මම S. L. මැලේ රාළ

මම ලංකාවේ පොරක් මැලේසියාවේ ජොබක් කරන.... මට මේක ලියන්න හිතුනේ අනික් බ්ලොග් කියවල ඒවා දැක්කම මෙහෙවෙන දේවල් අනික් කට්ටියටත් දැන කියාගන්න කියල තමයි .

අවූරුදු ගානක් තිස්සේ මෙහෙ ඉදන් අහපු දැකපු, සිද්ද උන හා දැනටත් සිද්දවෙමින් පවතින දේවල් තමයි මම ඔයාලට කියන්න යන්නේ ඕන්.....

Tuesday 22 October 2013

කවුද වැරදි ???? 6


මැලේසියන් ජොබ්,  පොලිස්  සහ  වීසා 



      ඔන්න අද මුලට යන පාරවල් දැම්මේ නැ...... එත් අදම මේක බලන අය ඉන්නවනම් ඔය දකුණු අත පැත්තේ තියෙනවා මුල් කොටස් ටික ඒවා බලලම ඉන්න...... ඔන්න එහෙනම් අද කථාව 

     පලවෙනි මාසේ පඩිය ගන්න කොට මෙයාලා තරමක් දැනුවත් වෙලා හිටියේ මේ ආනන්ද පෙන්නනතරම් හොද ලමයෙක් නොවෙයි වගේ කියලා...... මොකද කිව්ව පඩියත් නෑ.....  අර පුහුණු කතාවත් නිකන් බොරු වගේ ඒ මදිවට දැන් කට්ටියට වීසාත් නෑ ... පාස්පෝර්ට් එකත් අතේ නෑ ......  එකම දේ ආනන්ද දවසට කෝල් දහයක් විතර ගැහැව්වම එකක් ආන්සර් කරනවා..... කරලා කියන්නේ ඔක්කොම හරි තව ටික දවසකින් මම අයෙත් එනවා ඒ ආවම එරියස් එක්ක ඔක්කොම දෙන්නම් කියලා.......

    ඔය විදියට දෙවැනි මාසෙත් ගියා කියන්නකෝ.... ඔන්න ඒ පාරත් පඩිය යන්තම් 1000ක් කිට්ටු කරලා විතරයි. දැන්නම් කට්ටියට මලේ මල..... කාටද බනින්නේ කියල හිතා ගන්නත් බෑ..... ගෙවල් කුලිය ලයිට් වතුර වලට එක්කෙනෙක් 120ක් විතර දන්නා ඕනා .... තව කන්න, ටෙලිපොන් කාර්ඩ් වලටත් 300ක් විතර යනවා ඒ අතරේ සිගරට් සහ අනික්වා බොන්න තව 100ක් විතර තව ඔය අනම් මනම් එක්ක එනකොට මාසෙක වියදම 500ක් වත් වෙලා..... ඉතුරු 500යි ඒ කියන්නේ රුපියල් 19,000ක් විතර ....... මේකටද යකෝ රට ආවේ ..... එහෙම කියන්නේ කට්ටිය බීපු වෙලාවට  

 ඔන්න ආයෙත් දවසක මාරයා ආනන්දව ලයින් එකට ගන්නවා 

මා:සර් මොකද්ද සර් දැන් මෙතන වෙන්නේ මුන් ටික මාව කන්න යනවා 

ආ:ඒ මොකද එහෙම වෙන්නේ ඔයා මොනවා කරාටද 

මා:මම මුකුත් කරාට නෙවි සර්.... සර් මොකද්ද මේ කරන්න යන්නේ දැන් බලන්න අපේ විසාත් නෑ, පාස් පොර්ට් ඇත්තෙත් නෑ ... ඒ ඔක්කොමත් හරි බලන්නකෝ හුස්මක් කටක් ගන්නේ නැතුව මැරීගෙන පැය 12ක් වැඩ කරලා කියද හම්බ වෙන්නේ ... කියද ඉතුරු වෙන්නේ අර ලක්මාලුයි , සුදිකයි ලංකාවේදීත් ගත්ත ඔයිට වඩා..... කොටින්ම හෙන්රියා  යලට මහට පොඩි එවුන්ට ABCD කියල දීල හොයලා තියෙනවලු ඔයිට වැඩිය 

ආ: මේ මාරයා මල්ලි මම ඔයාලට කිව්වේ මොනවද ඒ ඔක්කොම මේ වෙනකම් අකුරක් නෑර ඉටු කරලා තියෙනවා (හෑ.....) ඔයාලා දැන්  ඉන්නේ ලංකාවේ නෙවි... අපිට ලංකාවේ වගේ ඕන ඕන විදියට වැඩ කරන්න බෑ..... ඔහේ වැඩ කෙරෙන ක්‍රමයක් තියෙනවා. ඔයාටයි මටයි අර යක්කු ටිකටයි ඕන උන පලියට ඕවා  පට් පට් ගාලා කරලා දෙන්න ඔහේ කව්රුත් නෑ.... ඒ වැඩ ටික මම කරන්න ඕන අයට යොමු කරලා තියෙන්නේ..... වෙලාවට වැඩේ කෙරෙයි 

මා:අනේ මන්දා සර් දැන් අපි ඇවිත් මාස 3ක් ඉවරයි තාම අර ෂෝ මනි වලට කියාලා එක එක් කෙනාගෙන් ඉල්ලන් ආපු සල්ලිවත් බේරලා ඉවර නෑ. ඉතින් මේ අයටත් කේන්ති යන එක සාධාරනයිනේ සර්.... 

ආ: ඔයා එයාලා වගේ නේවිනේ... ඔය දන්නවනේ රට යවනවා කියලා කට්ටිය කරන්නේ මොකද්ද කියලා.... දැන් බලන්න ඔය සිං ඇවිල්ල මොකද උනේ?.... මම එහෙම දෙයක් කරේ නැනේ ඔයාලට අනික ඔයාම දන්නවනේ මම ඔයාව එක්කගෙන ආවේ කොහොමද, කාගේ සල්ලි වලින්ද කියලා... ඒ නිසා දැන් මම මේ වැඩ ටික ඉවර කරලා ඔහේ වැඩ ටිකත් ඉවර කරන්න බලාගෙන ඔහෙට එනකම් ඔය කට්ටියව පොඩ්ඩක් ශේප් කර ගෙන ඉන්න බලන්න ..... අනික මට සැරින් සැරේ ඔයා කෝල් කරන්නත් එපා, අනික් යට කෝල් කරන්න දෙන්නත් එපා මතක තියාගන්න 

මා:මම කොහොමද සර් අනික් අය කෝල් කරන එක නවත්තන්නේ ??

