කාලය හෝල්සේල් ලෙවල් එකෙන් ගෙවීගෙන යනවා... ඔන්න මාසයේ අන්තිමත් ආවා ඒ කියන්නේ පඩි දවස... ඒ වෙනකම් තිබ්බ එකම වෙනස තමයි පහුගිය පඩි දිනෙන් පස්සේ ඉදන් කට්ටිය පාරේ යන්නේ පොඩි එවුන් හැංගිමුත්තෝ සෙල්ලම කරනවා වගේ හැන්ගෙන කට්ටිය අපේ අය... අල්ලන කට්ටිය පොලෝසිය.......
කොහොම හරි එදාත් ඒ මාසයේ පඩිය විතරයි හිග මාස බාගේ පඩිය නෑ .... කට්ටියට කරන්න දෙයකුත් නෑ.... දැන් ඔන්න අයෙත් ආනන්ද ෆෝන් එකට ආන්සර් කරන්නේ යලට මහට.... ඉතින් පඩි හිගයත් එක්ක ආයෙත් කට්ටිය මාරයාව කන්න යනවා
ඔය අතරේ අපේ මුචි (= මුස්ලිම් චීනා)කට්ටියට එතන වැඩට එන්න කියලා දිගටම ලව් දානවා..... එදා පඩි දවසේ ප්‍රීතිය සමරන රැයේ ප්‍රධාන මාර්තුකාව ඕක..... මෙතනින් අයින් වෙලා මුචි ලගට යනවද නැද්ද අන්තිමේදී තීරණය උනා මුචි එක්ක සාකච්චාවක් දාන්න. ඔන්න මේ එතැනදී..... හෙන්රි සාකච්චාව ගෙනයන අතර අනෙක් අය හොද ළමයි වගේ අහගෙන සිටියි.
හේ: දැන් අයියා අපි ඔයා ලඟ වැඩට ආවොත් අපිට පඩි කියක් දෙනවද?
මුචි: දැන් ඔයාලට 1000ක් වත් නෑනේ පඩි.... මම දෙනවා 1000ක්... ඊට අමතරව ඉරිදා පැය අටක් වැඩ කරොත් දවසට 50ක්..... ඕනනම් ඔයාලට මගේම ක්වාටසුත් තියෙනවා ඒවායේ නවතින්නත් පුළුවන්... එතකොට නවාතැනුත් ෆ්රී, කෑමට විතරයි සල්ලි යන්නේ හැබැයි ශිෆ්ට් එකට තමයි වැඩ, සතියක් day සතියක් night......
හේ:අඩුම තරමේ බේසික් එක 1200ක් වත් දෙන්න බැරිද අයියා ,
මු: ඒම කෝමද කරන්නේ ඔයාලට විසා එකවත් නැනේ අඩු ගානේ පොත වත් තියෙනවද ඔයාලා ලඟ
හේ:මේකයි අයියා අපේ ඒජන්ට් පොත අරන් තියෙන්නේ විසා හදන්න මේ මාසේ ඉවර වෙන්න කලින් අපිට විසා හම්බ වෙනවා
මු:හරි විසා හම්බ උනාම මම 1200ක් දෙන්නම් එතකම් 1000ක් විතරයි කැමතිනම් මේ සතියෙම එන්න නැත්නම් මම වෙන කට්ටියක් ගන්නවා.
මේ සාකච්චාවෙන් පසු නැවතත් කට්ටිය ප්‍රශ්නයකට පැටලේ, එනම් මොකද කරන්නේ කියාය..... කෙන්ජි, හෙන්රි හා ලක්මාල් කියන්නේ සිකියුරිටි වැඩේට යමු කියාය, නමුත් තවමත් ආනන්දව යම්තාක් දුරට විස්වාස කරන අපේ අනෙක් අය කියන්නේ මේ මාසෙත් බලමු කියාය... කෙසේ හෝ මාස බාගයක පඩියත් ගන්න තියෙන නිසා නැවතත් කට්ටිය ෆැක්ටෙරියේම වැඩට යයි.....
