මම S. L. මැලේ රාළ

මම ලංකාවේ පොරක් මැලේසියාවේ ජොබක් කරන.... මට මේක ලියන්න හිතුනේ අනික් බ්ලොග් කියවල ඒවා දැක්කම මෙහෙවෙන දේවල් අනික් කට්ටියටත් දැන කියාගන්න කියල තමයි .

අවූරුදු ගානක් තිස්සේ මෙහෙ ඉදන් අහපු දැකපු, සිද්ද උන හා දැනටත් සිද්දවෙමින් පවතින දේවල් තමයි මම ඔයාලට කියන්න යන්නේ ඕන්.....

Wednesday 10 July 2013

කවුද බොලේ ශ්‍යාම් ?????????

 පළමු කොටස        


     වර්ෂ 2002 එක දවසක ලංකාවේ පත්තර වල අපුරු පුවතක් පල වුනා..... ඒ තමයි කන්ද උඩරට පළාතේ පවත්වාගෙන ගිය හොර කච්චේරියක්  පොලෝසියෙන් වටලපු එක....... 

        ඔතනින් හොයා ගත්තා ලංකාව වටේම විදුහල්පතිවරුන්, දිසාපතිවරුන් , පොලෝසියේ ලොක්කන්, මැති ඇමති වරුන්ගේ හොරට හදපු letterhead සහ සීල්..... කොටින්ම වැටලීමට අණ දුන්න පොලිස් ලොක්කගේ සීල් එකත් තිබුනා කියල තමයි ආරංචිය 


       මේ සිද්දියට පහුවෙනිදා ලංකාවේ ඉදන් සින්ගප්පුරුවට එන ගුවන් යානයක එනවා එකතරා බාප්පෙක් සහ පුතෙක්, පුතාට වයස අවු 19ක් විතර නම ශ්‍යාම්........

      සිංගප්පුරුවට ආ මේ ජෝඩ්ඩ ඊට සති 2ක 3නකට පස්සේ එනවා මැලේසියාවට...... මැලේසියාවේදී මේ බාප්පා තම අයියගේ පුතා වන ශ්‍යාම්ව මෙහෙ බෝතල් පත්තර ව්‍යාපාරයක් (මෙහෙ බාසාවෙන් එවැනි තැන් වලට කියන්නේ "ඉසිබුරෝ" කියලා) කරන තැනක වැඩට දාලා ආපහු ලංකාවට යනවා.... 

    මෙහෙම දැහැමෙන් සෙමින් වැඩ පටන් ගත්ත ශ්‍යාම් කොලුවා පුරුදු පරිදි ලංකාවේ ගතිය පෙන්නමින් මාස කිහිපයක් ඇවෑමෙන් මෙතන හිටපු අනික් සේවකයෝ ඔක්කොම පරද්දලා ලොක්කගේ හිත දිනාගෙන අංක එක උනා,

    ඔන්න ඔය අතරේ මේ පරණ යකඩ බඩු කඩේට එනවා පරණ කැලි හොයාගෙන සමහර ලංකාවේ පොරවලුත් ..... ඒ ආපු එක්කෙනෙක් තමයි ගරාජ් එකක වැඩ කරපු නිශාන්ත. (පොර මෙන්න මේකෙත්  හිටිය එකා)  දවසක් මේ නිශාන්ත හා ශ්‍යාම් ළමයා කතාවකට සැට් වෙනවා මෙන්න මෙහෙම,

නිශාන්ත: මල්ලි මෙතනට ඇවිල්ලා ටික කාලෙන්ම ඇක්ටින් බොසා උනානේ කොහොම හරි නේද 

ශ්‍යාම්: ඔව් අයියා අපේ බොසාට දැන් මට වඩා කෙනෙක් නැ...... අයිය මෙහෙ ගොඩක් කල්ද ?  

නි: අපොයි දැන් අවරුදු 5කට වැඩියි ..... 

ශ: එහෙනම් මෙහෙ ගැන ගොඩක් දේවල් දන්නවා ඇති නේද ?

