මම S. L. මැලේ රාළ

මම ලංකාවේ පොරක් මැලේසියාවේ ජොබක් කරන.... මට මේක ලියන්න හිතුනේ අනික් බ්ලොග් කියවල ඒවා දැක්කම මෙහෙවෙන දේවල් අනික් කට්ටියටත් දැන කියාගන්න කියල තමයි .

අවූරුදු ගානක් තිස්සේ මෙහෙ ඉදන් අහපු දැකපු, සිද්ද උන හා දැනටත් සිද්දවෙමින් පවතින දේවල් තමයි මම ඔයාලට කියන්න යන්නේ ඕන්.....

Thursday 31 October 2013

කවුද වැරදි ???? 7


මුල් කොටස් ටික මෙන්න මේ පැත්තේ තියෙනවාය 

     

   කාලය හෝල්සේල් ලෙවල් එකෙන් ගෙවීගෙන යනවා... ඔන්න මාසයේ අන්තිමත් ආවා ඒ කියන්නේ පඩි දවස... ඒ වෙනකම් තිබ්බ එකම වෙනස තමයි පහුගිය  පඩි දිනෙන් පස්සේ ඉදන් කට්ටිය පාරේ යන්නේ පොඩි එවුන් හැංගිමුත්තෝ සෙල්ලම කරනවා වගේ හැන්ගෙන කට්ටිය අපේ අය... අල්ලන කට්ටිය පොලෝසිය.......

      කොහොම හරි එදාත් ඒ මාසයේ පඩිය විතරයි හිග මාස බාගේ පඩිය නෑ .... කට්ටියට කරන්න දෙයකුත් නෑ.... දැන් ඔන්න අයෙත් ආනන්ද ෆෝන් එකට ආන්සර් කරන්නේ යලට මහට.... ඉතින් පඩි හිගයත් එක්ක ආයෙත් කට්ටිය මාරයාව කන්න යනවා 
        ඔය අතරේ  අපේ මුචි (= මුස්ලිම් චීනා)කට්ටියට එතන වැඩට එන්න කියලා දිගටම ලව් දානවා..... එදා පඩි දවසේ ප්‍රීතිය සමරන රැයේ ප්‍රධාන මාර්තුකාව ඕක..... මෙතනින් අයින් වෙලා මුචි ලගට යනවද නැද්ද අන්තිමේදී තීරණය උනා මුචි එක්ක සාකච්චාවක් දාන්න. ඔන්න මේ එතැනදී..... හෙන්රි සාකච්චාව ගෙනයන අතර අනෙක් අය හොද ළමයි වගේ අහගෙන සිටියි.

හේ: දැන් අයියා අපි ඔයා ලඟ වැඩට ආවොත් අපිට පඩි කියක් දෙනවද?

මුචි: දැන් ඔයාලට 1000ක් වත් නෑනේ පඩි....  මම දෙනවා 1000ක්... ඊට අමතරව ඉරිදා පැය අටක් වැඩ කරොත් දවසට 50ක්..... ඕනනම් ඔයාලට මගේම ක්වාටසුත් තියෙනවා ඒවායේ නවතින්නත් පුළුවන්... එතකොට නවාතැනුත් ෆ්රී, කෑමට විතරයි සල්ලි යන්නේ හැබැයි ශිෆ්ට් එකට තමයි වැඩ, සතියක් day සතියක් night...... 

හේ:අඩුම තරමේ බේසික් එක 1200ක් වත් දෙන්න බැරිද අයියා ,

මු: ඒම කෝමද කරන්නේ ඔයාලට විසා එකවත් නැනේ අඩු ගානේ පොත වත් තියෙනවද ඔයාලා ලඟ 

හේ:මේකයි අයියා අපේ ඒජන්ට් පොත අරන් තියෙන්නේ විසා  හදන්න මේ මාසේ ඉවර වෙන්න කලින් අපිට විසා හම්බ වෙනවා 

මු:හරි විසා හම්බ උනාම මම 1200ක් දෙන්නම් එතකම් 1000ක් විතරයි කැමතිනම් මේ සතියෙම එන්න නැත්නම් මම වෙන කට්ටියක් ගන්නවා.

    මේ සාකච්චාවෙන් පසු නැවතත් කට්ටිය ප්‍රශ්නයකට පැටලේ, එනම් මොකද කරන්නේ කියාය..... කෙන්ජි, හෙන්රි හා ලක්මාල් කියන්නේ සිකියුරිටි වැඩේට යමු කියාය, නමුත් තවමත් ආනන්දව යම්තාක් දුරට විස්වාස කරන අපේ අනෙක් අය කියන්නේ මේ මාසෙත් බලමු කියාය... කෙසේ හෝ මාස බාගයක පඩියත් ගන්න තියෙන නිසා නැවතත් කට්ටිය ෆැක්ටෙරියේම වැඩට යයි..... 

    ඔය අතරේ ආනන්ද පොරොන්දු වූ පරිදි මාසය අවසානයේ විසදනවාය කියූ කිසිවක් සිදු නොවූ නිසා දුරකතනයෙන් කෙන්ජි හා ආනන්ද දරුණු බහින් බස් වීමකට පැටලේ.... (එම දෙබස පල කිරීමට තරම් සුදුසු මට්ටමේ නොවන නිසා පල නොකරමි) නමුත් අවසානයේ දුරකථනය අතට ගන්න හෙන්රි ආනන්දගෙන් අසන්නේ තමන්ගේ වැඩේ පොරොන්දු වූ පරිදි සිදුවනවාද නැද්ද පමණක් අවංකව පවසන ලෙසයි එවිට ආනන්ද පවසන්නේ "බොලාගේ කරුමෙට දැන් අර ලොකු කොම්පැනියට උබලව ගන්න බෑ කියන බවත් ඒ නිසා කට්ටියට විසා හැදීමට කෙනෙක් නොමැති බැවින් විසා එකට යන මුදලක් රාම් වෙත ගෙවා උවමනා අයට විසා සාදා ගත හැකි බවත්ය" 

   දැන් කෝමෙයි දන් වළදන්නේ දැන් කට්ටියගේ ප්‍රධාන ප්‍රශ්නය ආනන්දට කෙළවන්නේ කොහොමද කියන එකය.... ඒ සදහා එක කට්ටියක් ලංකාවට කෝල් කරයි තව කට්ටියක් ආනන්දගේ පැටිකිරිය පිළිවෙලකට මතක් කරන්න උත්සහ ගනියි.... නමුත් මේ ආනන්දට තමන් කොච්චරක් නම් රැවටුනාද යන්න මෙයාලට දැනෙන්නේ දැන්ය.  ඒ එක් කෙනෙක්වත් හරියට මොහුගේ ලිපිනයවත් නොදන්නා නිසාය අඩු තරමේ පදිංචි ප්‍රදේශය ගැන ඇත්තේද විවිද අත්දැකීම් මත විවිද මතය .... කෙනෙක් කියන්නේ තමන්ට කිව්වේ ආනන්ද කඩවත කියා වන අතර අනෙකා කියන්නේ නිට්ටබුවේ කියා බවය නමුත් මාරයා  දන්නේ ගනේමුල්ලේ කියාය.

  ඔය අතරේ කොම්පැනියේ තත්ත්වයද එන්න එන්නම අසතුටු දායකය.. වැඩ ඇත්තෙම නැති තරම්ය... ඒ නිසා පඩි දිනයෙන් සති දෙකකට පමණ පසු පාලන අදිකාරය තාවකාලික සේවකයන් 20 දෙනෙක් පමණ (අපේ අයද ඇතුලත්ව) එකවරම සේවය නවත්වා දමන්නේ මාසය අන්තිමට පැමිණ සති 2කේ පඩි හා හිග මුදල් රැගෙන යන ලෙසට දන්වමිනි... 

  නැවතත් ආනන්දගේ හත්මුතු පරම්පරාවේම ගුන ගයමින් කට්ටිය පිහිට සොයා යන්නේ මුචි වෙතය... මුචි ගේ කරුණාවේ දෑත අල්ලාගේ  නමින් මොවුන්වෙත දිගුවේ.... පහුවදා සිට මේගොල්ලෝ සිකියුරිටිලාය....   කට්ටියක් උදේ වැඩය,.... කට්ටියක් හවස වැඩය.....

  මේ අතරේ කට්ටිය රාම්වද දුරකතනයෙන් සම්බන්ද කර ගනියි... එහිදී රාම් පවසන්නේ මාස දෙකක කාලයක් ඇතුලත working විසා එකක් සාදා දිය හැකි නමුත් ඒ සදහා යන මුදල රිංගිට් 4000ක් බවයි පළමුව 2000ක අත්තිකාරමක් ගෙවිය යුතු අතර මාස 2ක අවසානයේ ඉතිරි 2000 ගෙවා විසා සමග පොත ලබාගත හැක.....  දැන්නම් කට්ටිය බොන්නේ නැතුවම ඩෝප් වෙලා වගෙය... අන්තයටම වැටිලාය කරන්න කියන්න දෙයක් නැති ගානය.....  දැන් ඉතින් කාටද මේ අවනඩුව කියන්නේ සිතමින් සිටිනා මේ අයට තමන්ගේ ආගම මතක් වෙන්නේ දැන්ය. 

  ඒ අනුව ඒ සතියේ ඉරිදා එදින නයිට් ශිෆ්ට් එකේ අය පන්සලට පැමිණේ .... හම්මේ පන්සලනම් මරුය.... ඉරිදාට සිංහලයින්ගෙන් පිරිලාය.... බුදුන් වදිනවා හැරෙන්න අනෙකුත් නොයෙක් වැඩ වලට ආපු අය මෙතනය. සමහරු තමන්ගේ දුක්ගැනවිල්ල කියති තවත් සමහරු ඒවා අහන් ඉදිති... තවත් සමහරු ඒවායෙන් ගැලවෙනහැටි කියති. තවත් සමහරු නව රැකියා අවස්ථාවන් ගැන විස්තර කරති. තවත් සමහරු  ඒජන්ට්ලාට දොස් කියති... තවත් අයෙක් අවංක ඒජන්ට් කෙනෙක්ව අනෙක් අයට හදුන්වා දෙති... විසා හදති... විසා රිනිව් කරති. overstay ක්ලියර් කරති. නමුත් බුදුන් වදින කෙනෙක් නම් නොමැතිය...


