මම S. L. මැලේ රාළ

මම ලංකාවේ පොරක් මැලේසියාවේ ජොබක් කරන.... මට මේක ලියන්න හිතුනේ අනික් බ්ලොග් කියවල ඒවා දැක්කම මෙහෙවෙන දේවල් අනික් කට්ටියටත් දැන කියාගන්න කියල තමයි .

අවූරුදු ගානක් තිස්සේ මෙහෙ ඉදන් අහපු දැකපු, සිද්ද උන හා දැනටත් සිද්දවෙමින් පවතින දේවල් තමයි මම ඔයාලට කියන්න යන්නේ ඕන්.....

Monday 23 September 2013

කවුද වැරදි ???? 4

පසුගිය කොටස් වලට පාර 

 පළමු කොටස

දෙවන කොටස

තුන්වන කොටස 


ඔන්න අද හතරවන කොටස 

      ඔන්න මේ වෙනකොට තුන් දෙනෙක් හරිනේ..... කට්ටිය දැන් උඩ  දාගෙන තව තුන් දෙනෙක් හොයනවා....... ඔය අතරේ දවසක් මේ තුන්දෙනා එනවා මාරයාව හොයාගෙන මේ ගැන වැඩි විස්තර කතා කරන්න...... 

  ඔන්න එත කොට තමයි මාරයාටත් තත්වේ බරපතලකම තේරුනේ මොකද මුන්ට රට යනවය, යමුය කිව්වට යන්නේ මොකටද , ගිහිල්ල කරන්න තියෙන්නේ මොකද්ද, පඩි කියද මොනවද ලැබෙන අනෙක් පහසුකම් ඔය මුකුත් මාරයා දන්නෙත් නෑ.......

    මාරයා හින්නුලෙන් කට්ටියට කිව්වා, මම ආනන්ද මහත්තයට (යකෝ දැන් මු මහත්තයත් වෙලා.... මැස්සෙක් ගිය උඩක් කිව්වලු ) කතා කරලා ඔයාලව හම්බ වෙන්න සැට් කරන්නම්.... එතකොට ඔයාලට පුළුවන් එයාගෙන්ම ඔය විස්තර අහන්න..... 
      ඔන්න කට්ටිය ගියා ආනන්දව හම්බවෙන්න ....... කොහෙද දන්නවද හම්බවෙන තැන?  කටුනායක එයාර්පෝර්ට් එකේදී....... මොකද ආනන්ද එච්චරට බිසී..... එයා ඒ වෙලාවෙත් පිටරට යන්න.... එයාර්පෝර්ට් එකට එනවා ටිකක් වේලාසනින් මෙයාලත් එක්ක කතා කරන්න...... මේ පට්ටිය මහා පාන්දර නැගිටගෙන දැන් මේ දකුණු ලකේ ඉදන් කටුනායක යනවා බස් එකේ රට යන්න කලින් ආනන්ද මහත්තයව හම්බ වෙන්න 

ඔන්න හම්බ වෙලා මාරයා කට්ටියව හදුන්වලා  දෙනවා ආනන්දට.....

ආනන්ද:හරි..... දැන් වෙලාව 11යි මට 2කට ප්ලයිට් එක... 12 වෙද්දී පොර්ට් එකේ ඉන්න ඕනා පැයක් තියෙනවා ඔයාලට ඕන ඔක්කොම ටික අහන්න....

කෙන්ජි: දැන් මහත්තයා අපිට ඔය ගිහිල්ල කරන්න තියෙන ජොබ් එක මොකද්ද 

: හොඳ ප්‍රශ්නයක්.... ඔයාලට කරන්න තියෙන්නේ අපේ ගෘප් කොම්පැනියට අයිති එක ෆැක්ටරියක වැඩ කරන්න තමයි...... දැනට අපේ ෆැක්ටරි දෙක තුනකම වෙකන්සි තියෙනවා.... මුලින්ම ස්ටිල් ෆැබ්රිකේෂන් කොම්පැනියේ තියෙනවා වෙකන්සි 15ක් විතර ඊළගට ඉලෙක්ට්‍රිකල් ඇක්සසරිස් ෆැක්ටරියෙ වෙකන්සි 10යි තව මෝටර් සයිකල් ඇක්සසරිස් ෆැක්ටරියෙ වෙකන්සි 7යි....... ඔය වගේ තව ගණනාවක් තියෙනවා ඉස්සෙල්ලම ඔය එක ක කට්ටියම වැඩට ගිහින් වැඩ පුළුවන්, එහෙම නැත්නම් වැඩ අල්ලගන්න අයට එකේම දිගට වැඩ කරන්න පුළුවන්. අනිත් අයට වෙන එහෙකට ට්‍රාන්සර් වෙලා ඒවාවල ට්‍රයි කරලා බැලුවකි....... මේ තියෙන්නේ ඒ කොම්පැනි වල ප්‍රොෆයිල්ස් තමයි 

   ආනන්දයා ඉතාමත් සාර්ථකව පළමු  ප්‍රශ්නයට මුහුණ දෙමින් කට්ටිය අතේ ඉංග්‍රීසියෙන් මුද්‍රණය වූ කොළ මිටියක් තබයි ...... එහි ලියා ඇති දේ, ඒ කිසිවෙකුටත් තේරුනේ නැතත් කර්මාන්තශාලාවල වර්ණ පින්තුර නිසා දැන් කට්ටියට ගිය කාරණයත් අමතකය.... හරියට නිකන් තමනුත් එහි වැඩ පටන් ගත්තා  වාගෙය...... යන්තම් සිහි එලවා ගත්  තවකෙක් කට අරියි.

ඩ්‍රැකී: දැන් මහත්තයෝ අපිට මාසෙකට පඩිය කියක් විතර හම්බ වෙයිද?


:බොහොම වැදගත් ප්‍රශ්නයක්.... හැම දෙකටම කලින් ඕක දැනගෙන ඉන්න ඕනා..... මේ ඔක්කොම මල්ටි නැෂනල් බොහොම හොද කම්පැනි..... ඔයාලා මෙතනට මුලින්ම යන්නේ ට්‍රේනින් බේසික් ඒ කියන්නේ නුපුහුණු සේවකයෝ හැටියට....... ඔය කොම්පැනියක කොහොමත් වැඩ ඉගෙන ගන්න කෙනෙක්ටත් බේසික් එක විතරක් 50ක් 60ක් ගෙවනවා එතකොට ඕටී වලින් තව 30ක් විතර ඒ ඇරෙන්න ෆුඩ් එලවන්ස් , අටෙන්ඩන්ට් එලවන්ස් යුනිෆෝර්ම් , අරවට මේවට එනකොට ඔක්කොම එතනත් 20 පනිනවා ..... දැන් කට්ටිය එකතු කරලා බලමුකෝ ගාණ ........
      ආනන්දගේ මේ පිළිතුරින් දැන් කට්ටිය සිහිනෙන් පාවෙනවා වගේ..... ඒ මදිවට වෙන ප්‍රශ්නත් නෑ වගේ....... එත් ඩ්‍රැකීයා තවත් අතුරු ප්‍රශ්නයක් දැන්මා.......

ඩ්‍රැකී:අපිට ඉන්න හිටින්න කන්න බොන්නේ එහෙම කොමද සර් ??

: ඒ ඔක්කොම දෙනවා..... ඇයි මේ මාරයා කිව්වේ නැද්ද ?

මා:නෑ සර් මම කියනවට වැඩිය හොදයිනේ මෙයාලට ඒ ඔක්කොම සර් ගේ කටින්ම කියනවනම් එකයි මම මේ හම්බ වෙන්න එක්ක ආවේ...

නලින්: දැන් එතකොට සර් අපි එක්කෙනෙක් කියක් දෙන්න ඕනද ?

