීම ඉක්මවා යයි..... දැන් කාමරයෙන් ඇසෙන්නේ දෙබස් නොව යමකට පහරදෙන ශබ්දයන්ය ..... ඒ අතරින් පතර උදව් ඉල්ලා සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් කෑගසන ශබ්දයන්ද ඇසේ..... 

   මේ ශබ්ද එක දිගට විනාඩි කීපයක් ගාලා යනවිට යාබද නිවසින් පොලිසියේ හදිසි ඇමතුම් අංශයට දැනුම් දීමක් කරයි... තවත් විනාඩි කීපයකදී සන්නද්ද නිලධාරීන් සමග පොලිස් රථයක් එතැනය 
     අගුලු නොදමා තිබු ඉදිරි දොර හැරගෙන පොලිසිය නිවසේ සාලයට ඇතුළුවේ....

   සාලය පුරාම බිම සහ බිත්තිවලත් උණු ලේ පැල්ලම්ය සාලේ කොනක කෙනෙක් වැතිර සිටි. අනෙක් අයද එක එක තැන්වලය පොලිසිය වහාම කට්ටිය තම අනසකට යටත් කර ගනී. ඉතා අසාධ්‍ය තත්වයේ සිටි තැනැත්තාව ගිලන් රථයක් කැදවා රෝහල් ගත කරයි. තව හත් දෙනෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත වේ.

  එවෙලේම පොලිස් පරීක්ෂණ ආරම්භ වේ. කාමරයේ තිබු ලේ වලින් නැහැවුණු අඟල් දෙකේ දෙකේ හතරැස් පුටු කකුල මුලින්ම පොලිසිය රස පරීක්ෂක වෙත යවයි. පහර කෑමට ලක්වී රෝහල් ගත කල තැනැත්තා, ශරීරයෙන් පිටත මාරාන්තික තුවාල 4ක් හා මාරාන්තික නොවන තුවාල 13ක් සමඟ පහරදීම නිසා ශරීර අභ්‍යන්තරයේ ඇතිවූ ලේ ගැලීම් හේතුවෙන් පැය 8ක් ඉතා දුෂ්කර ලෙස ගෙවා දමා මරණයට පත්වේ...

 පසු දින මැලේසියාවේ පුවත් පත් තුනක කාමරයේ රුප රාමු සමගින් මේ විස්තරය පළවේ. එනම් තමන් ගෙන්වූ ශ්‍රි ලාන්කික පුද්ගලයන් විසින් පහරදී ආනන්ද නම් ශ්‍රි ලාන්කික ඒජන්ට් මරණයට පත්වී ඇති බවයි. (කාටද ආඩම්බර) 

 මෙම අවස්ථාවේදී අපේ යහළුවන් හත් දෙනාට විරුද්ධව ගොනුකලයුතු නඩු වාර්තාව පොලිසිය සකස් කරන්න පටන් ගනී. පොලිසියේ දැඩි ප්‍රශ්නකිරීමක් සිදු නොවීමට හේතුව භාෂා ප්‍රශ්නයයි. දැන් අපේ කට්ටියට හරියට ඉංගිරිසිද තේරෙන්නේ නැතිය. තනි තනිව කරන ලද ප්‍රශ්න කිරීම් වලදී එක්කෙනෙක්වත් අර පොල්ල අරගෙන ආනන්දට පහරදී නැත ඒ මදිවාට අනෙක් අය පහරදෙනවාද දැක නොමැත. 

  මරණයට පත්වූ කෙනා ශ්‍රී ලාංකිකය. සැකකරුවන්ද ශ්‍රී ලාංකිකය පොලිසිය හා නිතිය මැලේසියාණුය. තත්ත්වය ලෙහෙසි නැත. එම නිසා මැලේසියන් නීති අංශයකින් අප මහා කොමසාරිස් ආයතනයට දැනුම් දෙන්නේ මෙයට මැදිහත් වන ලෙසය.  

  එම අවස්ථාවේ ශ්‍රී ලංකා මැලේසියානු මහකොමසාරිස් කාර්යාලයේ වගකිව යුතු නිලධාරීන් හා පොලිසිය අතර සාකච්චා වට කීපයක් පැවැත්වේ. එහිදී පොලිසිය පවසන්නේ වරද එක අයෙක් බාර ගන්නවානම් අනෙක් අයව නිදහස් කරන බවයි. නමුත් කව්ද දෙයියනේ මිනීමැරුමක් භාරගන්නේ තමන් කරා කියලා.....