    පන්සල් ගමනින් පසු කට්ටියට සන්තෝෂය හා දුක සමබරව දැනුනේය ඒ බුදුන් වදාල දේ අවබෝධ කරගත් නිසා නොව තමන් සුවර් එකටම හොරෙක්ට අහුවෙලාය කියන දුක හා  තමන් වගේ අහු වෙච්ච තව ගොඩාරියක් කට්ටියක් ඉන්න බව දැනගැනීමේ සන්තෝශයයි. තවද පන්සල් ගමනින් පසු ඩ්‍රැකියාද  පොරක් විය... ඒ ඔහු හදුනන හාමුදුරුනමක් සංචාරයක් සදහා පන්සලට පැමිණ සිටි හෙයින් පන්සලේදී ලැබුනු ටිකක් ඉහල සැලකිලි නිසාය (10kg හාල් බෑග් එකක් හා 5L තෙල් බෝතලේ)

    ඒවාගේම පන්සල් ගමනින් පසු මේ කට්ටිය සල්ලි තිබුනත් රාම්ට කියා විසා හදන අදහස අතහැර දැමුවාය... එන දේකට මුන දෙමින් සිකියුරිටි රස්සාව කරන්න හිත හදා ගත්තාය.. නමුත් සුදික, හෙන්රි හා ලක්මාල් පැවසුවේ ගත්ත ණය ටික ඉවර උන ගමන් ආපහු ලංකාවට යන බවය. නමුත් ලංකාවට යන්නනම් නැවතත් පාස්පෝර්ට් තම අතට ලබා ගත යුතුය. ඒ සදහා රාම්ව නැවත ඇමතුව අවස්ථාවේන් පසු කට්ටිය නැවතත් ආනන්දගේ දෙමව්පියන් සිහිකරවන්නට පටන් ගනී. 

  ඒ ඇත්තටම ආනන්ද තවත් වටයකින් රාම් හා එකතුව මේ කට්ටියව  අන්දන්න යන නිසාය. මෙවර ආනන්දගේ තිර රචනයට රාම් පවසන කතාවනම් සබ්මිට් කරන ලද විසා ගාස්තුව ලෙස රිංගිට් 500ක් හා එක කැන්සල් කිරීම සදහා එක පොතකට රිංගිට් 750ක් වශයෙන් රිංගිට් 1250 බැගින් ගෙවා පොත් රැගෙන යන ලෙසය.... මේක හරියට ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න පසු දාගෙන ගිය ඇම්බියුලන්ස් එක හෙලට වැටුනා වාගේය.... 

   කෙතරම් උත්සහ කලද මේ ප්‍රීතිමත් අවස්ථාව සමරන්න ආනන්ද දුරකතනයට පිළිතුරු නොදුන්නේය නමුත් sms වලින් කට්ටිය ආනන්දට ඇති තරම් සුභපැතුවෝය.. ඉදලා හිටලා මාරයාගේ එකවුන්ට් එකටද සුභපැතුම් එක්විය...  ඩ්‍රැකියාටද එකක් දෙකක් එක්විය... නමුත් ප්‍රශ්නය පටන් ගත්ත තැනමය.. නැවත වරක් මාසයක් අවසන් විය කොම්පැනියෙන් බොහොම අමාරුවෙන් රෑ   ශිප්ට් එකේ අය දවල් දවස තිස්සෙම ගේට්ටුව ලග දින කීපයක් රැකගෙන සිටීමෙන් පසු මාස භාගයේ පඩිය ලබාගන්න ලදී. 

     ඉතිරි මාස භාගය මුචි ගෙන් ලැබුනේද අමුතුම ආකාරයකටය. එනම් මුචි වැඩ පටන් ගන්න කොටම කට්ටියට කිව්වේ දවසේ වියදමට සල්ලි ඕනානම් සුපවයිසර්ගෙන් ඉල්ලා ගන්නා  ලෙසය අපේ කට්ටියද සිගරට් බොන අය එකටද රැට නිදිමරණ කොට අරවා වලටද සැරින් සැරේ ලාංකික නම තියමින් එකිනෙකාට හොරෙන් මුදල් අරගෙනය. පඩි ගන්නකොට සුපවයිසර් දිගට හරහට ලබා ගත්තා ය කියමින් මුදල් අඩුකර මාස භාගයේ පඩීය දෙනකොට එක අයෙකුටවත් රිංගිට් 300ක් නැත. අඩුකළ මුදල හරිද කියා බලන්න අපේ අය ගත්තු ගණන් අඩු තරමේ ලියාගෙනවත් නැත. 

 දැන් මේ කට්ටිය මැලේසියා ඇවිත් ගත වෙන්නේ හත්වන මාසයයි. මේවන විට කට්ටියට කර කියාගත නොහැකි තත්වයකයි පසු වන්නේ උදව් ලබාගැනීමට කිසිවෙකුත් නොමැත. පන්සල් ගියවිට දැනගත් පරිදි මැලේසියාවේ ඇති ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයෙන් සංචාරක විසා වලින් පැමිණ වැඩ කරන අයට මොනම අවස්ථාවකදීවත් සහයක් නොදක්වයි. කට්ටියට තරහා  පිට කරගැනීමට සිටින  එකම තැනැත්තා මාරයාම පමණි. මාරයාද තමන් කල දෙයට දුක් වෙමින් ආනන්දට දිනකට sms කීපයක් යවමින් තමන්ට සහයෝගයක් ලබා දෙන ලෙස කන්නලව් කරයි. දේවාලයේදී දෙවියන්ට කරන කන්නලව්වටවත් සහනයක් නොලැබෙන මේ කාලයේ ආනන්ද වැනි යක්ෂයෙක්ගෙන් සහනයක් ලබාගන්නේ කෙසේද ?

  නමුත් අවසානයේ දිනක ආනන්ද මාරයාට කතා කරයි. ඒ කතාව මෙසේය 

ආ:දැන් රාම් පොත් දෙන්න 1250ක් ඉල්ලනවනේ මම ඔන්න මිනිහට කතා කරලා බොහොම අමාරුවෙන් ගාණ 1000කට අඩු කර ගත්තා කට්ටිය 7000ක් මිනිහට ගෙනත් දීලා පොත් ටික අරගෙන යන්න 

මා: සර්ට පිස්සුද සර් අපි කෝමද එක සැරේම 1000ක් ගෙවන්නේ අනික ඕක මම කට්ටියට කිව්වා ගමන් කට්ටිය මාව මරන්න හදයි. 

ආ:එහෙනම් ඉතින් මට කරන්න දෙයක් නෑ මම මේ මාසේ අන්තිමට ආයෙත් ලංකාවට යනවා යන්න ඉස්සෙල්ල යුතුකමක් හැටියට ඔයාලගේ ප්‍රශ්නේ විසදලාම යන්න හැදුවේ එත් ඉතින් ඔයාලට එහෙම ඕන නැත්නම් මට කරන්න දෙයක් නෑ 

මා: සර්ගේ යුතුකම නම් අපිට අඩුගානේ ඒ පොත් ටික නිකන්ම දීලා යන එකයි.... මොකද සර් නිසා තමයි කට්ටිය අමාරුවේ වැටුනේ.සර් ලංකාවේදී කියපු එක දෙයක්වත් කරාද කට්ටියගෙන් ලස්ස දෙකාහමාරකටත් වැඩිය අරන් 

ආ: මම කියපුවා කරන්න තිබුනා කට්ටිය ඒ විදියට වැඩ කරානම් මම දාපු තැන නැතුව වෙන තැනක වැඩට ගියානම් මට කරන්න දෙයක් නෑ .

මා:අපි අපේ කැමැත්තෙන් ගියේ නෑ  සර් උන් තමයි අපේ වැඩ නැවැත්තුවේ. 

ආ:උන් වැඩ නවත්තුවනම් ඒක මට කියන්න එපැයි... ඔක්කොටම කලින් නැවතිලා වෙනතැනක වැඩටත් ගිහින් තමයි මට කියන්නේ. 

මා:ඔයාට කියන්න මම කෝල් ගත්තා ගත්තා ඔය ෆෝන් එකට අන්සාර් කරේ නැනේ ඒ සැරේ මම sms සුත් එව්වනේ. 

ආ:sms නම් ආවා ඒ වුනට ඒ එකක්වත් කියවන්න වත් පුළුවනැයි තනිකර කුනුහරුපනේ මම ඒ එකක්වත් කියෙව්වේ නෑ  ඔක්කොම මකලා දැන්මා. 

මා:දැන් කොහොම හරි සර් ඔක්කොම හරියට කරලා මම තමයි ඔක්කොටම වැරදි කරලා තියෙන්නේ. 

ආ:මම ඉතින් කොහොමත් ඔයාට කරන්න ඕන උදව්ව කරානේ ඔයා මැලේසිය අවේ කෝමද කියලා ඔයාම හොඳට දන්නවනේ.... ඒ නිසා ඔය කට්ටිය එක්ක කතා කරලා අද හෙටම මොකක් හරි කියන්න.... නැත්නම් ඔන්න රාම් කාරය එයාගේ ගාන පියවගන්න කාට හරි ඔය පොත් ටික විකුණුවොත් ඔන්න මම දන්නේ නෑ. 

මා: හෑ එහෙම පාස්පෝර්ට් විකුනන්නත් පුලුවන්ද ??

