මම S. L. මැලේ රාළ

මම ලංකාවේ පොරක් මැලේසියාවේ ජොබක් කරන.... මට මේක ලියන්න හිතුනේ අනික් බ්ලොග් කියවල ඒවා දැක්කම මෙහෙවෙන දේවල් අනික් කට්ටියටත් දැන කියාගන්න කියල තමයි .

අවූරුදු ගානක් තිස්සේ මෙහෙ ඉදන් අහපු දැකපු, සිද්ද උන හා දැනටත් සිද්දවෙමින් පවතින දේවල් තමයි මම ඔයාලට කියන්න යන්නේ ඕන්.....

Friday 13 September 2013

කවුද වැරදි ???? 3

පසුගිය කොටස් වලට පාර 

පලමු කොටස

දෙවන කොටස


ඔන්න අද තුන්වන කොටස 

  අර කිව්ව ලක්ෂරි පොරගේ කතාවට නස්කුනි වෙලා බලන් ඉන්න මාරයාට ආයෙත් ඒ මෑන් කියනවා 

මල්ලි බය වෙන්න එපා ඔයාගේ බෑග් එකේ ගහල තියෙන්නේ ලංකාවේ ඇඩ්රස් එකක්නේ එක දැකලයි මම කතා කරේ 

ආ.... කොහොමද මෙයාගේ ටිකිරි මොලේ..... ඔන්න දැන් මාරයා කට අරී 

ඔව් අයියේ මම ලංකාවේ තමයි...... අයියා මෙහෙ මොකද කරන්නේ 

මම නම් බිස්නස් කරන්නේ දැනුත් මේ මැලේසියාවේ බිස්නස් වැඩකට ගිහින් මෙහෙට ආවා..... හෙට අනිද්දට ලංකාවට යන්න..... අහම්බෙන් ඔයාව දැක්කම හිතුන ලංකාවේ කෙනෙක් නිසා කතා කරන්න...... අනික ඔයා ඉන්න විදියෙන් පෙන්නේ නිකන් මොකක් හරි ප්‍රශ්නයක් වගේ.....

ඔව් අයියේ මම ලොකු අමාරුවක වැටිලා....... මම ජොබ් එකකට කියල තමයි මෙහෙ ආවේ එත් අන්තිමට මට වෙච්ච දේ .............

 අමුත්තාද එතනින් වාඩි ගනී....... කතාන්දරය දිග හැරේ ඉන්ටර්විව් ගියදා පටන් අද දක්වා සියලු දේ දැන් අමුත්තාද දැන ගනී...... 

මල්ලි මගේනම ආනන්ද........ (හැ.... මේ නම අර ලිස්ට් එකේ තිබුනේ නැනේ..... එතන හිටිය අය වගේ අප්ෂ්ට් පොරක් නෙවි මේ..... හි.... හි..... හි..... ඔහොම යන් ඔහොම යන් හොද හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලුනේ.........)

  මට හරි අප්සැට් ඔයාට වෙලා තියෙන දේ ගැන ...... ඔයාව කට්ටිය එකතුවෙලා රවට්ටලා....... ඔයාගේ සල්ලි මංකොල්ල කාලා....... මේ සිංගප්පුරුවේ ඔය කියන විදියේ ජොබ් නැ......... ඔන්න මැලේසියවෙනම් තව කමක් නැ..... විසා නැතුව හරි ජොබක් හොයා ගන්න පුළුවන්...... 
දැන් නම් මට තේරෙන්නෙත් නැ කොහොමද ඔයාට උදව්වක් කරන්නේ කියලා........

මාරයා සිටියෙමේ කිසිවක් තේරුම් යන තත්වයක නොව උඩින් ආනන්දට ඇහුම්කන් දෙනවා වගේ පෙනුනට ඔහුගේ සිත යකාගේ කම්මල වගේය..... 
      මිට මාසයකට කලින් ලංකාවෙන් එන්න පෙර දින තම ගමේ හා අවට ගම් පළාත් දෙක තුනක යාළුවන් එකතු කොට අවුරුදු දෙක තුනකින් මෙහා නැවත නොඑන බව කියමින් දුන් සමුගැනීමේ පාටිය....... හෙට ලංකාවට ගියාම දෙයියනේ කොහොමද ඒ මිනිස්සුන්ට මුණ දෙන්නේ ......... 

