මම S. L. මැලේ රාළ

මම ලංකාවේ පොරක් මැලේසියාවේ ජොබක් කරන.... මට මේක ලියන්න හිතුනේ අනික් බ්ලොග් කියවල ඒවා දැක්කම මෙහෙවෙන දේවල් අනික් කට්ටියටත් දැන කියාගන්න කියල තමයි .

අවූරුදු ගානක් තිස්සේ මෙහෙ ඉදන් අහපු දැකපු, සිද්ද උන හා දැනටත් සිද්දවෙමින් පවතින දේවල් තමයි මම ඔයාලට කියන්න යන්නේ ඕන්.....

Tuesday 16 July 2013

කවුද බොලේ ශ්‍යාම් ????? 2

පාර්ට් ටු 


      ඔන්න කතාවේ 2 කොටසට එන්නයි යන්නේ.... මුලින්ම පළමු කොටස බලපු නැති අය මෙන්න මෙතනට කොටලා එක බලලා ඉන්න.

     කොහොම හරි අර කිව්ව විදියට නිශාන්තට කියලා පොත ගෙන්න ගත්ත ශ්‍යාම් බොස්ට කියලා වීසා එකත් ගහගෙන කාලයක් ඔතන ඔහොම හිටිය කියමුකෝ... 

    ඒ අතරේ නිශාන්ත තම ගැරේජ් රස්සාවත් එක්ක තව වැඩක් කරනවා ඒ තමයි ශ්‍යාම් එක්ක එකතු වෙලා ලංකාවේ එක එක ජාතියේ ජල්බරි දාගෙන ඉන්න අයට අලුතෙන් පාස්පෝර්ට් ගෙන්නලා ඒ දුශ්චරිත, සුචරිත කරන එක බලන්න නලින් අයියේ එක කොච්චර හොද වැඩක්ද කියලා අපේ ලංකාවේ අයට......

  නිශාන්තටත් ඕන මොකක් හරි මරාලයක් කරලා සල්ලි හොයන්න නිසා ඇත්තටම මේ ශ්‍යාම් කව්ද ලංකාවේ මොනවද කරේ කියලා එයා කියපුව ඇරෙන්න වෙන මුකුත් දන්නේ නැ....

  ශ්‍යාම්ගේ පැත්තෙනුත් ඔහොමම තමයි නිශාන්ත එයා ගැන කිව්වා ටිකට වඩා වෙන මුකුත් දන්නේ නැ......


 ඔහොම ටික කාලයකට පස්සේ එක දවසක ගිනිදවාලේ ශ්‍යාම් කඩාපනිනවා නිශාන්තලගේ ගරාජ් එකට මෙන්න මෙහෙම කියාගෙන 

ශ්‍යාම්: නිශාන්ත අයියේ........... අනේ මගේ බුදු දෙයියනේ මාව බේරගනින් අපේ බොසා මාව මරන්න හොයනවා.....


නිශාන්ත අන්දමන්ද වී ශය්ම් දෙස බලයි ........

නිශාන්ත: හැ.................. උබයි බොසයි අමුඩෙයි පුකයි වගේ නේද හිටියේ......... කොහොමද එකපාරට දියලනුව කැපුනේ අමුඩේ ගැලවෙන්න ??? 

ශ: අනේ මම දන්නා අමුඩයක් නැ හැබැයි බොස්ට අහුඋනොත් මගේ පුක විතරක් නෙවි මවත් දෙකට පලයි ඕකා...... අනේ අල්ලා දෙවියනේ මව බේර ගන්නලා........ (මුට මෙච්චර කාලයකට නැතිව උගේ දෙවියන්වත් මතක් වෙයි )

නි: ආ...... උබට දෙවියොත් මතක් වෙලා තියෙන්නේ ඇත්තටම එහෙනම් ලෙඩක් තමයි ... කියපන්කො දැන් මොකද්ද කරන්න ඕන කියලා

ශ: මාව ඉක්මනට හන්ගපන් අරුට හොයාගන්න බැරි තැනක ...... ඉතුරු ටික පස්සේ කතා කරමු...... දැන් ඉක්මන් කරපන් අයියේ.....