ආ:නැතුව පොත් නැතුව ලංකාවේ මිනිස්සු කොච්චරනම් මෙහෙ ඉන්නවද ඔය මුණකට ටිකක් ලගින් යන පොතක්නම් 1500කට 2000කට ලේසියෙන්ම විකුණගන්න පුළුවන්...... එකයි මම කියන්නේ ඉක්මනට ඕක විසදුමක් කර ගන්න කියලා නැත්නම් අන්තිමට එකත් මගේ වැරැද්ද කියයි. 

මා: හරි ඉතින් එහෙනම් කට්ටිය මාව මැරුවත් ඕක කියන්න එපැයි. මම කියලා කෝල් එකක දෙන්නම් අනේ පින්සිද්දවෙයි කෝල් කරන වෙලාවට ෆෝන් එකට ආන්සර් කරන්න නැත්නම් අර ඔයාගේ මැලේ ගැනී මොකද්දෝ මගුලක් කියලා තියෙන සෝච්චමත් කැපෙනවා.

ආ: ඒ මගේ ගැනියෙක් නෙවෙයි බන් voice-mail.... හරි හරි එක සැරයක් අරන් ආන්සර් කරේ නැත්නම් මොකද උනේ කියලා sms එකක් දන්නකො. 

    ආනන්දගේ කතාව අනෙක් අයට පවසන ක්‍රමයක් මාරයා දස අතේ කල්පනා කරයි. ඒ අතර එක රෑ   වැඩ මුරයකට මාරයා හා ඩ්‍රැකියා සෙට් වෙයි. එම අවස්ථාවේදී මාරයා මේ තත්වය ඩ්‍රැකියාට පවසයි, කොහොමත් ගමේ  පාසල් කාලයේ පටන්ම මිතුරෝ වන මේ දෙදෙනා මේ ප්‍රශ්ණය අනෙක් අයට පවසන්න තීරණය කරයි. එහිදී වඩාත් හැගීම් බර වෙන මාරයා සිදුවූ සම්පුර්ණ සිද්දියම ඩ්‍රැකියාට පවසයි. කට්ටිය අතරින වඩාත්ම උපේක්ෂා සහගත පුද්ගලයා වූ ඩ්‍රැකියා එකහෙලාම තම මිතුරා වරදක් කර නොමැතියි යයි පිළිගනියි.

    අවසානයේ ආනන්දගේ යෝජනාව දෙමිතුරෝ කට්ටියට පවසයි..... නැවත වතාවක් ආනන්දගේ දුරකතනයට මල් වැසි වහින්න පටන් ගනියි.... ඔහු දුරකතනයට පිළිතුරු නොදෙන හෙයින් සියලු උද්වේගකර හැගීම් පහකරලන්නේ sms මගිනි.... නමුත් දින කීපයකට පමණි.
           
      දිනක්  මේ සම්බන්දයෙන් ගත යුතු ක්‍රියාමාර්ගය ගැන හෙන්රි හා කෙන්ජි විසින් සතරකන් මන්ත්‍රණයකින් පසු යෝජනාවක් ගෙන එයි. එනම් මාරයා විසින් ආනන්දට දුරකථන ඇමතුමක් ලබාදී පොත් ටිකත් රැගෙන මාසය අවසානයේදී තමන්ගේ නවාතැනට පැමිණෙන ලෙස දැන්වීමය. එහිදී මුචී විසින් අදාල rm 7000 ගෙවා පොත්ටික බේරා ගැනීමට සුදානම් බව ආනන්දට පැවසිය යුතුබවයි. 


ල:යකෝ උබලා හැවිදින්නේ මුලුමසේම පඩිය ඌට දීලා පොත් ටික අරගන්නද එතකොට ඒ මාසේ අපි කන්න බොන්නේ කොමද යකෝ. 

න: ඒ කනේ බන් ගෙවල් වලටත් කියක්ම හරි දාන්න එපැයි, 

හේ: හරි උබලට ඔය ඔක්කොම කරගෙන පොත ගන්න ආනන්දට කියක් දෙන්න පුලුවන්ද 

මා:මටනම් ඉතින් අපිට කන්න කියක් හරි තියාගෙන ඉතුරු ඔක්කොම දෙන්න පුළුවන් ලංකාවට යවන්න කියලා දෙයක් නෑනේ කොමත් 700ක් විතර 

කේ:නැ නැ උබ කන්න ඉතුරු කරගන්න ඕනත් නැ හම්බ වෙන මුලුගානම උබ දාපන් .... ඊට පස්සේ අපි කාලා ඉතුරුවෙන ඉදුල් ටික උබ කාපන් 

ඩ්‍රැ: උබලා ඔහොම කතා කරන්න එපා බන් මුට.. ඌ කියලත් මොනවා කරන්නද අපි වගේම ඌත් සල්ලි ගෙවලා මේ කරදරේ වැටිලානේ ඉන්නේ. 

න: ඔව් ඒක හරි අපි කට්ටිය රණ්ඩු වෙලා හරි යන්නේ නෑ මොකද්ද ගහන ගැටේ කියලා බලමු. 

හේ: හරි කියපල්ලකෝ දැන් උබලා කට්ටියට කියා ගනේද දාන්න පුළුවන් කියලා ගෙවල් කුලුයටයි කෑමටයි 300 ගානේ තියා ගනිල්ලා මේ මාසේ අපි ටිකක් පිරිමහගෙන කමු. 

  ගණන් එකතු කිරීමෙන් පසු 4000ක් පමණ සැට් වෙයි ඉතුරුටිකට කරන වැඩේ හෙන්රි විසින් පැහැදිලි කරයි 

අපි ආනන්ද අවාම 4000 දෙනවා දීලා පොත් ටික අපේ අතට ගමු අරන් කියමු ඉතිරි එක ලබන මාසේ දෙනවා කියලා 

ල:එතකොට බන් ලබන මාසේ පඩියටත් කෙල වෙනවනේ බන්. 

න:පඩියට කෙලව ගන්න හරි ඌ ඕකට කැමති වෙයිද ??

කේ:ඒකට තමයි බන් අපි ඉන්නේ ඕකට හොදින් හරි නරකින් හරි අපි කැමති කර ගන්න ඕනා පොර එන්න කලින්ම බෝතලයක් හෙම ගෙනල්ලා සත වෙලා ඉමු....

    මාරයා ආනන්දට කතා කර අපොයින්මන්ට් එක දාමා ගත්තේය. එත් ආනන්ද එකපයින්ම කැමති උනේ නැත මුචිට කතා කරන්න උවමනා බව පැවසුවේය. ඒ ප්‍රශ්නය විසදා ගත්තේ රිංගිට් 10ක් සුපවයිසර්ට ලබා දී දුරකථනයෙන් ගරු රගපෑමක් කරවාගෙනය.... දැන් සියල්ල ලැහැස්තිය අදාල දිනය පැමිණේ කට්ටිය හවස 8ට පමණ ආනන්ද එනතුරු මග බලා  හිදියි.

   වඩාත් කෙයිරාටිකයකු වූ ආනන්ද ගමන එන්නේ ටැක්සියකින්ය නවාතැනට කිට්ටු වන විට මාරයාට කෝල් එකක් දෙන ආනන්ද පවසන්නේ තමන්ට නිවසට ඒමට නොහැකි බවත් මුදල් රැගෙන පහල ගේට්ටුව ලග සිටිනා ලෙසය. නමුත් කෙන්ජි හා හෙන්රි පවසන්නේ මාරයාට පහලට ගොස් මුචිව එක්කගෙන එන්න තම දේපල ගිය බැවින් මදකට කෙසේ හෝ ආනන්දව උඩට රැගෙන එන ලෙසය 

  ඒ අනුව මාරයා හා ඩ්‍රැකි පහලට ගොස් ආනන්දව උඩට ගෙන ඒමේ රාජකාරිය බාරගනී....

   දැන් ඔය කියන විදියට ආනන්ද උඩට එයිද ??????

ඒ ආවත් මේ යෝජනාවට කැමති වෙයිද ?????

 අකමැති උනොත් පොත් දෙයිද වෙන මුකුත් දෙයිද ???? 

ඊලග කොටසින් ........................ බලමුද ?????
   

Tuesday 22 October 2013

කවුද වැරදි ???? 6


මැලේසියන් ජොබ්,  පොලිස්  සහ  වීසා 



      ඔන්න අද මුලට යන පාරවල් දැම්මේ නැ...... එත් අදම මේක බලන අය ඉන්නවනම් ඔය දකුණු අත පැත්තේ තියෙනවා මුල් කොටස් ටික ඒවා බලලම ඉන්න...... ඔන්න එහෙනම් අද කථාව 

     පලවෙනි මාසේ පඩිය ගන්න කොට මෙයාලා තරමක් දැනුවත් වෙලා හිටියේ මේ ආනන්ද පෙන්නනතරම් හොද ලමයෙක් නොවෙයි වගේ කියලා...... මොකද කිව්ව පඩියත් නෑ.....  අර පුහුණු කතාවත් නිකන් බොරු වගේ ඒ මදිවට දැන් කට්ටියට වීසාත් නෑ ... පාස්පෝර්ට් එකත් අතේ නෑ ......  එකම දේ ආනන්ද දවසට කෝල් දහයක් විතර ගැහැව්වම එකක් ආන්සර් කරනවා..... කරලා කියන්නේ ඔක්කොම හරි තව ටික දවසකින් මම අයෙත් එනවා ඒ ආවම එරියස් එක්ක ඔක්කොම දෙන්නම් කියලා.......

