මම S. L. මැලේ රාළ

මම ලංකාවේ පොරක් මැලේසියාවේ ජොබක් කරන.... මට මේක ලියන්න හිතුනේ අනික් බ්ලොග් කියවල ඒවා දැක්කම මෙහෙවෙන දේවල් අනික් කට්ටියටත් දැන කියාගන්න කියල තමයි .

අවූරුදු ගානක් තිස්සේ මෙහෙ ඉදන් අහපු දැකපු, සිද්ද උන හා දැනටත් සිද්දවෙමින් පවතින දේවල් තමයි මම ඔයාලට කියන්න යන්නේ ඕන්.....

Friday 28 June 2013

මැලේසියන් දෙමළ ජාතික තමිල් චෙල්වම් පාර්ට් 2

සරා සහ චෙල්වම් පාර්ට් 2


    මේපාර කොමෙන්ටු ටිකයි!!!!!!!!!!!! ඒ උනාට බලපු කස්ටියගේනම් අඩුවක් නැ........ බ්ලෝග පටන් අරන් දවස් 10න් බලපු කස්ටිය 1000ත් පැන්නා...... ඒ ගැන මට සතුටුයි ...... ඉස්සර මේ බ්ලෝග පටන් ගන්න කලින් මමත් බ්ලොග් කියෙව්වට කොමෙන්ට් දාන්නේ හරි කලාතුරකින් ...... දැනුයි තේරෙන්නේ ලියන එවුන්ට කොමෙන්ටුවක් දැක්කම තමන්ගේ පොස්ට් එකකට දාලා තියෙන මොන සොමියක්ද දැනෙන්නේ කියලා (ඒ කොමෙන්ටු අඩු එක ගැන මම හිත හදාගත්තු විදිය ..... දැන් කතාව)

මුලින්ම පාර්ට් 1 බලපු නැති අය මෙතනට කොටලා එක බලලා එන්න 

 දැන් මේ කස්ටිය දැහැමෙන් සෙමෙන් කරගෙන යන ව්‍යාපාරේට අවුරුදු එකහමාරකට වැඩි. මේ ව්‍යාපාරේ පටන් ගන්න කලින් සරත් හොරට කොම්පැනි ඇරලා ඒවායේ නමට වීසා අරගත්තු අයගේ දැන් අවුරුදු 2ක සම්පුර්ණ වේගෙන එන්නේ අපරාදේ කියන්න බෑ මෙච්චර කල් සරත් උන්නද මලාද කියලා වත් බැලුවේ නැති කට්ටිය ඔන්න එනවා සාරාව හොයාගෙන ...... මේ එහෙම ආපු එකෙක් නම සුමිත් .....