මල්ලි යමු මම ඔයාව එයාර්පෝර්ට් එකට ඇරලවලා එන්නම් ඔයා ඔහොම මෙතන ඉන්න එපා යන ගමන් අපි ටිකක් කතා කරමු..... 

   යෝජනාව ආනන්දගෙන්ය..... මේ තරම් නාදුනන පුද්ගලයන් නිසා අමාරුවේ වැටි ඇති මාරයා නැවතත් අමුත්තෙකු විස්වාස කරමින් තම ජිවිත කතාවටම අලුත් පිටුවක් පෙරලා ගන්නේ එසේය.....
     දුම්රියෙන් ගුවන් තොටුපලට එනකම් කතාවේ යෙදෙන මොවුන් තම හිතවත්කම් වර්දනය කර ගනිමින් දින කීපයකින් ලංකාවේ මුණ ගැසීමටද තැනක් යොදා ගනී...... ඒ මාරයාට නැවත පිටරට රැකියාවක සිහිනය පෙන්වමින් ඒ සදහා උදව් කරන්න පොරොන්දු වෙන ආනන්දගෙනි....... 


එදින නැවත ලංකාවට ආ මාරයා පළමු දින දෙක සම්පුර්ණයෙන්ම නිවසේ ගත කරයි.... ගමේ කට්ටියට මොහුගේ ආගමනය සැල වුවත් කව්රුත් තවම ඔහු හමුවීමට ගියේ නැත ......

 එදා සිංගපුරුවේ අවසන් මොහොතේ හමුවූ ආනන්දව මුණ ගැසීමට යාමට තුන්වන දිනයේ මාරයා ගෙයින් එලියට බසින්නේද මහා පාන්දරය.......
 කතිකා කර ගත් තැනදී හමුවන දෙදෙනා සැපදුක් විචාරයෙන් පසු කතාවට එන්ටර් වේ  

දැන් මල්ලි මෙහෙමයි සින්ගපුරුවේ වගේ නෙවි මැලේසියාවේ ඕන දෙයක් හරි ලේසි.... කෙලින්ම ඔයා ගියා රටට,, ජොබ් එකක් හොයා ගත්තා,, විසා  එක හදා ගත්තා,, දෙයියනේ කියල ජොබ් එක කරගෙන පාඩුවේ හිටියා......

ඇත්තටම එහෙම පුලුවන්ද අයියා ?

පුළුවන් පුළුවන් හැබැයි හැමෝටම නෙවි මම වගේ රට දන්නා කෙනෙක් උදව් කරන කෙනෙක්ට පුළුවන්

අනේ අයියේ මම ගමට මුණ දෙන්න බැරුව පහුගිය දවස් දෙක ගෙදර හැංගිලා වගේ හිටියේ බැරිද ඕක මට හෙට අනිද්දම සැට් කරන්න ...... සද්ද නැතුව ආපහු මෙහෙන්ම යන්න 

සෙට් කරන්නනම් පුළුවන් ඔයාට එයාර් ටිකට් එකයි විසා එකයි හදා  ගන්න ඕන...... එකට ටික දවසකුයි,,,,  සල්ලි ටිකකුයි ඕනා......

අපොයි අයියේ එහෙනම් ඒ වැඩේ හරියන්නැ ...... මගේ අතේ දැන් සතේ නැ ... අඩුම තරමේ ඉල්ලන්න කෙනෙක්වත් නැ 

අපෝ ඔහොම කොහොමද වැඩක් කරන්නේ නැ හ් ගන්න පුරුදු වෙන්න එපා ලොකු ගානක් නෙවි රුපියල් ලක්ෂයක් විතර තිබුනානම් ඇති ...... මම කියන්නද ..... යාලුවෝ 5 දෙනෙක් හොයාගන්න එක්කෙනාගෙන් 20,000 ගානේ ඉල්ලගන්න මාස 2කෙන් දෙන්නම් කියාලා..... වැඩේ ගොඩනේ 

20,000 ගානේ නෙවි 50,000 ගානේ හරි දෙයි උන්ටත් රට යන්න චාන්ස් එකක් තියෙනවා කිව්වනම්....... මටවත් වැඩේ හරියන්නැතුව මම කොහොමද අනික් අයට පිටරට ජොබ් සැට් කරන්නේ.......