    ඔය විදියට දෙවැනි මාසෙත් ගියා කියන්නකෝ.... ඔන්න ඒ පාරත් පඩිය යන්තම් 1000ක් කිට්ටු කරලා විතරයි. දැන්නම් කට්ටියට මලේ මල..... කාටද බනින්නේ කියල හිතා ගන්නත් බෑ..... ගෙවල් කුලිය ලයිට් වතුර වලට එක්කෙනෙක් 120ක් විතර දන්නා ඕනා .... තව කන්න, ටෙලිපොන් කාර්ඩ් වලටත් 300ක් විතර යනවා ඒ අතරේ සිගරට් සහ අනික්වා බොන්න තව 100ක් විතර තව ඔය අනම් මනම් එක්ක එනකොට මාසෙක වියදම 500ක් වත් වෙලා..... ඉතුරු 500යි ඒ කියන්නේ රුපියල් 19,000ක් විතර ....... මේකටද යකෝ රට ආවේ ..... එහෙම කියන්නේ කට්ටිය බීපු වෙලාවට  

 ඔන්න ආයෙත් දවසක මාරයා ආනන්දව ලයින් එකට ගන්නවා 

මා:සර් මොකද්ද සර් දැන් මෙතන වෙන්නේ මුන් ටික මාව කන්න යනවා 

ආ:ඒ මොකද එහෙම වෙන්නේ ඔයා මොනවා කරාටද 

මා:මම මුකුත් කරාට නෙවි සර්.... සර් මොකද්ද මේ කරන්න යන්නේ දැන් බලන්න අපේ විසාත් නෑ, පාස් පොර්ට් ඇත්තෙත් නෑ ... ඒ ඔක්කොමත් හරි බලන්නකෝ හුස්මක් කටක් ගන්නේ නැතුව මැරීගෙන පැය 12ක් වැඩ කරලා කියද හම්බ වෙන්නේ ... කියද ඉතුරු වෙන්නේ අර ලක්මාලුයි , සුදිකයි ලංකාවේදීත් ගත්ත ඔයිට වඩා..... කොටින්ම හෙන්රියා  යලට මහට පොඩි එවුන්ට ABCD කියල දීල හොයලා තියෙනවලු ඔයිට වැඩිය 

ආ: මේ මාරයා මල්ලි මම ඔයාලට කිව්වේ මොනවද ඒ ඔක්කොම මේ වෙනකම් අකුරක් නෑර ඉටු කරලා තියෙනවා (හෑ.....) ඔයාලා දැන්  ඉන්නේ ලංකාවේ නෙවි... අපිට ලංකාවේ වගේ ඕන ඕන විදියට වැඩ කරන්න බෑ..... ඔහේ වැඩ කෙරෙන ක්‍රමයක් තියෙනවා. ඔයාටයි මටයි අර යක්කු ටිකටයි ඕන උන පලියට ඕවා  පට් පට් ගාලා කරලා දෙන්න ඔහේ කව්රුත් නෑ.... ඒ වැඩ ටික මම කරන්න ඕන අයට යොමු කරලා තියෙන්නේ..... වෙලාවට වැඩේ කෙරෙයි 

මා:අනේ මන්දා සර් දැන් අපි ඇවිත් මාස 3ක් ඉවරයි තාම අර ෂෝ මනි වලට කියාලා එක එක් කෙනාගෙන් ඉල්ලන් ආපු සල්ලිවත් බේරලා ඉවර නෑ. ඉතින් මේ අයටත් කේන්ති යන එක සාධාරනයිනේ සර්.... 

ආ: ඔයා එයාලා වගේ නේවිනේ... ඔය දන්නවනේ රට යවනවා කියලා කට්ටිය කරන්නේ මොකද්ද කියලා.... දැන් බලන්න ඔය සිං ඇවිල්ල මොකද උනේ?.... මම එහෙම දෙයක් කරේ නැනේ ඔයාලට අනික ඔයාම දන්නවනේ මම ඔයාව එක්කගෙන ආවේ කොහොමද, කාගේ සල්ලි වලින්ද කියලා... ඒ නිසා දැන් මම මේ වැඩ ටික ඉවර කරලා ඔහේ වැඩ ටිකත් ඉවර කරන්න බලාගෙන ඔහෙට එනකම් ඔය කට්ටියව පොඩ්ඩක් ශේප් කර ගෙන ඉන්න බලන්න ..... අනික මට සැරින් සැරේ ඔයා කෝල් කරන්නත් එපා, අනික් යට කෝල් කරන්න දෙන්නත් එපා මතක තියාගන්න 

මා:මම කොහොමද සර් අනික් අය කෝල් කරන එක නවත්තන්නේ ??

ආ:කොම හරි නවත්තන්න... ඔය මමත් දෙකක් දාලා  ඉන්න වෙලාවක කෝල් කරලා මුන්ගේ කතාවකට මල පැනලා  ඊළගට මට මොනවා කියවෙයිද දන්නේ නැනේ..... මොකද කට්ටිය දැන් කතා කරන්නේ මම මුකුත් කරේ නෑ වගේනේ..... අන්තිමට මම ඔයාටම කොච්චර දේවල් කරාද කියලා කියවුනොත් එහෙම ඔයාටත් හොද නැනේ ......

(කුම්බලා මාළු කෑවනම් විදවපන් බළලෝ කිව්වලු ..... දැන් ඉතින් හිටපන්කෝ ගිරයට අහුවෙච්ච පුවක වගේ ) 

 කතාවෙන් පසු කට්ටිය මාරයාගෙන් විස්තර විමසයි 

හෙන්රි: මොකද බන් ලොක්කා කියන්නේ 

මා:අනේ මන්දා බන් පොර කියනවා මේ ලංකාව නෙවිලු.... පට් පට් ගාල වැඩේ කරන්න තව ටික දවසක් ඉන්න ලු ඔක්කොම හරියයි කියලා 

කෙ: යකෝ උබ ඔය ටික කියනකම් අහගෙන හිටියද බිල්ලා වගේ.... තෝ අහන්න එපැයි එතකොට අපිට  ලංකාවේදී ඌ කතා කරේ පුකෙන්ද කියලා 

න:එකනේ බන් පොර ලංකාවේදී කිව්වේ ආපු දාට පහුවදා ඉදන් වැඩය පලවෙනි මාසේ ඉදන්ම ලස්සයක් විතර ගන්න පුළුවන්ය කියලනේ... අහන්න එපැයි දැන් ඒ කිව්වා ඒවා කෝ යකෝ කියලා.... 

මා:ඉතින් මට කියන්නේ බොලාට අහන්න තිබුනනේ මෙතන පලවෙනි මාසයක් තිස්සේ ඌත්  එක්ක බිබී ඉන්න වෙලාවේ 

කෙ: මේ මාරයා උම මගේ යකා අවුස්සා ගන්න එපා වෙච්ච දේවල් උනා  දැන් මෙතන අපි අවේ උබ ආනන්දව රෙකමන්ඩ් කරපු නිසා.... දැන් ඌ  අපිට අරින්න එනවා වගේ නම් අපි උබෙන් අහන්නේ නැතුව කාගෙන්ද කියපන් කෝ අහන්නේ 

ඩ්‍රැ: හරි හරි දැන් ඌ ආනන්දට කතා කරානේ බන්..... උත් කියල මොනවා කරන්නද අපි වගේම උටත් මේ පලවිපාකේ දැනෙනවනේ බන්..... 

සු:ඔව් එක හරි දැන් අපි මෙතන එකාට එකා ඇරගෙන හරියන්නේ නැ... කට්ටිය එකට කතා කරලා තීරණයක් ගමු මොකද කරන්නේ කියලා 

ඩ්‍රැ: තීරණයක් ගන්න තාම මුකුත් වෙලා නැනේ බන් රස්සාවක් තියෙනවා පඩි හම්බ වෙනවා අරු ඇවිල්ල විසා එක හදලා  අනික් තැනට දැම්මට පස්සේ ඔක්කොම හරිනේ 

හෙ: තාමනම් මුකුත් වෙලා නෑ තමයි එත් මේ වේගෙන යන දේවල් වල හැටියට ඔය කියන ටික වෙයිද බන් 

ල: අන්න මට තියෙන ප්‍රශ්නෙත් ඕක තමයි.... ගියගමන් වෙනවයි කිව්වා එක මාස තුනක් තිස්සේ වෙන්නේ නැත්නම් ටික කාලෙකින් වෙනවයි කියන එක වෙන්න කොච්චරක් කල් යයිද 

මා:එක ඉතින් සර් කියන විදියට ටික දවසක් බලන් ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැනේ බන්....

    ඉතින් ඔන්න අපේ කට්ටිය දැන් ඔය විදියට බලාගෙන බලාගෙන ඉන්නවා වැඩට යන්න අරන් තුන්වෙනි මාසෙත් ආවා.... ඔන්න පඩි දෙන දවස එදා තමයි අපහු කට්ටිය චා ම චා උනේ කොම්පැනියෙන් කියනවා දීපු බඩු ඕඩර් එකක සල්ලි තම ඇවිත් නැති නිසා මේ මාසේ අපේ කට්ටියට මුලින්ම පඩි දෙන්නේ මාස භාගයක විතරයි බැලන්ස් පේමන්ට් එක ආපු ගමන් කරනවය කියලා....... කිරී අප්පට බල්ලෝ පැනපි කිව්වලු දැන් කට්ටියට මලේ මල 

  කට්ටිය ගියා පඩි දෙන සැක්සන් එකේ ලොක්කව හොයාගෙන.... ගිහිල්ල කිව්වා සර් මේක හරියන්නේ නෑ අපිට සම්පුර්ණ පඩිය ඕනා.... ලොක්ක කියනවා බෑ..... අපේ අය කියනවා එහෙම කොහොමද අපි මේ ඇඩ්වාන්ස් නෙවි ඉල්ලන්නේ කරපු වැඩවල සල්ලියි කියලා ...... ලොක්කා කියනවා එත් බෑ..... අපේ අය දැන් ඔන්න කතාවේ සද්දේ වැඩි කරනවා..... ලොක්කා දෙනවා එපාර වොර්නින් එකක්... 