  කෙසේ හෝ මේ ආරංචිය සිද්දියෙන් මසක් පමණ ගතවන කාලයකදී සිරගතව සිටින අප මිතුරන්ට මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් විසින් දැනුම් දෙයි. ඒ මේ ආකාරයෙන්ය දැනට එක අයෙක් වැරැද්ද බාර ගන්නවානම් අනික් අයව නිදහස් කරනවලු... වැරැද්ද බාර ගන්න කෙනාට කොහොමත් කාලයක් ගත උනාට පස්සේ නිදහස් කර ගන්න පුළුවන්ය යනුවෙන්ය....

   දැන් කව්ද වැරැද්ද බාර ගන්නේ 


   ඔව් අනෙක් අයගේ දැඩි ඉල්ලීම මත වැරැද්ද බාර ගන්නේ මාරයාය... අදාළ ලිය කියවිලි වල අත්සන් කරාට පසු අනෙක් හය දෙනා සතියක විශේෂ විසා අවසර පත්‍රයක් ද සමගින් නිදහස් වේ. දින තුන හතරකින් මේ පස්දෙනා ලංකාවේය.

         පස්දෙනා ????

 ඔව් ලංකාවට ආවේ පස් දෙනෙක් පමණය. මාරයා හිර ගෙදර අකමැත්තෙන් නවතින විට, තම හිතවත් මිතුරාව මෙහි තනිකර යාමට තරම් ගුණ මකුවකු නොවුන ඩ්‍රැකි ද මැලේසියාවේ නවතියි. නැවතත් ඒ විසා නැතිව, රස්සාවකුත් නැතිව, ඒ මදිවට මිනීමැරුම් චෝදනාවකට සිරගතව සිටින තම මිතුරා බේරා ගැනීමට මේ නියම මිතුරාට හැකි වෙයිද? 

  පළමුව ඩ්‍රැකි යන්නේ අමාරුවේ වැටුනාම කව්රුත් යන තැනටය. එනම් පන්සලටය. එහිදී පොඩි හාමුදුරුවන්ට සියලු දෑ පවසයි  මොහුගේ උදාර සිතුවිල්ල ගැන පැහැදෙන හාමුදුරුවන් ඔහුට රැකියාවක්ද සොයා දෙයි.

  සිද්දියෙන් මාස නමයකට පසු චෝදනා පත්‍රය උසාවියට ඉදිරිපත් වේ. ඊටත් මස හතකට පසු පළමු නඩු වාරයේදී රජයේ වියදමින් ලබාදෙන නීතිඥයා සමඟ මාරයා නඩුවට පෙනිසිටි. නීතිඥයා කෙලින්ම පොලිසිය අමාරුවේ වැටෙන පස්නයක් දමයි. එනම් මෙම මිනීමැරුම තනි පුද්ගලයෙක්ට කල හැකිද යන්නයි. පොලෝසිය විවිධ තර්ක විතර්ක ගෙන හැර පැවත් නඩුව තවත් මස අටකට කල් යයි.

  දැන් මිනිමරුමෙන් වර්ෂ දෙකකටත් වඩා ගෙවී අවසන්ය. සාමාන්‍යයෙන් ලංකාවේ වගේ නොව මැලේසියාවේදී මෙවැනි මිනීමැරුම් නඩුවලදී සියලු සාක්ෂි එක්රැස්කොට දින කීපයක් එකදිගට නඩුව අසා විබාග කොට අවසන් තීන්දුවත් ලබාදේ. මෙම නඩුවේ ඇති විශේෂය වන්නේ සැකකරු, හා මරණ කරු දෙදෙනාම අන්න්‍ය ජාතිකයන්ව සිටිද්දී රටේ ස්වජාතික පොලෝසිය හා නීතිඥයකු ගැටීමයි. එනම් එක්කෙනෙකුට කල නොහැකි මිනීමැරුමේ අනෙක් සැකකරුවන් ට මොකද උනේ යන්නයි. මෙම පරස් පරයෙන් වැඩි වාසියක් මාරයාට ලබාදීමට නීතිඥයා මාරයාගේ එකම හිතවතා වන ඩ්‍රැකියා ගෙන් රිංගිට් 50,000ක් (ආසන්න වසයෙන් රු ලක්ෂ 20ක්) නීතිඥ ගාස්තු වශයෙන් ඉල්ලා සිටි. 