ආ:කොම හරි නවත්තන්න... ඔය මමත් දෙකක් දාලා  ඉන්න වෙලාවක කෝල් කරලා මුන්ගේ කතාවකට මල පැනලා  ඊළගට මට මොනවා කියවෙයිද දන්නේ නැනේ..... මොකද කට්ටිය දැන් කතා කරන්නේ මම මුකුත් කරේ නෑ වගේනේ..... අන්තිමට මම ඔයාටම කොච්චර දේවල් කරාද කියලා කියවුනොත් එහෙම ඔයාටත් හොද නැනේ ......

(කුම්බලා මාළු කෑවනම් විදවපන් බළලෝ කිව්වලු ..... දැන් ඉතින් හිටපන්කෝ ගිරයට අහුවෙච්ච පුවක වගේ ) 

 කතාවෙන් පසු කට්ටිය මාරයාගෙන් විස්තර විමසයි 

හෙන්රි: මොකද බන් ලොක්කා කියන්නේ 

මා:අනේ මන්දා බන් පොර කියනවා මේ ලංකාව නෙවිලු.... පට් පට් ගාල වැඩේ කරන්න තව ටික දවසක් ඉන්න ලු ඔක්කොම හරියයි කියලා 

කෙ: යකෝ උබ ඔය ටික කියනකම් අහගෙන හිටියද බිල්ලා වගේ.... තෝ අහන්න එපැයි එතකොට අපිට  ලංකාවේදී ඌ කතා කරේ පුකෙන්ද කියලා 

න:එකනේ බන් පොර ලංකාවේදී කිව්වේ ආපු දාට පහුවදා ඉදන් වැඩය පලවෙනි මාසේ ඉදන්ම ලස්සයක් විතර ගන්න පුළුවන්ය කියලනේ... අහන්න එපැයි දැන් ඒ කිව්වා ඒවා කෝ යකෝ කියලා.... 

මා:ඉතින් මට කියන්නේ බොලාට අහන්න තිබුනනේ මෙතන පලවෙනි මාසයක් තිස්සේ ඌත්  එක්ක බිබී ඉන්න වෙලාවේ 

කෙ: මේ මාරයා උම මගේ යකා අවුස්සා ගන්න එපා වෙච්ච දේවල් උනා  දැන් මෙතන අපි අවේ උබ ආනන්දව රෙකමන්ඩ් කරපු නිසා.... දැන් ඌ  අපිට අරින්න එනවා වගේ නම් අපි උබෙන් අහන්නේ නැතුව කාගෙන්ද කියපන් කෝ අහන්නේ 

ඩ්‍රැ: හරි හරි දැන් ඌ ආනන්දට කතා කරානේ බන්..... උත් කියල මොනවා කරන්නද අපි වගේම උටත් මේ පලවිපාකේ දැනෙනවනේ බන්..... 

සු:ඔව් එක හරි දැන් අපි මෙතන එකාට එකා ඇරගෙන හරියන්නේ නැ... කට්ටිය එකට කතා කරලා තීරණයක් ගමු මොකද කරන්නේ කියලා 

ඩ්‍රැ: තීරණයක් ගන්න තාම මුකුත් වෙලා නැනේ බන් රස්සාවක් තියෙනවා පඩි හම්බ වෙනවා අරු ඇවිල්ල විසා එක හදලා  අනික් තැනට දැම්මට පස්සේ ඔක්කොම හරිනේ 

හෙ: තාමනම් මුකුත් වෙලා නෑ තමයි එත් මේ වේගෙන යන දේවල් වල හැටියට ඔය කියන ටික වෙයිද බන් 

ල: අන්න මට තියෙන ප්‍රශ්නෙත් ඕක තමයි.... ගියගමන් වෙනවයි කිව්වා එක මාස තුනක් තිස්සේ වෙන්නේ නැත්නම් ටික කාලෙකින් වෙනවයි කියන එක වෙන්න කොච්චරක් කල් යයිද 

මා:එක ඉතින් සර් කියන විදියට ටික දවසක් බලන් ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැනේ බන්....

    ඉතින් ඔන්න අපේ කට්ටිය දැන් ඔය විදියට බලාගෙන බලාගෙන ඉන්නවා වැඩට යන්න අරන් තුන්වෙනි මාසෙත් ආවා.... ඔන්න පඩි දෙන දවස එදා තමයි අපහු කට්ටිය චා ම චා උනේ කොම්පැනියෙන් කියනවා දීපු බඩු ඕඩර් එකක සල්ලි තම ඇවිත් නැති නිසා මේ මාසේ අපේ කට්ටියට මුලින්ම පඩි දෙන්නේ මාස භාගයක විතරයි බැලන්ස් පේමන්ට් එක ආපු ගමන් කරනවය කියලා....... කිරී අප්පට බල්ලෝ පැනපි කිව්වලු දැන් කට්ටියට මලේ මල 

  කට්ටිය ගියා පඩි දෙන සැක්සන් එකේ ලොක්කව හොයාගෙන.... ගිහිල්ල කිව්වා සර් මේක හරියන්නේ නෑ අපිට සම්පුර්ණ පඩිය ඕනා.... ලොක්ක කියනවා බෑ..... අපේ අය කියනවා එහෙම කොහොමද අපි මේ ඇඩ්වාන්ස් නෙවි ඉල්ලන්නේ කරපු වැඩවල සල්ලියි කියලා ...... ලොක්කා කියනවා එත් බෑ..... අපේ අය දැන් ඔන්න කතාවේ සද්දේ වැඩි කරනවා..... ලොක්කා දෙනවා එපාර වොර්නින් එකක්... 

   එකක් කිව්වට ඇත්තටම දෙකක්... එක තමයි බොලා අපි කියන විදියට වැඩ කර ගෙන හිටියේ නැත්නම් අදම අස් කරනවා ඇදලා දානවා පාරට.... අපේ අය අහනවා ඒම කොමද දෙක තමයි බයානක එක..... බොලා  වැඩිය දැගලුවොත් අල්ලලා දෙනවා ඉම්මිග්රේෂන් එකට..... අපේ අය සද්දේ වහනවා එහෙන්මම හැරිලා එනවා කෙලින්ම ගෙදර... ගන්නවා ආනන්දට කෝල් එකසිය ගානට ආනන්ද නො ආන්සර්......

  කෙන්ජියි, ලක්මාලුයි, හෙන්රියි යනවා giant එකට. දුක හා කේන්තිය සමරන්න බඩු ගෙන්න..... එතකොට තමයි ගහෙන් වැටුන මිනිහට ගොනා අනින්නේ.....  