   එකක් කිව්වට ඇත්තටම දෙකක්... එක තමයි බොලා අපි කියන විදියට වැඩ කර ගෙන හිටියේ නැත්නම් අදම අස් කරනවා ඇදලා දානවා පාරට.... අපේ අය අහනවා ඒම කොමද දෙක තමයි බයානක එක..... බොලා  වැඩිය දැගලුවොත් අල්ලලා දෙනවා ඉම්මිග්රේෂන් එකට..... අපේ අය සද්දේ වහනවා එහෙන්මම හැරිලා එනවා කෙලින්ම ගෙදර... ගන්නවා ආනන්දට කෝල් එකසිය ගානට ආනන්ද නො ආන්සර්......

  කෙන්ජියි, ලක්මාලුයි, හෙන්රියි යනවා giant එකට. දුක හා කේන්තිය සමරන්න බඩු ගෙන්න..... එතකොට තමයි ගහෙන් වැටුන මිනිහට ගොනා අනින්නේ.....  

  අල්ලගන්නවනේ තුන්දෙනව පාරේ ගිය පොලිස් කාරයෝ වගයක්.... කොනක ඉදන් චෙක් කොරනවා තුන්දෙනාගේ ෆෝන්, පර්ස් , ඔක්කොම පොලෝසියෙන් ගන්නවා ලක්මල්ගේ පර්ස් එකේ මුළු පඩි බාගෙම රිංගිට් 490ක් + හෙන්රිගේ ගත්ත බඩු වලට 100ක් අඩු වෙලා ඉතුරු 420ක් + කෙන්ජිගේ හොද වෙලාවට පර්ස් එකේ 100ක් විතරයි ඔක්කොම රිංගිට් 1010ක් සහ ලංකාවෙන් ගෙනාපු හෑන්ඩ් ෆෝන් 3යි පොලොසියෙන් අරගෙන තමයි කට්ටියව එවන්නේ 

  දැන් කොමද සැප ???... 

   දැන්නම් ඉතින් ආනන්දගේ සනුහරේම හා මාරයාගේ ලගම නෑයන්ගේ පලු ඉවරයි...... එත් ඉතින් අසරණ මාරයා කියලත් මොනවා කරන්නද .... ඔය අතරේ කට්ටිය දෙකට බෙදෙනවා හෙන්රි, ලක්මාල් හා සුදික කියනවා අපහු ලංකාවට යනවා කියලා.... ඉතුරු හතර දෙනා තව ඉදල බලමු කියනවා.... කොහොම නමුත් හෙන්රි ලග තියෙනවා ආනන්ද හදුන්වල දීලා කට්ටියගේ පාස්පෝර්ට් අරන්ගිය මැලේසියන් දෙමල ජාතිකයාගේ ටෙලිපොන් අංකය..... 

  මේ මනුස්සයාගේ නම රාම්.. පහුවදා ඉරිදා උදේම, කට්ටිය මෙයාට  කෝල් කරනවා.. කතාකරල පසුගිය දවසේ පොලිස් කතාවත් කියලා  අහනවා තමන්ගේ විසා වල තත්ත්වය..... එක පැහැදිලි කරන්න තමන්ව හම්බ වෙන්න KL සෙන්ට්‍රල් එකට මේ කට්ටියට එන්න කියනවා මේ රාම්....  

ගමන යන්නේ තුන් දෙනයි හෙන්රි, කෙන්ජි හා මාරයා ඔන්න එතැනදී තමයි මේ  
රාම්: ඔයාලගේ විසා මම සබ්මිට් කරලා තියෙන්නේ එකකට රිංගිට් 4000ක් යනවා මට මේ ඇඩ්වාන්ස් එකක් දෙනකම් බලන් හිටියේ... කෝ පොත් දීලා ගියා ගියාමයි ඔයාලගෙන් සද්දයක් වත් නැනේ 

හෙ:අපිට කිව්වේ නෑනේ අර ආනන්ද එහෙම කථාවක්.... අපිට කිව්වේ කොම්පැනියෙන් වීසා ගහලා  දෙනවය ඒකට පොත් ඔයාට දෙන්න කියලා විතරයි 

රා: කොම්පැනියක් නමට තමයි විසා එක ගහන්නේ එත් ඒකට ඔයාලා සල්ලි දෙන්න ඕනා 

කේ:ඉතින් දෙන්න කිව්වා සල්ලි අපි ඔක්කොම අර ආනන්ද කියන කෙනාට දීලනේ ආවේ එතකොට එයා ඔයාට කියක්වත් දුන්නේ නැතිද

රා:එයා ඕක සබ්මිට් කරන්න පොඩි ගානක් දුන්නා තමයි එත් එක නැතුව තමයි 4000ක් යන්නේ.... 

මා: පොඩි ගානක් කිව්වේ කියක් විතරද ??

රා: එය දීපු ගණන් මම ඔයාලත් එක්ක කියන එක හරි නැනේ 

මා: නෑ එයා කිව්වේ අපිට ඔයාට දෙන්න තියෙන ඔක්කොම ගාන දීලා ඉවරයි කියලා 

රා:මොන පිස්සුද අනේ පොත් හතටම මට දුන්නේ රිංගිට් 1000යි.... බොරුනම් දැන් කෝල් කරලා අහන්න 

හෙ:කෝල් කරාට ඒ යකා ෆෝන් එක උස්සන් නෑනේ 

රා:ඉතින් එහෙනම් ගිහිල්ල හම්බ වෙන්නකෝ 

කේ: කොහෙටද ලංකාවටද 

රා: ලංකාවේ නෙවි පුචෝන් වල මැලේසියාවේ මට ඊයෙත් හම්බ උනානේ 

හෙ:කේ:මා: හෑ හෑ හෑහෑහෑහෑහෑ 

හෙ:මිනිහා දැන් මැලේසියාවේද ?

රා: ඇයි ඔයාලා දන්නේ නැද්ද...... මම හිතුවේ ඔයාල දන්නවා ඇති කියලා 

කේ: අපිත් එක්ක ඉදල දැනට මාස තුනකට විතර කලින්නේ මිනිහ ලංකාවට ගියේ එදා ඉදන් අපි හිතන් හිටියේ ලංකාවේ කියලා 

රා:ගියේ කවද්ද නම් දන්නේ නෑ එත් දැන් සති දෙකක විතර ඉදන් මිනිහ මෙහේ 

මා: හරියටම ඉන්න තැනක් ඔයා දන්නවද.... නැත්නම් මෙහෙ ටෙලිපොන් නොම්මරයක්  

රා: පුචෝන් කියලා  දන්නවා හරියටම තැන දන්නේ නෑ .... ටෙලිපොන් නොම්මරයනම් තියෙනවා ..... එත් මම ඔයාලට දුන්න කියලා දැන ගත්තොත් ප්‍රශ්නයක් වෙයිද මන්දා 

හෙ:හරි හරි අපි කියන්නේ නෑ ඔයා දුන්න කියලා ..... කොමත් අපි කතා කරාට පස්සේ එයාට මතක් වෙන එකක් නෑ නොම්මරේ දීපු කෙනා ගැන අහන්න 

      කොහෝම හරි රාම් ගෙන් නොම්මරය ඉල්ලා ගන්න යහළුවන් අලුත් සිම් පතක්ද මිලට ගෙන ආනන්දව අමතයි .....මාරයා ආනන්ද මහත්තයව ඇමතුවත් අනෙක් දෙදෙනා කතා කරේ ලොවෙත් නැති සතෙක්ටය..... අවසානයේ ආනන්ද පොරොන්දු වෙන්නේ දින 3ක් ඇතුලත සියලු ප්‍රශ්න විසදාගෙන ඔවුන්ගේ නවාතැනට පැමිනෙන බවය.... 

   සියලු  විස්තර සමග අප්ඩේට් වන ගෙදර යහළුවන් නැවතත් වාදයකට පැටලේ 

හෙ: කව්රු ආවත් නැතත් මම ආපහු යනවා.... මමනම් ඔය යකා කියන එකක්වත් ආපහු නම් විස්වාස කරන්නේ නෑ 

න: එහෙම කියන්න එපා බන් දැන් අපි දන්නවනේ වැඩේ කරන මිනිහවත්, ඒ නිසා ආනන්දව කෙලින්ම ඒ මිනිහත් එක්ක එකටම තියලා වැඩේ කෙරෙන පිළිවෙල අහගමු 

කේ: වැඩේ කෙරෙන්නනම් ඉතින් තව ලස්ස එකහාමාරක් විතර ලංකාවෙන් ගෙන්න ගන්න වෙයි ..... නැත්නම් ඉතින් ඒ ගාන මෙහෙ හොයන කොට අපි නාකි වෙලත් ඉදියි.....

සු: මට තේරෙන්නේ නැත්තේ එන්න කලින් ආනන්ද කිව්වේ විසා  ඔක්කොම එයා කරලා දෙනවා කියලනේ..... 

ල: බොගේ මොලේ කොහෙද යකෝ තියෙන්නේ ඌ  එන්න කලින් කිව්වා ඒවායින් මොනවද අපිට කරලා තියෙන්නේ.... කියන තරමක් බොරුනේ අපට කියල තියෙන්නේ... අර පෙන්නපු ෆොටෝ වල තිබුන ෆැක්ටරි මේ මැලේසියාවේ තියෙනවද දන්නෙත් නෑ..... මට දුක අපේම එවුන්නේ යකෝ  මුන් එක්ක එකතුවෙලා අපිට කෙලියේ .....

මා: උබ එක මටද කිව්වේ 

ල: තොප්පිය හරිනම් දාගනින්.....

මා: තොගේ හිත කැත උනාට කැත කතා කියන්න එපා යකෝ ... මෙතන උබලව අමාරුවේ දාලා මම සැපට ඉන්නවා කියලද.... මමත් ඌ  කිව්වා කතාවට උබලවගේම ඌව  විස්වාස කරලා තමයි ආවේ....

