මම S. L. මැලේ රාළ

මම ලංකාවේ පොරක් මැලේසියාවේ ජොබක් කරන.... මට මේක ලියන්න හිතුනේ අනික් බ්ලොග් කියවල ඒවා දැක්කම මෙහෙවෙන දේවල් අනික් කට්ටියටත් දැන කියාගන්න කියල තමයි .

අවූරුදු ගානක් තිස්සේ මෙහෙ ඉදන් අහපු දැකපු, සිද්ද උන හා දැනටත් සිද්දවෙමින් පවතින දේවල් තමයි මම ඔයාලට කියන්න යන්නේ ඕන්.....

Friday 28 June 2013

මැලේසියන් දෙමළ ජාතික තමිල් චෙල්වම් පාර්ට් 2

සරා සහ චෙල්වම් පාර්ට් 2


    මේපාර කොමෙන්ටු ටිකයි!!!!!!!!!!!! ඒ උනාට බලපු කස්ටියගේනම් අඩුවක් නැ........ බ්ලෝග පටන් අරන් දවස් 10න් බලපු කස්ටිය 1000ත් පැන්නා...... ඒ ගැන මට සතුටුයි ...... ඉස්සර මේ බ්ලෝග පටන් ගන්න කලින් මමත් බ්ලොග් කියෙව්වට කොමෙන්ට් දාන්නේ හරි කලාතුරකින් ...... දැනුයි තේරෙන්නේ ලියන එවුන්ට කොමෙන්ටුවක් දැක්කම තමන්ගේ පොස්ට් එකකට දාලා තියෙන මොන සොමියක්ද දැනෙන්නේ කියලා (ඒ කොමෙන්ටු අඩු එක ගැන මම හිත හදාගත්තු විදිය ..... දැන් කතාව)

මුලින්ම පාර්ට් 1 බලපු නැති අය මෙතනට කොටලා එක බලලා එන්න 

 දැන් මේ කස්ටිය දැහැමෙන් සෙමෙන් කරගෙන යන ව්‍යාපාරේට අවුරුදු එකහමාරකට වැඩි. මේ ව්‍යාපාරේ පටන් ගන්න කලින් සරත් හොරට කොම්පැනි ඇරලා ඒවායේ නමට වීසා අරගත්තු අයගේ දැන් අවුරුදු 2ක සම්පුර්ණ වේගෙන එන්නේ අපරාදේ කියන්න බෑ මෙච්චර කල් සරත් උන්නද මලාද කියලා වත් බැලුවේ නැති කට්ටිය ඔන්න එනවා සාරාව හොයාගෙන ...... මේ එහෙම ආපු එකෙක් නම සුමිත් .....

සුමිත්: ආ ... සරත් අයියා කොමද ඉතින් අපිව දැන් පේන්නෙත් නැනේ......
සරත්: අනේ පලයන් ප#$ යන්න තෝ තමයි අපිව දැක්කම අදුරන් නැ වගේ ගියේ ....... තෝ මේ ලංකාවේ බේකරියක පන් පුච්චපු එකා මෙහෙ අපි production manager කියලා වීසා එක ගහලා දුන්නම ගිය උඩක්.....
සු: අනේ නැ සරත් අයියා මොන උඩක්ද? වීසා එකේ මොකක් තිබුනත් මම මෙහෙත් කරන්නේ හෝටල් කුස්සියක වැඩ කරන එකම තමයි 
ස: නැතුව ඉතින් උබට මැනේජර් කම් දෙන්න උබ ඉස්කෝලේ අටවත් පාස් කරලා තියෙන එකක්දැයි ...... ඉතින් කියපන්කො තෝ මොකද මාව මෙච්චර කාලෙකට පස්සේ හොයාන අවේ ඇයි කියලා...... මගේ සැප දුක හොයලා බලන්න වෙන්න බැනේ.......
සු: මේකනේ සරත් අයියා තව මස 2කින් මගේ වීසා එක ඉවර වෙනවා එක අලුත් කර ගන්න විදියක් බලන්න කියලා ආවේ..........
ස: ආ ඔය පැන්නේ බළලා මල්ලෙන් එලියට ....... හරි ... හරි ...... මොනවා උනත් උබලා මාව අමතක කරලා වගේ හිටියට මම එහෙම නෑ...... අපි උබලට කරන්න පුළුවන් ඕන උදව්වක් කරනවා ....... ඒ වෙන මොකක්වත් නිසා නෙවි ලංකාවේ කම නිසා අන්න එක මතක තියා ගනින් .......
සු: අපි නොදන්නවයි සරත් අයියා ගැන ඉතින්..... කියන්නකෝ වැඩේ කෙරෙන්නේ කොහොමද කියලා
ස: ගියපාර මම ඔය වීසා එක හදන්න උබෙන් කියක් ගත්තද?
සු: 9000යි නේ 
ස : අපෝ රිනිවල් එකට එච්චර යන්නෑ 5000කට කරලා දෙන්නම් 
සු: අලුත් කරන්නත් එච්චර යනවද? හදද්දී කිව්වේ අලුත් කරන්න යන්නේ 3000යි කියලනේ ....
ස: ආ........ මම එහෙම කිව්වද මට මතක නැනේ ........ (මුගේ ගමත් කොලොන්නාවේද කොහෙද) ඒ දවස් වල අලුත් කරන්න ගියේ කොහොමත් ඔය වගේ ගානක් තමයි එත් දැන් මෙහෙ ටැක්ස් වැඩි කරලා බන් තියෙන්නේ......  කමක් නැ කමක් නැ 4500ක් දීපන්කො මම මගේ කොමිස් එක අතැරලා උබට යන වියදම විතරක් අරන් වැඩේ කරලා දෙන්න (ඇත්තටම මෙම වීසා එකක් renew කරන්න යන්නේ 1000කටත් අඩු ගානකි)
සු: අප්පා එච්චර යනවද? ..... ඒ ඇරෙන්න කොච්චර කාලයක් යයිද වැඩේට ......
ස : කොහොමත් ඩොකියුමන්ට් ටික හදලා, සබ්මිට් කරලා, ඇප්පුරුවල් එක ගන්න කොට කොල්ලෝ මාස 2ක යයි .... ඒ නිසා අද හෙටම ඇඩ්වාන්ස් 3000ක් විතර එක්ක පොතේ කොපියයි වීසා එකේ කොපියයි ගෙනත් දීපන් මට, බැලන්ස් වැඩේ ඉවර උනාට පස්සේ
සු: සරත් අයියා දැනට මම 2000ක් එක්ක කොපි ටික දෙන්නම් මේ මාසේ අන්තිමට පඩි ගත්තම 1000 දෙන්න ඔයා වැඩේ පටන් ගන්නවද ?????
ස: ඕකනේ බන් වීසා එක හදලා දීපු දවසේ ඉදන් දන්නවා එක ඉවර වෙන දවස ..... අලුත් කරන්න සල්ලි හොයන්නේ එක ඉවර වෙනකම්ම ඉදලා.....හරි හරි එහෙනම් 2000 හෙටම ගෙනත් දීලා ...1000 ලබන මාසේ ගෙනත් දීපන්කො, හැබැයි වරද්දන්න එපා එහෙම උනොත් වැඩේ පරක්කු වෙයි ......

