මම S. L. මැලේ රාළ

මම ලංකාවේ පොරක් මැලේසියාවේ ජොබක් කරන.... මට මේක ලියන්න හිතුනේ අනික් බ්ලොග් කියවල ඒවා දැක්කම මෙහෙවෙන දේවල් අනික් කට්ටියටත් දැන කියාගන්න කියල තමයි .

අවූරුදු ගානක් තිස්සේ මෙහෙ ඉදන් අහපු දැකපු, සිද්ද උන හා දැනටත් සිද්දවෙමින් පවතින දේවල් තමයි මම ඔයාලට කියන්න යන්නේ ඕන්.....

Thursday 3 October 2013

කවුද වැරදි ???? 5


පසුගිය කොටස්වලට පාර 

පලමු කොටස

දෙවන කොටස 

තුන්වන කොටස

හතරවන කොටස


පස්වන කොටස "මැලේසියන් සන්නිය "

  එක්දහස් එකක් (= දහසකුත් එකක්) බලාපොරොත්තු සමග මැලේසියා යන්න එන මේ නඩය මුලින්ම ලංකාවේ එයාර්පොර්ට් එකේදී තමයි සන්නිය පටන් ගන්නේ..... ඒ විදේශ සේවා කාර්යයන්ශයට අදාළ ස්ථානය පහු කරනවාත් සමගම එහි සිටි නිලධාරිනියක් මුලින්ම ගිය මාරයාගෙන් හා හෙන්රිගෙන් පාස්පෝර්ට් ඉල්ලා සිටිය අවස්ථාවේදීයි. 

   කලින් ආනන්ද විසින් ඉතාමත්ම තදින් මෙම අවස්ථාවට මුහුණ දීමට කෂ්ටිය පුහුණු කරලා තිබ්බ නිසා ඉතාමත් සාර්ථකව මේ අවස්ථාවේදී අපේ අය එතැනට මුහුණ දෙන්නේ, අදාළ කාර්යාංශයේ අයටත් පාඩමක් ඉගෙනීමට අවස්ථාව සලසමිනි. ඒ මන්ද යත් බොහෝ විට එම කාර්යාංශයේ අය සිතා සිටින්නේ විදේශ රැකියා වලට යන අය තමන්ට කප්පම් ගෙවන බඩගැත්තරයන් පිරිසක් කියාය. 

  අපේ කට්ටිය visit visa සහිතව සංචාරකයින් හැටියට මෙම අවස්ථාවට මුහුණ දෙන්නේ ආනන්දගේද උපදෙස් පරිදි තමන් සංචාරකයින් බවට හඟවමින් අර පොත් පරික්ෂාවට පැමිණි අයට ලුණු ඇබුල් ඇතිව දෙසාබාමින්ය... පලමු කඩඉම මෙසේ සාර්ථකව පසුකරන කෂ්ටිය ඊළගට මැලේසියාවේ ආගමන අංශයෙන්ද  හෙන්රිගේ හා ආනන්දගේ මැදිහත් වීමෙන් ජාමේ බේරාගෙන රට තුලට පැනවදී. 

   දැන් ඇරබෙන්නේ ආනන්දගේ කෙබර පුජාව හා ඒ තාලයට නටන අපේ අයගේ සන්නි නැටුමය. පළමුව නගරයෙන් කිලෝමීටර 10ක් පමණ දුරින් පිහිටි ශ්‍රි මුදා  නම් උප නගරයක තට්ටු නිවාස සංකීරණයක නිවසක් ආනන්දගේ හිතවතෙකු විසින් මොවුන් සදහා කුළියට ගෙන තිබු අතර පළමු රැය එහි ගත කරයි. දෙවන දිනයේදී ඒ ළගම ඇති giant සුපර් මර්කට්ටුවකට  පිරිස අරන් යන ආනන්ද ගෙදර උයන්න උවමනා මුලික බඩු බාහිර ආදිය තම මුදලින් අරන් දෙයි (තම මුදල් කිව්වට ලංකාවේදී මෙයාලගෙන්ම අර ගත්ත සල්ලි) 






   ඉන් පසුව අනුමත වීමට අදාල බඩු  බාහිර ආදියද මිලට ගන්නා  මොවුන් නැවත තම නිවසට පැමිණ තමන්ම කෑම උයාගෙන, රෑට  කරටි කැඩේනකම් අනුමත වෙවි, පුල් ආතල් එකේ, හරියට ඇත්තටම ට්‍රිප් එකක් ආවා වගේ ඉන්නවා ....... ඔහොම සතියක් විතර යනවා .... සමහර දවස් වලට කට්ටිය නැගිටින්නත් කලින් ( ඒ කියන්නේ දවල් 12 ටත් කලින්) ආනන්ද එලියට ගිහින් හවස එන්නේ අර උවමනා බෝතල් 2ක 3යි කරුමන්තෙට බයිට් හදාගන්න ඕන දේවලුයි අරගෙන..... 

