මම S. L. මැලේ රාළ

මම ලංකාවේ පොරක් මැලේසියාවේ ජොබක් කරන.... මට මේක ලියන්න හිතුනේ අනික් බ්ලොග් කියවල ඒවා දැක්කම මෙහෙවෙන දේවල් අනික් කට්ටියටත් දැන කියාගන්න කියල තමයි .

අවූරුදු ගානක් තිස්සේ මෙහෙ ඉදන් අහපු දැකපු, සිද්ද උන හා දැනටත් සිද්දවෙමින් පවතින දේවල් තමයි මම ඔයාලට කියන්න යන්නේ ඕන්.....

Monday 23 September 2013

කවුද වැරදි ???? 4

පසුගිය කොටස් වලට පාර 

 පළමු කොටස

දෙවන කොටස

තුන්වන කොටස 


ඔන්න අද හතරවන කොටස 

      ඔන්න මේ වෙනකොට තුන් දෙනෙක් හරිනේ..... කට්ටිය දැන් උඩ  දාගෙන තව තුන් දෙනෙක් හොයනවා....... ඔය අතරේ දවසක් මේ තුන්දෙනා එනවා මාරයාව හොයාගෙන මේ ගැන වැඩි විස්තර කතා කරන්න...... 

  ඔන්න එත කොට තමයි මාරයාටත් තත්වේ බරපතලකම තේරුනේ මොකද මුන්ට රට යනවය, යමුය කිව්වට යන්නේ මොකටද , ගිහිල්ල කරන්න තියෙන්නේ මොකද්ද, පඩි කියද මොනවද ලැබෙන අනෙක් පහසුකම් ඔය මුකුත් මාරයා දන්නෙත් නෑ.......

    මාරයා හින්නුලෙන් කට්ටියට කිව්වා, මම ආනන්ද මහත්තයට (යකෝ දැන් මු මහත්තයත් වෙලා.... මැස්සෙක් ගිය උඩක් කිව්වලු ) කතා කරලා ඔයාලව හම්බ වෙන්න සැට් කරන්නම්.... එතකොට ඔයාලට පුළුවන් එයාගෙන්ම ඔය විස්තර අහන්න..... 
      ඔන්න කට්ටිය ගියා ආනන්දව හම්බවෙන්න ....... කොහෙද දන්නවද හම්බවෙන තැන?  කටුනායක එයාර්පෝර්ට් එකේදී....... මොකද ආනන්ද එච්චරට බිසී..... එයා ඒ වෙලාවෙත් පිටරට යන්න.... එයාර්පෝර්ට් එකට එනවා ටිකක් වේලාසනින් මෙයාලත් එක්ක කතා කරන්න...... මේ පට්ටිය මහා පාන්දර නැගිටගෙන දැන් මේ දකුණු ලකේ ඉදන් කටුනායක යනවා බස් එකේ රට යන්න කලින් ආනන්ද මහත්තයව හම්බ වෙන්න 

ඔන්න හම්බ වෙලා මාරයා කට්ටියව හදුන්වලා  දෙනවා ආනන්දට.....

ආනන්ද:හරි..... දැන් වෙලාව 11යි මට 2කට ප්ලයිට් එක... 12 වෙද්දී පොර්ට් එකේ ඉන්න ඕනා පැයක් තියෙනවා ඔයාලට ඕන ඔක්කොම ටික අහන්න....

කෙන්ජි: දැන් මහත්තයා අපිට ඔය ගිහිල්ල කරන්න තියෙන ජොබ් එක මොකද්ද 

: හොඳ ප්‍රශ්නයක්.... ඔයාලට කරන්න තියෙන්නේ අපේ ගෘප් කොම්පැනියට අයිති එක ෆැක්ටරියක වැඩ කරන්න තමයි...... දැනට අපේ ෆැක්ටරි දෙක තුනකම වෙකන්සි තියෙනවා.... මුලින්ම ස්ටිල් ෆැබ්රිකේෂන් කොම්පැනියේ තියෙනවා වෙකන්සි 15ක් විතර ඊළගට ඉලෙක්ට්‍රිකල් ඇක්සසරිස් ෆැක්ටරියෙ වෙකන්සි 10යි තව මෝටර් සයිකල් ඇක්සසරිස් ෆැක්ටරියෙ වෙකන්සි 7යි....... ඔය වගේ තව ගණනාවක් තියෙනවා ඉස්සෙල්ලම ඔය එක ක කට්ටියම වැඩට ගිහින් වැඩ පුළුවන්, එහෙම නැත්නම් වැඩ අල්ලගන්න අයට එකේම දිගට වැඩ කරන්න පුළුවන්. අනිත් අයට වෙන එහෙකට ට්‍රාන්සර් වෙලා ඒවාවල ට්‍රයි කරලා බැලුවකි....... මේ තියෙන්නේ ඒ කොම්පැනි වල ප්‍රොෆයිල්ස් තමයි 

   ආනන්දයා ඉතාමත් සාර්ථකව පළමු  ප්‍රශ්නයට මුහුණ දෙමින් කට්ටිය අතේ ඉංග්‍රීසියෙන් මුද්‍රණය වූ කොළ මිටියක් තබයි ...... එහි ලියා ඇති දේ, ඒ කිසිවෙකුටත් තේරුනේ නැතත් කර්මාන්තශාලාවල වර්ණ පින්තුර නිසා දැන් කට්ටියට ගිය කාරණයත් අමතකය.... හරියට නිකන් තමනුත් එහි වැඩ පටන් ගත්තා  වාගෙය...... යන්තම් සිහි එලවා ගත්  තවකෙක් කට අරියි.

