මම S. L. මැලේ රාළ

මම ලංකාවේ පොරක් මැලේසියාවේ ජොබක් කරන.... මට මේක ලියන්න හිතුනේ අනික් බ්ලොග් කියවල ඒවා දැක්කම මෙහෙවෙන දේවල් අනික් කට්ටියටත් දැන කියාගන්න කියල තමයි .

අවූරුදු ගානක් තිස්සේ මෙහෙ ඉදන් අහපු දැකපු, සිද්ද උන හා දැනටත් සිද්දවෙමින් පවතින දේවල් තමයි මම ඔයාලට කියන්න යන්නේ ඕන්.....

Sunday 17 November 2013

කවුද වැරදි අවසානයි !!!! (8) දැන් ඔබ කියන්න කවුද වැරදි !

    මුලට යන පාරවල් ටික ඔය දකුණු පැත්තේ තියෙනවා .......... මුල කොටස් බැලුවේ නැත්නම් මේ කොටස කියවන්න එපා ..... ඒවා බලලම මේකත් බලන්න....  ඊටපස්සේ කියන්න කව්ද මේවට වැරදිකාරයො කියලා...

ආනන්දව පිළිගැනීම සදහා මාරයා හා  ඩ්‍රැකියා පහලට පැමිණේ, මේ එතැනදී ....

මා: ආ සර් පොඩ්ඩක් ඉන්න කෙන්ජියි හෙන්රියි ගියා අපේ අළුත් බොසා ගෙන් සල්ලි ටික ඉල්ලන් එන්න කියලා 

ආ: ඇයි බන් මම මගින් මගටම කෝල් කරලත් බැරි උනාද ඔය ටික ඉල්ලලා තියා ගන්න 

ඩ්‍රැ: සර් කොහොම කිව්වත් සර්ව දකිනකම් කොමද අප්පා අපි සුවර් කරන්නේ එයි කියලා.... මට තාමත් සුවර් නෑ නෑ වගේ සර් ආවයි කියලා

ආ: අන්න අන්න කැත කතා කියන්න එපා මම මේ තාමත් ඔයාලට උදව් කරන්න දගලන්නෙ  

මා; අයියෝ සර් ගණන් ගන්න එපා මු කියන ඒවා... සර් පොත් ටික ගෙනාවා නේද 

ආ: ඒවා හරි කෝ ඉක්මනට සල්ලි ටික ගනිල්ලකෝ.... මේ ටැක්සි කාරයා අර රාම්ගේ යාළුවෙක් ... මුගේ ගාව තමයි පොත් ටික සල්ලි දුන්න ගමන් පොත් ටික ඔයාලා අතේ .... රාම් කාරයාට මාවවත් සුවර් නෑ ඔයි මේ තමුසෙලගෙ වැඩ නිසා 

මා: ඔය රාම් කියන එකා නම් අපිට සුවර් නෑ සර් එකයි අපි පොත් ටික එයාගෙන් අර ගන්නේ 

ආ: ගත්තා වගේ නෙවි දැන් කාට කියලද ඊළගට විසා එක හදා ගන්නේ 

ඩ්‍රැ: එකත් ප්‍රස්නයක් තමයි සර් මේ අපේ අලුත් බොසා කිව්වා පොත් ටික ගෙන්නකෝ මොනවා හරි කරන්න බලමු කියලා.... හෙන්රියි ලක්මාලුයි නම් ආපහු ලංකාවට යනවලු 

මා: ඇයි සුදිකත් යනවලු..... අපි පන්සලට ගිය වෙලාවේ මෙයා අදුරන හාමුදුරු කෙනෙකුත් කිව්වා ඉස්සෙල්ල කොමහරි පොත් ටික අතට ගන්න ඊට පස්සේ මොකක් හරි උදව්වක් කරන්නම් කියලා  

ආ: කොහොම හරි කමක් නෑ ඔයාලට හොදක් වෙන විදියකට මොලේ කල්පනා කරලා වැඩ කරන්න ඔය පන්සලේ ඉන්න අයවනම් වැඩිය විස්වාස කරන්න බෑ.... සමහර හාමුදුරු ගොල්ලොත් කට්ටිය අරන් එනවා සල්ලි අරගෙන මෙහෙට.... අන්තිමට හොයලා දෙන රස්සාවකුත් නෑ.... 