:මෙහෙමයි මම අද මේ යන්නෙත් මැලේසියා අද මම අපේ ගෘප් කොම්පැනියේ HR ලොක්කව හම්බවෙලා ඔක්කොම කතා කරගෙන එන්නම්...... කොහොමත් ඔයාල එක්කෙනෙක් එකයි පනහත් දෙකක් විතර ලැහැස්ති කරලා තියා ගන්න 
   කට්ටියගේ මුණු ටිකක් අදුරුවේ ........
බය වෙන්න එපා මම මුලින් ගන්නේ පණහයි ඊට පස්සේ විසා ගහල ඔක්කොම ලැහැස්ති කරාට පස්සේ තමයි ඉතුරුව ගෙවන්න තියෙන්නේ බැලන්ස් එක අද ගෙව්වනම් අනිද්දා රට....... දැන් ඔක්කොම කි දෙනෙක් ඉන්නවද 

මා:සර් ඔක්කොම 6 දෙනෙක් නේ කිව්වේ දැනට මේ 3 දෙනයි තව 3 දෙනෙක් හෙට අනිද්දම අපි සැට් කරගන්නම් සර් ......

: හොදයි මම දැන් අද ගිහිල්ල තව දවස් 3කින් නැත්නම් 4කින් එනවා.... ඔයාලට තව මුකුත් දැන ගන්න තියෙනවද?

කෙන්ජි: නැ සර් වෙන්නම් මුකුත් නැ.... අපි සර්ව විස්වාස කරනවා සර්ට ෂුවර්නේ අපිට මුකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැ කියලා 

: ඒ ගැන මොනටවත් බය වෙන්න එපා ඔයාලගේ මෙහෙ වැඩ ටික ඔක්කොම මම ලැහැස්ති කරලා ඔයාලත් එක්ක මමත් එනවා මැලේසියාවට යනකම්ම..... එහෙදිත් ඔයාලගේ ඉන්න හිටින්න තැන එතකොට කෑම බිම, අරවා මේවා ඔක්කොම ලැහැස්ති කරලා ඔයගොල්ලෝ සෙටල් උනාට පස්සේ තමයි මම එන්නේ 

ඩ්‍රැකී: එලකිරිනේ සර් එහෙනම් තව මොනවද සර් ගිහිල්ල එන්නකෝ අපි එහෙනම් අනික් 3 දෙනාව ලැහැස්තිකරලා තියා ගන්නම් 

: එහෙනම් කට්ටියටම බුදුසරණයි ! මම යනවා ආවම මම කෝල් එකක් දෙන්නම්කො මාරයාට 

 ආනන්ද එසේ පිටව යයි යාලුවෝ සිව්දෙනා නැවත ගම්බිම් බලා පැමිණේ අතර මග කථාව මෙසේය 


මා:ඇත්තටම දැන් තව කව්ද ඉන්නේ 3 දෙනෙක් හොයාගන්න 

න: තව පහලවක් විතර ඉන්නවා එත් ඔය ගාණ සල්ලි හොයා ගන්න පුළුවන් එවුන්ව තමයි සැට් කර ගන්න ඕනෑ 

කෙ: අපි හොදට ඉංග්‍රීසි දන්නා එකෙකුත් සැට් කර ගන්න ඕනා.... නැත්නම් දැක්කනේ අද අර දීපු කොලවල ලියල තිබුනේ මොනවද කියල වත් අපිට හරියට තේරුනේ නැනේ  


ඩ්‍රැ: ලියල තිබ්බ ටික තේරුනේ නැතිවට බලපන්කො පින්තුර ටික ඒ වගේ වැඩපලක අතුගාන්න ගියත් සැපයි බන්.....

මා: පිස්සුද බන් ඒවා අතුගාන්නේ මැෂින් වලින් යකෝ අතින් අතුගාලා කොහේ සුද්ද කරන්නද ඒ විදියට..... බිම නිකන් බත් දාගෙන  කන්න පුළුවන්....... 

න: ඉංග්‍රීසි දන්නා එකෙක්නම් ඉන්නවා රට යන්න බලාගෙන...... හැබැයි ඌ ට්‍රයි කරන්නේ යුරෝප් රටකට. අද ගියාම කතා කරමු 

කෙ: කවුදබන් ඒ ? 

න: ඇයි බන් අර පොඩි එවුන්ට ඉංග්‍රීසි ටියුෂන් පන්ති කරන ඒකා.... හෙන්රියා......

කෙ: අපෝ උවනම් මට කැමති කරව ගත්තකි..... හදිස්සියෙවත් බෑ කිව්වොත් මම ඌ ට දෙකක් ඇනලා හරි කැමති කරව ගන්නම්කො... උබලා බලපන්කො වෙන දෙන්නෙක්ව 

හෙන්රිගේ වත 

  උසස් පෙළ දක්වාම ඉගෙන ගෙන පාසල් යන අයට තම නිවසේම ටියුෂන් පන්ති කරන අයෙකි. ඉංග්‍රීසි කියවීමට ලිවීමට හා කතාකිරීමට හැකි මේ කෂ්ටියේ සිටින එකම කෙනා මොහුය... නමුත් මොහුගේ විශේෂම හැකියාව දන්නේ ලගම සිටින යහළුවන් කීප දෙනා පමණි.... එනම් පාලනයකින් තොරව හැමදාම රැට කරන අනුමත වීමය.....

   මීලගට කට්ටිය සොයාගන්නේ පළාතේ පිහිටි මොටසයිකල් වැඩපලේ ගොලයාය. නමින් ලක්මාල්ය

ලක්මාල්ගේ වත

"හිත හොඳ ගැනි හැමදාම බඩින්ය" මේ කියමනට හොදින්ම ගැලපෙන හාදයෙකි දන්න දා පටන්ම මෝටර් සයිකල් ගරාජ් එකේ ගෝලයා ය. බාස් එලියට යනකම් සිට හැමෝම බයික් එක හදා ගන්න එන්නේ මොහු ලගටය.... ඒ හොදට හදන නිසා නොව සල්ලි පස්සේ දෙන්නම් කියා මාරු වී යාහැකි නිසාය... ගෝලයා රට යනවනම් වියදමෙන් බාගයක් සන්තොසයෙන්ම  බාස් දෙන්නේ මෙයාගෙන් ගැලවෙන්නමය.... අනුමත වීමේ ක්‍රිරියාවටද කියාපු සගයෙකි.....


අවසන් සගයා සුදිකය. නගරයේ කාර්යාලයක සේවය කරන්නෙකි 

සුදිකගේ වත 

උදැසන 5ට නිවසින් පිටවී රැ 10ට  පැමිණෙමින් නගරයේ ආයතනයක කා.කා.ස. හැටියට සේවය කරන මොහු අවූරුදු අටක් තිස්සෙම උසස්වීම් නොලද නිසා ඒ කාලය මුළුල්ලේ ඉතා දුක් මහන්සියෙන් උපයාගත් මුදලින් දැන් රට යාමට පෙළබේ. මොහු තමන්ගේ පාඩුවේ ජිවත්වන අහිංසකයෙකි.

     දැන් ඔන්න කට්ටිය හරිය. මුලින් 50,000 බැගින් ආනන්දට ගෙවන මොවුන් (මාරයා හැර) දින කීපයක ඇවෑමෙන් මැලේසියාවට විසිට් විසා  හිමිකරුවන් බවට පත්වේ. ඊලග වැඩ පිළිවෙල සාකච්ඡ කිරීම සදහා නැවත මොවුන් මුණ ගැසෙන්නේ කොළබ පිහිටි මැක්ඩොනල්ඩ් එකකදීය.

:හොදයි දැන් ඔන්න මගේ පැත්තේ වැඩ ඉවරයි ඊළගට ටිකට් ගන්න ඕන......ඒ ඇරෙන්න ඔයාලාට එහෙ නවතින්න ලැහැසිති කරලා තියෙන තැනට පොඩි ඇඩ්වාන්ස් එකක් ගෙවන්නත් තියෙනවා....... එවලට  තමයි ඔයාලා ඉතුරු ලක්ෂය දෙන්න ඕනා..... 

කෙ: සර් ඔය නවතින තැන සේරම කොම්පැනිය ගානේ කිව්වා නේද.... එහෙනම් ඇයි අපි මේ ඇඩ්වාන්ස් ගෙවන්නේ  

: ඒ මේකනේ ඔය අපේ යන සමහර අය ඔය ගෙවල්වල තියෙන බල්බ්, ස්විච් , වටිනා කියන වතුර ටැප් වගේ ඒවා ඔක්කොම එන කොට ගලවාගෙන තමයි එන්නේ.... එක නිසා ගෙට ගෙවන්න ඕන ඇඩ්වාන්ස් එක අයකර ගන්නේ ඔයාලගෙන්ම තමයි.  එත් කවද හරි ඔයාලා එන දවසක ගේ ඔක්කොම චෙක් කරලා බඩු ඔක්කොම හරිනම් ඒ ඇඩ්වාන්ස් එක ඔයාලගේ අතටම දෙනවා.....

