මම S. L. මැලේ රාළ

මම ලංකාවේ පොරක් මැලේසියාවේ ජොබක් කරන.... මට මේක ලියන්න හිතුනේ අනික් බ්ලොග් කියවල ඒවා දැක්කම මෙහෙවෙන දේවල් අනික් කට්ටියටත් දැන කියාගන්න කියල තමයි .

අවූරුදු ගානක් තිස්සේ මෙහෙ ඉදන් අහපු දැකපු, සිද්ද උන හා දැනටත් සිද්දවෙමින් පවතින දේවල් තමයි මම ඔයාලට කියන්න යන්නේ ඕන්.....

Saturday 22 June 2013

මැලේසියන් දෙමළ ජාතික තමිල් චෙල්වම් (අහිංසකයි රටක් වටී)

පාර්ට් 1

   ඔන්න අද කතාවෙන් කියන්න යන්නේ මැලේසියන් ජාතිකයෙක් ගැන සමාවෙන්න මැදට එන්න ඕන " අමාරුවෙන් දියුණු උන " කියලා මෙය ගැන කතාව පටන් ගන්නේ වර්ෂ 2006 විතර ඉදලා ..... මෙයා ඒ කාලේ රජයේ ආයතනයක ලිපිකරුවෙක්. ආයතනය තමයි නව ව්‍යාපාර ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුව. මෙයාව හම්බ වෙන්න කාලයක් තිස්සේ එනවා පොරක්, මෙයාගේ ඔෆ්ෆිසියට රාජකාරි වැඩ වලට , එයාට අපි සරත් කියමුකෝ මොකද  ලංකාවෙන් මෙහෙ ආපු පොරක්. දවසක් දෙන්න සුහද කතාවකට සෙට් වෙනවා මෙන්න මෙහෙම. ඇත්තටම කතාව පටන් ගන්නේ සරත්

සරත්: ආ කොහොමද සර් ?
චෙල්වම්: හොදින් ඉන්නවා .... ඔයා නිතර මෙහෙට එනවා නේද 
සරත්: ඔව් මේ මම වැඩ කරන ඔෆිස් එකේ වැඩ වලට නිතර එනවා 
චේ: ඔය ඉන්දියන්ද? කොහෙද වැඩ කරන්නේ ?
ස: මම ශ්‍රීලන්කන්. වැඩ කරන්නේ company secretarial  ඔෆිස් එකක KL වල 
චේ: එතකොට මෙහේට නිතර එන්නේ 
ස : අපේ බොසා අළුත් company පටන් ගන්න අයට ඒවායේ මුලික වැඩ කරලා දෙනවා..... ඒවා වල ලියාපදිංචිය කරගන්න තමයි මම මෙහෙට එන්නේ 
චේ: මගේ අම්මෝ ඔයාල මාසෙට අලුත් කොම්පැනි කියක් විතර අරිනවද? මොකද ඔයා සතියට දවස් 2ක 3ක් ම මෙතනට එනවනේ 
ස: ඔව් ඔව් සමහර වෙලාවට සතියේ දවස් 5ම මෙහෙ මොකද අපි මාසෙට අළුත් කොම්පැනි 6ක් 7ක් විතර අරිනවනේ
චේ: එහෙමද ? එහෙනම් ඔයාලාටත් ලොකු ඔෆිස් එකක් ඇතිනේ ...... ඔය මොනවා කරන අයටද ඔයාලා ඔවාකරලා දෙන්නේ?
ස: ගොඩක්ම එන්නේ පිටරට වල ඉදලා මෙහෙ ඇවිත් බිස්නස් කරන්න බලන අය මොකද එයාලට තමයි මේ වැඩ කරන්න හරියට තේරෙන් නැත්තේ ....... 
චේ: පිටරට තියා මෙහෙ අයටත් ඔය වැඩ කරගන්න අමාරුයි තමයි අනික මස 2ක 3ක වැඩක් නේ මේක.
සරත් වටපිට බලමින් හඩ පහත් කරමින් කියයි 
ස: ඔන්න ඕක නිසා තමයි මම සර් ට කතා කරේ පුලුවන් වෙයිද හවසක පොඩ්ඩක් හම්බ වෙලා කතා කරන්න ...... අද හවස උනත් කමක් නැ.......
ඉබ්බා දියට දාන්න හැදුවම ඇන්නාවේ කිව්වලු
ඔන්න ඒ ලගම දවසක දෙන්නා ප්‍රයිවට් එකේ හම්බ වෙනවා ............ මේ එතැනදී .......