එහෙමද ඒ කියන්නේ ඔයාට රට එක්කන් යනවනම් සල්ලි දෙන්න කැමති යාලුවෝ ටිකක් ඉන්නවා 

ඉන්නවදත් අහනවා...... මම සිං යන දවසට ඉස්සරයින්දා දුන්න යාලුවෝ ඔක්කොටම එලස් පාටියක්..... ඒකට මම එන්න කිව්වේ නැති එවුනුත් ඇවිල්ල හිටියා ...... ඒ කියන්නේ මගේ යාළුවන්ගෙත් යාලුවෝ නෑදෑයෝ වගේ එවුන්..... උන් ගොඩ දෙනෙක් එකාට එකා හොරෙන් ඇවිත් මට කිව්වේ කොහොම හරි උන්ටත් චාන්ස් එකක් සැට් කරන්න කියන එක තමයි  

ඉතින් එහෙනම් ඔයා ගොඩනේ..... මම ඔයාවත් එක්ක ඔය පස් හය දෙනෙක්ටත් යන්න ලැහැස් ති කරන්නම්කො...... (ඔන්න බළලා මල්ලෙන් එලියට පනි)  

මම මේසැරේ ගිහිල්ලා  කරගෙන ආව දේ ඇහැව්වට පස්සේ ඔය කව්රුත් කැමති වෙන එකක් නැ අයියා අපහු රට යන්න අනික උන්ට සල්ලි තිබුනට මට සල්ලි කෝ......

හරි..... ඔයා මට ඉස්සෙල්ලම කියන්නකෝ  දැන් ඔයාට සිං වල උන දේ කීදෙනෙක්ට  ආවට පස්සේ  කිව්වාද ???

කාටවත්ම කිව්වේ නැ අයියා...... කටක් ඇරලා කියන්න පුළුවන් දෙයක්ද උනේ...... දවස් දේකම මම  ගේ ඇතුලටම වෙලා හිටියේ අදත් බිමට එලිය වැටෙන්නත් කලින් තමයි මම ගමෙන් එලියට පැන්නේ....

ඒකනම් ඔයා නියමෙට මොලේ කල්පනා කරලා ගේම දීල තියෙනවා ..... දැන් මම කියන්නම් කරන්න ඕන දේ මේක හොදට අහගෙන හරියට හිතට ගන්න එතකොට ඔය නිකන්ම ගොඩ 
       ඔයා දැන් ගෙදර ගිහින් කෙලින්ම යාලුවෝ ඔක්කොටම එන්න කියන්න මම ඔයාට ඇපල් පෙට්ටියක් අරන් දෙන්නම් මෙහෙන් ගිහිල්ල ඔක්කොටම බෙදන්න එදා සිං වල ඉදන් ගෙනාපු ඒවා වගේ.....
        ඊට පස්සේ කට්ටියට කියන්න ඔයා  මාසයක් සිං වල යකඩ හදන ෆැක්ටරියක වැඩ කරාය.... ඔයාගේ වැඩ හොඳ නිසා මැලේසියවල හෙඩ් ඔෆිස් එකට මාරු කරාය... ඒ මැලේසියා යන්න තමයි මේ ආවේ..... ඒ ගමන්ම බෝසා කිව්වාය ඔයා  වගේ හොඳට වැඩ කරන තව පස් හය දෙනෙක්වත් සැට් කරගෙන එන්න  කියලා.... තව ඒ ගමන්ම කියන්න ඒ යන්න කැමති අය ඉන්නවනම් පාස්පෝර්ට් කොපි එක්ක රුපියල් 50,000ක් ඇඩ්වාන්ස් දෙන්න ඕනා.. ඔයත් එක්කම යන්න පුළුවන් කියලා, යනකොට තව ලක්ෂයක් ඕනි කියලාත් කියන්න   