සුමිත්: ආ ... සරත් අයියා කොමද ඉතින් අපිව දැන් පේන්නෙත් නැනේ......
සරත්: අනේ පලයන් ප#$ යන්න තෝ තමයි අපිව දැක්කම අදුරන් නැ වගේ ගියේ ....... තෝ මේ ලංකාවේ බේකරියක පන් පුච්චපු එකා මෙහෙ අපි production manager කියලා වීසා එක ගහලා දුන්නම ගිය උඩක්.....
සු: අනේ නැ සරත් අයියා මොන උඩක්ද? වීසා එකේ මොකක් තිබුනත් මම මෙහෙත් කරන්නේ හෝටල් කුස්සියක වැඩ කරන එකම තමයි 
ස: නැතුව ඉතින් උබට මැනේජර් කම් දෙන්න උබ ඉස්කෝලේ අටවත් පාස් කරලා තියෙන එකක්දැයි ...... ඉතින් කියපන්කො තෝ මොකද මාව මෙච්චර කාලෙකට පස්සේ හොයාන අවේ ඇයි කියලා...... මගේ සැප දුක හොයලා බලන්න වෙන්න බැනේ.......
සු: මේකනේ සරත් අයියා තව මස 2කින් මගේ වීසා එක ඉවර වෙනවා එක අලුත් කර ගන්න විදියක් බලන්න කියලා ආවේ..........
ස: ආ ඔය පැන්නේ බළලා මල්ලෙන් එලියට ....... හරි ... හරි ...... මොනවා උනත් උබලා මාව අමතක කරලා වගේ හිටියට මම එහෙම නෑ...... අපි උබලට කරන්න පුළුවන් ඕන උදව්වක් කරනවා ....... ඒ වෙන මොකක්වත් නිසා නෙවි ලංකාවේ කම නිසා අන්න එක මතක තියා ගනින් .......
සු: අපි නොදන්නවයි සරත් අයියා ගැන ඉතින්..... කියන්නකෝ වැඩේ කෙරෙන්නේ කොහොමද කියලා
ස: ගියපාර මම ඔය වීසා එක හදන්න උබෙන් කියක් ගත්තද?
සු: 9000යි නේ 
ස : අපෝ රිනිවල් එකට එච්චර යන්නෑ 5000කට කරලා දෙන්නම් 
සු: අලුත් කරන්නත් එච්චර යනවද? හදද්දී කිව්වේ අලුත් කරන්න යන්නේ 3000යි කියලනේ ....
ස: ආ........ මම එහෙම කිව්වද මට මතක නැනේ ........ (මුගේ ගමත් කොලොන්නාවේද කොහෙද) ඒ දවස් වල අලුත් කරන්න ගියේ කොහොමත් ඔය වගේ ගානක් තමයි එත් දැන් මෙහෙ ටැක්ස් වැඩි කරලා බන් තියෙන්නේ......  කමක් නැ කමක් නැ 4500ක් දීපන්කො මම මගේ කොමිස් එක අතැරලා උබට යන වියදම විතරක් අරන් වැඩේ කරලා දෙන්න (ඇත්තටම මෙම වීසා එකක් renew කරන්න යන්නේ 1000කටත් අඩු ගානකි)
සු: අප්පා එච්චර යනවද? ..... ඒ ඇරෙන්න කොච්චර කාලයක් යයිද වැඩේට ......
ස : කොහොමත් ඩොකියුමන්ට් ටික හදලා, සබ්මිට් කරලා, ඇප්පුරුවල් එක ගන්න කොට කොල්ලෝ මාස 2ක යයි .... ඒ නිසා අද හෙටම ඇඩ්වාන්ස් 3000ක් විතර එක්ක පොතේ කොපියයි වීසා එකේ කොපියයි ගෙනත් දීපන් මට, බැලන්ස් වැඩේ ඉවර උනාට පස්සේ
සු: සරත් අයියා දැනට මම 2000ක් එක්ක කොපි ටික දෙන්නම් මේ මාසේ අන්තිමට පඩි ගත්තම 1000 දෙන්න ඔයා වැඩේ පටන් ගන්නවද ?????
ස: ඕකනේ බන් වීසා එක හදලා දීපු දවසේ ඉදන් දන්නවා එක ඉවර වෙන දවස ..... අලුත් කරන්න සල්ලි හොයන්නේ එක ඉවර වෙනකම්ම ඉදලා.....හරි හරි එහෙනම් 2000 හෙටම ගෙනත් දීලා ...1000 ලබන මාසේ ගෙනත් දීපන්කො, හැබැයි වරද්දන්න එපා එහෙම උනොත් වැඩේ පරක්කු වෙයි ......

    ඔය විදියට සරත් විසි තිස් දෙනකුගෙන් විතර මාස 2ක 3ක් ඇතුලත් 2000 සිට 5000 දක්වා මුදල් අරගෙන තිබ්බා. හැබැයි කාගෙවත් වීසා renew කරේනම් නෑ. ඇත්තටම කියනවනම් ඒවා renew කරන්න බෑ. හේතුව ඔය කොම්පැනි ආරම්භ කරාට. කවදාවත් ඒ කොම්පැනි නමින් බිස්නස් එකක් වෙලා තිබුනේ නෑ අඩුම ගානේ බැංකු ගිණුමක් වත් නෑ.
   මාස 2ක 3ක කාලයකදී සරත් එකතු කරගත්ත මේ මුදලත් එක්ක (රුපියල් වලින්නම් ලක්ෂ 50ක් විතර) එක දවසක් උදේ සරත් අතුරුදහන්!!!! මැලේසියාවෙන් මාරු වෙලා !!!!!