     කොහොම හරි  සතියක් විතර ගියාට පස්සේ යාළුවෝ ටික ගෙදර පොඩි කතාවකට සැට් වෙනවා 

සු:දැන් බන් අපි ඇවිල්ලා  සතියක් උනා... මොකද මේ වෙන්නේ

න:ඇත්තටම මටත් ඕක හිතුනා කවද්ද බන් අපි වැඩට යන්නේ මෙහෙම දවල් 12 වෙනකම් නිදාගෙන ඊටපස්සේ නැගිටලා මුණ කට සෝදාගෙන උදේටද දවල්ටද මන්දන්නැ උයාගෙන කාලා, බීලා ඉවර වෙනකොට හවස 3යි..... ඊට පස්සේ පහ, හය වෙනකොට බෝතල් ටික එනවා.... උගුඩුවො වගේ රෑ  වෙනකම් එක බොනවා.....  රැට ආයෙත් කෑවද නැද්ද කියල මතකත් නැ ආයෙත් හෙට දවල් වෙනකම් නිදියනවා  

ඩ්‍රැ:ඇයි මගේ අප්පොච්චියේ මග තව කැලි අඩුයි නේ 3ට කාලා ඉවර වෙලා සමහරු දොරලග මුර කරනවා ඉස්සරහ ගෙදර චයිනා අක්කා එලියට එනවද බලන්න (යකෝ ඇවිල්ල සතියෙන් මුන් සහෝදරියොත් හොයාගෙනනේ) තව සමහරු පාරේ යන මැලිච්චියෝ දිහා බලාගෙන බැල්කනියෙන් පනින්න යනවා....... අර රෑට කනවද නැද්ද දන්නැ කිව්වට, දවල්ට කෑවට පස්සේ ඉතුරුවෙන කිසිම දෙයක් පහුවදා උදේටනම් නෑ.... කන පිගන් ටික කෙසේ වෙතත් කෑම තිබුන හැලිවලන් ටිකනම් හෝදලා වගේ තමයි උදේට තියෙන්නේ.....

මා: නැ කොහොම උනත් බොලගේ කතාව හරි අද අපි ආනන්දගෙන් අහමු මොකද වෙන්නේ කියලා 

ල: යකෝ දෙනදෙයක් කාලා වෙනදෙයක් බලාන ඉන්නේ නැතුව බොලා  මේවා අහල ඒ රත්තරන් මහත්තයාගේ හිත නරක් කොරනවා එහෙම නෙවෙයි ඕන් 

සු: මූට ඉතින් බෝතලයක් ගෙනත් දුන්නම තබක්කෙත් රත්තරන් වෙනවනේ 

හෙ:මේ මොන බිමක්ද බන් මොකද අපි ලංකාවේ නොබී හිටිය කියලදැයි. මමත් කියන්නේ දැන්නම් කලේ හරි තමයි ලොක්කාගෙන් අහන්න මොකද වෙන්නේ කියලා 

කෙ: ඔව් ඔව් බීම ගැන කියනවනම් මේ බෝතලේ විස්කි කියල ගහල තිබ්බට අපේ ලංකාවේ ගල් බෝතල් කාලක් තරම් වත් වටින්නෑ. ඒ නිසා බලන් හිටිය ඇති අදම උබල කව්රු හරි අහපන් මෙයාගෙන් මොකද වෙන්නේ කියලා....... මෙයා නිකන් රොන් ටෝක් දෙන්න අවොත්,,, ප්‍රශ්න කරන ටික මම බලා ගන්නම්......   

න:අනේ කෙන්ජි පින් සිද්ද වෙයි උබ ලංකාවේ නැටිලි ටික එහෙටම තියල සද්ද නැතුව ඉදපන්...... අහන්න ඕන ඒවා මේ මාරයා මල්ලියා අහල හිමිට අපිට කියයි..... 

ල: ඒකනේ බන් ඒ මහත්තය අපිව ප්ලේන් එකේ නග්ගගෙන මෙහෙටත් ගෙනල්ලා  මේ සතියක් පුරා අම්මා තාත්තා වගේ කන්න බොන්න දීල බලාගන්න එකේ ඉක්මනටම රස්සාවේ වැඩෙත් කරලා දෙයි....