ඔය අතරේ ආනන්ද පොරොන්දු වූ පරිදි මාසය අවසානයේ විසදනවාය කියූ කිසිවක් සිදු නොවූ නිසා දුරකතනයෙන් කෙන්ජි හා ආනන්ද දරුණු බහින් බස් වීමකට පැටලේ.... (එම දෙබස පල කිරීමට තරම් සුදුසු මට්ටමේ නොවන නිසා පල නොකරමි) නමුත් අවසානයේ දුරකථනය අතට ගන්න හෙන්රි ආනන්දගෙන් අසන්නේ තමන්ගේ වැඩේ පොරොන්දු වූ පරිදි සිදුවනවාද නැද්ද පමණක් අවංකව පවසන ලෙසයි එවිට ආනන්ද පවසන්නේ "බොලාගේ කරුමෙට දැන් අර ලොකු කොම්පැනියට උබලව ගන්න බෑ කියන බවත් ඒ නිසා කට්ටියට විසා හැදීමට කෙනෙක් නොමැති බැවින් විසා එකට යන මුදලක් රාම් වෙත ගෙවා උවමනා අයට විසා සාදා ගත හැකි බවත්ය"
දැන් කෝමෙයි දන් වළදන්නේ දැන් කට්ටියගේ ප්‍රධාන ප්‍රශ්නය ආනන්දට කෙළවන්නේ කොහොමද කියන එකය.... ඒ සදහා එක කට්ටියක් ලංකාවට කෝල් කරයි තව කට්ටියක් ආනන්දගේ පැටිකිරිය පිළිවෙලකට මතක් කරන්න උත්සහ ගනියි.... නමුත් මේ ආනන්දට තමන් කොච්චරක් නම් රැවටුනාද යන්න මෙයාලට දැනෙන්නේ දැන්ය. ඒ එක් කෙනෙක්වත් හරියට මොහුගේ ලිපිනයවත් නොදන්නා නිසාය අඩු තරමේ පදිංචි ප්‍රදේශය ගැන ඇත්තේද විවිද අත්දැකීම් මත විවිද මතය .... කෙනෙක් කියන්නේ තමන්ට කිව්වේ ආනන්ද කඩවත කියා වන අතර අනෙකා කියන්නේ නිට්ටබුවේ කියා බවය නමුත් මාරයා දන්නේ ගනේමුල්ලේ කියාය.
ඔය අතරේ කොම්පැනියේ තත්ත්වයද එන්න එන්නම අසතුටු දායකය.. වැඩ ඇත්තෙම නැති තරම්ය... ඒ නිසා පඩි දිනයෙන් සති දෙකකට පමණ පසු පාලන අදිකාරය තාවකාලික සේවකයන් 20 දෙනෙක් පමණ (අපේ අයද ඇතුලත්ව) එකවරම සේවය නවත්වා දමන්නේ මාසය අන්තිමට පැමිණ සති 2කේ පඩි හා හිග මුදල් රැගෙන යන ලෙසට දන්වමිනි...
නැවතත් ආනන්දගේ හත්මුතු පරම්පරාවේම ගුන ගයමින් කට්ටිය පිහිට සොයා යන්නේ මුචි වෙතය... මුචි ගේ කරුණාවේ දෑත අල්ලාගේ නමින් මොවුන්වෙත දිගුවේ.... පහුවදා සිට මේගොල්ලෝ සිකියුරිටිලාය.... කට්ටියක් උදේ වැඩය,.... කට්ටියක් හවස වැඩය.....