හෙ: එතකොට සර් අපිට යන්න කලින් මොකක් හරි ඇග්රිමන්ට් එකක් දෙනවද අත්සන් කරන්න ?? 

:බොහොම වැදගත් ප්‍රශ්නයක්.... මට ඔයාලට ඇග්රිමන්ට් එකක් ලැහැසිති කරලා දෙන්න පුළුවන් එත් එහෙම උනොත් ඔයාලට තව 50ක් 60ක් විතර වැඩිපුර ගෙවන්න වෙනවා ....(මෙය 90%ක අමු පචයකි ) ඒ අපේ රජයේ ගාස්තු..... මම දන්නවනේ ඔයාලගේ තත්වය ඒ නිසා මම එක ලැහැස්ති කරේ නැ....
         අපි ඒ රජයේ ගාස්තු වලින් බේරෙන්න ඕන නිසාම තමයි ඔයාලට විසිට් විසා එකක් අරන් තියෙන්නෙත් .... හොදට මතක තියා ගන්න මෙහෙ එයාර්පෝර්ට් එකේදී හරි එහෙ එයාර් පොර්ට් එකේදී හරි කව්රු හරි ඇහැව්වොත් කියන්නේ ඔයාලා සති දෙකක ටුවර් එකක් යනවා කියලා විතරයි......
      අනික ඔයාලට බය වෙන්න කිසිම හේතුවක් නෑ මොකද ඔයාලා එක්ක මමත් එනවනේ යන්න.... එහෙ ගියාට පස්සේ ඔයාලා වැඩ කරන තැන බලල දවසක් දෙකක් වැඩකරලා ඔය කිව්වා අග්රිමන්ට් ඔක්කොම අත්සන කරාට පස්සේ තමයි මම එහෙන් එන්නේ.......

      මම ඒ ආවත් හැම මාසෙකටම සැරයක් හරි දෙකක් ආයෙත් එනවා ඇවිත් යන්න මගේ බිස්නස් වැඩ වලට...... ඒ එනකොට ඔයාලගේ ගෙවල් වල අයට කියලා තියන්න, මගේ අතේ ඕන දෙයක් යවන්න පුළුවන් ඔයාලට..... ඕනනම් ගෙදර හදන බත්මුලක් උනත් මට අරන් එන්න පුළුවන්.. උදේම මට ගෙනත් දුන්නනම් කොලබට දවල් කෑම වෙලාවට මම මැලේසියාවේ.......

න: සර් ලග නැද්ද අර එදා අපිට පෙන්නුව කොම්පැනිවල විස්තර කොළ.... මේ අපේ අනික් කට්ටියට පෙන්නන්න 

: ඒවානම් දැන් නෑ...... මෙන්න මේ වගේ ඇග්රිමන්ට් එකක් තමයි ඔයාලට එහෙ ගියාම අත්සන් කරන්න වෙන්නේ 
  ආනන්ද බැග් එකකින් කොළ වගයක් කට්ටියට ලබා දෙයි හෙන්රි එම ඉංග්‍රීසි පත්‍රිකාව කියවා බලයි 

හෙ: මේක සර් මේ ඩේ කෙයාර් එකක ළමයි බලා ගන්න අයට දෙන ඇග්රිමන්ට් එකක්නේ 

:ඔව් ඔව් මම ඔය සාම්පල් එකක් හැටියට පෙන්නුවේ ඕකත් ඔය ගැහැණු ළමයි වගයකට තියෙන වෙකන්සි එකක් ඔය ෆැක්ටරිවල වැඩ කරන අයගේ ළමයි බලාගන්න තැනට..... 

(හි...හි...හි.... මේකනම් ලියනකොටත් රාළට හිනා යයි.... ආනන්ද ඒ පෙන්නන ලද ඇග්රිමන්ට් සයින් කර ආපු අය අර සමකය වටේ කියන බ්ලෝග ලියන නලින් මහතාට චීන වීදියේදී මුණගැසී ඇත.... පොඩි අප්ෂට් එකකට තියෙන්නේ බලාගන්න වෙන ළමයින් අවූරුදු 18න්  ඉහල පිරිමි අය වීමය.... ඒ ගැන වෙනම කතන්දරයක් ඉදිරියේදී බලාපොරොත්තුවන්න ) 

සු: දැන් සර් හරියටම අපිට කවදා විතරද යන්න වෙන්නේ මොකද මට අස්වීමේ ලිපියත් දෙන්න ඕන ටිකක් කලින් වැඩ කරන තැනට  

: එක තීරණය වෙන්නේ ඔයගොල්ලෝ කවදද බැලන්ස් එක ගෙවන්නේ කියන එක මත අද ගෙව්වනම් සතියකින් රට...... අනික හැමෝම ෂෝ මනි වලට රුපියල් 50,000ක් විතර අතේ තියාගෙන එන්න ඕනා ...... 

කෙ: ඒ මොකද්ද සර් ඒ තවත් 50,000ක් 

: එක අයෙත් දවස් දෙක තුනකින් ඔයාලට මෙහෙට දාන්න පුළුවන්... එක ගෙනියන්නේ එයාර් පොර්ට් වලදී අහනව විසිට් යනවනම් කෝ වියදම් කරන්න සල්ලි කියල..... එතකොට පෙන්නන්න විතරයි.... එක කාගෙන් හරි ඇත මාරුවට අරන් එන්න ගිහිල්ල දවසකින් දෙකකින් අයෙත් එවන්න පුළුවන් 

ල: තවත් 50,000ක් ඕනනම් ඔක්කොම ටික සැට් කරගන්න තව සති දෙක තුනක්වත් යයි නේද මචන්ස්ලා .......

  ඒ කිව්ව විදියට සති  දෙක තුනකින් ඉතුරු මුදල ආනන්දට දී, ඊටත් සති දෙකකට පමණ පසු එළබෙන සුබ මොහොතින් මේ කෂ්ටිය මැලේසියාව කරා  පිටත් වේ ......

     මේ කෂ්ටිය මැලේසියා ආපසු මැලේසියන් සන්නිය මීලග පොස්ටුවෙන්...........

Friday 13 September 2013

කවුද වැරදි ???? 3

පසුගිය කොටස් වලට පාර 

පලමු කොටස

දෙවන කොටස


ඔන්න අද තුන්වන කොටස 

  අර කිව්ව ලක්ෂරි පොරගේ කතාවට නස්කුනි වෙලා බලන් ඉන්න මාරයාට ආයෙත් ඒ මෑන් කියනවා 

මල්ලි බය වෙන්න එපා ඔයාගේ බෑග් එකේ ගහල තියෙන්නේ ලංකාවේ ඇඩ්රස් එකක්නේ එක දැකලයි මම කතා කරේ 

ආ.... කොහොමද මෙයාගේ ටිකිරි මොලේ..... ඔන්න දැන් මාරයා කට අරී 

ඔව් අයියේ මම ලංකාවේ තමයි...... අයියා මෙහෙ මොකද කරන්නේ 

මම නම් බිස්නස් කරන්නේ දැනුත් මේ මැලේසියාවේ බිස්නස් වැඩකට ගිහින් මෙහෙට ආවා..... හෙට අනිද්දට ලංකාවට යන්න..... අහම්බෙන් ඔයාව දැක්කම හිතුන ලංකාවේ කෙනෙක් නිසා කතා කරන්න...... අනික ඔයා ඉන්න විදියෙන් පෙන්නේ නිකන් මොකක් හරි ප්‍රශ්නයක් වගේ.....

ඔව් අයියේ මම ලොකු අමාරුවක වැටිලා....... මම ජොබ් එකකට කියල තමයි මෙහෙ ආවේ එත් අන්තිමට මට වෙච්ච දේ .............