    ඔය විදියට සරත් විසි තිස් දෙනකුගෙන් විතර මාස 2ක 3ක් ඇතුලත් 2000 සිට 5000 දක්වා මුදල් අරගෙන තිබ්බා. හැබැයි කාගෙවත් වීසා renew කරේනම් නෑ. ඇත්තටම කියනවනම් ඒවා renew කරන්න බෑ. හේතුව ඔය කොම්පැනි ආරම්භ කරාට. කවදාවත් ඒ කොම්පැනි නමින් බිස්නස් එකක් වෙලා තිබුනේ නෑ අඩුම ගානේ බැංකු ගිණුමක් වත් නෑ.
   මාස 2ක 3ක කාලයකදී සරත් එකතු කරගත්ත මේ මුදලත් එක්ක (රුපියල් වලින්නම් ලක්ෂ 50ක් විතර) එක දවසක් උදේ සරත් අතුරුදහන්!!!! මැලේසියාවෙන් මාරු වෙලා !!!!!


        දැන් ඔන්න සරාට කියලා වීසා හදාගන්න ගිය කට්ටිය රෙන්න පුකේ ගුත් නැතුව තක්කු මුක්කු වෙලා ඉන්නවා ....... මෙතන ප්‍රදාන වසයෙන් කට්ටි 2කයි 1ක කට්ටියක් තමයි දැනටමත් විසා expire උන කට්ටිය අනික් කට්ටිය තව ටික කාලයකට බඩු (වීසා වලට මෙහෙ ප්‍රසිද්දියේ කියන නම)  තියෙනවා එත් ඉදිරියෙදී කෙල වෙන්න ඉන්න කට්ටිය. කොහොම හරි දෙගොල්ලොම අම්මාමෝ නැතුව සරාට බනින ගමන් කතාවෙන්නේ තමන්ගේ වීසා එක හදාගන්න එකට වඩා කොහොමද සරාට කෙළවන්නේ කියලා තමයි. අන්තිමට මේ සරා නිසා කෙල වුවන්ගේ සංගමය තීරණ 2ක් ගත්තා. එක තමයි තම තමන්ගේ ලංකාවේ එන්න කට්ටියට කියල මේ හොරකම ගැන සරාට විරුද්දව පැමිණිලි කිරීම දෙවන තීරණය තමයි දැනටත් වලංගු විසා තියෙන අය සරත්ට විරුද්දව මෙහෙ පැමිණිලි කිරීම. ඒ තීන්දුව නිසා තමයි අපේ කතා නායක ගැන අපිට මේ විදියට කතා කරන්න වුනේ
       මෙහෙත් පොලොසියනම් අපරාදේ කියන්න බෑ ලංකාවටම දෙවෙනි නැහැ සතපහකට වැඩක් නෑ. විසි තිස් දෙනෙක් විතර එකම කතන්දරයක් කියල පැමිණිලි දාන කොට පොලොසියෙන් පරීක්ෂණයක් කරලා හොයා ගත්තා චේල්ලා තමයි මේ කොම්පැණි ලියාපදිංචි කරන්න උදව් වෙලා තියෙන්නේ කියලා ඒ අනුව ඔන්න පොරගේ වැඩ තහනම් කොරපි!!!!!!!!!!!! ඒ මදිවට පොලිස් අත්අඩංගුවටත් ගත්තයි කියන්නකෝ.....


         හැබැයි ඉතින් මෙහෙ නීතියට හා ඒවා ක්‍රියාත්මක කරන කට්ටියට පින්සිද්ද වෙන්න දවසක් දෙකක් යන්නත් කලින් කොල්ලා එළියේ .... ඊටත් වඩා ඊට පස්සේ ඒ කෙස් එකට මොකද්ද උනේ කියලා දන්නේ මැලේසියාවට අදිපති ඔය මුස්ලිම් (හලාල්) දෙවියොම තමයි ...... ඔන්න දැන් තමයි අපේ චෙල්වම් කොල්ලගේ කතාව හරියටම පටන් ගන්නේ......

   රස්සාවත් නැතිකරගෙන පොලොසිත් ගිය චේල්ලා ඊළගට කරේ පහුගිය කාලේ දුක් මහන්සියෙන් හම්බ කරගත්ත සල්ලි වලින් ගත්තා ඇත පළාතකින් ඉඩමක් පාම් වවන්න කියලා........ ඊට පස්සේ KL වලට ආව චේල්ලා අල්ලගත්තා තවත් ලංකාවේම පොරක් මිනිහා නිශාන්ත ..... මේ නිශාන්ත ලංකාවේ ගරාජ් එකක ගෝලයෙක්, මෙහෙට ඇවිත් තියෙන්නේ 1998 එතකොට එයාට වයස 24ක් විතර. 2007 වෙනකොට මෙයා මැලේසියාවේ ටින්කර් බාස් කෙනක්. සිංහල ඇරුනම තව බාසා 3ක් කතා කරනවා මැලේ, දෙමළ, ඉංග්‍රීසි, ඉන්නේ මෙහෙ ස්ලයන් කියන විසා නැති අය වැඩිපුරම ඉන්න පළාතක..... ඔය ඔක්කොම සුදුසුකම් නිසා තමයි චේල්ලා මේ නිශාන්තවම හම්බ උනේ.... මේ දෙන්නාගේ කතාව

