මම S. L. මැලේ රාළ

මම ලංකාවේ පොරක් මැලේසියාවේ ජොබක් කරන.... මට මේක ලියන්න හිතුනේ අනික් බ්ලොග් කියවල ඒවා දැක්කම මෙහෙවෙන දේවල් අනික් කට්ටියටත් දැන කියාගන්න කියල තමයි .

අවූරුදු ගානක් තිස්සේ මෙහෙ ඉදන් අහපු දැකපු, සිද්ද උන හා දැනටත් සිද්දවෙමින් පවතින දේවල් තමයි මම ඔයාලට කියන්න යන්නේ ඕන්.....

Monday 17 June 2013

මැලේසියන් ඇපල් part 2


    පලවෙනි කොටසේ තිබ්බ ප්‍රතිචාර දැකල වැඩට යන එකත් පොඩ්ඩක් පරක්කු කරගෙන ඔන්න 2 කොටසත් ලියන්න ගත්තා ..... කොහොම උනත් 1 කොටස බලපු, කොමෙන්ටු දාපු හැමෝටම බොහොම තැන්කු ...... නැත්නම් තෙරිමා කසේ (ඒ මැලේ බාසාවෙන් තැන්කු).
එහෙනම් අපි යමු කතාවට 

අපි මැලේසියා  ඇවිත් සති 2ක්  යනකොට ඇත්තටම මට අරුන්ව අමතක වෙලා තිබුනේ එත් එක දවසක් බොහොම කලාතුරකින් කෝල් එන මගේ අලුත් නො එකට මැලේ නොදන්නා නො එකකින් කෝල් එකක්................ කතා කරේ මචං 3 දෙබස පටන් ගත්තේ මෙන්න මෙහෙම 

මචාන් 3: මහත්තයා මම මේ අර ප්ලේන් එකේ හම්බ උනේ......ඇපල් වත්තක වැඩට යන ගමන් ....... මම මේ මචන් 3
මම: අඩේ .............. උබද ????????? මොකද යකෝ මෙච්චර කල් කෝල් නොකරේ ???????? ........ මම හැමදාම බලන් හිටිය උබල කෝල් කරනකම් .... (මමත් ඉතින් ටිකක් පුතයා උනා) අනික කවද ඉදන්ද යකෝ මම මහත්තය උනේ ? ඉතින් කියපන්කො කට්ටිය හොදින්ද ? වැඩ එහෙම කොහොමද?................... 