ඩ්‍රැ:එකනම් ඇත්ත අපිට රැ වැටුන වලේ දවාලෙත් වැටෙන්න බෑනේ 

ආ:හරි හරි ඔයාලගේ හොඳට මම කිව්වේ කැමති දෙයක් කරන්නකෝ..... කෝ සල්ලි බලන්න ගිය දෙන්න තාම නැද්ද.... මට පරක්කු වෙනවා 

  මාරයා එවිට තම ජංගම දුරකථනයෙන් කෙන්ජි අමතයි. ඉන්පසු ආනන්දට පවසන්නේ චීනා එන්න ටිකක් වෙලා ගත වෙන බැවින් තම නිවසට ගොස් මදක් සිටිනා ලෙසයි. ඒ ඇරයුමටම ඩ්‍රැකියාද අඩුවැඩිය එක් කරමින් පොත් නැවත ලැබීමේ ප්‍රීතිය සැමරීමට නිවසේ ඇති නැටුම් තෙල් වර්ග ගැනද සිහිපත් කරයි.

   තම ආරක්ෂාව වෙනුවෙන් නිවසට නොයෑමට සිතා පැමිණි ආනන්ද එවෙලේ තීරණය කරන්නේ නිවසට යෑමටයි එම තීරණය කිදෙනේක්ගේ දෙයීවය වෙනස් කරාදැයි දැන් අපි බලමු  

ආ: කො මේ සල්ලි බලන්න ගියයි කිව්ව කට්ටියත් මෙතන ඉන්නේ 

කේ: අපි ගියා චීනා එන්න ටිකක් පරක්කු වෙනවා එතකම් අපි ටිකක් සෙට් වෙමු ලොක්කා 

ආ: මට බීබී ඉන්න වෙලාවක් නා හලෝ මේක ඉක්මනට ඉවරයක් කරනවා 

ල: එහෙම කතා කරන්න එපා ලොක්කා ඔයා නිසා දැන් අපි මාස කියක් චාටර් වෙනවද මෙතන ඔයාට බැරිද එක විනාඩි දහයක් පහළොවක් අපි නිසා ඉන්න 

ආ:හරි හරි එහෙනම් ඉමුකො ටිකක් බලන්න 

  ඒ අනුව මදුවිත වට කීපයක් ගමන් කරයි දැන් කට්ටියම මද සුළගට වැනෙන ලෙවල් එකේය... ඒ කියන්නේ ඕනෑම බැරෑරුම් ප්‍රශ්නයක් විසදන්න පුළුවන් stage එකෙය. දැන් කෙන්ජි නැවතත් කතාව පටන් ගනී 

කේ: මේ ආනන්ද අයියා දැන් මෙතනට එන චීනෙක් නෑ..... අපි ඔයාට දැන් දෙනවා 4000ක් ඔයා අපිට පොත් ටික දෙන්න ඉතුරුවා දෙන්නම් මාසේ අන්තිමට..... හරිනේ....

ආ: අඩේ මේ උබලා මේ මට අල්ලාගෙන පෙව්වේ ඕක කියන්නද .... පලයන් ඩො යන්න 7000ට සතයක් අඩුනම් එක පොතක්වත් දෙන්න බෑ ... රාම් ඊළගට මාව කයි 

හේ: රාම්ගේ ප්‍රශ්නය ඔයා බලා ගන්න එයා ඔයාගෙනෙ යාළුවා.... මෙච්චර කල් අපි ඔයා කියපුවා කරානේ අද ඔයා අපි කියන දේ අහන්න ... පොත් ටික දීලා  4000 අරගෙන යන්න 

ආ:පිස්සුද ඔයි තමුසෙලට ඔය 4000ත් තියා ගන්නවා මම යනවා යන්න 

ල:මේ ලොක්ක එහෙම යන්න දෙන්න නෙවි ඔයාට එන්න කිව්වේ රාම් ඔයාව කෑවම අපිට පාන්ද ? මේ කියන විදියට වැඩේ ඉවරයක් කරනවා 

ආ: ඇයි නැත්නම් මොනවා කරන්නද තමුසෙලා මට තර්ජනය කරනවද .... මේ හලෝ ඕවට එන්න එපා මාත් එක්ක එක කෝල් එකයි දෙන්නේ පොලිසියට කට්ටියට විසා නෑ කියල ඔක්කොම ටික ඇතුලේ හරි... 