  අල්ලගන්නවනේ තුන්දෙනව පාරේ ගිය පොලිස් කාරයෝ වගයක්.... කොනක ඉදන් චෙක් කොරනවා තුන්දෙනාගේ ෆෝන්, පර්ස් , ඔක්කොම පොලෝසියෙන් ගන්නවා ලක්මල්ගේ පර්ස් එකේ මුළු පඩි බාගෙම රිංගිට් 490ක් + හෙන්රිගේ ගත්ත බඩු වලට 100ක් අඩු වෙලා ඉතුරු 420ක් + කෙන්ජිගේ හොද වෙලාවට පර්ස් එකේ 100ක් විතරයි ඔක්කොම රිංගිට් 1010ක් සහ ලංකාවෙන් ගෙනාපු හෑන්ඩ් ෆෝන් 3යි පොලොසියෙන් අරගෙන තමයි කට්ටියව එවන්නේ 

  දැන් කොමද සැප ???... 

   දැන්නම් ඉතින් ආනන්දගේ සනුහරේම හා මාරයාගේ ලගම නෑයන්ගේ පලු ඉවරයි...... එත් ඉතින් අසරණ මාරයා කියලත් මොනවා කරන්නද .... ඔය අතරේ කට්ටිය දෙකට බෙදෙනවා හෙන්රි, ලක්මාල් හා සුදික කියනවා අපහු ලංකාවට යනවා කියලා.... ඉතුරු හතර දෙනා තව ඉදල බලමු කියනවා.... කොහොම නමුත් හෙන්රි ලග තියෙනවා ආනන්ද හදුන්වල දීලා කට්ටියගේ පාස්පෝර්ට් අරන්ගිය මැලේසියන් දෙමල ජාතිකයාගේ ටෙලිපොන් අංකය..... 

  මේ මනුස්සයාගේ නම රාම්.. පහුවදා ඉරිදා උදේම, කට්ටිය මෙයාට  කෝල් කරනවා.. කතාකරල පසුගිය දවසේ පොලිස් කතාවත් කියලා  අහනවා තමන්ගේ විසා වල තත්ත්වය..... එක පැහැදිලි කරන්න තමන්ව හම්බ වෙන්න KL සෙන්ට්‍රල් එකට මේ කට්ටියට එන්න කියනවා මේ රාම්....  

ගමන යන්නේ තුන් දෙනයි හෙන්රි, කෙන්ජි හා මාරයා ඔන්න එතැනදී තමයි මේ  
රාම්: ඔයාලගේ විසා මම සබ්මිට් කරලා තියෙන්නේ එකකට රිංගිට් 4000ක් යනවා මට මේ ඇඩ්වාන්ස් එකක් දෙනකම් බලන් හිටියේ... කෝ පොත් දීලා ගියා ගියාමයි ඔයාලගෙන් සද්දයක් වත් නැනේ 

හෙ:අපිට කිව්වේ නෑනේ අර ආනන්ද එහෙම කථාවක්.... අපිට කිව්වේ කොම්පැනියෙන් වීසා ගහලා  දෙනවය ඒකට පොත් ඔයාට දෙන්න කියලා විතරයි 

රා: කොම්පැනියක් නමට තමයි විසා එක ගහන්නේ එත් ඒකට ඔයාලා සල්ලි දෙන්න ඕනා 

කේ:ඉතින් දෙන්න කිව්වා සල්ලි අපි ඔක්කොම අර ආනන්ද කියන කෙනාට දීලනේ ආවේ එතකොට එයා ඔයාට කියක්වත් දුන්නේ නැතිද

රා:එයා ඕක සබ්මිට් කරන්න පොඩි ගානක් දුන්නා තමයි එත් එක නැතුව තමයි 4000ක් යන්නේ.... 

මා: පොඩි ගානක් කිව්වේ කියක් විතරද ??

රා: එය දීපු ගණන් මම ඔයාලත් එක්ක කියන එක හරි නැනේ 

මා: නෑ එයා කිව්වේ අපිට ඔයාට දෙන්න තියෙන ඔක්කොම ගාන දීලා ඉවරයි කියලා 

රා:මොන පිස්සුද අනේ පොත් හතටම මට දුන්නේ රිංගිට් 1000යි.... බොරුනම් දැන් කෝල් කරලා අහන්න 

හෙ:කෝල් කරාට ඒ යකා ෆෝන් එක උස්සන් නෑනේ 

රා:ඉතින් එහෙනම් ගිහිල්ල හම්බ වෙන්නකෝ 

කේ: කොහෙටද ලංකාවටද 

රා: ලංකාවේ නෙවි පුචෝන් වල මැලේසියාවේ මට ඊයෙත් හම්බ උනානේ 

හෙ:කේ:මා: හෑ හෑ හෑහෑහෑහෑහෑ 

හෙ:මිනිහා දැන් මැලේසියාවේද ?

රා: ඇයි ඔයාලා දන්නේ නැද්ද...... මම හිතුවේ ඔයාල දන්නවා ඇති කියලා 

කේ: අපිත් එක්ක ඉදල දැනට මාස තුනකට විතර කලින්නේ මිනිහ ලංකාවට ගියේ එදා ඉදන් අපි හිතන් හිටියේ ලංකාවේ කියලා 

රා:ගියේ කවද්ද නම් දන්නේ නෑ එත් දැන් සති දෙකක විතර ඉදන් මිනිහ මෙහේ 

මා: හරියටම ඉන්න තැනක් ඔයා දන්නවද.... නැත්නම් මෙහෙ ටෙලිපොන් නොම්මරයක්  

රා: පුචෝන් කියලා  දන්නවා හරියටම තැන දන්නේ නෑ .... ටෙලිපොන් නොම්මරයනම් තියෙනවා ..... එත් මම ඔයාලට දුන්න කියලා දැන ගත්තොත් ප්‍රශ්නයක් වෙයිද මන්දා 

හෙ:හරි හරි අපි කියන්නේ නෑ ඔයා දුන්න කියලා ..... කොමත් අපි කතා කරාට පස්සේ එයාට මතක් වෙන එකක් නෑ නොම්මරේ දීපු කෙනා ගැන අහන්න 

      කොහෝම හරි රාම් ගෙන් නොම්මරය ඉල්ලා ගන්න යහළුවන් අලුත් සිම් පතක්ද මිලට ගෙන ආනන්දව අමතයි .....මාරයා ආනන්ද මහත්තයව ඇමතුවත් අනෙක් දෙදෙනා කතා කරේ ලොවෙත් නැති සතෙක්ටය..... අවසානයේ ආනන්ද පොරොන්දු වෙන්නේ දින 3ක් ඇතුලත සියලු ප්‍රශ්න විසදාගෙන ඔවුන්ගේ නවාතැනට පැමිනෙන බවය.... 