 අමුත්තාද එතනින් වාඩි ගනී....... කතාන්දරය දිග හැරේ ඉන්ටර්විව් ගියදා පටන් අද දක්වා සියලු දේ දැන් අමුත්තාද දැන ගනී...... 

මල්ලි මගේනම ආනන්ද........ (හැ.... මේ නම අර ලිස්ට් එකේ තිබුනේ නැනේ..... එතන හිටිය අය වගේ අප්ෂ්ට් පොරක් නෙවි මේ..... හි.... හි..... හි..... ඔහොම යන් ඔහොම යන් හොද හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලුනේ.........)

  මට හරි අප්සැට් ඔයාට වෙලා තියෙන දේ ගැන ...... ඔයාව කට්ටිය එකතුවෙලා රවට්ටලා....... ඔයාගේ සල්ලි මංකොල්ල කාලා....... මේ සිංගප්පුරුවේ ඔය කියන විදියේ ජොබ් නැ......... ඔන්න මැලේසියවෙනම් තව කමක් නැ..... විසා නැතුව හරි ජොබක් හොයා ගන්න පුළුවන්...... 
දැන් නම් මට තේරෙන්නෙත් නැ කොහොමද ඔයාට උදව්වක් කරන්නේ කියලා........

මාරයා සිටියෙමේ කිසිවක් තේරුම් යන තත්වයක නොව උඩින් ආනන්දට ඇහුම්කන් දෙනවා වගේ පෙනුනට ඔහුගේ සිත යකාගේ කම්මල වගේය..... 
      මිට මාසයකට කලින් ලංකාවෙන් එන්න පෙර දින තම ගමේ හා අවට ගම් පළාත් දෙක තුනක යාළුවන් එකතු කොට අවුරුදු දෙක තුනකින් මෙහා නැවත නොඑන බව කියමින් දුන් සමුගැනීමේ පාටිය....... හෙට ලංකාවට ගියාම දෙයියනේ කොහොමද ඒ මිනිස්සුන්ට මුණ දෙන්නේ ......... 

මල්ලි යමු මම ඔයාව එයාර්පෝර්ට් එකට ඇරලවලා එන්නම් ඔයා ඔහොම මෙතන ඉන්න එපා යන ගමන් අපි ටිකක් කතා කරමු..... 

   යෝජනාව ආනන්දගෙන්ය..... මේ තරම් නාදුනන පුද්ගලයන් නිසා අමාරුවේ වැටි ඇති මාරයා නැවතත් අමුත්තෙකු විස්වාස කරමින් තම ජිවිත කතාවටම අලුත් පිටුවක් පෙරලා ගන්නේ එසේය.....
     දුම්රියෙන් ගුවන් තොටුපලට එනකම් කතාවේ යෙදෙන මොවුන් තම හිතවත්කම් වර්දනය කර ගනිමින් දින කීපයකින් ලංකාවේ මුණ ගැසීමටද තැනක් යොදා ගනී...... ඒ මාරයාට නැවත පිටරට රැකියාවක සිහිනය පෙන්වමින් ඒ සදහා උදව් කරන්න පොරොන්දු වෙන ආනන්දගෙනි....... 


එදින නැවත ලංකාවට ආ මාරයා පළමු දින දෙක සම්පුර්ණයෙන්ම නිවසේ ගත කරයි.... ගමේ කට්ටියට මොහුගේ ආගමනය සැල වුවත් කව්රුත් තවම ඔහු හමුවීමට ගියේ නැත ......

 එදා සිංගපුරුවේ අවසන් මොහොතේ හමුවූ ආනන්දව මුණ ගැසීමට යාමට තුන්වන දිනයේ මාරයා ගෙයින් එලියට බසින්නේද මහා පාන්දරය.......
 කතිකා කර ගත් තැනදී හමුවන දෙදෙනා සැපදුක් විචාරයෙන් පසු කතාවට එන්ටර් වේ  

දැන් මල්ලි මෙහෙමයි සින්ගපුරුවේ වගේ නෙවි මැලේසියාවේ ඕන දෙයක් හරි ලේසි.... කෙලින්ම ඔයා ගියා රටට,, ජොබ් එකක් හොයා ගත්තා,, විසා  එක හදා ගත්තා,, දෙයියනේ කියල ජොබ් එක කරගෙන පාඩුවේ හිටියා......

ඇත්තටම එහෙම පුලුවන්ද අයියා ?

පුළුවන් පුළුවන් හැබැයි හැමෝටම නෙවි මම වගේ රට දන්නා කෙනෙක් උදව් කරන කෙනෙක්ට පුළුවන්

අනේ අයියේ මම ගමට මුණ දෙන්න බැරුව පහුගිය දවස් දෙක ගෙදර හැංගිලා වගේ හිටියේ බැරිද ඕක මට හෙට අනිද්දම සැට් කරන්න ...... සද්ද නැතුව ආපහු මෙහෙන්ම යන්න 

සෙට් කරන්නනම් පුළුවන් ඔයාට එයාර් ටිකට් එකයි විසා එකයි හදා  ගන්න ඕන...... එකට ටික දවසකුයි,,,,  සල්ලි ටිකකුයි ඕනා......

අපොයි අයියේ එහෙනම් ඒ වැඩේ හරියන්නැ ...... මගේ අතේ දැන් සතේ නැ ... අඩුම තරමේ ඉල්ලන්න කෙනෙක්වත් නැ 

අපෝ ඔහොම කොහොමද වැඩක් කරන්නේ නැ හ් ගන්න පුරුදු වෙන්න එපා ලොකු ගානක් නෙවි රුපියල් ලක්ෂයක් විතර තිබුනානම් ඇති ...... මම කියන්නද ..... යාලුවෝ 5 දෙනෙක් හොයාගන්න එක්කෙනාගෙන් 20,000 ගානේ ඉල්ලගන්න මාස 2කෙන් දෙන්නම් කියාලා..... වැඩේ ගොඩනේ 

20,000 ගානේ නෙවි 50,000 ගානේ හරි දෙයි උන්ටත් රට යන්න චාන්ස් එකක් තියෙනවා කිව්වනම්....... මටවත් වැඩේ හරියන්නැතුව මම කොහොමද අනික් අයට පිටරට ජොබ් සැට් කරන්නේ.......

එහෙමද ඒ කියන්නේ ඔයාට රට එක්කන් යනවනම් සල්ලි දෙන්න කැමති යාලුවෝ ටිකක් ඉන්නවා 

ඉන්නවදත් අහනවා...... මම සිං යන දවසට ඉස්සරයින්දා දුන්න යාලුවෝ ඔක්කොටම එලස් පාටියක්..... ඒකට මම එන්න කිව්වේ නැති එවුනුත් ඇවිල්ල හිටියා ...... ඒ කියන්නේ මගේ යාළුවන්ගෙත් යාලුවෝ නෑදෑයෝ වගේ එවුන්..... උන් ගොඩ දෙනෙක් එකාට එකා හොරෙන් ඇවිත් මට කිව්වේ කොහොම හරි උන්ටත් චාන්ස් එකක් සැට් කරන්න කියන එක තමයි  

ඉතින් එහෙනම් ඔයා ගොඩනේ..... මම ඔයාවත් එක්ක ඔය පස් හය දෙනෙක්ටත් යන්න ලැහැස් ති කරන්නම්කො...... (ඔන්න බළලා මල්ලෙන් එලියට පනි)  

මම මේසැරේ ගිහිල්ලා  කරගෙන ආව දේ ඇහැව්වට පස්සේ ඔය කව්රුත් කැමති වෙන එකක් නැ අයියා අපහු රට යන්න අනික උන්ට සල්ලි තිබුනට මට සල්ලි කෝ......

හරි..... ඔයා මට ඉස්සෙල්ලම කියන්නකෝ  දැන් ඔයාට සිං වල උන දේ කීදෙනෙක්ට  ආවට පස්සේ  කිව්වාද ???

කාටවත්ම කිව්වේ නැ අයියා...... කටක් ඇරලා කියන්න පුළුවන් දෙයක්ද උනේ...... දවස් දේකම මම  ගේ ඇතුලටම වෙලා හිටියේ අදත් බිමට එලිය වැටෙන්නත් කලින් තමයි මම ගමෙන් එලියට පැන්නේ....