නි: හරි දැනට හන්ගන්නනම් ඕන, උබ ඔය ටැක්සි එකකක නැගලා මගේ පස්සෙන් වරෙන් කියමින් නිශාන්ත තම මොටසයිකලෙන්ගමන ආරම්භ කරයි 
  
නිශාන්ත හදුනන ගැනු ලමයි කීප දෙනෙක් සිටින නිවසක එක කාමරයක ලැගුම් ගන්න සැලැස්වූ ශ්‍යාම් ගෙන් දැන් නිශාන්ත වෙච්චදේ අහගන්න බලා සිටියි 

නි: හරි දැන්  කියපන්කො විස්තරේ මොකද උනේ කියලා....... මොකද උබේ බොසා උබව මරන්න හොයන්නේ ?? මොකද්ද උබ උට කරපු අලුගේත්තේරු වැඩේ ?

ශ: පිස්සුද අයිය මම උට කරපු දෙයක් නෑ මේ පොඩි මිස් අන්ඩස්ටැන්ඩීන් එකක් .......

 ලෝකේ කාලා වතුර බීපු පොරවල්ගෙන් එකෙක් වන නිශාන්ත මු කතාව කියන විදියෙන්ම තේරුනා  බොරුවක් කියලා

නි: යකෝ දොස්තරටයි ලොයර්ටයි බොරු කියන්න එපා කියල තියෙනවනේ... දැන් උබට ඉන්න ඒ දෙන්නම මම තමයි ඒ නිසා ඇත්ත කතාව කියපන් මම උබව මෙතනිනුත් එලියට දාන්න කලින් ......

ශ: හරි .. හරි... අයියා ඔයා මට කවදත් උදව් කරපු මිනිහනේ මම ඔයාට ඇත්තම කියන්නම්........ ඔයාට මම කලින් කිව්වනේ මට ලංකාවෙන් එන්න උන කෙස් එක ....... 

නි: ඔව් අර උබලගේ නෑයෝ කරපු කච්චේරිය පොලොසියෙන් අල්ලපු කේස් එකනේ 

ශ:ඔව් එක තමයි ඒ උනාට ඒ කෙස් එකේදී අපේ බාප්පල මාව ඉක්මනට රටෙන් පිට කරේ තව ලොකු හේතුවක් ඇතුව 


නි:ඇ....... ඒ මොකද්ද ඒ???

ශ:ඔය බාප්පලා කරගෙන ගිය හොර කච්චේරියේ ලොකුම වැඩේ කරේ මම 


නි: තේරෙන්න කියපන්කො යකෝ ....

ශ: කියනකන් ඉන්නවකෝ පොඩ්ඩක් බාප්පල සීල් හැදුවට letter head අච්චු ගැහුවට, ඒවායේ ඒ ලොකු මිනිස්සුන්ගේ අත්සන ගැහැව්වේ මම.... 
කොටින්ම කියනවනම් ඒ මුළු ව්‍යාපාරේම දිව්වේ මන් නිසා .... මට තියෙනවා උපන්ගෙයි හැකියාවක් ඕනෑම කෙනෙක්ගේ අත්සන සැරෙන් දෙසරෙන් ඒ විදියටම ගහන්න පුළුවන් 
            මේකතාව කට අරගෙන අහන හිටපු නිශාන්තගේ ටිකිරි මොලේට ආවේ මෙන්න මෙහෙම අදහසක්


නි: අප්පටසිරි එහෙමද ? යකෝ උබ මාරු කොල්ලෙක් නේ බන් ඇයි උබ මෙච්චර දවසක් ඕක මට කිව්වේ නැත්තේ ඔය හැකියාවෙන් අපිට උනත් කොච්චර වැඩ ගන්න පුලුවන්ද බුදු පුතේ 

ශ: මොන වැඩේ කරන්නත් දැන් අපේ බොස්ගෙන් බේරිලා ඉන්න එපැයි


නි: දැන් කියපන් කෝ මේ හොර අත්සන් ගැහිල්ලෙයි බොස් උබව මරන්න හොයන එකෙයි තියෙන සම්බන්දෙ මොකද්ද කියලා 

ශ:එක උනේ මෙහෙමනේ........ දැන් අපිට පරණ බඩු ගෙන එවුන් ඉන්නවනේ උන් ඔක්කොම බොසාව දන්න කට්ටිය. කලෙක ඉදන් උන් බඩු ගෙනාවම ප්‍රමාණය දාලා ගාණ හදලා උන්ගෙන් අත්සනක් අරන් තමයි අපි සල්ලි දෙන්නේ ........