   සියලු  විස්තර සමග අප්ඩේට් වන ගෙදර යහළුවන් නැවතත් වාදයකට පැටලේ 

හෙ: කව්රු ආවත් නැතත් මම ආපහු යනවා.... මමනම් ඔය යකා කියන එකක්වත් ආපහු නම් විස්වාස කරන්නේ නෑ 

න: එහෙම කියන්න එපා බන් දැන් අපි දන්නවනේ වැඩේ කරන මිනිහවත්, ඒ නිසා ආනන්දව කෙලින්ම ඒ මිනිහත් එක්ක එකටම තියලා වැඩේ කෙරෙන පිළිවෙල අහගමු 

කේ: වැඩේ කෙරෙන්නනම් ඉතින් තව ලස්ස එකහාමාරක් විතර ලංකාවෙන් ගෙන්න ගන්න වෙයි ..... නැත්නම් ඉතින් ඒ ගාන මෙහෙ හොයන කොට අපි නාකි වෙලත් ඉදියි.....

සු: මට තේරෙන්නේ නැත්තේ එන්න කලින් ආනන්ද කිව්වේ විසා  ඔක්කොම එයා කරලා දෙනවා කියලනේ..... 

ල: බොගේ මොලේ කොහෙද යකෝ තියෙන්නේ ඌ  එන්න කලින් කිව්වා ඒවායින් මොනවද අපිට කරලා තියෙන්නේ.... කියන තරමක් බොරුනේ අපට කියල තියෙන්නේ... අර පෙන්නපු ෆොටෝ වල තිබුන ෆැක්ටරි මේ මැලේසියාවේ තියෙනවද දන්නෙත් නෑ..... මට දුක අපේම එවුන්නේ යකෝ  මුන් එක්ක එකතුවෙලා අපිට කෙලියේ .....

මා: උබ එක මටද කිව්වේ 

ල: තොප්පිය හරිනම් දාගනින්.....

මා: තොගේ හිත කැත උනාට කැත කතා කියන්න එපා යකෝ ... මෙතන උබලව අමාරුවේ දාලා මම සැපට ඉන්නවා කියලද.... මමත් ඌ  කිව්වා කතාවට උබලවගේම ඌව  විස්වාස කරලා තමයි ආවේ....

ඩ්‍රැ: හරි හරි දැන් බොලා මෙතන කාකොටා ගන්න යන්න එපා... කට්ටියම එකතු වෙලා මේකෙන් ගොඩයන විදියක් බලමු 

හෙ: හරි දැන් අරු දවස් තුනකින් එනවා කිව්වනේ ඔක්කොම විසදගෙන මෙච්චර හිටියාවගේ බලමුකෝ මේ දවස් තුනත්  

     මෙවර ආනන්ද මාරයාගේ සෑම දුරකථන අමතුමකටම පිළිතුරු දුන්නත් තුන්වන දවස අවසාන වන තෙක් මොවුන් හමුවීමට පැමිණියේ නැත. නමුත් හතරවන දිනයේ වැඩකරන තැනට පැමිණෙන ආනන්ද මොවුන් පඩි ඉල්ලා රණ්ඩු කරගත් HR එකේ ලොක්කාත් සමග එකට හිද මාරයට හා හෙන්රිට එම ස්ථානයට එන ලෙස දන්වයි... එහිදී එම නිලධාරියා, ආනන්ද ඉදිරිපිට හෙන්රිට හා මාරයාට පොරොන්දු වෙන්නේ මේ මස අවසානයේදී හිග වැටුප සමග සම්පුර්ණ වැටුප ගෙවන බවයි  

ආ: ඔන්න දැන් ඔයාලගේ ප්‍රධාන ප්‍රශ්නේ විසදලා තියෙන්නේ මාසේ අන්තිමට එරියස් එකත් එක්කම පඩි හම්බ වෙයි 

හෙ: ප්‍රධාන ප්‍රශ්නේ කියන්නේ මොකද්ද මේක ඇවිල්ල අපේ අයිතිවාසිකම.... අපි මේ ඉල්ලන්නේ අපේ වැඩකරපු ඒවා වල සල්ලි.... දැන් ඔයා කියන්නකෝ අපේ විසා වලට මොකද වෙන්නේ.... අනික අපි කරන්න අපු වැඩේ මේක නෙවිනේ ... මම කියන්නේ අපිට ලංකාවේදී කිව්ව පඩිය මේක නෙවිනේ ඒ පඩිය එක්ක රස්සාව කවද්ද හම්බ වෙන්නේ 

ආ: ඕකනේ වෙලා තියෙන්නේ තමුන්ලා දැන් අයිතිවසිකමුත් කතා කරන්න අරන්... මම කිව්ව විදියට කිව්ව වෙලාවට තමුසෙලව මෙතනට ගෙනල්ල රස්සාවයි ඉන්න හිටින්නයි කන්න බොන්නයි ඔක්කොම ලැහැස්ති කරලා දුන්නනේ.... කොම්පැනියෙන් වෙලාවට පඩි නොගෙව්ව එකට මම මොකද කරන්නේ... එක තමුසෙලගෙ කරුමේ 

හෙ: එතකොට පොරොන්දු වෙච්ච පඩිය නැත්තෙත් අපේ කරුමේ නිසාද...... උබ මොකද බන් මාරයා කටවහගෙන ඉන්නේ බලන්නකෝ මෙයාගේ කතාව දැන්.....

ඒ වෙලාවේම මෙතනට කෙන්ජි හා ලක්මාල් කඩා පාත් වේ.... 

කේ: ඔය ලොකු මහත්තය ඇවිල්ල හිමිට යන්නද හැදුවේ මේ ආරංචිය ආපු ගමන්ම තමයි දුවගෙන අවේ අපිව නොබලා පිට පාරේම යයිද දන්නේ නැති නිසා 

ආ: නෑ ...නෑ මේ ඔයාලා වැඩ කරන වෙලාවේ ඔක්කොටම කතා කරන එක හොද නැති නිසා තමයි මම මේ දෙන්නට විතරක් කතා කරේ... ඔන්න ප්‍රශ්නේ විසදලා තියෙන්නේ මාසේ අන්තිමට එරියස් එකත් එක්කම පඩි හම්බ වෙයි 

ල: එතකොට අපිව පොලොසියෙන් අල්ලා ගත්ත සල්ලිත් මෙයාලා ගෙවනවද .... නැත්නම් ඔයා ගෙවනවද 

ආ: හා..... හා....හා... මෙය දැන් විහිළු කාරයෙකුත් වෙලානේ ඔන්න ඔහොම තමයි ඉන්න ඕනා.... ඔක්කොම ප්‍රශ්න එන්නේ මිනිස්සුන්ටනේ... අපරාදේ එදා ඔයාලා ඔය සල්ලි ඔක්කොම සාක්කුවල දා ගෙන ගියේ.... හොදට මතක තියා ගන්න ආයෙත් පාරේ යනකොට සාක්කුවේ රිංගිට් 50කට වැඩිය ගෙනියන්න එපා.... පොලිසියෙන් බේරෙන්න 50ක් තිබ්බනම් හොදටම ඇති 