චේල්ලා: ඔයා දැන් මේ ජොබ් එකෙන් මාසෙට කියක් හොයනවද
නිශාන්ත: 2000ක්. 2500ක්  විතර තමයි සර්
චේ : මම ඔයාට දෙන්නම් පොඩි චාන්ස් එකක් ජොබ් එක කරන ගමන්ම මාසෙට තව තුන් හාරදාහක්  හොයා ගන්න මොකද කියන්නේ?
නි: අප්පා සර් දෙවියෙක් නෙවි දෙවාලයක්නේ එච්චර හොයන්න පුලුවන්නම් කියන ඕන දෙයක් කරන්නම් මම සර් කියන
චේ: මේක මනුස්සයෝ අනික් මිස්සුන්ට කරන උදව්වක් ...... මම ගත්ත වත්තක් මට පුළුවන් එකේ වැඩ කරනවා කියල උබලගේ මිනිස්සුන්ට Plantation Worker කියන විසා ටිකක් හදලා දෙන්න දැනට ඔය විසා නැතුව ඉන්න අයට කතා කරලා, ඇඩ්වාන්ස් හැටියට 1000ක් එක්ක පාස්පෝට් කොපියයි පොටෝ 2කකුයි අරන් වරෙන්
නි : එතකොට සර් එක විසා එකකට සම්පුර්ණ ගාන කීයද? කාලය කොච්චරක් යනවද?
චේ: ගානනම් ඔක්කොම මට ඕන 2500ක් උබත් 300ක් 400ක් විතර තියාගෙන කියපන්..... එක මාසෙකට 10ක් හොයාගත්තනම් ඇති ඇඩ්වාන්ස් දීලා මාසයක් එකහාමාරක් ඇතුලත වැඩේ ඉවරයි......ඊට පස්සේ බැලන්ස් එක දුන්නම පොත දෙනවා විසා එකත් එක්ක
නි: හරි සර් දෙන්න මට සතියක් පලවෙනි දහදෙනා මම ලැහැස්ති කරන්නම් ....


   මෙලෙස ඒජන්ට් වැඩ පටන් ගත්ත නිශාන්ත ඔන්න දැන් දිගට හරහට plantation විසා හදනවා මිනිස්සුන්ට බැලූ බැල්මට මේක හොද ලස්සන කතාවක් උනාට ඇතුලෙන් මේක වැඩේ යන්නේ මෙන්න මේ විදියට. චෙල්වම් ගන්නේ වවන්න තියා මිනිහෙක්ට යන්නවත් බැරි දුර ඇත පළාත්වල කැලැවල්, වේවා පාම් වතු හැටියට සංවර්දනය කරනවා කියාලා රජයෙන් අනුමත කරගෙන ඒ අති දුෂ්කර වැඩ වලට පිටරට සේවකයින් යොදාගන්නවා කියලා තමයි අපේ කට්ටියට වීසා හදව ගන්නේ මේවගේ හෙක්ටයාර ගානක ඉඩමක් වෙන්නේ මැලේසියන් රිංගිට් 50,000ක් විතර ...ඔය ඉඩමකට අඩුම තරමේ වීසා 250ක් වත් ගන්න පුළුවන් වීසා එකකට රජයට ගෙවන්න ඕනා 300ක් විතර + එක හදන ඉමිග්රේෂන් එකේ අයට පගාව 700ක් 800ක් විතර  2500න් ඉතිරිය චෙල්වම්ට රොඩ්ඩ නිශාන්තට.

    කාලයක් යනකොට මේ නිශාන්ත වගේ චෙල්වම්ට වැඩ කරන රනර්ලා හත් අට දෙනෙක්ම හිටියා. ලංකාවේ වගේම ඉන්දියන් බංග්ලාදේශ් නේපාල් අයත් හිටියා. හැබැයි මෙයාලා අතරින් ලංකාවේ අය චේල්වට විශේෂයි. ඒ අපේ එවුන් තමන්ගේම අයගේ බෙල්ල කපලා හරි චේල්ලට ඕන කරන අනිත් වැඩත් කරන නිසා...... ඒ කිව්වේ සතියකට සැරයක් විතර අලුතෙන් එන ගැණු එහෙම චේල්ලාට ටෙම්පරි පාවිච්චි කරන්න සැපයීම..... තව වෙනම ගැණු 3න හතරක් පර්මනන්ට්ම චෙල්ලට දීම..... වගේ ඒවා ..... මෙයින් එක්කෙන්ක් තමයි අර මැලේසියන් ඇපල් එකේ හිටපු කුමාරි ඇන්ටිත්. මොකද කැලැ ඉඩම් වගේම ඇත්ත පාම් වතු 2ක 3නකුත් පොර අරන් තිබ්බ සල්ලි වැඩි කමට. ඒවායේ ඇපල් කඩන්න තමයි කට්ටිය ආවේ.....

කොහොම හරි දැන් චේල්ලා මෙහෙ කෝටිපතියෙක් දැන් වීසා එකක හදන්නේ 4000කටත් වැඩියෙන් අරන් ..... ඔය විදියට වෙන්න, චේල්ලව අමාරුවේ දාලා රට පැන්න සරත් ගෙන් ආරංචියක් නෑ.... ඒ වෙනුවට කලින් පොස්ට් එකේ කිව්ව වගේ ශ්‍යාම් ඒ වැඩ ටික පටන් ගත්තා ඔය කාලයේම ......

 එකසැරයක් දැක්ක ගමන් ඔනම කෙනෙක්ගේ අත්සන ගහන්න පුළුවන් උපන්ගෙයි හැකියාවක් තිබ්බ ශයම්, ගේ කතන්දරේ ඊලග පොස්ටුවෙන්...................










Saturday 22 June 2013

මැලේසියන් දෙමළ ජාතික තමිල් චෙල්වම් (අහිංසකයි රටක් වටී)

පාර්ට් 1

   ඔන්න අද කතාවෙන් කියන්න යන්නේ මැලේසියන් ජාතිකයෙක් ගැන සමාවෙන්න මැදට එන්න ඕන " අමාරුවෙන් දියුණු උන " කියලා මෙය ගැන කතාව පටන් ගන්නේ වර්ෂ 2006 විතර ඉදලා ..... මෙයා ඒ කාලේ රජයේ ආයතනයක ලිපිකරුවෙක්. ආයතනය තමයි නව ව්‍යාපාර ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුව. මෙයාව හම්බ වෙන්න කාලයක් තිස්සේ එනවා පොරක්, මෙයාගේ ඔෆ්ෆිසියට රාජකාරි වැඩ වලට , එයාට අපි සරත් කියමුකෝ මොකද  ලංකාවෙන් මෙහෙ ආපු පොරක්. දවසක් දෙන්න සුහද කතාවකට සෙට් වෙනවා මෙන්න මෙහෙම. ඇත්තටම කතාව පටන් ගන්නේ සරත්