දුන්න ප්‍රශ්න වැලක්ම 

මචාන් 3: අයියෝ කියල වැඩක් නෑ ...... අපි පට්ට අමාරුවක බන් වැටිලා තියෙන්නේ 
මම: ඒ මොකද බන්?.....  මොකද්ද කේස් එක ?.... උබල හොරෙන් ඇපල් කාල මට්ටු උනාවත්ද ?
මචාන් 3: මොන ඇපල්ද බන් ..... අවට පස්සේ ඇපල් වත්තක් තිය ගෙඩියක්වත් ඇහැට දැක්කේනැ ..... ඇපල් වත්තක නෙවි මුන් අපිව වැඩට දැම්මේ කටු පොල් වත්තක කටුපොල් ගෙඩි තමයි කඩන්න තියෙන්නේ ඇපල් ස්ටේට් කියල දෙයක් මේ මැලේසියාවේ නෑ .....
කොටින්ම මෙහෙ ඇපල් වැවෙන්නෙත් නෑලු ..........
මම : මොනවා!!............ මව පුටුවෙනුත් වැටෙන්න ගියා  එක අහලා මේ මොකද්දබන් මේ වෙලා තියෙන්නේ මොනවද කටුපොල් කියන්නේ?
මචන්3: කටුපොල් කියන්නේ ෆාර්ම් වලට බන්........ මේක ෆාර්ම් වත්තක්.  
ඉන්න දෙනවයි කිව්වට දීලා තියෙන්නේ 4 දෙනාටම පොඩි කාමරයක්, කෑම දෙනවයි කිව්වට දෙන්නේ දවස ගානේ 3 වේලටම හාල් ටිකයි එක දවසක් ගෝව ගෙඩියයි අනික් දවසේ වට්ටක්ක ගෙඩියයි. එකත් තුනපහ ජාති අපි අරගෙන අපිම උයාගන්නත් ඕනා. ඒ මදිවට ගෑස්, උයන පිහන බඩු ඔක්කොම ගත්තෙත් අපේම සල්ලිවලින් මෙඩිකල් දෙනවා කිව්වට, මචන්1ට බරවැඩ  කරලා පුරුද්දක් නැතුව ඇවිල්ල දවස් 3න 4කින් හොදටම අසනීප උනා උට පැනඩෝල් විතරයි ...... පොර එහෙම්ම මලානම් බලාගන්න තිබ්බ ඉන්සුරන්ස් තියෙනවද කියල .......
මම: මල මගුලයි මාර කෙළියක්නේ වෙලා තියෙන්නේ දැන් ඔය කියන විදියට පොරොන්දු වෙච්ච පඩියත් දෙයිද  දන්නැ ........
මචාන්3 : පඩි ......... උබට පිස්සුද ආපු මෝඩකමට ඔක්කොම ඉවසන් ඉන්නවා පඩිය දෙනවානම් පඩි හැටියට මම හිතන්නැ මාසෙටම රිංගිට් 600ක් වත් ( රිංගිට් 1 = ඒ දවස්වල රුපියල් 35/-ක්) ගන්න ලැබෙයි කියලා .....
මම: මොකක් ඒ මොකද ඒ ??????
මචන්3: අයි බන් උදේට කාලා ඔක්කොම කරලා උදේ 7.30 වෙනකොට වත්තේ office එක ලගට යන්න ඕන එතනින් ට්‍රැක්ටර් වල අපිව ගෙන ගිහින් වත්ත මැද්දේ බස්සනවා.
ඒකාට එක කෙක්කයි විල්බැරෝ එකය් හම්බ වෙනවා  පස්සේ කෙක්කෙන් ගෙඩි කඩකඩ  විල්බැරෝ එකට පුරවල එක තැනකට ගොඩ ගහන්න ඕනා .........















එක ගෙඩියක් කිලෝ 50ක් 60ක් විතර බරයි. වැරදිලා වත් එකක් ඇගට වැටුනොත් අර දෙනවයි කිව්වා ඉන්සුරන්ස් එකෙන් සල්ලි අරන් තමයි මිනිය ලංකාවට යවන්න වෙන්නේ.

හවසට ගෙඩි ටික ට්‍රැක්ටර් වලට පටවාගෙන ගිහින් ෆැක්ටරි එක ලග බාන්න ඕනා ......


















ඔය ඔක්කොම කරනවට ගෙඩියකට ගෙවන්නේ RM ශත 50යි ... මුල් දවස්වල දවසටම කැඩුවේ ගෙඩි 20ක් 25ක් විතර දැන්නම් 35ක් 40ක් විතර කඩනවා .... මෙතන අව්රුදු ගානක් වැඩකරලා හොදට පුරුදු එවුන් කඩන්නේත් වැඩිම උනොත් දවසට ගෙඩි 60ක් 70ක් විතර ඒ  කියන්නේ උන් ගන්නෙත් මාසයටම RM 1000ක් විතර ..... අයියෝ අපි මාර අමාරුවක වැටිලා තියෙන්නේ...........
මම: මට නිකන් පිස්සු වගේ ..... දැන් මොකද්ද බන් කරන්නේ ඔක්කොටම කලින් කියපන් උබලට ඔය වැඩේ සෙට් කරපු අරුයි (මචං 2) උගේ නැන්දයි මොකද දැන් කියන්නේ කියලා .....
මචාන්3: මචන්2 නම් අමු මොලෙක් , බත්කන හරකෙක්, මුලින් නම් අපි උට බැන්නා , පස්සේ ගැහුවා, ඌ කියලත් මොනවා කරන්නද උගේම නැන්දා අපටත් එක්ක උටත් කෙලවලා තියෙද්දී ..... දැන් අපි 4 දෙනාම සෙට් වෙලා බලන්නේ මේ උගුලෙන් ගැලවෙන්නේ කොහොමද කියලා ඔයාට කෝල් කරෙත් ලොකු උදව්වක් බලාගෙනයි මචන් 
මම: කියපන් මචන් මොකද්ද වෙන්න ඕනා 
මච්න් 3: දැන් අර කුමාරි ඇන්ටි අපේ කෝල් වලට ආන්සර් කරන්නැ . අපි ඉන්නේ KL  (kuala lumpur මෙහෙ මේන් සිටි එක) ඉදල km 300ක් විතර ඈත. එයා ඉන්න ගෙදර address එක දුන්නොත් පොඩ්ඩක් හොයා ගන්න බලනවද මොකද අපි එක්කෙනෙක් ලංකාවේදී එයාට ලක්ෂ දෙකහමාරක් විතර ගෙවල තමයි ඇවිත් ඉන්නේ......... මොකද කියන්නේ ????
මම: හරි දෙන්නකෝ බලන්න මමත් තාම මෙහෙ මෙලෝ දෙයක් දන්නේ නෑ එත් මම ට්‍රයි කරන්නම් මොකක් හරි කරන්න 