ල: මේ සර් අපි ලංකාවේදී වත් පොලිසියට බයේ... පීචන් වෙච්ච පොරවල් නෙවි... දැන් මේ මෙහෙදී කොහෙවත් යන තම්බියන්නට් හොරෙන් යන්න වෙලා තියෙන්නේ ඔයා අපිට කිව්ව විදියට විසා වැඩේ කරලා දුන්නේ නැති නිසානේ...... නැද්ද කෙන්ජි 

ආ: නෑ  කෙන්ජි මල්ලි මම කිව්වනේ මම පටන් ගත්ත වැඩේ මමම හරියට ඉවර කරලා දෙන්නම් මම දැන් හෙන්රිටත් කියා කියා හිටියේ එක තමයි.. මේ මාසේ ඉවර වෙන්න කලින් ඔයාලගේ විසා එකේ ඉදලා  ඔක්කොම ඉවර වෙනවා බය නැතුව ඉන්න විසා එක හරිගියාට පස්සේ මෙතන නෙවි කෙලින්ම හොද තැනක අර කිව්ව පඩියට ඔයාලට වැඩ කරන්න පුළුවන් 

කේ: හරි තව දවස් 20ක් විතරනේ ඔයා  ඉන්න කියන්නේ අපි ඒ දවස් ටිකත් බලන් ඉන්නම් හැබැයි ඊට වඩා නම් තව එක දවසක් වත් ඉන්නේ නෑ.... ඔයාට අපි බොහොම වැදගත් විදියට මහත්මයා කියල කතා කරා , මම හිතනවා ඔයත් නියම මහත්තයෙක් වගේ මේ වැඩේ ලස්සනට ඉවර කරයි කියලා.... මේ ටිකත් මතක තියාගන්න මහත්තයෝ ඔයා  දැන් එක සැරයක් කරා වගේ ඕනනම් අපිට කොකා පෙන්නලා සද්ද නැතුව ලංකාවට යන්න පුළුවන්.... එහෙම උනොත් මොන දහදුක විදලා හරි තව අවරුදු 10ක් මෙහෙ හිරේ හරි ඉදල අපි ලංකාවට එනවනේ.... අන්න එදා තමයි ඔයා ජිවත් වෙන අන්තිම දවස.... 

ආ: මට එහෙම ඔයාලව අමාරුවේ දාලා යන්න ඕනනම් මම මෙහෙම අයෙත් එන්නේ නෑනේ ... මම ඇවිල්ලත් සද්ද නොකර හිටියේ වැඩේ ඉවරයක් කරලම ඇවිත් කතා කරන්න.... කොහොම උනත් දැන් ඉතින් කමක් නෑ මම වෙලාවට වැඩේ  කරලා ගේන්නම්කො....

   හැම විජ්ජාවටම වඩා හොදින් ගැලවිජ්ජාව දන්නා ආනන්ද එදා කට්ටියගෙන් සමු ගෙන ආවාය... නමුත් ආනන්ද කල්පනා කරේ, වෙන වතාවල් වලදී වගේ නොව මේ වතාවේ අහු උන කෂ්ටිය ටිකක් වස පාට බවය. එම නිසා මේ කට්ටිය එක්ක වැඩිය දගලන්නේ නැතිව මේ මාසයේ අන්තිමට නොව අව්රුද්දෙ අන්තිමට වත් සදා දිය නොහැකි වීසාවටත් ගැල විජ්ජාවක් දමා, එරියස් එක්ක හම්බ වෙන මාසේ අන්තිම පඩියෙනුත් කොටසක් තම සාක්කුවට එන ප්ලැනක් සාදා මේ චැප්ටර් එක ක්ලෝස් කරන විදියක් ගැනය 

   ඔය අතරේදී සුදික හා නලින් පාර්ට් ටයිම් ජොබ් එකක් හොයගනී එනම් ඔවුන් නැවතී සිටින නිවාස අසල ඇති වෙනත් නිවාස සංකීර්ණයක සිකියුරිටි ජොබක්ය... මුලින් මෙය ඉරිදා දිනට පමණක් වූ අතර වැඩකර අවසන් වෙනවත් සමගම (පැය 12ක සේවා මුරයකට) රිංගිට් 50ක් ගෙවනු ලැබේ.... පසුව සමහර සතියේ දින වලද වැඩට නොගිහින් මෙම සිකියුරිටි වැඩේට මොවුන් පෙළබෙන්නේ වැඩට නොගියොත් කැපෙන්නේ රිංගිට් 35ක් වන අතර මෙයින් ලැබෙන 50 නිසා අමතර 15 ගැන සිතමින්ය... 
    මේ සිකියුරිටි සේවාව කරගෙන යන මුස්ලිම් චීනා අපේ කට්ටිය සමග ඇයි හොදයි කම් පටන් ගන්නා අතර, කොම්පැනියෙන් පඩි ගෙව්වේ නැත්නම් තමාගේ සිකියුරිටි සේවයට ස්ථිරව එකතු වෙන ලෙස කට්ටියට විවුර්ත ආරධනාවක්ද කරයි..... දැන් කට්ටියට ඔප්ෂන් එකක් ඇත කෙමෙන් කෙමෙන් මාසයේ අන්තිමද කිට්ටු වේ......

  ඉතින් මාසේ අන්තිමට මොකද උනේ කියල දැනගන්න වෙන්නෙ, මාසේ අන්තිම වෙනකොට පමණි .......

එනම් ඊලග පොස්ටුවෙන්ය .............

  

67 comments:

  1. මුස්ලිම් චීනාත් අපේ සෙට් එකට අරියි වගේ.....

    ReplyDelete
    Replies
    1. ම්..... ම්...... හොඳ උපකල්පනයක් ..... එක බලන්න ඉමු නේද අරූ අයියා ඊලග පොස්ටුව එනකම්ම

      Delete
  2. මෙන්න 6 දාලා ... කියෝලා එන්නං ( සමීර )

    ReplyDelete
    Replies
    1. හරි හරි සමීර කියවලා එන්නකෝ

      Delete
  3. මුන් හැදෙන්නෙම නැද්ද කොහෙද ?

    ReplyDelete
    Replies
    1. ගිලෙන්න යන මිනිහ පිදුරුගහෙත් එල්ලෙනවලුනේ........

      Delete
  4. එල බං,පුචොන් ජස්කො එක කිට්ටුව නේද :) ?