  හෆොයි දෙයියනේ දැන් මොකද කරන්නේ ඩ්‍රැකි එත් ගේම අත අරින්නේ නැත. පන්දාහක් පමණ වන ශ්‍රී ලාංකික සේවකයන් වෙතට ගොස් මේ මුදල එකතු කර ගැනීමට සැරසේ. 

  එහිදී නැවතත් පිහිටට එන පන්සලේ පොඩි හාමුදුරුවන් පන්සලේ මැලේසියානු සිංහල දායක සබාවේ මගපෙන්වීම මත වෙනත් නීතිඥ සමාගමකට නඩුව භාර දෙන්නේය. එහි අයිති කරුවන්ද ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දෙමල ජාතිකයන් පිරිසක්ය ඔවුන් නඩුවට සම්පුර්ණයෙන්ම නොමිලේ පෙනීසිටීමට එකග වන්නේ එම දායක සබාවේ හා හාමුදුරුවන්ගේ ඉල්ලීමටය.  ඩ්‍රැකියා යන මිතුරාගේ අවංක උත්සාහය නිසාය.

  අවසානයේ නඩුවෙන් අවූරුදු 5ක සිර දඩුවමක් මාරයාට හිමිවේ. දැනට රිමාන්ඩ් බන්දනාගාරය තුල ගත කර ඇති අවරුදු දෙකහාමාරක කාලය අඩුකර ඉතිරිය ඔහු විසින් ගෙවිය යුතුය........

 මේ මැලේසියාවේ සිදුවූ එක සිදුවීමක් පමණය. මෙය සිදුවී දැනට වසර තුනකට වඩා කාලයක් ගතවී ඇත. ඉන් පසුද දෙවතාවකදීම නැවතත් ශ්‍රී ලාංකික ඒජන්ට් වරුන් පහර කෑමෙන් මිය ගියාය. මාගේ හැගීම ඉස්සරහටත් ඒ දේ සිදුවෙවිය කියාය මෙවැනි දේ සිදුවන විට ලංකාවේ නමට කුමක් සිදුවේද ??? 

      මේවාට කව්ද වැරදි ????? 
  
අවසානයි !!!!

*********************************************************************

ඉදිරියේදී මෙම බ්ලොගය වන් මැලේසියා නමින් නොව සුන්දර මැලේසියා යන නමින් හැදින්වීමට (අපගේ හිතාදර බ්ලොග් සගයකු වන මැලේසියාවේ වෙසෙන සරත් අයියාගේ  අවවාදයමත) තීරණය කල බව ඔබ සැමට මෙයින් දැනුම් දෙමු 

       සුන්දර මැලේසියාවේ ඉතා අඩු වියදමකින් සුන්දර නිවාඩුවක් ගතකිරීමට අවශ්‍ය සියලු විස්තර සහිත පොස්ටුවකින් මීලගට  හමු වෙමු 


71 comments:

  1. හ්ම්ම්ම් ඔයාගේ ලිපි ටික ගොඩක් වැදගත්

    ReplyDelete
    Replies
    1. ඒ උනාට තාම කියෙව්වේ නැ නේද ඔක්කොම ටික ඉදගෙන හි හි හි

      Delete
  2. වැරදි දෙයියන්ගෙ මල්ලි බන්

    ReplyDelete
    Replies
    1. අයියෝ එයාට මුකුත් කියන්න එපා.... ඕන කෙනෙක් ලගට යන අසරනයනේ

      Delete
    2. නෑ. දෙය්යන් ගෙ මල්ලි යකා ගෙ අය්ය බව නොදන්න මිනිස්සු.

      Delete
  3. මේ සීරීස් එක ඉවරද රාළ ...? වෙනත් මාතෘකා ගැනත් ලියන්න ඉඩ තියෙන විදිහට ...

    ReplyDelete
    Replies
    1. ow මේක ඉවරයි ඊලග එක බජට් මැලේසිය ට්‍රිපක් එන හැටි

      Delete
  4. මැලේ රාළගෙ කතා කියවන්න ඔන්න තුශානිත් ආවා..

    මුල කොටස් ටිකත් බලාගෙනමයි ආවේ.. අන්තිම කොටසෙදි හරි කතාව කියවන්න එන්න ලැබීම ගැන සතු‍ටුයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ආදරෙන් පිලිගන්නවා .......