නි: ඔව් ඇයි මල්ලිට මොනවද දැන ගන්න ඕනා

ශ: මේකයි අයියා මගේ පාස්පෝර්ට් එක නැති උනා, මට වීසාත් නැ, එත් අපේ බොසා කැමතියි මට වීසා එකක් හදලා දෙන්න ඒ නිසා ලංකාවේ ඉන්න අපේ බාප්පා මට අලුත් පොතක් හදවලා තියෙනවා එක මට මෙහෙට ගෙන්න ගන්න ඕනා...... එකට ක්‍රමයක් තියෙනවද?

නි: ඇයි ඔයා අලුතෙන් පොතක් ලංකාවෙන් ගෙන්නන්නේ මෙහෙ එම්බසි එකෙන් හැදුවකිනේ

: මට විසා නැනේ අයියේ ඒ නිසයි මම ලංකාවෙන්ම හදලා පොතක් ගෙන්න ගන්න හදන්නේ 

නි: වීසා නැති උනාට කමක් නැ ඔයා බොස්ට කියන්න මුලින්ම ඔයාගේ නමට approval එක ගන්න කියලා ඊට පස්සේ ඒ approval එකේ copy එකකුයි නැති වෙච්ච පාස්පෝර්ට් එකේ copy එකකුයි අරන් එම්බසියට ගියානම් අලුත් පොතක් හදවල ගෙන්න ගන්න පුළුවන් ...... අනික ඔය පොත ලංකාවෙන් ගෙන්න ගත්තට වැඩක් නැ එකේ ඔය මෙහෙට ආපු විස්තර මුකුත් නැති හිස් පොතක් නේ එන්නේ එක මෙහෙට වැලීඩ් නැ....

: ඔය කථාව මම දන්නවා.... (කොල්ලා පොඩ්ඩක් ඇබරිලා එහෙම වට පිට බලලා)..... මම අයියට ඇත්තම කියන්නම්කො මට ලංකාවේ පොඩි කෙස් එකක් තියෙනවා ඒ නිසා මට පරණ පොත වෙනුවට නම පොඩ්ඩක් එහා මෙහා කරලා අලුත් පොතක් අලුත් නොම්මරයක් එක්ක ගෙන්න ගන්නයි ඕනා ..... අර මෙහෙට ආපු විස්තර හදන විදියත් මම ලැහැස්ති කරගෙන යනවා ඒවා මම ඔයාට පස්සේ කියන්නම්කො ..... මට පොත ගේන විදියක් කියනවද?




නි: මට පොත ගෙනත් දෙන්න පුළුවන් මලයෝ එත් ඔයාගේ කේස් එක මොකද්ද ?, ඔයා කොහොමද අර මෙහෙට ආපු විස්තර හදාගන්නේ කියල කිව්වොත්තමයි ඔයාගේ වැඩේ කරන්න මම බර ගන්නේ ......
  
: ඔයාට මම විස්තරේ කියන්නම් හැබැයි මේ ගැන කාටවත් කියන්න එපා..... දැනට ටික කාලයකට කලින් ලංකාවේ හොර කච්චේරියක් පොලිසියෙන් ඇල්ලුවා එක කරේ අපේ ලගම නෑදෑයෝ...... ඒ කිව්වේ අපේ බාප්පල මහප්පලා කට්ටිය ..... ඉතින් තාම නඩුව යනවා මමත් නෑයෝ නිසා නිකන්ම එක විත්තිකාරයෙක් වෙලා ඉන්නේ (එයා නිකන්ම කිව්වට ඇත්තටම නිකන්ම නෙවි...... ඒ හරිය ඉස්සරහට .. ) එක නිසා මට අව්රුදු ගානකට ලංකාවට යන්න බැරිවෙයි එකයි කේස් එක.

නි: ආ.... එකද මාත් එක දන්නවා මෙහෙට ලගදී ආපු කෙනෙක් ඔය කතාව කිව්වා මට ... එතකොට කොහොමද අර විස්තර ටික හදාගන්නේ 

: එකට මට උපදෙස් දුන්නෙත් අපේ බාප්පා කෙනෙක්ම තමයි  එක කරන්නේ මෙහෙමයි දැන් ඔය පොත ලංකාවෙන් හදපු ගමන් මැලේසියන් එම්බසී එකට දාලා මෙහෙට එන්න විසා එක ගස්සගන්නවා.
 පොත ලංකාවෙන් ආවට පස්සේ මෙහෙ ඉන්නවා මම අදුරන රබර් සීල්කපන පොරක් ඌව අල්ලගෙන ලංකාවේ ඉමිග්රේෂන් එකෙන් ගහන පිටත්වීමේ සීල් එකයි මෙහෙ ඉමිග්රේෂන් එකෙන් ගහන ඇතුල් වීමේ සීල් එකයි පොතට ගහනවා.