ඩ්‍රැකී: දැන් මහත්තයෝ අපිට මාසෙකට පඩිය කියක් විතර හම්බ වෙයිද?


:බොහොම වැදගත් ප්‍රශ්නයක්.... හැම දෙකටම කලින් ඕක දැනගෙන ඉන්න ඕනා..... මේ ඔක්කොම මල්ටි නැෂනල් බොහොම හොද කම්පැනි..... ඔයාලා මෙතනට මුලින්ම යන්නේ ට්‍රේනින් බේසික් ඒ කියන්නේ නුපුහුණු සේවකයෝ හැටියට....... ඔය කොම්පැනියක කොහොමත් වැඩ ඉගෙන ගන්න කෙනෙක්ටත් බේසික් එක විතරක් 50ක් 60ක් ගෙවනවා එතකොට ඕටී වලින් තව 30ක් විතර ඒ ඇරෙන්න ෆුඩ් එලවන්ස් , අටෙන්ඩන්ට් එලවන්ස් යුනිෆෝර්ම් , අරවට මේවට එනකොට ඔක්කොම එතනත් 20 පනිනවා ..... දැන් කට්ටිය එකතු කරලා බලමුකෝ ගාණ ........
      ආනන්දගේ මේ පිළිතුරින් දැන් කට්ටිය සිහිනෙන් පාවෙනවා වගේ..... ඒ මදිවට වෙන ප්‍රශ්නත් නෑ වගේ....... එත් ඩ්‍රැකීයා තවත් අතුරු ප්‍රශ්නයක් දැන්මා.......

ඩ්‍රැකී:අපිට ඉන්න හිටින්න කන්න බොන්නේ එහෙම කොමද සර් ??

: ඒ ඔක්කොම දෙනවා..... ඇයි මේ මාරයා කිව්වේ නැද්ද ?

මා:නෑ සර් මම කියනවට වැඩිය හොදයිනේ මෙයාලට ඒ ඔක්කොම සර් ගේ කටින්ම කියනවනම් එකයි මම මේ හම්බ වෙන්න එක්ක ආවේ...

නලින්: දැන් එතකොට සර් අපි එක්කෙනෙක් කියක් දෙන්න ඕනද ?

:මෙහෙමයි මම අද මේ යන්නෙත් මැලේසියා අද මම අපේ ගෘප් කොම්පැනියේ HR ලොක්කව හම්බවෙලා ඔක්කොම කතා කරගෙන එන්නම්...... කොහොමත් ඔයාල එක්කෙනෙක් එකයි පනහත් දෙකක් විතර ලැහැස්ති කරලා තියා ගන්න 
   කට්ටියගේ මුණු ටිකක් අදුරුවේ ........
බය වෙන්න එපා මම මුලින් ගන්නේ පණහයි ඊට පස්සේ විසා ගහල ඔක්කොම ලැහැස්ති කරාට පස්සේ තමයි ඉතුරුව ගෙවන්න තියෙන්නේ බැලන්ස් එක අද ගෙව්වනම් අනිද්දා රට....... දැන් ඔක්කොම කි දෙනෙක් ඉන්නවද 

මා:සර් ඔක්කොම 6 දෙනෙක් නේ කිව්වේ දැනට මේ 3 දෙනයි තව 3 දෙනෙක් හෙට අනිද්දම අපි සැට් කරගන්නම් සර් ......

: හොදයි මම දැන් අද ගිහිල්ල තව දවස් 3කින් නැත්නම් 4කින් එනවා.... ඔයාලට තව මුකුත් දැන ගන්න තියෙනවද?

කෙන්ජි: නැ සර් වෙන්නම් මුකුත් නැ.... අපි සර්ව විස්වාස කරනවා සර්ට ෂුවර්නේ අපිට මුකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැ කියලා 

: ඒ ගැන මොනටවත් බය වෙන්න එපා ඔයාලගේ මෙහෙ වැඩ ටික ඔක්කොම මම ලැහැස්ති කරලා ඔයාලත් එක්ක මමත් එනවා මැලේසියාවට යනකම්ම..... එහෙදිත් ඔයාලගේ ඉන්න හිටින්න තැන එතකොට කෑම බිම, අරවා මේවා ඔක්කොම ලැහැස්ති කරලා ඔයගොල්ලෝ සෙටල් උනාට පස්සේ තමයි මම එන්නේ 

ඩ්‍රැකී: එලකිරිනේ සර් එහෙනම් තව මොනවද සර් ගිහිල්ල එන්නකෝ අපි එහෙනම් අනික් 3 දෙනාව ලැහැස්තිකරලා තියා ගන්නම් 