      Delete
  5. ඔන්න ඊලග පෝස්ටුව නම් අපිට වටී වගේ... ඇගිලි ගැන ගැන ඉන්නේ තායිලන්ඩ්, මැලේසියා ටුවර් එකක් යන්න :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. තයිලන්ඩ් එන ලියන්නම් එත් වඩාත් ලබයි දැන් air asia අයෙත් යන නිසා මැලේසියා වඩාත් ලාබයි

      Delete
  6. ඔය ආනන්ද මැරුණට තව ඔය වැඩේ කරන අය ඇති නේද? ඔබට කතාව කියුවේ මේ කතාවේ ඉන්න ඩ්‍රැකි ද?

    ReplyDelete
    Replies
    1. ඔව් තව අය ගොඩාක් ඉන්නවා ...... මම සමහර කොටස් ඩ්‍රැකි ගෙනුත් දැන ගත්තා මේ මරණය දැනගත්තු දවසේ ඉදන්ම මම මේක ගැන ගොඩක් හොයලා බැලුවා .... ඇයි මෙහෙම වෙන්නේ කියලා...... කතාවේ අන්තර්ගතය සම්පුර්ණ සත්‍යය සමහර සිද්දි මම මේකට එකතු කරා මෙහෙ දේවල් කට්ටියට දෑන ගන්න

      Delete
  7. රට ගාය ඇත්තන්ට කදිම ඔවදන් සහිත ලිපියක නිමාව. නුඹට බොහොමෙ ස්තුතියි මැලේ රාලේ. අලුත් නමින් එන එක ඉතා හොදයි... සාදරයෙන් පිළිගන්නවා ඒ බ්ලොගයත් මැලේ නුඹට ජය සතුට

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නලින් අයියේ මුල සිටම ඔයාලා මාව කල දිරිගැන්වීම නිසායි මේවාගේ කාලයෙන් හැංගෙන්න ගිය කතාවක් එලියට ආවේ...... ඉදිර්යටත් එය බලාපොරොත්තුවෙමි

      Delete
  8. අපොයි,උඹල ඌව මැරුවද,මම හිතුවේ නෑ ඔච්චර දරුණු වැඩක් කරයි කියල,ගහල විතරක් පොත් ටික ගත්ත නං

    ReplyDelete
    Replies
    1. ඇත්තටම උන් මරන්න ගැහැව්වා නෙවි.... එත් ඒ ආනන්ද මැරුණා ..... කරුමේ කියන්නේ තව ආනන්දලා ගොඩක් තාමත් ඔය වැඩේ මෙහෙ කරන එකනේ

      Delete
  9. මට මුලින්ම හිතුනේ නිකං නාට්‍ය ජවනිකාවක් කියලා. ඒ තරම් කලාත්මකව උබ විස්තර කරලා තිබුණා. පස්සේ තමයි තේරැනේ ඇත්ත කථාවක් කියලා. නැවත උබේ ලිපි කියවීමට එන්නම්. උඹට ජය!!!

    ReplyDelete
    Replies
    1. මොහොම ස්තුතියි සහෝදරයා

      Delete
  10. ඊලගට ලියන්න හිතන් ඉන්න ලිපි ටිකනම් වටිනවා.. ඉක්මනට ඒවා ලියයි කියලා බලාපොරොත්තු වෙනවා..

    ReplyDelete
    Replies
    1. මුලික ගණන් හිලව් දැනටමත් එකතු කරන ඉන්නේ .... අද හෙටම පටන් ගන්නවා ලියන්න.... ලගදීම දානවා.... මම ට්‍රයි කරන්නේ කෙලින්ම පොස්ට් එක ප්‍රින්ට් කරගෙන දෙන උපදෙස් වලින් ට්‍රිප ඇවිත් යන්න පුළුවන් විදියේ ලිපියක් ලියන්න

      Delete
  11. මොකවත් කියන්න හිතදෙන්නේ නැබං , කට්ට කාලා කොටුපු පොස්ට් එකක් මා දාලා ගිහිල්ලා මම හෙන දුනකෙන් ඉන‍්නේ

    ReplyDelete
    Replies
    1. දුක් වෙන්න එපා අටං තුමෝ පැමිණෙන දුක් පනිරසයි කියාගෙන දිය වැඩියාවට බෙහෙතුත් අරගෙන සතුටින් ඉදපන්

      Delete
  12. ගොන් හැත්ත ගැන කියල වැඩක් නැහැ මල්ලි.
    ගිය සතියෙත් මම දැක්ක පත්තරේ ජපන් යවනවා කියල තාත්තල පුතාල සෙට් එකක් රොත්තකගෙන් සල්ලි අරන්.
    පොලිසියත් එක්ක ගිහින් ගේ වටකරලා තිබුන.
    දැන් ඔය මගුල් ගැන ලිව්වා ඇති.
    දැන් ඔහෙත් වෙනද නැති විදියට මහා දවල් පාරේදී වෙඩි තියල මරණ සීන් තියෙනවා නේද ?