නි:ආ ආ  අත්සනක් ගන්නවා කිව්වම මට පොඩ්ඩක් මීටරේ වැඩ කරනවා  වගේ .... කමක් නැ උබම කියපන්කො  බලන්න.

ශ:ඔයාට මීටර් උන දේ තමයි උනේ මම ඉතින් කොච්චර හොදට වැඩ කරත් බෝසා මට කියද අප්පා ගෙව්වේ ... මම ඉතින් අරුන් අත්සන් කරලා යන කොලය දවස් 2ක 3කින් ඉරලා විසික් කරලා උට වැඩියෙන් ගානක් ගෙව්වා විදියට අලුත් කොලයක් හදලා, උගේ අත්සන මම ගහලා වැඩිපුර ගාන මම සාක්කුවේ දාගන්නවා...... වැඩේ කියන්නේ කාටවත් නොකියා මම කරගෙන අපු වැඩේ අපේ බොසා දැනගෙනනේ ....... හොද වෙලාවට මු මම මෙතන ගේමක් දීලා කියල දැනගත්තු ගමන් මාත් එක්ක ඉන්න අනික් එකාට කෝල් කරලා කියලා මාව කාමරයට දාලා ලොක් කරන්න කියලා


නි: නෑ....... ඉතින් 

ශ:මුන් කාමරයට දාලා ලොක් කරපුවම මම කට්ටියගෙන් මොකද මේ කියල දැනගත්තම වහලේ ටකරමක් උඩට උස්සලා කට්ටියට හොරෙන් පිටිපස්ස පැත්තෙන් ඔයාලගේ දිහා ආවා....

නිශාන්ත කල්පනාවට වැටෙයි .... ලාංකික හදවත උනුවෙයි අනෙක් අතට මේ වගේ සම්පතක් ත හරින්නේ කොහොමද කියත් සිතෙයි ........ අනතුරුව ඊලග පියවර ක්‍රියාත්මක කරයි ......


නි:හරි උබ දැන් මේ කාමරයට වෙලා ඉදපන් අර එළියේ ඉන්න අක්කලට මම කියන්නම් උබටත් කෑම ටිකක් කාමරයටම එවන්න කියලා. මම උබලගේ ඉසිබුරෝ එක පැත්තේ ගිහින් බලන්නම් මොකද එතන වෙන්නේ කියලා....

ශ: අනේ නිශාන්ත අයියා කරනදෙයක් පරිස්සමින් දන්නවනේ අපේ ලොක්කගේ හැටි .......

නිශාන්ත නම් නළුවා ඊළගට ඉසිබුරෝවට පැමිණෙයි. බොසා යකාවී ලගපාත ඉන්න සියලු දෙනාටම බනින සද්දය ඇතටම ඇසෙයි...... සුප්පුව නැති උන බාබා වගේ නිශාන්ත එතනට පැමිණෙයි......

(ඔවුන් අතර සිදුවූ දෙමළ සාකච්චාවේ සිංහල පරිවර්තනය පහත පරිදිය)   

නිශාන්ත: ආ සර් මම මේ යකඩ පට්ටන් කැල්ලක් ගන්න කියල කෝ මේ ශ්‍යාම් 

බොස්: ශ්‍යාම් මතක් කරන්න එපා ඕකව ....... උබ උගේ යාළුවා උබ දන්නවා උ කොහෙද කියලා කියපන් මට නැත්නම් උබටත් අද මෙතනින් යන්න වෙන්නේ නැ

නිශාන්ත බාබා දැන් තොත්ත බාබාගේ මුණ දාගනි 


නි:ආ ... මොකද්ද සර් ඒ කතාව....... ඇයි ශ්‍යාම් අද උදෙත් අපේ ගරාජ් එකට ඇවිත් මගෙන් රිංගිට් 2000කුත් ඉල්ලන් ගියානේ හවසට බොස් ආවාම දෙන්නම් කියලා දැන් මොකද උට වෙලා තියෙන්නේ.... 