: එහෙනම් කට්ටියටම බුදුසරණයි ! මම යනවා ආවම මම කෝල් එකක් දෙන්නම්කො මාරයාට 

 ආනන්ද එසේ පිටව යයි යාලුවෝ සිව්දෙනා නැවත ගම්බිම් බලා පැමිණේ අතර මග කථාව මෙසේය 


මා:ඇත්තටම දැන් තව කව්ද ඉන්නේ 3 දෙනෙක් හොයාගන්න 

න: තව පහලවක් විතර ඉන්නවා එත් ඔය ගාණ සල්ලි හොයා ගන්න පුළුවන් එවුන්ව තමයි සැට් කර ගන්න ඕනෑ 

කෙ: අපි හොදට ඉංග්‍රීසි දන්නා එකෙකුත් සැට් කර ගන්න ඕනා.... නැත්නම් දැක්කනේ අද අර දීපු කොලවල ලියල තිබුනේ මොනවද කියල වත් අපිට හරියට තේරුනේ නැනේ  


ඩ්‍රැ: ලියල තිබ්බ ටික තේරුනේ නැතිවට බලපන්කො පින්තුර ටික ඒ වගේ වැඩපලක අතුගාන්න ගියත් සැපයි බන්.....

මා: පිස්සුද බන් ඒවා අතුගාන්නේ මැෂින් වලින් යකෝ අතින් අතුගාලා කොහේ සුද්ද කරන්නද ඒ විදියට..... බිම නිකන් බත් දාගෙන  කන්න පුළුවන්....... 

න: ඉංග්‍රීසි දන්නා එකෙක්නම් ඉන්නවා රට යන්න බලාගෙන...... හැබැයි ඌ ට්‍රයි කරන්නේ යුරෝප් රටකට. අද ගියාම කතා කරමු 

කෙ: කවුදබන් ඒ ? 

න: ඇයි බන් අර පොඩි එවුන්ට ඉංග්‍රීසි ටියුෂන් පන්ති කරන ඒකා.... හෙන්රියා......

කෙ: අපෝ උවනම් මට කැමති කරව ගත්තකි..... හදිස්සියෙවත් බෑ කිව්වොත් මම ඌ ට දෙකක් ඇනලා හරි කැමති කරව ගන්නම්කො... උබලා බලපන්කො වෙන දෙන්නෙක්ව 

හෙන්රිගේ වත 

  උසස් පෙළ දක්වාම ඉගෙන ගෙන පාසල් යන අයට තම නිවසේම ටියුෂන් පන්ති කරන අයෙකි. ඉංග්‍රීසි කියවීමට ලිවීමට හා කතාකිරීමට හැකි මේ කෂ්ටියේ සිටින එකම කෙනා මොහුය... නමුත් මොහුගේ විශේෂම හැකියාව දන්නේ ලගම සිටින යහළුවන් කීප දෙනා පමණි.... එනම් පාලනයකින් තොරව හැමදාම රැට කරන අනුමත වීමය.....

   මීලගට කට්ටිය සොයාගන්නේ පළාතේ පිහිටි මොටසයිකල් වැඩපලේ ගොලයාය. නමින් ලක්මාල්ය

ලක්මාල්ගේ වත

"හිත හොඳ ගැනි හැමදාම බඩින්ය" මේ කියමනට හොදින්ම ගැලපෙන හාදයෙකි දන්න දා පටන්ම මෝටර් සයිකල් ගරාජ් එකේ ගෝලයා ය. බාස් එලියට යනකම් සිට හැමෝම බයික් එක හදා ගන්න එන්නේ මොහු ලගටය.... ඒ හොදට හදන නිසා නොව සල්ලි පස්සේ දෙන්නම් කියා මාරු වී යාහැකි නිසාය... ගෝලයා රට යනවනම් වියදමෙන් බාගයක් සන්තොසයෙන්ම  බාස් දෙන්නේ මෙයාගෙන් ගැලවෙන්නමය.... අනුමත වීමේ ක්‍රිරියාවටද කියාපු සගයෙකි.....


අවසන් සගයා සුදිකය. නගරයේ කාර්යාලයක සේවය කරන්නෙකි 

සුදිකගේ වත 

උදැසන 5ට නිවසින් පිටවී රැ 10ට  පැමිණෙමින් නගරයේ ආයතනයක කා.කා.ස. හැටියට සේවය කරන මොහු අවූරුදු අටක් තිස්සෙම උසස්වීම් නොලද නිසා ඒ කාලය මුළුල්ලේ ඉතා දුක් මහන්සියෙන් උපයාගත් මුදලින් දැන් රට යාමට පෙළබේ. මොහු තමන්ගේ පාඩුවේ ජිවත්වන අහිංසකයෙකි.

     දැන් ඔන්න කට්ටිය හරිය. මුලින් 50,000 බැගින් ආනන්දට ගෙවන මොවුන් (මාරයා හැර) දින කීපයක ඇවෑමෙන් මැලේසියාවට විසිට් විසා  හිමිකරුවන් බවට පත්වේ. ඊලග වැඩ පිළිවෙල සාකච්ඡ කිරීම සදහා නැවත මොවුන් මුණ ගැසෙන්නේ කොළබ පිහිටි මැක්ඩොනල්ඩ් එකකදීය.