        දැන් මෙතනින් එහාට දෙබස් නැ වැඩ විතරයි මම කියන්නම් මොකද උනේ කියලා මේ කට්ටියට .
        එදා එයාල මට ඒ ලිපිනය දුන්නට මට ඒ දිහාව හොයාගන්න උනේ නෑ ......... ඇත්තම කියනවනම් මම එකට ගොඩක් මහන්සි උනේ නෑ ...... ඒ හේතු 2ක් හින්දා.  එක තමයි මම මේකට මොකද්ද කරන්න පුළුවන් කියල අහන්න බොහොම අමාරුවෙන් මෙහෙ ලංකාවේ තානාපති කාර්යාලයට කතා කරා එතනින් බොහොම තරයේ කිව්වා මට ඕකට මැදිහත් වෙන්න එපා විසිට් වීසා  ඇවිත් මෙහෙ ඔයවගේ වැඩ කරලා ලංකාවේ අය දාගන්න කිසිම ප්‍රශ්නයකට තානාපති කාර්යාලය මැදිහත් වෙන්නේ නෑ  කියලා. අනික තමයි මට මෙහෙ ගැන තිබුන බොහොම අඩු දැනුම......... 

        කොහොමහරි ඔය විදියට තව සති 2ක් විතර ගියා ...... කට්ටිය ලංකාවේ ගෙවල් වලට කතා කරලා ගෙවල්වල එවුන් පොලිසි ගිහින් අර නැන්දගේ මිනිහට විරුද්දව පැමිණිලි දාලා ..... පොර පොලිසියට ඇවිත් දීල ටෝක් එක පොලිසියයි පැමිණිල්ලයි චකබ්ලාස් වෙන්න පොර කියලා  "මට කව්රුත් සල්ලි දුන්නෙත් නෑ .... මම මේ කාගෙන්වත් සල්ලි ගත්තෙත් නෑ ... මට මැලේසියාවේ ගැනියෙක් ඇත්තෙත් නෑ ...කලින් බැදලා  හිටපු ගැනිනම් මැලේසියාවේද කොහෙද තමයි ඉන්නේ ඒ ගැන මම හරියට දන්නෙත් නෑ ...... මගෙන්නම් ඕව අහන්න එපා කියල "
     මොකද මේ ගොන් වාහෙලා ඔක්කොම සල්ලි දීල ඩීල් එක සෙට් කොරගෙන තියෙන්නෙත් මෙහෙ අපු මචං 2 එක්ක තමයි ...... දැන් ඉතින් උව මරන්නදැයි  යමන්කෝ ලංකාවට කියලා දැන් උවත් තියාගෙන මුන් බලාගෙන ඉදලා අන්තිමට ලංකාවේ පොලෝසියේ ලොක්කෙක් කිව්වා කියල කට්ටිය පාස්පෝර්ට් එක වත්තේම තියෙද්දී මුන් අව මෙහෙ.... ඒ  කියන්නේ KLවලට. ඇවිල්ලා කට්ටිය පුක උඩ දාගෙන කෙලින්ම ගියා ශ්‍රී ලංකා එම්බසියට ... බොලා විසිට් වීසා ආවනම් අපි දන්නෑ ඕන හු# # ක් කරගනින් කියාලා එතන හිටපු ලොක්කෙක්ගේ ශ්‍රී මුඛයෙන් අහ ගත්තට පස්සේ අර උඩ දා ගෙන ගිය එක පුට්ටු කරගෙන ආවයි කියන්නකෝ KL Central  එකට ....... ඔතන තමය අනාථ  නාථ ඔක්කොම පොරවල් සෙට් වෙන තැන ..... 