ඒකනම් ඔයා නියමෙට මොලේ කල්පනා කරලා ගේම දීල තියෙනවා ..... දැන් මම කියන්නම් කරන්න ඕන දේ මේක හොදට අහගෙන හරියට හිතට ගන්න එතකොට ඔය නිකන්ම ගොඩ 
       ඔයා දැන් ගෙදර ගිහින් කෙලින්ම යාලුවෝ ඔක්කොටම එන්න කියන්න මම ඔයාට ඇපල් පෙට්ටියක් අරන් දෙන්නම් මෙහෙන් ගිහිල්ල ඔක්කොටම බෙදන්න එදා සිං වල ඉදන් ගෙනාපු ඒවා වගේ.....
        ඊට පස්සේ කට්ටියට කියන්න ඔයා  මාසයක් සිං වල යකඩ හදන ෆැක්ටරියක වැඩ කරාය.... ඔයාගේ වැඩ හොඳ නිසා මැලේසියවල හෙඩ් ඔෆිස් එකට මාරු කරාය... ඒ මැලේසියා යන්න තමයි මේ ආවේ..... ඒ ගමන්ම බෝසා කිව්වාය ඔයා  වගේ හොඳට වැඩ කරන තව පස් හය දෙනෙක්වත් සැට් කරගෙන එන්න  කියලා.... තව ඒ ගමන්ම කියන්න ඒ යන්න කැමති අය ඉන්නවනම් පාස්පෝර්ට් කොපි එක්ක රුපියල් 50,000ක් ඇඩ්වාන්ස් දෙන්න ඕනා.. ඔයත් එක්කම යන්න පුළුවන් කියලා, යනකොට තව ලක්ෂයක් ඕනි කියලාත් කියන්න   

හෆොයි අයියේ එහෙම කරන්නේ කොහොමද ඔක්කොම පට්ට බොරුනේ 

තමන්ගේ ජීවිතය ගොඩනගන්න ඔය වගේ පොඩි පොඩි බොරුවක් දෙකක් කරන්න වෙනවා .... අනික එහෙම කිව්වට ඔයා ඒ මිනිස්සුන්ව අමාරුවේ දානවා නෙවිනේ..... ඇත්තටම හොද අවස්තාවක් දෙන්නනේ යන්නේ.....  මම මැලේසියාවේ ස්ටීල් ෆැක්ටරි එකකට කට්ටියක් ගෙනියන්න තමයි ඉන්නේ මාසෙට 80,000ත් 100,000ත් අතර පඩි ගන්න පුළුවන් හොඳ තැනක්.... වියදම් කරන ගාණ මාස දෙකෙන් හොයන්න පුළුවන්.......  හැබැයි විසා එක හදා ගන්න වෙන්නේ පඩියෙන් ගානක් ඉතුරු කරලම තමයි...... ඒ ටික එහෙ ගියාට පස්සේ මම කට්ටියට කියල දෙන්නම්කො..... ඔයා දැන් ගිහින් කට්ටිය ලැහැස්ති කර ගන්න...
        අලුත් කතාවක් සමග නව බලාපොරොත්තු ඇති කර ගනිමින් මාරයා නැවත ගමට පැමිණේතමන සිදුවූ දේ ගම්මුන්ට පැවසීමට තිබු ලජ්ජාවත් ලිදේ වැටුන කෙනා ලිං කටින්ම එලියට ආ  යුතුයි කියන අදහසත් ඇතිකරගනිමින් ආනන්දගේ උපදෙස් මත ක්‍රියාත්මක වන මාරයා පළමුව රට ගාය මීටරයේ රෝස පාට කොටුවේ සිටින   (දෙවැනි කොටසේ තියෙන වගුව ) තම හිතවත්ම මිතුරෙකු වන  ඩ්‍රැකීව මුණ ගැසී මේ විස්තරය (ආනන්ද කිව්ව විස්තරය) පවසයි 

ඩ්‍රැකීගේ වත

   ඩ්‍රැකී මාරයාගේ සම වයසේ ගමේ එකට හැදුන ලගම මිතුරෙකි. පවුලේ 
අයට වඩා මිතුරන් වෙනුවෙන් කාලය ගතකල මොහු කිසිම විටක හිතවතෙකුගේ කරදරයකදී ඔවුන්ව අතහැර නොයන තාලයේ මිතුරෙකි. එමෙන්ම ඒ කාලයේ නව අසපුවක සිටි හාමුදුරුකෙනෙකුගේ ධර්ම දේශනාවන්ට ඇහුම් කන්දී ඒ දහම පිළිපදිමින් සිටින්නෙකි.


එකපයින් මේ වැඩේට කැමතිවන ඩ්‍රැකී ඉතිරි පස් දෙන සොයා ගැනීමටද මාරයාට සහය වේ මොවුන්ගේ දෙවන ඉලක්කය වන්නේ නලින්ය. 

නලින්ගේ වත 

ඩ්‍රැකීගේ ලගම හිතවතෙකු වන නලින් වයසින් 35ක් පමණය. දරු දෙදෙනෙකුගේ පියෙක්ය. රටගය මීටරේ නිල් පාට කොටුවේ සිට මාරයාගේ හා ඩ්‍රැකීගේ කතාවෙන් රතුපාට කොටුවට කෙලින්ම මාරුවේ. හම්බ කරන මුදල පවුලේ අවශ්‍යතාවයන්ට වියදම් කිරීමෙන් පසු හරියට බොන්න කියන්නත් මුදල් මදි කමින් සිටි මොහු කලාවට ලැදි ඕනෑම කෙනෙක් ඉතා ඉක්මනින් විශ්වාස කරන තලයේ හාදයෙකි  



දැන් කණ්ඩායමට දෙදෙනෙක් හරිය තුන්වැන්න යෝජනා වෙන්නේ නලින් ගෙන්ය ඒ තමන්ට තරමක් දුරින් නෑ සබදකමක්ද ඇති මේ කණ්ඩායමේ සිටි අපුරුම චරිතයක්වන කෙන්ජිය.

කෙන්ජිගේ වත 

මේ කණ්ඩායමේ සිටි වයසින් වැඩිම තැනැත්තා මොහුය. නමුත් පෙනුමට නලින්ගේත් බාල සහෝදරයෙක් වගෙය. එම කඩවසම් පෙනුම නිසාම මොහුගේ විවාහ ජීවිතය ගැන මම විස්තර නොකරන අතර පාඨක ඔබට කැමැත්තක් සිතාගත හැකිය. ගමේ ඕනෑම වැඩකදී බර කරට ගන්නා  මොහු , වැඩක් කරව ගන්න ගියාමනම් වැඩිපුර වචන වලට වඩා අතපය පාවිච්චි කරන්නෙකි..  ගමේදී අතපය පාවිච්චිය වැඩි නිසා හැමෝගෙම උපදෙස් පිට, රට යාමට උනන්දුවෙන් සිටි මොහුද වගුවේ රෝස පාට කොටුවෙන් දැන් රතුපාටට මාරු උනාය.

දැනට තුන් දෙනෙක් හරිය......  ඉතිරි තුන්දෙනා එකපාරටම හොයාගන්න අමාරුලු .......  

සතියක්වත් යයි වගේලු.......

හොයාගත්තු ගමන් ඊලග පොස්ටුවෙන් විස්තර සමග එමි .....













Monday 2 September 2013

කවුද වැරදි ???? 2

කලින් පොස්ටුවට පසු වදනක් 

          මුලින්ම පාර්ට් 1 බලපු නැති අය ඉන්නවනම් මෙන්න මෙතනට කොටලා  ඒක බලලා එන්න නැත්නම් මේ කියන දේ සම්පුර්ණයෙන්ම අන්ඩර දෙමල වගේ වෙයි

       ඔය මාරයා ගිය විදේස රැකියා ඒජන්සිය වගේ ඒවා ලංකාවේ හැම නගරෙකම වගේ තියෙනවා. ඒවායෙන් ඇත්තටම ගොඩක් ඒජන්සි ලග අර අබ්දුල්ලා වගේ කට්ටිය වට වෙලා ඉන්නේ එම ඒජන්සියේම උදව් හා අනුග්‍රහය ඇතුවමයි. මම මේක කියන්නේ බොහොම වගකීමෙන්. එම ඒජන්සිවල  රැකියා සොයා එන තරුණයන්ව ඉන්ටර්වීව් කරන්නත් අර වගේ කට්ට කපටි සුල්තාන් වගේ පොරවල් වෙනමම තියන් ඉන්නවා.....