   ඒ කතාවත් සමග කෙන්ජිගේ හා අනෙක් අයගේ ඉවසීම ඉක්මවා යයි..... දැන් කාමරයෙන් ඇසෙන්නේ දෙබස් නොව යමකට පහරදෙන ශබ්දයන්ය ..... ඒ අතරින් පතර උදව් ඉල්ලා සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් කෑගසන ශබ්දයන්ද ඇසේ..... 

   මේ ශබ්ද එක දිගට විනාඩි කීපයක් ගාලා යනවිට යාබද නිවසින් පොලිසියේ හදිසි ඇමතුම් අංශයට දැනුම් දීමක් කරයි... තවත් විනාඩි කීපයකදී සන්නද්ද නිලධාරීන් සමග පොලිස් රථයක් එතැනය 
     අගුලු නොදමා තිබු ඉදිරි දොර හැරගෙන පොලිසිය නිවසේ සාලයට ඇතුළුවේ....

   සාලය පුරාම බිම සහ බිත්තිවලත් උණු ලේ පැල්ලම්ය සාලේ කොනක කෙනෙක් වැතිර සිටි. අනෙක් අයද එක එක තැන්වලය පොලිසිය වහාම කට්ටිය තම අනසකට යටත් කර ගනී. ඉතා අසාධ්‍ය තත්වයේ සිටි තැනැත්තාව ගිලන් රථයක් කැදවා රෝහල් ගත කරයි. තව හත් දෙනෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත වේ.

  එවෙලේම පොලිස් පරීක්ෂණ ආරම්භ වේ. කාමරයේ තිබු ලේ වලින් නැහැවුණු අඟල් දෙකේ දෙකේ හතරැස් පුටු කකුල මුලින්ම පොලිසිය රස පරීක්ෂක වෙත යවයි. පහර කෑමට ලක්වී රෝහල් ගත කල තැනැත්තා, ශරීරයෙන් පිටත මාරාන්තික තුවාල 4ක් හා මාරාන්තික නොවන තුවාල 13ක් සමඟ පහරදීම නිසා ශරීර අභ්‍යන්තරයේ ඇතිවූ ලේ ගැලීම් හේතුවෙන් පැය 8ක් ඉතා දුෂ්කර ලෙස ගෙවා දමා මරණයට පත්වේ...

 පසු දින මැලේසියාවේ පුවත් පත් තුනක කාමරයේ රුප රාමු සමගින් මේ විස්තරය පළවේ. එනම් තමන් ගෙන්වූ ශ්‍රි ලාන්කික පුද්ගලයන් විසින් පහරදී ආනන්ද නම් ශ්‍රි ලාන්කික ඒජන්ට් මරණයට පත්වී ඇති බවයි. (කාටද ආඩම්බර) 

 මෙම අවස්ථාවේදී අපේ යහළුවන් හත් දෙනාට විරුද්ධව ගොනුකලයුතු නඩු වාර්තාව පොලිසිය සකස් කරන්න පටන් ගනී. පොලිසියේ දැඩි ප්‍රශ්නකිරීමක් සිදු නොවීමට හේතුව භාෂා ප්‍රශ්නයයි. දැන් අපේ කට්ටියට හරියට ඉංගිරිසිද තේරෙන්නේ නැතිය. තනි තනිව කරන ලද ප්‍රශ්න කිරීම් වලදී එක්කෙනෙක්වත් අර පොල්ල අරගෙන ආනන්දට පහරදී නැත ඒ මදිවාට අනෙක් අය පහරදෙනවාද දැක නොමැත. 