     මුන් ටික මුකලන් බස්සෝ වගේ ඔතන කැරකෙනකොට ඔතන හිටපු ලංකාව් පොරක් ශ්‍යාම් කියල මුන්ට සෙට් වෙලා (ශ්‍යාම් ව වැඩිපුර කළු කරේ උ ගෙන ලිපියක් ඉදිරියේදී වෙනමම දානවා උ එච්චරට වටිනා පොරක්) මුන්ගේ සෝක ජනක කතාව අහල උණු වෙලා උ දන්නා තැනක මුන්ව නවත්තලා කස්ටියට කියල සතියක් ඇතුලත ලංකාවෙන් රුපියල් 60,000ක් ගානේ  එක්කෙනා ගෙන්න (ඔක්කොම 240,000/-) ගන්න පාස්පෝර්ට් හදල ලංකාවට යවන්නම් කියලා. 

   අනේ ඉතින් මේ කට්ටිය දොහොත් මුදුන් දීල උට වැදලා, කිව්ව විදියට ලංකාව් තමන්ගේ නෑදෑයින්ගේ බෙලි මිරිකලා සල්ලි  ගෙන්න ගෙන මේකට පුජ කරා කියන්නකෝ ... ඊට පස්සේ අරු කිව්වා විදියට ඔන්න අර මුන්ට බෑ කිව්වා අපේ එම්බසියෙන්ම ඉමේජන්සි පාස්පෝර්ට් හදලා ඕවර් ස්ටේ (over stay ) ක්ලියර් කරලා එයාර් ටිකට් දාලා ලංකාවට යැව්වනේ මුන් ටික ...........

   යැව්වයි කිව්වට මේ 4 දෙනාම ගියේ නෑ, මචං 2 අදටත් මැලේසියාවේ ....... පොර අනික් අය එක්ක අපහු යනවමය් කියලා එයාර් පොර්ට් එකටත් ගිහින් අරුන්ට හොරෙන් එතනින් මාරු වෙලා මෙහෙම හිටලා. උට යන්න බැරි හේතු 2යි.  එක, ගිය ගමන් අනික් එවුන් මුට  #%$^#$%*# ඔන්න ඔය වගේ ආදරෙන් සලකන බය. දෙක තමයි මු මැලේසියා අවට පස්සේ ගෙන්නගන්නම් කියලා තව 6ය 7 දෙනෙක් ගෙන් 50,000 ගානේ වගේ ඇඩ්වාන්ස් අරගෙන තිබුන එක (මේ ටික දැන ගත්තේ සැහෙන්න කාලයකට පස්සේ)
     
  ඒ ඇරෙන්න අර ශ්‍යාම් කියන පින්වතාගේ මුන් එකෙක්ව ලංකාවට යවන්න වියදම මෙන්න මෙහෙමයි රිටන් ටිකට්  එක extant කරන්න 5,000/- ඉමේජන්සි පාස්පෝර්ට් ඒකට 6500/- over stay ක්ලියර් කරන්න 11,000/- ඒ ඇරෙන්න ගමන් වියදම් වලටත් තව 3000ක් විතර  තියන්නකෝ ඔය ටික අඩු කරාම ඉතුරු චුට්ට තමය මෙයාගේ ලාබය 

   ඔන්න අපේ කට්ටියක් මෙහෙ ඇවිල්ල ගිය හැටි එක කතාවක් ඉවරයි. ප්‍රශ්න තියෙනවනම් අහන්න, බොරු කියලා හිතනවානම් බනින්න .... සතියක් විතර යනකොට 2 වන කතාවත් අරගෙන එන්නම් .......... හප්පා ලියන්න ගත්තට මොකද මේකත් මහා පන යන වැඩක් නේ බන් .............. හැබැයි කොමෙන්ටු දකින කොටනම් මර සොමියක් දැනෙනවා ( නිකන් ට්‍රයි කරන කෙල්ල ගේ ලගින්, පයින් යනවා වගේ..... හි .... හි ..... හි .....)