සු:ඉතින් එක තමයි බන් මමත් කියන්නේ අපි සල්ලි දීලනේ ආවේ... එහෙව් එකේ පොඩ්ඩක් අහලා බලමු කවදද අපි හරියටම රස්සාව පටන් ගන්නේ කියලා 
  
මා: හරි හරි උබල කව්රුත් කලබල වෙන්න ඕන නෑ අද රෑ  ට මම එක අහලා උබලට කියන්නම් 

කෙ: හරි හරි උබ අහපන්.... උත්තර ප්‍රමාදයි වගේනම්,,,  එහෙමත් නැත්නම් උත්තරේ පැහැදිලි නැත්නම්,,,  මට කියපන් රැට සප්පායම් උනාට පස්සේ මම අහන්නම් 

   මෙසේ කථාව අවසන් කරන මිතුරෝ සවස නැවතත් ආනන්ද රැගෙන ආ බෝතලය වටේ ඉද ගනියි..... නමුත් මාරයා ආනන්දගේ කාමරයේ ඔහුත් සමග කතාවක්ය  

මා: දැන් සර් අපි මෙහෙ ඇවිල්ල සතියකුත් ඉවර උනානේ.... ඉතින් කට්ටිය අහනවා කවදද අපි රස්සාව පටන් ගන්නේ කියලා 

ආ:ඔව් ඔව් එක ඇත්ත මමත් මේ කට්ටියට අද හෙටම මේ ගැන කතා කරන්න තමයි හිටියේ යමුකෝ කට්ටිය ඉන්න තැනට ඔක්කොටම එක සැරේම විස්තරේ කියන්න 

මා: මෙන්න ආනන්ද සර්ට කට්ටියට කතා කරන්න ඕනලු .....

ආ:ඔන්න දැන් මම මේ දවස්ටිකෙම ගියේ මේ ඔයාලගේ රස්සාවට යන වැඩේ සැට් කරගන්න තමයි..... එත් එතන පොඩි ප්‍රශ්නයක් දෙකක් තියෙනවා මම මේ බලන්නේ කොහොම හරි එකත් ගොඩ දාලම ඔයාලව එතනට හේත්තු කරවන්න 

කෙ: මේ... ප්‍රශ්නයක් කිව්වේ සර් අපේ පැත්තෙන් තියෙන කේස් එකක්ද..... මම අහන්නේ අපිට මුකුත් දෙයක් කරන්න ඕනිනම් කියන්න සර් 

ආ:ඔයලා එහෙම අහන නිසා මම කියන්නම්, දැන් මම අර කිව්ව කොම්පැනියට ඔයාලව ගන්න උන් පළපුරුද්ද සදහන් කරලා සහතිකයක් ඉල්ලනවා 

න:ඒ මොකද සර් ඒ අපිව ගන්නවා කිව්වේ මුලින්ම ට්‍රේනින් කරලා නේද? පළපුරුද්දක් තිබ්බනම් මොකටද ට්‍රේනින් එකක් 

ආ: දැන් මේකනේ ඔයාලට ඔය ජොබ් එක හම්බ උනා කියන්නේ හරියට ඔයාල කැම්පස් ගිහිල්ලා උපාධියක් ගත්තා වගේ තමයි. එත කොට ඔය ට්‍රේනින් එක කියන්නේ හරියට කැම්පස් යන්න කලින් ඒ ලෙවල් ලියනවා වගේ වැඩක්..... තව පැහැදිලි කරනවානම් මම ඔයාලව ගෙනාවේ කෙලින්ම මේ කොම්පැනියට දාන්න  ඒ, ඒ ලෙවල් කරන මට්ටමට ඊට පස්සේ මාස හයකින් විතර ට්‍රේනින් එක ඉවරයි කෙලින්ම කැම්පස් උපාධියත් එක්කම (මු හිතාන ඉන්නේ කැම්පස් ගියා කියන්නේ කෙලින්ම උපාධිය හම්බුනා කියල තමයි ) 

හෙ:ඉතින් සර් එහෙනම් ප්‍රශ්නයක් නැනේ අපිව මුලින්ම ට්‍රේනින් එකට දාන්න.... ඒ කියන්නේ ඒ ලෙවල් වලට අපි ඉතින් දන්නා ශිල්ප පෙන්නලා මාස හයෙන් කොම හරි කැම්පස් මට්ටමට එන්නම්.....

