පටන්ගැම්ම ......
මැලේසියන් ඇපල් part 1
මුලින්ම ඔන්න මම මෙහෙට එනකොටම වෙච්ච සිදුවීමකින්ම කතාව පටන් ගමුකො ..... මම කීප සැරයක් ගුවන් ගමන් වල යෙදිලා තිබුනත් ස්ථිර විදෙස රැකියාවකට යන පලවෙනි ගමන . ගුවන් යානය මැලේසියන් ... කොළබින් නැග්ගේ හවස මැලේසියාවේ බහින්නේ රැ 11 ට ටිකක් අවුල් වෙලා හිටියේ ... වටපිට බලන කොට දැක්කා තවත් ලංකාවේ පොරවල් 4ක්ම මගේ සීට් එකට එහා පැත්තේ ඔන්න මම කතාව පටන් ගත්තා කියමුකෝ.....මම: මචන්ලා විසිට් එකකට යනවද ජොබ් එකටද?
මචන් 1 : අපි ජොබ් එකට උබ මචන් ?
මම : මමත් ජොබ් එකට තමයි
මචන් 2: මොකද්ද ජොබ් එක?
මම : ඔෆිස් එකක පොඩි කොම්පියුටර් හර්ඩ්වෙයාර් පැත්තට යන ජොබක්... එහෙ ඉන්න යාලුවෙක් තමය සෙට් කරේ
මචං 2: අප්පා කොම්පියුටර් ජොබක් නම් හොද පඩි ඇති...... කියක් විතර දෙනවා කිව්වද මචන්
මම: පටන් ගැන්මට ලංකාවේ සල්ලි වලින් අසුවක් අනුවත් අතර වගේ ......
මචන් 2: අප්පා ....... මදි මචන් ගියගමන් දන්න වැඩ ටික උන්ට පෙන්නලා පඩිය තව වැඩි කරන්න කියපන් ඔය ගාන හොදටම මදි ....... අඩුම තරමේ එකහමාරක් වත් වෙන්න ඕනා ........
මම: එහෙමද ..... ලොකු දෙයක් දැන ගත්තු එක ......මට නිකන්ම කිය උනා ...... එතකොට උබලත් ජෝබෙක කොම්පියුටර් සයිඩ් එකෙමද?
මචන් 3 සහ 4 මුනට මුණ බල ගත්තා ......... මචන් 2 අයෙත් කතාවට සෙට් උනා
මචන් 2: අපි යන්නේ මචන් ස්ටේට් එකක වැඩට .....
මචන් 1: ඇත්තම කියනවනම් මචන් ස්ටේට් එකක් කිව්වේ මේ ඇපල් වත්තක වැඩට
මම : අම්මටසිරි මැලේසියාවේ ඇපලුත් වවනවද ? මම අදනේ දන්නේ.........
මචං 2: අයියෝ බන් ඕක දන්නෙත් නැද්ද ?...... දැන් ලංකාවේ තියෙන අඹ , දොඩන් , නාරන්.,පේර , දෙළුම් , රබුටන් , ඔය ඔක්කොමයි ඇපල් පෙයාර්ස් එහෙමයි ඔක්කොම එන්නේ මැලේසියවෙන්නේ ...... කොටින්ම අගල් හයකට වැඩිය දිග කෙසෙල් ගෙඩි තියෙන ඒවත් ඔක්කොම මැලේසියාවෙන් ආපුව තමයි
මම: ආ ....... එහෙමද? ......... මම දැන ගෙන හිටියේ නැනේ .......... උබ කලින් මැලේසියාවේ කොච්චර කල් ඉදලා තියෙනවද මචන්
මචන් 2: මමත් කලින් මැලේසියා ගිහින් නැ මචන් ඒ උනාට අපේ නැන්දා දැන් අව්රුදු 4ක්ම එහෙ වැඩ කරන්නේ
මචන් 1: ඒ ඇන්ටි තමයි අපිට මේ ජොබ් සෙට් කරලා දෙන්නෙත්
මචං 2: ඔන්න මම කලිනුත් කිව්වා ගියාට පස්සෙනම් අපේ නැන්දාට ඇහෙන්න ඔය ඇන්ටි කියන්න එපා කුමාරි අක්ක කියලා කතා කරපල්ලා......
මම : එතකොට මචන් ඔය කුමාරි ඇන්ටි හරි අක්ක හරි මොකද්ද කරන ජොබ් එක එහේ උබලට ඔහොම ජොබ් එහෙම හොයලා දෙන්න ?...