එහෙනම් සලාමත් මලාම් ...... (සුබ රාත්‍රියක් )


45 comments:

  1. හරි වටිනව ලිපිය.මේ වගේ විස්තර හොර පාරෙන් රට එන්න හිතන ගොන්නු දැනගන්න ඕන.

    ReplyDelete
    Replies
    1. අපේ මිනිස්සු කොච්චර මේවා දැක්කත් හොරපාරේ යන එකනම් නවත්තන් නැ ලොක්කෝ ....... පවට පින දෙන්න බෑ කියන්නේ ඕකට වෙන්න ඇති.....

      Delete
  2. ඔබ පටන් ගත්ත ගමන් වැඩත් එක්ක අමාරුයි වගේ දැනුනට අපේ කස්ටිය එක්ක අදහස් හුවමාරු කරගද්දී හොද සතුටක් ලබන්න පුළුවන්.ඔබ එක පිළිවෙලක් හදාගන්න.සතියකට දිනයක් තෝරා ගෙන ලිපියක් පලකරනව.දින 2ට 3ට පසු ලැබිල තිබෙන කොමන්ට් වලට ඉඩ ලැබෙන විදියට පිළිතුරු සපයන ගමන් ඊලග ලිපිය හෙමින් සුදානම් කරල 7වෙනි දින ලිපිය පල කරනව.කලබල වෙන්න එපා.පළමු ලිපියට ප්‍රතිචාර 30ක් කියන්නෙ ලොකු දෙයක්.ඔබ ලියන විදිය පල පුරුදු කෙනකුගේ ස්වරූපයක් තිබෙන නිසා කවුරුත් කියවනවා.

    ReplyDelete
    Replies
    1. ආධුනික බ්ලොග්කරු මැලේ රාලට ඒ උපදෙස් ප්‍රවීණ බ්ලොග්කරු කෙන්ජිගෙන්.

      ටිකක් හිනා යනවා.

      Delete
    2. ටිකක් හින්ද හොදයි.නැත්නම් ගොඩක් තර වෙනවනෙ.

      Delete
    3. හප්පට සිරි... හොද වැඩේ..හොඳ වැඩේ.. මේ ඇනෝ කොමෙන්ට් එක මොකා දැම්මත් ඌ කරලා තියෙන්නේ හොඳ වැඩක් එක අතකින්... දැන්වත් අනුන්ට කිය කිය ඉන්නේ නැතිව ඔය කිව්වැහේ සතියකට නෙවෙයි අඩුම ගානේ මාසෙකට එකක් ලියන්න හරි පටන් ගනිපිය බ්ලොග් එකක් ලියන්න... ලියන විදිය දන්නේ නැත්තං මෙන්න මෙහෙම කොරහං...

      “මාසයකට දිනයක් තෝරා ගෙන ලිපියක් පලකරනව.සති 2ට 3ට පසු ලැබිල තිබෙන කොමන්ට් වලට ඉඩ ලැබෙන විදියට පිළිතුරු සපයන ගමන් ඊලග ලිපිය හෙමින් සුදානම් කරල 30වෙනි දින ලිපිය පල කරනව.කලබල වෙන්න එපා.“

      :D :D :D

      (ඕකට කියන්නේ ඌරගේ මාළු උගේම පිටේ කියලා...) පුදුම සංතෝසයක් දැනෙන්නේ...

      Delete
    4. මම කියන්න ඕන එක මලයම කියල නොවැ.
      (ඕකට කියන්නේ ඌරගේ මාළු උගේම පිටේ කියලා...)

      Delete
    5. ඇත්තටම post දන්නා ඕන පිළිවෙල ගැන idea එකක් ආවේ මේක දැක්කම තමයි .....
      කට්ටියම පොඩි පොඩි වලිදගන්න හරි මෙතනට එන එකටත් සතුටුයි

      Delete
  3. ඔය තියෙන්නේ නියමෙටම...