     ඔය සුල්තාන් වගේ පොරවල් වචනයෙන් දෙකෙන්ම දැනගන්නවා මේ ඇවිල්ල ඉන්න අයට රට ගාය තියෙන ප්‍රමාණය මම ඒ ගැන වගුවක් හැදුව ඔය පහල තියෙන්නේ ඒක 
        මේ වගුවේ කොලපාට තීරුවෙන් පෙන්වන්නේ සාමාන්‍යයෙන් රට යන්න ඒජන්සිවලට එන අයගෙන්  50%කට රට ගාය තියෙන්නේ 25% ක් විතර තමයි.
        ඊළගට නිල් පාට තීරුවෙන් එන අයගෙන් සියයට 25කට මේ අමාරුව සියයට 50ක් විතර තියෙනවා.
       රෝසපාට තීරුවෙන් සියයට 15කට මේ අමාරුව සියයට 75ක් තියෙනවා.
      අවසානයට එන සියයට 10ට ඔය අමාරුව සියයට 100ක්ම තියෙනවා ඔතන ඉන්න අය රට යවනවා කිව්වම අනික් ඔක්කොම අමතක කරන තත්වයේ තමයි ඉන්නේ. මේ රතුපාට තීරුවේ ඉන්න අයව සුල්තාන්ලා වගේ අය පට ගාලා හදුනා ගන්නවා . ඉටපස්සේ ඉන්ටර්වීව් ඉවර වෙලා මෙයාල එලියට එනකොට අර අබ්දුල්ලා වගේ අයට ඒ විස්තරය ඇවිල්ලත් ඉවරයි 
       අපේ මේ මාරයා ළමයට දෙවියෝ දීපු අවස්ථාවක් වගේ මේක පෙනුනට මේක සම්පුර්ණයෙන්ම ප්ලැනකට අටවපු උගුලක්. එහෙම තමයි මාරයා අබ්දුල්ගේ කතාවට අහුවෙන්නේ. ඔය අබ්දුල් ගත්ත  කොටසක් සුල්තාන් ඇතුළු ඒජන්සියේ කීපදෙනෙකුටත් බෙදිලා යනවා. ඉතින් හිතල බලන්න සතියකට මේ වගේ එක ගොන් නම්බෙක්ව අල්ල ගත්තාම කට්ටියට හොදටම ඇති.

හරි එහෙනම් දැන් යමු අද කතාවේ ඉතුරු ටිකට .

   ඉතින් ඔන්න කිව්ව විදියට මාරයා  තව සල්ලි ලක්ෂයක් විතරත් ලැහැස්ති කොරගෙන ආවා කියන්නකෝ සිංගප්පුරුවට...... ඇවිල්ලා අබ්දුල්ගෙන් ලැබුන උපදෙස් අනුව සල්ලි ටික ඔක්කොම සිං ඩොලර් වලට මාරු කරත්  ගත්තා ස්ටර්ලයින් සිම් එකක්..... පලවෙනි කෝල් එක උපදෙස් පරිදි අබ්දුල්ලාගේ මහලොකු කසුන් මහත්තයට (හිකිස්.....)

මාරයා:හලෝ කසුන් මහත්තයද මම මේ මාරයා දැන් තමයි මෙහෙ එයාර්පෝර්ට් එකට ආවේ ..... අර අබ්දුල් අයියා තමයි මෙහෙට අපු ගමන් ඔයාට කතා කරන්න කිව්වේ (මාරයා එක හුස්මට කියාන යනවා දැන්)

කසුන්:ආ..... ආ ...... හරි හරි ඔයාට පුලුවන්ද මම කියන තැනට එන්න....  සල්ලි ටක මාරු කර ගත්තානේ සිං ඩොලර් වලට?

මා:සල්ලිනම් මාරු කර ගත්තා මහත්තයා...... මම කොහොමද ඔයා ඉන්න තැන හොයා ගන්නේ?... ඇත්තම කියනවනම් මට තාම එයාර්පෝට් එකෙන් එලියට යන තැනත් හොයා ගන්න බැරුව ඉන්නේ...

ක:ආ සල්ලි මාරු කරාද?...... අද කොහොමද ඩොලර් රේට් එක ?

මා:ඔව් අබ්දුල් අයිය කිව්වනේ සල්ලි ටික එයාර්පෝර්ට් එකෙන්ම මාරු කරගන්න කියලා .... ඒ නිසා මෙතනම කරගත්ත us ඩොලර් එකකට sin ඩොලර් 1.20යි 

ක:ආ....... රේට් එක පොඩ්ඩක් අඩු වෙලා වගේනේ...... ඔය කීයක්ද මාරු කරේ 

මා:මම US 500ක් මාරු කරේ සිං ඩොලර් 600ක් හම්බ උනා  

ක:ආ.... එහෙමද එක තමයි ගාන අඩු ඇයි 500ද ගෙනාවේ 1000ක් විතර මාරු කරානම් 1.25 ගානේ ගන්න තිබ්බා...... 

මා:තව US 450ක් විතර තියෙනවා එක පස්සේ එළියෙන් මාරු කරන්න කියල හිතුවේ....... 

ක:හරි හරි කමක් නැ දැන් ඔයා ඔතනින් ටැක්සියක නැගලා ලිට්ටල් ඉන්දියාවල මුස්තාපා ෂොපින් මෝල් එක ලගට එන්න. ඩොලර් 15ක් විතර යයි විනාඩි 20න් එනවා. මම එතනට එන්නම් ඔයාව ගන්න ......

       තවත් රට අංකුරෙක් වුන මේ කසුනා මාරයා ලග තිබ්බ සල්ලි ගාණ දැන ගත්තේ එහෙමයි..... දැන් ඉතින් ඔය සල්ලි තියෙනකන් මාරයාට සැලකිලි..... බලමුකෝ ඊළගට මොකද වෙන්නේ කියලා තැනට ආවම


ක:හලෝ ඔයාද මාරයා????? ........ (මුස්තාපා එක ලග හිටපු මාරයා ලගට ආපු පොඩි ගැටයෙක් මාරයාගෙන් සිංහලෙන් අහයි)

මා:ඔව් ඔයා  කව්ද ??? කසුන් මහත්තයාද එව්වේ ??

ක:මම තමයි කසුන් ඔයා මට තමයි දැන් කෝල් කරේ......

    යකෝ මුට කොහොමද මහත්තයා කියල කතා කරන්නේ  ත්‍රී ක්වාටර්  එකකුත් දාගෙන, ස්කිනියක් උඩට ඇදල, එක කනක පත කරාබුවකුත් දා ගෙන, කොන්ඩේ දෙපැත්ත කපලා මැද ටික උඩට ඇවිත් හරියට අලුතෙන් හදපු හයිවේ එකක් වගේ...... කොහොම උනත් මාරයා ආයෙත් කතාව පටන් ගනී 

මා:ඇත්තද???? අබ්දුල් අයියා කියපු විදියට මම හිතුවේ අව්රුදු 40ක් විතර කෙනෙක් වෙන්න ඇති කියලා..... බැලුවමනම් ඔයා  මටත් වැඩිය පොඩියි වගේ .......

ක:අයියෝ අබ්දුලා කිව්වේ නැද්ද මම ගැන.... කමක් නෑ .... දැන් යමු ඔයාගේ බෝඩිමට රැ නිදිමරලා  දැන් නිදිමතත් ඇතිනේ .... ඉස්සෙල්ලම මොනවා හරි කාලා ඉමු.....

   මාරයාව අසල ඉන්දියන් කඩයකට ගෙනියන කසුන් පාරාට 2ක් සමග කට්ට කළු බල්ලෙකුටවත් බොන්න බැරි (ඒ මට හිතෙන හැටි හොදේ ) කොපි ජෝග්ගුවක් අරන් දෙයි ..... මාරයා වෙනුවෙන් කසුන් කරන පළවෙනි හා එකම වියදම එය වේ. කෑමෙන් පසු පරණ තාලේ දෙමහල් නිවාස සංකීරණයක උඩ තට්ටුවේ කාමරයකට යන මේ ඩබල ආයෙත් කතාවට සැට් වෙයි 

ක:මේක තමයි ටික දවසක් යනකම් ඔයාගේ කාමරේ ඔයාට ඉංග්‍රීසි කතා කරන්න පුලුවන්ද ?