මචං 2: නැන්දා මචන් එහේ ස්ටේට් අයිතිකාර මැඩම් කෙනෙක්ගේ PA හැටියට තමයි වැඩ කරන්නේ
PA කියන්නේ මොකද්ද කියල ඒ වෙලාවේ හරියට තේරුනේ නැතත් මම එක තේරුණා වගේ ඉදලා තවත් ප්‍රශ්නයක් දැන්මා ......
මම: එතකොට ඔය වත්තේ උබලට මොනවද කරන්න තියෙන්නේ? පඩි කියක් විතර හම්බ වෙනවද?
මචං 2: කරන්න තියෙන්නේ ඇපල් කඩන එක බිමට වට්ටන්නේ නැතිව accommodation, medical , insurance, foods ඔක්කොම දීලා මැලේසියන් රිංගිට් 2500/-ක්
මම : අඩේ මගේ පඩියම හම්බ වෙනවනේ බන් .... මරුනේ එහෙනම්....
මචං 2: එකනේ මම කිව්වේ ඔයාට පඩි මදි කියලා
කොහොම හරි දැන් ප්ලේන් එක මලෙසියවටත් ආවා කියමුකෝ මේ වෙනකොට අපි පස් දෙන කොහොමත් සැහෙන්න ෆිට් වෙලා නම් ගම ඇතුළු පව්ලේ සියලු විස්තරත් දෙනාගෙන ඉවරයි . (ඔවුන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කිරීම සදහා නම් ඇතුළු එම විස්තර නැතුව අදාල ප්‍රදාන දේ පමණක් මෙහි සටහන් කලෙමු ) එත් එක ප්‍රශ්නයක් තිබුන මම calling Visa එකකින් job එකට ආවත් මෙයාලා ඇවිත් තිබුනේ සමාන්‍ය විසිට් වීසා වලින් ඒ ගෙන ඇහුවම උත්තර දුන්නෙත් මචන් 2කම තමයි.
මචං 2: මේකනේ මචන් calling Visa හදන්න මාස 2ක 3ක් යනවා එත් අපේ නැන්දට මේ අවස්ථාව එච්චර කල් බලන් ඉන්න බැ .. ඒ නිසා නැන්දා කිව්වා පුළුවන් ඉක්මනට මේ විදියට එන්න ආවට පස්සේ විසා හදනවා කියල . (ඒ සමගම ඔහු අනෙක් අය දෙසට හැරී ) උබලට මතකනේ කියපු විදිය මෙහෙ immigration එකේදී කියන්න ඕන අපි ආවේ ටුවර් එකක් කියලා සති 2කින් අපහු යනවා කියලා ........ හරිනේ........
හොදට හෝ නරකට ප්‍රශ්නයක් නැතුව අපි කට්ටියම ඔන්න මැලේසියාවට ඇතුළු උනා කියන්නකෝ ....... දැන් එයාර්පෝර්ට් එකෙන් අපි වෙන් වෙන වේලාව මව ගන්න මගේ සමාගමෙන් කෙනෙක්ව එවල තිබුණා අපේ මචන්ලා ටිකටත් මම අර කෙනාට කියලා ටැක්සි එකක් අරන් දුන්න එයාල ලග තිබ්බ address එකට යන්න කියලා ........ කතාවේ ඊලග ටික පත්තු උනේ මම එවෙලාවේම ගත්ත සිම් කාර්ඩ් එකෙන් මගේ මලෙසියන් tel නො එක එයාලට දුන්න නිසයි..........
ඉතින් ඊට පස්සේ........................
මෙයාල ඇපල් වත්තට ගියාද ?????????????
ඒ වත්තේ ඇත්තටම ඇපල් තිබුනද?????????
RM 2500 ක පඩියට මෙයාලා දිගටම වැඩ කරාද ??????? නැත්නම් ඊලග සතියෙම ගෙදර ගියාද ???????
මේකේ පාර්ට් 2 එකෙන් ඉක්මනටම දැනගන්න පුළුවන්
පලවෙනි post එක නිසා අකුරු අඩුපාඩු නම් සමාව භාජනය කරන්න හි...හි.....හි.....
බැනල හරි කමක් නේ කොමෙන්ටුවකුත් දාලම යන්න ........
බ්ලොග් එකට සුභ පැතුම්...දිගටම ලියන්න.....