සරත්: ආ කොහොමද සර් ?
චෙල්වම්: හොදින් ඉන්නවා .... ඔයා නිතර මෙහෙට එනවා නේද 
සරත්: ඔව් මේ මම වැඩ කරන ඔෆිස් එකේ වැඩ වලට නිතර එනවා 
චේ: ඔය ඉන්දියන්ද? කොහෙද වැඩ කරන්නේ ?
ස: මම ශ්‍රීලන්කන්. වැඩ කරන්නේ company secretarial  ඔෆිස් එකක KL වල 
චේ: එතකොට මෙහේට නිතර එන්නේ 
ස : අපේ බොසා අළුත් company පටන් ගන්න අයට ඒවායේ මුලික වැඩ කරලා දෙනවා..... ඒවා වල ලියාපදිංචිය කරගන්න තමයි මම මෙහෙට එන්නේ 
චේ: මගේ අම්මෝ ඔයාල මාසෙට අලුත් කොම්පැනි කියක් විතර අරිනවද? මොකද ඔයා සතියට දවස් 2ක 3ක් ම මෙතනට එනවනේ 
ස: ඔව් ඔව් සමහර වෙලාවට සතියේ දවස් 5ම මෙහෙ මොකද අපි මාසෙට අළුත් කොම්පැනි 6ක් 7ක් විතර අරිනවනේ
චේ: එහෙමද ? එහෙනම් ඔයාලාටත් ලොකු ඔෆිස් එකක් ඇතිනේ ...... ඔය මොනවා කරන අයටද ඔයාලා ඔවාකරලා දෙන්නේ?
ස: ගොඩක්ම එන්නේ පිටරට වල ඉදලා මෙහෙ ඇවිත් බිස්නස් කරන්න බලන අය මොකද එයාලට තමයි මේ වැඩ කරන්න හරියට තේරෙන් නැත්තේ ....... 
චේ: පිටරට තියා මෙහෙ අයටත් ඔය වැඩ කරගන්න අමාරුයි තමයි අනික මස 2ක 3ක වැඩක් නේ මේක.
සරත් වටපිට බලමින් හඩ පහත් කරමින් කියයි 
ස: ඔන්න ඕක නිසා තමයි මම සර් ට කතා කරේ පුලුවන් වෙයිද හවසක පොඩ්ඩක් හම්බ වෙලා කතා කරන්න ...... අද හවස උනත් කමක් නැ.......
ඉබ්බා දියට දාන්න හැදුවම ඇන්නාවේ කිව්වලු
ඔන්න ඒ ලගම දවසක දෙන්නා ප්‍රයිවට් එකේ හම්බ වෙනවා ............ මේ එතැනදී .......

සරත්: ඇත්තටම මට සර් ව හම්බ වෙන්න ඕන උනේ .... මම ඔය ගේන කොම්පැනි වල රෙජිස්ට්‍රේෂන් එකට මාස 2ක් සමහර වෙලාවට මාස3ක් විතර යනවනේ..... බැරිද ඕක සතියකින් දවස් දහයකින් විතර ඉවර කරලා දෙන්න...
චෙල්වම්: එහෙම කොහොමද කරන්නේ මාස 2ක් ඔය වැඩේට යනවාමයි .... එක ප්රෝසිඩියර් එකනේ.... අනික ඔයාලට මොකටද ඔච්චර ඉක්මනට ලියාපදිංචි සහතිකය  ???  ව්‍යාපාරය ලියාපදිංච් කරන්න කියලා අපිට දෙනකොට අපි දෙන රිසිට් එකෙන් පුළුවන්නේ ඒගොල්ලන්ට බිස්නස් එක කරගෙන යන්න සහතිකේ එනකම් .........
ස: ම්.... සර්ගේ කතාව ඇත්ත ......මම සර්ට ඇත්තම කියන්නම්කො..... දෙන්න එකතු වෙලා වැඩ කරනවානම් විශ්වාසය හරියට තියෙන්න ඕනනේ ...... මට සර් ව විශ්වාසයි .....අපි කොම්පැනි රෙජිස්ටර් කරලා දුන්නාට ඔය අයිතිකාරයෝ කරන බිස්නස් එකක් නෑ මෙහේ..... අපි කරන්නේ ඔය සහතිකේ යුස් කරලා කොම්පැනි අයිති කාරයෝ හැටියට උන්ට professional වීසා එකක් හදලා දෙන එකයි .......ඒකයි මේ සහතිකේ ඉක්මනට ඕනා අපි මාසෙට කොම්පැනි 4ක් නැත්නම් 5ක් අරිනවමයි...... එකකට සර්ට RM 1500ක් දෙන්නම් සර් මොකද කියන්නේ දවස් 10න වැඩේ ඕනා.......
පැන්නානේද චේල්ලාගේ ඇස් දෙකම එලියට 

චේල්ලා හිතනවා පඩියත් මාසෙටම 2500යි අමතර ආදායම 6000ක් නැත්නම් 7500ක් .....  වෙරිත් හිදුනා.....
චේ: හරි සරත් මල්ලියෝ මම කොහොම හරි මොකක් හරි කරන්නම් මට දෙන්නකෝ දවසක් දෙකක් 

        කොහොම හරි ඊලග සතිය වෙන කොට චේල්ලා සහ සරා සමාගම මෙහෙ වැඩ පටන් ගත්තා.... ඊටත් මාස 3න 4ක් යනකොට මෙහේ ඉන්නව ලංකාවේ රබර් කැපුව හරමානිස් , කුබුරු කෙටුව සුවාරිස්, හේන විකුණලා ඒ සල්ලි වලින් රට ආපු සෝමසිරි ල වගේ මෙකි නොකී සියලු දෙනා මැලේසියාවේ බිස්නස් ඇරලා...... පුහ්........ කාටද ආඩම්බර ?????  ඒ මදිවට කොම්පැනි ඩිරෙක්ට කියල ගහපු professional වීසා එකකුත් තියෙනවා ...... හැබැයි මෙයාලා ජොබ් එකකුත් කරනවා එක්කෝ සිකුරිටි , නැත්නම් කාර් හෝදන තැනක එහෙමත් නැත්නම් ගරාජ් එකක ........