    ReplyDelete
    Replies
    1. ටැංකුයි කෙන්ජයියා .... ඔය කියන්නේ ඒරියා එක ටක්කෙටම

      Delete
  5. මැලේසියා යන්න දඟලන එකෙකුට මම උඹේ බොග කියවන්නෙයි කිව්වා.. ඕන් යාන්තන් උගේ හිත වෙනස් වෙලා.. මේ කොච්චර ලිව්වත් තවමත් අහු වෙන උන් ඉන්නවනේ..

    ReplyDelete
    Replies
    1. අපේ සිරා කොල්ලත් ලනු කාල සිංග ආපු එකේ...
      අනිත් ගොන්නු ගැන කුමක්ද කතා....?

      Delete
    2. @මාතලන් ... බ්ලෝග කියවල එකෙක් හරි ගොඩ ගියාට සන්තෝසයි.... උව ගොඩ යැව්ව ඔයාට ස්තුතියි

      Delete
    3. @කෙන්ජයියා.... අයියෝ සිරාගෙ රෙදි ගලවල නේද ???

      Delete
  6. මුස්ලිම් චීනා නිසා කට්ටිය ගොඩ එයිද?

    ReplyDelete
    Replies
    1. බලමුකෝ ගොඩ එයිද යට යයිද කියල ඊළගට

      Delete
  7. අලුත් වටයකින් අලුත් විදියකට ඇර ගන්න වගෙ හදන්නෙ
    හය හතර

    ReplyDelete
    Replies
    1. ඔන්න පේනවනේ මොලේ තියෙන උදවිය

      Delete
  8. රාලට පින් සිද්ධ වෙන්ඩ අපේ මලයයි යාලුවෝ දෙන්නයි දැන් මැලේසියා ගමන ගැන සෑහෙන දැනුවත්.ඒජන්සියට ගිහින් contract paper,visa,embasy approval ගැන බය නැතුව කතා කරලා.බලමු තාම නම් ගාමන්ට් එකෙන් කන්ට්‍රැක්ට් පේපර් ඇවිත් නෑ.පත්තරයක පල කරන්න වටින ලිපි පෙලක්.ස්තූතිය ඔබට...

    ReplyDelete
    Replies
    1. ඒජන්සියෙන් මතක ඇතුව මේ ප්‍රශ්න 2ක අහන්න කියන්න (නිකන් බාබා පාර්ට් එකෙන්)
      1. ඔය කියල තියෙන පහසුකම් , පඩි එහෙම කොම්පැනියෙන් දුන්නේ නැත්නම් මැලේසියාවේදී අපි කාටද කියන්නේ ??
      2. එහෙම කෙනෙක් හෝ ආයතනයක් නම් කරොත් එන්න කලින්ම ඒ වගකීම බාර ගන්නවද කියලා නම් කරන කෙනාගෙන් සහතික කරගන්න ක්‍රමයක් ......

      Delete
  9. බලනකොට ලන්කාවේ පොලෝසිය හොදයිනෙ..! ඇත්තටම මැලෙසියාවෙ පොලීසිය ඔය විදිහට මහ පාරෙදි කොල්ලා කනවද රාළ..?

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් මේවා සහතික ඇත්ත මෙහෙ වැඩකරන විශේෂයෙන්ම විස නැතුව ඉන්න ඔක්කොම එක හොදින්ම දන්නවා

      Delete
  10. අර පොලිස්කාරයගේ අ------

    ReplyDelete
    Replies
    1. ඒ පොලිස් කාරයෝ හැර අනෙක් පොලිස් කාරයෝ???? එයාලත් එහෙමයි
      එතකොට ඒ පොලිස් කාරයෝ හා අනෙක් පොලිස්කරයොත් හැර ඉමිග්රේෂන් එකේ අය එයාලත් එහෙමයි
      එහෙනම් ඒ ඔක්කොටම අටමෝ......... අ......................................

      Delete
  11. මේක තනිකර අතේ රෝලක් නෙව බං. මාතලං කිව්ව වගේ මේ සිරිස් එක කියවන්න දෙන්න ඕන යන්න හිතන් ඉන්න හැම එකාටම.. සිරාවට බං මෙහෙමත් කේස්.. තනිකර බුල්ෂිට්...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔය එක ඒජන්ට් කෙනෙක්ගේ එක සිද්දියක් විතරයි...... ඇයි මේකේ විශේෂය කියල ඉදිරියේදී බලා ගන්න පුළුවන්.... එත් වැඩේ තියෙන්නේ අදටත් ඔය වගේ ඒජන්තලා කිසි කරදරයක් නැතුව ඔය විදියටම කට්ටිය මෙහෙට ගේනවා

      Delete
  12. මේ බ්ලොග් එකේ නම නම් ටිකක් බයානකයි. ඒ මොකද මේ සංකල්පය අයිති අගමැතිට.. ඔයා මේකෙන් ඒක උපහාසයට ලක් කරලා නැතත් ඒ වගෙ නමක් යොදාගෙන තියෙන නිසා ප්‍රශ්න එන්න පුළුවන්.. මෙහෙ දේශපාලනේ කොච්චර පැටලිලිද කියල දන්නවා ඇතිනෙ.. වඩාම හොඳ වෙන නමක් දාන එකයි කියල මට හිතෙන්නෙ. ටික කාලයක් තිස්සෙ මං හිතන් හිටියා මේක කියන්න. ඔයාම හිතල බලන්න. ලංකාවෙ කවුරුහරි පටන්ගත්තොත් මහින්දචින්තනඩොට් කොම් කියල මොනව වෙයිද ? ඒ වගෙ තමා මේ නම මෙහේ.

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ සරත් අයිය කියන දේ අහල අදම නම වෙනස් කරහං. නැත්තං උඹව හලාල් කරයි!

      Delete
    2. සරත් අයියේ ඇත්තටම මට හිතුනේ නැති පැත්තක් ඔයා පෙන්නුවේ...... නම වෙනස් කරන්න පුලුවන්ද කියලා බලන්න වෙනවා..... එකම හොඳ දේ වන් මැලේසිය කියල ඉංග්‍රීසියෙන් ගහල සර්ච් කරාට මගේ බ්ලෝග පෙන්නනේ නැති එක විතරයි.
      කව්රු හරි දන්නා කෙනෙක් ඉන්නවනම් මට පොඩ්ඩක් උදව් කරන්න මේ නම වෙනස් කරන වැඩේට .... මම කියන්නේ followers ලට හා සින්ඩී වලට අව්ලක් නොවන විදියට වැඩේ කරන හැටි ????

      Delete
    3. එකනේ බන් රාජ් කොන කැපුවොත් කාට කියන්නද

      Delete
    4. සරත් ගෙ කතාව මට හරියට මීටර් වුනේ නැහැනෙ.