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ කෙන්ජියා කථා කරලා... මරණවට වඩා උස්සන දේවල් වැඩියි (මරාගන්නේ උන් උන් නේ)... විශේෂයෙන් සල්ලි තියෙන පොඩි ළමයින්ව(පිටරට අයගේ තමා වැඩියෙන්ම)...

      මොන රට ගත්තත් එකයි... මුන්ගේ නීතිය තමයි චාටර්... පොලීසියත් එක්කම...

      Delete
    2. ඔව් කෙන්ජෝ ලෝකෙට එක බුද්දීමතෙක් බිහිවෙනකොට මෝඩයෝ දාහක් එනවලුනේ.... ඉතින් ඔය ගොන්කම් දිගටම කෙරෙයි.....
      ඔව් මරණ සින් නම් මම මෙහෙ ආපු අලුත ඉදන්ම තිබ්බා ගිය සතියෙත් ජෝගින් කරලා තේ තරේ එකක් බොන්න රෙස්ටුවරන්ට් එකට ගිය අවරුදු 50ක කෝටිපති වයපාරිකයට පපුවට එකයි නළලට එකයි බුලට් දෙක.... on the spot

      Delete
    3. ආ ඔය අංජන දාලා තියෙන්නේ අලුත් ට්‍රෙන්ඩ් එකත් එක්කම

      Delete
  13. බ්ලොගේ නම වෙනස් කරන එක නම් අපරාදේ.. මම නම් ඕකේ වැඩි ප්‍රශ්නයක් දකින්නෑ... ඒ වුණත් ඉතින් ඉල්ලන් #කේ මාමයිට් ගාගන්න ඕනි නැහැනේ... ඔන්න ඔහේ වෙනස් කරලා දාපන්...

    ඇත්තටම කවුද ආනන්දයව මැරුවේ?

    ReplyDelete
    Replies
    1. කෙන්ජිය මැරුව.
      මාරයා තනි කැමැත්තෙන් බිලි බෝයි වුනා.

      Delete
    2. "ඒ වුණත් ඉතින් ඉල්ලන් #කේ මාමයිට් ගාගන්න ඕනි නැහැනේ..." ඔන්න ඔය නිසාමයි අංජන නමන්බ් වෙනස් කරන්නේ ..... අර ඔයාගේ අසරණයන්ට සරණක් වෙන හැටි කියන්න මට මෙලක් දාපන් මචන්

      Delete
    3. ඇත්තටම මරණය තනි පුද්ගලයෙක්ගේ වැඩක් නෙවි ඒ නිසා කාටවත් ඇගිල්ල දික් කරන්න බෑ

      Delete
    4. මචං උන් ලංකාවට ගිහින්... 1600ක් වියදම් කළාම එම්බසියෙන්ම යැව්වලු... 500 දඩේ... ටිකටි.. අරවා මේවා ඔක්කොටම 1600යි...

      (දැන් මේක දැකලා අපේ අයියලා පෙරලන් එයිද දන්නෑ)

      Delete
  14. අම්මෝ ඇති.. යන්තම් මගෙ අවවාදෙ අහලා.. මෙහෙ අය කව්ද වැරදි කියල හොයන හැටි ඕකෙන්ම පෙනෙනවානෙ.. තමුන්ගෙ ආරස්සාව තමුන් සලසාගන්න එක හොඳයි..

    ReplyDelete
    Replies
    1. සම්පුර්ණ ඇත්ත සරත් අයියේ.... ඇත්තටම ඒ වෙලාවේ පොලිසියට ඕන වෙලා තිබුනෙත් කව්රු හරි එකෙක් වැරැද්ද බාර ගන්න විතරයි.....