:හොදයි දැන් ඔන්න මගේ පැත්තේ වැඩ ඉවරයි ඊළගට ටිකට් ගන්න ඕන......ඒ ඇරෙන්න ඔයාලාට එහෙ නවතින්න ලැහැසිති කරලා තියෙන තැනට පොඩි ඇඩ්වාන්ස් එකක් ගෙවන්නත් තියෙනවා....... එවලට  තමයි ඔයාලා ඉතුරු ලක්ෂය දෙන්න ඕනා..... 

කෙ: සර් ඔය නවතින තැන සේරම කොම්පැනිය ගානේ කිව්වා නේද.... එහෙනම් ඇයි අපි මේ ඇඩ්වාන්ස් ගෙවන්නේ  

: ඒ මේකනේ ඔය අපේ යන සමහර අය ඔය ගෙවල්වල තියෙන බල්බ්, ස්විච් , වටිනා කියන වතුර ටැප් වගේ ඒවා ඔක්කොම එන කොට ගලවාගෙන තමයි එන්නේ.... එක නිසා ගෙට ගෙවන්න ඕන ඇඩ්වාන්ස් එක අයකර ගන්නේ ඔයාලගෙන්ම තමයි.  එත් කවද හරි ඔයාලා එන දවසක ගේ ඔක්කොම චෙක් කරලා බඩු ඔක්කොම හරිනම් ඒ ඇඩ්වාන්ස් එක ඔයාලගේ අතටම දෙනවා.....

හෙ: එතකොට සර් අපිට යන්න කලින් මොකක් හරි ඇග්රිමන්ට් එකක් දෙනවද අත්සන් කරන්න ?? 

:බොහොම වැදගත් ප්‍රශ්නයක්.... මට ඔයාලට ඇග්රිමන්ට් එකක් ලැහැසිති කරලා දෙන්න පුළුවන් එත් එහෙම උනොත් ඔයාලට තව 50ක් 60ක් විතර වැඩිපුර ගෙවන්න වෙනවා ....(මෙය 90%ක අමු පචයකි ) ඒ අපේ රජයේ ගාස්තු..... මම දන්නවනේ ඔයාලගේ තත්වය ඒ නිසා මම එක ලැහැස්ති කරේ නැ....
         අපි ඒ රජයේ ගාස්තු වලින් බේරෙන්න ඕන නිසාම තමයි ඔයාලට විසිට් විසා එකක් අරන් තියෙන්නෙත් .... හොදට මතක තියා ගන්න මෙහෙ එයාර්පෝර්ට් එකේදී හරි එහෙ එයාර් පොර්ට් එකේදී හරි කව්රු හරි ඇහැව්වොත් කියන්නේ ඔයාලා සති දෙකක ටුවර් එකක් යනවා කියලා විතරයි......
      අනික ඔයාලට බය වෙන්න කිසිම හේතුවක් නෑ මොකද ඔයාලා එක්ක මමත් එනවනේ යන්න.... එහෙ ගියාට පස්සේ ඔයාලා වැඩ කරන තැන බලල දවසක් දෙකක් වැඩකරලා ඔය කිව්වා අග්රිමන්ට් ඔක්කොම අත්සන කරාට පස්සේ තමයි මම එහෙන් එන්නේ.......

      මම ඒ ආවත් හැම මාසෙකටම සැරයක් හරි දෙකක් ආයෙත් එනවා ඇවිත් යන්න මගේ බිස්නස් වැඩ වලට...... ඒ එනකොට ඔයාලගේ ගෙවල් වල අයට කියලා තියන්න, මගේ අතේ ඕන දෙයක් යවන්න පුළුවන් ඔයාලට..... ඕනනම් ගෙදර හදන බත්මුලක් උනත් මට අරන් එන්න පුළුවන්.. උදේම මට ගෙනත් දුන්නනම් කොලබට දවල් කෑම වෙලාවට මම මැලේසියාවේ.......

න: සර් ලග නැද්ද අර එදා අපිට පෙන්නුව කොම්පැනිවල විස්තර කොළ.... මේ අපේ අනික් කට්ටියට පෙන්නන්න 

: ඒවානම් දැන් නෑ...... මෙන්න මේ වගේ ඇග්රිමන්ට් එකක් තමයි ඔයාලට එහෙ ගියාම අත්සන් කරන්න වෙන්නේ 
  ආනන්ද බැග් එකකින් කොළ වගයක් කට්ටියට ලබා දෙයි හෙන්රි එම ඉංග්‍රීසි පත්‍රිකාව කියවා බලයි 

හෙ: මේක සර් මේ ඩේ කෙයාර් එකක ළමයි බලා ගන්න අයට දෙන ඇග්රිමන්ට් එකක්නේ 

:ඔව් ඔව් මම ඔය සාම්පල් එකක් හැටියට පෙන්නුවේ ඕකත් ඔය ගැහැණු ළමයි වගයකට තියෙන වෙකන්සි එකක් ඔය ෆැක්ටරිවල වැඩ කරන අයගේ ළමයි බලාගන්න තැනට..... 