ආ: ඒ කට තමයි මමත් මේ ට්‍රයි කරන්නේ.... එත් ඉතින් ඒ ලේවලුත් නිකන්ම කරන්න බැනේ එකට ඕන නේ  ඕ ලෙවල් සහතිකේ... ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ...... මේගොල්ලෝ දැන් කියනවා ඒ ලෙවල් මට්ටමේ ට්‍රේනින් එක දෙන්නනම් ඕ ලෙවල් මට්ටමේ සුදුසු කමවත් පෙන්නන්න කියලා 

ඩ්‍රැ: අප්පටසිරි සුමනසිරි කිව්වලු දැන් මොකද සර් කරන්නේ 

ආ: කලබල වෙන්න හේතුවක් නැ මම මේ චීන ලොක්කත් එක්ක කතා කරකර ඉන්නේ කොම හරි එතනම වැඩට දාන්න..... නැත්නම් ඉතින් අර ඕ  ලෙවල් මට්ටමේ පළපුරුද්දක් ගන්න පුළුවන් තැනක මාස 3ක් විතර වැඩ කරලා කෙලින්ම මෙතනට සෙට් වෙන්නයි තියෙන්නේ..... එත කොට ඕ ලෙවල් සහතිකේ හරි ඊළගට ඒ ලෙවල් ඊළගට උපාධිය .....

සු:ඉතින් සර් එහෙනම් ඔය චීනුන්ට වැඳ වැඳ  ඉන්නේ නැතුව අපි කෙලින්ම එහෙම කරමුකෝ...... නැද්ද මචන්ලා.... එහෙම උනොත් අපිට ඉක්මනටම රස්සාවට යන්න පුළුවන්නේ 

හෙ:ඔව් ඉතින් ඒ අදහසත් නරකම නෑ 

ආ: නෑ නෑ නෑ එකට කලබල වෙන්න එපා ඉස්සෙල්ල අපි ට්‍රයි කරමු කොම හරි කෙලින්ම මේ කොම්පැනියට යන්න.... මොකද අරම කරන්න ගියොත් පොඩි පොඩි වෙන වෙන ප්‍රශ්න ටිකක් තියෙනවා......

මා: ඒ මොනාද සර් ඒ ප්‍රශ්න 

ආ: නෑ මේ දැන් ඒ කොම්පැනිවලට එහෙම පුහුණුවට වගේ යනවනම් ඇතුලත්වීමේ ගාස්තුවක් ගෙවන්න ඕන rm 1000ක විතර ඒ කියන්නේ usd 350ක් විතර ..... ඒ ඇරෙන්න පඩිය ot ත් එක්කම 1500ක් විතර තමයි වැඩිම ගන්න පුළුවන් 

හෙ:අපෝ එහෙනම් කොම හරි අර මුලින් කොම්පනියෙ වැඩේම තමයි ට්‍රයි කරන්න ඕන 

ආ:ඔව් ඔව් එක තමයි මමත් කියන්නේ ඔයාල ඉන්නකෝ තව ටික දවසක් කොම හරි මම මොකක් හරි ගැටයක් ගහන්න...... උයන්න ඕන එළවලු බඩු එහෙම මුකුත් අඩු පාඩු නැනේද ළමයිනේ..... එහෙනම් විදුරු ටික ගෙනවානම්......

   ඒ කතාව එතනින් අවසන් උනත් ඔය විදියටම තව සති 2කකුත් දින කීපයක් ගත වේ දැන්නම් කට්ටියට මේ ජීවිතය ඇති වෙලාය. හැමෝම අවසන් මොහොතේ එක එක අයට ණය වී ගෙන ආ ෂෝ මනි වලින් 350 ගැනේ ගෙවා අර පුහුණු කිරීමේ රැකියාවටවත් යෑමට කතිකා වේ 

 ඒ අනුව ආනන්ද විසින් දින 30කට මොවුන්ට ලබාදී තිබු සංචාරක විසා  එක තවත් දින 30කට දිගුකරගෙන එන්නේ තමන්ගේ වියදමෙන් බව පවසමිනි (මෙය මැලේසියන් රජය විසින් නොමිලේ දෙන සේවාවකි) ඉන් පසු දැනට සිටින නිවසේ සිට මද දුරකින් ඇති තහඩු ෂිට් නවමින් නොයෙක් ප්‍රමාණයේ රවුම් හා හතරැස් බට හදන කම්හලක කෂ්ටිය රැකියාව අරභයි...


     උදෑසන හතට පටන් ගෙන හවස හත දක්වා පුරා පැය 12ක් එක දිගට යකඩ හා ගැටෙමින් සම්පුර්ණ මාසයක් සේවයේ යෙදෙන මේ මිතුරන්ට දවල් තරු පෙනෙන්නේ වැටුප අතට ගත් දිනයේය... මන්ද පැය 12 බැගින් මාසයක් එකම නිවාඩුවක් වත් නොගෙන වැඩකළ මොවුන්ගේ සම්පුර්ණ වැටුප යන්තම් රිංගිට් 1000 පැන්නුවා පමණි (රුපියල් 40,000ක් පමණ)
    
    මේ වෙනකොට ආනන්ද නැවත ලංකාවට ගොසින්ය නමුත් දුරකතනයෙන් සම්බන්ද වෙන මොහු පවසන්නේ තමන් නැවත කීප දිනකින් පැමිනෙන බවත් ඒ ආ විගස ඔය සියලු ප්‍රශ්න විසදන බවත්ය...          
     මේ වන විට ආනන්ද විසින් හදුන්වාදුන් පුද්ගලයෙකුට සංචාරක විසා ඉවර වෙමින් පවතින පාස්පෝර්ට් ලබා දෙන්නේ වලංගු සේවා විසා එකක් (work Permit) සාදා ගැනීම සදහාය...