හෆොයි අයියේ එහෙම කරන්නේ කොහොමද ඔක්කොම පට්ට බොරුනේ 

තමන්ගේ ජීවිතය ගොඩනගන්න ඔය වගේ පොඩි පොඩි බොරුවක් දෙකක් කරන්න වෙනවා .... අනික එහෙම කිව්වට ඔයා ඒ මිනිස්සුන්ව අමාරුවේ දානවා නෙවිනේ..... ඇත්තටම හොද අවස්තාවක් දෙන්නනේ යන්නේ.....  මම මැලේසියාවේ ස්ටීල් ෆැක්ටරි එකකට කට්ටියක් ගෙනියන්න තමයි ඉන්නේ මාසෙට 80,000ත් 100,000ත් අතර පඩි ගන්න පුළුවන් හොඳ තැනක්.... වියදම් කරන ගාණ මාස දෙකෙන් හොයන්න පුළුවන්.......  හැබැයි විසා එක හදා ගන්න වෙන්නේ පඩියෙන් ගානක් ඉතුරු කරලම තමයි...... ඒ ටික එහෙ ගියාට පස්සේ මම කට්ටියට කියල දෙන්නම්කො..... ඔයා දැන් ගිහින් කට්ටිය ලැහැස්ති කර ගන්න...
        අලුත් කතාවක් සමග නව බලාපොරොත්තු ඇති කර ගනිමින් මාරයා නැවත ගමට පැමිණේතමන සිදුවූ දේ ගම්මුන්ට පැවසීමට තිබු ලජ්ජාවත් ලිදේ වැටුන කෙනා ලිං කටින්ම එලියට ආ  යුතුයි කියන අදහසත් ඇතිකරගනිමින් ආනන්දගේ උපදෙස් මත ක්‍රියාත්මක වන මාරයා පළමුව රට ගාය මීටරයේ රෝස පාට කොටුවේ සිටින   (දෙවැනි කොටසේ තියෙන වගුව ) තම හිතවත්ම මිතුරෙකු වන  ඩ්‍රැකීව මුණ ගැසී මේ විස්තරය (ආනන්ද කිව්ව විස්තරය) පවසයි 

ඩ්‍රැකීගේ වත

   ඩ්‍රැකී මාරයාගේ සම වයසේ ගමේ එකට හැදුන ලගම මිතුරෙකි. පවුලේ 
අයට වඩා මිතුරන් වෙනුවෙන් කාලය ගතකල මොහු කිසිම විටක හිතවතෙකුගේ කරදරයකදී ඔවුන්ව අතහැර නොයන තාලයේ මිතුරෙකි. එමෙන්ම ඒ කාලයේ නව අසපුවක සිටි හාමුදුරුකෙනෙකුගේ ධර්ම දේශනාවන්ට ඇහුම් කන්දී ඒ දහම පිළිපදිමින් සිටින්නෙකි.


එකපයින් මේ වැඩේට කැමතිවන ඩ්‍රැකී ඉතිරි පස් දෙන සොයා ගැනීමටද මාරයාට සහය වේ මොවුන්ගේ දෙවන ඉලක්කය වන්නේ නලින්ය. 

නලින්ගේ වත 

ඩ්‍රැකීගේ ලගම හිතවතෙකු වන නලින් වයසින් 35ක් පමණය. දරු දෙදෙනෙකුගේ පියෙක්ය. රටගය මීටරේ නිල් පාට කොටුවේ සිට මාරයාගේ හා ඩ්‍රැකීගේ කතාවෙන් රතුපාට කොටුවට කෙලින්ම මාරුවේ. හම්බ කරන මුදල පවුලේ අවශ්‍යතාවයන්ට වියදම් කිරීමෙන් පසු හරියට බොන්න කියන්නත් මුදල් මදි කමින් සිටි මොහු කලාවට ලැදි ඕනෑම කෙනෙක් ඉතා ඉක්මනින් විශ්වාස කරන තලයේ හාදයෙකි  



දැන් කණ්ඩායමට දෙදෙනෙක් හරිය තුන්වැන්න යෝජනා වෙන්නේ නලින් ගෙන්ය ඒ තමන්ට තරමක් දුරින් නෑ සබදකමක්ද ඇති මේ කණ්ඩායමේ සිටි අපුරුම චරිතයක්වන කෙන්ජිය.