සුල්තාන් සමග ඉංග්‍රීසි කතාව මාරයාට මතක් වේ තමා හොදට ඉංග්‍රීසි කතා කරත් අනික් අයට එය තේරුම් නොයන බව මතක් වෙන මාරයා මෙසේ පිළිතුරු දෙයි 

මා:මට ටිකක් පුළුවන් කතා කරන්න තමයි අමාරු ....

ක:ආ .... එක හොදයි එහෙනම් ඔයාට පාඩුවේ ඉන්න පුළුවන් මොකද මේ කාමරේ ඔයාට පේනවනේ ඩබල් ඇදන් 3යි. මේ ඇදන් 2කේ ඉන්නේ ඉන්දියන් එවුන් 4 දෙනෙක් ... මෙන්න මේ 3 වෙනි එකේ උඩ ඔයාට, යට ඉන්නේ පකිස්ථාන් පොරක්, ඔක්කොම ස්ටුඩන්ට් ලා.... උන් එක්ක වැඩි බජනෙට යන්න එපා......(මුගේ හොර අහු වෙයි කියල බයට)  මම එහෙනම් ටිකක් හවස් වෙලා එන්නම් ඔයා හොද නින්දක් දාන්න බඩගින්නක් එහෙම ආවොත් පහල කඩෙන් කන්න 

   උපදෙස් නිකුත් කල කසුන් පිටවේ..... හවස 5ට පමණ නැවත පැමිණේ දඩයම ඇරබේ  

ක:හරි තාම කෑවේ නැනේද යමු ගිහින් කන ගමන්ම කතා කරමු. තියෙන සල්ලි ටිකයි passport එකයි අරන් බැග් එක ලෝක් කරලා එන්න...
(නැවත කතාව ඉන්දියන් රෙස්ටෝරන්ට් එකේ තොසේ කන ගමන්)
දැන් ඔය ඉන්න තැන තමයි මාසයක් විතර යනකම් ඔයාට ඉන්න වෙන්නේ එකට මාසෙකට ඩොලර් 500ක් විතර ගෙවන්න වෙනවා මම කතා කරලා 400කට සැට් කර ගත්තා... තව ඔයාගේ ටිකට් එකේ අපහු යන දවසක් දාලා ඇති බලන්න ඒ කවදද කියලා 

බස් ටිකට් කොච්චි ටිකට් ගැන දන්නවා උනාට එයාර් ටිකට් ගැන නොදන්නා මාරයා ටිකට්ටුව කසුන් අතටම දෙයි.....

අපේ මේ අබ්දුල් අයියා මේක දවස් 7කින් අපහු යන්න නේ දාලා තියෙන්නේ මේකත් මේ මාසේ අන්තිම වෙනකම් දික් කරන්න ඕනා බලන්න ඔයාට විසා එක තියෙනවා දවස් 30ක්ම  ඒ උනාට ටිකට් එක දවස් 7යි පොලිසියෙන් චෙක් කරද්දී මේක දැක්කොත් ඇති ඔක්කොම කෙළ වෙන්න ...... ම් .... ම් .... ටිකට් එක එක්ස්ටෙන්ට් කරන්නත් ඩොලර් 100ක් වත් යයි  

මා:එතකොට ඔක්කොම කීයද මහත්තයා? සල්ලි දැන්ම ඕනද? මොකද කරන්නේ? 

ක:බෝඩිමේ සල්ලිනම් දැන් ඕනෑමයි .... මොකද සමාන්‍යයේන් නම් වෙන අයගෙන් නම් ඇතුලට ගන්නෙම සල්ලි අරන් ඔය මගේ ෆිට් එකට තමයි මුකුත් අහන්නේ බලන්නේ නැතුව ඇතුලට ගත්තේ ... ටිකට් එකේ සල්ලි හෙට දුන්නත් ඇති... ප්‍රශ්නේ තියෙන්නේ එත කොට අයෙත් මට එන්න වෙනවා  

මා:මගේ අතේ සිං ඩොලර් තියෙන්නේ දැන් 450යි.... US  තියෙනවා තව 450ක් 

ක:මෙතන එහා පැත්තේ මුස්තාපා එකෙන් මාරු කරගත්තැකි ගිහිල්ල ඒ වැඩෙත් ඉවර කරන් යමු ඔයාට සල්ලි ඔච්චරද තියෙන්නේ..... මදි නේ... දැන් ඔයා ගේ ජොබ් එකට යන්න පටන් ගන්න කොට ජෝබ් මනි දෙන්නත් වෙයි ගානක්.... පඩි හම්බ වෙනකම් කන්න බොන්නත් ඕනා තව කියක් හරි ලංකාවෙන් ගෙන්න ගන්න බලන්න තව සතියක් දෙකක් යන කොට...... 

හෑ තව සල්ලි මේ මොකද්ද මේ ..............

ඩොලර් 500ත් සමග පිටව යන කසුන් නැවත පැමිණෙන්නේ දින 5කට පමණ පසුය .... ඒ අතර තුර දුරකතනයෙන් මාරයාව මෙහෙයවන ඔහු ලිටිල් ඉන්දියා වල හැම අස්සක් මුල්ලකම ඔහුව ඇවිද්දවන්නේ ඔහු වැටීගෙන යන අමාරුව ඔහුටම අමතක වෙන අයුරිනි.....

ක: කොහොමද මේ දවස් ටිකේ හොදට ඇවිද්ද නේද? දැන් තැනක වැඩට දැන්මොත් තනියම බෝඩිමට එන හැටි දන්නවනේ 

මා:අපොයි ඔව් දැන්නම් මට මේ පැත්ත අපේ ගම වගේ.... දැන් මට ජොබ් එකට යන්න වෙන්නේ කවද ඉදන් විතරද අනේ 

ක:එකටත් එක්ක තමයි මම මේ ආවේ .... ඔයාට ජොබ් එක සෙට් කරලා දෙන්නේ මෙහෙ ඉන්දියන් එකෙක් ඌ ඔයාට ජොබ් එක සෙට් කරනවට ඩොලර් 500ක් ඉල්ලනවනේ 

මා:අයියෝ මගේ සන්තකේටම තියෙන්නේ තව 300ක් විතරනේ මොකද කරන්නේ  

ක:ඇයි අම්ම රට කිව්වා නේද ඉන්නේ??  කියල ගෙන්න ගන්නකො හැට හැත්ත දාහක් 

මා:එනකොට ගෙනාපු ලක්ෂයත් අම්මට කියල තමයි ගෙන්න ගත්තේ ආයි කොහොමද අහන්නේ ?????

ක:කොහොම හරි හොයා ගන්න වෙනවා නැත්නම් ජොබට යන එක තමයි පරක්කුවෙන්නේ...... ඒ කියන්නේ වීසා එකත් පරක්කු වෙනවා ..... දැනටමත් සතියක් ඉවරයි නේ....... මම ආයි දවසකින් දෙකකින් එන්නම් ඔයා මොකක් හරි විදියක් බලලා තියා ගන්නකො......  