        දැන් ඔන්න සරාට කියලා වීසා හදාගන්න ගිය කට්ටිය රෙන්න පුකේ ගුත් නැතුව තක්කු මුක්කු වෙලා ඉන්නවා ....... මෙතන ප්‍රදාන වසයෙන් කට්ටි 2කයි 1ක කට්ටියක් තමයි දැනටමත් විසා expire උන කට්ටිය අනික් කට්ටිය තව ටික කාලයකට බඩු (වීසා වලට මෙහෙ ප්‍රසිද්දියේ කියන නම)  තියෙනවා එත් ඉදිරියෙදී කෙල වෙන්න ඉන්න කට්ටිය. කොහොම හරි දෙගොල්ලොම අම්මාමෝ නැතුව සරාට බනින ගමන් කතාවෙන්නේ තමන්ගේ වීසා එක හදාගන්න එකට වඩා කොහොමද සරාට කෙළවන්නේ කියලා තමයි. අන්තිමට මේ සරා නිසා කෙල වුවන්ගේ සංගමය තීරණ 2ක් ගත්තා. එක තමයි තම තමන්ගේ ලංකාවේ එන්න කට්ටියට කියල මේ හොරකම ගැන සරාට විරුද්දව පැමිණිලි කිරීම දෙවන තීරණය තමයි දැනටත් වලංගු විසා තියෙන අය සරත්ට විරුද්දව මෙහෙ පැමිණිලි කිරීම. ඒ තීන්දුව නිසා තමයි අපේ කතා නායක ගැන අපිට මේ විදියට කතා කරන්න වුනේ
       මෙහෙත් පොලොසියනම් අපරාදේ කියන්න බෑ ලංකාවටම දෙවෙනි නැහැ සතපහකට වැඩක් නෑ. විසි තිස් දෙනෙක් විතර එකම කතන්දරයක් කියල පැමිණිලි දාන කොට පොලොසියෙන් පරීක්ෂණයක් කරලා හොයා ගත්තා චේල්ලා තමයි මේ කොම්පැණි ලියාපදිංචි කරන්න උදව් වෙලා තියෙන්නේ කියලා ඒ අනුව ඔන්න පොරගේ වැඩ තහනම් කොරපි!!!!!!!!!!!! ඒ මදිවට පොලිස් අත්අඩංගුවටත් ගත්තයි කියන්නකෝ.....


         හැබැයි ඉතින් මෙහෙ නීතියට හා ඒවා ක්‍රියාත්මක කරන කට්ටියට පින්සිද්ද වෙන්න දවසක් දෙකක් යන්නත් කලින් කොල්ලා එළියේ .... ඊටත් වඩා ඊට පස්සේ ඒ කෙස් එකට මොකද්ද උනේ කියලා දන්නේ මැලේසියාවට අදිපති ඔය මුස්ලිම් (හලාල්) දෙවියොම තමයි ...... ඔන්න දැන් තමයි අපේ චෙල්වම් කොල්ලගේ කතාව හරියටම පටන් ගන්නේ......

   රස්සාවත් නැතිකරගෙන පොලොසිත් ගිය චේල්ලා ඊළගට කරේ පහුගිය කාලේ දුක් මහන්සියෙන් හම්බ කරගත්ත සල්ලි වලින් ගත්තා ඇත පළාතකින් ඉඩමක් පාම් වවන්න කියලා........ ඊට පස්සේ KL වලට ආව චේල්ලා අල්ලගත්තා තවත් ලංකාවේම පොරක් මිනිහා නිශාන්ත ..... මේ නිශාන්ත ලංකාවේ ගරාජ් එකක ගෝලයෙක්, මෙහෙට ඇවිත් තියෙන්නේ 1998 එතකොට එයාට වයස 24ක් විතර. 2007 වෙනකොට මෙයා මැලේසියාවේ ටින්කර් බාස් කෙනක්. සිංහල ඇරුනම තව බාසා 3ක් කතා කරනවා මැලේ, දෙමළ, ඉංග්‍රීසි, ඉන්නේ මෙහෙ ස්ලයන් කියන විසා නැති අය වැඩිපුරම ඉන්න පළාතක..... ඔය ඔක්කොම සුදුසුකම් නිසා තමයි චේල්ලා මේ නිශාන්තවම හම්බ උනේ.... මේ දෙන්නාගේ කතාව