      Delete
  15. බොහොම වටින ලිපි පෙලක් අවසානය වෙනකම් බැලුවම තේරෙනවා මුලින්ම සුලුවෙන් බේර ගන්ඩ තිබ්බ ගැටලුවක් මේ ආනන්ද කියන මිනිහගෙ තන්හාව නිසා මරනයකින් කෙළවර උනා කියලා

    මීට 8 කොටස දාන්ඩ කියල 7 කොටසේ කොමෙන්ට් කොටසේ කරදර කෙරැව ඈනොමිසයා :)

    ReplyDelete
    Replies
    1. ඔන්න ඇනෝ පරක්කු වෙලා හරි කතාව ඉවර කරා..... සුළුවෙන් තියෙන කොට කොහොමත් අපේ ය ගණන් ගන්නේ නැනේ

      Delete
  16. මේ ලිපි පෙලෙන් ගණන් තියෙන දේ තමයි සල්ලි ඉස්සරහ මිනිස්සු බල්ලෝ වෙනවයි කියන එක ආනන්ද කාරයට වෙච්ච දේ ගැන නම් පොඩි හෝ කණගාටුවක් හිතට එන්නේ නැහැ. ඒ වෙච්ච දේ හරි.

    ReplyDelete
    Replies
    1. කෙනෙක්ගේ මරණයක් නිසා සතුටු වෙන්න පුලුවන්ද ??? අඩුම තරමේ සතුටු වෙන්නේ නැත්නම් දුක් නොවී ඉන්නවත් .... මම හිතන්නේ කිසිම පුද්ගලයෙකුට බැහැ..... එත් මේ ඒජන්තලා කරන දේවල් දිහා බැලුවම අර කතාව නිකන්ම බොරුවක් වෙනවා

      Delete
  17. අවසානය ටිකක් දුකයි...අවුලක් නැහැ කොහොමහරි හොදක් වෙලා තියෙන නිසා..එහෙනම් සුන්දර මැලේසියාවේදී හමුවෙමු....

    ReplyDelete
    Replies
    1. එල කිරි මචෝ සුන්දර මැලේසියාවට සුන්දර නිවාඩුවක් ගතකරන හැටි බලන්නම එහෙනම් හම්බ වෙමු

      Delete
  18. මේවට කවුද වැරදි....?????????

    හ්ම්ම්...

    ReplyDelete
  19. රාළේ........ මේ කතා පෙල රට යන්න ඉන්න අයටත්...ගිහින් අපහසුතාවයන්ට පත්වෙලා ඉන්න අයටත් ලොකු ඉගැන්වීමක්...නීතිමය බාධාවක් හෝ උඹට අපහසුතාවයක් නොවේ නම් පමනක් මේ සිදුවීමට අදාල පුවත්පත් වාර්තාවලට ලින්ක් එකක් දීපන්.

    මාතලන් කිව්වා වගේ මේ ලිපිපෙලට වෙනත් ආදේශ නම් යෙදුවා නම් වඩාත් සුදුසුයි කියා මමත් හිතනවා.

    සුන්දර මැලේසියා..තුල මෙවන් අසුන්දර කතා වලටත් ඉඩ තියෙයි කියා හිතනවා. උඹට ජය!!!!

    ReplyDelete
    Replies
    1. පත්තරේට ලින්ක් එකක් දෙන විදිය මම දන්නේ නෑ.... ඔයාට හෝ වෙන කාට හරි දෙන්න පුලුවන්නම් අව්ලක් නෑ අරු අයියෝ

      ඇයි දෙහි හඳුරුවනේ නම් දන්නා කලින් කැමැත්ත අකමැත්ත අහලානේ නම් ටික දැන්මේ

      Delete
    2. රාළේ.....ඇයි දන්නවාද මම අරහෙම කිව්වේ....කතා රසයට බාධා වෙනවා ඒ නම් වලින්. කියවගෙන යනකොට උන් ගැන තමයි චිත්‍රරූප මැවෙන්නේ. උන් ලියන බ්ලොග්ස්වල සිතුවිලිත් එක්ක කලවම් වෙලා තමයි උඹේ කතාව රස විඳින්න වෙන්නේ. සමහරවිට මට විතරක් වෙන්න ඇති එහෙම වෙන්නේ. අර ඉස්සර පින්තූර කතා කියලා ජාතියක් තිබුනා පත්තරවල. ඒවා සාර්ථක වුනේ නොදන්නා අයගේ ෆොටෝ දාපුවාම තමයි.