         කොහොමෙන් කොහොම හරි අවුරුදු එකහමාරක් විතර චේල්ලා සහ සරා සමාගම එක දිගට, එක විදියට වැඩ කරා චේල්ලාගේ අදායම මම කලින් කිව්වනේ සරාගේ මාසික අදායම මෙන්න මේ වගේ චෙල්ල්ට හා එතන ඔෆිසියල් වැඩ වලට 2500යි අවුරුදු 2ක වීසා එකට ඔෆ්ෆිසියල් හා නන් ඔෆ්ෆිසියල් තවත් 2500ක් විතර ....... ඕන අයට වීසා එකක් හදලා තියෙන්නේ 7000ත් 10,000ත් අතර ගානකට මාසෙකට එහෙම වීසා 4ක් 5ක් විතර සමහර මස වල 10ක් විතරත් හදලා තියෙනවලු,  

     ඉතින් ඊළගට අවුරුදු එකහමාරකට විතර පස්සේ මොකද උනේ කියන එක ඊලග පාර්ට් එකේ ....... 
තව එකේ තියෙනවා 
        " චේල්ලාගේ වැඩ තහනම් වෙයි........"  
   "සරා රටින් පනී........"
 " සරාගේ තැන ශ්‍යාම් ගනී ....." (අර මැලේසියන් ඇපල් part 2 එකේ යටම හරියේ හිටියේ අන්න පොර) 


මතුසම්බන්දයි.........




Tuesday 18 June 2013

       පටන්ගැම්ම ......



මැලේසියන් ඇපල් part 1

   මුලින්ම ඔන්න මම මෙහෙට එනකොටම වෙච්ච සිදුවීමකින්ම කතාව පටන් ගමුකො ..... මම කීප සැරයක් ගුවන් ගමන් වල යෙදිලා තිබුනත් ස්ථිර විදෙස රැකියාවකට යන පලවෙනි ගමන . ගුවන් යානය මැලේසියන් ... කොළබින් නැග්ගේ  හවස මැලේසියාවේ බහින්නේ රැ 11 ට ටිකක් අවුල් වෙලා හිටියේ ... වටපිට බලන කොට දැක්කා තවත් ලංකාවේ පොරවල් 4ක්‌ම මගේ සීට් එකට එහා පැත්තේ ඔන්න මම කතාව පටන් ගත්තා කියමුකෝ.....

මම: මචන්ලා විසිට් එකකට යනවද ජොබ් එකටද?
මචන් 1 : අපි ජොබ් එකට උබ මචන් ?
මම : මමත් ජොබ් එකට තමයි
මචන් 2: මොකද්ද ජොබ් එක?
මම : ඔෆිස් එකක පොඩි කොම්පියුටර් හර්ඩ්වෙයාර් පැත්තට යන ජොබක්... එහෙ ඉන්න යාලුවෙක් තමය     සෙට් කරේ
මචං 2: අප්පා කොම්පියුටර් ජොබක් නම් හොද පඩි ඇති...... කියක් විතර දෙනවා කිව්වද මචන්
මම: පටන් ගැන්මට ලංකාවේ සල්ලි  වලින් අසුවක් අනුවත් අතර වගේ ......
මචන් 2: අප්පා ....... මදි මචන් ගියගමන් දන්න වැඩ  ටික උන්ට පෙන්නලා  පඩිය තව වැඩි  කරන්න කියපන් ඔය ගාන  හොදටම මදි ....... අඩුම තරමේ එකහමාරක් වත් වෙන්න ඕනා ........
මම: එහෙමද  ..... ලොකු දෙයක් දැන ගත්තු එක ......මට නිකන්ම කිය උනා ......   එතකොට උබලත් ජෝබෙක කොම්පියුටර් සයිඩ් එකෙමද?
මචන් 3 සහ 4 මුනට මුණ බල ගත්තා ......... මචන් 2 අයෙත් කතාවට සෙට් උනා

මචන් 2: අපි යන්නේ මචන් ස්ටේට් එකක වැඩට .....
මචන් 1:  ඇත්තම කියනවනම් මචන් ස්ටේට් එකක් කිව්වේ මේ ඇපල් වත්තක වැඩට











මම : අම්මටසිරි මැලේසියාවේ ඇපලුත් වවනවද ? මම අදනේ දන්නේ.........
මචං 2: අයියෝ බන් ඕක දන්නෙත් නැද්ද ?...... දැන් ලංකාවේ තියෙන  අඹ , දොඩන් , නාරන්.,පේර , දෙළුම් , රබුටන් , ඔය ඔක්කොමයි ඇපල් පෙයාර්ස් එහෙමයි ඔක්කොම එන්නේ මැලේසියවෙන්නේ ...... කොටින්ම අගල් හයකට වැඩිය දිග කෙසෙල් ගෙඩි තියෙන ඒවත් ඔක්කොම මැලේසියාවෙන් ආපුව තමයි
මම: ආ ....... එහෙමද? ......... මම දැන ගෙන හිටියේ නැනේ .......... උබ කලින් මැලේසියාවේ කොච්චර කල් ඉදලා තියෙනවද මචන්
මචන් 2: මමත් කලින් මැලේසියා ගිහින් නැ මචන් ඒ උනාට අපේ නැන්දා දැන් අව්රුදු 4ක්ම  එහෙ වැඩ කරන්නේ
මචන් 1: ඒ ඇන්ටි තමයි අපිට මේ ජොබ් සෙට් කරලා දෙන්නෙත්
මචං 2: ඔන්න මම කලිනුත් කිව්වා ගියාට පස්සෙනම් අපේ නැන්දාට  ඇහෙන්න ඔය ඇන්ටි කියන්න එපා කුමාරි අක්ක කියලා කතා කරපල්ලා......
මම : එතකොට මචන් ඔය කුමාරි ඇන්ටි හරි අක්ක හරි මොකද්ද කරන ජොබ් එක එහේ උබලට ඔහොම ජොබ් එහෙම හොයලා දෙන්න ?...
මචං 2: නැන්දා මචන් එහේ ස්ටේට් අයිතිකාර මැඩම් කෙනෙක්ගේ PA හැටියට තමයි වැඩ කරන්නේ
PA  කියන්නේ මොකද්ද කියල ඒ වෙලාවේ හරියට තේරුනේ නැතත් මම එක තේරුණා වගේ ඉදලා තවත් ප්‍රශ්නයක් දැන්මා ......
මම: එතකොට ඔය වත්තේ උබලට මොනවද කරන්න තියෙන්නේ? පඩි කියක් විතර හම්බ වෙනවද?
මචං 2: කරන්න තියෙන්නේ ඇපල් කඩන එක බිමට වට්ටන්නේ නැතිව accommodation, medical , insurance, foods  ඔක්කොම දීලා මැලේසියන් රිංගිට් 2500/-ක්















මම : අඩේ මගේ පඩියම  හම්බ වෙනවනේ බන් .... මරුනේ එහෙනම්....
මචං 2: එකනේ මම කිව්වේ ඔයාට පඩි මදි කියලා

කොහොම හරි දැන් ප්ලේන් එක මලෙසියවටත් ආවා කියමුකෝ මේ වෙනකොට අපි පස් දෙන කොහොමත් සැහෙන්න ෆිට් වෙලා නම් ගම ඇතුළු පව්ලේ සියලු විස්තරත් දෙනාගෙන ඉවරයි . (ඔවුන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කිරීම සදහා නම් ඇතුළු එම විස්තර නැතුව අදාල ප්‍රදාන දේ පමණක් මෙහි සටහන් කලෙමු   ) එත් එක ප්‍රශ්නයක් තිබුන මම calling Visa  එකකින් job එකට ආවත් මෙයාලා ඇවිත් තිබුනේ සමාන්‍ය විසිට් වීසා වලින් ඒ ගෙන ඇහුවම උත්තර දුන්නෙත් මචන් 2කම තමයි.