මේ අතරේ කට්ටිය රාම්වද දුරකතනයෙන් සම්බන්ද කර ගනියි... එහිදී රාම් පවසන්නේ මාස දෙකක කාලයක් ඇතුලත working විසා එකක් සාදා දිය හැකි නමුත් ඒ සදහා යන මුදල රිංගිට් 4000ක් බවයි පළමුව 2000ක අත්තිකාරමක් ගෙවිය යුතු අතර මාස 2ක අවසානයේ ඉතිරි 2000 ගෙවා විසා සමග පොත ලබාගත හැක..... දැන්නම් කට්ටිය බොන්නේ නැතුවම ඩෝප් වෙලා වගෙය... අන්තයටම වැටිලාය කරන්න කියන්න දෙයක් නැති ගානය..... දැන් ඉතින් කාටද මේ අවනඩුව කියන්නේ සිතමින් සිටිනා මේ අයට තමන්ගේ ආගම මතක් වෙන්නේ දැන්ය.
ඒ අනුව ඒ සතියේ ඉරිදා එදින නයිට් ශිෆ්ට් එකේ අය පන්සලට පැමිණේ .... හම්මේ පන්සලනම් මරුය.... ඉරිදාට සිංහලයින්ගෙන් පිරිලාය.... බුදුන් වදිනවා හැරෙන්න අනෙකුත් නොයෙක් වැඩ වලට ආපු අය මෙතනය. සමහරු තමන්ගේ දුක්ගැනවිල්ල කියති තවත් සමහරු ඒවා අහන් ඉදිති... තවත් සමහරු ඒවායෙන් ගැලවෙනහැටි කියති. තවත් සමහරු නව රැකියා අවස්ථාවන් ගැන විස්තර කරති. තවත් සමහරු ඒජන්ට්ලාට දොස් කියති... තවත් අයෙක් අවංක ඒජන්ට් කෙනෙක්ව අනෙක් අයට හදුන්වා දෙති... විසා හදති... විසා රිනිව් කරති. overstay ක්ලියර් කරති. නමුත් බුදුන් වදින කෙනෙක් නම් නොමැතිය...
පන්සල් ගමනින් පසු කට්ටියට සන්තෝෂය හා දුක සමබරව දැනුනේය ඒ බුදුන් වදාල දේ අවබෝධ කරගත් නිසා නොව තමන් සුවර් එකටම හොරෙක්ට අහුවෙලාය කියන දුක හා තමන් වගේ අහු වෙච්ච තව ගොඩාරියක් කට්ටියක් ඉන්න බව දැනගැනීමේ සන්තෝශයයි. තවද පන්සල් ගමනින් පසු ඩ්‍රැකියාද පොරක් විය... ඒ ඔහු හදුනන හාමුදුරුනමක් සංචාරයක් සදහා පන්සලට පැමිණ සිටි හෙයින් පන්සලේදී ලැබුනු ටිකක් ඉහල සැලකිලි නිසාය (10kg හාල් බෑග් එකක් හා 5L තෙල් බෝතලේ)
ඒවාගේම පන්සල් ගමනින් පසු මේ කට්ටිය සල්ලි තිබුනත් රාම්ට කියා විසා හදන අදහස අතහැර දැමුවාය... එන දේකට මුන දෙමින් සිකියුරිටි රස්සාව කරන්න හිත හදා ගත්තාය.. නමුත් සුදික, හෙන්රි හා ලක්මාල් පැවසුවේ ගත්ත ණය ටික ඉවර උන ගමන් ආපහු ලංකාවට යන බවය. නමුත් ලංකාවට යන්නනම් නැවතත් පාස්පෝර්ට් තම අතට ලබා ගත යුතුය. ඒ සදහා රාම්ව නැවත ඇමතුව අවස්ථාවේන් පසු කට්ටිය නැවතත් ආනන්දගේ දෙමව්පියන් සිහිකරවන්නට පටන් ගනී.
ඒ ඇත්තටම ආනන්ද තවත් වටයකින් රාම් හා එකතුව මේ කට්ටියව අන්දන්න යන නිසාය. මෙවර ආනන්දගේ තිර රචනයට රාම් පවසන කතාවනම් සබ්මිට් කරන ලද විසා ගාස්තුව ලෙස රිංගිට් 500ක් හා එක කැන්සල් කිරීම සදහා එක පොතකට රිංගිට් 750ක් වශයෙන් රිංගිට් 1250 බැගින් ගෙවා පොත් රැගෙන යන ලෙසය.... මේක හරියට ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න පසු දාගෙන ගිය ඇම්බියුලන්ස් එක හෙලට වැටුනා වාගේය....