ReplyDeleteසින්ඩි වලට දැම්මාද?
Word Verification
අයින් කරන්න
තැන්කු මචෝ .... මට අපු 1 වෙනි කොමෙන්ටුව .... සින්ඩි වලට දැන්මා .... Word Verification ත් අයින් කරා
Deleteඔය වර්ඩ් වෙරිෆිකේසම කලියෙන්ම අහක් කොරලා තිබුනනං පලවෙනි එක දාන්නේ මම... :D
Deleteකතා ලියන හැටියෙන්නං මෙයිට කලියෙන් බොලොගයක් ලියලා තියෙන කෙනෙක් වගේ කියලත් හිතෙනවා.. ඒ තරමට වැඩේ හොඳයි...
ඔහොම වෙරිෆිකෙසමක්තියෙනවා කියල දන්නේත් අරු කිව්වම මචෝ ..... ඇත්තටම මේ පලවෙනි බ්ලෝග .... කොහොම උනත් තැන්කු ආ...........
Deleteහොඳ වේලාවට මචෝ ,Word Verification එකක් දාලා තිබුනේ...නැත්තන් ඉතිං "මාරයා" එක වුනානං බඩුම තමයි!
Deleteඔන්න අපි ආව..දිගටම ලියන්න මචන්...දැනට බ්ලොග් එකමුතු 6 විතර තියෙනවා..ඒවටත් බැඳෙන්න ...කට්ටිය ඒවි ඊට පස්සේ වැල නොකැඩි..තියෙන ඔක්කොම ලියන්න ..දේශපාලනය , කවි සිංදු , ආගිය කතා , නිර්මාණ කෙටි කතා නිසදැස් වල් කතා වනචර කතා වලත්ත කතා ..ඔක්කොම ලියපන් ..
ReplyDeleteඅපි දෙන්නම් සප් එක...
නැට්ට හලපන් මචන් ටිකක් කල් යනකම් ...
එල එල මචෝ ..... ඔහොම කියනවනම් දෙන්නම් ඇඩෙන්න තනි ඇහැට ........ එකම දුක මගේ පොටෝ කැල්ලක් දන්න විදියක් නැ උබලට වගේ .. මොකද ලියන්න හිතන් ඉන්න ඒවා හැටියට ...... මම කව්ද කියල දැන ගත්තොත් මෙහෙ උන් මරයි මාව ...... මොනවා උනත් තැන්කු මචෝ ....
Deleteනියමයි නියමයි ලියපන් අපි එනවා කියවන්න.
ReplyDeleteතැන්කු මචෝ ....තැන්කු............
Deleteඅලුත් කියන්න තරම් ලොකු අවුලක් නෑනෙ බන් ඔය හොඳට ලියල තියෙන්නෙ.....අනිත් බ්ලොග් වල Member කෙනෙක් වෙලා උඹේ බ්ලොග සින්ඩි වලටත් ඇඩ් කරපන්....තව Gadget එහෙම තියෙනවා එවත් ඇඩ් කරහන්....දන්නෙ නැති ඒවා අහපන් ...ඉන්න ඔක්කොම උදව් කරයි.....
ReplyDeleteදැන් ලියන සමහර උන්ටත් වඩා හොඳට ලියලා තියෙනවා. වටින්නේ දිගටම ලියන එකයි. සුභපැතුම්... මගේ සින්ඩියේ එල්ලන්නම්....
ReplyDeleteමචං.... දකුණු පැත්තෙ Gadget වලට කොල පාට අකුරු හරියන්නෙ නෑ වගේ
ReplyDeleteආහ්!
ReplyDeleteමෙන්න මැලේසියාවෙන් තවත් බ්ලොග්කාරයෙක්.
සුභපැතුම්.
සුභ ගමන්.
ReplyDeleteමැලේසියාවෙන්ම පටන් ගත්ත එක හොඳයි. මචං කොම්පූටර් නැතුව වැවිලි පැත්තට යන්න තියෙනවා කියන්නේ මාර චාන්ස් එකක්. මොනිටරේ දිහා බලාගෙන ඉන්නවා වගේ නෙවෙයි දුවල පැනලා නටලා කරලා ඉන්න තියෙනවා කියන්නේ. සැලරි එකේ වෙනසකුත් නෑනේ. ඇඟටත් හොඳයි හිතටත් හොඳයි...