මචං 2: මේකනේ මචන් calling Visa හදන්න මාස 2ක 3ක් යනවා එත්  අපේ නැන්දට මේ අවස්ථාව එච්චර කල් බලන් ඉන්න බැ .. ඒ නිසා නැන්දා  කිව්වා පුළුවන් ඉක්මනට මේ විදියට එන්න ආවට පස්සේ විසා  හදනවා කියල . (ඒ සමගම ඔහු අනෙක් අය දෙසට හැරී ) උබලට මතකනේ කියපු විදිය මෙහෙ immigration එකේදී  කියන්න  ඕන අපි ආවේ ටුවර් එකක් කියලා සති 2කින් අපහු යනවා කියලා ........ හරිනේ........

හොදට හෝ නරකට ප්‍රශ්නයක් නැතුව අපි කට්ටියම ඔන්න මැලේසියාවට ඇතුළු උනා කියන්නකෝ ....... දැන් එයාර්පෝර්ට් එකෙන් අපි වෙන් වෙන වේලාව මව ගන්න මගේ සමාගමෙන් කෙනෙක්ව එවල තිබුණා අපේ මචන්ලා ටිකටත් මම අර කෙනාට කියලා ටැක්සි එකක් අරන් දුන්න එයාල ලග තිබ්බ address එකට යන්න කියලා ........ කතාවේ ඊලග ටික පත්තු උනේ මම එවෙලාවේම ගත්ත සිම් කාර්ඩ් එකෙන් මගේ මලෙසියන් tel නො එක එයාලට දුන්න නිසයි..........

ඉතින් ඊට පස්සේ........................

මෙයාල ඇපල් වත්තට ගියාද ?????????????

ඒ වත්තේ ඇත්තටම ඇපල් තිබුනද?????????

RM 2500 ක පඩියට මෙයාලා දිගටම වැඩ  කරාද  ??????? නැත්නම් ඊලග සතියෙම ගෙදර ගියාද ???????

මේකේ පාර්ට් 2 එකෙන් ඉක්මනටම දැනගන්න පුළුවන් 

පලවෙනි post එක නිසා අකුරු අඩුපාඩු නම් සමාව භාජනය කරන්න හි...හි.....හි.....

බැනල හරි කමක් නේ කොමෙන්ටුවකුත් දාලම යන්න ........







Monday 17 June 2013

මැලේසියන් ඇපල් part 2


    පලවෙනි කොටසේ තිබ්බ ප්‍රතිචාර දැකල වැඩට යන එකත් පොඩ්ඩක් පරක්කු කරගෙන ඔන්න 2 කොටසත් ලියන්න ගත්තා ..... කොහොම උනත් 1 කොටස බලපු, කොමෙන්ටු දාපු හැමෝටම බොහොම තැන්කු ...... නැත්නම් තෙරිමා කසේ (ඒ මැලේ බාසාවෙන් තැන්කු).
එහෙනම් අපි යමු කතාවට 

අපි මැලේසියා  ඇවිත් සති 2ක්  යනකොට ඇත්තටම මට අරුන්ව අමතක වෙලා තිබුනේ එත් එක දවසක් බොහොම කලාතුරකින් කෝල් එන මගේ අලුත් නො එකට මැලේ නොදන්නා නො එකකින් කෝල් එකක්................ කතා කරේ මචං 3 දෙබස පටන් ගත්තේ මෙන්න මෙහෙම 

මචාන් 3: මහත්තයා මම මේ අර ප්ලේන් එකේ හම්බ උනේ......ඇපල් වත්තක වැඩට යන ගමන් ....... මම මේ මචන් 3
මම: අඩේ .............. උබද ????????? මොකද යකෝ මෙච්චර කල් කෝල් නොකරේ ???????? ........ මම හැමදාම බලන් හිටිය උබල කෝල් කරනකම් .... (මමත් ඉතින් ටිකක් පුතයා උනා) අනික කවද ඉදන්ද යකෝ මම මහත්තය උනේ ? ඉතින් කියපන්කො කට්ටිය හොදින්ද ? වැඩ එහෙම කොහොමද?................... 