කෙතරම් උත්සහ කලද මේ ප්‍රීතිමත් අවස්ථාව සමරන්න ආනන්ද දුරකතනයට පිළිතුරු නොදුන්නේය නමුත් sms වලින් කට්ටිය ආනන්දට ඇති තරම් සුභපැතුවෝය.. ඉදලා හිටලා මාරයාගේ එකවුන්ට් එකටද සුභපැතුම් එක්විය... ඩ්‍රැකියාටද එකක් දෙකක් එක්විය... නමුත් ප්‍රශ්නය පටන් ගත්ත තැනමය.. නැවත වරක් මාසයක් අවසන් විය කොම්පැනියෙන් බොහොම අමාරුවෙන් රෑ ශිප්ට් එකේ අය දවල් දවස තිස්සෙම ගේට්ටුව ලග දින කීපයක් රැකගෙන සිටීමෙන් පසු මාස භාගයේ පඩිය ලබාගන්න ලදී.
ඉතිරි මාස භාගය මුචි ගෙන් ලැබුනේද අමුතුම ආකාරයකටය. එනම් මුචි වැඩ පටන් ගන්න කොටම කට්ටියට කිව්වේ දවසේ වියදමට සල්ලි ඕනානම් සුපවයිසර්ගෙන් ඉල්ලා ගන්නා ලෙසය අපේ කට්ටියද සිගරට් බොන අය එකටද රැට නිදිමරණ කොට අරවා වලටද සැරින් සැරේ ලාංකික නම තියමින් එකිනෙකාට හොරෙන් මුදල් අරගෙනය. පඩි ගන්නකොට සුපවයිසර් දිගට හරහට ලබා ගත්තා ය කියමින් මුදල් අඩුකර මාස භාගයේ පඩීය දෙනකොට එක අයෙකුටවත් රිංගිට් 300ක් නැත. අඩුකළ මුදල හරිද කියා බලන්න අපේ අය ගත්තු ගණන් අඩු තරමේ ලියාගෙනවත් නැත.
දැන් මේ කට්ටිය මැලේසියා ඇවිත් ගත වෙන්නේ හත්වන මාසයයි. මේවන විට කට්ටියට කර කියාගත නොහැකි තත්වයකයි පසු වන්නේ උදව් ලබාගැනීමට කිසිවෙකුත් නොමැත. පන්සල් ගියවිට දැනගත් පරිදි මැලේසියාවේ ඇති ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයෙන් සංචාරක විසා වලින් පැමිණ වැඩ කරන අයට මොනම අවස්ථාවකදීවත් සහයක් නොදක්වයි. කට්ටියට තරහා පිට කරගැනීමට සිටින එකම තැනැත්තා මාරයාම පමණි. මාරයාද තමන් කල දෙයට දුක් වෙමින් ආනන්දට දිනකට sms කීපයක් යවමින් තමන්ට සහයෝගයක් ලබා දෙන ලෙස කන්නලව් කරයි. දේවාලයේදී දෙවියන්ට කරන කන්නලව්වටවත් සහනයක් නොලැබෙන මේ කාලයේ ආනන්ද වැනි යක්ෂයෙක්ගෙන් සහනයක් ලබාගන්නේ කෙසේද ?
නමුත් අවසානයේ දිනක ආනන්ද මාරයාට කතා කරයි. ඒ කතාව මෙසේය
ආ:දැන් රාම් පොත් දෙන්න 1250ක් ඉල්ලනවනේ මම ඔන්න මිනිහට කතා කරලා බොහොම අමාරුවෙන් ගාණ 1000කට අඩු කර ගත්තා කට්ටිය 7000ක් මිනිහට ගෙනත් දීලා පොත් ටික අරගෙන යන්න
මා: සර්ට පිස්සුද සර් අපි කෝමද එක සැරේම 1000ක් ගෙවන්නේ අනික ඕක මම කට්ටියට කිව්වා ගමන් කට්ටිය මාව මරන්න හදයි.