  මරණයට පත්වූ කෙනා ශ්‍රී ලාංකිකය. සැකකරුවන්ද ශ්‍රී ලාංකිකය පොලිසිය හා නිතිය මැලේසියාණුය. තත්ත්වය ලෙහෙසි නැත. එම නිසා මැලේසියන් නීති අංශයකින් අප මහා කොමසාරිස් ආයතනයට දැනුම් දෙන්නේ මෙයට මැදිහත් වන ලෙසය.  

  එම අවස්ථාවේ ශ්‍රී ලංකා මැලේසියානු මහකොමසාරිස් කාර්යාලයේ වගකිව යුතු නිලධාරීන් හා පොලිසිය අතර සාකච්චා වට කීපයක් පැවැත්වේ. එහිදී පොලිසිය පවසන්නේ වරද එක අයෙක් බාර ගන්නවානම් අනෙක් අයව නිදහස් කරන බවයි. නමුත් කව්ද දෙයියනේ මිනීමැරුමක් භාරගන්නේ තමන් කරා කියලා.....

  කෙසේ හෝ මේ ආරංචිය සිද්දියෙන් මසක් පමණ ගතවන කාලයකදී සිරගතව සිටින අප මිතුරන්ට මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් විසින් දැනුම් දෙයි. ඒ මේ ආකාරයෙන්ය දැනට එක අයෙක් වැරැද්ද බාර ගන්නවානම් අනික් අයව නිදහස් කරනවලු... වැරැද්ද බාර ගන්න කෙනාට කොහොමත් කාලයක් ගත උනාට පස්සේ නිදහස් කර ගන්න පුළුවන්ය යනුවෙන්ය....

   දැන් කව්ද වැරැද්ද බාර ගන්නේ 


   ඔව් අනෙක් අයගේ දැඩි ඉල්ලීම මත වැරැද්ද බාර ගන්නේ මාරයාය... අදාළ ලිය කියවිලි වල අත්සන් කරාට පසු අනෙක් හය දෙනා සතියක විශේෂ විසා අවසර පත්‍රයක් ද සමගින් නිදහස් වේ. දින තුන හතරකින් මේ පස්දෙනා ලංකාවේය.

         පස්දෙනා ????

 ඔව් ලංකාවට ආවේ පස් දෙනෙක් පමණය. මාරයා හිර ගෙදර අකමැත්තෙන් නවතින විට, තම හිතවත් මිතුරාව මෙහි තනිකර යාමට තරම් ගුණ මකුවකු නොවුන ඩ්‍රැකි ද මැලේසියාවේ නවතියි. නැවතත් ඒ විසා නැතිව, රස්සාවකුත් නැතිව, ඒ මදිවට මිනීමැරුම් චෝදනාවකට සිරගතව සිටින තම මිතුරා බේරා ගැනීමට මේ නියම මිතුරාට හැකි වෙයිද? 

  පළමුව ඩ්‍රැකි යන්නේ අමාරුවේ වැටුනාම කව්රුත් යන තැනටය. එනම් පන්සලටය. එහිදී පොඩි හාමුදුරුවන්ට සියලු දෑ පවසයි  මොහුගේ උදාර සිතුවිල්ල ගැන පැහැදෙන හාමුදුරුවන් ඔහුට රැකියාවක්ද සොයා දෙයි.

  සිද්දියෙන් මාස නමයකට පසු චෝදනා පත්‍රය උසාවියට ඉදිරිපත් වේ. ඊටත් මස හතකට පසු පළමු නඩු වාරයේදී රජයේ වියදමින් ලබාදෙන නීතිඥයා සමඟ මාරයා නඩුවට පෙනිසිටි. නීතිඥයා කෙලින්ම පොලිසිය අමාරුවේ වැටෙන පස්නයක් දමයි. එනම් මෙම මිනීමැරුම තනි පුද්ගලයෙක්ට කල හැකිද යන්නයි. පොලෝසිය විවිධ තර්ක විතර්ක ගෙන හැර පැවත් නඩුව තවත් මස අටකට කල් යයි.