දුන්න ප්‍රශ්න වැලක්ම 

මචාන් 3: අයියෝ කියල වැඩක් නෑ ...... අපි පට්ට අමාරුවක බන් වැටිලා තියෙන්නේ 
මම: ඒ මොකද බන්?.....  මොකද්ද කේස් එක ?.... උබල හොරෙන් ඇපල් කාල මට්ටු උනාවත්ද ?
මචාන් 3: මොන ඇපල්ද බන් ..... අවට පස්සේ ඇපල් වත්තක් තිය ගෙඩියක්වත් ඇහැට දැක්කේනැ ..... ඇපල් වත්තක නෙවි මුන් අපිව වැඩට දැම්මේ කටු පොල් වත්තක කටුපොල් ගෙඩි තමයි කඩන්න තියෙන්නේ ඇපල් ස්ටේට් කියල දෙයක් මේ මැලේසියාවේ නෑ .....
කොටින්ම මෙහෙ ඇපල් වැවෙන්නෙත් නෑලු ..........
මම : මොනවා!!............ මව පුටුවෙනුත් වැටෙන්න ගියා  එක අහලා මේ මොකද්දබන් මේ වෙලා තියෙන්නේ මොනවද කටුපොල් කියන්නේ?
මචන්3: කටුපොල් කියන්නේ ෆාර්ම් වලට බන්........ මේක ෆාර්ම් වත්තක්.  
ඉන්න දෙනවයි කිව්වට දීලා තියෙන්නේ 4 දෙනාටම පොඩි කාමරයක්, කෑම දෙනවයි කිව්වට දෙන්නේ දවස ගානේ 3 වේලටම හාල් ටිකයි එක දවසක් ගෝව ගෙඩියයි අනික් දවසේ වට්ටක්ක ගෙඩියයි. එකත් තුනපහ ජාති අපි අරගෙන අපිම උයාගන්නත් ඕනා. ඒ මදිවට ගෑස්, උයන පිහන බඩු ඔක්කොම ගත්තෙත් අපේම සල්ලිවලින් මෙඩිකල් දෙනවා කිව්වට, මචන්1ට බරවැඩ  කරලා පුරුද්දක් නැතුව ඇවිල්ල දවස් 3න 4කින් හොදටම අසනීප උනා උට පැනඩෝල් විතරයි ...... පොර එහෙම්ම මලානම් බලාගන්න තිබ්බ ඉන්සුරන්ස් තියෙනවද කියල .......
මම: මල මගුලයි මාර කෙළියක්නේ වෙලා තියෙන්නේ දැන් ඔය කියන විදියට පොරොන්දු වෙච්ච පඩියත් දෙයිද  දන්නැ ........
මචාන්3 : පඩි ......... උබට පිස්සුද ආපු මෝඩකමට ඔක්කොම ඉවසන් ඉන්නවා පඩිය දෙනවානම් පඩි හැටියට මම හිතන්නැ මාසෙටම රිංගිට් 600ක් වත් ( රිංගිට් 1 = ඒ දවස්වල රුපියල් 35/-ක්) ගන්න ලැබෙයි කියලා .....
මම: මොකක් ඒ මොකද ඒ ??????
මචන්3: අයි බන් උදේට කාලා ඔක්කොම කරලා උදේ 7.30 වෙනකොට වත්තේ office එක ලගට යන්න ඕන එතනින් ට්‍රැක්ටර් වල අපිව ගෙන ගිහින් වත්ත මැද්දේ බස්සනවා.
ඒකාට එක කෙක්කයි විල්බැරෝ එකය් හම්බ වෙනවා  පස්සේ කෙක්කෙන් ගෙඩි කඩකඩ  විල්බැරෝ එකට පුරවල එක තැනකට ගොඩ ගහන්න ඕනා .........















එක ගෙඩියක් කිලෝ 50ක් 60ක් විතර බරයි. වැරදිලා වත් එකක් ඇගට වැටුනොත් අර දෙනවයි කිව්වා ඉන්සුරන්ස් එකෙන් සල්ලි අරන් තමයි මිනිය ලංකාවට යවන්න වෙන්නේ.

හවසට ගෙඩි ටික ට්‍රැක්ටර් වලට පටවාගෙන ගිහින් ෆැක්ටරි එක ලග බාන්න ඕනා ......


















ඔය ඔක්කොම කරනවට ගෙඩියකට ගෙවන්නේ RM ශත 50යි ... මුල් දවස්වල දවසටම කැඩුවේ ගෙඩි 20ක් 25ක් විතර දැන්නම් 35ක් 40ක් විතර කඩනවා .... මෙතන අව්රුදු ගානක් වැඩකරලා හොදට පුරුදු එවුන් කඩන්නේත් වැඩිම උනොත් දවසට ගෙඩි 60ක් 70ක් විතර ඒ  කියන්නේ උන් ගන්නෙත් මාසයටම RM 1000ක් විතර ..... අයියෝ අපි මාර අමාරුවක වැටිලා තියෙන්නේ...........
මම: මට නිකන් පිස්සු වගේ ..... දැන් මොකද්ද බන් කරන්නේ ඔක්කොටම කලින් කියපන් උබලට ඔය වැඩේ සෙට් කරපු අරුයි (මචං 2) උගේ නැන්දයි මොකද දැන් කියන්නේ කියලා .....
මචාන්3: මචන්2 නම් අමු මොලෙක් , බත්කන හරකෙක්, මුලින් නම් අපි උට බැන්නා , පස්සේ ගැහුවා, ඌ කියලත් මොනවා කරන්නද උගේම නැන්දා අපටත් එක්ක උටත් කෙලවලා තියෙද්දී ..... දැන් අපි 4 දෙනාම සෙට් වෙලා බලන්නේ මේ උගුලෙන් ගැලවෙන්නේ කොහොමද කියලා ඔයාට කෝල් කරෙත් ලොකු උදව්වක් බලාගෙනයි මචන් 
මම: කියපන් මචන් මොකද්ද වෙන්න ඕනා 
මච්න් 3: දැන් අර කුමාරි ඇන්ටි අපේ කෝල් වලට ආන්සර් කරන්නැ . අපි ඉන්නේ KL  (kuala lumpur මෙහෙ මේන් සිටි එක) ඉදල km 300ක් විතර ඈත. එයා ඉන්න ගෙදර address එක දුන්නොත් පොඩ්ඩක් හොයා ගන්න බලනවද මොකද අපි එක්කෙනෙක් ලංකාවේදී එයාට ලක්ෂ දෙකහමාරක් විතර ගෙවල තමයි ඇවිත් ඉන්නේ......... මොකද කියන්නේ ????
මම: හරි දෙන්නකෝ බලන්න මමත් තාම මෙහෙ මෙලෝ දෙයක් දන්නේ නෑ එත් මම ට්‍රයි කරන්නම් මොකක් හරි කරන්න 

        දැන් මෙතනින් එහාට දෙබස් නැ වැඩ විතරයි මම කියන්නම් මොකද උනේ කියලා මේ කට්ටියට .
        එදා එයාල මට ඒ ලිපිනය දුන්නට මට ඒ දිහාව හොයාගන්න උනේ නෑ ......... ඇත්තම කියනවනම් මම එකට ගොඩක් මහන්සි උනේ නෑ ...... ඒ හේතු 2ක් හින්දා.  එක තමයි මම මේකට මොකද්ද කරන්න පුළුවන් කියල අහන්න බොහොම අමාරුවෙන් මෙහෙ ලංකාවේ තානාපති කාර්යාලයට කතා කරා එතනින් බොහොම තරයේ කිව්වා මට ඕකට මැදිහත් වෙන්න එපා විසිට් වීසා  ඇවිත් මෙහෙ ඔයවගේ වැඩ කරලා ලංකාවේ අය දාගන්න කිසිම ප්‍රශ්නයකට තානාපති කාර්යාලය මැදිහත් වෙන්නේ නෑ  කියලා. අනික තමයි මට මෙහෙ ගැන තිබුන බොහොම අඩු දැනුම......... 