  මාරයා නැවතත් අන්තර්ජාතික දුරකථන ඇමතුම් කීපයක් ගෙන දින හතර පහකට පමණ පසු රුපියල් 60,000ක් පමණ සිං වලට ගෙන්න ගැනීමට සැරසෙයි. එත් එය සිං වලට ගෙන්න ගැනීම සදහාද උදව් වෙන්නේ කසුන්මය ඒ ඔහු සතු ඉතිරි කිරීමේ ගිණුමට මුදල් ලංකාවෙන් තැම්පත් කරවා ඔහුලග ඇති ටෙලර් කාඩ් එක මගින්සිං වලින් එම මුදල් ආපසු සිං ඩොලර් ලෙස ලබා ගනිමිනි..... එහිදීද ඩොලර් 50ක් විතර යටිමඩි ගසා ගනිමින් ජොබට කියා වෙනම 500කුත් ගෙන ඉතිරි මුදල වන ඩොලර් තව 100ක් විතර මාරයාට ලබාදී .... නැවතත් වාෂ්ප වේ 

     දැන් මාරයා සිං වලට පැමිණ සති 3ක් අවසානය නටපු තොවිලෙකුත් නැත බෙරේ පලුවකුත් නැත ...... මේවන විට දුරකතනයෙන් පමණක් පිළිතුරු දෙන කසුන්ව අහම්බෙන් මෙන් මාරයාට පාරේදී හමුවෙයි 

මා:අයියෝ කසුන් දැන් මේ මොකද වෙන්නේ.... (දැනට මහත්තය කැල්ල හැලි ඇත) විසා එක තියෙන්නෙත් තව දවස් 6කට විතරයි තාම ජොබ් එකත් නැ .... බෝඩිමේ ඉන්න පුළුවනුත් තව සතියයි අතේ සල්ලිත් ටිකයි තියෙන්නේ ...... කවදද මට වැඩට යන්න වෙන්නේ 

ක:ඒකනේ ඔයාලා වෙලාවට සල්ලි දෙන්නේ නෑ දැන් ඔක්කොම කරදර මගේ ඔලුවට.... අර ඉන්දියන්කාරයා  ඔයා  සල්ලි දෙන්න පරක්කු උන නිසා ඒකට වෙන එකෙක් දාලා ...... දැන් ටිකක් ඉන්න වෙනවා ආයෙත් වෙකන්සියක් එනකම් 

මා:ඒ කියන්නේ මේ දවස් හය ඇතුලත වැඩේ සෙට් වෙයිද 

ක:අයියෝ බය වෙන්න එපා එහෙම උනොත් මම තව මාසයකට ඔයාට විසා දික් කරලා දෙන්නම් මගේ ගානේ.......

මා:එත් එතකොට අනෙක් වියදම් ????

ක:ඕකනේ වැඩේ අමාරුම වැඩේ මම කරලා දෙනවනේ අනික් ඒවා ඔය බලා ගන්න......

කිව්ව විදියට දින කීපයකින් පැමිණෙන කසුන් මාරයාගේ පාස්පෝර්ට් එක රැගෙන ගොස් පැය කීපයකට පසු එය ආපසු දෙන්නේ තවත් මාසයකට දික් කරන ලද විසා එකත් සමගය.... එය දුටු අපේ මාරයා ළමයට උන්හිටි තැන අමතක වී කසුන් ගැන මාරම භක්තියක් හට ගනී....... නමුත් ඒ සුළු වෙලාවකට පමණි 

    බෝඩිමට පැමිණෙන මාරයා තම කාමර සගයන් සමග දැන් දැන් කැඩිච්ච ඉංගිරිසියෙන් කතාව දමයි...... එහිදී එක් කාමර සගයෙක් ඔහුගෙන් විස්තර විමසයි (එහි සිංහල පරිවර්තනය පහත පරිදිය )   

සගයා 1: දැන් ඔයාගේ විසා එක ඉවර වෙන්න ලගයි නේද? දැන්ම ආපහු යන්නේ නැද්ද 

මා:බලන්නකෝ කසුන් අද මට එයා  ගානෙම විසා  එක තව මාසෙකට දික් කරලා ගෙනාවනේ...... දැන් මට තව මාසයක් බය නැතුව හිටියැකි 

සගයෝ ටික මහා හයියෙන් හිනා වේ  ඉන්පසු පට්ටන්දරය දිග හැරේ 

සගයා 1:ඔය විසා  එක මාසයකට දික් කරන්නේ online එකට කොහොමත් සල්ලි ගෙවන්න ඕන නෑ ..... ඔය කසුන්ගේ ජොබ් එක ඕක තමයි කට්ටියට එක එක බොරු කියලා සල්ලි කඩා  ගන්න එක..... දැන් ඔයාගෙන් මේ කාමරේ ඉන්නවට කියක් ගත්තද මාසෙට 

මා:500ක් වත් ගන්න ඕන කියලා 400යි ගත්තේ 

සගයා 2: එකනේ එතනත් ගහල මේ මුළු කමරෙටම ගෙවන්න ඕන 500යි. අපි එක්කෙනෙක් එයාට 150 ගානේ ගෙවනවා මොකද එයා තමයි තව මෙහෙ ඉන්න මැර කට්ටියක් එක්ක එකතු වෙලා මේ සම්පුර්ණ  ගේම රෙන්ට් එකට අරන් තියෙන්නේ එතකොට අපි ඔක්කොගෙන්ම 250ක් ලාබයි ඔයාගෙන් විතරක් තව 250ක් 

ඔන්න දැන්නම් මාරයාට උතුර දකුණ මාරු වෙන්න පටන් ගනී .....

සගයා 3: තව මොනවටද ඔයාගෙන් සල්ලි ගත්තේ ??

මා:ටිකට් එක දික්කරන්න කියල 100යි ජොබ් එකක් අරන් දෙන්න කියල 500යි 

සගයා 2:ටිකට් එක දික් කරේ මාසේකටද ???? එහෙනම් එකත් නිකන් කරන වැඩේට තමයි ඔය සල්ලි අරන් තියෙන්නේ..... ජොබ් එකට දීපු සල්ලිනම් කෝවිලේ කැටේට දැන්ම කියල හිතාගෙන ටිකට් එකේ දින තියෙනවනම් පුළුවන් තරම් ඉක්මනට ආපහු ලංකාවට යන්න .... නැත්නම් මෙහෙ එහෙම ජොබ් හොයන්නවත් වීසා හදන්නවත් බෑ අපිත් ඉගෙන ගන්න ගමන් ජොබ් කරන්නෙත් හොරෙන් හොරෙන් ඔය කසුන ඉන්නෙත් ස්ටුඩන්ට් වීසා එකකින් එක අලුත් කරන්නේ ඔය විදියට එක එකාගෙන් කඩා ගන්න සල්ලි වලින්.......

    හෆොයි වෙච්ච දෙයක් සියල්ල දැන ගන්න විට කෙල වෙලා හමාරය මාරයා එතන සිටි කෙනෙක් සමගම ගුවන් සමාගමට ගොස් දින 2කින් යන ගුවන් යානයකට අසුන වෙන්කර ගන්නේ තව අතේ ඇති සොච්චමෙන් ඩොලර් 80ක් ගෙවාය 

    ඒ අතර තුරදී කසුන්ව දුරකතනයෙන අමතා සුද්ද සිංහල දෙසා බැවත් වෙන කරන්න දෙයක් නැති නිසා පසුවදා උදේ ගුවන් ගතවී නැවත ලංකාවට ඒම සදහා තමාගේ ඇදුම් බෑගයද ගෙන ලිටල් ඉන්දීයා  MRT ස්ටේෂන් එකට එහා එක වූ ෆෙර පාර්ක් ස්ටේසමේ රැ  ගතකරන්න මාරයා පැමිණේ මන්ද ඒ වන විටද බෝඩිමේ කාලය අවසන් වී ඇති බැවින් කසුන්ගේ මැර සෙට් එකක් පැමිණ බලහත් කාරයෙන්ම කොල්ලව හවස එලියට දැමීම නිසාය.

 මෙසේ ෆෙර පාර්ක් ස්ටේසමේ පුන්නක්කු නැති වෙච්ච් ගොනා වගේ මුනකුත් දා ගෙන පහුවද උදේම අපහු ලංකාවට යන්න බලන හිටපු මාරයා ලගට මෙන්න බොලේ පොරක් ඇවිත් අහනවා අමු සිංහලෙන් 

                       "මල්ලි ලංකාවේද කියලා "

   කව්ද යකෝ මේ පැස්බරා.... ජැන්ඩියට ඇදලා, සන්ග්ලාස් එකකුත් එහෙම දා ගෙන, අවූරුදු 40ක විතර, බැලුබැල්මට ලක්ෂරි පොරක් .......

  • ඩ්‍රකීයද ?????  
  • හෙන්රියද  ?????
  • කෙන්ජියද  ?????
  • සුදිකයද  ?????
  • නලියද ???????
  • නැත්නම් අලුතෙන් මුණක් දාගත්තු DDTයද ?????

     පොස්ටුවෙන්