    ReplyDelete
    Replies
    1. අපි දන්න කියන දෙන්නෙක්ම මැලේසියා ගියා නේද ලඟදි මාරයියේ..මේ එහෙම කෙනෙක් වෙන්න බැරිද මන් අහන්නේ ...

      " මම මැලේසියා යනවා බන් ඇපල් වත්තක වැඩට " කියලා කියපු එකෙක්ට ආයේ පුලුවන්ද කටක් ඇරලා මෙහෙම කියන්න..

      " ඒක ඇපල් වත්තක් නෙවේ බන් කටු පොල් වත්තක් "

      Delete
    2. මාත් මේ සැක කොර කොර ඉන්නේ... හැබැයි වැඩිය කට්ටිය නොදන්නවා උනාට ඒ මෑතකදී මැලේසියා ගිය එකා තමා දැනට මේ සිංහල බ්ලොග් අවකාශයේ ඉන්න පැරණිම එකා... මටනං පට්ටෙට සැකයි.. :D

      Delete
    3. කට කට යකෝ... පරණ උන් කටුපොල් කඩනව කියල දැන ගත්තම අලුත් උනුත් එයි කටුපොල් කඩන්න.. සික්.. ඒකටත් කෙලින්නයි මුන් ටික හදන්නේ.. කටුපොල් ගෙඩියක් කඩාගෙන.. කටුපොල් සම්බෝලයක් හදාගෙන බත් ටිකක් කාල ආතල් එකේ ඉන්න හිතන් ආපු ගමන නේ මේ මුන් විහිළුවට අරන් තියෙනෙනෙ... අනේ තොපි නම්.. :D

      Delete
    4. තැන්කු ... තැන්කු ... කට්ටියටම.... ඔය ලිව්වේ ඇපල් කියලා කටුපොල් කඩන අය ගැනනේ .... කටුපොල් කඩනවා කියලා වෙන වෙන ඒවා කඩන අයත් මෙහෙ ඉන්නවා උබලා හොයන ය එන්නේ මොන ගොඩේද කියල හොයා ගන්න ඉතුරු පොස්ට් ටිකත් එනකම් ඉමුකො බලන්න....

      Delete
  4. මේ තියෙන්නේ මචන් එළට..විවේක පාඩුවේ ලියන්න..ජොබ් එකට බාදාවක් කරගන්නැතුව ලියන්න මචන්..මේ පෝස්ට් එකේ තියෙන කරුණු හරි වැදගත් මචන්...මේකට මචන් ෆලෝ ගැජට් එක add කරන්න...

    නැත්නම් කියවන කට්ටියට දැනගන්න විදිහක් නැහැ උඹ අලුත් පෝස්ට් එකක් දැම්මම...කොහොම උනත් මචන් හොඳට තියෙනවා පෝස්ට් එක...

    ReplyDelete
    Replies
    1. ඔව් මචන් ලියන්න ගත්තට වෙලාව හරි අඩුයි එත් කොහොම හරි ගේම ගහන්න තමයි ට්‍රයි එක

      Delete
  5. අපේ හරක් කොච්චර දැණුවත් කලක් වැඩක් නෑ. මුන්ට හෙන ගහන්න . ඔය ලක්ෂ ගනන් ගෙවන එකේ. පොඩි කර්මාන්තයක් පටන් ගත්තා නම් හෙන ගහනවද? ලොකු පඩි වලට යනවනම් අවුලක් නෑ. ඉතාලියේ, ඊශ්‍රායලයේ වගේ..

    ReplyDelete
    Replies
    1. ඔය් පෝස්ට් එක ලියන තැනම උඩ තියෙන කොටුවට දාපන් මාතෘකාව. පින්තූර ඇඩ් කරන්න ෆැසිලිටි අයිකොන් එකක් තියෙනවා. නිකන් ඉන්න වෙලාවට හැම එකම ඔබලා බලපන්. ඔව් ඔව් හැම එකම...