බො:ආ...... එහෙනම් උබත් දැන් ඒ හොරාට අහුවෙලා උ මගේ සල්ලි රිංගිට් 10,000ක් විතර මෙතනින් හොරකම් කරලා,..... බඩු අරගෙන මෙතන මිනිස්සුන්ට ගෙවපු විදියට පෙන්නලා.... එත් බඩු නෑ.... මිනිස්සුන්ට සල්ලි ගෙවලා විතරයි..... දැන් මට හොයාගන්න ඕනා මුත් එක්ක එකතු වෙලා ඉන්න මට බඩු ගෙන මිනිස්සු කව්ද කියලා......

නි: අයියෝ සර් මගේ 2000ට මොකද වෙන්නේ 

බො:උබට මම 2000ට 3000ක්ම දෙන්නම් ඕකා ඉන්න තැනක් හොයලා දුන්නොත් 

නි:හරි මට දවස් 2ක් දෙන්න සර් මම හොයල දෙන්නම් හැබැයි පොරොන්දු වෙච්ච ගාණ මට ඕනා

බො: උබ දන්නවනේ මම කිව්වොත් කිව්වා...... වරෙන්කො උබ ඇතුලට අපි වාඩි වෙලා කතා කරන්න.....
         මට ඇත්තටම තියෙන ප්‍රශ්නේ කොහොමද මු මේ හොරකම කරේ කියන එකයි නැති උන 10,000නම් ප්‍රශ්නයක් නෑ... මොකද සල්ලි ගෙවල බඩු ගත්ත එවුන් ගානට අත්සන් කොරලා තියෙනවා එත් ඒ  බඩු මෙතන නැ..... මෙතන අනික් අයට හොරෙන් ඒ බඩු මුට විකුනන්න විදියකුත් නෑ... මට සල්ලි නැතත් කමක් නැ උබ පුලුවන්නම් උව හොයාගේන වරෙන් මට උගෙන් දැන ගන්න මොකද්ද උ දීපු ගේම් එක කියල මෙතන 

        බොසාගේ කේන්තිය නිවෙනකම් දින කීපයක් බලා සිටි නිශාන්ත හිමිහිට බොස්ව තමන්ට ඕන විදියට නවා ගනී ..... එනම් ශ්‍යාම් මෙතන හොර වැඩේ කරපු විදිය හෙළිකිරීමෙන් පසු ඔහු සොරකම් කලැයි බෝසා සිතා සිටින rm10,000ක මුදල ලබාදී ඔහුට යන අතක යන්න ඉඩ හැරීම
( ඇත්තටම ශ්‍යාම් කියන විදියට පොර බොසාගේ 40,000කට විතර වැඩේ දීල තියෙනවා)

  මේ කාරණා මේ විදියට සිද්ද උනයි කියමුකෝ....... ඔන්න දැන් ශ්‍යාම් අයෙත් නිදහස් මිනිහෙක් 

    දැන් ඊළගට නිශාන්ත හා ශ්‍යාම් කල්පනා කරනවා එදා වේල හොයාගන්න මොකද්ද අපි පටන් ගන්න ඕන රස්සාව කියලා....... ඔන්න ඔතනදි මෙයාලට පිහිටට එනවා චේල්වම්.  ඔන්න චෙල්ලට ශ්‍යාම්ගේ මෙතෙක් කරපු වැඩ සහ මේ අත්සන් ගැසීමේ හැකියාව කිව්වම චේල්ලා ගේනවා මෙහෙම යෝජනාවක්........

මොකද්ද මේ චෙල්ලගේ යෝජනාව ??????????

මතු සම්බන්දයි 

චෙල්වම් ගැන දන්නේ නැති අය මෙන්න මෙතනින්  එකත් බලලම ඉන්න 

      මේ පොස්ට් එක දිග වැඩි වෙන නිසා දැනට මෙතනින් නවත්තමි  කලින් කිව විදියට ඊලග කොටසින් 


  • මාසයකට මැලේසියා ඇවිත් යන අපේ සමහරුන්ගේ පොත්වල ඒ මාසය අතුලත තව රටවල් 3න හතරකට ගිහින් ආපු විසා තිබුනේ කොහොමද කියලත් 
  • පාරේ ගහන U ටර්න් වලට අමතරව පාස්පෝර්ට් එකේ ගහන U ටර්න් මොනවද කියලත් ඔයාලට දැන ගන්න පුළුවන්.......