      Delete
    5. ඉස්සරහට බලු කියලා දාපන්. එතකොට බලුවන් මැලේසියා. නම වෙනස් කරන එක ගැටළුවක් නෑ. එත් ඇඩ්රස් බාර් එකේ ගහන නම තමයි ප්‍රශ්නේ.

      Delete
    6. ඇල්බෝන් සරත් අයිය කියන්නේ ඔය වන මැලේසිය කියන නමින් මැලේසියාවේ අගමැති තුමා කරගෙන යන ව්‍යාපෘතිය ගැන ... නිකමට වගේ Google සර්ච් එකක් දාලා බලන්නකෝ වන් මැලේසියා කියලා

      Delete
    7. ඇත්තටම සුදික ඒ නමත් වරදක් නෑ තමයි

      Delete
  13. ඔය වගේ බඩ වඩාගන්නෝ මෙහෙත් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔව් කෝරලේ කට්ටිය නම් කොහෙත් ඉන්නවා ප්‍රශ්නේ තියෙන්නේ නොනවත්වාම පෝලිමේ මුන්ට අහුවෙන අයත් ඉන්න එකනේ

      Delete
  14. හපොයි මුන්ට වෙන දේවල් ...

    ReplyDelete
  15. අන්තො ජටා බහි ජටා ජටාය ජටිතො පජා...බලමු බලමු.

    ReplyDelete
    Replies
    1. කව්ද අනේ ඔයාගේ ජටාව අරන් පජාත උනේ ??

      Delete
  16. ඇඟේ මාළු ගඟේ නටන්නේ මේවා කියවගෙන යද්දී. මොනවා වුණත් අපේ කොල්ලොනේ.

    ReplyDelete
    Replies
    1. ඔය කොල්ලොත් අපේ කොල්ලොනේ කියල හිතෙන්නේ බොහොම ටික දෙනාටයි සුදික

      Delete
  17. මේ උඹේ කතාවේ චරිතවලට වෙච්ච කතාවක් විතරක් නෙවෙයි, මැලේසියාවට හොරෙන් ආපු තව හුඟ දෙනෙක්ගේ කතාව වෙච්ච එකයි බං දුක. සමහරවිට මැලේසියාවට විතරක් නෙවෙයි තවත් හුඟක් රටවල් වලට ගිය හුඟ දෙනෙකුට වෙච්ච දෙයක් නේද?

    ReplyDelete
    Replies
    1. හොරෙන් ආපු හුග දෙනෙක් කියන්නේ හෙන්රි ඇත්තටම 99%ටම ඕක තමයි වෙන්නේ..... වැඩේ කියන්නේ මෙහෙ එම්බසියෙනුත් කුඩම්මාගේ සැලකිලි මේ මිනිස්සුන්ට විසිට් විසා වලින් කියල ඇවිත් තියෙන්නේ

      Delete
  18. අපේ ගෙවල ලඟත් හොඳට කොත්තු කඩයක් දාගෙන හිටි එකෙක් එක පාරම මැලේසියා ගියා හොටෙල් එකක කිචන් එකේ හොඳ ජොබක් සෙට් උනා කියලා. සති දෙකයි ගියේ, මෙන්න මූ ආයේ ලංකාවේ. බැලින්නම් උන්ව ගෙනිහින් තඩි පාම් ඔයිල් වගාවකට අත ඇරලා තියෙන්නේ කිචන් එක වෙනුවට.

    මෙව්වා කියවන්න දෙන්න ඕනේ ඔය රට හරක්ට

    ReplyDelete
    Replies
    1. සති දෙකෙන් ආවා කියන්නේ උගේ පෙර පිනක්..... සමහර ෆාර්ම් වතු තියෙනවා කිලෝමීටර 100ක් විතර යන්න ඕන බස් යන පාරක් ලඟට එන්නත්

      Delete
  19. හයියු ,,,, අද තමයි ආවේ රාළේ ,,පරණ ලිපිත් කියෝගෙනම එන්නම්

    ReplyDelete
    Replies
    1. හානේ ඔයත් ආවද..... මහන්සි වෙලා හොයන ආවට ටැංකුයි.... හරි හරි ඉතුරුවත් කියවලම එන්නකෝ

      Delete
  20. කේල් සැන්ට්‍රල් එකෙත් ෆොටෝ දාලා තියෙන්නෙ...රාළෙ තාම මම මේ කථා 6 ම කියවලා නෑ...සති අග ඔක්කොම කියවලාම යමක් මෙතන කොටන්නම්...අර යශෝධා නංගිගෙ වැඩේට කාට කාටත් ඊ මේල් යැවූ බව මට ආරංචියි...ඒකට මගේ අක්මාවෙන්ම ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. හරි සිරෝ... මට උබ ගැන නිව්ස් එනවා වගේ දැන් මගේ නිව්සුත් උබට එනවද ???? මම ඒ වැඩේට විදින්න ඕන තැන් කීපයකටම ඊතල විද්දා.... එත් අපේ හිත උණුවෙන තරම් ඉක්මනටම යමක් කමක් කරන්න පුළුවන් එවුන්ගේ හිත උනුවෙන්නේ නැ..... බලමුකෝ තව ටිකක්

      Delete
  21. යකෝ මුස්ලිම් චීන්නුත් ඉන්නවද?.... කොහොමත් රට රස්සා ගැන හිතන්නත් බයකරා අපිව මේ රාලයා

    ReplyDelete
    Replies
    1. උබ නිකන් හිතලා බලපන් මුස්ලිම්+චීන උනාම මොනවගේ ලස්සන රුපයක්ද මැවෙන්නේ කියලා හා...හා... හා...
      ඇත්තටම රට රස්සාවල අව්ලක් නෑ මචන්... එක හොයාගන්න යන මාර්ගය තමයි හරියටම හරි වෙන්න ඕනා... මම මේ ඔක්කොම අනුන්ට වෙන කතාව ලිව්වට... මගේ රස්සාව හා ඒ නිසා මට ලැබෙන දේවල් දන්නවනම් කට්ටිය පෝලිමේ එන්නේ මැලේසියාවට (පොඩි නයෙක් ඇරියා..... ලොකු වැඩිද මන්දා )

      Delete
  22. ඔහොම යන් ලොක්කො..ටිකක් පරක්කු වුනා මේපාර පොස්ට් එක කියවන්න...