        කොහොමහරි ඔය විදියට තව සති 2ක් විතර ගියා ...... කට්ටිය ලංකාවේ ගෙවල් වලට කතා කරලා ගෙවල්වල එවුන් පොලිසි ගිහින් අර නැන්දගේ මිනිහට විරුද්දව පැමිණිලි දාලා ..... පොර පොලිසියට ඇවිත් දීල ටෝක් එක පොලිසියයි පැමිණිල්ලයි චකබ්ලාස් වෙන්න පොර කියලා  "මට කව්රුත් සල්ලි දුන්නෙත් නෑ .... මම මේ කාගෙන්වත් සල්ලි ගත්තෙත් නෑ ... මට මැලේසියාවේ ගැනියෙක් ඇත්තෙත් නෑ ...කලින් බැදලා  හිටපු ගැනිනම් මැලේසියාවේද කොහෙද තමයි ඉන්නේ ඒ ගැන මම හරියට දන්නෙත් නෑ ...... මගෙන්නම් ඕව අහන්න එපා කියල "
     මොකද මේ ගොන් වාහෙලා ඔක්කොම සල්ලි දීල ඩීල් එක සෙට් කොරගෙන තියෙන්නෙත් මෙහෙ අපු මචං 2 එක්ක තමයි ...... දැන් ඉතින් උව මරන්නදැයි  යමන්කෝ ලංකාවට කියලා දැන් උවත් තියාගෙන මුන් බලාගෙන ඉදලා අන්තිමට ලංකාවේ පොලෝසියේ ලොක්කෙක් කිව්වා කියල කට්ටිය පාස්පෝර්ට් එක වත්තේම තියෙද්දී මුන් අව මෙහෙ.... ඒ  කියන්නේ KLවලට. ඇවිල්ලා කට්ටිය පුක උඩ දාගෙන කෙලින්ම ගියා ශ්‍රී ලංකා එම්බසියට ... බොලා විසිට් වීසා ආවනම් අපි දන්නෑ ඕන හු# # ක් කරගනින් කියාලා එතන හිටපු ලොක්කෙක්ගේ ශ්‍රී මුඛයෙන් අහ ගත්තට පස්සේ අර උඩ දා ගෙන ගිය එක පුට්ටු කරගෙන ආවයි කියන්නකෝ KL Central  එකට ....... ඔතන තමය අනාථ  නාථ ඔක්කොම පොරවල් සෙට් වෙන තැන ..... 

     මුන් ටික මුකලන් බස්සෝ වගේ ඔතන කැරකෙනකොට ඔතන හිටපු ලංකාව් පොරක් ශ්‍යාම් කියල මුන්ට සෙට් වෙලා (ශ්‍යාම් ව වැඩිපුර කළු කරේ උ ගෙන ලිපියක් ඉදිරියේදී වෙනමම දානවා උ එච්චරට වටිනා පොරක්) මුන්ගේ සෝක ජනක කතාව අහල උණු වෙලා උ දන්නා තැනක මුන්ව නවත්තලා කස්ටියට කියල සතියක් ඇතුලත ලංකාවෙන් රුපියල් 60,000ක් ගානේ  එක්කෙනා ගෙන්න (ඔක්කොම 240,000/-) ගන්න පාස්පෝර්ට් හදල ලංකාවට යවන්නම් කියලා. 

   අනේ ඉතින් මේ කට්ටිය දොහොත් මුදුන් දීල උට වැදලා, කිව්ව විදියට ලංකාව් තමන්ගේ නෑදෑයින්ගේ බෙලි මිරිකලා සල්ලි  ගෙන්න ගෙන මේකට පුජ කරා කියන්නකෝ ... ඊට පස්සේ අරු කිව්වා විදියට ඔන්න අර මුන්ට බෑ කිව්වා අපේ එම්බසියෙන්ම ඉමේජන්සි පාස්පෝර්ට් හදලා ඕවර් ස්ටේ (over stay ) ක්ලියර් කරලා එයාර් ටිකට් දාලා ලංකාවට යැව්වනේ මුන් ටික ...........

   යැව්වයි කිව්වට මේ 4 දෙනාම ගියේ නෑ, මචං 2 අදටත් මැලේසියාවේ ....... පොර අනික් අය එක්ක අපහු යනවමය් කියලා එයාර් පොර්ට් එකටත් ගිහින් අරුන්ට හොරෙන් එතනින් මාරු වෙලා මෙහෙම හිටලා. උට යන්න බැරි හේතු 2යි.  එක, ගිය ගමන් අනික් එවුන් මුට  #%$^#$%*# ඔන්න ඔය වගේ ආදරෙන් සලකන බය. දෙක තමයි මු මැලේසියා අවට පස්සේ ගෙන්නගන්නම් කියලා තව 6ය 7 දෙනෙක් ගෙන් 50,000 ගානේ වගේ ඇඩ්වාන්ස් අරගෙන තිබුන එක (මේ ටික දැන ගත්තේ සැහෙන්න කාලයකට පස්සේ)
     
  ඒ ඇරෙන්න අර ශ්‍යාම් කියන පින්වතාගේ මුන් එකෙක්ව ලංකාවට යවන්න වියදම මෙන්න මෙහෙමයි රිටන් ටිකට්  එක extant කරන්න 5,000/- ඉමේජන්සි පාස්පෝර්ට් ඒකට 6500/- over stay ක්ලියර් කරන්න 11,000/- ඒ ඇරෙන්න ගමන් වියදම් වලටත් තව 3000ක් විතර  තියන්නකෝ ඔය ටික අඩු කරාම ඉතුරු චුට්ට තමය මෙයාගේ ලාබය 

   ඔන්න අපේ කට්ටියක් මෙහෙ ඇවිල්ල ගිය හැටි එක කතාවක් ඉවරයි. ප්‍රශ්න තියෙනවනම් අහන්න, බොරු කියලා හිතනවානම් බනින්න .... සතියක් විතර යනකොට 2 වන කතාවත් අරගෙන එන්නම් .......... හප්පා ලියන්න ගත්තට මොකද මේකත් මහා පන යන වැඩක් නේ බන් .............. හැබැයි කොමෙන්ටු දකින කොටනම් මර සොමියක් දැනෙනවා ( නිකන් ට්‍රයි කරන කෙල්ල ගේ ලගින්, පයින් යනවා වගේ..... හි .... හි ..... හි .....)

එහෙනම් සලාමත් මලාම් ...... (සුබ රාත්‍රියක් )