    නමුත් වැඩකරන තැන අනෙක් අය සමග කල කතා බහෙන් කට්ටියට වැටහී ඇත්තේ අර කිව්ව පුහුණුවක් මෙතන ලබා නොදෙන අතර ඇතුළුවීමේ ගාස්තුවක්ද අය නොකරන බවයි..... නමුත් සේවකයන් 7 දෙනෙක් ආයතනයට ලබා දුන්නාට මෙම ආයතනයෙන් කපුකම කරන ලද තැනැත්තාටද හොද  ගානක් ගෙවා ඇති බවත් මොවුන්ට දැන ගන්න ලැබේ. 

    දැන් කාවද විස්වාස කරන්නේ ????

    ඔය කියන විදියට ආනන්ද නැවත එයිද ??????

    ඒ ආවත් මේ ප්‍රශ්න ටික ට සාර්ථක විසදුම් ලබා දෙයිද ????

ඊලග පොස්ටුවෙන් ....................

එකනම් ඉක්මනට දානවෝ 

56 comments:

  1. ලංකාවේ වගේ ආතල් එකේ, නිකං ඉන්නවට වෙන රටවල පඩි ගෙවන්නේ නැති විත්තිය නම් පැය 12 ක් වැඩ කරලා රු 40,000 හම්බ වෙන කොට මේ ගොල්ලන්ට තේරුම් යන්න ඇති..ඒකත් කොච්චර වට්න් පාඩමක්ද? නැද්ද මං අහන්නේ

    ReplyDelete
    Replies
    1. ඔය කට්ට ඇත්තටම අපේ ලංකාවේ ගොඩක් අයට කන්න බෑ බන්..... සමහර බන්ගලියෝ ඉන්නවා එක දිගට පැය 16ක් වැඩ කරන සතියේ දවස් 7ම.....විස්වාස කරනවද ?

      Delete
  2. යකෝ මෙහෙමත් ඇන්දිල්ලක්...මේ විදියට මාට්ටු වුණු එවුන් කී දෙනෙක් නම් ඇතිද?

    ReplyDelete
    Replies
    1. එම්බසියේන්නම් කියන්නේ හාර පන්සීයයි කියලා මම හිතනවා දැන් ඉන්නවා 4000කට වැඩිය රජයේ අනුමත රැකියා ඒජන්සි වලින් අන්දලා එන අයත් එක්ක ගත්තොත් 10,000ත් පැනලා

      Delete
    2. //රජයේ අනුමත රැකියා ඒජන්සි වලින් අන්දලා එන අයත් එක්ක ගත්තොත් 10,000ත් පැනලා //
      අම්මට හුඩු එහෙමත් වෙනවද බං? :|

      Delete
    3. ඔව් බන් දැන් මෙහෙ අලුත්ම කේස් එක අනුමටැහැ රකිය ඒජන්සිවලින් ඇවිත් චාටර් වෙන එක ඒ ගැන මම වනම පොට්ටුවක් ගේනවා ඉස්සරහට

      Delete
  3. මේ පිරිස ගැන දුකක් මෙන්ම කේන්තියක් ද ඇතිවේ.

    ReplyDelete
    Replies
    1. රට ගය නිසා මුන්ගේ මොලය අදුරෙන් වැහිලා තියෙන්නේ කකෝ....... එකනේ බෝට්ටුවල නැගල බයක් හැකක් නැතුව ඔයාලව බලන්නත් එන්නේ .....

      Delete
  4. මේකේ ආනන්දය ටිකක් හොදයිනෙ.
    රටට ගෙනල්ල දවසෙන් නන්න කරන එවුනුත් ඉන්නවා නේද සිංග/මැලේ වල.
    බොලා ශ්‍රී මුදා ද ඉන්නෙ?
    giant දැන් Cold Storage කියල නම වෙනස් කරල නේද?