(හි...හි...හි.... මේකනම් ලියනකොටත් රාළට හිනා යයි.... ආනන්ද ඒ පෙන්නන ලද ඇග්රිමන්ට් සයින් කර ආපු අය අර සමකය වටේ කියන බ්ලෝග ලියන නලින් මහතාට චීන වීදියේදී මුණගැසී ඇත.... පොඩි අප්ෂට් එකකට තියෙන්නේ බලාගන්න වෙන ළමයින් අවූරුදු 18න්  ඉහල පිරිමි අය වීමය.... ඒ ගැන වෙනම කතන්දරයක් ඉදිරියේදී බලාපොරොත්තුවන්න ) 

සු: දැන් සර් හරියටම අපිට කවදා විතරද යන්න වෙන්නේ මොකද මට අස්වීමේ ලිපියත් දෙන්න ඕන ටිකක් කලින් වැඩ කරන තැනට  

: එක තීරණය වෙන්නේ ඔයගොල්ලෝ කවදද බැලන්ස් එක ගෙවන්නේ කියන එක මත අද ගෙව්වනම් සතියකින් රට...... අනික හැමෝම ෂෝ මනි වලට රුපියල් 50,000ක් විතර අතේ තියාගෙන එන්න ඕනා ...... 

කෙ: ඒ මොකද්ද සර් ඒ තවත් 50,000ක් 

: එක අයෙත් දවස් දෙක තුනකින් ඔයාලට මෙහෙට දාන්න පුළුවන්... එක ගෙනියන්නේ එයාර් පොර්ට් වලදී අහනව විසිට් යනවනම් කෝ වියදම් කරන්න සල්ලි කියල..... එතකොට පෙන්නන්න විතරයි.... එක කාගෙන් හරි ඇත මාරුවට අරන් එන්න ගිහිල්ල දවසකින් දෙකකින් අයෙත් එවන්න පුළුවන් 

ල: තවත් 50,000ක් ඕනනම් ඔක්කොම ටික සැට් කරගන්න තව සති දෙක තුනක්වත් යයි නේද මචන්ස්ලා .......

  ඒ කිව්ව විදියට සති  දෙක තුනකින් ඉතුරු මුදල ආනන්දට දී, ඊටත් සති දෙකකට පමණ පසු එළබෙන සුබ මොහොතින් මේ කෂ්ටිය මැලේසියාව කරා  පිටත් වේ ......

     මේ කෂ්ටිය මැලේසියා ආපසු මැලේසියන් සන්නිය මීලග පොස්ටුවෙන්...........

54 comments:

  1. අඩේ මටත් හිනා නේන්නං බං. ඇත්තටම උඹ කවුද බංස්. මං චයිනා වීදියේ කළ දුටු දේවල් මේතරම් හොඳට ලියන්න. අනේ අර හෙන්රියා සුදීකලට කරල තියන දේ දැක්කමත් ඇඩෙනවා. ඒ කොහොම වුණත් රට රස්සා ගාය තියන උන්ට මේක නම් කදිම පාඩමක් මචෝ. මට හරිම දුක උඹව මැලේ වලදි දකින්න නොලැබීමයි.

    ReplyDelete
    Replies
    1. නලින් ඔයා චයිනා විදියට ගිය බව මම දැනගත්තේ ඔයාගේ පොස්ට් එකෙන්මයි...... මට හිනා කියලා ලිව්වේ ඩේ කෙයාර් කියල බලාගන්න එන ළමයින්ව මතක් වෙලා..... ඔය මට කරලා තිබ්බ ආරාධනාව අනුව මේ ගනුලමයින්ට කරන අපරාදයත් මම ලගදීම හේලිකරනවා....... බය වෙන්න එපා තව කලි තියෙනවනේ කොයි වේලාවකදී හරි අනාගතේදී අපි හම්බ වෙමු

      Delete
  2. මේවා හරි නම් පත්තර වල දාන්නෙ ඕන ළිපි. ඒවයේ දාන්නේ බූත කතා, හොල්මන් කතා.. නලියෝ මූට මීට වඩා වැදගත් විදියට ඔය සිළුමින වගේ පත්තරේකට ළිපි මාලාවක් ලියන්න කියාපන්කෝ... එත් ඉතින් වැඩක් වෙයිද දන්නෙ නෑ. කොච්චර කිව්වත් ඔට්ටේලියවටත් යන එක නවත්තන්න බෑ නේ..

    ReplyDelete
    Replies
    1. පත්තරේට යවන්න කියලා ගියපාර silent සහනුත් කියල තිබුනා ..... එත් ඉතින් මේක කොමොමද බන් මාතලන් ලොක්කෝ වැදගත් තාලෙට ලියන්නේ.... වැඩේ වෙන්නෙම නොවැදගත් විදියටනේ (විලුවට ඇ ) මේ ලියන කථා කාට හරි පුලුවන්නම් එහෙම පත්තරේක පලකරන්න සුදුසු විදියට හැඩ ගහලා, පලකරන්න මගේ නම් දාන්න ඕනෙත් නැ පුර්න අවසරය දෙනවා.... මොකද එක ඇත්තටම ලොකු සමාජ සේවයක්

      Delete
  3. මැලේ මල්ලිය,අටම් විස්තර කරන අකුරු වල පාට පුලුවන්නම් වෙනස් කරන්න.
    මම බලන් ඉන්නෙ ඇත්ත අලුත් තුන් දෙනාගෙ කොමන්ට්.
    මෙම ලිපිය කියවන සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටින්නේ මේ කොල්ල ඉතා මහන්සියෙන් අකුරු කරන සත්‍ය සිදුවීම් මාලාව පිලිබදව ඔහුව තව තවත් දිරිමත් කිරීම පිණිස වචන කීපයක කොමන්ටුවක් කොටා යන ලෙසය.