      Delete
    3. ඔව් අරු ඔයාගේ කතාව හරි ... මට කතාව ලියන කොට හිතුනා මම ලියන දේවල් නිසා නම් අයිතිකාරයන්ට හිත් රිදෙයිදොවත් කියලා ...... ඒ හෙම උනේ කතාවේ චරිතෙට අමතරව නමට වෙන අයිති කාරයොත් ඉන්න නිසානේ .... ඔයා හරි.... අයෙත් මේක මගේ බ්ලොගේනම් වෙන්නේ නෑ

      Delete
  20. හම්මෝ අපි නම් වැරදි කරුවො නෙමෙයි ඔන්න....ඇති යන්තම්...මේ අටමගලෙ අද ඉවර වෙච්ච එක...මම නම් අවසානය දකිනකං හිතුවෙ නෑ මේක ඇත්ත කථාවක් කියලා...

    // ශ්‍රී ලාංකික ඒජන්ට් වරුන් පහර කෑමෙන් මිය ගියාය.//

    එතකොට ඒජන්ට් සෙට් එකම කාන්තාවෝ......

    ඔය නිවාඩුව ගැන කියද්දි සමන් අතාවුද හෙට්ටි අයියා මෙහෙ ඇවිල්ලා එළිදක්වපු සරවක් නදිය දිගේ පොතත් ප්‍රයෝජනයට ගන්න. මගේ මූණු පොතේ අන්න එළිදැක්වීමේ ඡායාරූප වගේම පොතේ ඡායාරූපයකුත් තියෙනවා.....අපිට ජය වේවා !

    ReplyDelete
    Replies
    1. "මේ අටමගලෙ අද ඉවර වෙච්ච එක..." බොටත් තව ටිකක් එහා මෙහා උනානම් ඔය අටමගලේම තාමා වෙන්නේ

      // ශ්‍රී ලාංකික ඒජන්ට් වරුන් පහර කෑමෙන් මිය ගියාය.//

      එතකොට ඒජන්ට් සෙට් එකම කාන්තාවෝ......

      මේ මොකද්ද බන් මේ හරුපේ ???

      ඒ පොත මා තියෙනවා.... ලොක්කෝ කට්ටිය මැද්දේ කුරුමිට්ට වගේ ඉදන් කට්ටියට කියලා උබ පොටෝව අල්ලන කොට මමත් එදා ඒ ලග පාත හිටියේ.....

      මම ලියන්නේ මුල්‍යමය පැත්ත ගැන ලිපියක් මචෝ

      Delete
    2. අනේ බන් තවත් හැංගෙන්නෙ නැතුව මට පුද්ගලිකව කියහංකො ලොකු මාමෙ බොලා කවුද කියලා...අනිත් දවසෙ කාල වෙනුවට භාගයක් අරන් කථා කරන්නම්....

      මිය ගියාය කිව්වම ඒ ක්‍රියාව ස්ත්‍රී ලිංග ගනයට අයත් වෙන්නෙ...මේක නිවැරදි වෙන්න මිය ගියේය වෙන්න ඕනෙ...මම අන්න ඒකට පොඩි කෝචොක් එකක් දැම්මෙ

      Delete
    3. මම ඉස්සරහට ලියන්න ඉන්න ඒවත් එක්ක බන් උබ මව නොදැන ඉන්න එකම හොදයි බන් .... මොකද උබත් දැන් ඉන්නේ මෙහේනේ...... එත් මොනවා හරි ඕන උනොත් මට ඊතලයක් විදපන්

      Delete
    4. //මේක නිවැරදි වෙන්න මිය ගියේය වෙන්න ඕනෙ//

      නෑවා නේද් ලොක්කා?

      ඒජන්ත වරු මිය ගියහ කියන එකයි හරි. ඒත් මේ ලියන ස්ටයිල් එකට හරියන්නෙ ඒජන්ත වරු මිය ගියා කියන එක. එක ඒජන්තයෙක් නම් මිය ගියේය කිව්වම හරි.

      Delete
  21. වෙලාවට අපි නැහැ ඔය කතාවේ ...

    ReplyDelete
    Replies
    1. ඉදපන් වෙන එකකට පටලව ගන්න

      Delete
    2. අපරාද වැඩවලට අපි නැහැ ඕන්..

      Delete
  22. උඹ අන්තිම ටික හයි ස්පීඩ් ඇදලානේ බං. නියම කතා ටික. ඊලග එක එනකම් බලන් ඉන්නේ අපි. වෙල්ඩන් "අනුර හොරේෂස් "

    ReplyDelete
    Replies
    1. උබට හොරෙ අහුවෙලා .... ටිකක් හයිස්පිඩ් යන්න උනා කට්ටියට එපා වෙන්න කලින් ඉවර කරන්න ..... මට ඕන උනේ කැමති අකමැති ඔක්කොටම කියවන්න පුළුවන් විදියට කතාව ලියන්න ඇත්ත කතා වක් නිසා.....