    ReplyDelete
    Replies
    1. ඇයි කට්ටිය ලග තියෙන ෂෝ මනි ටිකට විදින්නයි , මින්ටිකව කොම්පනිකරයෙක්ට සල්ලි ටික ගන්නයි තමයි ඔය ආදරෙන් බලා ගත්තේ මුල් දවස් ටිකේ.....
      ඔව් ඔව් මුන් ටික මුලින් හිටියේ ශ්‍රී මුදා තමයි..
      giant තාමත් giant මැයි......Cold Storage කියලා නම ගෙන ඉන්නේ carrefour එකේ කොටසක් ගත්ත කට්ටිය කියල තමයි ආරංචිය

      Delete
    2. අඩෝ මැලය,giant ල Cold Storage කරල ගොඩක් කල්,
      carrefour ල AEON BiC කියල අලුතින් නම වෙනස් කලා.
      මගේ ශෙයාස් තියෙන ඒවල විස්තර හරියට දීපන් බං.
      චාටර් වෙච්ච්ච ඇනෝ කෙනෙක් දැක්කොත් මල මගුලයි.

      Delete
    3. ලග හිටිය චීනාගෙන් අහල බන් දැන්මේ........ උ කියනවා Cold Storageඑකෙන් රන් කරපු Binthang Binthang කියන සුපර් මාර්කට් චෙන් එක ,giant එකෙන් ගත්තලු....
      අපි සාමාන්‍යයෙන් යන්නේ Puchong සහ Kinrara giant වලට එවා වලනම් Cold Storage කතාවක් ගහල නෑ ලොක්කෝ.....carrefour එකෙත් සමහර outlet විතරලු AEON BIG එකෙන් අරන් තියෙන්නේ ඉතුරුවා Cold Storage ඒ කියන්නේ giant එකෙනම ගත්ත කියල තමයි මු කියන්නේ ..... ඉන්නකෝ මම වෙලාවක ගුගල් දෙයියාගෙන් අහල කියන්න
      අනේ මේ ඔය ඇනෝ ලට චු කරලා නිදා ගන්න කියන්න අනේ

      Delete
  5. කොහොමත් ඉතිං ලංකාවේ අයියලට අන්දන්නද බැරි... ඒකටම හරියන්න ඇදගන්න අයත් ඉන්නවනේ මදි නොකියන්න... හි හි...

    ReplyDelete
    Replies
    1. ඕකට තමයි කියන්නේ කරත්තෙත් අපේ, ගොනත් අපේ, කියලා

      Delete
  6. ඔය තියෙන්නෙ...තවත් මොනවද...ඇත්ත කථාව සහසුද්දෙන්ම ලියන එකට මම මනාපයි ගොයියො...මේවා මෙච්චර කියලත් තව දුරටත් ඇදගෙන නාගන්න ලංකාවෙ රට ගොන්නු ඉන්න එක ගැන තමයි ඉතිං කණගාටුව...

    ReplyDelete
    Replies
    1. උබටත් මේ වගේ මොනවා හරි සන්තැසියක් උනානම් මට ඊතලයක් දාපන්...... මම උබේ නම නැතුව මාතලන් කියලා හරි දාලා කතාවට පබ්ලිසිටිය දෙන්නම්

      Delete
    2. වෙලාවක හමුවෙලාම කථා කරමු...කේල් වලම නම් ඉන්නෙ...ඊයකුත් එවන්නම්...

      Delete
    3. හැබැයි උඹත් මෙහෙ ඉන්න නිසා මව හැබහට දැනගෙන ඉන්නවට වඩා නොදැන ඉන්න එක උබේ සරීර සෞක්යට හොදයි පුතෝ....... එත් ඔනවෙලාවක ඊතල එවපන් මචෝ

      Delete
  7. උදේ පාන්දරම ලේ කෝප වෙනවා බං.

    ReplyDelete
    Replies
    1. සොරි වෙන්න ඕනා .... ඒ උනාට ගොතාපු කතාවක් නොවෙයි අයියන්ඩි ..... සහ සුද්දෙන්ම වෙච්ච දේ නොවැ

      Delete
    2. මුන්ට ඔය සල්ලි යා දෙනවද බන්?

      Delete
    3. කවදාවත් නැ අරූ....... අන්තිමට පොලියත් එක්ක තමයි ගෙවන්න වෙන්නේ..... ඔය ඕන එකක් අටලොදහම ඇතුලේ තමයි කැරකෙන්නේ

      Delete
  8. හරිම කනගාටුයි මේ වගේ යක්කු ගැන..

    ReplyDelete
    Replies
    1. කණගාටුම හිතෙන කොටස කියවෙන්නේ ඊලග පොස්ටුවේදී ඔන්න බලන්නකෝ

      Delete
  9. පට්ට පට පට.මාරම ආතල් සීන් එකක්..ඔහොම යන් ඔහොම යන්

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම තමයි ඉන්න ඕනා නැව ගිලුනත් බැන් චුන්

      Delete
  10. උඹ මචං අනුර හොරේෂස් ගෙන් පස්සේ දැකපු එලම බුවා .