  • 24 comments:

    1. අම්මට සිරි මලයා දැන්නේ වැඩේට එන්ටර් වෙන්නේ මේ කතාව දැන් එන්න එන්නම කුතුහලාත්මකයි. උඹ සාර්ථකයි..එළ එළ...

      ReplyDelete
    2. තැන්කු ලොකු අයියා පලවෙනි කොමෙන්ට් එකම එළ.... එළ.....

      ReplyDelete
    3. යකෝ මටත් ඔය අත්සන් වැඩේ ටිකක් පිහිටල තියේ.. මැලේසියා පැත්තේ යන්න බලන්න ඕන.. :D

      ReplyDelete
      Replies
      1. අනේ පුලුවන්නම් ඇවිත් මස 3ක් ඉදල යන්න ......මටත් ලස්සේට කොඩි දාගන්න පුළුවන් වෙයි

        Delete
    4. උඹ මැලේසියාවේ ඉඳන් මොකක් කරනවද කියලා සැකේකුත් තියෙනවා දැන්නම්..

      ReplyDelete
      Replies
      1. මම බාබා .... මම මැලේසියාවේ ඉදන් බ්ලොග් එකක් ලියනවනේ .... එච්චරයි කරන්නේ

        Delete
    5. යකො මුන් මාර යක්කු ටිකක් නෙ

      ReplyDelete
      Replies
      1. තාමත් යකාට ඇන්දේ නෑ හරියට.... ඉස්සරහට බලන්නකෝ

        Delete
    6. "හදුනන ගැනු ලමයි කීප දෙනෙක් සිටින නිවසක එක කාමරයක" යකෝ මමත් එන්නම් එහෙම තැනක නවත්තපංකෝ.

      ReplyDelete
    7. අපෝ....... කැතහිත ...... ඒ අක්කලා කට්ටියක්

      ReplyDelete
    8. අපිත් නොදන්න වචන දාල ලියවිල්ල නම් හරිම අපුරුයි.
      ලංකාවෙ ඉන්න මගඩි ටික උඹ වටේ එකතු වෙයිද මන්ද?
      තෝ ඕව ලියද්දි ඔය රටේ ඉන්න කිසිම කෙනකුට කියන්න එපා මෙහෙම ලියනව කියල.
      ඊයේ පෙරේදත් කොල්ලෙකුට ඔළුවට වෙඩි තියල,තව දෙන්නෙකුට බරපතල තුවාල නේද?
      අනිත් එක හම සුදට තියෙන චීන,මැලේ,ඉන්දුනීසියා එකිලගෙ රෝස පාට හෝ ඉන්දියන් එකිලගෙ දම් පාට කුනු දුඹුරු පාට වලට සිබෙක් වෙන්න එපා කොල්ලො.

      ReplyDelete
      Replies
      1. ලියවිල්ල ගැන තැන්කු.
        මගදී කාරයෝ ටික සෙට් උනොත් මල්හතට තියේවි....
        අපෝ තම නම් කාටවත්ම කිව්වේ නෑ
        මේ දවසිවල KL වලින් පිට ඉන්නේ සිද්දිය තම ආරංචි උනේ නෑ
        අපෝ ...... අන්තිමට කියල තියෙන එකටනම් විලිලජ්ජාවේ සන්තෝසේ බෑ........

        Delete
    9. පාස්පෝට් එකේ 8 ගහන්න නැද්ද දන්නෑ... ^_^

      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      ReplyDelete
      Replies
      1. හා හා හා උබනම් නියම පුරස්නේ අහල තියෙන්නේ ....... ඇත්තටම රාජ සම්පත් ලැබෙයිද ??? කොහොම උනත් රජ සම්පත් කෙසේ වෙතත් අඩුම තරමේ ප්‍රදෙසිය සභා මට්ටමින් සැප ලබුනොත් ඇති ......