කෙන්ජිගේ වත 

මේ කණ්ඩායමේ සිටි වයසින් වැඩිම තැනැත්තා මොහුය. නමුත් පෙනුමට නලින්ගේත් බාල සහෝදරයෙක් වගෙය. එම කඩවසම් පෙනුම නිසාම මොහුගේ විවාහ ජීවිතය ගැන මම විස්තර නොකරන අතර පාඨක ඔබට කැමැත්තක් සිතාගත හැකිය. ගමේ ඕනෑම වැඩකදී බර කරට ගන්නා  මොහු , වැඩක් කරව ගන්න ගියාමනම් වැඩිපුර වචන වලට වඩා අතපය පාවිච්චි කරන්නෙකි..  ගමේදී අතපය පාවිච්චිය වැඩි නිසා හැමෝගෙම උපදෙස් පිට, රට යාමට උනන්දුවෙන් සිටි මොහුද වගුවේ රෝස පාට කොටුවෙන් දැන් රතුපාටට මාරු උනාය.

දැනට තුන් දෙනෙක් හරිය......  ඉතිරි තුන්දෙනා එකපාරටම හොයාගන්න අමාරුලු .......  

සතියක්වත් යයි වගේලු.......

හොයාගත්තු ගමන් ඊලග පොස්ටුවෙන් විස්තර සමග එමි .....













40 comments:

  1. උඹේ ඇත්ත කතාවක්නෙ රාලේ.
    ඇත්ත දේට මගෙ නමට කෙලවුනත් එකෙන්ම ඉදිරියට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඇත්තම ඇත්ත කෙන්ජි අයියේ ....... (පොස්ට් එකේ ඉන්නේ බොරු කෙන්ජියෙක්...... පෝඩි මාර්කටින් ටිරිකිස් එකක් )

      Delete
  2. රාලේ උඹනං මාරයි තමා... මේ කියන්නේ ඇත්තටම අපි දන්න කියන එකෙකුගේ කතාවද? මොනව උනත් මේ වගේ ඇත්ත දේ කියල දාන්න අපේ නම් මොන විදියට භාවිත කළත් කමක් නෑ.

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම මේ සත්‍ය කතාවක් ඔය ප්‍රදාන චරිත වල සැබෑම අද තත්වය මම අන්තිමට කියනවා..... (නම් ටික ගැනනම් හි... හි.... හි...... කෙන්ජිගේ කොමෙන්ටුවේ පිළිතුර බලන්න )

      Delete
  3. මේවට කියන්නේ ගරිල්ලා මකටින් කියලා... කොහොමත් උඹේ ලිවිල්ල පට්ට රහයි... මේ ටිකේ බිසි වගේ...

    ReplyDelete
    Replies
    1. මාතලන් ලොක්ක කාලෙකින් මේ පැත්තේ ඇවිත් බොහොමත්ම ස්තුතියි ..... බුසි කියන්නේ කියල වැඩක් නැ දැන් මාසයක් තිස්සේ උදේ 8 රැ 10 වනකම් එක දිගටම වැඩ

      Delete
  4. මචෝ..මුල කොටස් ටික මම තාම කියවලා නෑ...ඒ ටිකත් කියවලාම මගේ අදහස කියන්නම්..ජය !

    ReplyDelete
    Replies
    1. එල කිරි..... ඔන්න මට පුළුවන් ඔයාට මේ කතාවේ ඩ්‍රැකීව ඇත්තටම මුණ ගස්වන්න ..... එයත් දැනටත් මැලේසියාවේ ඉන්නවා

      Delete
  5. ඉතිරි කොටසත් ඉක්මනටම දාපං,කොහෙද උඹ ලියන්නෙ අවාරෙට අඹ වැටෙනව වගේනෙ.