    ReplyDelete
    Replies
    1. ටැංකුයි මගේ වන් ඇන්ඩ් ඔන්ලි රුසියානු යහළුවේ......

      Delete
  11. ඔය මැලේ ගිහින් අමාරුවේ වැටෙන හැමෝටම උන් රට එක්ක යන එකා අමාරුවේ වැටෙන්න කලින් පනවගේ විස්වාසයි. දවසක් අපේ පාසලේ සිටිය යාලුවෙක් කොලබදී හමුවුනා ඌ කියුවා මචන් හෙට මම රට යනවා කියලා. මම සුබපතලා ඇහුවා කොහෙද මොනවටද කියලා. ඉතින් පොර කියුවා යන්නේ මැලේසියා කොම්පුටර් වල වැඩ කරන්න තියෙන්නේ කියලා. මම මැලේසියා කතා අහලා තිබුන නිසා ඇහුවා කවුරු මර්ගෙන්ද යන්නේ කියලා. එතකොට කියුවා යාලුවෙක්ගේ මාමා කෙනෙක් සෙට් කරන්නේ යාලුවත් යනවා කියලා. යන්න වියදම ලක්ෂ දෙකක් යනවා මාසෙට 90000 ක් පඩි කියලා. මම කියුවා යන්න කලින සොයලා යන්න කියලා. පොරගිහින් මාස 10 කින් වගේ අවේ හොඳටම අමාරුවේ වැටිලා ගෙදර අය ණයකාරයෝ කරලා

    ReplyDelete
    Replies
    1. ඔය එක්ක යන එවුන් දෙන ටෝකටනේ බන් අහු වෙන්නේ....... උදේට ගෙදරින් හදල දෙන බත්මුල දවල් වෙද්දී මැලේසියාවට ගිහින් දෙන්නම් කියලනේ කියන්නේ ....
      IT පැත්තට වෙන්න හොද ජොබ් තියෙනවා එත් හරි අමාරුයි රිංගන්න........ ලංකාවේදීම job visa එකක් නැතුව එනවා කියන්නේ අනිවා ලෙඩක් තමයි

      Delete
  12. Replies
    1. කියන්න දෙයක් ඇත්තෙම නැද්ද අනේ

      Delete
  13. Replies
    1. ම්ම්ම්........................................................................

      Delete
  14. හරිනෙ ඉතින් ගොන්නුන්ට බර අදින්න දිල

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා.... ඇදපන් ගොනෝ හපුතල් යනවා........ කියල දැන් ඉතින් අදින්නයි තියෙන්නේ

      Delete
  15. අප්පටසිරි සුමනසිරි කිව්වලු...

    ReplyDelete
    Replies
    1. ඇයි අමරසිරි....... සෝමසිරි..... එතකොට දයාසිරි....

      Delete
  16. අඩුම ගානේ මුංව මැලේෂියාවට එක්ක හරි ගිහිල්ලනේ. මම හිතුවේ ලංකාවෙදිම සල්ලි ටිකත් අරන් පනී කියලා. මේ වගේ වංචාවල් හැත්තෑ නවය වගේ කාලවලත් වුනා බං. රට යවන්න මිනිස්සුන්ගෙන් සල්ලි අරන් පනින වුන් ඕනේ තරම්. මම කල්පනා කරන්නේ, මේකෙන් තාවකාලිකව කීයක් හරි හොයාගත්තට ඊට පස්සෙ තමන්ට ඕනේ තැනක ගිහින් ඔලුව කෙලින් තියාගෙන , හැංගෙන්නේ නැතුව ඉන්න තියෙන නිදහස තමන් විසින්ම නැතිකරගන්නවා නේද කියලා.

    ReplyDelete
    Replies
    1. ඔය සල්ලි ගන්න ගොඩක් එවුන් හැංගිලා ඉන්නේ නැ බන්..... උන්ට උපතින්ම ලජ්ජා බය නහර පිහිටලා නැ .... ඒ නිසා එක එක ජාතියේ බොරු කිය කිය, බොරු කර කර අපිත් එක්ක අපේ සමාජයේම උනුත් ඉන්නවා

      Delete
    2. ඇයි බං දැනුත් වෙන්නේ කන්ගරුවෝ බලන්න යවනවා කියල
      මුහුදෙන් යන එව්වෝ නම් කමක් නැහැ කියමුකෝ,උන් කොහොම හරි කියපු වැඩේ කොරනවනේ. එත් උඩින් යන එව්වෝ හෙනම පක්කලි වැඩ නෙ කරන්නෙ

      Delete
  17. මන් මේ සීරියස් එකම කියවන් එනම ගමන් ... මේ අතරට වෙන කතාවකුත් ලියමු....