    ReplyDelete
    Replies
    1. අපෝ........ කෙන්ජි අයියේ කව්ද මෙතන අර අපේ බෝ පලයක් වගේ ඉන්න අටමා ගැන ලියල තියෙන්නේ ....... දුෂ්ට කතා කියන්න එපා..... ඔන්න අර ලක්මාල් කියන කෙනා ගේ පාටනම් වෙනස් කරා.......
      ඔයාගේ ඉල්ලීම ගැනනම් ලද්ජයි අයියෝ .......

      Delete
  4. සමහරු මගෙන් අහනවා..මේ බොග ලියන්නෙ මමද කියලා..උඹේ අනන්‍යතාව සගවාගෙන මැලේසියාවෙ තිත්ත ඇත්ත ලියන ආකාරය මසුරං මචං...දිගටම ලියපං...ආතල් කථා වගේම මෙහෙ ඇවිල්ලා අමාරුවෙ වැටෙන්න ඉන්න උන්ටත් එහෙම නොවෙන්න වැදගත් දේවල්...

    ReplyDelete
    Replies
    1. අනේ හොරෝ මම කියන්නෙත් උබ තමයි මැලේ රාළ........
      කොච්චර ලිව්වත් වැඩක් නැනේ බන් මුන් දිගටම එනවනේ ගිය සිකුරාදාත් ලංකාවේ 13ක් අල්ලන් ගිහිල්ලා තම කුඩු වෙලු ......

      Delete
    2. මටත් සැක සිරාවම තමයි. ඇත්තටම උඹලා දෙන්නා එකෙක් නේද බන්.

      Delete
    3. සිරා අහිංසකයි නලින් අයියෙ...

      Delete
    4. අපේ අච්චිනම් කියන්නේ උපාසක බළල්ලු තමයි මීයෝ දෙන්නා දෙන්නා අල්ලන්නේ කියලා
      ඒ කියන්නේ අහිංසක සිරා බ්ලොග් දෙකක් ලියනවද

      Delete
    5. හෆොයි මඩ බොගක් ලියන එකෙක් මේ කථාව දැක්කා නම් වසලා හමාරයි..

      Delete
    6. ඔන්න එහෙනම් සිරා නෙමෙයි මම ........

      Delete
  5. මේව කියෙව්වම නිකං මැලේෂියාවේ රවුමක් ගිහින් ආව වගේ බං..

    :ඩී

    සිරා මැලේ ගැන ලියන්නෝනි කිය කිය හිටිය. ඇත්තට ඌමද මන්ද ලියන්නෙ :)

    ReplyDelete
    Replies
    1. කාටවත් කියන්න එපා මම තමයි සිරා....... මරුසිරා

      Delete
    2. අනේ සෑමා උඹවත් තේරුම් ගනින් බං..සිරා අහිංසකයි...ඇල් වතුරත් නිවලා බොන්නෙ.

      Delete
    3. අහිංසකයි
      රටක් වටී
      කසාදයට
      කෙනෙක් සොයයි

      Delete
    4. පට්ට කවිය ඕයි!
      ++++++++++++++

      Delete
    5. ටැංකුයි (හොල්මන්) මහරජාණනි !!!!!

      Delete
  6. මේකෙ හෙන්රියත් මම වගේම ඉංග්‍රීසි නිසා පණ ‍රැකගන්න එකෙක්නේ බං. ඇත්තටම සුද්දන්ට බනින්න හිතෙන්නේ නැත්තෙත් ඕකයි. අපි යන්තං කාලා ඇඳලා ඉන්නේ උං ඉතුරු කරලා ගිය බාසාවට පිං සිද්ධ වෙන්නනේ. :D

    අනිත් රටවලත් මේ වගේම ඇතිනේද බං? වැඩේ ඒවෑ ඉන්න උන් ලියන්නේ නෑනේ. ඉතිං මේ මෝල්ඩිව්ස් වල්ත් ලාංකිකයෝ 1500ත් 2000ත් අතර ප්‍රමාණයක් හැංගිලා ඉන්නවා කියන්නේ.

    ReplyDelete
    Replies
    1. මට ඉස්කෝලේ යන කාලේ ඉදන් එපාම කරපු විෂයක් තමයි ඉංග්‍රීසි.....එත් අද ඔක්කොම වැඩ කරන්න වෙලා තියෙන්නෙත් ඉන්ග්රිසින්මයි

      Delete
  7. බලමු කෝ ඒකත් දහ අට සන්නියෙන් එකද්ද කියලා....

    ReplyDelete
    Replies
    1. නෑ මම හිතන්නේ මේක දහනම වෙනි සන්නිය වෙන්න ඕනෑ

      Delete
  8. ටීවී වල ඇඩ් දානව හොරෙන් යන්න එපා කියල. මේ වගේ ලිපි පෙලක් පත්ත‍ේ දැම්මනං වැඩේ කෙරෙනව උඩින්ම.