      Delete
    2. හෑ.....? ඔය හැම එකම කියුවේ කොම්පියුටරේ තියෙන එව්ව ගැන විතරක් වෙන්න ඔනේ......ඔව්වා ඉතිං මුස්ලිම් රටවල් නේ වෙන එව්වා ඔබන්න හිගින්............&¥@/:;)(¥&

      Delete
    3. 100ට 100ක් ඇත්ත කතාව .....උපදෙස් වලටත් තැන්කු මචන් ..... උබල කියන නිසාම $%$#&^%$ වෙන්න හරි ඔබලා බලන්නම්කෝ .....

      Delete
  6. මාර සීන්නේ වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු .......

      Delete
  7. Dude
    අපේ සමහර උන් නම් කවදාවත් පාඩමක් ඉගෙන ගන්නේ නෑ. හොඳට කුතුහලය ඇතිවෙන විදියට ලියල තියෙනවා මැලේ රාළ.

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියනවනම් මම ලියපු විදිය නෙවි බන් ... ඔය වේදේ උන විදිය .....

      Delete
  8. හොඳ විස්තර ටිකක් හොරෙන් රට පනින්න හිතන් ඉන්න අයට ...අද තමයි මැලේ රාළ බලන්න මෙහාට ආවේ ..අටම් කියපු පාරෙන් :)

    ReplyDelete
    Replies
    1. විලිලජ්ජාවේ සන්තෝසේ බැරුවා ..............

      Delete
  9. යකඩෝ, මචං 2 ව xx දෙකෙන් එල්ලලා යටින් දුං ගහන්න එපැය මු කරන වැඩ වලට. ඕවර් ස්ටේ ක්ලියර් කර ගන්නා විදියත් දැම්ම එක හොදයි ඔහොම ගිහිල්ලා කෙලවගන්න එවුන්ට අඩු ගැනේ ආපහු එන විදිය දැන ගන්න. ජපානේ නම් හොරෙන් ඉදලා ආපහු ලංකාවට එන්න ඕනි උනාම කැමැත්තෙන් මාට්ටු වෙන ලංකාවේ උන් (එහේ ආණ්ඩුව ගානේ පිනට එන්න ) ඉන්නවා කියල අහල තියනවා . කෙන්ජී අය්යා ඒගැන කෙටුවොත් හොදා

    ReplyDelete
    Replies
    1. පිනට දෙන්න ජප්පෝ?අනවසරයෙන් ඉන්න ඉන්න අයව පැනල ඇල්ලුවොත් වැරදි වැඩ කරලද හොයල බලල අත් අඩංගුවෙ තබාගෙන වැරදි නොකරපු අයව තමන් අත මුදල් තිබේ නම් ගුවන් ටිකට් අරන් දීල දින කීපයකින් ලංකාවට එවනව.තමන් ලග මුදල් නැත්නම් වැඩ කරපු තැන සචෝට [Boss]කතා කරල ටිකට් එක අරන් දෙනව.සචෝ කාරය පැනල ටිකට් එක අරන් දෙනව නැත්නම් අනවසර ශ්‍රමිකයන් ගෙන් වැඩ ගැනීම නිසා ඒකාට ලෙඩ වැටෙන නිසා.
      අවුරුදු කීපයක් හොරෙන් වැඩ කරල,ලංකාවෙ බැංකු එකවුන්ට් එකේ ටිං ටිං ගාන්න පිරිල තව දාන්න ඉඩ නැති වුනාම දැන් ලංකාවට යනව කියල හිතන කට්ටිය ලගම තියෙන ආගමන විගමන කාර්යාලට ගියාම දින 7ක් ඇතුලත ගුවන් ටිකට් පත අරගෙන ඇවිල්ල පෙන්නල යන්න පුළුවන්.ඔය කාගෙත් පිංතුර සහ ඇගිලි සලකුණු ගන්නව.ඒ අයට නැවත අවුරුදු 10ක් යනකන් ජපානෙ පස් පාගන්න බැහැ.
      සෙල්ලං නැහැ නේද?

      Delete
    2. ඔය මචං2 තම මෙහේ .... උ දැනුත් කට්ටිය ගෙන්නනවා වැඩට මෙහාට ... හැබැයි දැන් කියන්නේ කෙලින්ම " සුන්දර ෆාර්ම් වත්තක පෘෂ්ටිමත් ෆර්ම් ඵල නෙලන ඉසුරුමත් කණ්ඩායමක සාමාජිකයකු වීමට ඔබත් කැමතිද " කියල කෙලින්ම කතාව කියලා හි...හි....හි.....