චේල්ලා: ඔයා දැන් මේ ජොබ් එකෙන් මාසෙට කියක් හොයනවද
නිශාන්ත: 2000ක්. 2500ක්  විතර තමයි සර්
චේ : මම ඔයාට දෙන්නම් පොඩි චාන්ස් එකක් ජොබ් එක කරන ගමන්ම මාසෙට තව තුන් හාරදාහක්  හොයා ගන්න මොකද කියන්නේ?
නි: අප්පා සර් දෙවියෙක් නෙවි දෙවාලයක්නේ එච්චර හොයන්න පුලුවන්නම් කියන ඕන දෙයක් කරන්නම් මම සර් කියන
චේ: මේක මනුස්සයෝ අනික් මිස්සුන්ට කරන උදව්වක් ...... මම ගත්ත වත්තක් මට පුළුවන් එකේ වැඩ කරනවා කියල උබලගේ මිනිස්සුන්ට Plantation Worker කියන විසා ටිකක් හදලා දෙන්න දැනට ඔය විසා නැතුව ඉන්න අයට කතා කරලා, ඇඩ්වාන්ස් හැටියට 1000ක් එක්ක පාස්පෝට් කොපියයි පොටෝ 2කකුයි අරන් වරෙන්
නි : එතකොට සර් එක විසා එකකට සම්පුර්ණ ගාන කීයද? කාලය කොච්චරක් යනවද?
චේ: ගානනම් ඔක්කොම මට ඕන 2500ක් උබත් 300ක් 400ක් විතර තියාගෙන කියපන්..... එක මාසෙකට 10ක් හොයාගත්තනම් ඇති ඇඩ්වාන්ස් දීලා මාසයක් එකහාමාරක් ඇතුලත වැඩේ ඉවරයි......ඊට පස්සේ බැලන්ස් එක දුන්නම පොත දෙනවා විසා එකත් එක්ක
නි: හරි සර් දෙන්න මට සතියක් පලවෙනි දහදෙනා මම ලැහැස්ති කරන්නම් ....


   මෙලෙස ඒජන්ට් වැඩ පටන් ගත්ත නිශාන්ත ඔන්න දැන් දිගට හරහට plantation විසා හදනවා මිනිස්සුන්ට බැලූ බැල්මට මේක හොද ලස්සන කතාවක් උනාට ඇතුලෙන් මේක වැඩේ යන්නේ මෙන්න මේ විදියට. චෙල්වම් ගන්නේ වවන්න තියා මිනිහෙක්ට යන්නවත් බැරි දුර ඇත පළාත්වල කැලැවල්, වේවා පාම් වතු හැටියට සංවර්දනය කරනවා කියාලා රජයෙන් අනුමත කරගෙන ඒ අති දුෂ්කර වැඩ වලට පිටරට සේවකයින් යොදාගන්නවා කියලා තමයි අපේ කට්ටියට වීසා හදව ගන්නේ මේවගේ හෙක්ටයාර ගානක ඉඩමක් වෙන්නේ මැලේසියන් රිංගිට් 50,000ක් විතර ...ඔය ඉඩමකට අඩුම තරමේ වීසා 250ක් වත් ගන්න පුළුවන් වීසා එකකට රජයට ගෙවන්න ඕනා 300ක් විතර + එක හදන ඉමිග්රේෂන් එකේ අයට පගාව 700ක් 800ක් විතර  2500න් ඉතිරිය චෙල්වම්ට රොඩ්ඩ නිශාන්තට.

    කාලයක් යනකොට මේ නිශාන්ත වගේ චෙල්වම්ට වැඩ කරන රනර්ලා හත් අට දෙනෙක්ම හිටියා. ලංකාවේ වගේම ඉන්දියන් බංග්ලාදේශ් නේපාල් අයත් හිටියා. හැබැයි මෙයාලා අතරින් ලංකාවේ අය චේල්වට විශේෂයි. ඒ අපේ එවුන් තමන්ගේම අයගේ බෙල්ල කපලා හරි චේල්ලට ඕන කරන අනිත් වැඩත් කරන නිසා...... ඒ කිව්වේ සතියකට සැරයක් විතර අලුතෙන් එන ගැණු එහෙම චේල්ලාට ටෙම්පරි පාවිච්චි කරන්න සැපයීම..... තව වෙනම ගැණු 3න හතරක් පර්මනන්ට්ම චෙල්ලට දීම..... වගේ ඒවා ..... මෙයින් එක්කෙන්ක් තමයි අර මැලේසියන් ඇපල් එකේ හිටපු කුමාරි ඇන්ටිත්. මොකද කැලැ ඉඩම් වගේම ඇත්ත පාම් වතු 2ක 3නකුත් පොර අරන් තිබ්බ සල්ලි වැඩි කමට. ඒවායේ ඇපල් කඩන්න තමයි කට්ටිය ආවේ.....