 ඒ එක්කම දවස් 30ක විසිට් විසා එකේ සීල් එකත්
........ 


නි: හැ... ඊට පස්සේ 

ශ: ඊට පස්සේ අර ඔයා කිව්වා විදියට approval එක ගන්නවා..... 

ඔන්න දැන් මැද්දට පනිනවා නිශාන්ත 

නි: අන්න උබ වැරැද්ද ගත්ත තැන ඊට පස්සේ ඔරිජිනල් විසා එක ගහන්න ඉමිග්රේෂන් එකට දීපු ගමන් ඔය ගහලා තියෙන ලංකාවේ සීල් එක කෙසේ වෙතත් මෙහෙ සීල් දෙක හොර ඒවා කියල අත උඩින්ම අහු වෙනවනේ ......

ශ: හි.. හි.. හි... කෝ ඔයා මට කතාව ඉවර කරන්න දුන්නේ නැනේ .... කව්ද ඔය පොත මෙහෙ ඉමිග්රේෂන් එකට දෙන්නේ...  approval එක ආපු ගමන් මම පොත හොදට හෝදලා එහෙම අරගෙන යනවා අපේ එම්බසි එකට .... ගිහින් එතන ඉන්න මහත්හොරුන්ට වැරදුනා මහත්තුරුන්ට කියනවා 
     "අයියෝ සර් මම මෙහෙ වැඩට ආවේ ලගදී මේ තියෙන්නේ වැඩ කරන්න හම්බුන විසා approval එක .... අද පාස්පෝර්ට් එක ඉමිග්රේෂන් එකට බර දෙන්න යන්න හදන කොට වැටුනා නේද වතුර බේසමට ...... අනේ මට මේකට අලුත් පොතක් හදලා දෙන්න මගේ දෙයියනේ ......."  කියලා


නි: අනේ අම්මේ මදැ........ දැන්නම් මීටර් අපේ එම්බසියේ ඉන්න අප්පුහාමිලට ඔය වතුරට බොද වෙලා තියෙන සීල් හොයන්න බෑ ඔරිජිනල්මද කියලා ඒ නිසා ඔයාගේ කතාව පිළිඅරගෙන ඒ පොතේ විස්තර වලට අලුත් පොතක්, එක අපු ගමන් ඉමිග්රේෂන් එකට එතනත් ප්‍රශ්නයක් නැ මැලේසියාවෙන් ඉෂු කරපු අලුත් පොතක්......

ශ: ආ ආ ආ ඔය තේරුනේ අයියට නිකන් හරකට වගේ ..... දැන් මොකද කියන්නේ මගේ පොත ගෙනත් දෙනවද ?

නි:මොනවද මේ කතා ඔයා බය නැතුව ලංකාවේ පොත රෙඩි කරලා මට කියන්න සතියෙන් දෙකෙන් බඩු මෙහෙ තියෙයි 

  ඔන්න ඔය විදියට මැලේසියාවේදී පාස්පෝර්ට් වලට හොර සීල් ගහලා වැඩ ගැනීමේ අලුත්ම කලාවක අඩිතාලම වැටුනා කියන්නකෝ...

   මෙහෙම යහළුවෝ වෙච්ච ශ්‍යාම් හා නිශාන්ත තමන්ගේ මේ සේවාව වැඩි දියුණු කරලා සංවර්දනය කරලා විසා නැතුව පසුතැවෙන හුදී ලාංකික ජනයාට පිහිට උන හැටි ලබන පොස්ටුවෙන් 

ඒවගේම ලබන පොස්ටුවෙන් .........

  •  තමන්ගේ හොදම සේවකයාව මරන්න හොයන බොස් ගැනත්.........
  • මාසයකට මැලේසියා ඇවිත් යන අපේ සමහරුන්ගේ පොත්වල ඒ මාසය අතුලත තව රටවල් 3න හතරකට ගිහින් ආපු විසා තිබුනේ කොහොමද කියලත් ඔයාලට දැන ගන්න පුළුවන්.......