ඩ්‍රැ: හරි හරි දැන් බොලා මෙතන කාකොටා ගන්න යන්න එපා... කට්ටියම එකතු වෙලා මේකෙන් ගොඩයන විදියක් බලමු 

හෙ: හරි දැන් අරු දවස් තුනකින් එනවා කිව්වනේ ඔක්කොම විසදගෙන මෙච්චර හිටියාවගේ බලමුකෝ මේ දවස් තුනත්  

     මෙවර ආනන්ද මාරයාගේ සෑම දුරකථන අමතුමකටම පිළිතුරු දුන්නත් තුන්වන දවස අවසාන වන තෙක් මොවුන් හමුවීමට පැමිණියේ නැත. නමුත් හතරවන දිනයේ වැඩකරන තැනට පැමිණෙන ආනන්ද මොවුන් පඩි ඉල්ලා රණ්ඩු කරගත් HR එකේ ලොක්කාත් සමග එකට හිද මාරයට හා හෙන්රිට එම ස්ථානයට එන ලෙස දන්වයි... එහිදී එම නිලධාරියා, ආනන්ද ඉදිරිපිට හෙන්රිට හා මාරයාට පොරොන්දු වෙන්නේ මේ මස අවසානයේදී හිග වැටුප සමග සම්පුර්ණ වැටුප ගෙවන බවයි  

ආ: ඔන්න දැන් ඔයාලගේ ප්‍රධාන ප්‍රශ්නේ විසදලා තියෙන්නේ මාසේ අන්තිමට එරියස් එකත් එක්කම පඩි හම්බ වෙයි 

හෙ: ප්‍රධාන ප්‍රශ්නේ කියන්නේ මොකද්ද මේක ඇවිල්ල අපේ අයිතිවාසිකම.... අපි මේ ඉල්ලන්නේ අපේ වැඩකරපු ඒවා වල සල්ලි.... දැන් ඔයා කියන්නකෝ අපේ විසා වලට මොකද වෙන්නේ.... අනික අපි කරන්න අපු වැඩේ මේක නෙවිනේ ... මම කියන්නේ අපිට ලංකාවේදී කිව්ව පඩිය මේක නෙවිනේ ඒ පඩිය එක්ක රස්සාව කවද්ද හම්බ වෙන්නේ 

ආ: ඕකනේ වෙලා තියෙන්නේ තමුන්ලා දැන් අයිතිවසිකමුත් කතා කරන්න අරන්... මම කිව්ව විදියට කිව්ව වෙලාවට තමුසෙලව මෙතනට ගෙනල්ල රස්සාවයි ඉන්න හිටින්නයි කන්න බොන්නයි ඔක්කොම ලැහැස්ති කරලා දුන්නනේ.... කොම්පැනියෙන් වෙලාවට පඩි නොගෙව්ව එකට මම මොකද කරන්නේ... එක තමුසෙලගෙ කරුමේ 

හෙ: එතකොට පොරොන්දු වෙච්ච පඩිය නැත්තෙත් අපේ කරුමේ නිසාද...... උබ මොකද බන් මාරයා කටවහගෙන ඉන්නේ බලන්නකෝ මෙයාගේ කතාව දැන්.....

ඒ වෙලාවේම මෙතනට කෙන්ජි හා ලක්මාල් කඩා පාත් වේ.... 

කේ: ඔය ලොකු මහත්තය ඇවිල්ල හිමිට යන්නද හැදුවේ මේ ආරංචිය ආපු ගමන්ම තමයි දුවගෙන අවේ අපිව නොබලා පිට පාරේම යයිද දන්නේ නැති නිසා 

ආ: නෑ ...නෑ මේ ඔයාලා වැඩ කරන වෙලාවේ ඔක්කොටම කතා කරන එක හොද නැති නිසා තමයි මම මේ දෙන්නට විතරක් කතා කරේ... ඔන්න ප්‍රශ්නේ විසදලා තියෙන්නේ මාසේ අන්තිමට එරියස් එකත් එක්කම පඩි හම්බ වෙයි 

ල: එතකොට අපිව පොලොසියෙන් අල්ලා ගත්ත සල්ලිත් මෙයාලා ගෙවනවද .... නැත්නම් ඔයා ගෙවනවද 

ආ: හා..... හා....හා... මෙය දැන් විහිළු කාරයෙකුත් වෙලානේ ඔන්න ඔහොම තමයි ඉන්න ඕනා.... ඔක්කොම ප්‍රශ්න එන්නේ මිනිස්සුන්ටනේ... අපරාදේ එදා ඔයාලා ඔය සල්ලි ඔක්කොම සාක්කුවල දා ගෙන ගියේ.... හොදට මතක තියා ගන්න ආයෙත් පාරේ යනකොට සාක්කුවේ රිංගිට් 50කට වැඩිය ගෙනියන්න එපා.... පොලිසියෙන් බේරෙන්න 50ක් තිබ්බනම් හොදටම ඇති 

ල: මේ සර් අපි ලංකාවේදී වත් පොලිසියට බයේ... පීචන් වෙච්ච පොරවල් නෙවි... දැන් මේ මෙහෙදී කොහෙවත් යන තම්බියන්නට් හොරෙන් යන්න වෙලා තියෙන්නේ ඔයා අපිට කිව්ව විදියට විසා වැඩේ කරලා දුන්නේ නැති නිසානේ...... නැද්ද කෙන්ජි 

ආ: නෑ  කෙන්ජි මල්ලි මම කිව්වනේ මම පටන් ගත්ත වැඩේ මමම හරියට ඉවර කරලා දෙන්නම් මම දැන් හෙන්රිටත් කියා කියා හිටියේ එක තමයි.. මේ මාසේ ඉවර වෙන්න කලින් ඔයාලගේ විසා එකේ ඉදලා  ඔක්කොම ඉවර වෙනවා බය නැතුව ඉන්න විසා එක හරිගියාට පස්සේ මෙතන නෙවි කෙලින්ම හොද තැනක අර කිව්ව පඩියට ඔයාලට වැඩ කරන්න පුළුවන් 

කේ: හරි තව දවස් 20ක් විතරනේ ඔයා  ඉන්න කියන්නේ අපි ඒ දවස් ටිකත් බලන් ඉන්නම් හැබැයි ඊට වඩා නම් තව එක දවසක් වත් ඉන්නේ නෑ.... ඔයාට අපි බොහොම වැදගත් විදියට මහත්මයා කියල කතා කරා , මම හිතනවා ඔයත් නියම මහත්තයෙක් වගේ මේ වැඩේ ලස්සනට ඉවර කරයි කියලා.... මේ ටිකත් මතක තියාගන්න මහත්තයෝ ඔයා  දැන් එක සැරයක් කරා වගේ ඕනනම් අපිට කොකා පෙන්නලා සද්ද නැතුව ලංකාවට යන්න පුළුවන්.... එහෙම උනොත් මොන දහදුක විදලා හරි තව අවරුදු 10ක් මෙහෙ හිරේ හරි ඉදල අපි ලංකාවට එනවනේ.... අන්න එදා තමයි ඔයා ජිවත් වෙන අන්තිම දවස.... 

ආ: මට එහෙම ඔයාලව අමාරුවේ දාලා යන්න ඕනනම් මම මෙහෙම අයෙත් එන්නේ නෑනේ ... මම ඇවිල්ලත් සද්ද නොකර හිටියේ වැඩේ ඉවරයක් කරලම ඇවිත් කතා කරන්න.... කොහොම උනත් දැන් ඉතින් කමක් නෑ මම වෙලාවට වැඩේ  කරලා ගේන්නම්කො....

   හැම විජ්ජාවටම වඩා හොදින් ගැලවිජ්ජාව දන්නා ආනන්ද එදා කට්ටියගෙන් සමු ගෙන ආවාය... නමුත් ආනන්ද කල්පනා කරේ, වෙන වතාවල් වලදී වගේ නොව මේ වතාවේ අහු උන කෂ්ටිය ටිකක් වස පාට බවය. එම නිසා මේ කට්ටිය එක්ක වැඩිය දගලන්නේ නැතිව මේ මාසයේ අන්තිමට නොව අව්රුද්දෙ අන්තිමට වත් සදා දිය නොහැකි වීසාවටත් ගැල විජ්ජාවක් දමා, එරියස් එක්ක හම්බ වෙන මාසේ අන්තිම පඩියෙනුත් කොටසක් තම සාක්කුවට එන ප්ලැනක් සාදා මේ චැප්ටර් එක ක්ලෝස් කරන විදියක් ගැනය 

   ඔය අතරේදී සුදික හා නලින් පාර්ට් ටයිම් ජොබ් එකක් හොයගනී එනම් ඔවුන් නැවතී සිටින නිවාස අසල ඇති වෙනත් නිවාස සංකීර්ණයක සිකියුරිටි ජොබක්ය... මුලින් මෙය ඉරිදා දිනට පමණක් වූ අතර වැඩකර අවසන් වෙනවත් සමගම (පැය 12ක සේවා මුරයකට) රිංගිට් 50ක් ගෙවනු ලැබේ.... පසුව සමහර සතියේ දින වලද වැඩට නොගිහින් මෙම සිකියුරිටි වැඩේට මොවුන් පෙළබෙන්නේ වැඩට නොගියොත් කැපෙන්නේ රිංගිට් 35ක් වන අතර මෙයින් ලැබෙන 50 නිසා අමතර 15 ගැන සිතමින්ය... 
    මේ සිකියුරිටි සේවාව කරගෙන යන මුස්ලිම් චීනා අපේ කට්ටිය සමග ඇයි හොදයි කම් පටන් ගන්නා අතර, කොම්පැනියෙන් පඩි ගෙව්වේ නැත්නම් තමාගේ සිකියුරිටි සේවයට ස්ථිරව එකතු වෙන ලෙස කට්ටියට විවුර්ත ආරධනාවක්ද කරයි..... දැන් කට්ටියට ඔප්ෂන් එකක් ඇත කෙමෙන් කෙමෙන් මාසයේ අන්තිමද කිට්ටු වේ......