    ReplyDelete
    Replies
    1. ඔව් සහන් මමත් එක හිතුවා...... මම ඊළගට ලියන්න හිතුව මැලේසියාවට අත්තර්ටම ඉතා අඩු වියදමකින් නිවාඩුවක් ගත කරන්න එන්නේ කොමද කියලා ලියන්න..... බය එකත් වැරදි විදියට පාවිච්චි කරයිද කියලා

      Delete
  18. මං ඊයෙ පත්තරේක දැක්ක ලංකාවෙ ඉල්ලුම්පත් කැඳවලා සිංගප්පූරු රස්සාවලට පඩිය රුපියල් පනස් දාහයි.. පනස්දාහ කන්නත් මදිවෙයි සිංගප්පූරුවෙ. අපේ ගොං හරක් යයි ඕක නොදැන..

    ReplyDelete
    Replies
    1. 50,000යි කියන්නේ අයියේ සිං ඩොලර් 500යි නේ ඒ උනාට සිං වල රජයේන් නියම කරලා තියෙන අවම වැටුපත් දැන් 950ක්..... අනිවාර්යෙන්ම ගේමක් .. අපේ එවුන් හොයන්නේ බලන්නේ නැතුව එනවනේ

      Delete
  19. ඔඅව් බං රාල , අම්මප අපේ හැත්තත් අහුවෙනවනේ ඔව්වට .. එත් ඉතින් උන්ට බැනල වැඩකුත් නැහැ උනුත් අහිංසක මිනිස්සුනෙ :)
    අර ඩුඩ් කිව්වා වගේ වනිකන් වන්දනාවේ ගියා වගේ මෙව්වා එකක් තමා ඉතින්:)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ අහුවෙන එවුන් ගැන මටත් තියෙන්නේ අනුකම්පාවක්......... එකයි මෙහෙම හරිහරි කට්ටිය දැනුවත් කරන්න දගලන්නේ බන්

      Delete
  20. මචන් මැලේ විස්තර ටිකක් දැනගන්න ඕනේ.අපේ මලයා කුරුණෑගල ඒජන්සියකින් මැලේසියා ගාමන්ට් එකකට යන්ඩ කියලා මේ දවස්වල දගලනවා.මට මේල් එකක් දාපන් විස්තර ටිකක් අහගන්න..kasupagamage@gmail.com

    ReplyDelete
    Replies
    1. @ කසුප්......මැලේ දැන් විදේශ සේවා එක වගේ නේද? ඩිලාන්ව අයින්කරලා මූව දැම්මානම් හොඳයි..ඇත්තටම කසුප් මෙහෙම දන්න කෙනෙක්ගෙන් අහලා මිසක් ඕවාට අහුවෙන්න එපා.....

      Delete
    2. ඔව් අරූ.මමත් ඉන්නේ ලංකාවේ නෙමේනේ නැත්නම් මම හොයලා බලනවා ඒජන්සියට ගිහින් හරි.මැලේසියා කිව්ව ගමන් මට මතක් වුනේ මැලේ රාල.මැලේරාලගේ බ්ලොග් එක බැලුවාට අද තමයි කොමෙන්ටුවක් කෙටුවේ.

      Delete
    3. @ කසුප්.... ඔන්න ඊතලයක් විද්ද කොල්ලෝ

      Delete
    4. @ අරු ... මාරයා ජනපති උනාම මම විදේශ රැකියා ඇමතිකම ඉල්ලලා තියෙන්නේ .....

      Delete
  21. "බොහෝ විට එම කාර්යාංශයේ අය සිතා සිටින්නේ විදේශ රැකියා වලට යන අය තමන්ට කප්පම් ගෙවන බඩගැත්තරයන් පිරිසක් කියාය"
    මසුරන් වටිනා කතාව මේ පාර මමයි මාමණ්ඩියි දෙන්නම හොඳ වලියක් ඇදලා ආවේ. අපේ සල්ලි වලින් යැපෙන ගමන් අපිටම ලොකු ටෝක්ස් දානවා. රුපියල් 3000ක ගෙවීම කරන්න පැයභාගෙකට වැඩිය ඉන්න වුනා.

    ReplyDelete
  22. මගේ බ්ලොග් රෝලේ මොකක් හරි අවුලක් මැලේ. අහම්බෙන් දැකලා හයවෙනි කොටස බලන්න ගියාම අවස්ථා සම්බන්දෙ අප්සට් වගේ හින්දා පහ හොයාගෙන බැලුවේ.

    ReplyDelete