        Delete
    10. ඔන්න උඹව මගේ බ්ලොග් දෙකක බ්ලොග් රෝලේ එල්ලුවා. ඒ වුනට බයේ බෑ බං උඹත් මොන විදියේ ගේමක් දෙන්න හිතා ඉන්නවද කියලා. :D

      ReplyDelete
      Replies
      1. තැන්කු වේවා .... මම එහෙම මගඩියක් කරපු ගමන් ඉක්මනට එක උබට දැනගන්න සලස්වන්නම් .... එතකොට උබට ඒ ගැන පොස්ටුවක් ලියන්න පුළුවන්නේ ...... අපි එහෙමයි කලගුණ සලකන්නේ

        Delete
    11. කතා ලියන විලාශයයි, කතා ටිකටි දෙකම හොඳයි. එන අය අඩුයි කියල හිතන්න එපා.කට්ටිය මේක බලනවා. කමෙන්ට් කරනවා අඩුයි තමා. ඒ ඔයා අළුත් නිසා වෙන්න ඇති. දිගටම ලියන්න.

      මෙන්න මේ feedjit කෑල්ල එල්ලලා බලාපංකො මං කියන්නෙ බොරුද කියලා

      ReplyDelete
      Replies
      1. තැන්කු මචෝ...... මම තේරෙන විදියට ඔය ගැජට් කැල්ලම තමයි මම එල්ලලා තියෙන්නේ ..... මට ඕව ගැන හරියටම තේරෙන් නෑ බන්

        Delete
    12. මම මේ අද මාතලන්ගෙ බ්ලොගේදි දැකල ආවෙ බලන්න.

      ඔක්කොම ලිපි ටික මුල ඉඳලම කියෙව්වා. අනේ මන්ද, මුං මව් කිරි බීල හැදිච්ච එවුන් නම් වෙන්න බෑ බං. ලංකාවෙ එවුන් නරක වැඩවලට යොදවන හැකියාවයි නුවණයි රටේ දියුණුවට යෙදෙව්ව නම් අද ලංකාව කොතනද.

      ආයෙ දිගටම එන්නම් කියවන්න. උඹ ලියපන් මචං පොකුරු පොකුරු හැලෙන්ට.

      ReplyDelete
      Replies
      1. එල මචන් ලියන්න පොඩ්ඩක් හොර වෙලා හිටියේ ප්‍රතිචාර නෑ කියල හිතල .... ඇත දැන් අද යේ ලියන්න ගත්තා.....

        Delete
    13. මේ සමාජෙ ජීවත් වෙන්න නං පත පොතේ දැණුම විතර තිබිල බෑ . හැම තැනම ඉන්නෙ රටේ වෙද්දු, ගේම් කාරයො. උන්ගෙන් බේරිලා ඉන්න නං street wise වෙන්න ඕනෙ. මේ වගේ කතා වලින් අපිට හුඟක් දේ ඉගෙන ගන්න පුළුවනි.

      මං ඉන්න රටෙත් ඔහොම අය එමටයි . බොහෝ අය කියන දෙයක් තමා, සාධාරණ විදිහට දුක් මහන්සිවෙලා රස්සාවක් කරගෙන හිටියට වැඩක් නෑ, දියුණුවෙන්න බෑ කියලා. ඒ කතාවෙ ඇත්තක් නැත්තෙමත් නෑ. හැබැයි මං දන්න විදිහට එහෙම සෙල්ලං දාලා දියුණු වුනයි කියන බොහෝ දෙනාගෙ දියුණුව තාවකාලිකයි. කවදා හරි මාට්‍ටු වෙනවා. එතකොට ලැබෙන්නෙ පොලිත් එක්ක. ඕක භයානක සෙල්ලමක්. අතට නිකම්ම සල්ලි ලැබෙන කොට , වියදමත් වැඩිවෙනවා, ඒ ජීවන රටාවට පුරුදු වෙනවා. අන්තිමට කෙලවුනාම , අර වටේ හිටපු කවුරුත් නෑ. ඒ නිසා මට නං, මේ මහන්සි වෙලා හම්බ කරගන්න දෙය හොඳයි.

      ReplyDelete
      Replies
      1. කතාව සම්පුර්ණ ඇත්ත .... ප්‍රශ්නේ ඕක තේරුම් ගන්නේ කියේන් කි දෙනාද කියන එකයි.......

        Delete
    14. Replies
      1. මුළු කතාවම තියෙනවා බලමු

        Delete