  ඉතින් මාසේ අන්තිමට මොකද උනේ කියල දැනගන්න වෙන්නෙ, මාසේ අන්තිම වෙනකොට පමණි .......

එනම් ඊලග පොස්ටුවෙන්ය .............

  

Thursday 3 October 2013

කවුද වැරදි ???? 5


පසුගිය කොටස්වලට පාර 

පලමු කොටස

දෙවන කොටස 

තුන්වන කොටස

හතරවන කොටස


පස්වන කොටස "මැලේසියන් සන්නිය "

  එක්දහස් එකක් (= දහසකුත් එකක්) බලාපොරොත්තු සමග මැලේසියා යන්න එන මේ නඩය මුලින්ම ලංකාවේ එයාර්පොර්ට් එකේදී තමයි සන්නිය පටන් ගන්නේ..... ඒ විදේශ සේවා කාර්යයන්ශයට අදාළ ස්ථානය පහු කරනවාත් සමගම එහි සිටි නිලධාරිනියක් මුලින්ම ගිය මාරයාගෙන් හා හෙන්රිගෙන් පාස්පෝර්ට් ඉල්ලා සිටිය අවස්ථාවේදීයි. 

   කලින් ආනන්ද විසින් ඉතාමත්ම තදින් මෙම අවස්ථාවට මුහුණ දීමට කෂ්ටිය පුහුණු කරලා තිබ්බ නිසා ඉතාමත් සාර්ථකව මේ අවස්ථාවේදී අපේ අය එතැනට මුහුණ දෙන්නේ, අදාළ කාර්යාංශයේ අයටත් පාඩමක් ඉගෙනීමට අවස්ථාව සලසමිනි. ඒ මන්ද යත් බොහෝ විට එම කාර්යාංශයේ අය සිතා සිටින්නේ විදේශ රැකියා වලට යන අය තමන්ට කප්පම් ගෙවන බඩගැත්තරයන් පිරිසක් කියාය. 

  අපේ කට්ටිය visit visa සහිතව සංචාරකයින් හැටියට මෙම අවස්ථාවට මුහුණ දෙන්නේ ආනන්දගේද උපදෙස් පරිදි තමන් සංචාරකයින් බවට හඟවමින් අර පොත් පරික්ෂාවට පැමිණි අයට ලුණු ඇබුල් ඇතිව දෙසාබාමින්ය... පලමු කඩඉම මෙසේ සාර්ථකව පසුකරන කෂ්ටිය ඊළගට මැලේසියාවේ ආගමන අංශයෙන්ද  හෙන්රිගේ හා ආනන්දගේ මැදිහත් වීමෙන් ජාමේ බේරාගෙන රට තුලට පැනවදී. 

   දැන් ඇරබෙන්නේ ආනන්දගේ කෙබර පුජාව හා ඒ තාලයට නටන අපේ අයගේ සන්නි නැටුමය. පළමුව නගරයෙන් කිලෝමීටර 10ක් පමණ දුරින් පිහිටි ශ්‍රි මුදා  නම් උප නගරයක තට්ටු නිවාස සංකීරණයක නිවසක් ආනන්දගේ හිතවතෙකු විසින් මොවුන් සදහා කුළියට ගෙන තිබු අතර පළමු රැය එහි ගත කරයි. දෙවන දිනයේදී ඒ ළගම ඇති giant සුපර් මර්කට්ටුවකට  පිරිස අරන් යන ආනන්ද ගෙදර උයන්න උවමනා මුලික බඩු බාහිර ආදිය තම මුදලින් අරන් දෙයි (තම මුදල් කිව්වට ලංකාවේදී මෙයාලගෙන්ම අර ගත්ත සල්ලි) 






   ඉන් පසුව අනුමත වීමට අදාල බඩු  බාහිර ආදියද මිලට ගන්නා  මොවුන් නැවත තම නිවසට පැමිණ තමන්ම කෑම උයාගෙන, රෑට  කරටි කැඩේනකම් අනුමත වෙවි, පුල් ආතල් එකේ, හරියට ඇත්තටම ට්‍රිප් එකක් ආවා වගේ ඉන්නවා ....... ඔහොම සතියක් විතර යනවා .... සමහර දවස් වලට කට්ටිය නැගිටින්නත් කලින් ( ඒ කියන්නේ දවල් 12 ටත් කලින්) ආනන්ද එලියට ගිහින් හවස එන්නේ අර උවමනා බෝතල් 2ක 3යි කරුමන්තෙට බයිට් හදාගන්න ඕන දේවලුයි අරගෙන..... 

     කොහොම හරි  සතියක් විතර ගියාට පස්සේ යාළුවෝ ටික ගෙදර පොඩි කතාවකට සැට් වෙනවා 

සු:දැන් බන් අපි ඇවිල්ලා  සතියක් උනා... මොකද මේ වෙන්නේ

න:ඇත්තටම මටත් ඕක හිතුනා කවද්ද බන් අපි වැඩට යන්නේ මෙහෙම දවල් 12 වෙනකම් නිදාගෙන ඊටපස්සේ නැගිටලා මුණ කට සෝදාගෙන උදේටද දවල්ටද මන්දන්නැ උයාගෙන කාලා, බීලා ඉවර වෙනකොට හවස 3යි..... ඊට පස්සේ පහ, හය වෙනකොට බෝතල් ටික එනවා.... උගුඩුවො වගේ රෑ  වෙනකම් එක බොනවා.....  රැට ආයෙත් කෑවද නැද්ද කියල මතකත් නැ ආයෙත් හෙට දවල් වෙනකම් නිදියනවා  

ඩ්‍රැ:ඇයි මගේ අප්පොච්චියේ මග තව කැලි අඩුයි නේ 3ට කාලා ඉවර වෙලා සමහරු දොරලග මුර කරනවා ඉස්සරහ ගෙදර චයිනා අක්කා එලියට එනවද බලන්න (යකෝ ඇවිල්ල සතියෙන් මුන් සහෝදරියොත් හොයාගෙනනේ) තව සමහරු පාරේ යන මැලිච්චියෝ දිහා බලාගෙන බැල්කනියෙන් පනින්න යනවා....... අර රෑට කනවද නැද්ද දන්නැ කිව්වට, දවල්ට කෑවට පස්සේ ඉතුරුවෙන කිසිම දෙයක් පහුවදා උදේටනම් නෑ.... කන පිගන් ටික කෙසේ වෙතත් කෑම තිබුන හැලිවලන් ටිකනම් හෝදලා වගේ තමයි උදේට තියෙන්නේ.....

මා: නැ කොහොම උනත් බොලගේ කතාව හරි අද අපි ආනන්දගෙන් අහමු මොකද වෙන්නේ කියලා 

ල: යකෝ දෙනදෙයක් කාලා වෙනදෙයක් බලාන ඉන්නේ නැතුව බොලා  මේවා අහල ඒ රත්තරන් මහත්තයාගේ හිත නරක් කොරනවා එහෙම නෙවෙයි ඕන් 

සු: මූට ඉතින් බෝතලයක් ගෙනත් දුන්නම තබක්කෙත් රත්තරන් වෙනවනේ 

හෙ:මේ මොන බිමක්ද බන් මොකද අපි ලංකාවේ නොබී හිටිය කියලදැයි. මමත් කියන්නේ දැන්නම් කලේ හරි තමයි ලොක්කාගෙන් අහන්න මොකද වෙන්නේ කියලා 

කෙ: ඔව් ඔව් බීම ගැන කියනවනම් මේ බෝතලේ විස්කි කියල ගහල තිබ්බට අපේ ලංකාවේ ගල් බෝතල් කාලක් තරම් වත් වටින්නෑ. ඒ නිසා බලන් හිටිය ඇති අදම උබල කව්රු හරි අහපන් මෙයාගෙන් මොකද වෙන්නේ කියලා....... මෙයා නිකන් රොන් ටෝක් දෙන්න අවොත්,,, ප්‍රශ්න කරන ටික මම බලා ගන්නම්......   

න:අනේ කෙන්ජි පින් සිද්ද වෙයි උබ ලංකාවේ නැටිලි ටික එහෙටම තියල සද්ද නැතුව ඉදපන්...... අහන්න ඕන ඒවා මේ මාරයා මල්ලියා අහල හිමිට අපිට කියයි..... 

ල: ඒකනේ බන් ඒ මහත්තය අපිව ප්ලේන් එකේ නග්ගගෙන මෙහෙටත් ගෙනල්ලා  මේ සතියක් පුරා අම්මා තාත්තා වගේ කන්න බොන්න දීල බලාගන්න එකේ ඉක්මනටම රස්සාවේ වැඩෙත් කරලා දෙයි....

සු:ඉතින් එක තමයි බන් මමත් කියන්නේ අපි සල්ලි දීලනේ ආවේ... එහෙව් එකේ පොඩ්ඩක් අහලා බලමු කවදද අපි හරියටම රස්සාව පටන් ගන්නේ කියලා 
  
මා: හරි හරි උබල කව්රුත් කලබල වෙන්න ඕන නෑ අද රෑ  ට මම එක අහලා උබලට කියන්නම් 

කෙ: හරි හරි උබ අහපන්.... උත්තර ප්‍රමාදයි වගේනම්,,,  එහෙමත් නැත්නම් උත්තරේ පැහැදිලි නැත්නම්,,,  මට කියපන් රැට සප්පායම් උනාට පස්සේ මම අහන්නම් 

   මෙසේ කථාව අවසන් කරන මිතුරෝ සවස නැවතත් ආනන්ද රැගෙන ආ බෝතලය වටේ ඉද ගනියි..... නමුත් මාරයා ආනන්දගේ කාමරයේ ඔහුත් සමග කතාවක්ය  

මා: දැන් සර් අපි මෙහෙ ඇවිල්ල සතියකුත් ඉවර උනානේ.... ඉතින් කට්ටිය අහනවා කවදද අපි රස්සාව පටන් ගන්නේ කියලා 

ආ:ඔව් ඔව් එක ඇත්ත මමත් මේ කට්ටියට අද හෙටම මේ ගැන කතා කරන්න තමයි හිටියේ යමුකෝ කට්ටිය ඉන්න තැනට ඔක්කොටම එක සැරේම විස්තරේ කියන්න 

මා: මෙන්න ආනන්ද සර්ට කට්ටියට කතා කරන්න ඕනලු .....

