කොරෝනා තියා ඊටත් වඩා වස මොන යකෙක් ආවත් බයකරන්න පුළුවන් ජාතියක් නොව අපි...... එතරම්ම ආතල් ජාතියකි අපි....
මේ කොරෝනා උවදුර ජයගත් පසු අපේ අති උත්තම ශබ්ද කෝෂයට හා උතුම් ජනවහරට එක්වියහැකි උපහැරන කීපයක්, මෙසේ වියහැකි බවට, ලියා දැක්වීම සදහා අවුරුදු හතරකට පසු කොරෝනාටම පින්සිදු වෙන්නට මෙසේ බෝගට ගොඩ වැදුන වගයි....
පළමුව අප බෝස්ලාගේ ශ්රී මුඛයෙන් පිටවිය හැකි රුවන් වැකි.....
- උබට කොරෝනා හැදුනයි කිව්වත් මේ නිවාඩු නම් අනුමත කරන් නෑ පුතෝ
- තෝ පහුගිය සතියේ වැඩට නාවේ කොරෝනා හැදිලා හිටියද බොල
- ඔය වැඩේ ඉවර වෙනකම් කොරන්ට්යින් වෙලාවගේ ඉදපන්, මගේ දෑහට නොපෙනී.
- බොලා කොරන්ටයින් වෙලා වගේ දැන් නොපෙනී හිටියට, වැඩේ වෙලාවට තිබුනේ නැත්නම් මම කොරෝනට වඩා දරුණු බව මතක තියා ගනිව්..
සේවකයන් වන අපේ පැත්තෙන්
- අනේ මේ මල යකාට කොරෝනාවත් හැදෙන්නේ නැනේ...
- කොරෝනා හැදුනයි කිව්වත් මුගේන්නම් බේරිලා ඉන්න වෙන්නේ නෑ
- නැන්දම්මට කොරෝනාවගේ ලෙඩක් හැදිලා සර්....
- කොරෝනා නිසා ගෙදර හිටපු කාලේ මතක් කරගත්තම , බෝසාගේ ඕන කුප්ප කතාවක් අහගෙන උනත් වැඩට එන්නමයි හිතෙන්නේ
දෙමාපියන්ගේ ශ්රී මුඛයෙන්,
- යකෝ කාමරේ අස්සේ කොරන්ටයින් වෙලා වගේ ඉන්නේ නැතුව එලියට බැහැලා තියෙන වැඩක් කරපියව්.
- ගෙදර එවුනට කොරෝනා හැදිලද යකෝ තෝ ඕන වෙලාවක පාරට වෙලා ඉන්නේ..
- ගෙදර වැඩක් කිව්වමනම් උබගේ යාලුවෝ ටික වාෂ්ප වෙන්නේ අපිට කොරෝනා හැදිලා වගේ, ඊට පස්සේ උන්ව පෙන්න නැත්තේ හරියට කොරන්ටයින් වෙලා වගේ...
කොල්ලෝ සෙට් වලින්
- අරකිගේ මුන නිකන් කොරෝනා හැදිලා හොද වෙලා වගේ මොකද බාන්ස්...
- අඩෝ උබට කෑල්ල සෙට් උනාට පස්සේ නිකන් කොරන්ටයින් වගේ පේන්නවත් නෑනේ
- අනේ ඕකිට සෙට් වෙනවට වඩා හොදයි කොරෝනා හැදිලා මලගේයකුත් නැතුව වැළලෙනවා
- අනේ එයාට කොරෝනා තිබුනත් මම බදිනවානම් බදින්නේ එයාව විතරයි..
කෙල්ලෝ සෙට් වලින්
- අරකි නිකන් හිතාන ඉන්නේ එයා විතරක් කොරෝන්ටයින් වෙලා කියලා වගේනේ
- අපේ පස්සෙන් ආවොත් ඔය වගේ කොරෝනා ඩයල් තමයි.
- තමුසේ එක්ක යාලු වෙනවට වඩා හොදයි මම කොරෝනා හදාගෙන මැරෙනවා.
- ඕකි වැඩිය දගලුවොත් මම කොරෝනා හදාගෙන තමුසෙටත් බෝකරලා, අරකිටත් බෝකරලා තමයි පස්ස බලන්නේ....
අඩු වැඩිය කට්ටිය කොමෙන්ට් හැටියට එකතු කරානම්....... :)
වැඩට එන්නේ නැතිව ඇබ්සන්ට් ගැහුවම පහුවදා යාලුවන්ට කියන්නේ "මචං ඊයේ පොඩ්ඩක් කොරන්ටයි වෙලා හිටියේ" කියළා.
ReplyDeleteකරන්න යන වැඩක් අසාර්ථක වුණාම "මොන මල කොරෝනාවක්ද මන්දා"
අප්පට සිරි තාමත් බ්ලොග් කියවන අය ඉන්නවනේ
Deleteඋබට කොරොනද
ReplyDeleteඅපිට කොයිද එච්චර වාසනාවක් .....
Deleteනැද්ද කොරෝනා ස්පෙසල් එකක් හොයාගන්න.
ReplyDelete