      තැන්කුයි මචෝ

      Delete
  23. එහෙන් මෙහෙන් කියවල තිබුනත් ආයේ මුල ඉඳල කියෙව්ව. ආනන්ද ගැනනං දුකක් නෑ. ඒත් ඌට අහුවෙලා මිනීමරුවො වෙච්ච එවුන් ගැන දුකයි.

    වන් මැලේසියා අවුලක් නෑ මචෝ. සිංහලෙන් නෙව තියෙන්නෙ. ඇඩ්‍රස් එක නං වෙනස් කලාට කමක් නෑ මොකද ඉංග්‍රීසියෙන් තියන නිසා

    ReplyDelete
    Replies
    1. ඇත්ත... මිනීමරුවෝ නොව්නත් ඔය වගේ හොරුන්ට අහුවෙලා දුක්විදින එවුන් ගොඩක් ඉන්නවා බන්

      කෝකටත් දෙකම වෙනස් කරනවා බන් අවදානම අවම කරගන්න එක කල් පැවැත්මට හොදයි කියනවනේ

      Delete
  24. මැලේසියාව සුන්දරව තියෙන්න ඇති, අපේ අය යන්න කලින්?

    ReplyDelete
    Replies
    1. හරියට ඔස්ට්‍රේලියාව වගේ නේද කකා

      Delete
    2. කතන්දරේ උගුරෙ හිරවෙලා කක්කා යන්නම උත්තරයක් දීලා මැලය :D

      Delete
    3. කකාට මඩක් ගැහැව්වා නෙමෙයි ඇනෝ.... අපේ ය මොන රටට ගියත් වෙන දේ කිව්වේ

      Delete
  25. මම හිතුවා ආනන්දට ඔහොම වෙයි කියලා...හික්..හික්..,

    ReplyDelete
    Replies
    1. ඔව් මට මතකයි පහුගිය කොටසේ උබ හරියටම ගෙස් කරලා කොමෙන්ටුව දාලා තිබ්බා.....

      Delete
  26. මැරෙනව කිව්වහම පොඩ්ඩක් මට අවුල් වගේ මැලේ....
    අලේ මන්ද .... :)

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම තමයි.... එත් ඉතින් මොනවා කරන්නද ඔය වෙච්ච් දේ තමයි

      Delete
  27. ඇයි බන් අපේ තානාධිපති කාර්යාලෙ ඔය වගෙ ප්‍රශන වලට මොකක්වත් කරන්නෙ නැත්තෙ. ඔකුන් පඩි ගන්නෙ අපෙ මහන්සියෙන් නොවෙයිද​?

    මැලේසියාවෙ ඉන්න උඹල පුටු කකුලකින් ගහලා හරි ඔය තානාධිපතිව ඇහැරවපන්කො...!

    ReplyDelete
    Replies
    1. ඔන්න බල්ලපන් වැඩක් කොරන්න පුළුවන් යද ඔය ලොකු පුටුවේ හිටියේ කියලා ..... මම එනකොට හිටියේ
      ලෝක රු රැජින ...... හි හි හි
      ඊට පස්සේ
      මහඉස්පිරිතාලේ දොස්තර කෙනෙක් වයස අවරුදු 60ක විතර
      ඊටත් පස්සේ
      විශ්‍රාම ගිය සිවිල් නිලධාරියෙක් අවරුදු 70ක විතර ... ඇස කන්නදියත් අතටම හොයලා දෙන්න ඕනා පෙන්න පටන් ගන්න

      දැන් ඉන්න කෙනා තාම ඇවිත් මාස 4ක් විතර දැක්කේ නෑ ....

      අයියෝ සල්ලි

      Delete
    2. දැන් ඉන්නේ මුස්ලිම් ඩයල් එකක්... මම නම් මෑන්ස් ව දැක්කා...

      Delete
  28. දැන් ඉතිං අලුත් යමක් ලියමු..

    මේවා කියවලා එකෙක් හරි හැදුනොත් මදැයි

    ReplyDelete
    Replies
    1. හොදයි ඔන්න ඊළගට ලියනවා මැලේසිය ටුවර් එකක් එන හැටි

      Delete