    ReplyDelete
    Replies
    1. ගොඩක් වෙලාවට ඒජන්සි කාරයෝ මේවා දන්නා දෙන්නෑලු පත්තරවල ....... උන් කියනවලු පත්තරේට ඇඩ් දෙන්නේ නෑ කියල මේවා දැන්මොත්..... මේක මට ඇහුන පොඩි ඕපයක් ඇත්තමද දන්නේ නෑ

      Delete
    2. මටත් ඔය පැත්තෙන් ජොබ් එකක් සැට් කොරපන් හරිද,අර 18 වැඩි කෙල්ලෝ බලාගන්න වැඩක් උනත් කමක් නෑ ඈ

      Delete
    3. ඉස්සෙල්ල 50,000ක් එවන්න විසිට් විස එක අවට පස්සේ ලක්ෂයක් දෙන්න ..... එනකොට මතක ඇතුව තව ලස්ස හත අටක් අරන් එන්න..... අව්රුද්දක් යනකම් කෑම බිම ඉදීම් හිටුම් ඔක්කොම එක්ක රුපියල් 25,000 එල ජොබක් සැට් කොරනවා ඔය අහල තියෙන ජාතියේ

      Delete
  9. යුෂ්මතා මීට කලින් කුමන බුද්ධි අංශයේද සේවය කලේ? :D :D

    ReplyDelete
    Replies
    1. කියන්නෙම නෑ ............

      Delete
    2. රාළට කියන්ඩ .. මට ස්විමින්ග් උගන්නපු පුහුණුකරු මැලේසියා ගියා ..පොරවත් හොදට අන්දලා 30000 කට විතර කෙලවෙලා .. ඔය යන්න කලින් දවසක් පුල් එකේ කතා කර කර ඉන්නකොට එයා නිකමට මැලේසියා වර්ණනාවක් කළා . එවෙලේ මට නිකන් තේරුන නිසා මං එයාට පොඩි අවවාදයක් කළා මැලේසියාවේ තත්වේ කියලා දීලා ... මාසයක් ගියේ නෑ මෙයා මිසිං .. පස්සේ තව සති දෙකකට පස්සේ ලංකාවට ආවේ .. . තව මෙහෙ මාළු විකුණන මනුස්සයා 80000 ක් විතර නැති කර ගත්තා එකෙක්ට අහුවෙලා මැලේසියා ගිහිල්ලා ...

      Delete
    3. ඔව් මචන් කරන රස්සාව, තරාතිරම වැඩක් නෑ හොඳ (හොර) ඒජන්තයෙකුට අහු උනාම රිස්ස යවනවා..... ටික කාලෙකට කලින් ඇවිත් හිටිය පොරක් මෙහෙ කලබ් එකක කිරිකට් ගහන්න කියල ලංකාවේ ඒජන්තයෙක්ට ලස්ස 7ක් ගෙවලා.... පොර ලංකාවේ ජොබ කරලා තියෙන්නේ HNB එකේ.... එකත් දාලා ඇවිත් තියෙන්නේ .... මස 3ක් ක්ලබ් එහෙක කිරිකට් ගහන්න වගේ ඉදලා අන්තිමට විසා නැතුව හිටියට දඩ මුදලුත් ගෙවල තමයි ලංකාවට ගියේ

      Delete
  10. සිරාවටම මේක පත්තර හැම එකකම යවන්න ඕන ලිපියක් රාලේ, එහෙම නැත්තන් කෙන්ජයියත් ඉන්න එකේ අපි සෙට් වෙලා හදමු ෆිල්ම් එකක් අර "මචං " ෆිල්ම් එක වගේ

    ReplyDelete
    Replies
    1. පත්තර කෙසේ වෙතත් පිචර් එකනම් හොද අදහස .... මොකද මම චරිත ටිකත් තොරලානේ තියෙන්නේ

      Delete
  11. කොටස් ඔක්කොම කියවලා එන්නම් හොඳේ...:)

    ReplyDelete
    Replies
    1. කියවල එන්නම් කිව්වේ මැලේසියාවටද ??..... (හි... හි... හි...)

      Delete
  12. රාළේ මේක නම් බං මම හිතුවටත් වඩා තිරිසන් රැකට් එකක්නේ බං. මේව විදේශ සේවා එකේ එවුන් දන්නේ නැද්ද බං? උඹේ මේ ලිපි ටික විදේශ සේවා එකේ නෝටිස් බෝඩ් එකේ දාන්න වටිනවා. ඕකුන්ට මේක කියවන්න ලැබෙන්න සලස්වන්න බැරිද? අපේ මිනිස්සුන්ගෙත් වැරැද්ද නේ.