ReplyDeleteනවතින්නෙ නැතුව දිගටම ලිවීමට ශක්තිය සමග සුභ පැතුම්!.
ReplyDeleteකොහොමත් යාලුවො සෙට් එකට ඇපල් වත්ත කෙසේ වෙතත් "ඇප"නම් නැති වෙන්න ඇති.
දිගටම ලියන්න. අපි එනව බලන්න.
ReplyDeleteහරියට හරි ලියපං පුතා. උඹ ලිව්වොත් අපි කියවනවා. අලුත් බ්ලොගට ජය!
ReplyDeleteඅනුමානයක් නේ අරුන් මොකක් හරි අන්දොස් කෙලියක් කරන්න ඇති. අපේ එවුන් සමහර දෙනෙක් තැනකට ගියොත් ආයෙ අපේම තව එකෙකුට එතැනට වැද්ද නොගන්න වැඩ සෙට් කරන බව නම් මම දන්නවා.
ඇපල් වතු කොහෙද මැලේසියාවෙ හෙන්රි.
Deleteමචං ලත් තැනම ලොප් වුනා වගේ නේ...කෝ... නැවතුනා නේ..
ReplyDeleteඔක්කොටම තැන්කු.......... නැත්නම් බොහොම ස්තුති.......... මේ ඊයේ රැ මම නිදාගෙන හිටපු ටිකට ඇවිත් කොමෙන්ටු ටික. මේ ටික දැක්කම නිකන් මස 3ක පඩිය එකට හම්බ උන වගේ සොමියක් දැනුන ඇත්තමයි මචංලා .........
ReplyDelete@S.L. මැලේ රාළ;
Deleteඔබේ ලිපිය කියවල අපි ප්‍රතිචාර දැම්මම පොකුරට අරන් ස්තුතියි මචං ලා කියන්න එපා.එක එක්කෙනා දාල තිබෙන කොමන්ට් වලට වෙන වෙනම ඔබත් ප්‍රතිචාර දක්වන්න.එවිට එම ලිපියට අදාලව දීර්ග කතිකාවතක් අපිට ගෙන යා හැකිවනවා.
මම මගේ මතය කිව්වෙ.ඔබ මොන විදියට පිළිගනී දැයි මම නොදනිමි.මා වැරදි දෙයක් පැවසුවා යැයි සිතේ නම් සමාවන්න.
This comment has been removed by the author.
Deleteතෑන්ක් kenji අඩුව පෙන්නුවට ...... පොස්ට් එක ලියන්න ගත්ත නිසා වෙලා මදි උනා .... දවසට පැය 12ක් වේද කරනත් ඕනනේ .... දැන් පොස්ට් එක ලියල දාලත් ඉවරයි ..... හෙට උදේට ඔක්කොටම වෙන වේනම් රෙප්ලය් කරනවා
Deleteබ්ලෝගර් ෆලෝවර් ගැජට් එක දාහං , අප්පෝ අර පස්ගූගල් එකනං එපා , ඒක මහ වාතයක්
ReplyDeleteඋඹට රහට ලියතහැකි
රසද එහෙනං කාපං....
Deleteඅටමා දුන්න ලින්ක් එකෙන් ආවේ.. මේ ටිකේ බ්ලොග් දඩයමේ යන්නත් කම්මැලිකමේ ඉන්නේ.. හොයලා, පාර කියලා දුන්නට අටමට පිං.. මේ වෙලාවේ මේක ලියන්න ගත්තට මැලේ රාළට පිං... ඉක්මණට ලියන එකයි ඇත්තේ ඔන්න..
ReplyDeleteඅනේ මටත් Friend Connector එක ඕනේ පුතෝ... නැත්තං මට ෆලෝ කරන්න විදියක් නැත... ඒක තියෙනවා Add a gadget එකේ More gadget වල පළවෙනි පිටුවේ අන්තිම හරියේ Followers කියලා... Email Subscription එකත් දාන්න.. නැත්තම් ඉතිං මට නම් සොරි ඩොට් කොමි තමයි....
හි...හි...
Deleteහි...හි...
හි...හි...
හි...හි...