      Delete
  10. හොඳයි මචං උඹේ උත්සාහය. අටමගෙ පාර කීමට මෙහෙ ආවෙ. දිගටම ලියමු. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. උබටත් තැන්කු පාර කියපු අටමටත් තැන්කු

      Delete
  11. දිගු ගමනකට සුභපැකුම්...! පාරකිව්ව අටමටත තැන්කූ

    ReplyDelete
  12. අටම්පහුර පැත්තේ ගිය වෙලාවෙ මේ පැත්තට පාරක් දැක්කෙ. නියමයි මචං දිගටම ලියපන්.

    ReplyDelete
  13. අටම්පහුරෙ තමා මේ පැත්තට බෝඩ් ගහල තිබ්බෙ. නියමයි. දිගටම ලියමු.

    ReplyDelete
  14. ඉතිරි කතා ටිකත් ඉක්මනටම දාන්න.. මේව අහල පණ පලයන් ලබන පෙරේදා කිව්වලු..

    ReplyDelete
    Replies
    1. එදිරි, ලොකු ශානා, සිහින සටහනේ ඉමල්ක, Pathum Herath, උබල ඔක්කොටම තැන්කු මාව බලන්න මෙහෙ ආවට ..... දිගටම එන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා .... කොමෙන්ට් වලට අමතරව මේ පැත්තට බෝර්ඩ් දාපු අටමට මම මැලේසිය එන්න විස අරන් දුන්නා ඔව් ඔව් ... දුන්නා , දුන්නා , දුන්නා , දුන්නා ,..................................................

      Delete
  15. වන් මැලේසියා තෝ මලාද යකෝ සද්දයක් නැත්තෙ?

    ReplyDelete
    Replies
    1. ඔව් නේ බන් මලානේ ...... මලා කිව්වේ ඒ වගේ වේද කරන්න උනා ඔපීසියේ වැඩකට outstation ඇවිත් ...... අද තමය අයි KL ආවේ ......

      Delete
  16. ධනුක පෙරේරා21 June 2013 at 23:34

    Kenji අයියා වන් මැලේසියා නෙමෙයි සතු මැලේසියා කියන්න.නැද්ද මැලේ රාළ?එලට ලියනව.සුභ පැතුම් මචෝ.

    ReplyDelete
  17. මගේ යාලුවෙක් ඉන්නවා විදේශ සේවා නියුක්ති කාර්යාංශේ වැඩ කරන. එයාට යන්න සිද්ද වෙනවා පිට රටවල් වල වැඩ කරන අය පැමිණිලි කරහම. එහෙම ගියාම කියපු දේවල් ටිකක් අහලා මගේ ඇඟේ හිරි ගඩු පිපුනා. කැලෑ එලි කරන්න කියල ගත්ත මිනිසුන්ට රූස්ස ගස් තියෙන කැලෑ තමයි එලි කරන්න වෙලා තියෙන්නේ. ගහක අත්තක් ඇල්ලුවොත් නයෙක් පිඹුරෙක් අහු වෙනවලු. සර්පයෝ දෂ්ට කරලා කිහිප දෙනෙක් මැරිලත් තියෙනවලු. වැසිකිලි පහසුකම් තියෙනවා කිව්වට 25 කට එකක් වත් නෑලු. පඩිත් එහෙමලු.

    මෙහෙම දැනුවත් කිරීම් තියෙන එක හොඳයි. නැත්නම් මැලේසියන් ඇපල් කන්න මෙහේ ඉන්න මෝඩයෝ කී දෙනෙක් එයිද ?

    ReplyDelete
  18. ෆාර්ම් (farm) නොවෙයි පාම් (palm)!

    ReplyDelete
  19. හත් අවුරැද්දක් පරණ ඒව FB දාන්නෙ අලුතෙන් ඒව ලියපංකො

    ReplyDelete
    Replies
    1. අලුතෙන් තමයි බන් කොපි පේස්ට් කරේ....

      Delete
  20. තොගෙ ආච්චිට .
    .#&$-$=&%-#*#=#==@=#*#&$$$

    ReplyDelete