    ReplyDelete
    Replies
    1. හැමදාම කන අඹ වගේද අවාරෙට හම්බ වෙන එකක් ඉදලා හිටලා කැවම දැනෙන රස

      Delete
  6. //තමන්ගේ ජීවිතය ගොඩනගන්න ඔය වගේ පොඩි පොඩි බොරුවක් දෙකක් කරන්න වෙනවා ....// අද කාලෙ බොහෝ දෙනා හිතන්නෙ මෙහෙම.

    ReplyDelete
    Replies
    1. සම්පුර්ණ ඇත්ත..... පොඩියට කියල පටන් ගන්න එක අන්තිමට නවතින්නේ කොතනද කියලා පටන් ගත්ත කෙනාම දන්නැ......

      Delete
  7. රාළේ.........ඉස්සෙල්ලා කොටසේ කසුන්ට පාවිච්චි කරපු ජීව විද්‍යාත්මක නාමයම තමයි මේ ශුක්‍ර ආනන්දයටත් පාවිච්චි කරන්න වෙන්නේ මගේ හිතේ.

    ReplyDelete
    Replies
    1. ඒ නම මේ ආනන්දයට හොඳද කියලා ...... බලන්නකෝ අන්තිමට

      Delete
  8. ආ රාළේ, උඹ මගෙ නමත් දැම්ම එහෙනං ඈ... හිටු හිටු ඔහොම.

    ReplyDelete
    Replies
    1. ඒ ඔයානේවි අනී ........ වෙන මහසොනෙක්........

      Delete
  9. මේකාව සමුහ දූෂණයකට ලක් වෙන්නනේ බං යන්නේ. ඉතිං කියනවා ලංකාව සියදිවිනසා ගැනීම අතින් ලෝක වාර්තා තියනවා කියලා. පුදුමයක්යැ මේ වගේ කාලකන්නින්ට අහුවුනාම. මුං හරියට අර ගිජු ළිහිණි වගේ. කාන්තාරේ යන මිනිස්සු පස්සෙන් යන්නේ ඒ මිනිස්සු අතරමං වෙලා මැරුනාම ඇටක‍ටු සූප්පු කරන්න.

    ReplyDelete
    Replies
    1. කරුමෙට වෙනදේවල කියා කියා මුන් කරන්නෙම ගොන් වැඩ....... එකයි මම කියන්නේ අර රටගාය මීටරේ 75 පැන්නට පස්සේ මුණ ඕන ගොන් කමක් කරනවා රට යන්න ලැබෙනවානම්

      Delete
    2. //මේකාව සමුහ දූෂණයකට ලක් වෙන්නනේ බං යන්නේ//
      එක මරු කතාව බං

      Delete
  10. මොකෑ බොල එක එකාගේ නං ඈදන්නේ

    ReplyDelete
    Replies
    1. ඒ ඉතින් ආපු එව්වන්ට ගැලපෙනම නම් නිසානේ බන්........ අහල ගත්තේ...... උබටත් චරිතයක් ඕනිනම් කියපන් ......

      Delete
  11. උඹනං ගරිල්ලා මාකට්න් පාරක් දාන්නේ.. හැක්

    ReplyDelete
    Replies
    1. අනේ මම අහිංසකයි බන්....... වෙච්ච දේ ලියනවා විතරයි .....