ආ:එහෙනම් ඉතින් මට කරන්න දෙයක් නෑ මම මේ මාසේ අන්තිමට ආයෙත් ලංකාවට යනවා යන්න ඉස්සෙල්ල යුතුකමක් හැටියට ඔයාලගේ ප්‍රශ්නේ විසදලාම යන්න හැදුවේ එත් ඉතින් ඔයාලට එහෙම ඕන නැත්නම් මට කරන්න දෙයක් නෑ
මා: සර්ගේ යුතුකම නම් අපිට අඩුගානේ ඒ පොත් ටික නිකන්ම දීලා යන එකයි.... මොකද සර් නිසා තමයි කට්ටිය අමාරුවේ වැටුනේ.සර් ලංකාවේදී කියපු එක දෙයක්වත් කරාද කට්ටියගෙන් ලස්ස දෙකාහමාරකටත් වැඩිය අරන්
ආ: මම කියපුවා කරන්න තිබුනා කට්ටිය ඒ විදියට වැඩ කරානම් මම දාපු තැන නැතුව වෙන තැනක වැඩට ගියානම් මට කරන්න දෙයක් නෑ .
මා:අපි අපේ කැමැත්තෙන් ගියේ නෑ සර් උන් තමයි අපේ වැඩ නැවැත්තුවේ.
ආ:උන් වැඩ නවත්තුවනම් ඒක මට කියන්න එපැයි... ඔක්කොටම කලින් නැවතිලා වෙනතැනක වැඩටත් ගිහින් තමයි මට කියන්නේ.
මා:ඔයාට කියන්න මම කෝල් ගත්තා ගත්තා ඔය ෆෝන් එකට අන්සාර් කරේ නැනේ ඒ සැරේ මම sms සුත් එව්වනේ.
මා:ඔයාට කියන්න මම කෝල් ගත්තා ගත්තා ඔය ෆෝන් එකට අන්සාර් කරේ නැනේ ඒ සැරේ මම sms සුත් එව්වනේ.
ආ:sms නම් ආවා ඒ වුනට ඒ එකක්වත් කියවන්න වත් පුළුවනැයි තනිකර කුනුහරුපනේ මම ඒ එකක්වත් කියෙව්වේ නෑ ඔක්කොම මකලා දැන්මා.
මා:දැන් කොහොම හරි සර් ඔක්කොම හරියට කරලා මම තමයි ඔක්කොටම වැරදි කරලා තියෙන්නේ.
මා:දැන් කොහොම හරි සර් ඔක්කොම හරියට කරලා මම තමයි ඔක්කොටම වැරදි කරලා තියෙන්නේ.
ආ:මම ඉතින් කොහොමත් ඔයාට කරන්න ඕන උදව්ව කරානේ ඔයා මැලේසිය අවේ කෝමද කියලා ඔයාම හොඳට දන්නවනේ.... ඒ නිසා ඔය කට්ටිය එක්ක කතා කරලා අද හෙටම මොකක් හරි කියන්න.... නැත්නම් ඔන්න රාම් කාරය එයාගේ ගාන පියවගන්න කාට හරි ඔය පොත් ටික විකුණුවොත් ඔන්න මම දන්නේ නෑ.
මා: හෑ එහෙම පාස්පෝර්ට් විකුනන්නත් පුලුවන්ද ??
මා: හෑ එහෙම පාස්පෝර්ට් විකුනන්නත් පුලුවන්ද ??
ආ:නැතුව පොත් නැතුව ලංකාවේ මිනිස්සු කොච්චරනම් මෙහෙ ඉන්නවද ඔය මුණකට ටිකක් ලගින් යන පොතක්නම් 1500කට 2000කට ලේසියෙන්ම විකුණගන්න පුළුවන්...... එකයි මම කියන්නේ ඉක්මනට ඕක විසදුමක් කර ගන්න කියලා නැත්නම් අන්තිමට එකත් මගේ වැරැද්ද කියයි.