සරත්: ඇත්තටම මට සර් ව හම්බ වෙන්න ඕන උනේ .... මම ඔය ගේන කොම්පැනි වල රෙජිස්ට්‍රේෂන් එකට මාස 2ක් සමහර වෙලාවට මාස3ක් විතර යනවනේ..... බැරිද ඕක සතියකින් දවස් දහයකින් විතර ඉවර කරලා දෙන්න...
චෙල්වම්: එහෙම කොහොමද කරන්නේ මාස 2ක් ඔය වැඩේට යනවාමයි .... එක ප්රෝසිඩියර් එකනේ.... අනික ඔයාලට මොකටද ඔච්චර ඉක්මනට ලියාපදිංචි සහතිකය  ???  ව්‍යාපාරය ලියාපදිංච් කරන්න කියලා අපිට දෙනකොට අපි දෙන රිසිට් එකෙන් පුළුවන්නේ ඒගොල්ලන්ට බිස්නස් එක කරගෙන යන්න සහතිකේ එනකම් .........
ස: ම්.... සර්ගේ කතාව ඇත්ත ......මම සර්ට ඇත්තම කියන්නම්කො..... දෙන්න එකතු වෙලා වැඩ කරනවානම් විශ්වාසය හරියට තියෙන්න ඕනනේ ...... මට සර් ව විශ්වාසයි .....අපි කොම්පැනි රෙජිස්ටර් කරලා දුන්නාට ඔය අයිතිකාරයෝ කරන බිස්නස් එකක් නෑ මෙහේ..... අපි කරන්නේ ඔය සහතිකේ යුස් කරලා කොම්පැනි අයිති කාරයෝ හැටියට උන්ට professional වීසා එකක් හදලා දෙන එකයි .......ඒකයි මේ සහතිකේ ඉක්මනට ඕනා අපි මාසෙට කොම්පැනි 4ක් නැත්නම් 5ක් අරිනවමයි...... එකකට සර්ට RM 1500ක් දෙන්නම් සර් මොකද කියන්නේ දවස් 10න වැඩේ ඕනා.......
පැන්නානේද චේල්ලාගේ ඇස් දෙකම එලියට 

චේල්ලා හිතනවා පඩියත් මාසෙටම 2500යි අමතර ආදායම 6000ක් නැත්නම් 7500ක් .....  වෙරිත් හිදුනා.....
චේ: හරි සරත් මල්ලියෝ මම කොහොම හරි මොකක් හරි කරන්නම් මට දෙන්නකෝ දවසක් දෙකක් 

        කොහොම හරි ඊලග සතිය වෙන කොට චේල්ලා සහ සරා සමාගම මෙහෙ වැඩ පටන් ගත්තා.... ඊටත් මාස 3න 4ක් යනකොට මෙහේ ඉන්නව ලංකාවේ රබර් කැපුව හරමානිස් , කුබුරු කෙටුව සුවාරිස්, හේන විකුණලා ඒ සල්ලි වලින් රට ආපු සෝමසිරි ල වගේ මෙකි නොකී සියලු දෙනා මැලේසියාවේ බිස්නස් ඇරලා...... පුහ්........ කාටද ආඩම්බර ?????  ඒ මදිවට කොම්පැනි ඩිරෙක්ට කියල ගහපු professional වීසා එකකුත් තියෙනවා ...... හැබැයි මෙයාලා ජොබ් එකකුත් කරනවා එක්කෝ සිකුරිටි , නැත්නම් කාර් හෝදන තැනක එහෙමත් නැත්නම් ගරාජ් එකක ........

         කොහොමෙන් කොහොම හරි අවුරුදු එකහමාරක් විතර චේල්ලා සහ සරා සමාගම එක දිගට, එක විදියට වැඩ කරා චේල්ලාගේ අදායම මම කලින් කිව්වනේ සරාගේ මාසික අදායම මෙන්න මේ වගේ චෙල්ල්ට හා එතන ඔෆිසියල් වැඩ වලට 2500යි අවුරුදු 2ක වීසා එකට ඔෆ්ෆිසියල් හා නන් ඔෆ්ෆිසියල් තවත් 2500ක් විතර ....... ඕන අයට වීසා එකක් හදලා තියෙන්නේ 7000ත් 10,000ත් අතර ගානකට මාසෙකට එහෙම වීසා 4ක් 5ක් විතර සමහර මස වල 10ක් විතරත් හදලා තියෙනවලු,  

     ඉතින් ඊළගට අවුරුදු එකහමාරකට විතර පස්සේ මොකද උනේ කියන එක ඊලග පාර්ට් එකේ ....... 
තව එකේ තියෙනවා 
        " චේල්ලාගේ වැඩ තහනම් වෙයි........"  
   "සරා රටින් පනී........"
 " සරාගේ තැන ශ්‍යාම් ගනී ....." (අර මැලේසියන් ඇපල් part 2 එකේ යටම හරියේ හිටියේ අන්න පොර) 


මතුසම්බන්දයි.........




15 comments:

  1. උඹේ මූනත් තහඩුව නම් සදාකාලික පෙන්නන්න නම් එපා.. අනිවාරයයෙන් උඹව උස්සනවා.. ඕවට තමයි යකෝ මාෆියා කියන්නේ. මෙහේ නම් විදුලි බල මණ්ඩලෙත් ඉන්නවා.. ජලාශා පිරෙන්න වතුර තියෙන වෙලාවේ, එයාලා ටර්බයින් රිපයාර් කරනවා...