කොහොම හරි දැන් චේල්ලා මෙහෙ කෝටිපතියෙක් දැන් වීසා එකක හදන්නේ 4000කටත් වැඩියෙන් අරන් ..... ඔය විදියට වෙන්න, චේල්ලව අමාරුවේ දාලා රට පැන්න සරත් ගෙන් ආරංචියක් නෑ.... ඒ වෙනුවට කලින් පොස්ට් එකේ කිව්ව වගේ ශ්‍යාම් ඒ වැඩ ටික පටන් ගත්තා ඔය කාලයේම ......

 එකසැරයක් දැක්ක ගමන් ඔනම කෙනෙක්ගේ අත්සන ගහන්න පුළුවන් උපන්ගෙයි හැකියාවක් තිබ්බ ශයම්, ගේ කතන්දරේ ඊලග පොස්ටුවෙන්...................










31 comments:

  1. පොස්ට් එක කියවන්න කලින් මේ කමන්ට් එක දාන්නෙ, මචං දකුනු පැත්තෙ උඩ තියෙන තෝම්බුවෙ පාට වෙනස් කරපං, ඒක පැහැදිලිව පේන්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔන්න මචෝ වෙනස් කරා ..... දැන් හරි නේද ? තැන්කු අඩුව පෙන්නුවට

      Delete
    2. කොල පාට අකුරු පේන්නෙ නෑ කියල මම මූට කිව්වෙ පලවෙනි පෝස්ටුවෙදිමයි...රාළ ඒක දැකල නැද්ද කොහෙද???

      Delete
    3. එක දැක්ක.... එත් මට එතන පට වෙනස් කරන විදිය හොයාගන්න බැරුව හිටියේ ....... ඊයේ 2වෙනි පාරටත් එකම කියල තිබුන නිසා යන්තම් පැයක් විතර දගලලා තමයි වැඩේ හොයාගත්තේ කොහොමහරි දැන් පාට හරි නේද මචෝ ....

      Delete
    4. වැඩේ එල මචං... පැයක් හරි දෙකක් හරි දඟලලා හරි තමන්ම දෙයක් හොයාගත්තොත් ඒක කවදවත් අමතක වෙන්නෙත් නෑ..ආයෙ වැරදෙන්නෙත් නෑ...උඹේ පැය පාඩු නෑ බං....

      Delete
    5. ඔව් එක ඇත්ත යට තියෙන කොමෙන්ට් කියෙව්වම එක අමුලිකම ඇත්ත කියලා හිතෙනවා .

      Delete
  2. මට නං කියවන්නත් මොකක්ද වගේ.. ටිකක් ජේද පොඩි කරන්න.. කියවන්න ලේසියි. අනික ඩයලොග්ස් අර තරං කිට්ටු කරල දාන්නත් එපා..

    ReplyDelete
    Replies
    1. එල මචන් ඊලග පොස්ටුවේ ඉදන් හදන්නම් ..... තැන්කු කිව්වා

      Delete
  3. මේවට කොහොම කමෙන්ට් කරන්නද කියලා මං මේ කල්පනා කරන්නේ...

    ReplyDelete
    Replies
    1. මේ දාලා තියෙන විදියටම දන්න අනේ... විශේෂයෙන්ම මගේ අඩුපාඩු තියෙනවනම්

      Delete
    2. කොහොමද දන්නවද ....
      මෙන්න මෙහෙම

      හි..හි..
      හි..හි..
      හි..හි..
      හි..හි..

      Delete
    3. හි..හි.. තැන්කු හි..හි..

      Delete
  4. මස්සිනා, උඹ කරන මේ දේ ගොඩක් වටිනවා මචං. දිගටම ලියමු මැල්සියාවෙ මේ ඇතුලාන්තය ගැන.

    ReplyDelete
    Replies
    1. තැන්කු මචන් ...... ලියනවා ලියනවා කාටවත් අහු නොවෙනකම් ලියනවා ගොඩක් විස්තර තියෙනවා මේවගේ දැනගත්තු අපේ අයියලා ගැන........