ආ:ඔන්න දැන් මම මේ දවස්ටිකෙම ගියේ මේ ඔයාලගේ රස්සාවට යන වැඩේ සැට් කරගන්න තමයි..... එත් එතන පොඩි ප්‍රශ්නයක් දෙකක් තියෙනවා මම මේ බලන්නේ කොහොම හරි එකත් ගොඩ දාලම ඔයාලව එතනට හේත්තු කරවන්න 

කෙ: මේ... ප්‍රශ්නයක් කිව්වේ සර් අපේ පැත්තෙන් තියෙන කේස් එකක්ද..... මම අහන්නේ අපිට මුකුත් දෙයක් කරන්න ඕනිනම් කියන්න සර් 

ආ:ඔයලා එහෙම අහන නිසා මම කියන්නම්, දැන් මම අර කිව්ව කොම්පැනියට ඔයාලව ගන්න උන් පළපුරුද්ද සදහන් කරලා සහතිකයක් ඉල්ලනවා 

න:ඒ මොකද සර් ඒ අපිව ගන්නවා කිව්වේ මුලින්ම ට්‍රේනින් කරලා නේද? පළපුරුද්දක් තිබ්බනම් මොකටද ට්‍රේනින් එකක් 

ආ: දැන් මේකනේ ඔයාලට ඔය ජොබ් එක හම්බ උනා කියන්නේ හරියට ඔයාල කැම්පස් ගිහිල්ලා උපාධියක් ගත්තා වගේ තමයි. එත කොට ඔය ට්‍රේනින් එක කියන්නේ හරියට කැම්පස් යන්න කලින් ඒ ලෙවල් ලියනවා වගේ වැඩක්..... තව පැහැදිලි කරනවානම් මම ඔයාලව ගෙනාවේ කෙලින්ම මේ කොම්පැනියට දාන්න  ඒ, ඒ ලෙවල් කරන මට්ටමට ඊට පස්සේ මාස හයකින් විතර ට්‍රේනින් එක ඉවරයි කෙලින්ම කැම්පස් උපාධියත් එක්කම (මු හිතාන ඉන්නේ කැම්පස් ගියා කියන්නේ කෙලින්ම උපාධිය හම්බුනා කියල තමයි ) 

හෙ:ඉතින් සර් එහෙනම් ප්‍රශ්නයක් නැනේ අපිව මුලින්ම ට්‍රේනින් එකට දාන්න.... ඒ කියන්නේ ඒ ලෙවල් වලට අපි ඉතින් දන්නා ශිල්ප පෙන්නලා මාස හයෙන් කොම හරි කැම්පස් මට්ටමට එන්නම්.....

ආ: ඒ කට තමයි මමත් මේ ට්‍රයි කරන්නේ.... එත් ඉතින් ඒ ලේවලුත් නිකන්ම කරන්න බැනේ එකට ඕන නේ  ඕ ලෙවල් සහතිකේ... ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ...... මේගොල්ලෝ දැන් කියනවා ඒ ලෙවල් මට්ටමේ ට්‍රේනින් එක දෙන්නනම් ඕ ලෙවල් මට්ටමේ සුදුසු කමවත් පෙන්නන්න කියලා 

ඩ්‍රැ: අප්පටසිරි සුමනසිරි කිව්වලු දැන් මොකද සර් කරන්නේ 

ආ: කලබල වෙන්න හේතුවක් නැ මම මේ චීන ලොක්කත් එක්ක කතා කරකර ඉන්නේ කොම හරි එතනම වැඩට දාන්න..... නැත්නම් ඉතින් අර ඕ  ලෙවල් මට්ටමේ පළපුරුද්දක් ගන්න පුළුවන් තැනක මාස 3ක් විතර වැඩ කරලා කෙලින්ම මෙතනට සෙට් වෙන්නයි තියෙන්නේ..... එත කොට ඕ ලෙවල් සහතිකේ හරි ඊළගට ඒ ලෙවල් ඊළගට උපාධිය .....

සු:ඉතින් සර් එහෙනම් ඔය චීනුන්ට වැඳ වැඳ  ඉන්නේ නැතුව අපි කෙලින්ම එහෙම කරමුකෝ...... නැද්ද මචන්ලා.... එහෙම උනොත් අපිට ඉක්මනටම රස්සාවට යන්න පුළුවන්නේ 

හෙ:ඔව් ඉතින් ඒ අදහසත් නරකම නෑ 

ආ: නෑ නෑ නෑ එකට කලබල වෙන්න එපා ඉස්සෙල්ල අපි ට්‍රයි කරමු කොම හරි කෙලින්ම මේ කොම්පැනියට යන්න.... මොකද අරම කරන්න ගියොත් පොඩි පොඩි වෙන වෙන ප්‍රශ්න ටිකක් තියෙනවා......

මා: ඒ මොනාද සර් ඒ ප්‍රශ්න 

ආ: නෑ මේ දැන් ඒ කොම්පැනිවලට එහෙම පුහුණුවට වගේ යනවනම් ඇතුලත්වීමේ ගාස්තුවක් ගෙවන්න ඕන rm 1000ක විතර ඒ කියන්නේ usd 350ක් විතර ..... ඒ ඇරෙන්න පඩිය ot ත් එක්කම 1500ක් විතර තමයි වැඩිම ගන්න පුළුවන් 

හෙ:අපෝ එහෙනම් කොම හරි අර මුලින් කොම්පනියෙ වැඩේම තමයි ට්‍රයි කරන්න ඕන 

ආ:ඔව් ඔව් එක තමයි මමත් කියන්නේ ඔයාල ඉන්නකෝ තව ටික දවසක් කොම හරි මම මොකක් හරි ගැටයක් ගහන්න...... උයන්න ඕන එළවලු බඩු එහෙම මුකුත් අඩු පාඩු නැනේද ළමයිනේ..... එහෙනම් විදුරු ටික ගෙනවානම්......

   ඒ කතාව එතනින් අවසන් උනත් ඔය විදියටම තව සති 2කකුත් දින කීපයක් ගත වේ දැන්නම් කට්ටියට මේ ජීවිතය ඇති වෙලාය. හැමෝම අවසන් මොහොතේ එක එක අයට ණය වී ගෙන ආ ෂෝ මනි වලින් 350 ගැනේ ගෙවා අර පුහුණු කිරීමේ රැකියාවටවත් යෑමට කතිකා වේ 

 ඒ අනුව ආනන්ද විසින් දින 30කට මොවුන්ට ලබාදී තිබු සංචාරක විසා  එක තවත් දින 30කට දිගුකරගෙන එන්නේ තමන්ගේ වියදමෙන් බව පවසමිනි (මෙය මැලේසියන් රජය විසින් නොමිලේ දෙන සේවාවකි) ඉන් පසු දැනට සිටින නිවසේ සිට මද දුරකින් ඇති තහඩු ෂිට් නවමින් නොයෙක් ප්‍රමාණයේ රවුම් හා හතරැස් බට හදන කම්හලක කෂ්ටිය රැකියාව අරභයි...


     උදෑසන හතට පටන් ගෙන හවස හත දක්වා පුරා පැය 12ක් එක දිගට යකඩ හා ගැටෙමින් සම්පුර්ණ මාසයක් සේවයේ යෙදෙන මේ මිතුරන්ට දවල් තරු පෙනෙන්නේ වැටුප අතට ගත් දිනයේය... මන්ද පැය 12 බැගින් මාසයක් එකම නිවාඩුවක් වත් නොගෙන වැඩකළ මොවුන්ගේ සම්පුර්ණ වැටුප යන්තම් රිංගිට් 1000 පැන්නුවා පමණි (රුපියල් 40,000ක් පමණ)
    
    මේ වෙනකොට ආනන්ද නැවත ලංකාවට ගොසින්ය නමුත් දුරකතනයෙන් සම්බන්ද වෙන මොහු පවසන්නේ තමන් නැවත කීප දිනකින් පැමිනෙන බවත් ඒ ආ විගස ඔය සියලු ප්‍රශ්න විසදන බවත්ය...          
     මේ වන විට ආනන්ද විසින් හදුන්වාදුන් පුද්ගලයෙකුට සංචාරක විසා ඉවර වෙමින් පවතින පාස්පෝර්ට් ලබා දෙන්නේ වලංගු සේවා විසා එකක් (work Permit) සාදා ගැනීම සදහාය...

    නමුත් වැඩකරන තැන අනෙක් අය සමග කල කතා බහෙන් කට්ටියට වැටහී ඇත්තේ අර කිව්ව පුහුණුවක් මෙතන ලබා නොදෙන අතර ඇතුළුවීමේ ගාස්තුවක්ද අය නොකරන බවයි..... නමුත් සේවකයන් 7 දෙනෙක් ආයතනයට ලබා දුන්නාට මෙම ආයතනයෙන් කපුකම කරන ලද තැනැත්තාටද හොද  ගානක් ගෙවා ඇති බවත් මොවුන්ට දැන ගන්න ලැබේ. 

    දැන් කාවද විස්වාස කරන්නේ ????

    ඔය කියන විදියට ආනන්ද නැවත එයිද ??????

    ඒ ආවත් මේ ප්‍රශ්න ටික ට සාර්ථක විසදුම් ලබා දෙයිද ????

ඊලග පොස්ටුවෙන් ....................

එකනම් ඉක්මනට දානවෝ