    ReplyDelete
    Replies
    1. පෙන්නන්නැ.... නෑ .......නෑ ....... නෑ .......මයි.............

      Delete
  2. වන් මැලේසියා කියන්නෙ උපාලි W.කොකෝව වවන්න ආපු කාලේ ඉදන් ඉන්න කෙනෙක්ද කොහෙද.
    මේ ලියන විදියට නම් පේන්නෙ.

    ReplyDelete
    Replies
    1. කෙන්ජි,එහෙම කාලෙක ආපු උන්දෙක්නම් කොහොමෙයි මේම කොටන්නෙ හා...(මොකෝ දැන් හොට බිම)
      "මේ ලියන විදියට නම් පේන්නෙ."ඒකටනම්,එකෙන්ම!!!!!!!!!!!!!!!!!!

      Delete
    2. උපාලි මෙහෙ කොකෝ වවන කාලේ මම මොන්ටිසෝරි යනවා බන්....... හැබැයි ඒ කාලේ හිටපු එවුන්ගේනුත් මම විස්ටර අහගත්තා ........... ඔය දල තියෙන විස්තරෙත් මම එන්න කලින් උන ඒවා .... නමුත් ඕක ඉවර වෙන්නේ ඉදිරි පොස්ට් වලදී අද තත්වයට වෙනකම් ඇවිල්ලා .....

      Delete
    3. මම ඔය ලිපි වලට අදාල නැති කතා දාල අවුස්සන්නෙ ලියන කෙනාට මොකක් හරි පොටක් අල්ල ගත්තොත් තවත් රසවත් ලිපියක් ලියන්න හැකි වෙයි කියල.
      අපේ එවුන්ට ලිපිය මග හැරිල වගේ.ආපහු මාතලන් ලොක්කගෙ බෙල්ලෙ එල්ලපන් බං.

      Delete
    4. මම පොස්ට් එක පබ්ලිෂ් කරනකොටම එකෙතිබුනා ....... ආයි එතැන කොහොමද එල්ලන්නේ කියලා දීපන්කො මගේ දෙයියො .............

      Delete
  3. කෙන්ජිගේ ඉල්ලීම මතයි ආවේ. මීට කලින් වතාවක් ආවා වගේ මතකයකුත් තියෙනවා. කොහොම හරි මග ඇරෙන්න ඇති. ඔන්න මගේ බ්ලොග් රෝලටත් දා ගත්තා. මම හිතනවා ඒ හරහා කට්ටිය මෙතනට එයි. මුලින් එන පිරිස අඩු වුනත් පස්සේ හරි යයි. ඒ ලකුණු තියෙනවා මේ බ්ලොග් එකේ.

    මේ කතාව දැක්කම හිනාවක් තමයි යන්නේ. මොකද අපේ එවුන් කොහේ ගියත් මේ වැඩේට දක්ෂයි. ඔය වගේ කණෙන් රිංගන වැඩ වලින් තමන්ගේ රට අපකීර්තියට පත් වෙන බව සරත්ට තේරෙන්නේ නෑ. නමුත් තමන්ගේ කල්ල මරේ නිසා ඔහේ කරගෙන යනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාළුවා අත හිත දුන්නාට ...............

      Delete
  4. මගේ බ්ලොගයේ කෙන්ජි දාල තිබුණ දැන්වීම හරහා තමයි ආවේ. ඔන්න ෆලෝ කළා දැන් එන්නං දිගටම.

    ReplyDelete
    Replies
    1. නියමයි... නියමයි ........ නිතරම එනකොට මැලේසියාවේ නවතින්න හිතෙයි.......

      Delete
    2. ලබන 17 මං මැලේසියා එනවා.දවස් 4කට.

      Delete
    3. මචෝ සාදරෙන් පිලිගන්නවා .... Brickfields වල බෞද්ද මහා විහාරයටත් ඉඩක් ලැබුනොත් ඇවිත් යන්න මැලේසියාවට එන ඕනෑම අයකුට මම ඕක කියනවා ....... එතනට ගියාම සිංහල කම ගැන පොඩි ගතියක් දැනෙනවා එකයි .... ඒ ඇරෙන්න ප්‍රසිද්දියේ මොකක් හරි දෙයක් දැනගන්න තියෙනවනම් කොමෙන්ටුවක් දාන්න..... අප්ප්‍රසිද්දියේ මොනවහරි (ඒ කිව්වේ privatly ) දැනගන්න ඕනනම් profile එකේ තියෙන ඊ මේල් එකෙන් මව අමතන්න ...... ඔනම් කෙනෙක්ට කිසි රිටන් එකක් බලාපොරොත්තු වෙන්නැතුව උදව් කරන එක පොඩිකාලේ ඉදන් තියෙන නරක පුරුද්දක් මගේ......

      Delete
  5. මේ බ්ලොග් එකට සප් එකක් දීලා උඩට ගන්න ඕනේ රාලේ..

    ReplyDelete
  6. මං මේ මුල ඉඳන් කියවනවා

    ReplyDelete