අඩේ කියපු ගැජට් ටික දැම්ම හරිද බලලා අඩුපාඩු තියනවනම් කියන්නෝ
Deleteඅටම් තමා පාර කිව්වේ
ReplyDelete//එවෙලාවේම ගත්ත සිම් කාර්ඩ් එකෙන් මගේ මලෙසියන් tel නො එක එයාලට දුන්න නිසයි//
ඔය කෙලලා තියෙන්නේ තාප්පෙටම අර සරත් අය්යට වෙච්චි එකේ අනිත් එක වගේ
ලෙසටම ලියලා තියනවා දිගටම ලියන්න. comments නොදැම්මත් බලන අය ඉන්නවා
මැලේ රාළට සුභපැතුම්!
ReplyDelete"Atama" tamai kiway..Liyapan api enewa.
ReplyDeleteJayawewa.
ලියන්න... දිගටම තමුන් කැමති දේ... එක එකාගේ පිට කසන්න යන්න එපා,
ReplyDeleteඔබේ ලියවිල්ල බලන්න අපි එනවා..!!
තියෙන අමාරුවට පටන් ගත්තනං ඉතිං ලියන එකයි ඇත්තේ.. හැක් හැක්..
ReplyDeleteමමත් ඉන්නෙ මැලේසිය්වෙ තමයි.. මං ඇර බ්ලොග් ලියන බිත්ති කාරයත් මෙහෙ.
ReplyDeleteඅර විදිහට මැදිහත් නූන එක හොඳයි.. ඔහොම එන අයට උදවු කරන්න කියල මෙහෙ පන්සලෙ ලංකාවෙ හාමුදුරුවරු සංවිධානයක් පටන් ගත්තා. අපිත් ඉතින් ආධාර එහෙම දීල ඒකෙ හිටියා. ටික කාලයක් යනකොට වලි එන්න ගත්තා. එවුවයෙ මුල හිටියෙ එක් පුද්ගලයෙක් හමුදසේවෙන් මෙහෙ ආපු. එන පොට හොඳ නෙති හින්දා මං අයින්වෙල හිටියා. පස්සෙ ආරංචි උනා අර ලංකාවෙ මෑන් සල්ලි වංචා කරලා හොර වීසා වැඩ කරලා අර සංවිදානෙත් පාවිච්චි කරලා නීති විරෝදී වැඩ කරලා හිර බාරෙට අරං ආපහු ලංකාවට පිටුවාහල් කල කියලා එයාගෙ අඹු දරුවන්ට සෑහෙන කරදර උනාලු.. ඔහොම හොර පාරෙ එන්න තරම් මොලේ නැත්නම් වැස්සකටවත් ඉස්කෝලෙකට ගිය අය වෙන්න බෑ. උගත්යයි සම්මත අයත් අහුවෙනකොට නූගත් මිනිස්සු ගැන කවර කතාද ? ඔය විදිහට ගෙනෙනා හුඟ්ක් අය දන්නෙ අර ෆාම් වතුවල වැඩට තමයි බලු දුක් විඳින්න. එන්න ඉන්න තවත් මොට්ටපාලලා ඉන්නවානම් දැනගන්න ලියන එක හොඳයි..
පාන් කාරයෝ දන්නවා, බයිසිකල් කාරයෝ දන්නවා, ත්‍රීවීල් කාරයෝ දන්නවා,කාර් කරයෝ,බස් කාරයෝ දන්නව,කොටින් ම බෝතල් පත්තර කාරයොත් දන්නවා.. ඒත් කවුද මේ බිත්ති කාරයෝ කියන්නේ?.. පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න පුලුවන් ද සරත් මහත්තයෝ..
Deleteසරත් අය්යා වෙලාවක එහෙනම් හම්බ වෙමු නාසි ලිමාවක් කාලා තේ තරේ එකක් බොන්න.....
Deleteඇයි අර අන්තර්ජාලෙ බිත්තියක් බැඳන් ඉන්න පැතුම්.. එයා ගැනයි මං මේ කිවුවෙ..
Deleteමට මේක කියවනකොට මතක් වුණේ අපේ සිරා මලයව. එයත් දැන් මේ රටේම තමා ඉන්නේ.
ReplyDeleteදිගටම ලියන්න.... ගොඩක් අයට වැදගත් වෙයි මේවගේ අත් දැකීම්..
ReplyDeleteඑල එල.දිගටම ලියපන්.මෙහෙ ඇවිත් අමාරුවෙ වැටෙන උන් ගාන හරි අඩු වෙයිනෙ.
ReplyDeleteඔව් මේ ලිවිල්ල සේවාවක් වගේ තමයි. රටක් ගැන තවත් කෙනෙක්ට දැනගන්න ලැබෙන එක වටිනවා.
ReplyDelete