මා: හරි ඉතින් එහෙනම් කට්ටිය මාව මැරුවත් ඕක කියන්න එපැයි. මම කියලා කෝල් එකක දෙන්නම් අනේ පින්සිද්දවෙයි කෝල් කරන වෙලාවට ෆෝන් එකට ආන්සර් කරන්න නැත්නම් අර ඔයාගේ මැලේ ගැනී මොකද්දෝ මගුලක් කියලා තියෙන සෝච්චමත් කැපෙනවා.

ආ: ඒ මගේ ගැනියෙක් නෙවෙයි බන් voice-mail.... හරි හරි එක සැරයක් අරන් ආන්සර් කරේ නැත්නම් මොකද උනේ කියලා sms එකක් දන්නකො.
ආනන්දගේ කතාව අනෙක් අයට පවසන ක්‍රමයක් මාරයා දස අතේ කල්පනා කරයි. ඒ අතර එක රෑ වැඩ මුරයකට මාරයා හා ඩ්‍රැකියා සෙට් වෙයි. එම අවස්ථාවේදී මාරයා මේ තත්වය ඩ්‍රැකියාට පවසයි, කොහොමත් ගමේ පාසල් කාලයේ පටන්ම මිතුරෝ වන මේ දෙදෙනා මේ ප්‍රශ්ණය අනෙක් අයට පවසන්න තීරණය කරයි. එහිදී වඩාත් හැගීම් බර වෙන මාරයා සිදුවූ සම්පුර්ණ සිද්දියම ඩ්‍රැකියාට පවසයි. කට්ටිය අතරින වඩාත්ම උපේක්ෂා සහගත පුද්ගලයා වූ ඩ්‍රැකියා එකහෙලාම තම මිතුරා වරදක් කර නොමැතියි යයි පිළිගනියි.
අවසානයේ ආනන්දගේ යෝජනාව දෙමිතුරෝ කට්ටියට පවසයි..... නැවත වතාවක් ආනන්දගේ දුරකතනයට මල් වැසි වහින්න පටන් ගනියි.... ඔහු දුරකතනයට පිළිතුරු නොදෙන හෙයින් සියලු උද්වේගකර හැගීම් පහකරලන්නේ sms මගිනි.... නමුත් දින කීපයකට පමණි.
දිනක් මේ සම්බන්දයෙන් ගත යුතු ක්‍රියාමාර්ගය ගැන හෙන්රි හා කෙන්ජි විසින් සතරකන් මන්ත්‍රණයකින් පසු යෝජනාවක් ගෙන එයි. එනම් මාරයා විසින් ආනන්දට දුරකථන ඇමතුමක් ලබාදී පොත් ටිකත් රැගෙන මාසය අවසානයේදී තමන්ගේ නවාතැනට පැමිණෙන ලෙස දැන්වීමය. එහිදී මුචී විසින් අදාල rm 7000 ගෙවා පොත්ටික බේරා ගැනීමට සුදානම් බව ආනන්දට පැවසිය යුතුබවයි.
ල:යකෝ උබලා හැවිදින්නේ මුලුමසේම පඩිය ඌට දීලා පොත් ටික අරගන්නද එතකොට ඒ මාසේ අපි කන්න බොන්නේ කොමද යකෝ.