ප. ලි.

මේපාර පොස්ටුව ඉදිරිපත් කිරීම ගෙන ඔබගේ වටිනා අදහස බලාපොරොත්තුවෙමි..............
    

35 comments:

  1. මේ සැරේ නම් අරූගෙන ඉගෙනගෙන, පිලිවෙලක් ඇතුව වැඩේ කරලා තියෙනවා.. දැන් ටොප්...

    ReplyDelete
    Replies
    1. අව්රුදු ගානක් චීන්නු එක්කනේ බන් වැඩ කරන්නේ කොපි කරන එකනම් සුපිරියටම ප්‍රගුණ කරලා තියෙන්නේ ....... තැන්කු මචන් .........

      Delete
  2. ඔය තියෙන්නෙ පෝස්ටුව මල් හතට.....අපේ උන් ඉක්මනටම මැලේසියාවත් ලංකාවෙ ගානටම ගේනවා...මටත් ඔහෙ ඉන්ෂුවරන්ස් කොම්පැනියකට සෙට් උනා නම් හොඳයි වගේ..

    ReplyDelete
    Replies
    1. තැන්කු මචන් ...... ජොබට ආවට කමක් නැ...විස එකක් ගහගන්න ඕන උනොත් කියන්න මටත් කීයක්හරි තියාගෙන වැඩේ කරලා දෙන්න බැරියැයි .... හි...හි...හි....

      Delete
  3. අපේ එවුන් මේ වගේ වැඩ වලට මාර දක්ෂයි.

    ReplyDelete
    Replies
    1. ඔය පටන් ගනීම විතරයි මෙයාගේ නියමම දක්ෂකම පෙන්නේ ඊළග විස්තර වලදියි....

      Delete
  4. නියමයි.
    මැලේසියාවෙත් ලංකාවෙ වගේම ගල් ආඳෝ ඉන්න රටක්.
    සමහර මන්ත්‍රී ල ඇමතිල එයාර්පෝට් එකේ එව්වොත් එක්ක එකතුවෙලා ලොකු ගණන් අරන් රට යවන සීන් තියෙනව.

    ReplyDelete
    Replies
    1. කෙන්ජි මගේ දෙයියෝ ඔයටනම් මෙහෙ ගැන හොද දැනුමක් තියෙනව වාගේ......... ඊලග පොසිටුවේදී බලන්නකෝ ඔය මේ කියපු දෙවලිම තමයි මුන් මෙහෙ කරේ..... ඇත්ත කියන්න ඔය ශ්‍යාම්ව දන්නවා නේද????/

      Delete
    2. මම දන්න ශ්‍යමෙක් නැහැ බං.දන්නව නම් මම මුලින්ම කියනව ඔබට.දන්නා කියන එව්වන්ට වෙච්ච අහපු කියපු දේවල් වලින් කිව්වෙ.
      ඔය කොයි දේත් ටික ටික හරි දන්න බුවෙක් තමයි මමත් හරිය :).

      Delete
  5. අද නං කාට හරි පෙන්නලා සංස්කරණය කරගෙන වගේ ... හි හි....

    අ‌‌ෙප් උන් මොනා නැතත් හොර වැඩට නං මාර දක්ෂයි‌නේ....

    ReplyDelete
    Replies
    1. මොන එඩීටින්ද අනේ කෙලින්ම කෝප්පේ අර උඩම කොමෙන්ටුවල අපුරුවට තියෙන්නේ කථාව.....

      Delete
    2. හි හි....
      හි හි....
      හි හි....
      හි හි....