      Delete
  5. අපේ ලංකාවෙ අයියල මේ ලිපිය දැකල ජාවාරම් පටන් ගනියි කියල හිතුන.
    රුපියල් ලක්ෂ 20 විතර අරන් ඇවිල්ල හෙක්ටර්යාර් ගානක කැලයක් අරගත්ත නම් ගොඩනේ කියල.
    සෙකන්ඩ් හෝම් සිස්ටම් එකටත් රුපියල් කෝටියයි ටිකක් විතර ඕන නේද?
    මට එක වෙලාවකට හිතෙනව KL සෙන්ට්‍රල් වල ඉන්න ශ්‍යාම් උඹ ද කියල.
    මැලේසියා ආවාම KL සෙන්ට්‍රල් වල මොනො රේල් ස්ටේෂම ලග තියෙන ඉන්දියන් රෙස්ටෝරන්ට් එකට යනව දරුවො දෙන්නට කොත්තු කන්න දෙන්න.

    ReplyDelete
    Replies
    1. මාත් තව සති කිපයකින් යනවා ඒ පැත්තේ දවස් දෙක තුනකට

      Delete
    2. මේ කොමෙන්ටුව ඔයා මෙහෙ එනවා කියල තිබ්බ කලින් කොමෙන්ටුවටත් දැම්මා ..... එක දකින්නේ නැතුව ඇති කියලා හිතලා අයි Copy , past කරා .....

      "මචෝ සාදරෙන් පිලිගන්නවා .... Brickfields වල බෞද්ද මහා විහාරයටත් ඉඩක් ලැබුනොත් ඇවිත් යන්න මැලේසියාවට එන ඕනෑම අයකුට මම ඕක කියනවා ....... එතනට ගියාම සිංහල කම ගැන පොඩි ගතියක් දැනෙනවා එකයි .... ඒ ඇරෙන්න ප්‍රසිද්දියේ මොකක් හරි දෙයක් දැනගන්න තියෙනවනම් කොමෙන්ටුවක් දාන්න..... අප්ප්‍රසිද්දියේ මොනවහරි (ඒ කිව්වේ privatly ) දැනගන්න ඕනනම් profile එකේ තියෙන ඊ මේල් එකෙන් මව අමතන්න ...... ඔනම් කෙනෙක්ට කිසි රිටන් එකක් බලාපොරොත්තු වෙන්නැතුව උදව් කරන එක පොඩිකාලේ ඉදන් තියෙන නරක පුරුද්දක් මගේ......"

      Delete
  6. හා... හා..... හා...... අපේ අයියලා ඕකට ට්‍රය් කරා එත් උපාලි W ගේ කෙස් එකෙන් පස්සේ මෙහේ රජය ගෙනත් තියෙනවා නීතියක් බුමිපුත්‍ර කියල කිසිම විදෙසිකයකුට මෙහෙ ඉඩම් තනියම ගන්න බැ ..... ඒ නිසා කට්ටිය කිච් වෙලා ඉන්නවා . සෙකන්ඩ් හෝම් වැඩේට ඒ වගේ ගානක් යනවා කාලය මස 6කට වැඩ යනවා සමහර වෙලාවට අව්රුද්දක් ගිහිල්ලත් හරියන්නෑ. KL සෙන්ට්‍රල් වල ඉන්න ශ්‍යාම් ගැන මගේ ඊලග පොස්ටුවෙන් දන ගත්තකි ඊටපස්සේ ඔයාට නැවත හිතලා බලන්න වෙයි ඉ මමමද කියලා . ඊලග සැරේ මැලේසියා එනකොට කියන්න ලංකාවේම කට්ටියක් කරන කොත්තු කඩයක් තියෙන තැන කියන්න ...... එතන අනිත් ලංකාවේ කැමත් ඔක්කොම තියෙනවා ......

    ReplyDelete
  7. මගෙ ඔහෙ නවාතැන් Subang Jaya,Petalinjaya.
    මම ඒ උනාට ආස Penanang දුපතේ මුහුදු වෙරළට(සමහර තැන් පමණයි)
    Langavi දුපතේ මුහුදු වෙරළ සුන්දර උනාට තාම ගියෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔයා බීච් වලට ආසනම් ඊලග සැරේ මෙන්න මෙතන ට්‍රය් කරන්න KL ඉදලා පැය 2ක 3නක දුර .... නම චෙරටන්
      https://www.google.com.my/search?q=cherating+beach&newwindow=1&tbm=isch&tbo=u&source=univ&sa=X&ei=HDPOUfqGCeuviQf4-IDQAg&ved=0CEgQsAQ&biw=1024&bih=605

      Delete
  8. ඇඟ හිරි වැටෙන කතානේ මේවා.. දිගටම ලියන්න මචන්..