  දැන් මිනිමරුමෙන් වර්ෂ දෙකකටත් වඩා ගෙවී අවසන්ය. සාමාන්‍යයෙන් ලංකාවේ වගේ නොව මැලේසියාවේදී මෙවැනි මිනීමැරුම් නඩුවලදී සියලු සාක්ෂි එක්රැස්කොට දින කීපයක් එකදිගට නඩුව අසා විබාග කොට අවසන් තීන්දුවත් ලබාදේ. මෙම නඩුවේ ඇති විශේෂය වන්නේ සැකකරු, හා මරණ කරු දෙදෙනාම අන්න්‍ය ජාතිකයන්ව සිටිද්දී රටේ ස්වජාතික පොලෝසිය හා නීතිඥයකු ගැටීමයි. එනම් එක්කෙනෙකුට කල නොහැකි මිනීමැරුමේ අනෙක් සැකකරුවන් ට මොකද උනේ යන්නයි. මෙම පරස් පරයෙන් වැඩි වාසියක් මාරයාට ලබාදීමට නීතිඥයා මාරයාගේ එකම හිතවතා වන ඩ්‍රැකියා ගෙන් රිංගිට් 50,000ක් (ආසන්න වසයෙන් රු ලක්ෂ 20ක්) නීතිඥ ගාස්තු වශයෙන් ඉල්ලා සිටි. 


  හෆොයි දෙයියනේ දැන් මොකද කරන්නේ ඩ්‍රැකි එත් ගේම අත අරින්නේ නැත. පන්දාහක් පමණ වන ශ්‍රී ලාංකික සේවකයන් වෙතට ගොස් මේ මුදල එකතු කර ගැනීමට සැරසේ. 

  එහිදී නැවතත් පිහිටට එන පන්සලේ පොඩි හාමුදුරුවන් පන්සලේ මැලේසියානු සිංහල දායක සබාවේ මගපෙන්වීම මත වෙනත් නීතිඥ සමාගමකට නඩුව භාර දෙන්නේය. එහි අයිති කරුවන්ද ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දෙමල ජාතිකයන් පිරිසක්ය ඔවුන් නඩුවට සම්පුර්ණයෙන්ම නොමිලේ පෙනීසිටීමට එකග වන්නේ එම දායක සබාවේ හා හාමුදුරුවන්ගේ ඉල්ලීමටය.  ඩ්‍රැකියා යන මිතුරාගේ අවංක උත්සාහය නිසාය.

  අවසානයේ නඩුවෙන් අවූරුදු 5ක සිර දඩුවමක් මාරයාට හිමිවේ. දැනට රිමාන්ඩ් බන්දනාගාරය තුල ගත කර ඇති අවරුදු දෙකහාමාරක කාලය අඩුකර ඉතිරිය ඔහු විසින් ගෙවිය යුතුය........

 මේ මැලේසියාවේ සිදුවූ එක සිදුවීමක් පමණය. මෙය සිදුවී දැනට වසර තුනකට වඩා කාලයක් ගතවී ඇත. ඉන් පසුද දෙවතාවකදීම නැවතත් ශ්‍රී ලාංකික ඒජන්ට් වරුන් පහර කෑමෙන් මිය ගියාය. මාගේ හැගීම ඉස්සරහටත් ඒ දේ සිදුවෙවිය කියාය මෙවැනි දේ සිදුවන විට ලංකාවේ නමට කුමක් සිදුවේද ??? 

      මේවාට කව්ද වැරදි ????? 
  
අවසානයි !!!!

*********************************************************************

ඉදිරියේදී මෙම බ්ලොගය වන් මැලේසියා නමින් නොව සුන්දර මැලේසියා යන නමින් හැදින්වීමට (අපගේ හිතාදර බ්ලොග් සගයකු වන මැලේසියාවේ වෙසෙන සරත් අයියාගේ  අවවාදයමත) තීරණය කල බව ඔබ සැමට මෙයින් දැනුම් දෙමු 

       සුන්දර මැලේසියාවේ ඉතා අඩු වියදමකින් සුන්දර නිවාඩුවක් ගතකිරීමට අවශ්‍ය සියලු විස්තර සහිත පොස්ටුවකින් මීලගට  හමු වෙමු