    ඔය ආනන්දයා විදේශ සේවා ඇමතියගේ මල්ලි කෙනෙක්ද දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. විදේශ සේවා එක ගැන කියලා වැඩක් නෑ අරූ .....
      දැනට අවරුදු දෙක තුනකට කලින් ඔය ඇමතිය ආවා මෙහෙ ප්‍රශ්න බලන්න කියලා
      පන්සලේ ලොකු රැස්වීමක් එහෙම තියලා ඔක්කොගේන්ම තියෙන ප්‍රශ්න ටික අහගෙන කියල ගියා මාසයක් ඇතුලත් පැහැදිලි වෙනසක් බලාගන්න පුළුවන් වෙයි කියල කට්ටියට ....... තාම මාසේ ගිහිල්ල නැතුවද.... පැහැදිලි වෙනස් කම් සාමාන්‍ය මිනිස්සුන්ට පෙන්නේ නැද්ද කියන එක තමයි මට තියෙන ප්‍රශ්නේ

      Delete
  13. අදමයි ආවේ මේ පැත්තට... ජය වේ.. අනිත් ඒවත් කියවන්නම්

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා........ බොහොම ස්තුතියි

      Delete
  14. කම්මැලි කමද මන්දා බොහෝ කාලෙකින් මේ පැත්තේ ඇවිත් මේ ලිපි ටික කියවාගෙන ගියා. අවසාන ලිපියටවත් අදහසක් ලියන්නේ නැතිව යන එක හරි මදිනේ.මෙච්චර විස්තර ඇතිව ලියලත්, මේවා කියවලා ඉවර වෙලත් ඔය රට ගාය තියන ඇත්තන් නම් පාඩමක් ඉගෙන ගන්නේ නැහැ.ඕවා ලියලා තිබුණට මට එහෙම වෙන්නේ නෑ කියල හිතාගෙන තව තවත් අය ඔය වගේ ගැට වලට මේ දැනුත් අහු වෙනවා ඇති.අපේ අය ගැන ඇත්තටම දුක හිතෙනවා.(මේ රට ගාය තියෙන අය ගැන)

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි කොමෙන්ටුවකට කාලය ගත කරාට...... තමන්ගේ දියුණුවට විදේශ රැකියාවකට යද්දී නිත්‍යානුකුල නොවන, කෙටි ක්‍රම හොයනහොයන එක තමයි කරන ලොකුම වැරැද්ද

      Delete
  15. මේක මම විදේශ සේවා එකේ ඉන්න මගේ යාලුවෙකුට යවනා. හොඳ වෙලාවට සුදීක කියලා නම දා ගත්තේ :)

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් වැරදීමකින් දෙයක් කරත්, එකෙන් වෙන්නේ අනික් අයට යහපතක් තමයි .... හි...හි...හි......

      Delete
  16. එතකොට මැලෙ රාළ, මැලෙසියවෙ නුපුහුනු ශ්‍රමිකයන්ට රස්සවල් ඇත්තෙම නැද්ද ?

    ReplyDelete
    Replies
    1. තියෙනවා බන් එත් හොඳ පඩියක් නෑ....... මැලේසියන් ජාතිකයෙකුට රජයේ අවම වැටුප 2012 දෙසැම්බර් ඉදන් RM 900යි (එකියන්නේ රුපියල් 35,000ක් විතර) විදෙසිකයෙකුටනම් ඕක රජයෙන්ම අවසර දීලා තියෙනවා තව අඩුවෙන් ගෙවන්න ....... ඒ අතරේ විසාත් නැතුව නිත්තයානුකුල නොවන කෙනෙක්ට කියක් විතර ගෙවයිද වැඩිම උනොත්........ RM 600ක් විතර.... (එකියන්නේ රුපියල් 22,500ක් විතර) ඔය ගානට වැඩ කරන්න මොකටද බන් ලස්ස ගානක් දීලා මැලේසියා එන්නේ ?????

      Delete
    2. ඉතින් ඔය 22,500 න් කීයක් විතර යනවද මාසෙ ජීවත් වෙන්න.
      ( අරව කරන්නයි, මේවා බොන්නයි නැතිව )

      Delete
    3. අවම පහසුකම් යටතේ කන්නයි , ඉන්නයි විතරක් රුපියල් 18000ක් විතරවත් යනවා

      Delete
    4. අලුතෙන් ඇදුමක් ගන්න ටෙලිපොන් කාර්ඩ් වලට ඉතුරු 4500ත් යනවෝ.......

      Delete
  17. පව් අප්පා මේ මිනිස්සු....පුදුම ඇන්දිල්ලක්නේ අන්දන්නේ :(

    ReplyDelete
    Replies
    1. හරියටම කියනවනම් මේක අන්දනවා නෙවි ඇදගන්නවා ........

      Delete
  18. හැමොම කියන්න වගෙ රාලෙ මෙව ගොඩාක් ප්‍රසිද්දකරන්න පුලුවන්නම් හොදයි

    ReplyDelete
    Replies
    1. මට පුලුවන්දේ මම කරනවා මචන් ...... කට හරි මෙතනින් එහාට පෙව ප්‍රසිද්ද කරන්න පුලුවන්නම් මගේ උපරිම සහය

      Delete
  19. යකෝ අපිත් මේවා කියවනවා....ලියපිය ඉතුරු ටිකත් ඉක්මනට!!!! (බලාගෙන ඉඳලා බැරිම තැන! :D)

    ReplyDelete
  20. සොරි වෙන්න ඕන හොදේ ....... ඉතුරු ටික තමයි හොදම........ දැන් ලියාගෙන යනවා........ මේ සතියේ කොම හරි දානවා

    ReplyDelete