    ReplyDelete
    Replies
    1. ලියනවා මචන් ලියනවා හොදටම අග හිරිවැටෙන ඒවා ඉස්සරහට බලාගත්තකි

      Delete
  9. අද නම් බෝරින් බන්. දැක්කම අප්පිරියයි. මම නම් කියෙව්වෙත් නෑ. කරනවනම් කරන දේ කැපවෙලා කරපන්. මේක අර කක්කුස්සි වලේ රෙන්නේ නැතුව. වටේට රීලා ගිය තැනක් වගේ. එහෙම කරන්න බැරිනම් නොලියා හිටපන්..

    ReplyDelete
    Replies
    1. ඇදෙ ගියපාර ලිව්වා font size වලින්ම තමය ලිව්වේ ...... අප්සැට් එක කොතනද කියල මට තේරුනේ නේ හරියටම පුලුවන්නම් මට වරද මොකද්ද කියලා තව ටිකක් ස්විස්තරකරපන් සුදා ......

      Delete
    2. අළුත් බ්ලොග් එකක් දැක්කා. ඉදිරිපත් කිරීමෙන් මම හිතන්නේ නොම්මර එක. බලාපන් දෙයක් පිලිවලට කරන ලස්සන. ඒක බලලා උඹේ එක බලපන්. එතකොට පෙනෙයි වෙනස. මම කියන්නේ අන්තර්ගතය ගැන නෙමෙයි ඉදිරිපත් කිරීම.

      http://sithums.blogspot.com/2013/06/blog-post_29.html

      Delete
    3. උත්සහකරනවා ඔය කියන පිළිවෙලට එන්න ..... වෙනස හොදටම පැහැදිලි ...... උබලගේ අවංක අදහසට හදපතුලෙන්ම ණයගැති .... නමුත් මම කොම්පියුටර් softwere කවදාවත් ඉගෙනගෙන නැ මම මේක ලියන්න දැනුම හොයාගන්න විදිය කිව්වොත් උබලා කවදාවත් එක විස්වාස කරන එකකුත් නැ ...... මට මම ගෙන මිට වැඩ ලියන්න බැ මෙහෙය මම ගෙන හදුනාගැනීවී කියා සිතන නිසා ....... කොහොම උනත් ඔය කියන පිලිවල මම හදාගන්නම් ඉක්මනින්ම අඩුගානේ පිළිවෙල හොද නිසාවත් කට්ටිය මෙතනට ඇවිත් මම කියන්න යන පණිවිඩය තේරුම් ගනී කියන විශ්වාසයට ....... කොහොම උනත් ස්තුති යාළුවා උබේ කාලය මා වෙනුවෙන් වැය කරනවට .......

      Delete
  10. සිරාවටම කියවන්න හිතෙන්නේ නෑ. ප්‍රශ්න උත්තර අතර පරතර තියපන් මචං. ඇහැටත් අමාරුයි.
    ඒවගේම මෙතෙන්ට කමෙන්ට් වැටෙන්න තව හේතුවක් කෙන්ජි. ඌට ස්තුති කරපං.
    Samakaya Wate නලින්

    ReplyDelete
    Replies
    1. ඔව් ලබන පොස්ටුවෙන් ඔය කියන ටික හදනවා තව අඩුපාඩු තියෙනවනම් කියපන් මචන්ලා ....... මම කලිනුත් කිව්වා කෙන්ජියාත් දෙවියෙක් නෙවි දේවාලයක් ..........

      Delete
  11. අඩු පාඩු උඩකියල තිබුන. ෆොන්ට් එක ලොකු කරල අනිත් ටිකත් කරල ගත්තනම් හරි.උබ කියන්නෙ ගොඩ දෙනෙක් නොදන්න පෑත්තක්.දිගටම ලියන්න.සුබ පෑතුම්

    ReplyDelete
  12. බොහොම තැන්කු මචන් අද තමයි කාලයකට පස්සේ බ්ලොගේට සෙට් උනේ අලුත් පොස්ට් එක දාන්න.... එකත් මලල කියන්න දැන් තත්වය මොකද්ද කියලා

    ReplyDelete
  13. මන් එද්දී වැරදි හදලා වගේ ප්සොට් එකේ.. මම නම් අපහසුවකින් තොරව කියෙව්වා... දිගටම ලියන්න රාලේ..

    ReplyDelete