      Delete
  12. ද්රකි , නලින් හා කෙන්ජිගේ වත ලෙසටම කියා ඇත .මේ මලේ රාළ කියලා ලියන්නේ උඹ "අනුර හොරේෂස් "ද මන්දා

    ReplyDelete
    Replies
    1. ඉවාන් අනුර හොරෙෂස් කියන්නේ බොහොම මහන්සිවෙලා ලංකාවේ පාතාලය ගැන ලියපු කෙනානේ..... මම එච්ච්චර දක්ෂ නැ.... අනික මට වෙලාවත් මාර විදියට අඩුයි බන්....... කොහොම උනත් තැන්කුයි ..... ලොකු ගෞරව නාමයක් දුන්නට

      Delete
  13. මිනිස්සු මාර විදියට හීන නිසා ඇද ගන්නව නේද

    ReplyDelete
    Replies
    1. සම්පුර්ණ ඇත්ත හින සැබෑ කරගන්න යනකොට මතක නැති වෙනවා යන පාර ගොඩනගන්නේ සැබැ ලොකෙමද කියල හරියට හොයා බලන්න

      Delete
  14. ලොවෙත් නෑ රාළ....

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මැලේසියාවේ තියෙනවනේ බන්

      Delete
  15. හැබෑම වටිනවා. නොදන්න අපිට දැනගන්න නම් බොහොම වටිනවා. කලින් දෙකත් කියෙව්වා. මම මේ කියන්නේ තවත් පිටු බාගයක් විතර ලිවනම් එක පෝස්ටුවකට හොඳ නැත්ද? එතකොට අමාරුවෙන් හරි එලිවෙන ජාමේ කිට්ටු කරලා හරි කියවලා ඉවර කරන්ඩ පුලුවන්. :D (විහිලුවට ඈ)

    ReplyDelete
    Replies
    1. තව ලියන්න ගොඩක් දේවල තියෙනවා....... ලොකුම ප්‍රශ්නේ ලියන්න තියෙන වෙලාව මදිකම...... මේ පැත්තේ එනවට.... ඇවිත් මේ වගේ සලකුණු තියනකොට තමයි වෙලාව අඩු උනත් ලියන්න හිතෙන්නේ..... ටැංකුයි ඈ

      Delete
  16. මාත් මේ පැත්තට පය තිබ්බා.මැලේ රාළගේ ලියවිල්ල නම් නියමයි.මැලේ රටට ගොඩ බහින්න ලක්ෂෙක ප්‍රෝඩාවක්ද කරන්නේ....ඒ අතින් උන් වාසනාවන්තයි.උන්ට නැති වෙන්නේ ලක්ෂයයි.ඉතාලි එන්න නොවැ ලක්ෂ 17,16 දීලා රැවටෙන්නේ මිනිස්සු..... අනේ අපොයි කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ආදරෙන් පිලිගන්නවා ශානු....... ඔතන දෙන ගැන වැදගත් නෑ මොකද තමන්ට හැකි ප්‍රමාණයේ උපරිමය තමයි ගාණ .... ප්‍රශ්නේ තියෙන්නේ දෙනකොට අදින ඇදිල්ලයි..... හොදට ඉගෙන ගත්තු අයත් පට්ට හරක් වගේ වැඩ කරනවනේ අප්පා ඔය රට යන්න කියලා ....

      Delete
  17. කොටස් 3ම කියෙව්වෙ දැන් තමයි......හම්මේ එහෙමත් රැවටිල්ලක්....මුං මිනිස්සුද අප්පා

    ReplyDelete
    Replies
    1. මම එත් බැලුව දැන් කට්ටිය ඇවිත් සද්දනතුවම කියවල යනවද කියලා..... මුන් මිනිස්සු නෙවි රවට්ටන එවුන් ගල් කූරෝ ..... රැවටෙන එවූන් පට්ටි හරක්......

      Delete
  18. හෙනම ගහපිය ඕකුන්ට.

    ReplyDelete
    Replies
    1. උඹට මේකට තොතුරු දෙන එකා ගැන මට දැන් හිතා ගත හැකියි. අහන්න නම් එපා තම තම නැණ පමණින් තේරුම් ගන්න.

      Delete
    2. උන්ට හෙනත් නෑ අයියා ..........

      දන්නා දේවල් ගැනනම් නිශ්ශබ්දව ඉන්න එක තමා හොදම ..........

      Delete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. මුල් කොටස් කියෙව්වේ නැති නිසා ටිකක් වයර් උනා !
    ඒ ටිකත් කියවලා එන්නම්....

    ReplyDelete