      Delete
  6. හොරකමෙන් හරි අපේ උන්ට සේවයක් කළානං ඒ මදෑ. ලොකු ගණන් නොකපා. දැන් හොඳයි බ්ලොග.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සෙතක් කරානන් අව්ලක් නැ...... ඒ උනාට අන්තිමට බලන්නකෝ මු මොනාද කරේ කියලා

      Delete
  7. අනිත් කොටස ඉක්මනට දාප්න් මචං

    ReplyDelete
    Replies
    1. දවස් ගානකට පස්සේ අදය් මේකට එන්න පුළුවන් උනේ වැඩ නිසා දැන් ලියන්න පටන් ගත්ත හෙට වෙනකොට දානවා කොහොම හරි

      Delete
  8. මැලේ රාලේ අපේ එවුන් ඇත්තටම දුක් විදිනවද ඔහේ.
    ගොඩ වදින්න මේ පැත්තටත්

    ReplyDelete
    Replies
    1. හැමෝම නෙවි ගොඩක් එවුන් බන් ...... ඇත්තටම දුක් විදින්නේ අපේම හොර ඒජන්ට්ලට අහුවෙලා බන් එකයි දුක
      ඔන්න ඉයේ රැම ඒපෑත්තෙත් රව්මක් දාලා ආවා

      Delete
  9. දහ නමයයි කියුවානේද වයස . 29ක් වෙන කොට පොර මොනවා නොකරයිද බං

    ReplyDelete
    Replies
    1. අටම් ඔයා එනකම් මම බලන් හිටියා.....ඔයත් එක හේතුවක් තමය මෙච්චර කට්ටිය මෙහෙට එන්න..... ..... තාම ඕකට 29ක් නෑ මගේ හිතේ එත් ඉස්සරහට බලන්නකෝ ඕක මොනවද නොකෙරුවේ කියල

      Delete
  10. යකෝ හොරුන්ගෙත් හොරුනේ ..කම්බ හොරු , කම්බ හොරු

    ReplyDelete
    Replies
    1. මු කම්බ හොර නෙවි හම්බ හොරෙක්...........

      Delete
  11. යකෝ මැලේ රාල මෙච්චර එවා දන්නේ කොහොමෙයි.... මේකාත් හොර සීල් කාරයෙක්වද්දෑ..? :D :D :D

    ReplyDelete
    Replies
    1. හි හි හි උබනම් මාරයම තමයි ....... ඔයවගේ පනයන පුරස්න අහන්නේ ..................

      Delete
  12. මට මුලින්ම සෙට් උනේ දෙවනි කොටසනෙ! එකෙ ඉදන්ම කියවල තව කොමෙන්ට් එකක් දාන්නම්කො :D

    ReplyDelete
    Replies
    1. අදයි මේ කොමෙන්ටුව දැක්කේ ....... මලේ කෝ ඔයාගේ අලුත් පොස්ට් ????

      Delete
  13. උගත් හොරෙක් වගේ. වෙලාවක් තියේ නම් මේ පැත්තෙත් ඇවිත් යන්න. http://kurutugegeepota.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මුට උගත් කමක් නම් තිබුනේ නෑ ..... එත් බුද්දිමත් ...... හැබැයි පට්ට හොරා ....

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. මේකේ දිග, අවුලක් නෑ එක හුස්මට කියවල ඉවර කලා

    අනිත් කොටසත් ඉක්මනට දාපන් මචං :D

    ReplyDelete
    Replies
    1. අවසාන කොටස තව දින 2ක් 3නක් ඇතුලත එනවා.......

      Delete
  16. ඉතින් බන් ඔච්චර ඒවා කරන්න දන්න එකාට අර පාස්පෝට් එක ලංකාවෙන් ගෙන්න ගන්න විදිහක් හොයාගන්න බැරිද බන්..?

    ReplyDelete
    Replies
    1. එතකොට අපු අලුතමනේ ලංකාවේ ඕන වෙඩක් කරගන්න පුළුවන් ඇත ලංකාවයි මලෙසියවයි සම්බන්ද කරන පුරුකක් හොයා ගන්න දැනන් හිටියේ නෑ ඒ දවස් වල

      Delete
  17. මගේ නම චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න. මම තමයි ගෑනූ නමකින් පුංචි කුමාරිහමිගේ වලව්ව බ්ලොග් එක කරන්නේ. උබට බ්ලොග් කරන විදිහ දැන ඉගෙන ගන්න ඕනේ නම් මගේ පුංචි කුමාරිහාමිලේ වලව්ව බ්ලොග් එකට ඇවිල්ලා කියවලා බලපන්. නිකම් පඩියා වගේ පඩි ටොක් නොදා. උබලට වඩා බ්ලොග්කරණයට අපි සීනියර් මැට්ටෝ.

    ReplyDelete