    ReplyDelete
    Replies
    1. පරක්කුම නැ මචන් තාම දවසනේ

      Delete
  23. මමත් මැලේසියා තමයි ඉන්නේ... හැබැයි හරි විදියට රට ඇවිත්, පිළිවෙලකට ජොබ් එකක් කරන්... ඔය ආනන්ද කියපු එකා මවපු ලෝකේ ඇත්තටම මෙහෙ තියෙනවා... කොම්පැණී එකෙන් ඉන්න ගෙවල් දීලා, ඒ ගෙවල් වල බිල් ගෙවලා, කන්න බොන්න විතරක් තමන්ට වියදම් කරන් ඉන්න.. හැබැයි රස්සාව අනුව ඒක වෙනස්...

    උඹලගේ සෙට් එක ගැන පට්ට දුකයි මචං... හැබැයි ඔහොම තැලිලා පොඩි වෙලා ඉන්න කට්ටිය තමයි හරියටද මැලේසියාවේ වැඩක් කරගන්නේ කොහොමද කියල දන්නේ... උදාහරනෙකට Overstay Clear කරගෙන ආපහු ලංකාවට යන්නේ කොහොමද තියලා මෙහෙ පොෂ් පොබ් කරන උන් දන්නේ නැහැ (ඇත්තටම මං දන්නෙත් නැහැ)

    මේ බ්ලොග නිකන් දෙපැත්ත කැපෙන පිහියක් වගේ... මම දන්න උනුත් මෙහෙ ඇවිත් අනාථ වෙලා ඉන්නවා... උන්ට උදව් කරන්න මෙහෙ තියෙන බංබු embassy එකට බෑ. ඔය වගේ කේස් එකක් වුණාම උන්ට උදව් කරන්න ඉන්නේ උඹලා වගේම වුන් තමයි... හැබැයි ඒ අතර අර ශ්‍යාම් වගේ වුණුත් නැතුවම නෙමෙයි...

    ලක්ෂ 3-4 ගෙවලා මෙහෙ එන අය වැඩිම 2500 තමයි පඩි ගන්නේ... දහ අතේ ණය වෙලා එන වුන් ඊට පස්සේ ඒ ණය ගෙවන්නත් ඕනි... වීසා ගහගන්නත් ඕනි... වීසා ගහන උන්ට තව ලක්ෂ 4ක් දෙන්නත් ඕනි... අනාථ නාථ ගුජරාට !!!!

    හරි හමන් ජොබක් හොයන් එන එකෙක්ට මිසක් (Professional or Skilled Workers) දන්න එකෙක්ට කියන්නේ නෑ මෙහෙ වරෙන් කියලා... Gulf Countries වලට වඩා අන්තයි මැලේසියා...

    ඔය ආනන්ද වගේ උන්ව අල්ලලා දෙන්න උඹට හිතෙන්නේ නැද්ද? මේ කමෙන්ට් එක ඇනෝ දානවට සමාවෙයන්... අපි අත් දිගට ඇඳලා A/C කාමර වල ජොබ් කළාට, මේ විදියට අසරණ වෙලා ඉන්න එකෙක් ට උදව්වක් කරන්න පුළුවන් කමක් නෑ... අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ මැලේසියාවේ නීති තදයි කියලා... හොරෙන් ඉන්න එකාට අවුරුදු 5යි... හොරෙන් ඉන්න උදව් කරපු එකාට අවුරුදු 15යි... සැප කනේ...

    දිගටම ලියපන්.. එක හුස්මට කියෙව්වා ඔක්කොම කතන්දර ටික....

    උඹත් ඉන්නේ Valid Visa එකක් නැතුව නම් ලැජ්ජාව පැත්තකට දාලා ලංතාවට යන එක තමයි හොඳම දේ... ලංකාවේ මැරුණත් සැපයි මචං...

    ReplyDelete
    Replies
    1. මේක මට වෙච්ච දෙයක් නෙවි මචෝ..... මෙහෙ සමස්තයක් දෙනාට සිදුවෙන කතාන්දරවලින් එක සත්‍ය සිද්දියක් .... අන්තිමට ආනන්දට වුනේ මොකද්ද කියලා කතාව අවසානයේදී උබලාට දැන ගත්තැකි.... ඔය මාරයා හා ඩ්රැකි කියන චරිත 2ක අදටත් මෙහෙ ඉන්නවා......

      Delete
    2. අන්න මලේ රාලයා ගොන් රිප්ලයි එකක් දාලා. යකෝ මැට්ටෝ මෙහෙම කිව්වම කතාවේ තියෙන කුතුහලය යනවනේ. වහාම මකපන් උඹේ මේ රිප්ලයි කොමෙන්ටුව. කතාවේ මෙච්චර කල තිබ්බ ගතිය කෑවනේ උඹ මේ කොමෙන්ටු රිප්ලයි එකෙන් .
      (උඹට බැනල වැඩකුත් නෑ මමනේ හරකා වගේ එක කියෙව්වේ)

      Delete
    3. හරි, ඉවාන් වැඩේ කෑවා..... :D

      Delete
    4. මට දැක්ක ගමන් හිතුනා.රාළයා කෑවා. දැන් තොපි ඔක්කොම බෙදාගෙන කනවා. මාත් ආවා දන්සලට

      Delete
    5. උබලා කලබල වෙලා බන් උන් මෙහෙ ඉන්නවා කිව්වට ඉන්නේ කොහෙද ... කොහොමද කියල බලල ගන්න වෙන්නේ කතාවේ අන්තිමටම තමයි

      Delete
  24. හප්පේ අද නේ බ්ලොග් එක දැක්කේ...

    මමත් ගියා 2008 දි. දෙවෙනි පාරට ආපහු ගිය අවුරුද්දේ ආවා... දැනටත් මෙහෙ ඉන්නේ...

    මැලේසියා එන ගොඩක් අයගේ කථාන්දරේ මේක තමයි... එළ එළ... දිගටම ලියපන් මැලේ රාළ... ජය !!!

    ReplyDelete
    Replies
    1. Anjana math meka balanna gatta ban.sirawatama malaysia ena eunta watina blog ekak.Ravi(gurukula)

      Delete
  25. ටැංකුයි ලොක්කා ..... දෙවැනි පාරටත් ආවනම් උබ ලොක්කෙක්ම වෙන්න ඕනා

    ReplyDelete
    Replies
    1. අනේ නෑ බං.. පොඩි IT Job එකක් කරන් ඉන්නවා... ආනන්දට වෙච්ච කතන්දරේ ඉක්මනට දාපන්... :)

      Delete
    2. මේ වීක් එන්ඩ් එකේ ලියන්න තමයි ඉන්නේ.....

      Delete
  26. හ්ම්ම්............ඉතිං ඊට පස්සේ?

    ReplyDelete
    Replies
    1. ඊට පස්සේ මොකද උනේ දන්නවද ඔයා.....
      ඊට පස්සේ සිද්දවෙච්ච කතන්දරේ ....
      ලියනවා මන් ...... බලන් ඉන්න දැන්

      Delete