න: ඒ කනේ බන් ගෙවල් වලටත් කියක්ම හරි දාන්න එපැයි,
හේ: හරි උබලට ඔය ඔක්කොම කරගෙන පොත ගන්න ආනන්දට කියක් දෙන්න පුලුවන්ද
මා:මටනම් ඉතින් අපිට කන්න කියක් හරි තියාගෙන ඉතුරු ඔක්කොම දෙන්න පුළුවන් ලංකාවට යවන්න කියලා දෙයක් නෑනේ කොමත් 700ක් විතර
කේ:නැ නැ උබ කන්න ඉතුරු කරගන්න ඕනත් නැ හම්බ වෙන මුලුගානම උබ දාපන් .... ඊට පස්සේ අපි කාලා ඉතුරුවෙන ඉදුල් ටික උබ කාපන්

ඩ්‍රැ: උබලා ඔහොම කතා කරන්න එපා බන් මුට.. ඌ කියලත් මොනවා කරන්නද අපි වගේම ඌත් සල්ලි ගෙවලා මේ කරදරේ වැටිලානේ ඉන්නේ.
න: ඔව් ඒක හරි අපි කට්ටිය රණ්ඩු වෙලා හරි යන්නේ නෑ මොකද්ද ගහන ගැටේ කියලා බලමු.
හේ: හරි කියපල්ලකෝ දැන් උබලා කට්ටියට කියා ගනේද දාන්න පුළුවන් කියලා ගෙවල් කුලුයටයි කෑමටයි 300 ගානේ තියා ගනිල්ලා මේ මාසේ අපි ටිකක් පිරිමහගෙන කමු.
ගණන් එකතු කිරීමෙන් පසු 4000ක් පමණ සැට් වෙයි ඉතුරුටිකට කරන වැඩේ හෙන්රි විසින් පැහැදිලි කරයි
අපි ආනන්ද අවාම 4000 දෙනවා දීලා පොත් ටික අපේ අතට ගමු අරන් කියමු ඉතිරි එක ලබන මාසේ දෙනවා කියලා
ල:එතකොට බන් ලබන මාසේ පඩියටත් කෙල වෙනවනේ බන්.
න:පඩියට කෙලව ගන්න හරි ඌ ඕකට කැමති වෙයිද ??
කේ:ඒකට තමයි බන් අපි ඉන්නේ ඕකට හොදින් හරි නරකින් හරි අපි කැමති කර ගන්න ඕනා පොර එන්න කලින්ම බෝතලයක් හෙම ගෙනල්ලා සත වෙලා ඉමු....
මාරයා ආනන්දට කතා කර අපොයින්මන්ට් එක දාමා ගත්තේය. එත් ආනන්ද එකපයින්ම කැමති උනේ නැත මුචිට කතා කරන්න උවමනා බව පැවසුවේය. ඒ ප්‍රශ්නය විසදා ගත්තේ රිංගිට් 10ක් සුපවයිසර්ට ලබා දී දුරකථනයෙන් ගරු රගපෑමක් කරවාගෙනය.... දැන් සියල්ල ලැහැස්තිය අදාල දිනය පැමිණේ කට්ටිය හවස 8ට පමණ ආනන්ද එනතුරු මග බලා හිදියි.
වඩාත් කෙයිරාටිකයකු වූ ආනන්ද ගමන එන්නේ ටැක්සියකින්ය නවාතැනට කිට්ටු වන විට මාරයාට කෝල් එකක් දෙන ආනන්ද පවසන්නේ තමන්ට නිවසට ඒමට නොහැකි බවත් මුදල් රැගෙන පහල ගේට්ටුව ලග සිටිනා ලෙසය. නමුත් කෙන්ජි හා හෙන්රි පවසන්නේ මාරයාට පහලට ගොස් මුචිව එක්කගෙන එන්න තම දේපල ගිය බැවින් මදකට කෙසේ හෝ ආනන්දව උඩට රැගෙන එන ලෙසය
ඒ අනුව මාරයා හා ඩ්‍රැකි පහලට ගොස් ආනන්දව උඩට ගෙන ඒමේ රාජකාරිය බාරගනී....
දැන් ඔය කියන විදියට ආනන්ද උඩට එයිද ??????
ඒ ආවත් මේ යෝජනාවට කැමති වෙයිද ?????
අකමැති උනොත් පොත් දෙයිද වෙන මුකුත් දෙයිද ????

ඊලග කොටසින් ........................ බලමුද ?????